ශ්‍රී ලාංකිකයන්ව ආර්ථිකව සවිබලගැන්වීම , පරිසරය සුරැකීම ,පරිසර හිතකාමී කෘෂි කාර්මික ක්‍රම ප්‍රවර්ධනය කිරීම , ධරණීය සංවර්ධනය සහ දැහැමි ආර්ථික ප්‍රතිපත්ති සමාජගත කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද BVIC ආයතනය ඉහත අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් ස්වේච්ඡා සහ ව්‍යාපාරික ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටී.
කාර්මික කෘෂිකාර්මික සංචාරක වෙළඳ සහ ස්වයං රැකියා යනාදී ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම තුලින් නව ලොවට ගැලපෙන පුරවැසියන් බිහි කිරීම මෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළඳපොල සම්බන්ධීකරණය කිරීමද අපගේ අරමුණු වේ .ඒ සඳහා අපගේ දෙස් විදෙස් ක්‍රියාකාරීන්ගේ සහයෝගය මෙන්ම ජාත්‍යන්තර ජාලය උපයෝගී කරගැනේ .
එයට අමතරව නව ව්‍යාපාර අවස්ථා සඳහා හවුල්කරුවන්/ ආයෝජකයින් සම්බන්ධීකරණය, කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා අවශ්‍ය අන්‍යෙන්‍ය සම්බන්ධතා ගොඩනැඟීම- වෙළඳපොළ නිර්මාණය ආදිය අප විසින් සිදුකරනු ලැබේ.ධරණීය කෘෂිකර්මයේ යහපැවැත්ම උදෙසා අප විසින් සිදු කිරීමට අපේක්ෂිත මෙහෙවර නිරීක්ෂණය කළ ඇමරිකාවේ ක්‍රියාත්මක MESA ජාත්‍යන්තර ආයතනය ඔවුනගේ දකුණු ආසියානු නියෝජිතයා ලෙස තෝරාගනු ලැබුවේද BVIC ආයතනය බව සතුටින් දැනුම් දෙමු .
MESA සහ BVIC අවබෝධතා ගිවිසුමට අනුව BVIC වැඩමුළු සහ පාඨමාලාවලට සහභාගී වන්නන් අතුරෙන් සුදුසු පුද්ගලයන් තෝරාගෙන ඇමෙරිකානු ශිෂ්‍යත්ව පදනම යටතේ ඇමෙරිකාවේදී එක්වසරක පුහුණු පාඨමාලාවන් සඳහා යොමු කරනු ලැබේ .
ආයතනයේ ප්‍රධාන අංශයක් වන වෘත්තීය පුහුණු අංශය විසින් එළැඹෙන දෙසැම්බර් මාසයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අයත්වන මාතෘකා ඔස්සේ වැඩමුළු තුනක් සහ දේශීය ව්‍යාපාර අන්තර්ජාලය හරහා සිදුකිරීමට අවශ්‍ය දැනුම ලබාදෙන තුන්දින පුහුණු පාඨමාලාවක්ද පැවැත්වීමට අදහස් කරගෙන සිටී.
පසුගිය වසරේ සමාජ ජාල සමූහය සමග සහයෝගයෙන් පැවැත්වූ අපනයනය පිළිබඳ වැඩමුළුවෙන් පසු අප ආයතනය වෙත දිඟින් දිගටම සමාජයෙන් ලැබුණු ඉල්ලීම් සළකා කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නව මං පෙන්වා දෙන වැඩමුළු තුනක්ම 2016 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අප තීරණය කර ඇත.
ඒ පහත පරිදිය.
1.මී පැණි නිෂ්පාදනය/ අලෙවිකරණය සහ නව ප්‍රවණතා
දිනය -2016 දෙසැම්බර් 3 වෙනි සෙනසුරාදා
ස්ථානය - ගම්පහ සණස ශ්‍රවණාගාරය
2.පොල් ඉඩම් කළමනාකරණය සහ සුළු අපනයන බෝග වගාව , සුළු අපනයන බෝග අලෙවිකරණය
දිනය -දෙසැම්බර් 10 වෙනි සෙනසුරාදා
ස්ථානය - ගම්පහ සණස ශ්‍රවණාගාරය
3.පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රම ,නාගරික ගෘහාශ්‍රිත පරිසර වල ව්‍යවසායික ගෙවතු වගාව සහ නිෂ්පාදන අලෙවිය
දිනය -2016 දෙසැම්බර් 17 වෙනි සෙනසුරාදා
ස්ථානය - ගම්පහ සණස ශ්‍රවණාගාරය
සියලු වැඩමුළු පෙ.ව.8.30 සිට ප.ව. 3.30 දක්වා පැවැත්වේ .(දිවා ආහාර විවේකය සහ අනෙකුත් විවේක වේලාවන් ඇතුලත්ව )
නිරන්තර අන්තර්ජාලය භාවිතා කරන තරුණ පරපුර ඉලක්ක කර පැවැත්වෙන අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය පිලිබඳ පුහුණු පාඨමාලාව මඟින් ඔවුන්ගේ හැකියාවන් සහ දේශීය නිෂ්පාදන විදෙස් වෙළඳපොළට අලෙවි කළ හැකි අන්තර්ජාල සේවා සහ නිෂ්පාදන ව්‍යාපාරයක් අරඹා තරඟකාරීව පවත්වගෙන යාම පිළිබඳව දැනුවත් කෙරේ..
පාඨමාලාව දින 3 කි .
දින - දෙසැම්බර් 4 -11 -18 ඉරිදා දිනවලදී
ස්ථානය - ගම්පහ සණස ශ්‍රවණාගාරය
වේලාව - පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා (දිවා ආහාර විවේකය සහ විවේක වේලාවන් ඇතුලත්ව )
මේ ගැන වැඩි විස්තර තවත් නොබෝ දිනකින් අපගේ සමාජ ජාල පිටුවල සහ වෙබ් අඩවියේ පළකරන අතර ඔබට සහ මේ ක්ෂේත්‍රයන් කෙරේ උනන්දුව ඇති ඔබේ හිතවතුන්ටත් සහභාගී වීය හැකිය. මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර
0766642607 - Gnanendra Pradeep Pathirana /
0711 505 540 කසුන් යන අංක වලින් ලබාගන්න පුළුවන්....
වැඩමුළුවකට උපරිම සහභාගිත්වය 60 දෙනෙකි .පාඨමාලාව සඳහා උපරිම සහභාගිත්වය 30 දෙනෙකි .ඉඩකඩ සීමිත බැවින් කල්වේලා ඇතිව ඔබගේ ආසනය වෙන්කරවා ගන්න .මෙම වැඩසටහන ප්‍රවර්ධනය කරන්නන් උදෙසා සහ ආර්ථික අපහසුතා ඇති අයට නොමිලේ සහභාගිත්වයට අවස්ථාව ලැබේ .එසේම රණවිරු උපහාරයක් ලෙසට රණවිරුවන් පිරිසකට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව සලසාදීමද අපගේ අනුග්‍රාහකත්වය යටතේ සිදු කෙරෙනු ඇත .
අපගේ ෆේස්බුක් පිටුවට ලයික් කොට එක්වෙන්න -
BVIC (රජයේ ලියාපදිංචි අංකය PV 99032 )
NO 484
OREX CITY
EKALA
SRI LANKA