VIEW (Face book) ALBUM >>>
මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවේදී අප සියලු දෙන එක්ව මහත් ශ්‍රද්ධාවෙන් සකස් කරන ලද දහවල් දානයේ අග්‍ර කොටස දෙව් මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් වැඩ සිටි දයානුකම්පාවෙන් සිසිල් වී ගිය නිකෙලෙස් හද මඩලක් දාර වැඩ සිටි දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම් බුදු රජාණන් වහන්සේ උදෙසා පුජා කරගෙන, එහි වූ අවශේෂ භාගය අප පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු තුන් කල් වාසි අනන්ත ගුණැති, ආර්ය මහා සංඝරත්නය උදෙසා පුජා කරමින්, අපගේ කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත් වන ලද උතුම් ශ්‍රී සදහම් දේශනාව ශ්‍රවනය කිරීමෙන් අප රැස් කර ගත්තා වූ සියලුම පින් සාංඝික දානයට සහ සදහම් දේශනයට දායක වූ, උකකාරි වූ, දැක බලා සතුටු සිතින් අනුමෝදම් වන සියලු දෙනාට අනුමෝදම් වෙත්වා!
ඒ සියලු දෙනාම ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා මෙලොව පරලොව යහපත උදා කර ගනිත්වා !!!
ඒ සියලුම දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පිනත් එක සේම හේතු වේවා !!!
සාදූ.! සාදූ..!! සාදූ...!!!