තොරතුරු හා සන්නිවේදන
තාක්‍ෂණ සංවර්ධනයේ නියැලී
සිටින ඊ ෆියුෂන් ආයතනය
විසින් සංකල්පනය හා
සංවර්ධනය කළ ශිල්ප සයුර
ව්‍යාපෘතිය ICTA e SDI
ප්‍රථමාරම්භයේ සහකාර
සහයෙන්
................ නැණසල/පාසල වෙත ශිල්ප
සයුර දේශීය අධ්‍යයන
පද්ධතිය ගිවිසුම පහත ආකාර
වේ.
ශිල්ප සයුර මුදුකාංගය ඊ
ෆියුෂන් සමාගමේ දීර්ඝ
කාලීන පර්යේෂණ හා
නිර්මාණයක් වූ බුද්ධිමය
දේපලක් වන අතර එහි ඇතුලත් කර
ඇති තොරතුරු ඊ ෆියුෂන්
සමාගමේ භාරකාරත්වයෙන් යුත්
විවිධාකාර බුද්ධිමය දේපළ
වේ. මේ හෙයින් ශිල්ප සයුර
ස්ථාපනය, නවීණකරනය,
වෙනස්කිරීම, පිටපත් කිරීම
හෝ බෙදාහැරීම ඊ ෆියුෂන්
පුද්ගලික සමාගම හෝ එහි බලය
ලත් නියෝජිතයකු පමණක්
සතුවේ.
ස්ථාපන මධ්‍යස්තානය වෙත
ශිල්ප සයුර බලපත්‍රයක් මෙම
ගිවිසුමෙන් ලබාදෙන අතර එය
භාවිතකට අවශ්‍ය කාලයක් මෙම
ගිවිසුමට අනුකූලව භාවිතා
කළ හැකිය.
ශිල්ප සයුර පද්ධතිය
ලබාදීමෙන් වසරක කාලයක්
ශිල්ප සයුර පුහුණුව,
තාක්‍ෂණ සහය හා එහි නවීකරණ
භාවිත මධ්‍යස්ථානය වෙත
නොමිලේ ලබාදෙන අතර ඉන්පසුව
එය දිර්ඝ කිරීමේ හෝ අවලංගු
කිරීමේ බලය ශිල්ප සයුර
ව්‍යාපෘතිය සතුවේ.
ශිල්ප සයුර තොරතුරු
විකිණීම කිසිසේත් නොකළ
යුතු අතර ඉලෙක්ට්‍රෝණික හෝ
වෙනත් ක්‍රමවලට තුන්වන
පාර්ශ්වයකට සදාචාරවත් නොවන
අයුරින් හෝ මෙම ගිවිසුම
උල්ලංඝනය වන අයුරින්
තොරතුරු බෙදාහැරීමද නොකළ
යුතු වේ.
ශිල්ප සයුරේ ලියාපදිංචි
සාමාජිකයන් අතරේ අධ්‍යාපන
කටයුතු සඳහා තොරතුරු
ලබාදීමට හැකි වන අතර ඒ සෑම
අවස්ථාවකම එය ශිල්ප
සයුරෙන් ලබාගත් බව සඳහන් කළ
යුතුවේ.
ශිල්ප සයුරේ තොරතුරු හා
මුදුකාංග පර්යේෂනාත්මක
සමාජ සේවා සඳහා නිමැවීමක්
වන හෙයින්, එහි අඩංගු
තොරතුරු භාවිතා කිරීම
පිළිබඳව කිසිදු වගකීමක් ඊ
ෆියුෂන් සමාහම හෝ එහි
සහකරුවන් ලෙස නොපැවරේ.
ශිල්ප සයුර ව්‍යාපෘතියේ
සාර්ථකත්වය උදෙසා එය
ලබාගන්නා විසින් උසස් පෙළ
සමත් අවම සිසුන් දෙදෙනකු
ශිල්ප සයුර ස්වේච්ඡා සේවයට
බඳවා ගත යුතු වන අතර ශිල්ප
සයුරේ වැඩ කිරීම උදෙසා
ඔවුනට උසස් අධ්‍යාපනයේ
යෙදීමට නැණසල පහසුකම්
ලබාදිය යුතුවේ.
ශිල්ප සයුර පද්ධතියේ
සම්බන්ධීකාරක ලෙස ස්ථානයේ
අවමයෙන් කළමණාකරුට වාර්ථා
කරන අයකු යෙදවිය යුතු අතර
පූර්ණකාලීනව ශිල්ප සයුරේ
වැඩකිරීමට යෝජනා කෙරේ.
ශිල්ප සයුර එය තිබෙන
ආකාරයටම ලබාදෙන අතර
කිසියම් විශේෂ කාර්යයකට
නිර්දේශ නොකෙරේ. ශිල්ප සයුර
භාවිතාකිරිමේදී සිදුවන
කිසියම් හෝ ආපදාවකට හෝ
පාඩුවකට හෝ අලාභයකට ශිල්ප
සයුර වග නොකියනු ලැබේ.
මෙම ගිවිසුමේ පරිදි කටයුතු
නොකිරීමෙන් මෙම ගිවිසුම
ඉබේම අවලංගු වන අතර දින 30 කට
පෙර දැන්වීමෙන් පාර්ශව
කරුවන්ට මෙම ගිවිසුමෙන්
ඉවත් විය හැකිය.
මතුවන අර්බුදයක් දෙපසම
එකඟවන තුන්වන පාර්ශ්වයක
ආධාරයෙන් විසඳේ.
මෙම ගිවිසුම වසරක කාලයකට
වලංගු වන අතර, නැවත අළුත්
කිරීමටද ඉඩ තිබේ.
ශිල්ප සයුර ව්‍යාපෘතිය
හල්මිල්ල කැටිය නැණසල
අදහස් දන්වන්න