හිතවත් නැණසළ වෙත,
වසර පහකට අධික කාලයක් තුල අප විසින් පර්යේෂණයක් ලෙස නිර්මාණය කළ ශිල්ප සයුර ඉ අධ්‍යයන සංකල්පය ග්‍රාමීය අධ්‍යාපනය සංවර්ධනයට සාර්ථක ලෙස යොදාගත හැකි බව දැන් ස්ථිර වී ඇත. මේ වන විට අප නැණසළ හා පාසැල් 200කට වඩා ස්ථාපනය කරමින් බොහෝ සිසුන්ට සෙතක් සලසා ඇත. ශිල්පසයුර සාර්ථකත්වයට ඔබ සැම විවිධාකාරයෙන් දැක්වූ සහය හේතුවූ බව නිහතමානීව සඳහන් කරන අතර අපගේ ගෞරවය සහ ස්තූතිය ඔබට පිළිගැන්වීමටද මෙම අවස්ථාව යොදාගනිමු.
අත්හදා බැලීම පිණිස මෙම තොරතුර ඔබගේ ප්‍රදේශයේ සිසුනටද, ගුරුවරුන්ටද ලබාදී ඔවුනගේ හා ඔබගේ ප්‍රතිචාර in...@shilpasayura.org ලිපිනයට ලබාදෙන්නේ නම් ස්තූතිවන්ත වෙමු.
ශිල්ප සයුර Team
http://www.shilpasayura.org
නව සංකල්පයක අභියෝගය කෙටි කාලීනව සාර්ථකත්වය ලබාගැනීම නොව දීර්ඝ කාලීනව හමුවන විවිධ ගැටළු හමුවේ සාර්ථකත්වය පවත්වාගන යාමය. එය එදිනෙදා මුහුණදිය යුතු අභියෝගයකි. එය ජයගත හැක්කේ අත්නොහරින සාමුහික උත්සාහයකින් පමණක්මය. අප එහි නියැලී සිටිමු. ඔබට සැමටද එසේ කළ හැකි බව සිතමු.