





කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික කුමාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය තම රෝහලේ සිදු කරන ලද මූලික පරීක්ෂණණ වලදී ඉහල සාර්ථකත්වයක් පෙන්වූ බව වතුපිටිවල මූලික රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ධම්මික කුමාර මහතා සදහන් කරයි.
බාහිර ඖෂධයක් ලබා ගැනීමට තම රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ඉල්ලීම අනුව රෝහලේ ආසාදිත රෝගීන් 143කුට අදාළ ඖෂධය ලබා දීමට කටයුතු කළ බවද වෛද්‍යවරයා පැවසීය. එම පුද්ගලයන්ගෙන් 10 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කල බවත් ඔවුන් දස දෙනාගේම වෛරසය ඉවත් වී ඇති බව හෙලි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
එම ප්‍රතිඵලය මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අවසරය මත ආසාදිතයන් 50 ක නියැදියක් සමාන කාණ්ඩ 2කට බෙදා 25 දෙනකුට එම ඖෂධ ලබා දුන් බව පැවසූ වෛද්‍යවරයා අනිත් 25 දෙනාට ඒ හා සමාන පැණියක් මත්පැන් ලබාදුන් බවද පැවසීය.
අනතුරුව ඔවුන්ගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා මහරගම රෝහලටත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයක් යොමු කළ බවද නමුත් නියමිත පටිපාටියෙන් බැහැර බව කියමින් වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කල බවද ඔහු පැවසීය.
නමුත් මහරගම රෝහලට ලබාදී තිබු ජීව සාම්පල 32 තුල තිබූ අසාදිතයන් 16 දෙනාගේ කොරෝනා වෛරස ඉවත් වී තිබූ බවත් වෙනත් පැණි ලබා දුන් දෙදෙනෙකුද සුව වී තිබූ බවත් වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කළේය



කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මැඩලීම හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂණයක් සිදුකර නැතැයි රජයේ වෛද්‍ය ධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ එම රෝහල් අධ්යක්ෂවරයා ඒ බව සනාථ කරන බවයි.
එහිදී සිදු වුයේ ඇතැමකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය ද ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද ඒ මහතා පැවසීය. අනවශ්‍ය ලෙස මේ මත විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන . ......................................................................................................................................................
කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.
කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.
‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAOvZebjJZqFC%2BZapObW7ZwyBxP8ce3q%3DuwuDoZAi0bBMpG-MqA%40mail.gmail.com.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනය සඳහා හඳුන්නා දුන් පැණිය මුළුමනින්ම වංචාවක් බව වෙන්ඩෝල් ලංකා සමාගම සභාපති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.
එකී පැණිය පානය කළ අයගේ මුළු ශරීරෙය්ම දැන් විස ඇති බවත් වහාම ඒ විෂ ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.
මෙම පැණිය පානය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාද බරපතල අනතුරක බවත් ඔහු කියා සිටී.
ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නැති බවත් රත් කල මී පැණි වස වන බවත් ඔහු පවසයි.
එමෙන්ම සාදික්කා භාවිතා කිරීමද තනිකරම වසක් බව ද ඔහු කියා සිටී.
මෙම කටයුත්තට ආයුර්වේද ඇමතිවරයා සහ කොමසාරිස්වරයා වක කිවයුතු බවත් මෙය මුළු රටක් නොමඟ යවන මාධ්‍ය සංදර්ශනයක් පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.
මෙම වංචාවන්ට තවදුරටත් ඉඩ නොදිය යුතු බවත් ඒ මහතා කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
තමන් විසින් දැනට සතියකට පමණ පෙර කොරෝනා සදහා යොදාගත හැකි ආයුර්වේද ඖෂධයක් ‘සුදර්ශණ චූර්ණය’ නමින් හදුන්වා දුන් බවත් එය ඉතා හොදින් වෛරසය නසා දමන බවත් ඔහු එහිදී පැවසීය.
තමන්ගේ ඖෂධයේ පර්යේෂණ පත්‍රිකාව අන්තර්ජාලයේ ඇති බවත් ඉන්දීය රජය විසින් අනුමත කර ඇති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
Dear Indraka Members,
I have been reading the postings in this forum which are relevant to my interests & If I could digest them. Now I am retired & hence thought of contributing to the forum by writing & responding.
Hera, when I talked to you a few days ago, you expressed the same opinion on the people or institutions voicing against the “Corona Paniya”.
What you say is “we tolerate the frauds committed by the educated, professionals but we talk against the same sins committed by un educated people. I think (interpret) you are trying to highlight this as a hypocrisy of the society (or individuals).
This is my 10 cents worth thoughts on this.
1. It is true that we are somewhat desensitized to the frauds committed by people from professional background. It may have become a norm to a certain level. This is what Hera & Nirmal are highlighting.
2. But on the other hand, anyone has the right to select what they want to criticize based on their interest, timely nature of the issue & understanding on the gravity of it (some frauds could be much worse than the others) etc. If you want to criticize any wrong doings by people from higher echelon, you could do that (Warning: there may be a risk of having to go in white van, if the people being criticized are connected to politicians!).
Coming back to the subject, I don’t think Hera & Nirmal are comparing “apple to apple” with hypocrisy.
1. The current situation due to pandemic is really dangerous & will directly impact on the health of thousands of people. This is a pandemic of once in a century (similar to Spanish Flue) & the fraudulent cures for the pandemic can cause unprecedented harm on people.
2. The encouragement given to this “cure” by some institutions could mislead the public to believe this as a good solution. Hence it is timely to highlight the potential danger of it.
3. If someone is criticizing the fraudulent acts done by uneducated people but supporting similar frauds of the people from upper echelon, that is a hypocrisy. In this particular case, if someone is criticizing the “Corona Peniya” but supporting or not opposing a similar cure by Medical professional (without any research & testing), that is hypocrisy.
----- Original Message -----From:ind...@googlegroups.comTo:"INDRAKA group" <ind...@googlegroups.com>Cc:Sent:Tue, 15 Dec 2020 20:46:00 +0530Subject:[indraka] Re: කොරෝනා පැණිය ..........
පහතින් දැක්වෙන්නේ .... මේ සිද්ධිය ගැන නිර්මාල් දේවසිරි ලියා තිබු සටහනක් .......(මටත් නම් අහන්න තියෙන්නේ , මේ ප්රශ්නය තමයි !)විශේෂන්ඝ දොස්තර, GMOA දොස්තර, නිතින්ඝ attorney , ඉංජිනේරුවෝ වගේ professionals ලා ත් ....ගානක් හොයා ගන්න, ප්‍රසිද්ධිය/ කිර්තිය ලබා ගන්න , මහජන මුදල් ගසා කන්න ....රජය දේශපාලකයන් නිලධාරින් සමඟ එක්ව හෝ 'අන්දමින්' කරන වැඩ ...මහජනයා රවට්ට්ටමින්, නොමඟ යවමින් කරන වැඩ ....එක්ක බලපුවාම ...මේ මේසන් බාස් වැඩේ ...... ලොකු අවුලක් තියෙනවා ද ?
//......ආණ්ඩුකරණයේ සිට වෛද්‍ය ශිල්පය දක්වා සියළු දේ ජාවාරම් වී ඇති විටෙක බෙහෙතක් හැදීමෙන් ගාණක් සොයා ගැනීම හෝ ප්‍රසිද්ධියක් ලැබීම ප්‍රශ්නයක් වන්නේ කෙසේද?.....//
1
Like
[@nissanka ...... මේ ගැන හොඳ facebook meme 's , නිර්මාණ ඇති නේද ?]
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS1skyqtO363WNs68uV2DOBYHnDW7DopF3ekWT70vW6x6Q%40mail.gmail.com.

කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය අද දිනයේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කරන ලදී. ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙතද එම ඖෂධය පූජා කිරීමට කටයුතු කරන ලදී.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කළේ මෙම ඖෂධයෙන් රටේ ජනතාවට සේවයක් වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවයි. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ටද ඖෂධය පිලිගන්වන ලදී.
පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම ඖෂධය දළදා වහන්සේට පූජා කිරීමට කටයුතු කළේ ඉන් රෝගීන් සුව වන බව ප්රත්යක්ෂ වූ නිසා බව ද බවයි. ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම ඖෂධය ලබා දීම සදහා ඉක්මනින්ම නිර්දේශ ලැබේ යයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ලොව කිසිඳු එන්නතකට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තෙක් කිසිදු කොරෝනා මර්ධන එන්නතක් මෙරටට ගැනීමේ හැකියාවක් නැති බවයි. කොරෝනා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබීමට තව මාස තුනක්වත් ගතවනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
දැනට කොරෝනා මර්දනයට සඳහා ඉදිරිපත් වී ඇති එන්නත් අතරින් ඉදිරියෙන්ම සිටින ෆය්මර්, මොඩානා, ඔක්ස්ෆර්ඩ් යන එන්නත් 95% ක සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ද ඇය කියා සිටියාය. නමුත් මෙම එන්න සියල්ල පවතින්නේ තවමත් පර්යේෂණ තත්වය යටතේ බවත් එංගලන්තය රෝගීන්ට මෙම එන්නත ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියට යටත්ව බවද ඇය කියා සිටියාය.




තමන් ආයුර්වේද හෝ දේහීය වෛද්‍යවරයෙන් නොවන බව කොරෝනා සදහා ඖෂධයක් හදුන්වා දුන් කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා සදහන් කරයි.
තමනට මෙම හැකියාව ලැබුනේ කාලි මෑණියන්ගේ වරමකින් බවත් එම පලාතේ ජනතාව තමනට කියන්නේ ‘මෑණියෝ’ ලෙස බවත් ඒ මහතා පවසයි.
වෛද්‍යවරයෙක් නොවන තමනට ඖෂධය ගැන අදහසක් ආවේ වරම නිසා බවත් ඖෂධය හදන්න පටන් ගත්තේ ඉන් පසුව බවත් ඔහු තව දුරටත් පැවසීය.
අන්තර්ජාල නාලිකාවක් සමගින් ඔහු මෙම අදහස් පල කර ඇත.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය. නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය. ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.
බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය. ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය. නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය. තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයා ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය. බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයා ගේ ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිතයේ යෙදෙමින් ෆයිසර් එන්නත හේතුවෙන් දෙදෙනෙකු ආසාත්මිකතාවයන් නිසා මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. තවම එම එන්නත් ඇත්තේ පරයේෂන මට්ටමේ නිසා අප ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිතා කරන ලද කිසිවකු මේ වන තෙක් මියගොස් නැති බවත් පැණි පානය කලාට මිය යන්නේද නැති බවත් ඒ මහතා කීය. නමුත් එන්නත් සම්බන්ධයෙන් ඇති විශ්වාසය අඩු කර ගෙන නැති බවත් ඒවා නියම පරිදි සංවර්ධනය විය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
----- Original Message -----From:ind...@googlegroups.comTo:
<ind...@googlegroups.com>Cc:Sent:Wed, 16 Dec 2020 09:43:47 +1100Subject:Re: [indraka] Re: කොරෝනා පැණිය ..........
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/866cd1f815eb69d2b9295ee40a6e0692da97d4da%40webmail.optusnet.com.au.


දෙවැන්න, සෞඛ්‍ය අමාත්‍යංශයට හා ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට ය. මේ වෛද්‍යවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් එම බලධාරීන් පියවර ගන්නේ ද? එසේ නොගන්නේ නම් ඒ මන්ද? මෙය වැරදි පූර්වාදර්ශයක් නොසපයන්නේ ද? අනෙත් පැත්තට මේ කියන විදිහට පාලක පරීක්ෂණයක් ද ඇතූළුව පරීක්ෂණ ගණනාවකින් මෙය සනාථ වී නම් මෙය නිර්දේශ නොකරන්නට හේතු මොනවා ද? ඒ පරීක්ෂණ ගැන වෛද්‍ය ක්ෂේත්රයේ මතය කුමක් ද? කරන ලදැයි කියන පර්යේෂණ සම්බන්ධයෙන් මෙසේ මුණිවත රැකීම ඒ පරීක්ෂන වල සුජාත භාවය සමාජ ගත කිරීමක් නොවන්නේ ද?
තුන්වැන්න, සෞඛ්‍ය ඇමතිනියට ය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන තෙක් නොඉඳ දෙනෝ දාහක් ඉදිරියේ මේ පැණිය බීමෙන් සිදු කළ වගකීම් විරහිත ක්‍රියා කලාපය ගැන පසුතැවිල්ලක්වත් ඇයට තිබේ ද? ඒ සම්බන්ධයෙන් ඇය මුණිවත රකින්නේ මන් ද?
සිව්වැන්න, මාධ්‍ය වලට ය. පරීක්ෂණ ප්‍රතිඵල තහවුරු කිරීමට මත්තෙන් අඩබෙර ගසා මහා ප්‍රවෘත්තියක් සේ ඉදිරිපත් කර ලකුණු දමා ගැනීමට හදන ජඩ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ය. ඔවුන්ට අවම මාධ්‍ය සදාචාරය ගැනවත් හැඟීමක් නැද්ද? මාධ්‍ය සම්බන්ධයෙන් තම කලකිරීම මෙසේ ප්‍රකාශ කළේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය. “කෑගල්ලේ පැණි බෙහෙත් ගන්න මිනිස්සු යන හැටි දැක්කම කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කතා කිරීමට යන මහන්සියත් අපරාධයක්. මේ සියල්ල සිදුවන්නේ මාධ්‍ය වලින් කරන ප්‍රචාර නිසා. දැන් රූපවාහිනියෙන් නම දා ගැනීමට තිබෙන ලේසිම ක්‍රමය එක්කෝ මෝඩ වැඩක් කිරීම, එසේත් නැතිනම් සම්මතයට විරුද්ධ දෙයක් කිරීම. මොනවා හරි බෙහෙතක් තියෙනවා ඒකෙන් හොඳ කරන්න පුළුවන් කිව්වම ඒකට ප්‍රචාරය දෙන මාධ්‍ය කලාවකට සම්බන්ධ වීම තේරුමක් නැහැ”.
පස්වෙනුව, මේ රටේ ඉන්නා ඊනියා ජාතික වාදීන්ට ය කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කවුරු හෝ යමක් දේශීයව නිශ්පාදනය කළා යැයි කී පමණින් ඔ්ජේ ඔජායේ කියන්නට සැදී පැහැදී සිටින ජාතික වාදීන් ටය. ඔවුන්ගෙන් ඇසිය යුතු ප්රශ්නය නම් ජාතියක් මෙසේ ෂෝට් කට් වලින් ගොඩ දාන්නට හැකි ද කියා ය. අන්තිමේ දී මේ සියල්ලෙන් වන්නේ ලෝකය ඉදිරියේ උඩ දමන්නට හදන ජාතිය ම හෑල්ලුවට පත් වීම නොවේ ද කියා ය.
සයවෙනුව, ඔ්නෑම රැල්ලකට ගොඩ වී ඒ හරහා තමන්ට විමුක්තිය ලැබිය හැකි යයි සිතන ජනතාවට ය. කිසිදු විශ්ලේෂණයක් නොකර සම්පූර්ණ චිත්‍රය නොබලා හොඳ වෙනවා නම් මොකකින් වුවත් කමක් නැතැයි යන සරල තර්කයේ එල්ලී අපේ දේ ගොඩ දමන්නට ඔ්නෑ ය යන පටු ආවේගයේ ගැලී වංචාකාරයන්ට උඩ ගෙඩි දෙන ජනතාවට ය. දොළුකන්දෙන් මීවැල්ලෑවෙන් කතරගමින් පනසල් වල බුදුරැස් නැරඹීමෙන් යන කිසිදු අත්දැකීමකින් පාඩම් නූගත් ජනතාවට ය. ඔවුන්ගෙන් අසන්නට තිබෙන්නේ බළලා පිඟන් මැට්වෙන් කළත් මීයන් අල්ලනවා නම් මොකදැයි අසන බක පණ්ඩිතයන්ගෙන් පිඟන් මැට්ටෙන් කළ බළලුන් මීයන් අල්ලනවාදැයි නොඅසා ඒකත් ඇත්ත නොවේදැයි කියා සිතමින් තමන් කල්පනා කරන්නේ කුමන මොළයකින් ද කියා ය.
If you are interested in reading management in SINHALA please click the link belowSupem, It's really worth ideas. Not 10 cents but many many...........more . Thanks

කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය. මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝ කයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.
එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS1dvxZWCsMDByKdAYav2T3hqbky_M3q0sm-MctTOeMtaA%40mail.gmail.com.
The author has tried to touch so many areas in his article but they are all connected with the topic.
Interesting to see the information about the bats.
From this article, I infer that the Author agrees with what is mentioned in ODISHAbytes (quoted “BUT, in order to prevent future pandemics should we destroy bats??”) ie Bats as the origin of the Covid-19. It is claiming the human intervention on the echo system could cause mutation of harmless virus to more virulent forms.
The above statement is based on the assumption that Covid -19 was originated from wet markets. But still no- body knows the origin of the virus with certainty. The theories for the moment (apart from conspiracy theories) are wet markets, virus jumping from biological laboratory (from Wuhan or some other place in the world).
When we have a failure in the industry, we do a detailed failure investigation/ Root cause analysis to understand the root cause so that recurrence of similar failures could be prevented. During my career, I was involved many failure analysis.
Considering the magnitude of the damage caused by the pandemic (millions of deaths & Trillions $ financial impact), it is very important to understand the origin & the root causes of the pandemic.
Recently Australian PM requested for an investigation of the origin of the pandemic (going in line with Trumps claim on "Chinese virus"). That statement, along with several other issues such as banning Huawei 5G technology (Australia was the first country to ban it) & criticism of China on South China issue, China waged a trade war with Australia. This is causing a huge financial impact on Australian market of Coal, grain, timber, Wine & lobster. Eventhough the intention of Australian govt request is to satisfy USA interests, the request for investigation of the pandemic has some value in it.
Cardinal Malcolm Ranjith has made a couple of requests to investigate the origin of Covid-19, the latest one was made to the people in a church in Kandana during the X Mas mass. (https://www.companynewshq.com/coronavirus-news/archbishop-calls-to-investigate-source-of-covid-19/amp/)
I was wondering why he is telling the people in church about this rather than using his connection to Pope or Gota to influence UN!
Finally, I don’t think that we will be able to find the origin of the virus or the root causes behind the pandemic. After so many lives & economic loss, it would be added to the history only with some statistics on the losses.
----- Original Message -----From:ind...@googlegroups.comTo:<ind...@googlegroups.com>Cc:Sent:
Thu, 31 Dec 2020 10:25:05 +0530
Subject:Re: [indraka] Re: කොරෝනා පැණිය ..........
පැණිය මෙන්ම වෙනත් බොහෝ කරුණුද සහි ලිපියක්.
Pandemics, Bats, Mythology, Spiritualists, Charlatans, Politicians, And Media Rats
වැදගත් යැයි සිතුන නිසා ඇමුණුමක් හැටියටත් අඩංගු කළා.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD2E_QJMcQV3E53aa9_Ba7hPjZQyewSz%2BjM1kFpf1KZ6isji-w%40mail.gmail.com.




