ලිංගික අපචාර වලින් ඔබේ දරුවා රැකගන්න -කියවා බෙදා ගන්න

5 views
Skip to first unread message

Suminda Wickramasinghe

unread,
Jul 26, 2012, 1:10:52 PM7/26/12
to slcf
(උපුටා ගැනීමකි.)


ලිංගික අපචාර වලින් ඔබේ දරුවා රැක ගන්න – කියවා බෙදා ගන්න යැයි ටෙරාන් කරීම් විසින් ලියූ Facebook සටහන පරිවර්තනයයි.

පටන් ගැනීම:

තමන්ගේ දරුවාට එයාගේ ඇඟ යනු එයා සතු විශේෂ වූ ආරක්ෂා කළ යුතු වූවක් බව කියා දෙන්න. දරුවාට තේරුම් යනවා යැයි සිතෙන වයසේ දී වහාම පටන් ගන්න. සාමාන්‍යයෙන් වයස අවුරුදු තුනේ දී පමණ වැටහීමක් ඇති වෙන්නකි. සරල විදියෙන් පටන් ගෙන ඒ ආකාරයෙන් ම දිගට ම කියා දෙන්න. ඇඟේ ඒ ඒ අංග වලට කියන නිවැරදි නම පාවිච්චි කළ යුතු වූවත්, එය අතිශයින්ම වැදගත් නැත. එහෙත් නිවැරදි නාමයන් භාවිතයෙන් දරුවා තම සිරුරට නිරෝගී වූ ගෞරවයක් වර්ධනය කර ගනියි. ඒත්, නිවැරදි නාමයන් භාවිතය අපහසු නම්, වෙනත් නම් වලින් කියා දීම පටන් ගන්න!

සියල්ලම එක සංවාදයක දී කියා දිය යුතු යැයි නොසිතන්න. ඔබේ දරුවාට ලිංගික අපහරණය සහ පුද්ගලික ආරක්ෂාව ගැන කියා දීම අත් නොහැර දිගට ම කරගෙන කළ යුතු කාර්යයකි. මේ සංවාද දෙදෙනාටම අපහසු වූ කරදරයක් කරගන්න එපා. කරුණු කාරණා ගැන කතාබහ කරන සැහැල්ලුවෙන් කරගෙන යන්නා වූ දරුවාට ආරක්ෂාව දැනෙන ආකාරයකින් කළ යුත්තකි. උදාහරණයක් හැටියට, දරුවා හා මෙවැනි අවස්ථාවල දී කතා කරන්න:

. දරුවා සෙල්ලම් කරද්දී
. දරැවා සමඟ නිවාඩු පාඩුවේ ගමනක් යද්දී, කාර් එකේ හෝ බස් එකේ යද්දී;
. දෙදෙනා එකතුව ආහාර වේලක් පිළියෙල කරද්දී;
. රූපවාහිනිය නරඹද්දී, හෝ පුවත්පතක පළ වූවක් ගැන කතාබහේ දී;
. තවත් දරුවෙක් කියූ දෙයක් ගැන කතාවක් ඇදී ආ විට; හෝ
. රාත්‍රියට දරුවා නින්දට සැරසෙන විට.

කතා කළ යුත්තේ:

මොනවා කියනවා ද යන්නට වඩා නිතිපතා කතාබහට ඉඩක් තිබීම වඩා වැදගත් ය. මෙන්න අදහස් කිහිපයක් ඔබ සංවාදයට ගෙන යා යුතු:
. ඔබ විශේෂ හා වැදගත් වූ දරුවෙක්.
. ඔබේ සිරැර ඔබගේ ය, වෙන කාගේ වත් නොවේ.
. ඔබ අකැමැති ලෙසින්, ඔබට අප්‍රසාදය දැනෙන ලෙසින්, බියට හෝ කරන්නේ කුමක්දැයි හිතාගන්නට නොහැකි ලෙසින් ඔබව අල්ලන කෙනෙක්ට ‘එපා’ කියන්නට ඔබට අයිතියක් ඇත.
. ඔබේ සිරුරේ ඔබේ පුද්ගලික වූ අවයවයන් කියා කොටසක් ඇත. කවුරුන් හෝ ඔබේ යෝනි මාර්ගය, ශිෂ්නය, පියයුරු හෝ පස්ස පැත්ත අල්ලන්නේ නම් ‘එපා’ කියන්නට අයිතියක් ඔබට ඇත. එවැන්නා ඔබ දන්නා වැඩිහිටියෙක් වුවත් ‘එපා’ කියන්නට ඔබට මගේ අවසරය ඇත.
. ඔබේ හැඟීම් වලට අවධානය දෙන්න. ඔබව අල්ලන්නට එන අය ගැන ඒ හැඟීම් කියන්න විශ්වාස කරන්න.
. කවුරු හරි ඔබට කරදරයක් වෙනවා නම්, මට කියන්න. මම පොරොන්දු වෙනවා මම ඔබව විශ්වාස කරනවා කියල.
. හරි යැයි නොහිතෙන විදියකට කවුරු හරි ඔබව අල්ලනවා නම් ඒක ඔයාගේ වැරැද්දක් නොවේ.

සමාජයේ ගණුදෙනු වල දී අනුන් අල්ලන හැදියාව ගැන වූ මේ ආරක්ෂිත රීතීන් හැම විටෙක ම අදාල බව දරුවන් දැන සිටිය යුතුය. එය තමන් බලා කියාගන්නා අයටත්, නන්නාඳුන අයටත්, පිරිමින්ටත් එක සේ අදාල බව දැන සිටිය යුතුය.

ජාතික වශයෙන් වාර්තා වෙන බොහෝ සිදුවීම් වල දී, දරුවන් ලිංගික අපචාරයට ලක්වෙන්නේ තමන් විසින් දන්නා ඥාතීන්, පවුලේ හිතවතුන්, අධිකාරී බලය ඇති අයගෙන් (ගුරුවරුන්, තරුණ සංගම් නායකයන්, ආගමික නායකයන් යනාදී..) තමන් විශ්වාස කරන අය වෙතිනි. ලිංගික අපචාරයන් සිද්ධ වෙන්නේ බොහෝවිට දරුවන් සුව පහසුවෙන් ඉන්නට කැමති ස්ථාන වල දී ය, එනම් ගෙදර දී හෝ පවුලේ හිතවත් අයගේ නිවහනක දී ය.

එසේම, ලිංගික අපචාරයන් කරන අය ලිංගික කටයුත්තකට ශාරීරික ශක්තිය යොදවා දරුවාව ඊට යොදවා ගනියි. එහි දී දරුවාගේ හිතවත්කම හා විශ්වාසය තම වාසියට යොදාගෙන ඒ ක්‍රියාව රහසක් ලෙසින් තබා ගන්නට යැයි තර්ජනය කරයි. උදාහරණයක් වශයෙන් දෙමව්පියන්ට කිව්වොත් “ඔයා පුංචි ළමයෙක් නිසා එයාල විශ්වාස කරන එකක් නැහැ” යැයි කියයි. එවැනි අනිත් තර්ජන නම් “ඔයා කිව්වොත් මම ඔයාට රිදෙන්න වැඩක් කරනවා”; “මම ඔයාගේ අම්මට රිදෙන්න වැඩක් කරනවා”; “මට හිරගෙදර යන්න වෙයි”; නැත්නම් “පවුල කඩා කප්පල් වෙයි” යනාදියයි. දරුවන් හදා ඇත්තේ වැඩිහිටියන් විශ්වාසයට හා ඔවුන් කියන්නට ගරු කිරීම නිසා දරුවන්ට කරන මෙවැනි තර්ජන සාර්ථක වීම අවසානාවකි.


--
Regards and Best Wishes,

Suminda Wickramasinghe


Reply all
Reply to author
Forward
0 new messages