හන්තාන ලිනක්ස් 14.5 නිකුත්වෙයි!

7 views
Skip to first unread message

Hanthana Linux

unread,
Feb 18, 2011, 2:12:22 AM2/18/11
to hantha...@googlegroups.com
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ තවත් වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් හන්තාන ලිනක්ස් නවතම නිකුතුව පසු ගිය 2011 ජනවාරි 10 වැනිදා උදැසන නිල වශයෙන් නිකුත් විය. මේ සම්න්ධ මුල් ම හඳුන්වා දීමේ සැසිය කොළඹ පොලිස් මූලස්ථානයේ දී තොරතුරු තාක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හන්තාන 14.5 දැන් ම ලබාගන්න!

අතිවිශාල මෘදුකාංග ප්‍රමාණයක් එක වර ස්ථාපනය කරගැනීමේ පහසුව සලසමින් DVD තැටියක් ලෙස මෙවර හන්තාන ඔබ අතට පත් වෙයි. ඔබේ කාර්යාලීය, ග්‍රැෆික්, බහුමාධ්‍ය, අධ්‍යාපනික, මූල්‍ය කටයුතු, ඉලෙට්‍රොනික, පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග සංවර්ධන අවශ්‍යතා සපුරාලන මෘදුකාංග සමූහයක් ම මේ DVD තැටියට ඇතුළත් ව තිබේ. එසේ ම මිනුම් පරිවර්තනය කිරිමේ සරල යෙදුමක සිට උසස් ආරක්ෂණ ක්‍රමවේදයන් හා පද්ධති කළමනාකරණ යෙදුම් දක්වා පුළුල් පරාසයක පහසුකම් මෙහි අන්තර්ගත ය.

එමෙන් ම නවකයින්ගේ පහසුව තකා ස්ථාපන උපදෙස් සහ හන්තාන පිළිබඳ නිති ඇසෙන පැන මූලික වැඩතලයට(desktop) එක් කර තිබිම සුවිශේෂ වේ. මේ සටහන් හන්තාන මෙහෙයුම් පද්ධතිය සමග එන ෆයර්ෆොක්ස් ගවේෂකය මගින් ද නැරඹිය හැකි ය.

වෙනත් විශේෂාංග

ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ කටයුතු (audio and video editing) සඳහා අවශ්‍ය නවීනතම හා ජනප්‍රියතම මෘදුකංග වන Audacity, Pitivi, Me TV , RecordMyDesktop

ග්‍රැෆික්, ඡායාරූප හා වෙනත් ඩිජිටල් නිර්මාණ කටයුතු සඳහා GIMP (කලින් තිබ්බා ) Blender, Inkscape, Shotwell, Scribus, 2D CAD සඳහා QCad

තවද පොඩ්කාස්ට් බාගැනීම හා කළමනාකරණය සඳහා භාවිත කළ හැකි gPodder

පරිශීලකයින්ගේ පහසුව ඉහළ නංවමින් එදිනෙදා සන්නිවේදනය සඳහා භාවිත වන Skype මෙන්ම දුර සිට පරිගණක මෙහෙයවීම සඳහා යොදාගැනෙන TeamViewer ඇතුළු පහසු සන්නිවේදන මෘදුකාංග ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.

වෙබ් ආශ්‍රීත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන mysql database server, apache php සහ phpmyadmin මෙහි අඩංගු ය. එසේ ම වෙබ් අඩෙවි නිර්මාණය සඳහා Kompozer සහ Geany ද NFS සේවාදයකය ද (network file sharing) මේ නිකුතුව සමඟ ලබාදේ.

පද්ධතියේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් Firewall [1] පහසුකමට අමතරව SELinux [2] ආරක්ෂණ පහසුකම එක් කර ඇත.

හන්තාන ලිනක්ස් තිරපිටපත්



--
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය
http://www.hanthana.org
http://blog.hanthana.org
http://identi.ca/hanthana
http://twitter.com/hanthana

Reply all
Reply to author
Forward
0 new messages