ධර්මය තුළ පිහිටා සතුට ලබමු

8 views
Skip to first unread message

Amadahara

unread,
Sep 7, 2011, 8:03:24 AM9/7/11
to amadamvilaybs
 

ධර්මය තුළ පිහිටා සතුට ලබමු

ශාන්තව වාසය කිරීමට නම්

හිත රැකගනිමු

ප්‍රබෝධමත් සිතින් වාසය කරීමට නම්

ප්‍රසන්න ඉඳූරන්ගෙන් යුතුව වාසය කිරීමට නම්

සංස්කාරවල සැබෑ ස්වභාවය තේරුම් ගනිමු

සිත සුවපත් කර ගනිමු

සංස්කාරයෝ අනිත්‍යයි

සම්පජඤ්ඤය හුරු කර ගනිමු

අපි නින්දා ලැබිය යුත්තෝ නොවිය යුතුයි

සිතින් චෝදනා නොලබන්නන් වෙමු

සැමදෙනා කෙරෙහිම කරුණා සිත උපදවා ගනිමු

ඊළඟ කොටස . . . . .

2011-09-07

   

ධර්මය තුළ පිහිටා සතුට ලබමු

සතුට උපදව ගන්න විදිහවල් දෙකක් ලෝකෙ තියෙනව. ලාමක විදිහට සතුට උපදව ගන්න විදිහක් ලෝකෙ තියෙනව. ඒ ලාමක විදිහට නැතුව ගම්භීර විදිහට සතුට උපදව ගන්න විදිහකුත් ලෝකෙ තියෙනව. ඔයගොල්ලො ආස කෝකටද? යාළුවො එකතු කරගෙන බෝල ගහනව, දුවනව, එහෙම නැත්නම් කඳූ නගිනව, ඈත ගමන් යනව, නැත්නම් දෙපිරිසක් එකතු වෙලා රන්ඩු වෙනව.

ඒ ආකාරයෙන් ලාමක විදිහට සතුටු වෙන විදිහක් ලෝකෙ තියෙනව. නුවණින් කල්පනා කළොත් ඒ දේවල් වලින් බැලූ කොතනකවත් ඇත්තෙන්ම සතුටු වෙන්ට පුළුවන් දෙයක් හොයා ගන්ට ඔබට බැරිවෙයි. ඒ ලාමක විදිහට ඇතිකර ගන්න සතුට දුකෙන්ම කෙලවර වෙලා යනව. ඒකෙන් සැබෑ සතුටක් එන්නෙ නෑ. ඇයි ඒ එහෙම වෙන්නෙ? ඒ ලාමක විදිහට උපදව ගන්න සතුට මඟින් නීවරණ වැඩෙනව. පිනක් උපදින්නෙ නෑ. උපදවගන් බෑ.

නමුත් අපි ධර්මයට ඇවිඳින් ධර්මය තුළ පිහිටල කය වෙහෙසුවත් සිත වෙහෙසුවත් එමඟින් සතුටක් උපදව ගන්ට පුළුවන් නම් ඒ සතුට සතුටෙන්ම අවසන් වෙනව. ඒක දුකෙන් අවසන් වෙන්නෙ නෑ. ඇයි ඒ? ධර්මය තුළ පිහිටල ඉන්න කෙනා උපදව ගන්න සතුට මඟින් නීවරණ පෝෂනය වෙන්නෙ නෑ. නීවර්ණ වලට ආහාර සැපයෙන්නෙ නෑ. නීවරණ දුබල වෙලා යනව. ධර්මය තුළ පිහිටලා ඉන්න කෙනාට කය වෙහෙසුවත් සිත වෙහෙසුවත් ඒ ආකාරයෙන් ම නීවර්ණ වලට ආහාර නැතිවෙන විදිහට සතුටුවෙන්ට පුළුවන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


 
 

--
ගීතයක් වී....
සවන් යුග සැතැපී....
සිත් සතන් හැම සැනසී...
ඇසේවී කල්පයක් සපුරා....
ගැයේවී දනන් තොල් මතුරා...
රැඳේවී හදේ සුව පතුරා...
ඒ අසිරිමත් සිරි සදහම්.....!
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


Disclaimer and Confidentiality


This email and any files transmitted with it are confidential and intended solely for the use of the individual or entity to whom they are addressed. If you have received this email in error please notify the system manager. This message contains confidential information and is intended only for the individual named. If you are not the named addressee you should not disseminate, distribute or copy this e-mail. Please notify the sender immediately by e-mail if you have received this e-mail by mistake and delete this e-mail from your system. If you are not the intended recipient you are notified that disclosing, copying, distributing or taking any action in reliance on the contents of this information is strictly prohibited.

Reply all
Reply to author
Forward
0 new messages