සිංහල ටෛපොග්‍රැග්‍රැෆි නිමැවුම් - 2017 ග්‍රැෆික් නිර්මාණ තරගය

52 views
Skip to first unread message

Kosala Senevirathne

unread,
Feb 10, 2017, 11:38:09 PM2/10/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

වසර 280 ක සිංහල මුද්‍රිත අකුර සැමරුම වෙනුවෙන් 'අකුරු සමූහය' විසින් සංවිධානය කරන ‘සිංහල ටෙෙපොග්‍රැෆි නිමැවුම්’ ග්‍රැෆික් නිර්මාණ තරගාවලිය දැන් ඔබගේ කුසලතා එළිදැක්වීම උදෙසා විවෘතයි. පරිඝණක ආශ්‍රිත අක්ෂර කේතීකරණ විශ්ව සම්මතයට අනුකූල වන ලෙස සකසා ඇති 'සිංහල යුනිකේත' භාවිතය මූලික කොන්දේසියක් වන මෙම කරඟාවලියේ ඔබගේ නිර්මාණශීලීත්වයත්, නිර්මාණකරණයට අැති ලැදියාවත් දක්ෂතාවයත් එළිදක්වා ජයග්‍රහණය තහවුරු කරගන්න. මෙවර කොළඹ කේන්ද්‍ර කරගනිමින්, දස වන වතාවට සංවිධානය කෙරෙන Typoday - 2017 සහභාගීත්වය සඳහා ප්‍රවේශපත්‍ර 6 ක් ඔබ වෙනුවෙන් සූදානම්!

Typoday - 2107, පෙබරවාරි 23, 24 සහ 25 දිනයන් හි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහභාගීත්වය අැති වැඩසටහනකි. එය අකුරු පිළිබඳ උනන්දුව දක්වන සැමටත් විශේෂයෙන් සිංහල අකුරු එදිනෙදා නිර්මාණකරණය සඳහා භාවිතා කරන නිර්මාණවේදීන් සියල්ලන්ටමත් නව දැනුම, නව නිර්මාණ අවස්ථා සහ සහයෝගීත්වය උදාකරන එළඹුමක් ද වේ.


තරඟය පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න > http://akurucollective.com/

Typoday - 2017 වැඩි විස්තර සඳහා පිවිසෙන්න > http://typoday.in/

ජය!

Reply all
Reply to author
Forward
0 new messages