අපි
හැඳුනුපතක් හදන්න ග්‍රාම සේවා සහතිකයක් ගන්න පට්‌ටිපොල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ග්‍රාම සේවා
නිලධාරිවරයා කීවා අනවසර පදිංචිකරුවන් කියලා අපිට එක ලියුමක්
දෙන්න... අපි වැඩේ කරලා දෙන්නම් කියලා. මේ විදිහිට තමයි අපිට
රාජ්‍ය නිලධාරින් සළකන්නේ. එයාලා කොහොම හරි බලන්නේ අපිව
කෙවිලියා මඩුවෙන් පන්නන්න.මඩකලපුවේ සිංහල ජනතාව වූ කලී රජයෙන්
කිසිදු හව් හරණක් නොමැතිව අන්ත අසරණව සිටිනා පිරිසකි.
යුද්ධයෙන් බැට කා තමන් උපන් ගම් බිම් අත් හැර ගොස් නැවතත්
යුද්ධය නිමාවත් සමග පැමිණී මෙම පිරිස අද තමන් උපන් බිමෙහි
කල්ලතෝනියන් වී සිටින ආකාරය අප ලියා තැබුවේ වරක් දෙවරක්
නොවේ. මේ ආකාරයෙන් මඩකලපුව කෙවිලියාමඩු ජනතාව අන්ත අසරණ භාවයට
පත්ව ඇත්තේ ගෝත්‍රික රාජ්‍ය නිලධාරින්ගෙන්ද බැටකමිනි.
ඒ
අනුව සුමනරතන හිමියන්ගේ මැදිහත්වීමෙන් එක්‌සත් අරාබි එමිර්
රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් හෙළබිම
සංවිධානය සහ ඡේ. එස්. ඇන්ඩ් පැකේජින් ආයතනයේ සභාපති නියුමාල්
ප්‍රනාන්දු සහ විධායක අධ්‍යක්‌ෂක හේමන්ත තෙන්නකෝන් මහතවරුන්ගේ
ආධාර උපකාර මත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ විය. පසුගියදා නිවාස
07 ක් සහ වැසිකිළි 10 ක් පමණ සාදා නිමකර ඒ ඉදිකිරීම් ජනතා
අයිතියට පත් කරන ලදී.
"අපි
හැඳුනුපතක් හදන්න ග්‍රාම සේවා සහතිකයක් ගන්න පට්‌ටිපොල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. ඔය කට්‌ටියට ග්‍රාමසේවා
සහතිකයක් දෙන්න බැහැ, අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ කීවා.
නමුත් අපි කොටි කලබල තිබෙන සමයෙත් මෙහි පදිංචි වෙලා හිටියා.
පස්‌සේ කලබල ඉවර වුණාම තමයි නැවතත් පදිංචියට ආවේ. අපි ඒ ගැන
කියද්දී ග්‍රාම සේවා නිලධාරීන් ඒවා කිසි ගානකට ගත්තේ නැහැ.
ප්‍රාදේශීය ලේකම්වරිය ළ`ගටත් දැම්මා. පස්‌සේ එයාල කීවා අපි
අනවසරයෙන් තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ කියලා ලියුමක් දෙන්න,
අපි එතකොට හැඳුනුම්පත හදන්න ඕන කටයුතු කරලා දෙන්නම් කියලා.
පස්‌සේ අපි එහෙම කරන්න බැහැ කියලා ආවා. එතකොට ග්‍රාම සේවා
නිලධාරිවරයා එළියටත් ඇවිත්කීවා අපිට එක ලියුමක් දෙන්න... අපි
වැඩේ කරලා දෙන්නම් කියලා. මේ විදිහිට තමයි අපිට රාජ්‍ය
නිලධාරින් සළකන්නේ. එයාලා කොහොම හරි බලන්නේ අපිව කෙවිලියා
මඩුවෙන් පන්නන්න. අපේ අවසනාවට මේක අපේ ඉහළ බලධාරීන්ට පේන්නේ
නැහැ. දැක්‌කත් නොදැක්‌කා වාගේ ඉන්න ගාණයි. අපට නිවාසයක් සහ
වැසිකිළි ඉදි කරලා දීමට කටයුතු කළ අපේ හාමුදුරුවන්ට සහ සියලුම
දෙනාට පින් සිදුවෙන්න අපි නොතෙමි ඉන්නවා." එසේ කියන්නේ
කෙවිලියාමඩුවේ පදිංචි ආර්. බී. තිලකරත්නය.