NPP -ජාතික ජන බලවේගය

636 views
Skip to first unread message

Nihal Ananda

unread,
Dec 20, 2021, 10:52:10 AM12/20/21
to INDRAKA group
NPP  -ජාතික ජන බලවේගය 
මේ සංවිධානයේ විශේෂ සම්මේලනයක් අද දිනයේ කෝට්ටේ ' මොනාක් ඉමපීරියල් '  ශාලාවක  පැවත්වුනා 
ෆේස්බුක් අවකාශයේ මගේ FB friends     මේ ගැන දින කිහියක සිට සෑහෙන ප්රචාරයක් දක්නට ලැබුනා .
පහත pdf ලිපිය... දැන් කියවිය හැකිය. 
image.png


හැඳින්වීම -පිටු 2,3, 4 ......   කියවා බැලුවා 
 ආහාර බඩුමිල ඉහල යාම , අධ්යාපනයේ රශ්න, සව්ක්ය ප්රශ්න ,වැඩිහිටියන් ගේ ප්රශ්න ,  තරුණයන්ගේ රැකියා ප්ශරශ්න  . කුඩා හා මාධ්‍ය අරිමාන ව්‍යවසායකයන්ගේ ගැටළු .....ආදිය ගැන කතා කරයි. 

පොඩි ගැටළුවකුත් මතුවුනා .......!
ලංකාවේ .... 'දෙමල ප්රශ්නය යයි දෙයකුත්' තිබෙනවා නේද ?
ඒ ගැන කතා නොකර ... රට ගොඩනැගීම , දේශපාලනය  කතා කල හැකි ද ?

NPP-Booklet-Sinhala.pdf

Nihal Ananda

unread,
Dec 21, 2021, 8:37:44 AM12/21/21
to INDRAKA group

a61fdef7-92f5-4c0b-b9d9-2174a284857c.png

ජාතික ජන බලවේගයේ
ජාතික විධායක සභාව
නායක - අනුර කුමාර දිසානායක
ලේකම් - වෛද්ය නිහාල් අබේසිංහ
මහාචාර්ය චන්දන අබේරත්න
මහාචාර්ය උපාලි පන්නිලගේ
මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු
ආචාර්ය හරිනි අමරසූරිය
මහාචාර්ය විජේ කුමාර්
මහාචාර්ය වසන්තා සුබසිංහ
මහාචාර්ය ජිනසේන හේවගේ
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන
මහාචාර්ය සුනිල් සෙනෙවි
ආචාර්ය කෞෂල්යා ආරියරත්න
නීතිඥ ලාල් විජේනායක
රාමලිංගම් චන්ද්රසේකර්
සමන්මලී ගුණසිංහ
විජිත හේරත්
ආචාර්ය අජිත්ද මෙල්
ආචාර්ය අනුර කරුණාතිලක
හිටපු අමාත්යාංශ ලේකම් අශෝක පීරිස්
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහණ
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන
බිමල් රත්නායක
නීතිඥ උපුල් කුමරප්පෙරුම
ලාල් කාන්ත
නීතිඥ චරිත් ගල්හේන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ නිමලා සිරිවර්ධන
රංගන ශිල්පි ජගත් මනුවර්ණ
සාහිත්යවේදී රවි සිරිවර්ධන
ෂෙයික් මුනීර් මුලෆ්ෆර්
ක්රිෂ්නන් කලෙයිච්චෙල්වි
සරෝජා සාවිත්රි පෝල්රාජ්
මුදිත නානායක්කාර
ආනන්ද විජේපාල
කුමාර ජයකොඩි
අරුන් හේමචන්ද්රා
අයි.එන් ඉක්රාම්
සමන්ත විද්යාරත්න
වෛද්ය රිස්වි සාලි
සාහිත්යවේදී කමල් පෙරේරා
සිනමාවේදී විසාකේෂ චන්ද්රසේකර්
කිට්නන් සෙල්වරාජ්
වෛද්ය නලින්ද ජයතිස්ස
මහින්ද රත්නායක
සුනිල් හඳුන්නෙත්ති
ව්රායි කැලී බල්තසාර්
මහින්ද ජයසිංහ
වෛද්ය එච්.පී. ධම්මික
රංගන ශිල්පි චමින්ද ජයසූරිය
අරුණ ශාන්ත නෝනිස්
නාමල් කරුණාරත්න
නිහාල් ගලප්පත්ති
නලින් හේවගේ
චතුරංග අබේසිංහ
එරංග වීරරත්න
වසන්ත සමරසිංහ
ලක්ෂ්මන් නිපුනආරච්චි
ආර්.එම්. ජයවර්ධන
සඳුන් යාපා
අජිත් හැඩ්ලි පෙරේරා
රවිඳු උස්වැටකෙයියාව
නීතිඥ සුනිල් වටගල
රත්න ගමගේ
උපාලි සමරසිංහ
ආචාර්ය අසෝක රංවල
ප්රේමරත්න තෙන්නකෝන්
එරංග ගුණසේකර
ශාන්ත පද්මකුමාර
ගමගෙදර දිසානායක
ටී.බී. සරත්
මංජුල සුරවීර ආරච්චි
වසන්ත පියතිස්ස

image.png
අළුත් ගමනක ආරම්භය...
අද දින ශ්රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් ශාලාවේදී පැවැත්වුණු නියෝජිත මහ සමුළුවේ ප්රගතිශීලී ස්ත්රී එකමුතුවේ නියෝජනය
ආචාර්ය හරිනි අමරසූරිය - පාර්ලිමේන්තු මන්ත්රි
සරෝජා සාවිත්රි පෝල් රාජ් - සභාපති, අයිතීන් උදෙසා කාන්තාවෝ
සමන්මලී ගුණසිංහ - ලේකම්, අයිතීන් උදෙසා කාන්තාවෝ
ක්රිෂ්ණන් කලෙයිචෙල්වි - නුවරඑළිය දිස්ත්රික් සංවිධායක, අයිතීන් උදෙසා කාන්තාවෝ
ව්රායි කැලී බල්තසාර් - ක්රියාකාරී කමිටු සාමාජිකා, ප්රගතිශීලී ස්ත්රී එකමුතුව
ආචාර්ය කෞෂල්යයා ආරියරත්න - ක්රියාකාරී කමිටු සාමාජිකා, ප්රගතිශීලී ස්ත්රී එකමුතුව

Nihal Ananda

unread,
Dec 22, 2021, 9:45:33 AM12/22/21
to INDRAKA group

image.png
image.png
image.png

image.png
image.png

Nihal Ananda

unread,
Jan 3, 2022, 9:36:19 AM1/3/22
to INDRAKA group
ජාතික ජන බලවේගය - NPP
NPP ඉදිරි අවුරුදු 2/3 කාලයේ , රටේ දේශපාලනයේ  වැදගත් තීරණාතමක , කතා  බහට, විවේචන වලට ලක් වන සංවිධානයක් වය හැකියි. 
මෑතකදී ලොකු ගැම්මක් ඇතිව, සම්මේලනයක් අවත්වා , වැඩ ආරම්භ කලත් , ඉන් පසු  වැඩි තොරතුරක් දකින්නට නැහැ.  ෆේස්බුක් අවකාශයේ නම් ... කර්කශ  විවේචන ප්රචාරණ meme ස post  නිතර දකින්නට ලැබෙනවා , මේවා බොහෝ විට, දේශ[ඇලන විරුද්ධවාදීන් හෝ NPP හිතවාදීන් ඉදිරිපත්  කරන ඒවා  බවයි පෙනෙන්නේ. 

මේ thread එක ඉදිරි අවුරුදු 2-3 ,අකණ්ඩව පවත්වාගෙන යාමට, අදහස් කරනවා 
- අරමුණ ... අවුරුදු 2-3 කට පසුත් නැවත කියවා බැලීමට සුදුසු ලියවීම් එකතුවක් ...
-මෙහි ඉදිරිපත් කරන අදහස්  ගැන යම් guideline එකක් යෝජනා කරනවා ,(පොඩි සාකච්චාවකින්  පසු)
-ප්ධානව e -mail සාමාජිකයන්ගේ අදහස් විවේචන, වාද විවාද ...... හුවමාරුව, සඳහායි 
-වෙනත් තුන්වන පාර්ශ්වයන්ගේ ලීබි ලේඛන FB post මෙහි copy /paste කිරීම ...  හැකිතාක් සීමා කරමු
(-සමහර අවස්ථාවල ඔබේ අදහස වඩාත් හොඳින් පැහදිලි කිරීමට අවශ්‍ය විය හැකියි].

තුන්වන පාර්ශ්වයන්ගේ ලීබි ලේඛන FB post මෙහි copy /paste කරන අවස්ථාවලදී .....
- එහි වැදගත්කම ,paste කරන්නේ අයි ද, එම කරැණු සමග එකග වන්නේද ...පැහැදිලිව  විස්තර කරන්න -
- forum එකේ වෙනත් අයෙක් විමසීමක්, ප්රශ්න  කිරීමක් කරනවිට, තචදුරටත්  පැහැදිලි කරන්න.
-තුන්වන පාර්ශ්වය්න්ගේ....තනිකර විරැද්ධවාදී දේශපාලනික විවේචන/මඩ ...... හෝ තනිකර ප්රචාරකවාදී ,  post ,memes  දැන්වීම්,...... මෙහි  ඇලවීමෙන් වළකිමු.
- කුණු කන්දල්  එකතුවන තවත්  FB [ost එකක් වීමෙන් ..... වළකිමු. 

NPP  පිලිබඳ පහත තොරතුරු,  මෙහි එක කිරීම සුදුසුයි, අවශ්‍යයි. 
-NPP  සමන්විත වන සංවිධාන, ඒවායේ නායකයන් key members 
-NPP  සංවිධාන විවහය, ධාන තනතුරු, එම තනතුරු නාමධාරුන්,
-NPP  ව්‍යවස්ථාව |
-NPP   ප්රතිපත්ති  ප්රකාශය...... link කර තිබේ. 

Nihal Ananda

unread,
Jan 3, 2022, 11:41:56 PM1/3/22
to INDRAKA group
අනුර කුමාර ගේ මේ ධිර්ඝ  සාකච්චාව , පහත link  එකෙන් කියවන්න පුළුවන්. 
JVP /NPP වැඩ පිලිවෙල  ගැන, වර්තමාන දෙශාඅලන තත්වය, ඉදිරි ක්‍රියා මාර්ග ගැන විස්තර කරනවා. 
කියවන කෙනෙකුට ...සෑහෙන්න ප්රශ්න මතුවෙන්නට පුළුවන්. 
මතු කරන්න .... අපි මෙහි කතා කරමු. 

JVP /NPP රාජ්‍ය බලය ලබා ගැනීමට ඉතාම කිට්ටු බව ක් .... තදින් විශ්වාස කරන බවක්  පෙනෙනවා. 
ඇත්තටම එහෙමද ?  [ඒ mentality  තමයි ලොකුම අවුල .... මට නම්  හිතෙන්නේ ]

https://www.facebook.com/anurakumara/posts/468326744663560

image.png

Dayananda Attanayake

unread,
Jan 5, 2022, 11:27:37 PM1/5/22
to indraka, Dharmapala Gunawardena, Nimal Weeraratna Kanattawatta, wijaya dassanayake, Sarath Samarasekara, Dayananda Attanayake
ජාතික ජන බලවේගය හරහා පසුගිය කාලයේ ජවිපෙට විශාල තල්ලුවක් දුන් නිර්මාල්ට අනුව ජවිපෙ රජයක් එන්න යාන්තම් හරි ඉඩකඩ තිබෙන්නේ 2029 දී. එයට ඔහු දක්වන හේතු ප්‍රමාණවත්ද ?


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS2p_6OuEvDm0m8coC9vBAWHTETNLQz1DAzTbC3Kfx25kA%40mail.gmail.com.

Amarasiri Gunawardena

unread,
Jan 6, 2022, 2:20:34 AM1/6/22
to ind...@googlegroups.com
Hi ජා ජ බ ගැන බොහෝ දෙනෙක් කිසිම දත්ත අධ්‍යනයක් නොකර කියන කතා ලියන කතා ගොඩක් නොයෙකුත් මාධ්‍ය හරහා සමාජයට ගලා යනව, සිංහළ පත්තර හෝ වෙනත් මාධ්‍ය ධාරාවන් තුල ඉතාම නොදියුනු මට්ටමේ ලියුම් කියුම් තමයි පෙනෙන්නට තියෙන්නෙ. මේවා අනුව පුරෝ කතනයන් කරන්න බැහැ. නමුත් මධ්‍යම පංතියේ උගතුන් සහ ක්‍රියාකාරිකයින් යම් කිසි උත්සාහයක් ගන්නේ නම් ජා ජ බ වැනි සංවිධානයකට මේ යුගයේ පෙරට ඒමේ හැකියාවක් නෑ කියන්නම බැහැ. අන්තර්ජාතික වෙනස් වීම් සහ මෑතක චිලිය හොන්දුරාස් වැනි රටවල් ලැබූ ජයග්‍රහන ආදිය දෙස බැලුවහම උනත් ලාංකිකයිනට ධනාත්මකව මේ ව්‍යාපාරය දෙස බලන එක හොඳයි කියා හිතෙනවා. ළ්ඟදී මූණු පොතෙ ගියා වමේ වගේ පෙන්වමින් අනුර සහෝදරයාගේ දුර්වල අවස්තාවන් ගැන විවේචන. මෙවැනි මාධ්‍ය මාෆියාවකුත් තිබෙනවා කියා සිතන මිනිසුන් බිහි කරන එක තමයි අමාරු. එය යුගයේ කාර්‍යභාරයක් ලෙසයි දැනෙන්නේ!  "Although the JVP has been a powerful voice of dissent and has taken on the main political parties on issues involving nepotism and corruption in the parliament, it is unlikely that the group under the NPP banner would be an alternative force. At best, it could dilute the UNP’s and the SLPP’s vote share. While the JVP has entered a broad coalition under the NPP banner, little is known about the other parties in the group. Sri Lankan elections have historically been a two-party contest despite the presence of multiple parties, including the JVP, for decades. Moreover, the party has seen many defections in the last 20 years, undermining its internal unity. Its policies have also been fairly inconsistent, and it has switched alliances with groups of conflicting ideologies. Furthermore, there is barely any thematic difference between the JVP and other contesting groups which are trying to appeal to voters who are fed up with the two main parties, their governance, policies and styles of leadership. Although the JVP under the NPP alliance has drawn thousands of people during its initial election rallies, it is unlikely to be a game-changer at the forthcoming presidential elections." 
DAG

Nihal Ananda

unread,
Jan 6, 2022, 8:29:34 AM1/6/22
to INDRAKA group
Hi ජා ජ බ ගැන බොහෝ දෙනෙක් කිසිම දත්ත අධ්‍යනයක් නොකර කියන කතා ලියන කතා ගොඩක් නොයෙකුත් මාධ්‍ය හරහා සමාජයට ගලා යනව, සිංහළ පත්තර හෝ වෙනත් මාධ්‍ය ධාරාවන් තුල ඉතාම නොදියුනු මට්ටමේ ලියුම් කියුම් තමයි පෙනෙන්නට තියෙන්නෙ........................
ළ්ඟදී මූණු පොතෙ ගියා වමේ වගේ පෙන්වමින් අනුර සහෝදරයාගේ දුර්වල අවස්තාවන් ගැන විවේචන. මෙවැනි මාධ්‍ය මාෆියාවකුත් තිබෙනවා කියා සිතන මිනිසුන් බිහි කරන එක තමයි අමාරු


@gune  සටහන, විශේෂයෙන්  ඉහත අදහස් සම්බන්ධයෙන් .....

+සමාජයේ, විශේෂයෙන් facebook  අවකාශයේ  ජවිපෙ/ NPP   ගැන කියන කතා/ ලියන කතා දැන් එන්න එන්නම වැඩි වෙනවා. 
මෙය සිදු වන්නේ රටේ සමාජ ආර්ථික තත්වය නරක අතට හැරීමත්, රාජ[ක්ෂ ආණ්ඩුව දුර්වල සහ  අසංවිධානාත්මක වීමත් සමඟ. ඒ හා සමාන්තරව  ජවිපෙ නායකයන්ගේ කතා /ක්‍රියාකාරකම් වර්ධනය වීමත් තිබෙනවා. ප්රධාන මාධ්‍යයන්ගේ , සමාජ මාධ්‍යයන්ගේ   ජයිපෙ ට ද කලින් නොතිබූ ප්රචාරයක් ලැබෙනවා. 

+විශේෂයෙන් facebook මාධ්යේ අපහාස උපහාස  අවලාද මඩ ඇතුලත් විය හැකියි.  දේශපාලනික විරුද්ධවාදී යම් යම් කණ්ඩායම් සංවිධානාත්මකව ගෙනයන ප්රචාරයන්විය හැකියි.  දේශපාලන වයපොරයක  මේවා බලාඔරොත්තු විය යුතු සාමාන්‍ය දේවල් . මේවා හරහා තම මතවාද සමාජගත කිරීම තුල තමයි සංවිධානයක සාර්ථකත්වය තීරණය වන්නේ .

+ මෙම e -mail forum  එකෙත් වැඩි වැඩියෙන් අවධානය යොමු වෙනවා.  ජවිපෙ/ NPP සම්බන්ධව පල  වූ අදහස් සම්බන්ධයෙන් gune තරමක් නොසතුටට පත් වී ඇති බවක් හැඟෙනවා.  මිට කලින් අදහස් ඇලවූ අවස්ථාවල ජවිපෙ නායකයන් ක්‍රියාකාරීන් හමු වී විමසන ලෙස පවසා සිටි බව මතකයි. එය කල නොහැකි දෙයක්,  වගේම එසේ කිරීම අනවශ්‍යයි.
+ කෙනෙක් forum එකක  ලියන්නේ සියලුම තොරතුරු ලබාගෙන  දත්ත විග්‍රහ කර නොවෙයි.  එසේ කිරීම අවශ්‍ය නැහැ.
තොරතුරු news  analysis  දන ගන්නා ක්‍රම හැමෝටම තිබෙනවා ඒවා විවිධයි, එකම තැනකින් නොවෙයි, එකම විධියට නොවෙයි. ඉතින් එක එක්කෙනාගේ අදහස් විවිධයි, එය පිලිගත යුතුයි.  එහි ඇති ප්රශ්නය කුමක්ද ?
ලියන්නේ  ඒ මොහෙතේ තමන් දන්නා දේවල්, තමන්ගේ අදහස් අදනම් කර ගෙනයි. ඒ ගැන අනෙක් යට අදහස් විව්චන දැක්විය හැකියි, තොරතුරු දත්ත වැරදි නම් ‌පෙන්වා දිය හැකියි.

කෙසේ වෙතත් ... තුන්වන පාර්ශ්වයන්ගේ  කතා  මෙහි copy i /paste කිරිම...... සිමා කරන ලෙස නැවතත් ඉල්ලා සිටීමට කැමතියි 

තුන්වන පාර්ශ්වයන්ගේ ලීබි ලේඛන FB post මෙහි copy /paste කරන අවස්ථාවලදී .....
- එහි වැදගත්කම ,paste කරන්නේ අයි ද, එම කරැණු සමග එකග වන්නේද ...පැහැදිලිව  විස්තර කරන්න -
- forum එකේ වෙනත් අයෙක් විමසීමක්, ප්රශ්න  කිරීමක් කරනවිට, තචදුරටත්  පැහැදිලි කරන්න.
-තුන්වන පාර්ශ්වය්න්ගේ....තනිකර විරැද්ධවාදී දේශපාලනික විවේචන/මඩ ...... හෝ තනිකර ප්රචාරකවාදී ,  post ,memes  දැන්වීම්,...... මෙහි  ඇලවීමෙන් වළකිමු.
- කුණු කන්දල්  එකතුවන තවත්  FB post එකක් වීමෙන් ..... වළකිමු. 

-Hera  

Amarasiri Gunawardena

unread,
Jan 11, 2022, 5:01:54 AM1/11/22
to ind...@googlegroups.com
හොඳයි

මම නම් කල්පනා කරන්නෙ බලය ඇල්ලිල්ල කොහොම වුනත් ජා ජ බ ප්‍රධාන බලවේගයක් කරන එක වග කීමක් කියල වමේ සහ උගත් බුද්ධිමත් මහතුන්ගෙ 

තොරතුරු දත්ත විශ්ලේෂනයක්ම නොවෙයි මා අදහස් කලේ ඇත්තටම තාර්කික කරුණු නොවන බව යන්නයි. මා එහෙම කියන්නේ මහ නායක හාමුදුරුවරු ක්‍රිස්තියානි පල්ලිය මුස්ලිම් පල්ලිය ආදී හමුවීම් සහ මාක්ස් අල්ලගෙන කරන තර්ක නිසයි. සමහරු හාමුදුරුවො වැඩවසම් නටඹුන් කියමින් ප්‍රගතිශීලි වෙන්න බලනව. විජේවීර සහෝදරය ප්‍රශිද්ධ රැස්වීම් වල පංසළ සම්පූර්ණයෙන් රජයෙන් වෙන්කරල දානව කිව්වම රට තුල නැගෙන මතය බොහෝවිට ප්‍රධාන පක්ෂ වල අනුගාමිකයින්ට ලොකු බෝලයක් වෙනව. දැන් ගහල තියෙන බෝලෙන් සෙල්ලම් කරන්නෙ ජා ජ බ වේගයේ ක්‍රියාදාමය හොඳටම දැනගෙන කරන කුහක ගැහිල්ලක්. 

කොහොම නමුත් ස්වාධීනව තර්කානුකූලව සිතන අයට ලොකු ගැටළුවක් නැතිව ඇති. ඒ අයත් ළඟින් සම්බන්ද වෙනවා නම් සිදුවන අඩු පාඩුකම් යම්කිසි දුරකට හෝ මකා ගන්න ඇහැක් වේය කියලයි මට නම් හිතෙන්නෙ. අප කතාකල යුතුව තිබිය යුත්තේ මේ ජනතා පෙලගැස්ම තව තව සාර්තක කිරීමට කළ යුතු දේ, බල්ය ලබාගන්න ඕනද නැද්ද, බලය ලබා ගත් පසු ලෝකයේ පෙළ ගැසීම, ධනවාදී සංවර්ධනය ලංකාවෙ කළ යුතු ආකාරය ආදී කාරනා විය යුතු නොවන්නේද? හාමුදුරුවො වෙනස් කළ යුතු වන්නේ කෙසේද ආදී කාරණා හැර ආගම අබිං කී එක, නුවර හාමුදුරුවො වැඩවසම් නටඹුන්ය කියන එකද කතා කරන්න ඕන?

DAG

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Supem Tissera

unread,
Feb 6, 2022, 8:01:01 PM2/6/22
to INDRAKA

මේ පොස්ට් එක මම දැක්කේ කමලේ ගේ මුහුණු පොතේ  ( Mother Lanka එකෙන් උපුටා ගත් එකක් ). මෙය දුටු විට මට එක්තරා කම්පනයක් ඇතිඋනා. ඒ නිසා මට හිතුනා මේක ඉන්ද්‍රක සාමාජිකයන් සමග share කරන්න.

මේ පොස්ට් එකේ තියෙන කරුණු ගැන ඔබ දරන අදහස් දැන ගන්න කමතිය් .

1. මේ කරුණු ඇත්තද? එසේ නැත්නම් මේවා අතිශෝක්තියෙන් හෝ දේසපාලන වාසි සදහා පලකරන අදහස්ද ?

2. මේ පොස්ට් එකේ තියෙනවා, ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ඉතා කලකිරීමක් තිබෙන  බව.  අප දන්නා  අය අතරේ එය කොතරම් පොදු හැගීමක්ද?

3. අවසාන ලෙස , මේ ගැන අපිට කල හැක්කේ කුමක්ද ?   NPP එක තුලින් මෙඉන් අපට ගොඩවෙන්න පුළුවන් කියා සිතෙනවාද?

මම මේ පොස්ට් එක NPP  එක සඳහා වෙන්කළ topic එක යටතේ යොමු කරන්නේ , අපි දන්නා බොහෝ දෙනෙක් දැනට ඇති මේ තත්වයට පිළියම වන්නේ JVP එකට බලය දීමයය් සිතන නිසාය.

Dear friends,

First time in my life I feel frustrated to be a Sri Lankan. I love my country and her people. I was a proud Sri Lankan and whenever I represented my country I kept my head high and always made a point to talk of our beautiful island paradise that's called my home.

Today I live in anxiety not knowing what my tomorrow is! Basic essentials which we took for granted are becoming luxury. Will there be gas? Will there be power cuts? Will there be fuel shortages , will there be water, will there be medications etc.etc. and the rising cost of living...Added to it the alarming rate of robberies. The country seems living for the day.

With whatever hardships we were a nation with a pride. Where is our pride today? All of us have become a bunch of beggers in front of the world! We are waiting for a ship to dock tomorrow to make sure we have electricity and fuel... Surviving for the day....then we ask our neighboring countries for loans to survive! We mortgage or sell all our assets in the country! Many families are going hungry. We have people who never begged in their life knocking at doors asking for a little sugar or a little rice.

I am not a politician nor am I interested in it. That's where we made the mistake for 74 yeras. We allow people with least education and people without integrity to rule us coz we think it's not our business. We didn't realise till now that decisions they make have an effect on everything. So it becomes our business too. We are facing the consequences now!

Then there is a segment in society who are having thamashas and celebrations like every thing is tickety boo! They care two hoots and are totally insensitive. They little realise they too are glorified beggers.

Dear friends we have become beggers in front of the world and now we are worst than the old day poor African nations. Sad part is we are a literate nation with over 92% literacy. 2% of the world scientist are from this little nation of ours. Our social indicators were in par with the developed world.

Time to think! Do we remian beggers or do we stand up as a nation to build it back to its glorious days. But , this stinking political culture and the system MUST change. Green or Blue they are all the same.

Just letting out my frustration. Feel free to air your thoughts and I would appreciate if this is not shared .No right or wrong answers here and not insulting anyone. I as a citizen feel insulted because my intelligence has been challanged and we have been taken for granted by a corrupt system!


'Mothers of ශ්‍රී ලංකා'.

Nissanka Rajapaksa

unread,
Feb 8, 2022, 5:14:36 AM2/8/22
to ind...@googlegroups.com
1. මේ කරුණු ඇත්තද? : සම්පූර්ණ ඇත්ත.
2. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ඉතා කලකිරීමක් තිබීම කොතරම් පොදු හැගීමක්ද?: තමා (self) ගැන ඇතිකරගත් ස්වයං තක්සේරුවකට අනුව බොහෝ  අය කලකිරී ඇති. ඒත් අප මෙහි ඉපදීම අහම්බයක්. අපේ කැමැත්ත හෝ අකැමැත්ත ඊට අදාල ම නෑ. නැවත ඉපදීමක් ඇත්නම්, මා ඊළඟ ආත්මයේ අවීචි මහ නරකාදියේ හෝ වෙනත් කොහේ හෝ ඇති උන්ඩුකපුච්චයක ඉපදෙනු ඇත. එය සතුටින් බාර ගැනීමට හිත හදා ගමි.
3. NPP එක තුලින් මෙන් අපට ගොඩවෙන්න පුළුවන් කියා සිතෙනවාද?: මේක තමයි මිලියන් ඩොලර් ප්‍රශ්නය.
මා "අධ්‍යාපනයේ ප්‍රශ්නය ...." නමින් වෙනත් ත්‍රෙඩ් එකක් ආරම්භ කළේත් මේ ප්‍රශ්නයට කමලේ එහි යෝජනා කොට ඇති විසඳුම සාකච්ඡා කරන්නයි. (එම ත්‍රෙඩ් එකේ මාතෘකාව කුමක් වුවත්) කමලේ එහිදී යෝජනා කරන්නේ වර්තමානයේ අප රට මුහුණදෙන සියළුම ගැටළුවලින් ගොඩ ඒමේ මාර්ගයක්.
කමලේ කියනවා "එකම විසඳුම (වත්මන් සමාජය වෙලා ගෙන ඇති) 'පටු සංස්කෘතික මනස' පුපුරවා හැරීම පමණක්ම" බව.
'පටු සංස්කෘතික මනස' පුපුරවා හැරීම හොඳ විසඳුමක් බව මා ද පිළිගන්නා කරුනක් වුවත් එය ප්‍රායෝගික තලයෙන් ඉතාමත් දුරස් වූවක් බවයි මගේ විශ්වාසය.
මගේ අදහස නම් 'එකම විසඳුම' කියා දෙයක් නැති බවයි. ඒ වෙනුවට අපට හැකි වන්නේ වැඩි දෙනෙක් එකතු වී පතන සමාජ වෙනසක් කරා සාමූහිකව ගමන් කිරීමටයි. බොහෝ සමාජ ක්‍රියාකාරීන් ද නිරතව සිටින්නේ, තම දැක්ම සහ ශක්‍යතා අනුව, මෙම කාර්යයේ ය. 
ජා.ජ.බ.ය එම කාර්යයේ සාපේක්ෂ වශයෙන් ඉදිරියෙන් ඉන්න බව මගේ තක්සේරුවයි.

Nishantha Kamaladasa

unread,
Feb 8, 2022, 5:55:53 AM2/8/22
to ind...@googlegroups.com
ජාජබ පිළිබඳ සංවාදයක් පවතින නිසා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මට හමු වූ කාරණා කීපයක් පිළිබඳ සටහනක් මා ලියුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය මුළුමණින් කියවා ඉඩ ඇති වෙලාවක ඒ ගැන සමස්ත විග්‍රහයක් කරන්නට ද මා ඉටා ගෙන ඉන්නවා. දැනට යම් සංවිධානයක් ඉදිරිගාමී ද යන්න පිළිබඳ ව බලන ලිට්මස් පරීක්ෂාවට හැටියට මා ගන්නේ ඔවුන් කෘෂිකර්මය හා පරිසරය ගැන දරණ ස්ථාවරය නිසා මගේ විමසුම ඒ දෙකට සීමා වුනා. මේ සංවාදයට එය ප්‍ර යෝජනවත් යැයි සිතන නිසා මෙහි අලවනවා. 


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Supem Tissera

unread,
Feb 9, 2022, 11:30:37 PM2/9/22
to INDRAKA

නිස්සංක , ඔබගේ ප්‍රතිචාරයට ස්තුතිය්.

නිස්සංක කියා තිබුනා

"කමලේ කියනවා "එකම විසඳුම (වත්මන් සමාජය වෙලා ගෙන ඇති) 'පටු සංස්කෘතික මනස' පුපුරවා හැරීම පමණක්ම" බව".

මම කමලේ සමග මේ ගැන කතා කලාම මටත් ඔහූ  ඉදිරිපත් කලේ මෙම අදහසම තමය් .

මේ ගැන මගේ අදහස් මෙහි පහත සඳහන් කරන්නට සිතුවා.

1. කමලේ කියන පටු සංස්කෘතික අදහස් අවුරුදු දහස් ගණනක සිට එන අදහස් , එබැවින් ඒවා බිඳ දැමීම ලෙහෙසි දෙයක් නෙමෙය් . එය සිදුවෙනවා නමුත් සෙමින්. උදාහරණක් ලෙස මිනිසුන්ගේ කුල පෙළපත් ,ආගම් වලට විවාහ වලදී දෙන priority වගේ දේවල් දැන් අඩුවෙලා. නමුත් මේ පටු අදහස් නැති සමාජයක් ඇති කරන එක විසදුම හැටියට සැලකීම,   අපේ වහරේ එන නරියා , එළුවාගේ අහවල් එක වැටෙන  තෙක් පස්සෙන් යාම වගේ කියලය් මට හිතෙන්නේ. වෙනසකට තියෙන්නේ එය කවදා හරි වෙන්න පුළුවන්, නමුත් තව දශක ගණනාවකින් පසු  වෙන්න පුළුවන්.

2. මේ "පටු සංස්කෘතික" අදහස් තියෙන්නේ නුගත්ය කියන අය  විතරක් නෙමෙය් , සමාජයේ උගත් කියා සලකන බොහෝ අයත් ඒ අදහස් වල ඉන්නවා. උදාහරණක් හැටියට ධම්මික පැණිය ආවම මම දන්නා "උගත් අය" හා මේ ගැන විමසු විට ඔවුන්ගේ අදහස උනේ අපේ පුරාන වෙද වරුන්ට තිබුණු වට්ටෝරු වලින් සහ දෙවිවරුන්ගේ බලයෙන් වෛරස් එකට ප්‍රතිකාර තියෙන්න පුළුවන් බවය් !

3. අපේ  Professional අයගේ තියෙන පටු සංස්කෘතික අදහස් අද සමාජයේ status quo වෙලා තියෙනවා. දොස්තරවරු මේ පිරමිඩයේ ඉහලින්ම ඉන්නවා. ඒ අනුව යමින් ඉන්ජිනේරුවොත් තමන්ගේ නමට ඉදිරියෙන් Eng කෑල්ලක් අමුණ ගන්නවා . Lawyers ලත් තමන්ගේ වාහන වලට sticker අලවා ගන්නවා

4. පසුගිය වසරේ ලංකාවේ උන vaccine මංකොල්ලය තව උදාහරණක්. GMOA එක ලිස්ට් හදාගෙන තම පවුල් වලට (In laws ලා සහ මෙහෙකාරයන් ඇතුළුව) vaccine විද ගත්ත නමුත් මේ ගැන එතරම් ලොකු protest එකක් රටේ දැක්කේ නැහැ. වෙන රටක නම් මෙවැනි දෙයකට GMOA එකට විරුද්දව class action එකකට යන්න බොහෝ ඉඩ තිබෙනවා , නමුත් විශ්වලන්තයේ ඒක සාමාන්‍ය දෙයක්. අපේ ජන වහරේ එන සමහර කියුම් මේවා සදාරණීය කරන්නට පාවිච්චි කරනවා. උදාහරණක් ලෙස "මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ " වගේ ලස්සන යෙදුම්. දොස්තර වරුන්ට විරුද්දව මේ ගැන  දාන නඩුවක් සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ මොකද ලංකාවේ දොස්තරවරු දෙවියන්ටත් වඩා බල සම්පන්නය් . නමුත් ඒ වගේ නඩුවක් තුලින් අඩු වශයෙන් මේ අය කලේ සම්පුර්ණයෙන් වැරදි වැඩක් කියන මතය ජනතාවට පෙන්නන්න තිබුනා.

අවසාන වශයෙන් කමලේ කියන 'පටු සංස්කෘතික මනස' පුපුරවා හැරීම, වැදගත් කාර්යයක්. ඒ සඳහා කමලේ වැනි අය ගන්නා පියවරත් අගය කරනවා, අනිත් අයත් මේවාට දායක විය යුතුය් .  නමුත් මේවා අපට අවශ්‍ය ලෙස accelerate කර සමාජයෙන් ඉවත් කරන්න බැහැ කියාය් මට සිතෙන්නේ. එයට හේතුව මේ අදහස් ශත වර්ෂ ගානක් තිස්සේ පැවත එන මුල් දිවූ අදහස් නිසය් .

එම නිසා රටට හොඳ දේසපාලන නායකත්වයක් දිය හැකි කණ්ඩායමකට සහයෝගය දීම ගැනත් අප කල්පනා කල යුතුය් .

Nishantha Kamaladasa

unread,
Feb 10, 2022, 12:19:05 AM2/10/22
to ind...@googlegroups.com
Supem

සමාන්තර විශ්වයක තවත් සංවාදයක් සමාන සංවාදයක් යනව. ඒ සංවාදය පහත අමුණනව. Ananda කියන ආමන්ත්‍රණය Supem කියන ආමන්ත්‍රණයට ආදේශ කරල කියවන්න. 

Dear Ananda

You have brought the main point into focus and I like to thank you for bringing it to common attention. Let me quote it. 
"කෙසේ වෙතත් රට හැදීමට මිනිසුන් ගේ හිත් හැදිය යුතුය කියන නිශාන්තගේ මූලික ආකල්පයට මට එකඟ විය නොහැක. එය ප්‍රායෝගික නොවේ".

රටේ සියලු මිනිසුන් වෙනස් වන තුරු අප ඒ සඳහා උත්සහ කළ යුතු යැයි මගේ ඒ ප්‍රකාශයෙන් අදහස් වුනේ නම් වැරැද්ද මගේ ය. ඒ මගේ අදහස නිසි ලෙස වචනයට ගොනු කිරීමට මා අසමත් වූ නිසා ය. Ananda ගේ කාරුණික මැදිහත් වීමෙන් ඒ වරද නිවරද කිරීමට මට අවස්ථාවක් ලැබෙන්නේ ය.

රට කරවන්නේ බහු ජනයා විසින් නොවේ. එක්තරා සමාජ ස්ථරයක් විසිනි. ඒ ස්ථරය වෙනස් කිරීම රටක් වෙනස් කිරීමට සෑහෙන්නේ ය. මා වෙනස් කළ යුතු යැයි කීවේ විශේෂයෙන් ඒ මිනිසුන් ය. ජන මතය හදන මාධ්‍ය ආයතන තුළ ඉදිරියෙන් වැඩ කරන අය, සරසවි තුළ ආචාර්ය මහාචාර්ය වරු හැටියට පෙනී සිටින අය, නීතිය පසිඳලන ආයතන වල ඉහළ නිලතල දරන අය, රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන අය, වෘත්තීය වේදීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මත ප්‍රවර්ධනය කරන අය, පූජක පක්ෂය, සමාජයට නව ජවයකින් අවතීර්ණය වන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් ආදී වශයෙන් මේ කණ්ඩායම් අපට හඳුනා ගත හැකි ය. මේ අය සූදානම් නැති වෙනසක් නායකයෙකුට කළ නොහැකි ය. එසේ කිරීමට තැත් කරන නායකයින් කෙටි කලකින් විසි වී යන්නේ ය. People get leaders they deserve යන කියමනෙන් අදහස් වන්නේ ඒක ය.


මිනිසුන් සූදානම් නැති වෙනසක් නායකයෙකු විසින් කළේ වුව ද එය තාවකාලික වන්නේ ය. ඒ වෙනුවට මේ තීරණාත්මක සමාජ ස්ථරයවත් වෙනස් කළ හැකි නම් ඉතිරි ජනයා ඉබේම ඒ සමග අනුගත වනු ඇත. ඔවුන් නායකයා සමග ඒ වෙනස සඳහා පෙල ගැසෙනු ඇත. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට ගත් උත්සහයන් දෙකක් අපි දැක ඇත්තෙමු. පළමු වරට ඒ 17 ව්‍යාවස්ථා සංශෝධනය හරහා ය. සිදු වූයේ කුමක් ද 18 එය රිවර්ස් කළේ ය. දෙකට ම අත් එස වූ ජනතා නියෝජිතයන් සිටි අතර අද ද ඔවුන් ජනතාව නියෝජනය කරමින් දියවන්නාවේ ය. යහපාලනය ද නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ ය. සිදු වූයේ කුමක් ද 20 විසින් එය අකුලා දැමීම ය. නැවතත් දෙකට ම ඡන්දය දුන්‌නේ එකම අය ය.


මිනිසුන් වෙනස් කිරීම පිළිබඳ මගේ අදහසට එකඟ නොවන Ananda තමන්ගේ වැඩ පිළිවෙල ද අප ඉදිරියේ තබන්නේ ය. ඒ මෙසේ ය.

නීතිය හදා , ඉන්පසු නීතියේ ආධිපත්යය තහවුරු කිරීම එකම ක්රමයයි.

නායකයාට නීතිය කලින්ම ක්රියාත්මක වෙන ව්යවස්තාවක් අත්යවශ්යය.

නීතිපතිටද නඩුකාරයාටද පොලිස් කාරයාටද  ආමි කාරයාටද නීතිය ක්රියාත්මක වෙන ව්යවස්තාවක් අත්යවශ්යය.

නීතියේ ආධිපත්යය තහවුරුවීමෙන් පසු මිනිසුන්ට "හරි පුරුදුපුරුදුවෙනු ඇත

හරි පුරුද්දෙන් හරියට හිතීමද පුරුද්දට යනු ඇත.

හරි නායකයින් බිහිවීමද එහි ප්රතිපලයක් වනු ඇතඑවැනි රාමුවක හොරුන්ට තක්කඩින්ට පැවතිය නොහැකි බැවිනි.

Ananda, ව්‍යාවස්ථාව පිළිබඳ මා ඉදිරිපත් කළ ඉහත පැහැදිලි කිරීමෙන් පසු ද ඔබ මේ මතයේ ඉන්නේ ද? අපට ඉහළම ව්‍යවස්ථාවක් ඉහළම නීතියක් සෑදිය හැකි ය. එහෙත් එය ක්‍රියාත්මක කරන්නන් එම නීති ඒ ආකාරයට ම අනුගමනය කරන්නේ ද? රකින්නේ ද? ඒවා අවලංගු වන තැන් සම්බන්දයෙන් ක්‍රියා කරන්නේ ද? මගේ අත්දැකීම නම් නීතිය තිබීම (system තිබීම) පමණක් ප්‍රමාණවත් නොවන බව ය. ඒවා ට ගරු කරන, ඒවා ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා පුද්ගලයන් ද ඒ සඳහා දිරි දෙන සක්‍රීය පුරවැසියන් ද සිටිය යුතු බව ය.


යුරෝපයේ පුනරුද ව්‍යාපාරය ගැන ඔබ අසා ඇතැයි මම සිතමි. ඒ ව්‍යාපාරයෙන් කරන ලද්දේ බිහිවෙමින් පැවති සමාජයට අවශ්‍ය මනස හැදීම ය. එහි පුරෝගාමීන් අතර ශේක්ස්පියර්, බර්ටෝල් බ්‍රෙෂ්ට්, බර්ට්රන්ඩ් රසල් වැනි කලාකරුවන් ප්‍රාඥයන් සිටි බව ද ඔබට මතක ඇතැයි මම සිතමි.


මිනිසුන් වෙනස් කිරීම අමාරු වුව ද මිනිසුන් වෙනස් වන බව Ananda පිළිගන්නා බවට මට සැකයක් නැත. අප පවා කොතෙක් වෙනස් වී ඇද්ද (1974-78ට සාපේක්ෂව)? මේ සංවාදයට එක් වූ මා තවදුරටත් මෙහි රැඳෙමින් ඉන්නා මා නොවේ. මේ සංවාදය තුළ පවා මම වෙනස් වී ඇත්තෙමි. හැම කෙනෙක් ම එසේ පහසුවෙන් වෙනස් නොවන බව ඇත්ත ය. ඔවුන් ද කල් ගත වී හෝ වෙනස් වීමට නියමිත ය.

වෙනස් වන්නේ එක්කෝ බාහිරින් උගැන්මෙනි. නැතිනම් ස්වයං ඉගෙනීමෙනි. පළමු වැන්නේ බලපෑමට වඩා දෙවැන්න බලවත් ය. ඒත් දෙවැන්නට යම් තල්ලුවක් පළමු වැන්නෙන් ලැබෙන්නේ ය.

ගෝඨාභය ජනපති වීම හරහා මිනිසුන් ඉගෙන ගෙන ඇති පාඩම් කවර ආකාරයක් ගනී ද? සමහරු ඒකාධිපතිත්වය වියරුවක් බවට පෙරලිය හැකි බව ඉගෙන ගනිමින් සිටින අතර තවත් සමහරු වංචා දූෂණයෙන් තොර ඒකාධිපතියෙකු නොලැබීමේ හේතුවට ඒ අභාග්‍ය ලඝු කරනු ඇත. ඒ ස්වයං ඉගෙනීම් ය. ඔවුන් විසඳුම් සොයනු ඇත්තේ තමන්ගේ ඒ ඉගැන්වීම් වලට අනුව ය.

ගෝඨාභයගේ අසමත් වීම කවර හේතු මත සිදු වුනේ දැයි සංවාදයට දායක වීමෙන් මේ ඉගෙනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අපක්ෂපාතී බුද්ධිමතුනට පුළුවන. යම් බලවේගයකට පක්ෂපාත බුද්ධිමතුන් විසින් කරනු ඇත්තේ තමන්ගේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකි ඉගෙනුමක් ජනතාවට මේ අත්දැකීම අනුසාරයෙන් ලබා දීමට ය. දේශපාලන ව්‍යාපාරයන්ගෙන් ස්වාධීන බුද්ධිමය සංවාදයක් අද රටට අවශ්‍ය වන්නේ ඒ නිසා ය. 


දේශපාලන සංවිධානයක් තෝරාගෙන ඊට කඩේ යෑම පහසු ය. ස්වාධීන බුද්ධිමය සංවාදයක යෙදීම ඊට වඩා අමාරු ය. නැවතත් නස්රුදින්ට. අප තෝරා ගත යුත්තේ එලිය තියෙන තැන යතුර සෙවීම ද නැතිනම් යතුර වැටුන තැන සෙවීම ද?

Nissanka Rajapaksa

unread,
Feb 10, 2022, 1:33:38 AM2/10/22
to ind...@googlegroups.com
සුපෙම්ගේ පැහැදිළි කිරීමත් එක්ක මා බොහෝ දුරට එකඟයි. ඒත් ...... //....... වෙනසකට තියෙන්නේ එය කවදා හරි වෙන්න පුළුවන්, නමුත් තව දශක ගණනාවකින් පසු  වෙන්න පුළුවන්.// කියන එක මට සැක සහිතයි.
එසේ නොවී //....... නරියා , එළුවාගේ අහවල් එක වැටෙන  තෙක් පස්සෙන් යාම වගේ කියලය් මට හිතෙන්නේ.//කීම වඩා නිවැරදියැයි මා හිතනවා.

මේ සම්බන්දයෙන් අපේ තරුණ කාලයේ අපේ අත්දැකීම් මොනව ද?
කොවුර්, කාලෝ, ඊ ඩබ් අදිකාරම්, නන්දසේන කෝදාගොඩ සහ තවත් බොහෝ අයගේ ලියවිලි සහ ක්‍රියාකාරකම් හරහා අප අනාගතය ගැන ඉතා ධනාත්මක බලාපොරොත්තු සහගතයවයි හිටියේ. ඒ කාලේ ජනමාධ්‍ය වල ද ඔවුන්ට විශේෂ තැනක් දී තිබුනා. ඒ හා සමගම ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර විද්‍යා අධ්‍යාපනය ආරම්භ කෙරුනා. මේ කාලයේ දී සාහිත්‍යය, නාට්‍ය කලාව, චිත්‍රපටය, කවිය, ගීතය ආදී සෑම අංශයකම ප්‍රගමනයක් පෙන්නුම් කළ අතර ඒ හැම එකකින් පාහේ ද ලැබුනේ ඊට තල්ලුවක්.
ඒත් දශක දෙකක තරම් පොඩි කාලයක දී, ඉහත බලාපොරොත්තු සහගතව සිටි 'අපේ පරම්පරාවම', අද පත්ව ඇති තත්වය කුමක් ද?
අප මේ කෙටි කාලය තුල ලබා ඇති 'මහා' අපගමනය ට හේතුව යමෙකුට පැහැදිළි කර දිය හැකි නම් මා බෙහෙවින් සතුටු වෙනවා.

 කමලෙගේ පෙර සඳහන් කොට තිබූ සටහන ට සුළු සංශෝධනයක් ඔහු ඔහුගේ ඉහත සටහනේ දක්වා තිබෙනවා. (මේ සටහන ලියාගෙන යද්දී එය දුටු නිසා ඊට ද යමක් එකතු කළ යුතු යයි මා හිතුවා

ඔහු යෝජනා කර ඇති සංශෝධනය/ පැහැදිළි කිරීම මෙසේයි:
//.............  රට කරවන්නේ බහු ජනයා විසින් නොවේ. එක්තරා සමාජ ස්ථරයක් විසිනි. ඒ ස්ථරය වෙනස් කිරීම රටක් වෙනස් කිරීමට සෑහෙන්නේ ය. මා වෙනස් කළ යුතු යැයි කීවේ විශේෂයෙන් ඒ මිනිසුන් ය. ජන මතය හදන මාධ්‍ය ආයතන තුළ ඉදිරියෙන් වැඩ කරන අය, සරසවි තුළ ආචාර්ය මහාචාර්ය වරු හැටියට පෙනී සිටින අය, නීතිය පසිඳලන ආයතන වල ඉහළ නිලතල දරන අය, රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන අය, වෘත්තීය වේදීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මත ප්‍රවර්ධනය කරන අය, පූජක පක්ෂය, සමාජයට නව ජවයකින් අවතීර්ණය වන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් ආදී වශයෙන් මේ කණ්ඩායම් අපට හඳුනා ගත හැකි ය. මේ අය සූදානම් නැති වෙනසක් නායකයෙකුට කළ නොහැකි ය. එසේ කිරීමට තැත් කරන නායකයින් කෙටි කලකින් විසි වී යන්නේ ය. People get leaders they deserve යන කියමනෙන් අදහස් වන්නේ ඒක ය. ...... //

මේ කතාවෙන් මට හැඟෙන්නේ කමලේ ඉන්නේ මේ ලෝකයේ නොව වෙනත් ග්‍රහ ලෝකයක දැයි කියායි.

ඇත්තටම මේ මහ පොලවේ සිදුවෙන්නේ වෙනත් දෙයක්.
බලයට පත්වන පුද්ගලයා (හෝ කණ්ඩායම) බොරු පොරොන්දු, අනීතික අල්ලස් සහ පටු පසුගාමී සමාජ විඥ්ඥානයන්ට ආමණ්ත්‍රනය කොට බලය කේන්ද්‍රගත කර ගන්නවා. ඒ හා සමගාමීව, (මැතිවරණයට පෙර නිල බලා සහ මැතිවරණයට පසුව) ජන මතය හදන මාධ්‍ය ආයතන තුළ ඉදිරියෙන් වැඩ කරන අය, සරසවි තුළ ආචාර්ය මහාචාර්ය වරු හැටියට පෙනී සිටින අය, නීතිය පසිඳලන ආයතන වල ඉහළ නිලතල දරන අය, රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන අය, වෘත්තීය වේදීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මත ප්‍රවර්ධනය කරන අය, පූජක පක්ෂය, සමාජයට නව ජවයකින් අවතීර්ණය වන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් යනාදී ස්ථර වලින් කොටසක් එම පුද්ගලයා (හෝ කණ්ඩායම) කියන දේවල් ගිරවුන් මෙන් උච්චාරනය කරමින් ඔවුන්ගේ අනුගාමිකයින් වෙනවා. ඉතිරි කොටසින් සුළුතරයක් සියළු තාඩන පීඩන හා සිරගත කිරීම් මධ්‍යයේ සමාජ ක්‍රියාකාරකයින් ලෙස අනවරත අරගලයක නිරතව සිටිනවා. අතර බහුතරයක් 'උනුත් හොරු මුනුත් හොරු' යයි පවසමින් මෙම ක්‍රමය පවත්වාගෙන යාමට දායක වෙයි.
ඉතිං මේ "පටු සංස්කෘතික" අදහස් පුපුරවා හැරීම ' නරියා, එළුවාගේ අහවල් එක වැටෙන  තෙක් පස්සෙන් යාම' හා සමාන නොවන්නේ ඇයි කියලය් මට හිතෙන්නේ.



Nishantha Kamaladasa

unread,
Feb 10, 2022, 2:13:35 AM2/10/22
to ind...@googlegroups.com
සංවාදය ඉස්සරහට යන විදිහට මං කැමතියි. නිස්සංක ඒ සඳහා දායක වන වැදගත් ප්‍රශ්නයක් අහනව. ඒ කාලෝ ගිනි පාගපු කාලේ පටන් ගොඩ නැගුනු මනස අපගමනය වුනේ කොහොම ද කියල. ඒකට උත්තර දෙන්න කලින් - කාලොගෙ මැදිහත් වීම නිශේධනය වෙලා නෑ කියලයි මම කියන්නෙ. අදටත් අපි වෙනස් ඒ නිසයි. ඒත් අපගමනය සිද්ධ වුනා. ඒක ඇත්ත. ඒක වෙන්නෙ යුද්ධයත් එක්ක. ජනවර්ග ප්‍රශ්නයට උත්තර සොයන්න බැරි වුන කාරණයත් එක්ක. ඒක යුද්ධයකින් එක්තරා දුරකට යටපත් කිරීමත් එක්ක. ඒත් යුද්ධය ජාතිය ‌හෝ ආගම දක්වල සම්පුර්ණයෙන් යටපත් කරන්නට මහින්දලාට බැරි වෙන්නෙ ම කාලෝලා හදපු මනස අඩු වශයෙන් සමාජයේ එක්තරා ප්‍රමාණයක් තුළ හරි පැතිරිල තිබුණ එක. 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන වලට පාර කැපෙන්නෙ ඒ හරහා. ඒක දිගින් දිගට කර ගෙන ගියා නම් අපට වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න තිබුණ. මම අපේ බැච් එකේ සංවාදයෙදි සඳහන් කළ විට මිනිසුන් වෙනස් වෙනව. ඒ සඳහා පරිසරයේ සිදු වන සිද්ධීන් බලපානව. ඒවා අපි දරණ මතවාදයන් සමග ගැටෙනව. අපේ මතවාද ප්‍රශ්න කරනවා. ඒ හරහා අපට නව ඉගෙනුම් වලට යන්න බල කරනව. අන්න ඒ සිද්ධීන් හරි හැටි තේරුම් කරන එකේ වැදගත් කම මම සඳහන් කළා. ඒක නිස්සංකට මග හැරිල.  යුද්ධයට මනස හැදුවා මිසක් ජනවාර්ගික ප්‍රශ්නයට මනස හදන වැඩේ වුනේ නැහැ. ඒක මහින්දලාට හයියක් වුනා. අපගමනයට පහසුවක් වුනා. මේ සංවාදය තුළ මාත් ඉගෙන ගන්නව. අනිත් අයත් එහෙම වෙනව ඇති කියල මම හිතනව. අද නැතත් පසු දවසක ඉගෙනුමට ඔවුන් මත ඒවා බලපාන්න ඉඩ තියෙනව. මම ඒ ගැන විශ්වාසයෙන් ඉන්නව. බලවේගයක් පක්ෂයක් ඇතුලෙ මෙහෙම සංවාදයකට ඉඩක් නැහැ. කැපිල යන්න වෙනව. ලේබල් එකකුත් අලව ගෙන. 

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Feb 10, 2022, 5:36:24 AM2/10/22
to ind...@googlegroups.com
සංස්කෘතික අපගමනය
// .... ඒත් අපගමනය සිද්ධ වුනා. ඒක ඇත්ත. ඒක වෙන්නෙ යුද්ධයත් එක්ක. ජනවර්ග ප්‍රශ්නයට උත්තර සොයන්න බැරි වුන කාරණයත් එක්ක. ඒක යුද්ධයකින් එක්තරා දුරකට යටපත් කිරීමත් එක්ක. ...// - කමලේ
මේ කියන කාරනය මට පැහැදිළි මදි. 
මා දකින්නේ යුද්ධය නිසා සංස්කෘතික අපගමනය සිදු වූවා කියා නොව සංස්කෘතික අපගමනය තම වාසියට හරවාගත් බලලෝභීන් විසින් යුද්ධය ඇති කළ බවයි. ඒ උතුරේ ජාතිවාදය ට එරෙහිව දකුණේ ජාතිවාදය උත්කර්ෂයට ගෙන ඒම මගින්.

 "පටු සංස්කෘතික" අදහස් පුපුරවා හැරීම  
 "පටු සංස්කෘතික" අදහස් පුපුරවා හැරීම සඳහා කමලෙ යෝජනා කරන ස්ථරය, ඔවුන් එකිනෙකා දේශපාලනය කෙරෙහි දක්වන උනන්දුව අනුව, මා (මගේ ඉහත පෝස්ට් එකේ) කොටස් 3කට බෙදුවා.
1. කොටසක් පුද්ගලයා (හෝ කණ්ඩායම) කියන දේවල් ගිරවුන් මෙන් උච්චාරනය කරමින් ඔවුන්ගේ අනුගාමිකයින් වෙනවා. (අවස්ථාවාදීන්)
2. ඉතිරි කොටසින් සුළුතරයක් සියළු තාඩන පීඩන හා සිරගත කිරීම් මධ්‍යයේ සමාජ ක්‍රියාකාරකයින් ලෙස අනවරත අරගලයක නිරතව සිටිනවා. (සත්‍ය සමාජ ක්‍රියාකාරකයින්)
3.  ඉතිරි කොටසින් බහුතරය 'උනුත් හොරු මුනුත් හොරු' යයි පවසමින් මෙම ක්‍රමය පවත්වාගෙන යාමට දායක වෙනවා. (පතෝලයින්)

කමලේ 'සංස්කෘතික පුපුරුවා හැරීමකට' යොජනා කරන්නේ මෙම ස්ථරයන් ගෙන් කුමන කොටස(/කොටස්) අරභයා ද සහ ඒ අනුව බලය ලබා ගැනීම සඳහා දැනට පාවිච්චි වන ඉහත කී විශම චක්‍රය කැඩෙන්නේ කොහොම දැයි පහදා දිය හැකි ද?
මගේ අදහස නම් 'සංස්කෘතික පුපුරුවා හැරීමක්' ප්‍රයෝගික නොවනවා හා සේම එසේ පුපුරවා හැරිය ද ඉහත 2 හා 3 යටතේ දක්වා ඇති කොටස් වල (අවස්ථාවාදීන් හා පතෝලයින්) ගේ සහයෝගය මත බලය ලබා ගැනීමේ විශම චක්‍රයට ඉන් ඇති කළ හැකි බලපෑම අල්ප බවයි.


Nishantha Kamaladasa

unread,
Feb 10, 2022, 10:23:07 AM2/10/22
to ind...@googlegroups.com
Oxford ගිය බණ්ඩාරනායක දැක්ක Federal ක්‍රමයකින් මෙහා ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න බැරි බව. බණ්ඩ බලයට එන්න ජාතිකත්වය පාවිච්චි කළාට ප්‍රශ්නයට විසඳුමක් දෙන්න හදනව. ඒත් බණ්ඩව බලයට පත් කළ හාමුදුරුවො ඒක අල කරල දානව. හාමුදුරුවන්ගෙ මතයට විරුද්ධ ප්‍රබල මතයක් ගේන්න වාමාංශයට බැරි වෙනව. අපේ සංස්කෘතිය ජය ගන්නව. ඔන්න යුද්ධයේ මුල. ඒ වන විට ගහ හැදිල නැහැ. ගහ හැදෙන්න පටන් ගන්නෙ 70 අග භාගයෙදි පුංචි පැලයක් හැටියට. ධනවාදී JR ටත් අපේ කමෙන් ගැලවෙන්න බැරි වෙනව. ඒත් නැවතත් අර කියපු සංස්කෘතික මනස නිසා. JR දාපු පොහොරත් එක්ක ඒක වැඩෙනව. ඒක අවසන් වෙන්නෙ ජාතිවාදය ඉහටත් උඩින් ගිහිල්ල. ඒ මතය උඩට එන වේගයට සමගාමීව අපේ සංස්කෘතික මනස වැඩෙනව. මහින්ද ඒකෙ ගෙඩි කඩනව. ඒව තමයි වස. ඒවා කාපු මිනිසුන් මත් වෙනව. කාලෝලා පටන් ගත්ත වැඩේ ඉස්සරහට යන්නෙ නැතිව නතර වෙනව. කැම්පස් වල හිටපු මචං ලා අයියල මල්ලිල වෙනව. සුද්දන් විසින් පුරවැසියන් බවට පත් කළ ජනතාව ගැලවුම්කරුවන් හා වින්දිතයන් බවට බෙදෙනව. තැපෑලෙන් ආපු පත් වීම් ලිපි ගැලවුම්කාකාරයන්ට දණ්ඩ නමස්කාර කරල ගන්න තැනට වින්දිතයො වැටෙනව. තමන්ගෙ සිල්ලර වැඩවලට (ජාතික පාසලට පොඩි එකා දාගන්න, නෝනට මාරුවක් හදා ගන්න, ලොකු පුතාට රස්සාවක් ගන්න, තමන්ට වැලි පර්මිට් එකක් ගන්න, කසිප්පු පෙරල අල්ලන් ගිය මල්ලිව නිදහස් කර ගන්න) ගැලවුම් කාරයා උදව් කරනවා නම් ඔහු / ඇය හොරකම් කරන එක ප්‍රශ්නයක් නැති වෙනව. රට තම්බිගෙන් කොටින්ගෙන් බේර ගන්න එකා ඒක විකුණුවත් කමක් නැති ගානට වැටෙනව. ඊළග මැතිවරණය තවත් ගැලවුම් කාරයෙකුගෙ සම්ප්‍රාප්තිය සටහන් කරාවි. ඒත් පුරවැසියෙක් නම් ඒ හරහා ඇති වෙන්නෙ නෑ. එහෙම ඇති කරන්න අද ඉන්න එකම ගැලවුම්කාරයෙකුටවත් ඔ්න කමක් නැහැ. මීට වඩා මේක විස්තර කරන්න මං දන්න වචන වලට බෑ. මිනිස්සු ඉල්ලන ගැලවුම්කාරයා වෙන්න NPP එකට තව ගොඩක් වෙනස් වෙන්න වෙනව. තවත් මහින්ද කෙනෙක් හරි සජිත් කෙනෙක් හරි වෙන්න වෙනව (රනිල් කෙනෙක් වෙලාවත් වැඩක් නැහැ). නැත්නම් 3% තමයි. 

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Feb 10, 2022, 10:03:41 PM2/10/22
to ind...@googlegroups.com
හරි තේරුණා.
Full confusion!
මගේ තර්කය වුනේ සංස්කෘතිය පුපුරවා හැරීමට කරන යෝජනාව කිසිසේත් ම ප්‍රායෝගික නොවන බව.
60 සහ 70 දශක වල නැඟී ආ සංස්කෘතික ප්‍රබෝධය ඉන් ඉක්බිතිව කෙටි කාලයක් තුල කඩා වැටීම පහදා දිය හැකි අයෙකු සිටී ද?
NPP ගැන වෙනම කතා කරමු. මෙතන අප කතා කරන්නෙ කමලෙ කරපු යෝජනාව.

simont...@optusnet.com.au

unread,
Feb 11, 2022, 12:45:32 AM2/11/22
to ind...@googlegroups.com

තමන්ගෙ සිල්ලර වැඩවලට (ජාතික පාසලට පොඩි එකා දාගන්න, නෝනට මාරුවක් හදා ගන්න, ලොකු පුතාට රස්සාවක් ගන්න, තමන්ට වැලි පර්මිට් එකක් ගන්න, කසිප්පු පෙරල අල්ලන් ගිය මල්ලිව නිදහස් කර ගන්න) ගැලවුම් කාරයා උදව් කරනවා නම් ඔහු / ඇය හොරකම් කරන එක ප්‍රශ්නයක් නැති වෙනව.

කමලේ ,

අද රටේ තියෙන තත්වයට ඔබ ඉහත කියන දේවල් හුගක් දුරට හේතුවක් . නමුත් මේ තත්වය අපේ " පටු සංස්කෘතික මනස " හේතුවෙන් ඇති වුන දෙයක් කියා මම හිතන්නේ නැහැ . (කමලේ ඒකට එකඟ නැතිනම් පැහැදිලි කරන්න) මේවාගේ දේවල් බණ්ඩා , Dudley වගේ අයගේ පාලන කාලයේ තිබුනේ නැහැ නේද ? මේවගේ දේවල් අපේ සමාජයට එකතු වුනේ  පසු කාලවලදී (සාපේක්ෂව) නේද ?

මම හිතන්නේ මේ වගේ දේවල් තද  නීති මගින් නැති කල හැකි බවය්

කමලේ කියන පටු සංස්කෘතික අදහස් ලංකාවේ විතරක් නෙවේ , සමහර දියුණු රටවලත් තියෙනවා . උදාහරණයක් ලෙස මම Exxon Mobil company එකේ ඉන්න කොට මට සිංගප්පුරුවේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා . එහේ staff සහ contract සේවකයන්ට වෙනම canteen තියෙනවා.Toilet පවා වෙනම (එහෙ වසන ඉන්දීය සම්භවය සහ චීන සම්භවය ඇති අය අතරේ ගෝත්‍රික හැගීම් තිබෙනවා) . නමුත් ඒ රටේ අපි ලංකාවේ දකින දුෂණ හුඟාක් අඩුයි. ඒකට හේතුව ඒ රටේ තියෙන තද නීති.

ඒ නිසා මම සිතන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්න (දුෂණ , වංචා ) වලට විසදුම තද නීති පනවන එකය් කියලා.

අපි හිතනවන් මේ රටේ තියන මේ දුෂණ යනාදිය වැලකීමට පටු සංස්කෘතික අදහස් වෙනස් කල සිටිය යුතුය් කියා , එය නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ කියය් මට හැඟෙන්නේ

 

 






Email sent using Optus Webmail

Nishantha Kamaladasa

unread,
Feb 11, 2022, 1:44:18 AM2/11/22
to ind...@googlegroups.com
සුපෙම් ඒ තද නීති ක්‍රියාත්මක කරන්නෙ අපේ කම ගැන දැඩි හැඟීම් ඇති ව ඉන්න මිනිස්සු නම් එතකොට මොකද වෙන්නෙ.

අපි වැරදි කරා තමයි අපෙ හාමුදුරුවනෙ. අපි කරපු ලොකුම වැරැද්ද නම් වැරදි කළ අපේ මිනිසුන්ව ආරක්ෂා කරපු එක. - මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු

රෑ ලවුඩ්ස්පීකර් දාන්න තහනම්. නඩු තීන්දු කීපයක් ම තියෙනව. ඒත් අපේ පන්සලේ කඨිනයට ගම පුරා දානව එලි වෙනකම්. පොලීසිය අහක බලා ගන්නව. පැමිණිලි කළාට එන්නෙ නෑ. 


ප්‍රශ්නය නීති නැති එක ද ක්‍රියාත්මක කිරීමේ අවුලක් ද? ඒ අවුල දේශපාලනඥයන්ට විතරක් සීමා වුනු එකක් ද?


Australia වෙදි මිනිස්සු තමන්ගේ වැඩක් කර ගන්න ආයතනයකට යන්න කලින් අඳුනන අය හොයනව ද? ලංකාවෙ එහෙම වෙන්න හේතුව මොකක් කියල ද හිතන්නෙ.


තව උදාහරණ ඇති තරම් දෙන්න පුළුවන්. මේක ඔඩු දුවා තියෙන ප්‍රශ්නයක්. ඔ්ක හංග ගෙන ඉඳල විසඳෙන්නෙ නෑ. ඒත් එලියට ගන්න බයයි. චන්ද කැඩෙන නිසා. 





--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nishantha Kamaladasa

unread,
Feb 11, 2022, 6:10:12 AM2/11/22
to ind...@googlegroups.com
මචං නිස්සංක

මගේ අම්මාත් තාත්තාත් හොඳ බෞද්ධයින්. කේන්දර සාස්තර ඇතුළු බොහෝ දේ විශ්වාස කළා. අපි පන්සල් ගියා. වෙන එකක් තියා මහණ වෙන්න වුවමනාවක් මම ගෙදරට පල කරල තිබුන. ඒ අතරේ තාත්ත ගෙදරට ඇත්ත පත්තරේ ගෙනාවා. මම කොවුර් කාලෝ ගැන දැන ගත්තෙ ඒ විදිහට. කටුබැද්දට එන කොට මට ආගමක් නෑ. මගේ student record book එකේ ආගමට තියෙන්නෙ ඉරක්. ඒ මගේ මනස 180 ක් වෙනස් වෙච්ච අවස්ථාවක්.

U turn ගහපු තව අවස්ථා තියෙනව. ඒත් ඒවා කියල වෙහෙසට පත් කරන්න අවශ්‍ය නැහැ.

මිනිසුන්ගෙ මනස වෙනස් කරන්න පුළුවන්. ඒත් ඒක දිගු ගමනක්. අපි finite game එකක ඉන්නව කියල හිතන අය කවදාවත් ඒකට උත්සහ කරන්නෙ නෑ. ඒ අයට ඔ්න ක්ෂණික විසඳුම්. ඒ ගොල්ලන්ගෙ ඉලක්කය ඊළග මැතිවරණය. ඒකට ඉස්සෙල්ල නම් මිනිසුන්ව වෙනස් කරන්න බෑ. මං ඉන්නෙ infinite game එකක. මට මැරෙන්න ඉස්සෙල්ල උත්තර ඔ්න නෑ. මග හදල තියන්න ලැබුනොත් ඒ හොඳට ම ඇති.

මනස වෙනස් කරන්න එක සංවාදයකට බෑ. ඒකට කරුණු වලට අමතරව ඇතැම් වෙලාවට shock එකක් ඔ්න කරනව. අද ලංකාවෙ ඒ shock එක තියෙනව. ඒත් ඒක පාවිච්චි කරල මිනිසුන්ට තේරුම් කරල දෙන්න උත්සහ කරන අය නෑ. සමහර වෙලාවට ඒකට vacuum එකක් ඇති වෙන්න ඔ්න. ඒක තමයි මාඔ්සේතුං මැරුණහම චීනෙට ආපු අවස්ථාව. ඒ vacuum එකත් අපේ රටේ ඇති වෙමින් තියෙනව. ඒකාධිපතියෙකුට පුළුවන් - බලය තිබුණොත් පුළුවන් - හමුදාවට තමයි පුළුවන් - හිට්ලර් කෙනෙක් තමයි ඔ්න - ඒ සියල්ල අද පුපුරල ගිහිල්ල. සමහර වෙලාවට ඒකට technology ඔ්න.

ඒත් ඒ හැම අවස්ථාවක් ම ප්‍රයෝජනය ගත්තෙ නැත්නම් මග හැරිල යනව. ඒ අවස්ථා ප්‍රයෝජනයට ගන්න හිතන්න ඔ්න. ඒ හිතන ඒවා අන් අය සමග බෙදා ගන්න ඔ්න. ඒ කියන්නෙ ඔය මොකක් තිබුණත් අවසානයේ බුද්ධිමත් මිනිසුන්ගෙ මැදිහත් වීම අවශ්‍ය වෙනව කියන එකයි. ගැලවුම් කාරයෙකුගෙ නොවෙයි මග පෙන්වන අයගෙ.

මාක්ස්ගෙ ලෙනින්ගෙ කෘති එකක් දෙකක් නොවෙයි. Volume ගණන් තියෙන්නෙ ඒ සඳහා කළ උත්සහයන්. ඒව මිනිසුන් වෙනස් කරල නැද්ද? හොඳට හෝ නරකට?


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Feb 11, 2022, 11:40:35 PM2/11/22
to ind...@googlegroups.com
කමලේ, ඔබ 'සංගතව' කරුණු ගොනු කොට නොදැක්වීම නිසා මේ සාකච්ඡාව අයාලේ යනවා. 
මිනිසුන් වෙනස් කරන්න බෑ කියා හෝ මේ සමාජ වෙනස ඉක්මණින් කළයුතුයයි කියා හෝ අපි කවුරුවත් කිව්වේ නෑ.
 මේ කරුණු එකතුකර ගැනීමෙන් අපේ අරමුණ ව්‍යාකූල වනවා නේද?

අප කතා කරන මාතෘකාව ඔයාගේ පහත යෝජනාව යි.
//............. රට කරවන්නේ බහු ජනයා විසින් නොවේ. එක්තරා සමාජ ස්ථරයක් විසිනි. ඔවුන්ගේ පටු සංස්කෘතික මනස වෙනස් කිරීම රටක් වෙනස් කිරීමට සෑහෙන්නේ ය. .... //
ඔබ ඉහත කිව් සමජ ස්ථරයන් (අවස්ථාවාදීන්, පතෝලයින් හා සත්‍ය සමාජක්‍රියාකාරිකයින් වශයෙන්) වර්තමානයේ විශම චක්‍රයක ක්‍රියාකරන බව මා කිව්වා. ඔබේ යෝජනාවට අදාලව මේ විශම චක්‍රය පුපුරවා හැරිය හැකි ද? සංස්කෘතික මනස පුපුරවා හැරිය ඉක්බිතිව මේ අවස්ථාවාදීන් සහ පතෝලයින් අතුරුදන්ව යන හැටි අපට පහදා දෙන්න.

කමලේ හා මගේ පරම්පරාවේ අයගෙන් කෙටසක් එදා වෙනස් වුනා. ඔබ කියනවා 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන වලට පාර කැපෙන්නෙ ඒ හරහා කියලා. ඔවුන්ගෙන්ම බහුතරයක් අවස්ථාවාදීන්, පතෝලයින් වශයෙන් ක්‍රියාකර 18 සහ 20 ව්‍යවස්ථා සංශෝධන වලට පාර කැපුවා. ඔබේ යෝජනාව තුල මෙවැනි අවකල්ක්‍රියා අතුරුදන්ව යන හැටි අපට පහදා දෙන්න.

Nishantha Kamaladasa

unread,
Feb 12, 2022, 3:55:03 AM2/12/22
to ind...@googlegroups.com
ලෝකය හරි කෙළින් රේඛාවක ඉදිරියට ගියේ නෑ. බොහෝ වර අයාලේ යමින් තමයි ඉදිරියට ගිහිල්ල තියෙන්නෙ. එක වකවානුවක pendulum වගේ දෙපැත්තට යන අවස්ථා තියෙනව. ඒව පසුව යහපත් පැත්තට හැරිල බොහෝ දුරට ස්ථායී වෙලා තියෙනව. pendulum කාලපරිච්ඡේදයෙ දි ඔබ කියන අවස්ථාවාදීන් හා පතෝලයන්ට පැවැත්මක් තියෙනව. ඒක ස්ථායී වීමත් සමග අහෝසි වෙලා යනව.

අපි උදාහරණයක් දෙකක් ගමු. 
යටත් විජිතවාදය අද කිසිදු රටක පිළිගැනීමට ලක් වෙන්නෙ නැහැ. හමුදා යොදා කරන මෙහෙයුම් පවා දිගුකාලීන ව සාර්ථක වන්නෙත් නැහැ. ඉතාම කෙටි කලකින් අකුලගන්න වෙනව. කෙනෙකු වහලෙකු හැටියට තබා ගැනීම අද ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. එහෙම කරන්න හදන අය පිළිකුලට ලක් වෙනව. අවම වශයෙන් ඒ කාරණා දෙක සම්බන්ධයෙන් විවෘතව පෙනී සිටින්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනව. අවස්ථාවාදීන් හා පතෝලයන්ගේ බලපෑම තව ම තිබුනත් එය පවතින්නෙ අවම මට්ටමක. කාන්තා හා ළමා අයිතිවාසිකම් ගත්තත් තවම සම්පූර්ණ වශයෙන් වෙනස් කම් පහව නොගියත් බොහෝ ඉදිරියට යෑම් දකින්නට ලැබෙනව. 

අර්බුදයක් හරහා මේවා නැවත නැගිටීමේ ඉඩකඩ නැතුවා ම නොවුණත් එය පහසු කටයුත්තක් නම් වෙන්නේ නෑ. හරියට ‌ගෝඨාභයට තමන්ගේ පැරණි සෙල්ලම් දා ගන්න බෑ වගේ (නැවත මතුවෙන්න ඉඩකඩ නැතුවා ම නොවුනත් එය අතීතයේ තරම් පහසු නැහැ).

හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න. ඒක සුළුතරයක් වුනාට කමක් නැහැ. කවදා හෝ ඒක බහුතරයක් වෙනවා ඇති. ඉතිහාසයේ ගමන් මග නම් එහෙමයි. හැබැයි මිනිස්සු තමන්ගේ vigilance එක නැති කර ගන්න නරකයි. pendulum එක පැත්තකට පැද්දුනාම දැන් ඉතින් හරි කියල වැඩක් බලා ගන්න අවසර නෑ. 

2015 දී මහින්ද පැරදුනා ම මම සටහනක් ලිව්ව. මහින්ද පැරැද්දුවාට මදි ය කියල. මහින්ද පැරදුවාට මදි ය! | වචන සෙල්ලම් (wordpress.com)



--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Feb 13, 2022, 8:21:21 PM2/13/22
to ind...@googlegroups.com
ෂෝසල් මීඩියාතුල බොහෝ දේ ලියන කමලේ නිතරම පාඨකයින්ට ආරාධනය කරනවා තමා ලියන කරුණු විචාරයට ලක් කරන ලෙස. ඒත් කමලේ මා  විමසූ කරුනු මගහැර යමින් ඔහුගේ හිතේ කැකෑරෙන යම් යම් දුක්ගැනවිලි සහ ඒවාට 'ඔහුගේ ම විසඳුම්' ඉදිරිපත් කිරීම පමණක් කරනවා. 
මෙවැනි සාකච්ඡා කරන්නේ මොන එහෙකට ද?
සුපෙම් විසින් කමලේගේ යෝජනාව 'නොකෙරෙන වෙදකමක්' නොවේ දැයි අනුමාන කිරීම, මේ අනුව, නිවැරදි නොවන්නේ ද?
 ගැටළුව වන්නේ කමලේ මෙම අදහස් දැරීම නොව මේවා  ⁣පාලකයක් ලෙස ගෙන අනුන්ව විමසා ඔවුන්ව හාස්‍යයට ලක්කිරීම යි; විවේචනය කිරීම යි; ඔවුන්ගේ කකුලෙන් ඇදීම යි. (මගේ විවේචනය ටිකක් සැර වැඩි ඇති. ඒත් මං හිතනවා මේ චෝදනාව අසාධාරණ නෑ කියල.)
මේක බලන්න.




Nishantha Kamaladasa

unread,
Feb 14, 2022, 7:47:50 AM2/14/22
to ind...@googlegroups.com
මේ නිස්සංකගේ වචන
කොවුර්, කාලෝ, ඊ ඩබ් අදිකාරම්, නන්දසේන කෝදාගොඩ සහ තවත් බොහෝ අයගේ ලියවිලි සහ ක්‍රියාකාරකම් හරහා අප අනාගතය ගැන ඉතා ධනාත්මක බලාපොරොත්තු සහගතයවයි හිටියේ. ඒ කාලේ ජනමාධ්‍ය වල ද ඔවුන්ට විශේෂ තැනක් දී තිබුනා. ඒ හා සමගම ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර විද්‍යා අධ්‍යාපනය ආරම්භ කෙරුනා. මේ කාලයේ දී සාහිත්‍යය, නාට්‍ය කලාව, චිත්‍රපටය, කවිය, ගීතය ආදී සෑම අංශයකම ප්‍රගමනයක් පෙන්නුම් කළ අතර ඒ හැම එකකින් පාහේ ද ලැබුනේ ඊට තල්ලුවක්.

ඒ කියන්නෙ නිස්සංක පිළිගන්නව ඒ බලපෑම නිසා සංස්කෘතික මනස එක්තරා ප්‍රමාණයකට පිපිරුණා කියල. නිස්සංකට අමතර ප්‍රශ්නයක් තියෙනව. ඒක නිස්සංක මෙහෙම ලියනව. 
ඒත් දශක දෙකක තරම් පොඩි කාලයක දී, ඉහත බලාපොරොත්තු සහගතව සිටි 'අපේ පරම්පරාවම', අද පත්ව ඇති තත්වය කුමක් ද?
අප මේ කෙටි කාලය තුල ලබා ඇති 'මහා' අපගමනය ට හේතුව යමෙකුට පැහැදිළි කර දිය හැකි නම් මා බෙහෙවින් සතුටු වෙනවා.

ඒක වෙනස් වුනෙ ඇයි කියන එකට උත්තර මම ඉදිරිපත් කළා. මෙන්න මෙහෙම.
ඒත් අපගමනය සිද්ධ වුනා. ඒක ඇත්ත. ඒක වෙන්නෙ යුද්ධයත් එක්ක. ජනවර්ග ප්‍රශ්නයට උත්තර සොයන්න බැරි වුන කාරණයත් එක්ක. ඒක යුද්ධයකින් එක්තරා දුරකට යටපත් කිරීමත් එක්ක. 

නිස්සංකට අමතක වෙන්න විදිහක් නෑ ජවිපෙ විසින් මහින්ද ආණ්ඩුව යුද්ධයට තල්ලු කරපු හැටි. යුද්ධය අස්සෙත් ජාතිවාදයට විරුද්ධව රැල්ල යටපත් කරන්න බැරි වෙනව. ඒක ගැන මම මෙහෙම ලිව්ව.
ඒත් යුද්ධය ජාතිය ‌හෝ ආගම දක්වල සම්පුර්ණයෙන් යටපත් කරන්නට මහින්දලාට බැරි වෙන්නෙ ම කාලෝලා හදපු මනස අඩු වශයෙන් සමාජයේ එක්තරා ප්‍රමාණයක් තුළ හරි පැතිරිල තිබුණ එක. 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන වලට පාර කැපෙන්නෙ ඒ හරහා. ඒක දිගින් දිගට කර ගෙන ගියා නම් අපට වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න තිබුණ (Sorry, 17 මහින්දට ඉස්සෙල්ල ආපු එකක්. ඒකත් ඇතුළු චන්ද්‍රිකාගේ ඇතැම් ප්‍රගතිශීලි පියවර පෙන්නුම් කළේ මහින්දගෙ නොවුනත් - ජාතිවාදයට එරෙහි හඩ -  ‌JR / Preme ගෙ යූඇන්පී එකේ, ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීමට එරෙහි හඩ - අලුත් එක් කිරීමක්). 

ඒ සංශෝධන දෙකේදි ජවිපෙ පවා දායකත්වය දෙනව. ඔව් ඇත්ත 18 හා 20 මගින් නැවතත් ගමන ආපස්සට හරවනවා. ඒක තමයි මම මේ විදිහට විස්තර කළේ. 
ලෝකය හරි කෙළින් රේඛාවක ඉදිරියට ගියේ නෑ. බොහෝ වර අයාලේ යමින් තමයි ඉදිරියට ගිහිල්ල තියෙන්නෙ. එක වකවානුවක pendulum වගේ දෙපැත්තට යන අවස්ථා තියෙනව. ඒව පසුව යහපත් පැත්තට හැරිල බොහෝ දුරට ස්ථායී වෙලා තියෙනව. pendulum කාලපරිච්ඡේදයෙ දි ඔබ කියන අවස්ථාවාදීන් හා පතෝලයන්ට පැවැත්මක් තියෙනව. ඒක ස්ථායී වීමත් සමග අහෝසි වෙලා යනව.
අපි උදාහරණයක් දෙකක් ගමු. 
යටත් විජිතවාදය අද කිසිදු රටක පිළිගැනීමට ලක් වෙන්නෙ නැහැ. හමුදා යොදා කරන මෙහෙයුම් පවා දිගුකාලීන ව සාර්ථක වන්නෙත් නැහැ. ඉතාම කෙටි කලකින් අකුලගන්න වෙනව. කෙනෙකු වහලෙකු හැටියට තබා ගැනීම අද ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. එහෙම කරන්න හදන අය පිළිකුලට ලක් වෙනව. අවම වශයෙන් ඒ කාරණා දෙක සම්බන්ධයෙන් විවෘතව පෙනී සිටින්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනව. අවස්ථාවාදීන් හා පතෝලයන්ගේ බලපෑම තව ම තිබුනත් එය පවතින්නෙ අවම මට්ටමක. කාන්තා හා ළමා අයිතිවාසිකම් ගත්තත් තවම සම්පූර්ණ වශයෙන් වෙනස් කම් පහව නොගියත් බොහෝ ඉදිරියට යෑම් දකින්නට ලැබෙනව. 
අර්බුදයක් හරහා මේවා නැවත නැගිටීමේ ඉඩකඩ නැතුවා ම නොවුණත් එය පහසු කටයුත්තක් නම් වෙන්නේ නෑ. හරියට ‌ගෝඨාභයට තමන්ගේ පැරණි සෙල්ලම් දා ගන්න බෑ වගේ (නැවත මතුවෙන්න ඉඩකඩ නැතුවා ම නොවුනත් එය අතීතයේ තරම් පහසු නැහැ).

එහෙම විස්තරයක් කරල තියෙද්දි නිස්සංක මෙහෙම කියනව.
කමලේ, ඔබ 'සංගතව' කරුණු ගොනු කොට නොදැක්වීම නිසා මේ සාකච්ඡාව අයාලේ යනවා. 

යුද්ධයට මනස හැදුව මිසක් ජනවාර්ගික ප්‍රශ්නයට මනස හදන වැඩේ වුනේ නෑ කියල මම පහත ආකාරයට විස්තර කළා. (කාලෝලා ඇති කළ ව්‍යාපාරයට 70 දශකයේ නිස්සංක කියන ව්‍යාපාරයට ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් තිබුනේ නැහැ.)
මම අපේ බැච් එකේ සංවාදයෙදි සඳහන් කළ විදිහට මිනිසුන් වෙනස් වෙනව. ඒ සඳහා පරිසරයේ සිදු වන සිද්ධීන් බලපානව. ඒවා අපි දරණ මතවාදයන් සමග ගැටෙනව. අපේ මතවාද ප්‍රශ්න කරනවා. ඒ හරහා අපට නව ඉගෙනුම් වලට යන්න බල කරනව. අන්න ඒ සිද්ධීන් හරි හැටි තේරුම් කරන එකේ වැදගත් කම මම සඳහන් කළා (නැත්නම් ඒ ඉගෙනුම ලැබෙන්නෙ නෑ. ජවිපෙ ඒ වැඩේ කරන්නෙ නෑ. ඊළග මැතිවරණය නිසා ඔවුන්ට තියෙන්නෙ වෙන ව්‍යාපෘතියක් - අලුත් එකතුවක්). ඒක නිස්සංකට මග හැරිල.  යුද්ධයට මනස හැදුවා මිසක් ජනවාර්ගික ප්‍රශ්නයට මනස හදන වැඩේ වුනේ නැහැ. ඒක මහින්දලාට හයියක් වුනා. අපගමනයට පහසුවක් වුනා. 

ඒ ඔබ පැහැදිලි කිරීමක් ඉල්ලන අපගමනයට ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නෙවෙයි ද? ඔබ ඔබේම ආකෘතියක් හදා ගන්නව අවස්ථාවාදීන් හා පතෝලයන් කියල. ඒත් ඒ දෙක පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් නැහැ. මට අනුව මල්වතු අස්ගිරි වඳින්න යන එක ම අවස්ථාවාදය ම තමා. කුල වාදය කරේ තියාගෙන ඉන්න වැඩවසම් මානසිකත්වයේ ප්‍රතිරූපය ඉස්සරහ වැඳ වැටෙන එක අවස්ථාවාදය තමා. ඒවා පතෝල වැඩ ම තමා. ඒක සාමාන්‍්‍ ය භික්ෂූන් වහන්සේ නමකට වඳිනවට වඩා වෙනස්. 

නිස්සංක කියනව සංස්කෘතික මනස පුපුරුවා හැරීම ප්‍රායෝගික නෑ කියල. මං කියනව එහෙම දැනෙන්නෙ finite game එකක ඉන්න අයට විතරයි. ඊළග මැතිවරණයේ උත්තර හොයන අයට විතරයි කියල. infinite game එකක ඉන්න මට ඒක තමයි ප්‍රායෝගිික එකම දේ. ජජබ තමන්ගෙ මේ අස්ථානයේ ම හිටියොත් ඔවුන් බලය ගත්ත දවසට මං කියන කාරණයේ ඇත්ත නැත්ත බැලුවෑහැකි. ඒත් ඒ සඳහා තව බොහෝ කල් ඉන්න වෙයි. එතකම් මනස පුපුරුවා හරින්නට එකතු වෙමු. ඒක ඊට වඩා ඉක්මණට කරන්න පුළුවන්. ඒක කවදා හෝ ප්‍රගතිශීලී කණ්ඩායමකට බලය ගන්නත්, ඒ බලය හරියට යොදවා යමක් කරන්නටත්, උදව්වක් වෙන්න පුළුවන්. 



--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Feb 15, 2022, 12:57:52 AM2/15/22
to ind...@googlegroups.com
කමලේ කියනවා මා අහපු සියළු කරුනු වලට උත්තර දුන් බව. ඒත් මගේ ප්‍රශ්න වලට උත්තර ඒ අතර නොතිබූ බවයි මට තවමත් හැඟෙන්නෙ.
අපි දෙන්නා අතර වරදවා වටහා ගැනීම් තිබෙන බවයි මෙයින් පේන්නෙ. මගේ පැත්තෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙදි අපැහැදිළිකම් තිබෙන්න ඇතිදැ යි දැං මට හිතෙනවා.
කමලේ ප්‍රශ්න සහ උත්තර පෙලගස්වා ඇති නිසා දැං මේ පටලැවිල්ල ලිහාගන්න උපකාර වේවි. ඒ ගැන කමලේට ස්තුතියි.

අප කතා කරන මාතෘකාව මා නැවත සඳහන් කරන්නම්.
//............. රට කරවන්නේ බහු ජනයා විසින් නොවේ. එක්තරා සමාජ ස්ථරයක් විසිනි. ඔවුන්ගේ පටු සංස්කෘතික මනස වෙනස් කිරීම රටක් වෙනස් කිරීමට සෑහෙන්නේ ය. .... // ඒ යෝජනාව කමලේගේ. යම් සමාජ ස්ථරයක සංස්කෘතික මනස වෙනස් කිරීම ප්‍රායෝගික නොවන අතර එමගින් පමණක් රටක් වෙනස් කිරීමට කළ හැකි බලපෑම අල්ප බවයි මගේ තර්කය. 

කමලේගේ සියළුම පිළිතුරු අනුමාන (vague) පමණයි. ඒවායේ අඩංගු වන්නේ ලෝකය ඉදිරියට යාමේදී සිදුවන යහපත් දේවල්. 'සංස්කෘතිය පුපුරවා හැරීමේ' අඩංගුවක් ඒවායේ නෑ. කමලේ කියන සංස්කෘතික පුපුරායාම සිදු කරන හැටි සහ එම පුපුරායාම ඊට දායකවන හැටි ඒවායේ නෑ.

//....... pendulum කාලපරිච්ඡේදයෙ දි ඔබ කියන අවස්ථාවාදීන් හා පතෝලයන්ට පැවැත්මක් තියෙනව. ඒක ස්ථායී වීමත් සමග අහෝසි වෙලා යනව.//

මේ කියන ස්ථායිවීම මොකක් ද? ඒක සිද්ධ වෙන්නෙ කොහොම ද? ඒක සංස්කෘතික කාරනා නිසා පමණක් ම සිදුවෙන දෙයක් ද? මේ කරුනු කමලේ විස්තර කරන්නේ නෑ. කෙසේ වුව ද, ⁣මේ කියන ස්ථායිවීම නිසා අවස්ථාවාදී දේශපාලකයින් ලජ්ජාවට පත්වී බලය ලබා ගැනීමට ඔවුන් කරන අවකල්ක්‍රියා අත්හැර දැමීම නම් පියකරු සිහිනයක් ම පමණක් වේවි.

//යටත් විජිතවාදය අද කිසිදු රටක පිළිගැනීමට ලක් වෙන්නෙ නැහැ. //

යටත් විජිතවාදය නැති වීමට සංස්කෘතික කාරනා පමණක් ඉවහල් උනා ද? නැවත යටත් විජිත ඇති වීම සංස්කෘතික කාරනා විසින් වලක්වයි ද? මේ දෙකටම මගේ උත්තරය නැත යන්නයි. (වර්තමානයේ යටත් විජිත නිර්මාණය වන්නේ නව අර්ථයකින්)

// යුද්ධයට මනස හැදුවා මිසක් ජනවාර්ගික ප්‍රශ්නයට මනස හදන වැඩේ වුනේ නැහැ.//

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම මනස හැදීමෙන් පමණක්
කළ හැකි ද? මගේ උත්තරය බැහැ යන්නයි. කමලේ මෙය මෙතරම් සරලව ගැනීම විශ්මය ජනකයි.

//හමුදා යොදා කරන මෙහෙයුම් පවා දිගුකාලීන ව සාර්ථක වන්නෙත් නැහැ. ඉතාම කෙටි කලකින් අකුලගන්න වෙනව.
 ........... කෙනෙකු වහලෙකු හැටියට තබා ගැනීම අද ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. එහෙම කරන්න හදන අය පිළිකුලට ලක් වෙනව. අවම වශයෙන් ඒ කාරණා දෙක සම්බන්ධයෙන් විවෘතව පෙනී සිටින්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනව. ......
අර්බුදයක් හරහා මේවා නැවත නැගිටීමේ ඉඩකඩ නැතුවා ම නොවුණත් එය පහසු කටයුත්තක් නම් වෙන්නේ නෑ. .......//

මේවාට සංස්කෘතික කාරනා අදාලවන හැටි කමලේ විස්තර කරන්නේ නැහැ. මේවා නතරවූයේ සංස්කෘතික කාරනා නිසා පමණක් ම ද?
මගේ උත්තරය නැත යන්නයි.
මේවා නැවත සිදුවීම වලක්වාලන්නේ සංස්කෘතික කාරනා පමණක් ම ද?
මගේ උත්තරය නැත යන්නයි.

මගේ ඉහත ප්‍රශ්න කිරීම් අපැහැදිළි නම් තවදුරටත් පහදලා දෙන්නම්. කමලේ මේවාට උත්තර දෙනවා නම් සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.

Nishantha Kamaladasa

unread,
Feb 15, 2022, 1:29:25 AM2/15/22
to ind...@googlegroups.com
නිස්සංක

මගේ පැහැදිලි කිරීමට වඩා සාර්ථක පැහැදිලි කිරීමක් පහත පිවිසුම හරහා ලබා ගන්නට පුළුවන්. 


simont...@optusnet.com.au

unread,
Feb 17, 2022, 1:15:36 AM2/17/22
to ind...@googlegroups.com
ඉන්ද්‍රක සමජිකවරු වෙත,

කමලේ සහ නිස්සංක අතර පවතින (මමත් අල්ප ලෙස සම්මාදම් උන) මේ විවාදය ඔබ කියවන්නට ඇතැය් මම සිතමි.
මේ දෙදෙනා අතරේ විශාල ලිපි ගණනාවක් හුවමාරු උනත් කිසිම එකඟතාවයකට හෝ නිගමනයකට එළබෙන බවක් පෙනෙන්නට නැහැ . නිස්සංක කියනවා ඔහු කමලේගෙන් අසන ප්‍රශ්න වලට කමලේ උත්තර දෙන්නේ නැතිව ලිස්සල යනවා කියා .  මට හිතෙනවා මේ සංවාදය සඳහා Moderator කෙනෙක් ඉදිරිපත් වෙලා විවාදය effective විධියට ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් ඒක හොඳ විසදුමක් හැටියට.
මේ ගැන ඔබගේ අදහස මොකක්ද ? එය හොඳ අදහසක් ලෙස පිලිගනවානම් ඊළඟ පියවර වන්නේ Moderator කෙනෙක් පත් කිරීමය් . එය සඳහා කවුරුන් හෝ ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න කැමතිද?

Kurundu Hewage Nandisena

unread,
Feb 17, 2022, 4:30:06 AM2/17/22
to INDRAKA

Supem,

You are the best person to do it.

simont...@optusnet.com.au

unread,
Feb 17, 2022, 5:34:39 AM2/17/22
to ind...@googlegroups.com

Hi Nande,

Thanks, but I have already expressed my views on this discussion, which are more in line with Nissanka's. The moderator has to be unbiased & hence I am not the best person to be the moderator on this debate. I will consider that in any future discussions, if required.
Hi Keerthi, I think you will be one of the most capable persons for this role. 



Kurundu Hewage Nandisena

unread,
Feb 17, 2022, 7:10:09 AM2/17/22
to INDRAKA

Hi Keerthi,

Please accept the invitation.   



Nishantha Kamaladasa

unread,
Feb 18, 2022, 3:14:49 AM2/18/22
to ind...@googlegroups.com
Skype session would be more appropriate. Keerthi could be a good moderator with his disciplined vocation. 

On Thu, Feb 17, 2022 at 5:40 PM Kurundu Hewage Nandisena <khnan...@gmail.com> wrote:

Hi Keerthi,

Please accept the invitation.   



--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Mar 12, 2022, 5:04:36 PM3/12/22
to ind...@googlegroups.com
//... NPP  පිලිබඳ පහත තොරතුරු,  මෙහි එක් කිරීම සුදුසුයි, අවශ්‍යයි. 

-NPP  සමන්විත වන සංවිධාන, ඒවායේ නායකයන් key members 
-NPP  සංවිධාන වය්‍යුහය, දරන තනතුරු, එම තනතුරු නාමධාරීන්,
-NPP  ව්‍යවස්ථාව ...//

මෙහි ඉල්ලා ඇති තොරතුරු වලින් සමහරක් ඔවුන්ගේ npp.lk වෙබ් අඩවියේ තියෙනවා:

NPP  සමන්විත වන සංවිධාන

ජනතා විමුක්ති පෙරමුණ
’71 සහෝදරත්වය සංසදය
අලුත් පරපුර
අලුත් පියාපත්
එතෙර අපි
ජන නියමු කලාකරුවෝ
ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ
ජනවබෝධ කේන්ද්‍රය
ජාතික භික්ෂු පෙරමුණ
ජාතික විද්වත් සංවිධානය
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
ඩාබිඳු සාමූහිකය
විප්ලවාදී සමාජවාදී මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය (විකල්ප කණ්ඩායම)
සමාජ සාධාරණත්වය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරු
සමාජ සාධාරණත්වය සඳහා වෛද්‍යවරු
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
සම අභිමානී සාමුහිකය
හුස්මට හුස්මක් සංවිධානය
එක්සත් වාමාංශික බලවේගය

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටුව

නායක – අනුර කුමාර දිසානායක
ලේකම් – වෛද්‍ය නිහාල් අබේසිංහ
මහාචාර්ය චන්දන අබේරත්න
මහාචාර්ය උපාලි පන්නිලගේ
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ආචාර්ය හරිනි අමරසූරිය
මහාචාර්ය විජේ කුමාර්
මහාචාර්ය වසන්තා සුබසිංහ
මහාචාර්ය ජිනසේන හේවගේ
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මහාචාර්ය සුනිල් සෙනෙවි
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
නීතිඥ ලාල් විජේනායක
රාමලිංගම් චන්ද්‍රසේකර්
සමන්මලී ගුණසිංහ
විජිත හේරත්
ආචාර්ය අජිත්ද මෙල්
ආචාර්ය අනුර කරුණාතිලක
හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහණ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන
බිමල් රත්නායක
නීතිඥ උපුල් කුමරප්පෙරුම
ලාල් කාන්ත
නීතිඥ චරිත් ගල්හේන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ නිමලා සිරිවර්ධන
රංගන ශිල්පි ජගත් මනුවර්ණ
සාහිත්‍යවේදී රවි සිරිවර්ධන
ෂෙයික් මුනීර් මුලෆ්ෆර්
ක්‍රිෂ්නන් කලෙයිච්චෙල්වි
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මුදිත නානායක්කාර
ආනන්ද විජේපාල
කුමාර ජයකොඩි
අරුන් හේමචන්ද්‍රා
අයි.එන් ඉක්රාම්
සමන්ත විද්‍යාරත්න
වෛද්‍ය රිස්වි සාලි
සාහිත්‍යවේදී කමල් පෙරේරා
සිනමාවේදී විසාකේෂ චන්ද්‍රසේකර්
කිට්නන් සෙල්වරාජ්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
මහින්ද රත්නායක
සුනිල් හඳුන්නෙත්ති
ව්‍රායි කැලී බල්තසාර්
මහින්ද ජයසිංහ
වෛද්‍ය එච්.පී. ධම්මික
රංගන ශිල්පි චමින්ද ජයසූරිය
අරුණ ශාන්ත නෝනිස්
නාමල් කරුණාරත්න
නිහාල් ගලප්පත්ති
නලින් හේවගේ
චතුරංග අබේසිංහ
එරංග වීරරත්න
වසන්ත සමරසිංහ
ලක්‍ෂ්මන් නිපුනආරච්චි
ආර්.එම්. ජයවර්ධන
සඳුන් යාපා
අජිත් හැඩ්ලි පෙරේරා
රවිඳු උස්වැටකෙයියාව
නීතිඥ සුනිල් වටගල
රත්න ගමගේ
උපාලි සමරසිංහ
ආචාර්ය අසෝක රංවල
ප්‍රේමරත්න තෙන්නකෝන්
එරංග ගුණසේකර
ශාන්ත පද්මකුමාර
ගමගෙදර දිසානායක
ටී.බී. සරත්
මංජුල සුරවීර ආරච්චි
වසන්ත පියතිස්ස 

ප්‍රතිපත්ති ප්‍රකාශනය

Nissanka Rajapaksa

unread,
Mar 20, 2022, 9:41:36 AM3/20/22
to ind...@googlegroups.com
එක්කො ජවිපෙ හැදෙයි, නැත්නම් හරිණිට යන්න වෙයි.






Nimal W Kanattawatte

unread,
Mar 21, 2022, 1:23:43 AM3/21/22
to indraka
හැබැයි මේක නේද සත්‍යය.? සුරංගනා කතා නොකියා අැත්ත පහදා බලයට ඒමට තැත්දැරීම අපි කරුත් අගේකලමු


On Sun, 20 Mar 2022, 7:11 pm Nissanka Rajapaksa, <nraja...@gmail.com> wrote:
එක්කො ජවිපෙ හැදෙයි, නැත්නම් හරිණිට යන්න වෙයි.






--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Supem Tissera

unread,
Apr 4, 2022, 5:05:04 AM4/4/22
to INDRAKA

මේ පහත තියෙන video clip එක ගුනේ ගේ මුහුණු පොතෙන් අරගත් එකක්.

ජයතිලක කම්මල්වීරගේ ප්‍රකාශනය සැහැල්ලු කරන්න හදනවා නෙමෙය්. නමුත් මෙහි එන විමල් වීරවංස ගැන සඳහන ඇසුවාම මට පොඩි විචිකිච්චාවක් ඇතිඋනා මේ අයත් NPP එකට මුක්කු තියන්න හදනවාද කියලා.

මෙහි එන 20 වන සංශෝධනය සදහා vote කිරීම ගැන ඔහු (විමල්) කරන ප්‍රකාශය ඉතා හාස්‍ය ජනකය්.

  https://m.youtube.com/watch?v=wRumkHNCXS0&feature=share&fbclid=IwAR2NDovuhoHzic8xJhbovQr3SXGfOk374_V77Ni9XNFFQtfm40PIy8eNc3w

Nihal Ananda

unread,
Apr 8, 2022, 2:10:41 AM4/8/22
to INDRAKA group

image.png

image.png

දේශපාලන විසඳුම සමග ආර්ථික විසඳුම ද (කෙටි කාලීන) ඉදිරිපත් කළ යුතු ය.........

අපිට දෙන්න අපි කරන්නම් කතා නැතිව කරන්නේ කෙසේ දැයි කියන ආර්ථික විසඳුමක් ඉදිරිපත් විය යුතු ය. ඩොලර් හිඟා කාලා කරනවා කියන්නේ නැතිව ණයට අර ගන්නා විදිහක් හා එය ගෙවනා විදිහක් යෝජනා විය යුතු ය. මුදල් අච්චු ගහන්නේ නැතිව මුදල් ලබා ගන්නා විදිහක් ඒ තුළ ඇතුළත් විය යුතු ය.....


වසර හැත්තෑ හතරක හෝ වසර දෙකක සාපය ගැන අතීත කතා කීමෙන් නම් වැඩක් වන්නේ නැත. අරයාට වඩා අප හොඳ යැයී කීමෙන් ද වැඩක් නැත. ඒ දෙකින් එකකින් වත් අද මුහුණු දී ඇති අර්බුදයෙන් ගොඩ යා නොහැකි ය......
ජනතාවට මේ කියන නායකත්වය මේ මොහොතේ දෙන්නේ නැත්නම් පසුව ඔවුන් අයාලේ ගියා යැයි කියන්නට ඉඩක් කිසිදු දේශපාලන පක්ෂයකට නැත.
https://nishanthakamaladasa.wordpress.com/2022/04/07/අපට-දෙන්න-අපි-කරන්නම්-ඒ/

මේ ජාතියේ උපදේශාත්මක , තර්ජනාත්මක !  පෝස්ට් කිහිපයක්ම පහුගිය දිනවල  කියවන්නට ලැබුනා. [අනික් එව්වා හොයන්න කම්මැලියි ] . 
අද 'අනිද්දා '  පුවත්පත  උඩින් පල්ලෙන් බැලු විට මේ ජාතියේ ලිපි ගණනාවක් ම තිබුනා.
 
මේවා විශේෂයෙන් එල්ල වී තිබුනේ ... ජාතික ජනබලවේගයටයි....., අනුර කුමාර දිසානායකටයි.  
මේවා ලියන උගත් බුද්ධිමත් නාමධාරී  උපදේශක මහත්ත්වරු , ..සාමාන්‍යයෙන් ජනබලවේගය සමග එහෙමට සම්බන්ධයක් නැති අයයි. [සම්බන්ධ අය නායකයන්ගේ ගෙවල්වලට ගොස් අසා දැන ගන්නවා  ඇති !.]
උපදේශක මහත්තුරු, පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී අනුර කුමාර ට වැටිය හැකි , සෑම චන්දයක්ම පාහේ , "එකාධිපති විරෝධී ' ගොඩට කඩා ගන්නට සෑහෙන උත්සාහයක් දැරු බව......., 'අනිද්දා' පත්තරය නම් ,අන්තිම දවසේ  'කැත වැඩක්' කල බව ද,  මතකයි. 
මේ උපදේශක  මහත්තුරු ... තමන්ගේ ' "එකාධිපති විරෝධියා" ඇහරවන්නේ නැතුව,...... ජනබලවේගය ට උපදෙස් දෙන්නට මේ තරම් වෙහෙසෙන්නේ ඇයි  ... ?
[අහන්නේ ...... අගතියෙන් නොවෙයි,  හුදු කුතුහලය නිසාමයි !..}




Nihal Ananda

unread,
Apr 10, 2022, 6:16:23 AM4/10/22
to INDRAKA group
පහලින් තිබෙන නිර්මාල් ගේ පෝස්ටුවට අදාළ හඳුන්හෙත්ති ගේ කතාව link එක පලමුවෙන් තිබෙනවා .
හදුන්හෙත්ති කතා කරන්නේ හරි තරහකින් වගේ. මේ සටන් පාටය වචනාර්ථයෙන් ඇඟටම අරන් වගේ. 
ජවිපෙ හිතවත් සාමාන්‍ය කෙනෙක් මෙහෙම කීවා නම්, ඒක තේරුම් ගන්න පුලුවන්. ඒත් හඳුන්....... කියන්නේ ඉදිරි පෙල  නායකයෙක්.  ඔහුගේ සාමාන්‍ය දැනුම  අවබෝධයත් මේ  ආකාර ද ? 
මේකේ comments බලන්න. ඔක්කොම වාගේ හඳුන් .... ගේ කතාව අනුමත කරන ඒවා. group thinking කියන පටු දෘෂ්ටිය හැදෙන හැටි ...... හිතා ගත හැකි නොවේ ද ? 

\

Favorites 6tu2ftfonumt6ehd6ua 
225ම එපා!!!
=======
මෙය අතිශයින්ම වැදගත් සටන් පාඨයකි. මේකෙන් කියවෙන්නෙ නව දේශපාලන පර්යායක් පිළිබද ඉල්ලීම. පොදු ජනයා වෙතින් මෙවැනි ඉල්ලීම් එන්නෙ ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදහට ම නෙවෙයි. කළ යුත්තේ පොදුජන ඉල්ලීම් නිසි පරිදි විකේතනය කරගැනීමයි. ජවිපෙ ඒ කාලෙ “උනුත් එකයි මුණුත් එකයි“ කියන එකත් මේක වගේ ම එකක්. එන්පීපීඑකේ තුන් දෙනා කොච්චර හොදද කියල පෙන්නන්න සුනිල් හදුන්නෙත්ති කතාවක් කරනව ඇහුව. මං හිතන්නෙ ජවිපෙට තියෙනව මේ අරගල මැද්දෙ තමන්ගෙ අනන්යතාවය රැකගැනීම පිළිබද විශාල අරගලයක්. මේ අරගලයේ තිබෙන වැදගත්ම දෙයක් තමයි සියළු අනන්යතා දිය වීම. මේ අරගලයට ඇවිල්ල තමුන්ගෙ පරණ අනන්යතා රැකගන්න කවුරුහරි උත්සාහ කරනවනම් ඒ අයටත් වෙන්නේ ඊයේ ගෝල් ෆේස් පිට්ටනියට ඇවිල්ල තමන්ගෙ 10දෙනාට විතරක් ඇහෙන්න තමන්ගෙ ටෙක්ස්ට් බුක් සටන් පාඨ ටික කියපු සමාජවාදී සමානතා පක්ෂයට වෙච්ච දේ තමයි. ජවිපෙට අවශ්ය නම් මේ අරගලය ඇතුලෙ තමන්ගෙ පැවැත්මත් සාක්ෂාත් කරගන්න ඒ අයට තියෙන්නෙ 1990න් පස්සෙ කරපු දේ කරන්න. ඒ කියන්නෙ 1990ට පෙර පැවැති සන්නද්ධ-රැඩිකල් සාරය අත් හැරළ 1990න් පස්සෙ මතුවූ නව ප්රජාතන්ත්රවාදී දේශපාලනය අනුගත වෙන්න, දැන් ජවිපෙට කරන්න තියෙන්නෙ පක්ෂ දේශපාලනයෙන් පසු යුගයට ගැලපෙන විදිහේ අනන්යතාවයක් නිර්මාණය කරගන්න. එහෙම නැතුව “225 ම එපා නෙවෙයි 222ක් එපා“ වැනි විකාර කතා කීම නෙවෙයි.

Nihal Ananda

unread,
Apr 11, 2022, 12:37:50 AM4/11/22
to INDRAKA group
225ම එපා!!! ....... ප්රස්තූතය ගැන තව දුරටත් ..... දේශපාලන විද්‍යාව ගැන යම් දැනුමක් තේරුමක් ඇති අයෙකුගේ අදහසක් ....

" 225 ම එපා , 225 ම අස් වෙනු." යන සටන් පාටයේ 225 ට ජවිපෙපෙ ද ඇතුලත් කර තිබීම , ජවිපෙ ට දුෂ්කරතාවයක් ඇති කරවන්නකි. ජවිපෙ  කලයුතු බව පෙපෙන්නේ එම සටන් පාටය වාචාර්ථයෙන් අර්ථ කථනය කිරීම නොවේ. ...........

image.png
 - ජයදේව උයන්ගොඩ  

Nihal Ananda

unread,
May 3, 2022, 3:03:58 AM5/3/22
to INDRAKA group
මේ මොහොතේ පාර්ලිමේන්තු ඡන්දයක් තියනවාට විරුද්ධ විය යුත්තේ ඇයි?
=========================================
සමාජ සම්මුතිවාදී අදහස්වල රාජ්යය පිහිටුවීමට අදාළ සම්මුති දෙකක් පිළිබදව සදහන් වේ. එකක් ජනතාව අතරම ඇති කරගන්නා සම්මුතියයි. දෙවැන්න ජනතාව හා ආණ්ඩුකරණය සදහා තෝරාගන්නා පිරිස අතර ඇතිවන සම්මුතියයි. එම සමාජ සම්මුතිවාදී අදහස රාජ්යය පිළිබද ප්රමාණවත් න්යායක් ලෙස පිළිගත්තත් නැතත් මෙහිදී අපට වැදගත්වන යමක් සමාජ සම්මුති දෙකක් පිළිබද මේ අදහස තුළ ගැබ්ව ඇත.
ඉතාම පැහැදිළි දෙයක් වන්නේ ජනතාව හා පාලක ප්රභූන් අතර ඇති සම්බන්ධය වර්තමානයේ බෙහෙවින් අර්බුදයට ගොස් ඇති බවයි. 225ම එපා යන්නෙන් එය සංකේතමත් වේ. එසේම අපට අවශ්ය කුමක්ද යන්න ද එතරම් ම පැහැදිළි නැත. එය මේ අර්බුදය තුළ අවට අවශ්ය කුමක්ද යන්න ගැන සාකච්ඡාවක් මතුවෙමින් පවති. මුලින්ම කළ යුත්තේ හැකිතාක් මේ සාකච්ඡාව පෝෂණය කිරීමයි. වෙනත් විදිහකට කියනවානම් පාලක ප්රභූන් සමග නව සම්මුතියක් පිහිටුවාගැනීමට ප්රථම ජනයා අතර නම සම්මුතියක් ඇති කරගැනීම සදහා කටයුතු කිරීමයි. මේ අවස්ථාවේ දී ගැඹුරු සමාජ දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරනවානම් කළ යුත්තේ ජනතාව අතර නම සමාජ සම්මුතියක් සදහා වූ සාකච්ඡාව පෝෂණය කිරීමයි.
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම මගින් මේ සාකච්ඡාව බෙහෙවින් විකෘති තත්වයකට පත්වනු ඇත. ජනයාට දැන් පවතින දේශපාලන උනන්දුව තමන්ගේ ආසන්න අවශ්යතා ඉටුකරගත හැකි පිරිසකට සහය දීම සදහා වූ මැතිවරණ ප්රචාරක යුද්ධය ඉස්මත්තට පැමිණෙනු ඇත. මැතිවරණයක් පවත්වා දැන් සිටින පාලක ප්රභූ තන්ත්රෙය් පිරිසකට බලය පැවරීමෙන් සිදුවන්නේ මේ අරගලය සදහා මෙතෙක් යෙදවූ දැවැන්ත ශක්තිය අපතේ යාමයි.
image.png

Nihal Ananda

unread,
May 11, 2022, 12:32:02 AM5/11/22
to INDRAKA group

image.png

Nihal Ananda

unread,
May 12, 2022, 12:17:54 PM5/12/22
to INDRAKA group

image.png
එකතු වෙයව් යකෝ!!!
මාලිගා කුමන්ත්රණ, දේශපාලන ගේම් පරාජය කරන්නටත්, පශ්චාත් යටත් විජිත ලංකාව තවමත් පාලනය කරන පවුල් දෙක තුනට අයත් ඊනියා ප්රභූන් වන රනිල් වැන්නවුන් සැබවින්ම පරාජය කරන්නටත්, රාජපක්ෂලාගේ නායකත්වයට යටත් ලුම්පන් පාදඩයන් දේශපාලනයෙන් තුරන් කිරීමටත්, සාපේක්ෂ ආර්ථික ප්රජාතන්ත්රවාදයක්, ආර්ථික යුක්තියක්, බහුතරයක් දෙනාට යහපත් ජීවන අවස්ථා සහිත සමාජයක්, කල් පවත්නා සාමයද මානසික සැහැල්ලුවද සහිත සමාජයක් අලුත් දේශපාලන සංස්කෘතියක් ආදිය ඇති කිරීමටත් ඇත්තටම අවශ්ය නම්,
අනුර දිසානායක, ලාල්කාන්ත, නලින්ද ජයතිස්ස, චම්පික රණවක, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර, හරිනි අමරසූරිය, අජිත් පැරකුම් ජයසිංහ, අනුරුද්ධ ප්රදීප්, කරුණාරත්න පරණවිතාන, ධම්ම දිසානායක, සුමන්තිරන්, ශානක්යයන්, මනෝ ගණේෂන්,
වසන්ත සමරසිංහ, සුමිත් චාමින්ද, නිර්මාල් රංජිත් දේවසිරි, වසන්ත මුදලිගේ, සමන්ත විද්යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, උපුල් කුමාරප්පෙරුම, ප්රදීප් ජයරත්න, එරංග ගුණසේකර ආදීන් සහ ඔවුන්ගෙන් සංකේතවත් වන අය උචිත සුළු ජාතික හා කාන්තා නියෝජනයකුත් සහිතව අවුරුදු කීපයකට හෝ එකතු වෙයව්!!!
ඊට පස්සෙ වෙන් වෙලා ඕන නම් උඹලගෙ තනි තනි දිව්යලෝක හඹා යමව්!!
ඒ සඳහා ඔය කියපු සමහර අයට කල්ලිවාදය, කට්ටිවාද, ජාතිවාද, වෙළඳපොළ කෙරෙහි විශ්වාසය, ධනේශ්වර සංවර්ධනවාද, නියතිවාදී සමාජවාදය, ස්වයංරූපරාගය (narcissism)ආදී එක එක අන්තවලින් අතර මැදට එන්න වෙනවා.
එහෙම බැරි නම් "මාලිගා කුමන්ත්රණ" කිය කියා රනිල් වැනි නරින්ටත්, "හොරු" කිය කියා බැසිල්, ජොනී වැනි පාදඩයන්ටත්, සිංහල බෞද්ධයන් ජාතිවාදයෙන් අන්ධ කර බලය ඩැහැගන්නා මහින්ද වැනි චෞරයන්ටත් බැණ බැණ වයසට යමව්!!
මං අටවක පුත්තු නවකතාවෙ පෙන්නුව වගේ, අපි එක්කො අපි අර්ධ පුත්තු නැති නම් අට තැනකින් වක් වුණ පුත්තු. එහෙම පුත්තුන්ට උරුම දේවල් තමයි අපි මේ දකින්නෙ.
දැන් ඉතින් මේක කියවලා එක එක අන්තවල ඉඳන්, මටත් ඕන්නම් උපුටන්න තිබුණ පොත්වල නම් කිය කියා මට බැනපියව්!!
ඔය කියපු විදිහට කවුරුත් එකතු වෙන්නෙ නැති බව, එහෙම එකතු වෙන්න දිරි දෙන විවෘත හදවත් දේශපාලනයෙන් නොලැබෙන බව, දන්න මම පොත පතේ වැඩ අතරම දේශපාලන වැඩවලට සම්බන්ධ වෙන්නෙ, මේ ජීවිතේ පොඩ්ඩක් හරි යහපත් කරගන්න පුළුවන්ද බලන්න මිසක් කිසිම දේශපාලන දෘෂ්ටිවාදයකට මනුෂ්ය ලෝකය තුළ පරම යහපත ඇති කරන්න පුළුවන් කියලා හිතාගෙන නෙමෙයි.

Nihal Ananda

unread,
May 15, 2022, 11:44:44 PM5/15/22
to INDRAKA group
precisely .... to the point .....

image.png
ජවිපෙ, පෙසප සහ ස්ලෝවේනියානු ගොවියාගේ ආකල්පය
The Parable of the Slovenian Farmer
Once there was a Slovenian farmer who worked on his farm. One day, a god-like figure approached the farmer and offered him a deal. The god-like figure says “I will do whatever you request to you, but whatever I do to you, I will do twice that to your neighbor.” The farmer thinks for a moment then replies, “Take one of my eyes.”
- Slavoj Zizek
එක්තරා ස්ලෝවේනියානු ගොවියෙක් තමන්ගෙ ගොවිපළේ ගොවිතැන් කරගෙන ඉන්දෙද්දි එක දවසක් දෙවිකෙනෙක් මේ ගොවියා ළඟට ඇවිත් වරමක් දෙන්න සූදානම් වුණා. ගොවියාට කැමති ඕනම දෙයක් දෙවියන්ගෙන් ඉල්ලන්න පුළුවන්, දෙවියෝ ඒක ලබා දෙන්න සූදානම්. - හැබැයි එක කොන්දේසියක් උඩ... කොන්දේසිය තමයි තමන් ඉල්ලන දේ තමන්ට ලැබෙනව වගේම, ඒ වගේ දෙගුණයක් ගොවියගෙ අසල්වැසියට දෙවියන් විසින් ප්රදානය කරනවා. ඉතින් මේ ගොවිය පොඩ්ඩක් කල්පනා කරලා දෙවියන්ට මෙහෙම කියනවා: "මගේ එක් ඇසක් උදුරා දමන්න.!"
මේක ස්ලැවොයි ජිජැක් කියන සමකාලීන දාර්ශනිකයාගෙ උපමා කතාවක්. එයා උපමා කතා නිරන්තරයෙන්ම පාවිච්චි කරන චින්තකයෙක්. මේක ජිජැක් කියන්නෙ එක්තරා විදියකට මනුෂ්ය ස්වභාවය සම්බන්ද අශුභවාදී පැතිකඩක් ගැන කියන්න. මිනිහා හැමවිටම තමන්ගෙම වර්ගයේ අසල්වැසියාව තමන්ගෙ ප්රතිවාදී අනෙකා විදියට අරන් ඔහුගේ විනාශය සදහා කටයුතු කිරීමේ නැඹුරුවක් දක්වන බව මේ කතාවෙන් හැඟවෙනවා.
මේ දවස්වල ගොඩක් දෙනෙක් යෝජනා කරන දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතරෙ එකිනෙකාට එකඟවිය හැකි අවම කොන්දේසි මත යම්කිසි විදියෙ සංධානගතවීමකින් සමබිමක් කරා පැමිණීමේ සහ ඒ හරහා මේ නිශ්චිත අර්බූදකාරී දේශපාලන මොහොත සඵලදායී ලෙස උපයෝජනය කර ගැනීමේ වැදගත්කම අවබෝධ කරගෙන ලංකාවේ දේශපාලන ගමනේ සුවිශේෂී හැරවුමක් සදහා වන විභවය අපතේ හැරීමට ඉඩ දීමේ ඓතිහාසික අපරාදය නොකර සිටිය යුතුයි කියන එක. ඒ බොහෝ දෙනෙක් ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සම්මුතියක් හරහා බලාපොරොත්තු විය හැකි දේශපාලන අනාගතයක සුබදායී සිහින දකින්න උත්සාහ කරනවා. ඒ යෝජනාව කරන්නෙ ජවිපෙට හෝ පෙසපට එයින් බැහැරව සිටිමින් තමන්ගෙ විවේචනාත්මක සහයෝගීත්වය ලබා දෙන පාර්ශවයන්.
ඒත් මේ පක්ෂ වෙනුවෙන් එකිනෙකින් වියුක්තව දැඩිව පෙනී සිටින සමහර කණ්ඩායම්වල ක්රියාකාරීත්වය මේ වගේ එකඟතාවයකට කිසිම විදියක සූදානමක් නැති එකිනෙකා අතරෙ පසමිතුරු ආකල්ප පෝෂණය කරන විදියෙ ප්රවේශයක් විදියටයි දකින්න පුළුවන්. - ඒක එකිනෙකා අතරෙ විවේචනාත්මක දුරස්ථබවක් පවත්වා ගැනීම උදෙසා කරන දෙයකට වඩා එකිනෙකා විනාශ කිරීමේ වෛරී චේතනාවකින් කරන දෙයක් කියලයි ඊට පිටස්තරව ඉන්න නිරීක්ෂකයෙකුට පේන්නෙ. මම ෆේස්බුක් වගේ තැන්වලත්, ගෝල්ෆේස් අරගල බිමේම සමහර අවස්ථාවලත් මේ ප්රවණතාවය එළිපිට රඟදැක්වෙන විදිය දැකලා තියෙනවා. විශ්වවිද්යාල වල එකිනෙක පක්ෂ වලට සහයෝගය දෙන ශිෂ්ය සංගම් වල ක්රියාකාරීත්වය ඇතුළෙත් තමන්ගෙ ප්රතිවාදී අනෙකා විදියට එකිනෙකාව සැළකීමේ මේ ආකල්පය ගැටුම් හරහා ප්රකාශයට පත්වෙනවා. හරියටම ජිජැක්ගෙ ස්ලෝවේනියානු ගොවියගෙ ආකල්පය සමාජය තුළ තමන්ගෙ ක්රියාකාරීත්වය ප්රකාශයට පත්කරන දේශපාලන විඥ්ඥාණයේ මූලය බවට ඔවුන් පත්කරගෙන තියෙනවා වගේ. මේ වගේ ක්රියාකාරීත්වයක් තමන් පෙනී සිටින පක්ෂයටම කරන්නෙත් හානියක් කියල ඔවුන්ට නොතේරෙනව වෙන්නත් බැහැ.

No photo description available.


Nihal Ananda

unread,
May 20, 2022, 12:47:35 PM5/20/22
to INDRAKA group
මෙහෙම එව්වත්....... ෆෙස්බුකි යේ ඉඳ හිට දකිනවා ......
ජවිපෙ / ජනබලවේගය විසදුම් වැඩ පිලිවෙලවල් වල නම් දකින්න නැහැ  .....
ඒ ගොල්ලෝ මේ වගේ පොඩි පොඩි  දේවල්  වලට උනන්දු නැහැ වගේ ......


image.png

Nihal Ananda

unread,
May 31, 2022, 12:28:00 PM5/31/22
to INDRAKA group
හරයක් ඇති අදහස් , සංයමයකින් ඉදිරිඅත් කරන...... , 
හොඳ සංවිධාන ශක්තියක් කථිකත්වයක්  ඇති, ජනතා නායකයෙකි.......


Nihal Ananda

unread,
Jun 1, 2022, 4:58:28 AM6/1/22
to INDRAKA group
මේ කාරණය ගැන, සිතා බැලීම වටී .......

ජවිපේ දේශපාලන සන්නිවේදනය!!!
====================
ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන සන්නිවේදනය සම්බන්ධයෙන් ඇත්තේ අතිශයින් අසම්පූර්ණ අවබෝධයකි. ඇතැම් අංශවලින් එය සන්නිවේදනය අතින් අතිශය පොහොසත්ය. උදාහරණයක් වන්නේ අනුර කුමාර විසින් පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත රාජ්ය මට්ටමේ මහජන අරමුදල් අවභාවිතය ගැන කරන එළිදරව් කිරීම්ය. එහෙත් සිය ප්රතිපත්ති සම්බන්ධයෙන් කරන සන්නිවේදවය අතිශයින් දුර්වල වේ. හොදම උදාහරණය පසුගියදා සිය පාලනයක් යටතේ විදේශ ශ්රමිකයින් ගෙන් ඩොලර් ගෙන ඒන ගැන කළ ටිල්වින් කල ප්රකාශයයි. මගේ ප්රශ්න කිරීම යොමුවන්නේ මේ මගින් ඩොලර් ගෙන ආ හැකිද නැද්ද යන්න ගැන නොව ඒ කරුණ සන්නිවේදනය කළ ආකාරය ගැනයි. මෙවැනි ප්රතිපත්තිමට දේ සන්නිවේදනය ගැන තවමත් ජවිපෙ අධිපත් මාදිලිය වන්නේ “රට හදන්න අපේ ප්රතිපත්ති“ මැයෙන් 1980 ගණන්වල මුල රෝහණ විජේවීර විසින් කරනු ලැබූ ප්රසිද්ධ දේශනයයි. ඒ මාදිලිය දැන් සන්නිවේදන ක්රමක් ලෙස යල් පැන ගොස් ඇත. එය පක්ෂ කාඩරයට ආකර්ශනීය වන්නේ වුවද සෙසු පිරිස් වලට ආකර්ශනීය නොවේ.
Athulasiri Samarakoon, Bentha Max and 283 others
73 Comments
39 Shares





image.png

Nissanka Rajapaksa

unread,
Jun 1, 2022, 7:57:55 AM6/1/22
to ind...@googlegroups.com
//හරයක් ඇති අදහස් , සංයමයකින් ඉදිරිඅත් කරන...... , 
හොඳ සංවිධාන ශක්තියක් කථිකත්වයක්  ඇති, ජනතා නායකයෙකි.......//

එතකොට 31,000 කට එහා ෆලෝවස්ල ඉන්න චින්තන ධර්මදාසට වරදින්නෙ කොහොම ද? 🤔

---------------------------
ඔය වවාගනිං වවාගනිං කියන කතාව හෙන moda කතාවක්. ආහාර හිගයට ඕකෙන් කිසි පිළියමක් ලැබෙන්නෙ නෑ. හිඟයක් තිබ්බත් නැතත් ඔහේ කියලා පුරුදු ගෙදරදීම වවාගැනීමේ බයිලාව හැමෝම ඔහේ ගහනවා. මිනිස්සුත් ආන්න අපි කිව්වෙ කිය කිය උන් අහන්න ආස එක පිළිගන්නවා. වවනවා නම් ඒක සංවිධානාත්මක සැලසුමක් ඇති මොකක් හරි විධිමත් දෙයක් වෙන්න ඕන. මේ නිකං කියන බයිලාවෙන් වෙන්නෙ මිනිස්සු හාල් අනංමනං ස්ටොක් කරන්න අරං කලින්ම හිඟයකට යන එකයි.
- Chinthana Dharmadasa

Nihal Ananda

unread,
Jun 1, 2022, 1:12:09 PM6/1/22
to INDRAKA group
ශුභවාදී ආරම්භයක් ..........
ජනබලවේගය වෙනුවෙන්, Dr අබේසිංහ , ලාල්කාන්ත,  හරිනී A  සහභාගී වී ඇත. 

image.png

Amarasiri Gunawardena

unread,
Jun 2, 2022, 4:17:03 AM6/2/22
to ind...@googlegroups.com

Hi

ලොව පුරා දත්තයන් සළකා බැලීමේදී වාමාංශික ව්‍යාපාර සහ සටන් පෙරමුණු පෙරට එමින් පවතින යුගයක් ලෙස මේ කාලය දැක්විය හැකිනේද? ඇත්තටම අපි කරුණු සොයා බලමින් ජා ජ බ හෝ පෙ ගා හෝ සමග යම්කිසි සුහදතාවයක් ගොඩ නැගීම වග කීමක් නොවන්නේද කියල හිතුනෙ එකසත් ජාතීන්ගෙ ලොක්ක පවා චීනයේ නැගීම සහ එම ක්‍රම වෙඩහය ගැන පසසනවා දැක්කමයි. නව ලිබරල් තුත්තිරි ඇහිඳින්නේ ඇයි තුත්තිරි නැති පිට්ටනියක දුවමු! 

“මම චීනයේ සංචාරය කරන හැම අවස්ථාවක දීම චීනයේ ආර්ථිකය, සංවර්ධනය වන වේගය සහ එහි ප්‍රගතිය දැක ඇත්තටම විස්මයට පත් වුණා. ඔවුන් ඒ තරමටම ඉතාම වේගවත් ලෙසත්, ඉතාම සැලැසුම්සහගත ලෙසත්, ප්‍රගතිශිලී ලෙසත් තමන්ගේ රට සංවර්ධනය කරනු ලබමින් සිටිනවා. මම මෙතෙක් ලෝකයේ කිසි තැනක දැක නොමැති අතිශයින්ම ගතික ආර්ථිකයක් ඔවුන් විසින් ඉතා වේගයෙන් ස්ථාපනය කරමින් සිටිනවා. ඒ සියල්ලටම වඩා මිලියන 800ක් ඉක්ම වූ ජනතාවක් අන්ත දිළිඳුකමින් මුදවා ගැනීම  සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද වැඩපිළිවෙළ ඇත්තෙන්ම ආශ්චර්යයක් වගෙයි. ඇත්තටම මෙතෙක් මානව ඉතිහාසයේ ක්‍රියාත්මක වූ අතිවිශාලතම දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයට ඔවුන් විසින් සැබැවින්ම පණ දී තිබුණා. ඔව්… ඒක මම ඇස්පනා පිටම දැක්කා”.

මේ චීනයේ දිළිඳුකම පිටුදැකීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් විසින් 2019 වසරේ දී ප්‍රසිද්ධ හමුවක දී දක්වන ලද අදහසක්. දිළිඳුකම පිටුදැකීම සඳහා චීනය අනුගමනය කර ඇති ක්‍රියාවලිය පිළිබඳව පරිපූර්ණ චිත්‍රයක් මෙම ප්‍රකාශයෙන් ගම්‍යමාන වනවා. මේ වන විට සමස්ත ලෝකයම විවාදයකින් තොරව පිළිගන්නා සත්‍යයක් බවට පත්ව ඇත්තේ, චීනය විසින් සිය රටේ වැසියන් ආන්තික දිළිඳුකමින් මුදා ගැනීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන අත්‍යයන්තයෙන්ම කැපීපෙනෙන එකක් බවයි. එබැවින්, ඒ පිළිබඳව වන ඇතුළාන්ත දැනුම සොයා යෑම මෙම ලිපි පෙළේ අරමුණයි. ආන්තික දිළිඳුබව සහ චීන දර්ශනය ආන්තික හෝ අන්ත දරිද්‍රතාව නැත්නම් extreme poverty ලෙස ලෝක බැංකුව හඳුන්වන්නේ දෛනික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90ක් හෝ ඊට අඩුවෙන් ලබන පිරිස් ඇතුළත් සමාජ තත්ත්වයක්. නමුත්, චීනය මෙම නිර්ණායකය මඳක් වෙනස් කර එය දෛනික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2.50ක් දක්වා ඉහළ අගයක රඳවා තිබෙනවා.

DAG


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nihal Ananda

unread,
Jun 3, 2022, 2:54:36 AM6/3/22
to INDRAKA group
ජනබලවේගය සහ ‍පෙරටුගාමින් අතර සාකච්චා සහෝගය ගොඩ නැගීමට ....... චීනයේ දරිද්‍රතාවය තුරන් කිරීම , අදාළ වන්නේ කෙසේ දැයි ..... (මට නම්) පැහදිලි නැත ! .
මේ thread එක ජනබලවේගය ගැන නිසා ,සහ ජනබලවේගයේ ප්රතිඅත්ති, ක්‍රියාමාර්ග, නායකයන්ගේ අදහස් කතා , වර්තමානයට /ඉදිරි අවුරුදු 2 ට ද වැදගත් වන නිසා .....ඒ ගැන පමනක් මෙහි අදහස් දක්වමු. 

චිනය ගැන කතා කිරීමට වෙනත් ත්රෙඅඩ් කිපයක් ම ඇත. අවශ්‍ය නම් අලුත් එකක වුව ආරම්භ කල හැකිය. 
එම thread එකෙහි සාකච්ජ්චා කිරීමට අදහසක් ..... 
චීනයේ සමාජවාදී විප්ලවය සිදු වුයේ මා ඔ සේතුන්ග් ගේ ප්රධානත්වයෙන් 1945-49 පමනය. 
1990 පමන සිට චීනය , ඒ දක්වා රජය සතු කර්මාන්තශාලා දේපල පව්ද්ගලික ව්යාපාරිකයන්ට පවරා/ විකුණා, පව්ද්ගලික ව්යාපාර වර්ධනයට ඉඩ සලසමින්.......සමාජවාදයෙන් ධනවාදීයට මාරු වී ඇත. 
2019 වන විටත් කතා කරන්නේ .... ආන්තික  දර්ද්‍රතාවයෙන් , චීන ජනතාව ගලවා ගැනීම ගැන නම්......, 45 න් ආරම්භ වී සමාජවාදී ක්‍රමය / 90 න් ආරම්භ වූ ධනවාදී ක්‍රමය, චීනයේ  ක්‍රියාත්මක වන ආකාරයේ  ලොකු අවුලක් ඇති බව නොපෙනේ ද ?

Nihal Ananda

unread,
Jul 11, 2022, 4:48:21 AM7/11/22
to INDRAKA group
ජනාධිපති ධුරයට අගමැති ධුරයට ,සාකච්චා ගැන යෝජනා වන නම් ගැන, මගේ  ෆේස්බුක් wall  එකේ සෑහෙන්න දකින්න ලැබුනා. අද දිනයේ ,  හෝ ගාලා සාකච්ඡා, වාද විවාද, deals ,negotiations  යනවලු.
 මේ තනතුරු දෙකටම අනුර කුමාර දිසානායක ගේ නම ත් යෝජනා වී තිබෙනවා. 
මේ කරුණ  ගැන.... ඔපිනියන් එහෙම කොහොමද ? 

මගේ ඔපිනියන් නම් ......අනුර කුමාර,  මේ තනතුරු හෝ කැබිනට් තනතුරු බාර නොගත යුතුය
(ජනබලවේගය  thread එක නිසා , ඒ කරුණ ගැන පමනක් මෙහි කතා කරමු.)
උනන්දු  කෙනෙක් සිටිනවා නම් .... තව දුරටත් කතා කරමු. 

image.png
image.png

Nissanka Rajapaksa

unread,
Jul 11, 2022, 8:40:40 PM7/11/22
to INDRAKA group
 එකඟයි.  
ඔහු කලින් කිව්වා වගේ ඔවුන් කැමති කැබිනට් එකක් පත් කරගන්න හැකිනම් පමණක් යමක් කළහැකි වේවි.

Nihal Ananda

unread,
Jul 12, 2022, 12:23:34 AM7/12/22
to INDRAKA group
මේ ගැන, වැඩි දුරටත්  කතා කරන එක ,,,,,,, දැන් වන විට  අනවශ්යයි !. 

මේ කාරණය මතු කලේ , facebook opinion  කිපයක් දැකලයි. 
ඒවා වල සඳහන් වුනේ ... සජිත් අනුර ඩලස්, චම්පික .... වගේ නම්. 
මේ වන විට රනිල් වික්‍රමසිංහත් සටනට අවතීර්ණ වෙලා ...
ඒ වගේ දක්ෂ කෘතහස්ත තරන්ගකරුවෙක් එක්ක .... මේ ගොල්ලන්ට හැරෙන්නවත් බැහැ .
ඒ හින්දා , වෙන වෙන option ,  කතා කරන එක තේරුමක් නැහැ. .....!!

Amarasiri Gunawardena

unread,
Jul 12, 2022, 3:03:37 AM7/12/22
to ind...@googlegroups.com
Hi

මම නම් කියන්නෙ ඔය කුණුහබ්බ ව්‍යවස්තාවත් එක්ක හැප්පෙන්න කෘතහස්ත මෑන්ටත් බැරිවුනා නෙ ...කොහේ හරි ඉන්නවද ඒකට ගැලපෙන චරිතයක්? ඉලන්චේලියන වගේ විනිසුරුවෙකු ගැලපෙන්ව කියත හැකි, මොකද ඒ මනුස්සය නීතිය දන්නව සල්ලි බලය හෝ ප්‍රභූ මගුල් සතේකට තකන්නෙ නෑ. සුමන්තිරන් සමහර විට හොඳ වෙන්න ඉඩ තියෙනව! මේ යෝජනා වලත් බලන්නෙ පර්ලිමේන්තුවෙන්ම පත් කරන්න එහෙම වෙන්න ඕන නැහැනෙ? 
DAG

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nihal Ananda

unread,
Jul 25, 2022, 9:33:10 AM7/25/22
to INDRAKA group
ජවිපෙ...... දැන් මැතිවරණ සටන් පාටය ඉස්සරහටම අරගෙන .....
දැන් අර ජනතාවට සහන සලසන, මාස 6 සර්ව පාක්ෂික ආණ්ඩු කතා නැහැ ....
මැතිවරණ ගැන .... ජනබලවේගය ටත් සහාය දෙඅ අමරකීර්ති ගේ අදහසක් ...
official line එකට ටිකක් වෙනස් ,  sensible අදහසක් ..

image.png
ඡන්දෙයක් විතරක් ඇද්ද?
මේ පෝලිම් කරදර ටිකක් අඩු වෙලා, ජනතාවට විවේක බුද්ධිය තරමක්වත් ඇති වුණාම ඡන්දෙයක් එනවට මමත් කැමතියි
ඒත් මෙහෙම ඒ නිසාම ප්රජාතන්ත්රවාදය ඇති වෙනවාද?
මෙහෙම වුණොත්?
1. කලින් වගේම විශාල ධනවතුන් චණ්ඩි විශාල ප්රමාණයක් හැම පක්ෂෙන්ම ජය ගැනීම( ජනප්රිය වචනවලින් ඔවුන් හඳුන්වන්නේ කුඩුකාරයා, බාර් කාරයා, පස් කපන්නා, කැසීනෝකාරයා වැනි වචනවලින්)
2. වාහන සීයක් දෙසීයක් දිස්ත්රික්කය පුරා බස්සන්න පුළුවන් අය ජය ගැනීම (මේ පිරිසට ඉහත අය සියලු දෙනාද ඇතුළත් විය හැකියි)
3. මැතිවරණ සටන අවසන් වන තෙක් තමන්ගේ ගෙදර කොච්චරක් දෙනාට වුවත් කෑමබීම දෙන්න පුළුවන් අය විශාල මනාප ලැබීම (මේ අය ඉහත අයම වෙන්නත් පුළුවන්)
4. බලවත් ඇමතිකමක් ගත් පසු පෙරළා උපකාර කරන පොරොන්දුව පිට නොයෙක් දෙනාගෙන් ලක්ෂ පහේ සීට සීය හමාර දක්වා ඉල්ලා ගත හැකි අය ජය ගැනීම.
5. යම් ක්ෂේත්රයක සිටින සේවකයන් ගුරුවරු, විශ්වවිද්යාල අනධ්යයන සේවකයන්, වරාය සේවකයන් ආදී විශාල පිරිසක් බය ගන්වා ගත හැකි අය ( ඉහත අංක යටතේ සිටින අය මෙහිද සිටිය හැකියි) මනාප ලැබීම.
6. සිරස, හිරු, ජාතික, ස්වාධීන ආදී චැනල්වලින් පැමිණ විවිධ පක්ෂවලින් නාමයෝජනා ලබා ඒ ඒ චැනල්වලින් ප්රචාරණ උපකාර ලබන අය ඉහළින් මනාප ලැබීම (සිරසට 3යි, හිරුට 2යි, ජාතිකේට 2යි යනාදී වශයෙන් ගියොත් එතනම 10ක් විතර)
7. ජනප්රිය ටෙලි නළුවන් හා නිළියන් ඉහළ මනාප ලැබීම (මම ටෙලි නාට්ය නොබලන නිසා දුටුගැමුණු, විහාරමහාදේවි වැනි ටෙලි චරිත ඇති නාට්ය මේ දිනවල තියෙනවාද දන්නෙ නෑ)
8. විශ්රාමික ක්රිකට් ක්රීඩකයො දෙන්නෙක් ජයගැනීම
9. විශ්රාමික හමුදා නිලධාරීන් දෙන්නෙක් තුන්දෙනෙක් ප්රධාන පක්ෂ හෝ අලුත් පක්ෂවලින් ඉදිරිපත්ව ජය ගැනීම.
10. ඉන්න සහ හිටපු ඇමතිවරුන්ගෙ දරුවො 10ක් 15ක් නිකම්ම වාගේ තේරී ඒම.
11. දිස්ත්රික්කයේ තමන්ගේ කුලයේ ඡන්ද කුට්ටිය ගෙඩිය පිටින්ම දිනාගත හැකි අය උඩින්ම පැමිණීම (මහින්දානන්ද වගේ අය)
ඔය ලිස්ට් එක තව දික් කළ හැකි. ඉතින් මැතිවරණයක් විතරක් තිබිලා ඇතිද?
ව්යූහමය වශයෙන් අපි සහ රට පියවරක්වත් ඉදිරියට යනවා නම් ඉහත ලැයිස්තුවල අය ඒවායෙහි කියවුණ කාරණා නිසාම පමණක් (ඒවා නිසාම පමණක් ) පාර්ලිමේන්තු එන එක වළක්වන්න ඕනෙ නේද? මැතිවරණයට කලින් එවැනි ප්රතිසංස්කරණ කර ගැනීමේ උපායශීලිත්වය යම් හෝ ප්රගතිශීලිත්වයක් ඇති සියලු මන්ත්රීවරුන් තුළ පවතීවා.
https://www.facebook.com/liyanage.amarakeerthi/posts/pfbid023kDMR8uoPewMF1uoJHvypvY9e5SiqmTrYtWn1oiQkpsNdzJp3XY1jpGEEadKgiisl

Amarasiri Gunawardena

unread,
Jul 28, 2022, 5:54:28 AM7/28/22
to ind...@googlegroups.com
Hmm 

සමාජයක් තුල පවතින සංස්කෘතික සමාජ විද්‍යාත්මක සහ ඉතිහාසමය කාරණා සමග දේශපාලනය පෙළ ගැස්වීම සඳහා කටයුතු නොකොට සමාජ මාධ්‍ය තුලින් කෙලි සෙල්ලම් කරන එකෙන් කුමක් සිදුවේද යන්න සමාජ විද්‍යා සමීක්ෂණ තුලින්ම සොයා බලා තේරුම් ගත යුතුවා ඇති  

DAG

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Amarasiri Gunawardena

unread,
Sep 4, 2022, 4:03:03 AM9/4/22
to ind...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages