ඉතාම වැදගත්:
ධාර්මික දරුවෙකු බිහිකිරීම සහ හදාවඩා ගන්නා ආකාරය
[ සුදම් සභාව - Shraddha.lk ]
---------------------- AND ----------------------------
දරු සම්පත් පතන මව්නි…
දරුවා මව් කුස පිළිසිඳ ගත් බව දැනගත් දිනයේ දී ම උතුම් තිසරණ සරණ ගොස්, පංච සීලය සමාදන් ව පිරිත් සජ්ඣායනා කොට, සියලූ ලෝක සත්වයාට මෙත් සිත පතුරුවා තමාගේ ජීවිතයත්, දරුවාගේ ජීවිතයත් උතුම් තිසරණයට පූජා කිරීම සිදු කළ හැකි යි; දෙවියන්ට පුණ්‍යානුමෝදනා කොට දෙවියන්ගේ ධාර්මික රැකවරණය, ආරක්ෂාව ද සලසා ගත හැකි යි. එතැන් පටන් උදය හවස බුද්ධ වන්දනා කිරීමටත්, පිරිත් සජ්ඣායනා කිරීමටත්, සියලූ ලෝක සත්වයාට මෙත් වැඞීමටත් කාලය වෙන් කර ගත යුතු යි. මෙත් වැඞීමේ දී තමන්ට ඇප උපස්ථාන කරන ස්වාමියා ඇතුළු නිවසේ පිරිසත්, වෛද්‍යවරුන් – හෙදියන් ඇතුළු පිරිසත් සිහි කරමින් මෙත් වැඩිය හැකි යි.
....................................
මෙසේ මහත් වූ පින් සිතින්, කුසල් සිතින් යුතුව ම බිහි කළ දරුවා අපමණ මෙත් සිතින් තෙරුවනට පූජා කළ හැකි යි. මෙතෙක් රැස් කළ පින් නැවත දෙවිවරුන්ට අනුමෝදන් කොට ඉදිරියට ද දරුවා සුවසේ පෝෂණය කර ආරක්ෂා කිරීමට ආශීර්වාද ලබා ගත හැකි යි. තෙරුවන් සරණ ගොස් සිල්වත් ව, සුවසේ දරුවා පෝෂණය කරමින් ඉදිරි ජීවිත කාලය ද සසර සුවපත් කර ගනු පිණිස ගත කරන්නට අදිටන් කර ගන්නට ද පුළුවනි. උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම තුළ පිහිටන්නට සතර බ‍්‍රහ්ම විහරණ වැනි ගුණධර්ම ඇසුරු කර ගනිමින් පිළිවෙත් පිරිය යුතු වෙනවා. එ් සඳහා ගැබිනි මවට ද පියාට ද නිවසේ සිටින අනෙකුත් පිරිසට ද ලැබෙන මහඟු අවස්ථාවක් ම යි, මෙම අසිරිමත් දරු පිළිසිඳ ගැනීම…!
Read the full Article...
-------------------------------------------------------------------------------------------------------------------------------------