අවුරුද්දට කිරි ඉතිරුවේ,
අනුරාධපුරයේ රාළගේ මහගෙදර,
වැඩ ඇල්ලුවේ ශිල්ප සයුරින්.
අනුරාධපුරෙන්
ත්‍රිකුණාමළය පැත්තට හැ 30
ක් පමණ ඈත කුඩා වැවක් ලඟ
තියෙන කුඹල් ගමක දවස්
කීපයක් ගෙවුනා. වසන්ත
දුක්ගන්නාරාළ තමා මා එහි
එක්කන් ගියේ.
පුදුමාකාර ආගන්තුක
සත්කාරයක්, කඩෙන් මොකුත්
නොගෙන, කුඹුරේ, වනයේ, වැවේ
අහරින් හා හරක් පට්ටියේ
කිරි වලින් ඔවුන් අපට
සැලකුවේ. මුළු ගමම නෑදෑයෝ.
මිනිසුන්ගේ සමගිය මා
ඇත්තටම දුටුවා.
ලූන්නෑව ඒ ගම, අපි හිටියේ
සෝමපාලගේ ගෙදර, ඔහු රාළගේ 1-5
දක්වා පාසැල් මිතුරා. රාළ
පැන්සල දෙකට කඩා දුන් බව ඔහු
තාමත් කියනවා. මෙය අතීත
කැලෑගමක්, ඒ කියන්නේ රජරට
වැව් සංස්කෘතිය බිඳ වැටෙන
විට, නිරිත දෙසට සංක්‍රමණය
නොවී වැව් ආශ්‍රිතව ඉතුරු
උන ජන කොටස්. පාරම්පරික ගොවි
හා වලං කර්මාන්තයේ යෙදෙන
ගමක්. ඔවුන්ගේ අවුරුදු
උත්සවයටත් අප සහභාගී උනා.
විදුලි බලය ලැබී තිබුණත්,
එහි මිනිස්සුන්ට තවම
හරිහැටි ආලෝකය උදාවී නැහැ.
ගමට පාසලක් තියෙනවා, සිංහල
සා්කෂරතාවය හොඳයි, එකම
ඉංග්‍රීසි ගුරුවරයකුවත්
ලූන්නෑව පාසලට නැහැ,
කවුරුත් ඉතිං දැන් යන
එකකුත් නැහැ,
ගමට නැණසලකුත් තාම ලැබී
නැහැ, ඒ නිසා අපේ වැඩවලින්
උනත් ඔවුන්ට ප්‍රයෝජනයක්
තාම නැහැ.
ඔවුන් වගේ කැලෑගම් රැසක් තව
අපේ රටේ තියනවා.
ඔවුන් ඇත්තටම ආසයි
ඉංග්‍රීසි ඉගන ගන්න.
ඉංග්‍රීසි මහත්තුරු මේ
තරමි ඉන්න අපේ රටේ ලුන්නෑවට
එන්න කැමති මහත්තයෙක් හොයා
දෙන්න කාටහරි පුළුවන්ද?
කෑම, ඉඳුම් හිටුං ගම්මු
දෙයි.
මා මේ කතාව අප සමූහය සමග
බෙදා ගත්තේ, සිද්ධාන්ත ගමයි,
ප්‍රායෝගික ගමයි
හඳුනාගන්න. මා දැක්කා සිංහල
යුනිකේතය සවිමත් කිරීමේ
වටිනාකම, වගකිවයුත්තන් ඒ
ගම්වලට ගිහින් එනවාට වඩා,
දින කිහිපයක් ඔවුන් සමග ගත
කරනවානම් සියැසින් දැක ගම
විඳ ගනීවී,
මා ශිල්ප සයුර ව්‍යාපෘතිය
ලූන්නෑවටත් ගෙනියනවා
ඔවුන්ට නැණසලක් ලැබුණුදාට,
එදාට මේ සටහන ලූන්නැවේ
සෝමපාලත් කියවාවි, ඔහුට
හොඳට සිංහළ පුළුවන්.
එන ගමන් මා සීගිරියේ වන
අද්දර තවත් එවන් ගමක් වන
දියකැපිල්ලට ගියා,කුඩා
ළමුන්ට, ගම්මුන්ට, වැදි
ජනයාට උදව් කරන පරිසර හා
සංස්කෘතික සමූහයේ සුජීව,
සුදර්ශනී හා කරූලාගේ කැලෑ
නිවහනේත් හිටියා, ඔවුන්ට
සිංහල යුනිකේතයත්
දමාදුන්නා, ඔවුන් අප සමූහය
දැක හරියට අගය කලා,
අලියෙකුත් ආසන්නයට ඇවිත්
ගියා..
අප සීගිරිය ආයෙමත් නැංගා,
එනින් ගමන් ගෙඩිගේටත් ගියා.
ගමන ඉවර උනේ පුංචි අයට
පාසැල් පටන් ගත් නිසා.
අපරාදේ.. :)
පසුව ගෙදරට වී ටිකක් විතර
වැඩකලා, ඉතාමත් සුන්දර
මනුස්සයෙක් වන ගුණසේන
රාජප්කෂ ගුරුතුමා හමුඋනා,
උඩරට, සබරගමු, පහතරට
සම්ප්‍රදායන් තුනම කෙල
පැමිණි,ඒත් මාධ්‍යවලින්
අපට හමුනොවුන
ලංකාවේ අතිද්කෂ ජනගායනා
ශිල්පියෙක් ඔහු.
ඔන්න මලේ ඔය නාමල කවියේ හරි
විරිතද, ශ්‍රී නාමය, කුවේනි
අස්න, උකුසා වන්නම, සිංදු
මාත්‍රා, රස වින්ඳා
ඔහුගෙන්. අප නොදන්නවා උනාට
ජාතික අධ්‍යාපන ආයතනයට ඔහු
මහා සම්පතක්, මා ඔහු රාළට
හඳුන්වා දුන්නා, රාළත්
මුසපත් උනා ඔහුගේ ජන ගී
රාවයට. ශිල්ප සයුර නර්තනය හා
සිංහල විශයට ඔහු උපරිමයෙන්
දායක වේවි.
අප රටේ ගොඩක් ඉන්නේ මෙවන්
සුන්දර මිනිසුන්, ඔවුන්
දන්නා බස සිංහල, වැඩ කරන්නේ
සිංහලෙන්, නොදන්නා බසක් ගැන
ඔවුනට ප්‍රශ්නයක් නැහැ,
දැනුම සිංහලෙන් එනවානම්.
අප එය හරිහැටි තේරුම් ගන්නේ
කවරදාකද ?
ඒ නම් ඉංගිරිසි අන් තට්ටුව
ගැලවුන දාකටයි කියා ගුණසේන
ගුරුතුමා කිව්වේ, ඔහු
රුසියාවේත් හිටපු උගත්
ගැමියෙක්.
ඔබ සැමට සුභ නව වසරක්
නිරංජන්෴
රජරට ජනතාවට අවුරුදු ගනනක් සේවය කර, පසුව කොත්මලේ අපේ ගම් පලාතේත් කාලයක් දිසාපති ලෙස
සේවය කල විමලරත්න කුමාරගමයන්ගේ කවි පෙලක් මතක් වුනා. මතක විදියටයි ලියන්නේ. වරදක් ඇතොත්
නිවැරදි කරන්න (එක පදයක් අමතකයි, කාට හරි පුලුවන්නම් මතක් කරන්න).
ගන් තුන තලාවේ අලියා වැටුනු වැවේ
සුන්දර හාමි එතරම් පොහොසතෙකු නොවේ
තුන් ලාහකම බිම් කරවා වැවෙන් වැවේ
රන් වන් කරල් බරවී දැන් බිමට නැවේ
ඔහුගේ ගමට මා ගිය ඒ පලමු වර
මතකයෙ තිබේ මට අමතක නොවනයුර
හේනට ගොසින් ගෙන් හූවක් පමණ දුර
එනවා දුටිමු මිටි බැඳගෙන වියලි දර
පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින්
....
ගෙඩියක් කඩාගෙන ගෙමිදුල තැඹිලි ගසින්
පිලිගැන්වීය මට සොම්නස පිරුණු ඇසින්
මෙන්න ඉතිරි කවි ටික:
පොල් ගස් පුවක් ගස් තුන හතරකි වත්තේ
දුප්පත් කමයි හැම තැන ලකුණුව ඇත්තේ
කෙලෙසද කියා කලගුණ සැලකිය යුත්තේ
දුන් සත පනහ වත් නෑ ඔහු පිලි ගත්තේ
ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැතී
හිතවත්කමින් සැලකුම යුතුකමය සිතී
ඔහු හට මුදලකින් මා කල හැටිය තුතී
සිහිවී මගේ කම්මුල් රතු පැහැය ගතී
අනුරාධ
ගන් තුන තලාවේ අලියා වැටුනු
වැවේ
සුන්දර හාමි එතරම්
පොහොසතෙකු නොවේ
තුන් ලාහකම බිම් කරවා
වැවෙන් වැවේ
රන් වන් කරල් බරවී දැන් බිමට
නැවේ
ඔහුගේ ගමට මා ගිය ඒ පලමු වර
මතකයෙ තිබේ මට අමතක නොවනයුර
හේනට ගොසින් ගෙන් හූවක් පමණ
දුර
එනවා දුටිමු මිටි බැඳගෙන
වියලි දර
දර ටික තබා සෙවනැති පළු ගසක
ය ට
පිස දම දමා දාඩිය එන නළල පි ට
මාඑන තුරුම සිට පෙන්වූ සිනහ
ක ට
තවමත් පෙනේ දුක් දොම්නස්
අතර ම ට
පෙර දැක නොමැති මුත් සුන්දර
හාමි විසින්
මගෙ තොරතුරු ඇසු සැටි හැටි
සිත වතකු ලෙ සින්
ගෙඩියක් කඩාගෙන ගෙමිදුල
තැඹිලි ගසින්
පිලිගැන්වීය මට සොම්නස
පිරුණු ඇසින්
පොල් ගස් පුවක් ගස් තුන
හතරකි වත්තේ
දුප්පත් කමයි හැම තැන
ලකුණුව ඇත්තේ
කෙලෙසද කියා කලගුණ සැලකිය
යුත්තේ
දුන් සත පනහ වත් නෑ ඔහු පිලි
ගත්තේ
ආගන්තුකව එන කෙනෙකුට
පුරුදු නැතී
හිතවත්කමින් සැලකුම
යුතුකමය සිතී
ඔහු හට මුදලකින් මා කල හැටිය
තුතී
සිහිවී මගේ කම්මුල් රතු
පැහැය ගතී
විමලරත්න කුමාරගම කවියා
විසින් 1945 දී රචිත මෙම කවි
පංතිය ඉතාම දුර්ලභ ගණයේ කවි
පංතියක් ලෙස සැලකේ. ඈත
පිටිසර දුප්පත් ගමක
ගැමියකුගේ චරිතය හා
ආගන්තුක සත්කාරය නිරූපණය
කරමින් මවන රසය දශක ගනනාවක්
ගියද ලෙස ඉතා රසවත්ය. වාග්
ශක්තිය ජනකවියක් වැනිය.
නිරංජන්෴
ප.ලි
පහත විරිත අනුව මෙය ගායනා
කරන්න
ගන් තුන තුලා.. නේ.අලියා..
වැටුනූ වැවේ....ඒ.. ඒ..
2 2 2෴ 2 3෴ 3 2෴෴෴
෴ (අදින්න)
පාරු කවියක් වගේ,
සීපදයක් වගේ කියන්නත්
පුළුවන්,
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා
ඩෙනෝ තවත් සිංදු තාලයක්
ඒක තමා මෙය දුර්ලභ
නිර්මාණයක් ලෙස මා
පිලිගන්නේ. වරක් ඇසූ පමනින්
මුල් පද 2 මතකයට යනවා.
සිංදුවක් ලියන්න පුළුවන්
විසල් නං රැපුත් කරයි
ගංතුන තුලානේ සුන්දරනාන
වැවේ
සුංදර නෙළුම් පිපිලා මල්
සුවඳ ගෙනේ...
තුංවේලේ බත සරිවේ රංකුඹුරේ
මානා ගෙපැල සිරි මැදුරා
රංසිවි ගේ...
සිනහ කටයි පුරවාලා බුලත්
කටේ
හේනේ පැලේ රජුදෝ උඹ සොමි
සඳුනේ
ගඟුලක් වගේ ගලනා උඹ සත්කාරේ
මිතුරෙකු නොවේ හූරෙකි වූ
සසරේ
රාළට දුන්නාම වාදොස් ඇරලා
හොඳ ගීතයක් ලියාවි
කියවා, ගයා රස විඳින්න මුලු
කවි පංතියම
ශිල්ප සයුරින් : නිරංජන්෴