හන්තාන ලිනක්ස් පිළිබඳ විස්තර ටිකක් අවශ්‍යයි

31 views
Skip to first unread message

Dinuka Lahiru

unread,
Jul 9, 2013, 12:31:48 PM7/9/13
to hanthana-...@googlegroups.com
1. හන්තාන ලිනක්ස් වල (linux) .exe file run කරන්න පුලුවන්ද? පුලිවන් නමි ඒ කොහොම ද? 

2. හන්තාන ලිනක්ස් කියන්නේ fedora ද?  

3. හන්තාන ලිනක්ස් හැදුවේ කවු ද?

4. හන්තාන ලිනක්ස් ස්තාපනයට පරිගනකයක තිබිය යුතු අවම අවෂ්‍යතා මොනව ද?

5.දැනට ලංකාවේ  හන්තාන ලිනක්ස් භාවිත කරන්නේ කෝහේ ද?

6. වලංගු බලපත නොමැතිව මුදුකාංග භාවිතා කිරිම වරදකි.... ලංකාවේ නිතිමය තත්වය කෝහොම ද?(හොර කොපි භාව්තය ගැන)

7.windows මුදුකාංග වලට ගැලපෙන  හන්තාන ලිනක්ස් මුදුකාංග මොනවා ද?

8.ලිනක්ස් වල (linux) භාවිතා කල හැකි programe language මොනවා ද? දැන් VB වැඩ කරනව  ද?

9.windows වලට වඩා  හන්තාන ලිනක්ස් වල (linux) වාසිය මොකක් ද? free එකනෙවේයි

10. ms office වලට වඩා open office වල විශේෂත්වය මොකක් ද? 

 

Milinda Arambawela

unread,
Jul 9, 2013, 1:28:47 PM7/9/13
to Hanthana Community



2013/7/9 Dinuka Lahiru <dinuka.lah...@gmail.com>

1. හන්තාන ලිනක්ස් වල (linux) .exe file run කරන්න පුලුවන්ද? පුලිවන් නමි ඒ කොහොම ද? 
        * wine eka install karagaththahama puluvan.

2. හන්තාන ලිනක්ස් කියන්නේ fedora ද?  
        * www.hanthana.org

3. හන්තාන ලිනක්ස් හැදුවේ කවු ද?
        * Developers in hanthana community.

4. හන්තාන ලිනක්ස් ස්තාපනයට පරිගනකයක තිබිය යුතු අවම අවෂ්‍යතා මොනව ද?
        * For DVD -  Duel core / 1GB ram / 20 HDD
        * For CD   -  p3 or p4/ 512 MB ram

5.දැනට ලංකාවේ  හන්තාන ලිනක්ස් භාවිත කරන්නේ කෝහේ ද?
        * Google Groups vala hanthana community eke parana post kiyavala balanna.

6. වලංගු බලපත නොමැතිව මුදුකාංග භාවිතා කිරිම වරදකි.... ලංකාවේ නිතිමය තත්වය කෝහොම ද?(හොර කොපි භාව්තය ගැන)
        * meekanum polisiyenma tana ahanna venne.

7.windows මුදුකාංග වලට ගැලපෙන  හන්තාන ලිනක්ස් මුදුකාංග මොනවා ද?
        * hoooyaganna amaaru vene naha, os eke software categorize  karala tiyenne.
        * nathnam oona software eka google eke type karala eekata tiyena FOSS eka hoyaaganna puluvan.

8.ලිනක්ස් වල (linux) භාවිතා කල හැකි programe language මොනවා ද? දැන් VB වැඩ කරනව  ද?
       * Java/C/C++/Python/+++++++
       * VB.net installa karanna baha. wine ekennam puluvan vei.

9.windows වලට වඩා  හන්තාන ලිනක්ස් වල (linux) වාසිය මොකක් ද? free එකනෙවේයි
       * Virus free, FOSS vala tiyena vatinaakama danenne software developer kenektama tama.

10. ms office වලට වඩා open office වල විශේෂත්වය මොකක් ද? 
       * Crack karanna oona naha. MS Office vala vage riban ekak naha

 

--
--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
 
---
You received this message because you are subscribed to the Google Groups "Hanthana Linux User Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to hanthana-commun...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Sudaraka Wijesinghe

unread,
Jul 9, 2013, 3:17:24 PM7/9/13
to hanthana-...@googlegroups.com
දිනුක අහල තියන ප්‍රශ්නවලට මම දන්න පිලිතුරු එම ප්‍රශනයට යටින් ඇති.
මේ සමහර පිලිතුරු එක් එක් අය දරන මත අනුව වෙනස් වෙන්න පුලුවන්, වෙනස් අදහසක් හෝ එක්කල යුතු
දෙයක් ඇත්නම් එකතු කරන්න.

Sudaraka Wijesinghe.
http://sudaraka.org/

On 07/09/13 22:01, Dinuka Lahiru wrote:
> 1. හන්තාන ලිනක්ස් වල (linux) .exe file run කරන්න පුලුවන්ද? පුලිවන් නමි ඒ කොහොම ද?

පුලුවන්, මේ සඳහා WINE නම් මෘදුකාංගය භාවිතා කරන්න ඕනෙ (හන්තාන ලිනක්ස් තුල WINE
අඩංගුයි). හැමවිටම WINE මගින් 100% සාර්තක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.

සාමාන්‍යයෙන් වින්ඩෝස් භාවිත කරමින් සිට ලිනක්ස් භාවිතයට හුරුවෙන ඕනෑම කෙනෙක උත්සාහකරන දෙයක්
තමයි ලිනක්ස් මත තමන්ට හුරු වින්ඩෝස්‍ මෘදුකාංග (exe) භාවිතය. නමුත් ඔබ කලයුත්තේ ඔබට හුරු
මෘදුකාංග වලට ඇති ලිනක්ස් ආදේශකයන් සොයාගැනීමයි. මේ සඳහා http://alternativeto.net/
වෙබ්‍ අඩවිය උපකාර කරගන්න පුලුවන්.

>
> 2. හන්තාන ලිනක්ස් කියන්නේ fedora ද?

හන්තාන ලිනක්ස් කියන්නේ Fedora පදනම් කරගෙන හදපු වෙනම මෙහෙයුම් පද්ධතියක්. Fedoraහි අඩංගු
සියලු මෘදුකාංග වලට අමතරව තවත් මෘදුකාංග හන්තාන ලිනක්ස් තුල අඩංගුයි.

http://hanthana.org/wiki/Si:Frequently_Asked_Questions#.E0.B7.84.E0.B6.B1.E0.B7.8A.E0.B6.AD.E0.B7.8F.E0.B6.B1_.E0.B7.83.E0.B7.84_.E0.B7.86.E0.B7.99.E0.B6.A9.E0.B7.9C.E0.B6.BB.E0.B7.8F_.E0.B6.85.E0.B6.AD.E0.B6.BB_.E0.B7.80.E0.B7.99.E0.B6.B1.E0.B7.83

>
> 3. හන්තාන ලිනක්ස් හැදුවේ කවු ද?
ඩනිෂ්ක නවීන් ප්‍රධානව හන්තාන ලිනක්ස් ප්‍රජාව විසින්.

>
> 4. හන්තාන ලිනක්ස් ස්තාපනයට පරිගනකයක තිබිය යුතු අවම අවෂ්‍යතා මොනව ද?
>
> 5.දැනට ලංකාවේ හන්තාන ලිනක්ස් භාවිත කරන්නේ කෝහේ ද?

මම දන්න තරමින් තාක්ෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන තුලත් පාසල් පද්ධතිය තුලත්
භාවිතා වෙනව. තව තැන් ඇති.

>
> 6. වලංගු බලපත නොමැතිව මුදුකාංග භාවිතා කිරිම වරදකි.... ලංකාවේ නිතිමය තත්වය කෝහොම
> ද?(හොර කොපි භාව්තය ගැන)

මට මතක හැටියට ලංකාවේ මේ නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ උනේ 2006 වසරෙදි (ඊට
පෙරත් නීති තිබුන). මුලින්ම පාරවල් වල විකුනපු CD/DVD ඉවත් කෙරුන, ඊට පස්සෙ මෙම (හොර)
CD/DVD නිෂ්පාදනය කරන ආයතන සහ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාතමක උනා. පසුව විශාල වශයන්
මෘදුකාංග භාවිත කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කර ඒවාට අවශ්‍ය බලපත්‍ර ලබාදීමේ
වැඩසටහන් ක්‍රියාතිමක උනා, එසේ නොකල ආයතන වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක උනා. මේ කටයුතු
දැනටත් ක්‍රියාත්මක වෙනව.
තවමත් තනි පුද්ගලයන්ගේ මෘදුකාංග භාවිතය ගැන සොයා බලනවාද කියන එක දන්නේ නෑ.

නිදහස් මෘදුකාංග භාවිතයේදී මෙම නීති අදාල වෙන්නේ නෑ, නිදහස් මෘදුකාංග බලපත්‍ර යටතේ ඔබට
මෘදුකාංගය භාවිතයට මෙන්ම පිටපත් කිරීම, වෙනස් කිරීමට හා නැවත බෙදාහැරීමටත් නීතිමය අවසර
ලැබෙනවා.

>
> 7.windows මුදුකාංග වලට ගැලපෙන හන්තාන ලිනක්ස් මුදුකාංග මොනවා ද?

http://alternativeto.net/ වෙබ්‍ අඩවිය බලන්න.

>
> 8.ලිනක්ස් වල (linux) භාවිතා කල හැකි programe language මොනවා ද? දැන් VB වැඩ
> කරනව ද?

පොදුවේ ගත්තම ඕනෑම පරිගණක භාශාවක් භාවිත කලහැකියි. ගැටලුව වෙන්නේ ඒවාට නිලවශයෙන් සපයා
ඇති compiler හෝ framework වැනි කොටස් ලිනක්ස් සාඳහා සහය නොදැක්වීමයි. උදා. ඔබට ලිනක්ස්
මත C# භාවිතයෙන් වැඩසටහනක් නිර්මාණය කල හැකි අතර ඒ සඳහා .Net framework එක වෙනුවට
ලිනක්ස් සහය ඇති Mono framework එක යොදාගත යුතුයි.

VB යනුවෙන් අදහස් කලේ VB.Net නම් එය Mono මත භාවිතා කල හැකියි. Classic VB (VB6 or
earlier) වෙනුවට Gambas නම් ආදේශකයක් තියනවා.

>
> 9.windows වලට වඩා හන්තාන ලිනක්ස් වල (linux) වාසිය මොකක් ද? free එකනෙවේයි
ප්‍රධාන වාසියක් තමයි දැන් ඔබ අතවිඳිමින් සිටින ප්‍රජාවේ සහාය :)

මම හිතනව ඉහත ඔබ "free" යන්නෙන් අදහස් කලේ "නොමිලේ" කියන එකයි කියල. Free කියන එකට
තවත් තේරුමක් තියනවා, ඒ තමයි "නිදහස". හන්තාන ලිනක්ස් වැනි නිදහස සීමා නොකරන ලද මෘදුකාංග
භාවිතයෙන් ඔබට එම තාක්ෂණයන් පිලිබඳ හැදෑරීමටත් අවශ්‍යනම් ඒවා වෙනස්කර අත්හදාබැලීමටත්
අවස්තාව ලැබෙනවා. ඒවගේම මෙම මෘදුකාංග මෙන්ම ඔබේ දැනුමත් අන් අය සමග බාධාවකින් තොරව
බෙදා හදා ගන්න පුලුවන්.
signature.asc

Dinuka Lahiru

unread,
Jul 9, 2013, 1:40:22 PM7/9/13
to hanthana-...@googlegroups.com
thank you gooodariyak.....



2013/7/9 Milinda Arambawela <milinda...@gmail.com>

Dinuka Lahiru

unread,
Jul 9, 2013, 2:56:34 PM7/9/13
to hanthana-...@googlegroups.com
1.වයිරස් බලපැම කොහොමද?  වයිරස් ගාඩ් එකක් ඔනිද?වයිරස් ගාඩ් එකක් දාන්න පුලුවන් ද?
මේ දක්වා වයිරස්  ඇවිත්ම නැත්ද ලිනක් වලට

2. windows වල ගහන game වැඩ කරනවද?


Dinuka Lahiru

unread,
Jul 9, 2013, 3:36:22 PM7/9/13
to hanthana-...@googlegroups.com
1. foss  වල freedom 4 මොනවද?
2.foss වලයි oss වලයි වෙනස මොකක් ද?

Danishka Navin

unread,
Jul 9, 2013, 8:06:59 PM7/9/13
to Hanthana Community
හිතවත් දිනුක,

පළමුවෙන්ම මේ ප්‍රස්න අහපු එකට ස්තුතියි.

සුදාරකගෙ පිළිතුරු පැහැදිලියි.
අංක 2 සහ අංක 10 ප්‍රශ්න වලට උත්තර අදාල ස්ථානයේ ලියල ඇති
අංක 5 සඳහා තවත් තොරතුරු ඇතුලත් කරලා ඇති.

තවද, හන්තාන ලිනක්ස් යනු හුදෙක් ෆෙඩොරා මත පදනම් වූ  මෙහෙයුම් පද්ධතියක් නොවන අතර එය
නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පචාරනයට සහ භාවිතය සඳහා සහාය වන ප්‍රජා ව්‍යාපෘතියකි.

නොමිලේ රටපුරා මෙතෙක් සිදු කළ හන්තාන පුහුණු වැඩසටහන් සඳහා මෙතෙක් නිල තක්සේරුවක් සිදු කර නොමැත.
මේ වන විට රටපුරා ගුරුවරු, සිසුන් සහ රාජ්‍ය අංශයේ සේවකයන් දහස් ගණනක් පුහුණු කර ඇත.


2013/7/10 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com>

දිනුක අහල තියන ප්‍රශ්නවලට මම දන්න පිලිතුරු එම ප්‍රශනයට යටින් ඇති.
මේ සමහර පිලිතුරු එක් එක් අය දරන මත අනුව වෙනස් වෙන්න පුලුවන්, වෙනස් අදහසක් හෝ එක්කල යුතු
දෙයක් ඇත්නම් එකතු කරන්න.

Sudaraka Wijesinghe.
http://sudaraka.org/

On 07/09/13 22:01, Dinuka Lahiru wrote:
> 1. හන්තාන ලිනක්ස් වල (linux) .exe file run කරන්න පුලුවන්ද? පුලිවන් නමි ඒ කොහොම ද?

පුලුවන්, මේ සඳහා WINE නම් මෘදුකාංගය භාවිතා කරන්න ඕනෙ (හන්තාන ලිනක්ස් තුල WINE
අඩංගුයි). හැමවිටම WINE මගින් 100% සාර්තක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.

සාමාන්‍යයෙන් වින්ඩෝස් භාවිත කරමින් සිට ලිනක්ස් භාවිතයට හුරුවෙන ඕනෑම කෙනෙක උත්සාහකරන දෙයක්
තමයි ලිනක්ස් මත තමන්ට හුරු වින්ඩෝස්‍ මෘදුකාංග (exe) භාවිතය. නමුත් ඔබ කලයුත්තේ ඔබට හුරු
මෘදුකාංග වලට ඇති ලිනක්ස් ආදේශකයන් සොයාගැනීමයි. මේ සඳහා http://alternativeto.net/
වෙබ්‍ අඩවිය උපකාර කරගන්න පුලුවන්.

>
> 2. හන්තාන ලිනක්ස් කියන්නේ fedora ද?

හන්තාන ලිනක්ස් කියන්නේ Fedora පදනම් කරගෙන හදපු වෙනම මෙහෙයුම් පද්ධතියක්. Fedoraහි අඩංගු
සියලු මෘදුකාංග වලට අමතරව තවත් මෘදුකාංග හන්තාන ලිනක්ස් තුල අඩංගුයි.

http://hanthana.org/wiki/Si:Frequently_Asked_Questions#.E0.B7.84.E0.B6.B1.E0.B7.8A.E0.B6.AD.E0.B7.8F.E0.B6.B1_.E0.B7.83.E0.B7.84_.E0.B7.86.E0.B7.99.E0.B6.A9.E0.B7.9C.E0.B6.BB.E0.B7.8F_.E0.B6.85.E0.B6.AD.E0.B6.BB_.E0.B7.80.E0.B7.99.E0.B6.B1.E0.B7.83

>
> 3. හන්තාන ලිනක්ස් හැදුවේ කවු ද?
ඩනිෂ්ක නවීන් ප්‍රධානව හන්තාන ලිනක්ස් ප්‍රජාව විසින්.

>
> 4. හන්තාන ලිනක්ස් ස්තාපනයට පරිගනකයක තිබිය යුතු අවම අවෂ්‍යතා මොනව ද?


පිළිවෙළින් හන්තාන 11 සහ 128MB ද හන්තාන 12 සඳහා 256 MB  RAM තිබෙන පරිගණකයක් අවශ්‍ය වන අතර
හන්තාන 14 සඳහා 512MB අවශ්‍ය වේ. නමුත් හන්තාන 17 භාවිතයේදි 1GB අවශ්‍ය වේ.

මේම RAM භාවිතයේ අවශ්‍යතාවය බොහෝදුරට අවශ්‍ය වන්නේ ස්ථාපන අවස්ථාවේ ක්‍රියාත්මක නව Graphical Installer එකට වන නිසා
හන්තාන භාවිත කරන සමහර පාසල් තුලදි ස්ථාපන අවස්ථාවේදි පමණක් අමතරව RAM එකක් ගහල අදාල RAM ප්‍රමාණය භාවිත කර පසුව
සාමාන්‍ය ලෙස තිබෙන RAM ප්‍රමාණයෙන් පරිගණක භාවිත කරල තියෙනව.

උදාහරණයක් ලෙස හන්තාන 17 නිකුතුව RAM එක 512MB තිබෙන පරිගණක සඳහා ස්ථාපනය කරලා තියෙනව අපෙ ගුරුවරු.
මේ බව ගාල්ලෙ බන්දුල පුෂ්පකුමාර, මධ්‍යම පලාතේ  අතුල හේරත් සහ සමන් හේරත්, උතුරු මැද තුසිත කුමාර සහ කැළණියේ ලක්ෂ්මන් තිලකරත්න යන ගුරුවරු තමන් ගිය පාසල් වලදි එවැනි විසදුම් කරා ගිය බව සනාත කළා.




 
>
> 5.දැනට ලංකාවේ  හන්තාන ලිනක්ස් භාවිත කරන්නේ කෝහේ ද?

මම දන්න තරමින් තාක්ෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන තුලත් පාසල් පද්ධතිය තුලත්
භාවිතා වෙනව. තව තැන් ඇති.


අධායපන අමාත්‍යාංශයේන් ලබා දුන් පරිගණක විධ්‍යාගාර 9ක ඇතුළුත් තවත් පාසල් 3ක මීට වසර කිහිපයකට පෙර හන්තාන පමණක් භාවිත උනා.
ඊට අමතරව තවත් පාසල ගණනාවක හන්තාන වින්ඩෝස් සමඟින් භාවිත වෙනව (Dual Boot ලෙස).

මීට අමතරව  ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක භාවිත වනව.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයට දාල සමහර නැවින් සහ නිළධාරීන් භාවිත කරනව.

දැනට ලොව පුරා හන්තාන ලිනක්ස් පිටපත් 21,000කට වඩා අන්තර්ජාලය හරහා ලබා ගෙන තිබෙනව.
මේ පිළිතුරු ලියන මොහොත වන විට එම සංඛ්‍යාව 21,434 . ඉන් 22%ක්ම එනම් පිටපත් 4587ක්ම ලබාගෙන තිබෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙන්. රටවල් 10ක් අවම වශයෙන් පිටපත් 500ක් ලබාගෙන තිබෙන අතර රටවල් 120කට වඩා වැඩි ප්‍රමාණයකින් එක් පිටපතක් හෝ ලබාගෙන තිබෙනව.
මෙම දත්ත එක් සේවා සපයන ආයතනයක දත්ත පමණක් වන අතර අපේ හන්තාන ලබා ගැනීමට ඇතිනෙකුත් සේවා සපයන ආයතන හරහා දත්ත ලබා ගැනීමට හැකියාවක් නැති බවද කරුණාවෙන් සලකන්න.

මීට අමතරව ලංකාව පුරා හන්තාන පිටපත් තැපැල් මඟින් සහ වැඩසටහන් හරහා දහස් ගණනක් බෙදා හැර තිබෙනව.

http://sourceforge.net/projects/hanthana/files/stats/map?dates=2009-09-01%20to%202013-07-10



 

LibreOffice තව සියලුම භාෂා පහසුකම් ඇතුලුව පහසුකම් සියල්ලම 100% නොමිලේ ලබා දෙන බව ඉතා සතුටින් දැණුම් දෙන අතරම,
ගුණාංග සැසදීමට පහත සබැඳිය බලන්න.
https://wiki.documentfoundation.org/Feature_Comparison:_LibreOffice_-_Microsoft_Office

දැනට ප්‍රදාන ලිනක්ස් නිකුතුවන් භාවිත කරන්නෙ LibreOffice නිසා පාසල් ළමුන් සඳහා
හැම විටම LibreOffice මුලින් හදුන්වා දීමට කාරුණික වන්න. OpenOffice ව්‍යාපෘතියද තවමත්
සක්‍රීයව ඇති නමුත් එය ප්‍රජාව අතරේ LibreOffice තරම් භාවිතයට නොගැනේ.

Sudaraka Wijesinghe

unread,
Jul 10, 2013, 2:41:31 AM7/10/13
to hanthana-...@googlegroups.com
On 07/10/13 00:26, Dinuka Lahiru wrote:
> 1.වයිරස් බලපැම කොහොමද? වයිරස් ගාඩ් එකක් ඔනිද?වයිරස් ගාඩ් එකක් දාන්න පුලුවන් ද?
> මේ දක්වා වයිරස් ඇවිත්ම නැත්ද ලිනක් වලට

"ලිනකස් වල වයිරස් නෑ" කියන එක සත්‍යයක් නෙවෙයි. සරලව කියනවනම් පරිගණක වැඩසටහනක්
(ක්‍රමලේකයක්) ක්‍රියාත්මක කරන්න පුලුවන් ඕනෑම තැනක පරිගණක වයිරසයකුත් ක්‍රියාත්මක කල හැකියි,
මොකද පරිගණක වයිරසයක් කියන්නෙත් තවත් පරිගණක වැඩසටහනක් නිසා.

මෙහි තියන වෙනස ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරය සැලසුම් කර ඇති ආකාරයට පරිගණක වයිරස
වලින් විය හැකි බලපෑම අවම වීමයි. ලිනක්ස් අඩංගු පරිගණකයට කෙලින්ම බලපෑමක් නොවුනත් එහි අඩංගු
වෙනත් වැඩසටහන් හෝ එම පරිගණකය සම්බන්ද ජාලයේ වෙනත් පරිගණක වයිරස බලපෑමට ලක්විය හැකියි.

පරිගණක වයිරස වලට අමතරව Malware, Rootkit ලෙස නම් කෙරුනු ක්‍රියාකාරීත්වයෙන් වෙනස්,
නමුත් හානිදායක තවත් මෘදුකාංග තියනව.

https://en.wikipedia.org/wiki/Linux_malware
https://www.linux.com/learn/tutorials/284124-myth-busting-is-linux-immune-to-viruses
http://www.cyberciti.biz/tips/debunking-the-linux-is-virus-free-myth.html


>
> 2. windows වල ගහන game වැඩ කරනවද?

WINE භාවිතයෙන් සමහර games භාවිත කරන්න පුලුවන්, නමුත් කලින් කිවුව වගේ ගැටලු තියනව.
http://appdb.winehq.org/

දැන් ලිනක්ස් වලටම ඉලක්ක කල නිර්මාණය කිරීමේ ප්‍රවනතාවක් තියනව. වානිජ්‍ය මට්ටමේ Valve වැනි
ආයතන ඔවුන්ගේ Steam platform එක ලිනක්ස් වලට සහය දක්වන ආකාරයෙන් සකස් කිරීමත් සමග විශාල
games ප්‍රමාණයක් ලිනක්ස් වල ධාවනය කල හැකි වෙමින් පාවතිනව.
http://store.steampowered.com/browse/linux/

තවත් ලිනක්ස් සඳහා games ලබාගත හැකි ක්‍රමයක් තමයි https://www.humblebundle.com/
ඔවුන් වරින් වර game collections නිකුත් කරනව, මෙහි ඇති විශේෂත්වය නම් ඔබට කැමති ඕනෑම
මුදලක් ($0ට වැඩි) ගෙවා මේ games ලබාගතහැකි වීමයි.

Steam සහ humble games ඍජුවම ලිනක්ස් මත ධාවනය වන නිසා WINE භාවිතයේදී මෙන් ගැටලු
ඇතිවෙන්නේ නෑ.

signature.asc

Sudaraka Wijesinghe

unread,
Jul 10, 2013, 3:50:45 AM7/10/13
to hanthana-...@googlegroups.com
On 07/10/13 01:06, Dinuka Lahiru wrote:
> 1. foss වල freedom 4 මොනවද?

0වැනි නිදහස.
මෘදුකාංගය ඔබට අවශ්‍ය ඕනෑම අරමුණක් වෙනුවෙන් භාවිතකල හැකිවීම.

1වැනි නිදහස.
මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට සහ එය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිවීම.

2වැනි නිදහස.
මෘදුකාංගය පවතින ආකාරයටම ඕනෑම අයකු සමග බෙදා ගැනීමේ හැකියාව.

3වැනි නිදහස.
මෘදුකාංගයට තමන් සිදුකල වෙනස්ම් සමග ඕනෑම අයකු සමග බෙදා ගැනීමේ හැකියාව.

https://www.gnu.org/philosophy/free-sw.html


> 2.foss වලයි oss වලයි වෙනස මොකක් ද?

Open Source (OSS) ලෙස පමනක් සැලකෙන මෘදුකාංග වල කේතය (source code) අපට
ලැබුනත් එය වෙනස් කිරීමේ හෝ බෙදා හැරීමේ අයිතිය Terms of Use, End-User License
Agreement (EULA) හෝ Patent බලපත්‍ර මගින් අවහිර කිරීම හෝ සීමාකිරීමක් සිදුවෙනව.

නිදහස් මෘදුකාංගයක් (Free Software) වීමට ඉහත කරුණු 4ම සත්‍ය වියයුතුයි.

OSS සහ Free Software කියන මතවාදයන් දෙකේ සිටින අය එකිනෙකා සමගින් සහයෝගයෙන් කටයුතු
කරනව, එවැනි ප්‍රජාවක් හඳුන්වන්න තමයි FOSS හෝ FLOSS (Free/Libre Open Source
Software) කියන නම භාවිතාවෙන්නෙ.

https://www.gnu.org/philosophy/free-software-for-freedom.html


signature.asc

Samila Jayasooriya

unread,
Jul 10, 2013, 8:46:32 PM7/10/13
to hanthana-...@googlegroups.com
1.  හන්තාන ලිනක්ස් වල (linux) .exe file run කරන්න පුලුවන්ද? පුලිවන් නමි ඒ කොහොම ද? 

linux wala exe file wada karanna puluwan hodama software eka wine nevei. Crossover eka wine walata wada hodai. habai free newei. salli dila ganna one. 



2013/7/10 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com>



--
Samila Jayasooriya

Sudaraka Wijesinghe

unread,
Jul 11, 2013, 6:21:00 AM7/11/13
to hanthana-...@googlegroups.com
On 07/11/13 06:16, Samila Jayasooriya wrote:
> 1. හන්තාන ලිනක්ස් වල (linux) .exe file run කරන්න පුලුවන්ද? පුලිවන් නමි ඒ කොහොම ද?
>
> linux wala exe file wada karanna puluwan hodama software eka wine nevei.
> Crossover eka wine walata wada hodai. habai free newei. salli dila ganna
> one.
>
> http://www.codeweavers.com/products/#cxlinux

CrossOver කියන්නෙ WINE මත ගොඩනගපු මෘදුකාංග කොටසක්, එමගින් අපට එක් එක් වින්ඩෝස්
මෘදුකාංගයට අදාල වින්‍යාස (configuration/settings) නිවැරදිව පෙරනිමියෙන් (by
default) ලැබෙනව. නමුත් WINE වල ගැටලු CorossOver භාවිතයෙන් මග හැරෙන්නේ නෑ.

"Running Wine or CrossOver: Unlike other emulators, Wine is a
re-implementation of the Win32 API, allowing applications to run
natively on the target OS. CrossOver is a commercialized version of Wine."
http://www.codeweavers.com/products/faq/differences/

http://www.codeweavers.com/about/support_wine/

>
>
> 2013/7/10 Sudaraka Wijesinghe <sudaraka....@gmail.com
> <mailto:sudaraka....@gmail.com>>
> *Samila Jayasooriya*
signature.asc
Reply all
Reply to author
Forward
0 new messages