කරමු හද මඬල බුදු කුටියක්.... - (ගෞතම සංදේශය - 07)

136 views
Skip to first unread message

Diyasen

unread,
Dec 26, 2009, 12:41:03 PM12/26/09
to dhammam...@googlegroups.com
-PDF version attached-

කරමු හද මඬල බුදු කුටියක්....
(ගෞතම සංදේශය - 07)


කලියුගයේ පහලවූ සුපින්වත් මිතුරනේ,


අපේ වාසනාව අපි අඳුනගන්න ඕන​. කවදාවත් නොතිබූ විදියට ධර්මය ගැන උනන්දුවක්කතාබහක් සමාජය තුළ ඇතිවෙලා. ඒ අසිරිමත් අනුරාධපුර යුගයෙන් පස්සෙ ආයෙත් අපට පිරිසිදු ධර්මය අහන්න ලැබෙනවා. චතුරාර්‍ය සත්‍යය​ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ගැන අහන්න ලැබෙනවා. පිරිසිදුව​පැහැදිලිව තෙරුවන් සරණ යන්න අපට අවස්ථාව උදා වෙලා තියෙනවා. පහුගිය අවුරුදු1000ක් විතර අපට මේ වාසනාව ගිලිහිලා තිබුනෙ. අපේ වැඩිහිටියන්ට මේ අවස්ථාව තිබුනේ නෑ. අපට ලැබුනා ක්‍ෂණ සම්පත්තිය​ මොකක්දෝ පෙර පිනකට​. අපට ලැබුනා උතුම් සද්ධර්මය කියා දෙන කළ්‍යාණමිත්‍රයින්. ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා පුද්ගලයකුට බාහිරින් ලැබෙන දේ අතර 'කළ්‍යාණමිත්‍ර සම්පත්තිය​තරම් වටිනා දෙයක් තවත් උන්වහන්සේ බුදු ඇසින් දකින්නේ නෑ කියලා. 'කළ්‍යාණමිත්‍රයාකියන්නේ අප කෙරෙහි කරුණාවෙන් චතුරාර්‍ය සත්‍යය කියා දෙනඅප ඒ දහම්මඟට යොමු කරවන​උනන්දු කරවන අපේ සැප කැමති සත්පුරුෂ උත්තමයන්​. ඒක අද මේ වානිජකරණයට ලක් වුන ලෝකය විසින් ලබා දෙන පුහු ලාමක අර්ථයන්ට වඩා බොහොම උතුම් එකක්. ඉතින් ඒ උතුම් වටිනා දේ අපට දැන් නොඅඩුව ලැබෙනවා. මේක ලෝකෙ ඉතා දුර්ලභ දෙයක්. උතුම් සම්බුදු සසුනක් තුළම පමණක් සිදුවන දෙයක්. ඒකයි අපි මුලින්ම කිව්වෙ අපි අපේ පින,වාසනාව අඳුනාගන්න දක්‍ෂ වෙන්න ඕන කියලා.


එදා බුද්ධ කාලයේ වගේම අදත් මේ පිබිදීම විශේෂයෙන් ඇතිවෙලා තියෙන්නෙ තරුණ පරපුර තුළ​. නමුත් එදා සහ මෙදා මේ කියන 'තරුණ පරපුර​තුළ පැහැදිලි විශාල වෙනසක් දකින්නට ලැබෙනවා. මොකද එදා සමාජයේතරුණයන්ගෙන් බහුතරය තුළ තිබුනා 'සත්‍යය​පිළිබඳ ලොකු උනන්දුවක් වගේම කැපවීමක්. අද වගේ සංකර දේවල්ලාමක ආශ්වාදයන් පස්සේම වැටුන අන්ධ බාල අසරණ පෘථඃජන පිරිසක් නෙවේ එදා තරුණයන්​. නමුත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්.


වාණිජකරණය වූ වත්මන් සමාජයේ ප්‍රධානම ගොදුරු බවට තරුණයන් පත්වෙලා. පන්සිල් ගිලිහුනු සමාජයක සිද්ධ වෙන වෙළඳාම්ව්‍යාපාර​ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඇස් කන් තියෙනමොලේ කළඳක් හරි තියෙන අයට පැහැදිලියිනෙ අද මේ සමාජය පාර කපන්නෙ සුගතියටද දුගතියටද කියලා. අපි දහම් ප්‍රබෝධයක් ගැන කතාකලත් ඒක සන්සංදනාත්මකව බැලුවොත් බොහොම සීමිත පිරිසක් අතර ඇතිවුන එකක්. ඒ දහම කියල දෙන්නෙත් බොහොම සීමිත පිරිසක්, බොහොම සීමිත තැන් වලදි, බොහොම සීමිත කාලයකට​. ඉතින් කොයිතරම් ධර්මයට උනන්දුවක්,ලැදියාවක් තිබුනත් සුළු මොහොතක ලැබෙන අවස්ථාවෙන් ධර්මය අහල ඒ අය නැවතත් සමාජගත වෙන්න ඕන​. හැබැයි දූෂිත වුන මේ 'සමාජයනම් වූ රකුසා බලාගෙන ඉන්නෙ ඒ අයවත් ගිලගන්න​. ධර්මයේ හැසිරෙන කෙනාට සමාජයෙන් කිසිම සහයෝගයක්,පිටිවහලක් නෑ. දාහකින් එක්කෙනෙක් ඔබව උනන්දු කරනකොට ඉතිරි නවසිය අනූ නවයම කරන්නෙ වල කපන එක​. මේ ඔබ අපි ජීවත්වන 'ධර්මද්වීපයේමනු සතුන්ගේ යථා ස්වභාවය​..... අවාසනාවකට​.


වර්තමානයේ ධර්මයේ හැසිරෙන බොහෝ අය කියන දෙයක් තමයි බණ අහනකල්පන්සලේ තාප්පෙන් ඇතුලෙ ඉන්නකල්කළ්‍යාණමිත්‍රයො අසල ඉන්නකල් හිත් ආරක්‍ෂිතයි. නමුත් පාරට බැස්සහම වෙනම ම ලෝකයක්. හරිම අමාරුයි මේ චපල​නීච හිත් ආරක්‍ෂා කරගන්න​. පෙළඹෙන්නෙම වරදට​. අකුසලයට……..ඉතින් ඒක තමයි හිතේ ස්වභාවය​. බය වියයුතුකලබල වියයුතු අත්භූත දෙයක් මෙතන නැහැ. අපි ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන​. භාග්‍යවතුන් වහන්සේ අපට මේ හිත ගැන පෙනවා වදාළේ ඒ විදියටම තමයි. දැන් බලන්න මේ උතුම් ධර්මය එතනම 'සන්දිට්ඨික​යි නේද​..... 'ඕපනයිකයි නේද​..... ඔබ අපි හැමෝම දරාගෙන ඉන්නෙ ඇරඹුමක සේයා මාත්‍රයක්වත් නොපෙනෙන​අඩුගානෙ හිතා ගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරපු සංසාරයක අකුසලයටම නැඹුරු වෙලා අයාලේ ගිය අකීකරු හිතක්. ඉතින් එහෙව් හිතක් මේ දවසක් දෙකක්සතියක්මාසයක්අවුරුද්දක් බණ භාවනා කළාට එක පාරටම තැන්පත් වෙන්නෙ නැහැ. දමනය වෙන්නෙ නැහැ. ඒකට ලොකු වීරියක් වගේම බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාවක් ඕන​.


අප හට කරුණාවෙන්අනුකම්පාවෙන් නිරතුරුවම අපට අනුශාසනා කරන පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් තමයි මහමෙව්නා වාසී නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ. අපේ මේ ගැටළුවට උන්වහන්සේ දිනක් කදිම පිළිතුරක් ලබා දුන්නා.......


අපේ සමහර ගෙවල් වල තියෙනවා බුදු මැදුරක්…. බුදු කුටියක්. ඒක බොහොම පිරිසිදු තැනක්. නිතරම සුවඳ හමන තැනක්. ඇයි ඒඒක අපේ බුදු සමිඳුන් වැඩ ඉන්න තැන​. ඉතින් අපි නිරන්තරයෙන් වගබලා ගන්නවා ඒ ස්ථානය පිරිසිදුව​ලස්සනට තියා ගන්න​. පොඩ්ඩක් කිලිටි උනත් අපි ඉක්මනට ඒක පිරිසිදු කරනවා බොහොම ශ්‍රද්ධවෙන්. ඉතින් ශ්‍රද්ධාවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලාබුදු පිළිම වහන්සේ වැඩ ඉන්න ඒ කුටිය ඒ තරම් ලස්සනට තියා ගන්න වුවමනාව තියෙන අපිට​,ඒ උතුම් බුද්ධ ධර්මය වැඩ ඉන්න මේ හදවත ලස්සනට පිරිසිදුව තියාගන්න ඕන කමක් නැද්ද​....ඒ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ආනන්ද තෙරුන් වහන්සේ අමතා වදාළේ උන්වහන්සේගේ ඇවෑමෙන් 'ධර්ම​-විනය​අපගේ ශාස්තෘන් වහන්සේ වන බව විනා පිළිම නෙලා වන්දනා කිරීමට නෙවේ. කියූ දේ නොකිරීමත් නොකියූ දේ කිරීමත් පරිහානියට මුල්වන හේතු.


'ධර්ම​-විනයකියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ශාස්තෘත්වයට පත් අපේ ශාස්තෘන් වහන්සේ. ඒ කියන්නේ අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්ම​-විනය. ඒ ධර්ම-විනයඒ ශාස්තෘන් වහන්සේ වැඩ ඉන්නේ අපේ හදවතේ. ඉතින් අපේ හදවත බුදු කුටියක් නෙවේද​පිළිම වහන්සේ වැඩ ඉන්න තැන විතරද බුදු කුටිය​ඒ පිළිමය වැඩ ඉන්න බුදු කුටියට අපි කරන සැලකිල්ල අපේ හදවතට කරන්න බැරිද අපට​?................ හැබැයි ඒක නිකම්ම කරන්න බැහැ. අපි ඒ ධර්මය පිළිබඳ පැහැදිලි ශ්‍රද්ධාවකට එන්න ඕන​. ඒ ධර්ම-විනය අපේ ශාස්තෘන් වහන්සේම බව පැහැදිලි ස්ථාවරයකට එන්න ඕන​. ඒ ශාස්තෘන් වහන්සේ අපේ හදවතේ වැඩ ඉන්න බව අපට නිරතුරුවම සිහි වෙන්න ඕන​. අපේ හදවතත් පිරිසිදු සුවඳ හමන බුදු කුටියක් බවට පත්කර ගන්නවා කියන අහිංසක​පවිත්‍ර චේතනාව අපේ හිතේ මුල් බැස ගන්න ඕන​. එතකොට අපේ හිතට යම් අකුසලයක් එනව නම් ඒක දුරින්ම දුරු කරලා ඒ බුදු කුටියේ පවිත්‍රත්වය ආරක්‍ෂා කරගන්න අපි පෙළඹෙනවා. මොකද බුදු කුටියක් කිසිම විදියකින් අපවිත්‍ර වෙන්න දෙන්න ශ්‍රද්ධාවන්ත බෞද්ධයකුට පුළුවන් කමක් නැහැනෙ.


හැබැයි ඉතින් මේකත් ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි නිතරම සිහියෙන්අවධානයෙන් ඉන්න ඕන හිතට එන සිතිවිලිඅරමුණු ගැන​. මේ කුසලය​මේ අකුසලය කියල අඳුනගන්න අපි දක්‍ෂ වෙන්න ඕන​. එහෙම නැතුව අපි කොච්චර හිතුවත් 'මගේ හද මඬල බුදු කුටියක්කියලා ඵලක් වෙන්නෙ නෑ අකුසල් අඳුනගෙන ඒවා දුරු කරන්න අපි දන්නෙ නැත්තං.

අපිත් 'දන්න කෙනෙක්' වුනොත් අපිටත් හැකි වේවි මේ අභියෝගය ජයගන්න​. දන්න කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා මෙතනින් දැන ගන්න පුළුවනි. (Click Here) 

වීරියෙන්සිහියෙන් යුතුව පිය උරුමය තුළ වාසය කරන කෙනාට බාහිරින් එන මේ අභියෝග​බාධක මැඩගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන් වේවි.

(පිය උරුමය තුළ වාසය කරමු - Click Here)


'ගෞතම සංදේශය'

-මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​.....




New Email addresses available on Yahoo!
Get the Email name you've always wanted on the new @ymail and @rocketmail.
Hurry before someone else does!
Budu Kutiyak.pdf
Reply all
Reply to author
Forward
0 new messages