දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ සහ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්බර සහභාගීත්වයෙන් පසුගිය අගෝස්තු 21 වැනි දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා, ප්‍රවීණ සංගීතවේදිනී නන්දා මාලිනී මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමව්පියන් සහ කැපකරු මව්පියන් ද සහභාගී වී සිටියහ.
VIEW (Face book) ALBUM >>>
VIEW (Google) ALBUM >>>
දැයේ දු දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන්නා වූ මේ මාහැඟි සත්කාරයෙන් රැස්වන්නා වූ සියලූ පින්, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාව වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනා අනුමෝදන් වෙත්වා...මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා!
එමෙන්ම ශිෂ්‍යත්වලාභී දරුවන් වෙනුවෙන් උපකාර කරන්නා වූ කැපකරු දෙමව්පියන් ඇතුළු ශ්‍රද්ධා සමාජ සත්කාරක අංශයේ පින්වත් සියලු දෙනාටත් මේ සියලු පින් අනුමොදන් වෙත්වා...