








--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS2p_6OuEvDm0m8coC9vBAWHTETNLQz1DAzTbC3Kfx25kA%40mail.gmail.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAMtVU1efm9gXGbGAPz8Ub8iwO2Jx789RLvN9EwE4vCNN35__mA%40mail.gmail.com.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS3GXFDimR2_BNhEmUkwbpjm7YxDhdbmO553ZoK5oe7utQ%40mail.gmail.com.
මේ පොස්ට් එක මම දැක්කේ කමලේ ගේ මුහුණු පොතේ ( Mother Lanka එකෙන් උපුටා ගත් එකක් ). මෙය දුටු විට මට එක්තරා කම්පනයක් ඇතිඋනා. ඒ නිසා මට හිතුනා මේක ඉන්ද්‍රක සාමාජිකයන් සමග share කරන්න.
මේ පොස්ට් එකේ තියෙන කරුණු ගැන ඔබ දරන අදහස් දැන ගන්න කමතිය් .
1. මේ කරුණු ඇත්තද? එසේ නැත්නම් මේවා අතිශෝක්තියෙන් හෝ දේසපාලන වාසි සදහා පලකරන අදහස්ද ?
2. මේ පොස්ට් එකේ තියෙනවා, ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ඉතා කලකිරීමක් තිබෙන බව. අප දන්නා අය අතරේ එය කොතරම් පොදු හැගීමක්ද?
3. අවසාන ලෙස , මේ ගැන අපිට කල හැක්කේ කුමක්ද ? NPP එක තුලින් මෙඉන් අපට ගොඩවෙන්න පුළුවන් කියා සිතෙනවාද?
මම මේ පොස්ට් එක NPP එක සඳහා වෙන්කළ topic එක යටතේ යොමු කරන්නේ , අපි දන්නා බොහෝ දෙනෙක් දැනට ඇති මේ තත්වයට පිළියම වන්නේ JVP එකට බලය දීමයය් සිතන නිසාය.
Dear friends,
First time in my life I feel frustrated to be a Sri Lankan. I
love my country and her people. I was a proud Sri Lankan and whenever I
represented my country I kept my head high and always made a point to talk of
our beautiful island paradise that's called my home.
Today I live in anxiety not knowing what my tomorrow is!
Basic essentials which we took for granted are becoming luxury. Will there be
gas? Will there be power cuts? Will there be fuel shortages , will there be
water, will there be medications etc.etc. and the rising cost of living...Added
to it the alarming rate of robberies. The country seems living for the day.
With whatever hardships we were a nation with a pride. Where
is our pride today? All of us have become a bunch of beggers in front of the
world! We are waiting for a ship to dock tomorrow to make sure we have
electricity and fuel... Surviving for the day....then we ask our neighboring
countries for loans to survive! We mortgage or sell all our assets in the
country! Many families are going hungry. We have people who never begged in
their life knocking at doors asking for a little sugar or a little rice.
I am not a politician nor am I interested in it. That's where
we made the mistake for 74 yeras. We allow people with least education and
people without integrity to rule us coz we think it's not our business. We
didn't realise till now that decisions they make have an effect on everything.
So it becomes our business too. We are facing the consequences now!
Then there is a segment in society who are having thamashas
and celebrations like every thing is tickety boo! They care two hoots and are
totally insensitive. They little realise they too are glorified beggers.
Dear friends we have become beggers in front of the world and
now we are worst than the old day poor African nations. Sad part is we are a
literate nation with over 92% literacy. 2% of the world scientist are from this
little nation of ours. Our social indicators were in par with the developed
world.
Time to think! Do we remian beggers or do we stand up as a
nation to build it back to its glorious days. But , this stinking political
culture and the system MUST change. Green or Blue they are all the same.
Just letting out my frustration. Feel free to air your
thoughts and I would appreciate if this is not shared .No right or wrong
answers here and not insulting anyone. I as a citizen feel insulted because my
intelligence has been challanged and we have been taken for granted by a
corrupt system!
✍
'Mothers of ශ්‍රී ලංකා'.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-%2BzwK0apaNBk8h4g3kEXFdaNz6%3DPhHLdydN%3Dcf%2BSgG3vg%40mail.gmail.com.
නිස්සංක , ඔබගේ ප්‍රතිචාරයට ස්තුතිය්.
නිස්සංක කියා තිබුනා
"කමලේ කියනවා "එකම විසඳුම (වත්මන් සමාජය වෙලා ගෙන ඇති) 'පටු සංස්කෘතික මනස' පුපුරවා හැරීම පමණක්ම" බව".
මම කමලේ සමග මේ ගැන කතා කලාම මටත් ඔහූ ඉදිරිපත් කලේ මෙම අදහසම තමය් .
මේ ගැන මගේ අදහස් මෙහි පහත සඳහන් කරන්නට සිතුවා.
1. කමලේ කියන පටු සංස්කෘතික අදහස් අවුරුදු දහස් ගණනක සිට එන අදහස් , එබැවින් ඒවා බිඳ දැමීම ලෙහෙසි දෙයක් නෙමෙය් . එය සිදුවෙනවා නමුත් සෙමින්. උදාහරණක් ලෙස මිනිසුන්ගේ කුල පෙළපත් ,ආගම් වලට විවාහ වලදී දෙන priority වගේ දේවල් දැන් අඩුවෙලා. නමුත් මේ පටු අදහස් නැති සමාජයක් ඇති කරන එක විසදුම හැටියට සැලකීම, අපේ වහරේ එන නරියා , එළුවාගේ අහවල් එක වැටෙන තෙක් පස්සෙන් යාම වගේ කියලය් මට හිතෙන්නේ. වෙනසකට තියෙන්නේ එය කවදා හරි වෙන්න පුළුවන්, නමුත් තව දශක ගණනාවකින් පසු වෙන්න පුළුවන්.
2. මේ "පටු සංස්කෘතික" අදහස් තියෙන්නේ නුගත්ය කියන අය විතරක් නෙමෙය් , සමාජයේ උගත් කියා සලකන බොහෝ අයත් ඒ අදහස් වල ඉන්නවා. උදාහරණක් හැටියට ධම්මික පැණිය ආවම මම දන්නා "උගත් අය" හා මේ ගැන විමසු විට ඔවුන්ගේ අදහස උනේ අපේ පුරාන වෙද වරුන්ට තිබුණු වට්ටෝරු වලින් සහ දෙවිවරුන්ගේ බලයෙන් වෛරස් එකට ප්‍රතිකාර තියෙන්න පුළුවන් බවය් !
3. අපේ Professional අයගේ තියෙන පටු සංස්කෘතික අදහස් අද සමාජයේ status quo වෙලා තියෙනවා. දොස්තරවරු මේ පිරමිඩයේ ඉහලින්ම ඉන්නවා. ඒ අනුව යමින් ඉන්ජිනේරුවොත් තමන්ගේ නමට ඉදිරියෙන් Eng කෑල්ලක් අමුණ ගන්නවා . Lawyers ලත් තමන්ගේ වාහන වලට sticker අලවා ගන්නවා
4. පසුගිය වසරේ ලංකාවේ උන vaccine මංකොල්ලය තව උදාහරණක්. GMOA එක ලිස්ට් හදාගෙන තම පවුල් වලට (In laws ලා සහ මෙහෙකාරයන් ඇතුළුව) vaccine විද ගත්ත නමුත් මේ ගැන එතරම් ලොකු protest එකක් රටේ දැක්කේ නැහැ. වෙන රටක නම් මෙවැනි දෙයකට GMOA එකට විරුද්දව class action එකකට යන්න බොහෝ ඉඩ තිබෙනවා , නමුත් විශ්වලන්තයේ ඒක සාමාන්‍ය දෙයක්. අපේ ජන වහරේ එන සමහර කියුම් මේවා සදාරණීය කරන්නට පාවිච්චි කරනවා. උදාහරණක් ලෙස "මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ " වගේ ලස්සන යෙදුම්. දොස්තර වරුන්ට විරුද්දව මේ ගැන දාන නඩුවක් සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ මොකද ලංකාවේ දොස්තරවරු දෙවියන්ටත් වඩා බල සම්පන්නය් . නමුත් ඒ වගේ නඩුවක් තුලින් අඩු වශයෙන් මේ අය කලේ සම්පුර්ණයෙන් වැරදි වැඩක් කියන මතය ජනතාවට පෙන්නන්න තිබුනා.
අවසාන වශයෙන් කමලේ කියන 'පටු සංස්කෘතික මනස' පුපුරවා හැරීම, වැදගත් කාර්යයක්. ඒ සඳහා කමලේ වැනි අය ගන්නා පියවරත් අගය කරනවා, අනිත් අයත් මේවාට දායක විය යුතුය් . නමුත් මේවා අපට අවශ්‍ය ලෙස accelerate කර සමාජයෙන් ඉවත් කරන්න බැහැ කියාය් මට සිතෙන්නේ. එයට හේතුව මේ අදහස් ශත වර්ෂ ගානක් තිස්සේ පැවත එන මුල් දිවූ අදහස් නිසය් .
එම නිසා රටට හොඳ දේසපාලන නායකත්වයක් දිය හැකි කණ්ඩායමකට සහයෝගය දීම ගැනත් අප කල්පනා කල යුතුය් .
රටේ සියලු මිනිසුන් වෙනස් වන තුරු අප ඒ සඳහා උත්සහ කළ යුතු යැයි මගේ ඒ ප්‍රකාශයෙන් අදහස් වුනේ නම් වැරැද්ද මගේ ය. ඒ මගේ අදහස නිසි ලෙස වචනයට ගොනු කිරීමට මා අසමත් වූ නිසා ය. Ananda ගේ කාරුණික මැදිහත් වීමෙන් ඒ වරද නිවරද කිරීමට මට අවස්ථාවක් ලැබෙන්නේ ය.
රට කරවන්නේ බහු ජනයා විසින් නොවේ. එක්තරා සමාජ ස්ථරයක් විසිනි. ඒ ස්ථරය වෙනස් කිරීම රටක් වෙනස් කිරීමට සෑහෙන්නේ ය. මා වෙනස් කළ යුතු යැයි කීවේ විශේෂයෙන් ඒ මිනිසුන් ය. ජන මතය හදන මාධ්‍ය ආයතන තුළ ඉදිරියෙන් වැඩ කරන අය, සරසවි තුළ ආචාර්ය මහාචාර්ය වරු හැටියට පෙනී සිටින අය, නීතිය පසිඳලන ආයතන වල ඉහළ නිලතල දරන අය, රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන අය, වෘත්තීය වේදීන්, ව්‍යාපාරික ක්ෂේත්රයේ මත ප්‍රවර්ධනය කරන අය, පූජක පක්ෂය, සමාජයට නව ජවයකින් අවතීර්ණය වන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් ආදී වශයෙන් මේ කණ්ඩායම් අපට හඳුනා ගත හැකි ය. මේ අය සූදානම් නැති වෙනසක් නායකයෙකුට කළ නොහැකි ය. එසේ කිරීමට තැත් කරන නායකයින් කෙටි කලකින් විසි වී යන්නේ ය. People get leaders they deserve යන කියමනෙන් අදහස් වන්නේ ඒක ය.
මිනිසුන් සූදානම් නැති වෙනසක් නායකයෙකු විසින් කළේ වුව ද එය තාවකාලික වන්නේ ය. ඒ වෙනුවට මේ තීරණාත්මක සමාජ ස්ථරයවත් වෙනස් කළ හැකි නම් ඉතිරි ජනයා ඉබේම ඒ සමග අනුගත වනු ඇත. ඔවුන් නායකයා සමග ඒ වෙනස සඳහා පෙල ගැසෙනු ඇත. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට ගත් උත්සහයන් දෙකක් අපි දැක ඇත්තෙමු. පළමු වරට ඒ 17 ව්‍යාවස්ථා සංශෝධනය හරහා ය. සිදු වූයේ කුමක් ද 18 එය රිවර්ස් කළේ ය. දෙකට ම අත් එස වූ ජනතා නියෝජිතයන් සිටි අතර අද ද ඔවුන් ජනතාව නියෝජනය කරමින් දියවන්නාවේ ය. යහපාලනය ද නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ ය. සිදු වූයේ කුමක් ද 20 විසින් එය අකුලා දැමීම ය. නැවතත් දෙකට ම ඡන්දය දුන්නේ එකම අය ය.
මිනිසුන් වෙනස් කිරීම පිළිබඳ මගේ අදහසට එකඟ නොවන Ananda තමන්ගේ වැඩ පිළිවෙල ද අප ඉදිරියේ තබන්නේ ය. ඒ මෙසේ ය.
නීතිය හදා , ඉන්පසු නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම එකම ක්‍රමයයි.
නායකයාට නීතිය කලින්ම ක්‍රියාත්මක වෙන ව්‍යවස්තාවක් අත්‍යවශ්‍යය.
නීතිපතිටද නඩුකාරයාටද පොලිස් කාරයාටද ආමි කාරයාටද නීතිය ක්‍රියාත්මක වෙන ව්‍යවස්තාවක් අත්‍යවශ්‍යය.
නීතියේ ආධිපත්‍යය තහවුරුවීමෙන් පසු මිනිසුන්ට "හරි පුරුදු" පුරුදුවෙනු ඇත.
හරි පුරුද්දෙන් හරියට හිතීමද පුරුද්දට යනු ඇත.
හරි නායකයින් බිහිවීමද එහි ප්‍රතිපලයක් වනු ඇත. එවැනි රාමුවක හොරුන්ට තක්කඩින්ට පැවතිය නොහැකි බැවිනි.
Ananda, ව්‍යාවස්ථාව පිළිබඳ මා ඉදිරිපත් කළ ඉහත පැහැදිලි කිරීමෙන් පසු ද ඔබ මේ මතයේ ඉන්නේ ද? අපට ඉහළම ව්‍යවස්ථාවක් ඉහළම නීතියක් සෑදිය හැකි ය. එහෙත් එය ක්‍රියාත්මක කරන්නන් එම නීති ඒ ආකාරයට ම අනුගමනය කරන්නේ ද? රකින්නේ ද? ඒවා අවලංගු වන තැන් සම්බන්දයෙන් ක්‍රියා කරන්නේ ද? මගේ අත්දැකීම නම් නීතිය තිබීම (system තිබීම) පමණක් ප්‍රමාණවත් නොවන බව ය. ඒවා ට ගරු කරන, ඒවා ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා පුද්ගලයන් ද ඒ සඳහා දිරි දෙන සක්‍රීය පුරවැසියන් ද සිටිය යුතු බව ය.
යුරෝපයේ පුනරුද ව්‍යාපාරය ගැන ඔබ අසා ඇතැයි මම සිතමි. ඒ ව්‍යාපාරයෙන් කරන ලද්දේ බිහිවෙමින් පැවති සමාජයට අවශ්‍ය මනස හැදීම ය. එහි පුරෝගාමීන් අතර ශේක්ස්පියර්, බර්ටෝල් බ්‍රෙෂ්ට්, බර්ට්‍රන්ඩ් රසල් වැනි කලාකරුවන් ප්‍රාඥයන් සිටි බව ද ඔබට මතක ඇතැයි මම සිතමි.
මිනිසුන් වෙනස් කිරීම අමාරු වුව ද මිනිසුන් වෙනස් වන බව Ananda පිළිගන්නා බවට මට සැකයක් නැත. අප පවා කොතෙක් වෙනස් වී ඇද්ද (1974-78ට සාපේක්ෂව)? මේ සංවාදයට එක් වූ මා තවදුරටත් මෙහි රැඳෙමින් ඉන්නා මා නොවේ. මේ සංවාදය තුළ පවා මම වෙනස් වී ඇත්තෙමි. හැම කෙනෙක් ම එසේ පහසුවෙන් වෙනස් නොවන බව ඇත්ත ය. ඔවුන් ද කල් ගත වී හෝ වෙනස් වීමට නියමිත ය.
වෙනස් වන්නේ එක්කෝ බාහිරින් උගැන්මෙනි. නැතිනම් ස්වයං ඉගෙනීමෙනි. පළමු වැන්නේ බලපෑමට වඩා දෙවැන්න බලවත් ය. ඒත් දෙවැන්නට යම් තල්ලුවක් පළමු වැන්නෙන් ලැබෙන්නේ ය.
ගෝඨාභය ජනපති වීම හරහා මිනිසුන් ඉගෙන ගෙන ඇති පාඩම් කවර ආකාරයක් ගනී ද? සමහරු ඒකාධිපතිත්වය වියරුවක් බවට පෙරලිය හැකි බව ඉගෙන ගනිමින් සිටින අතර තවත් සමහරු වංචා දූෂණයෙන් තොර ඒකාධිපතියෙකු නොලැබීමේ හේතුවට ඒ අභාග්‍ය ලඝු කරනු ඇත. ඒ ස්වයං ඉගෙනීම් ය. ඔවුන් විසඳුම් සොයනු ඇත්තේ තමන්ගේ ඒ ඉගැන්වීම් වලට අනුව ය.
ගෝඨාභයගේ අසමත් වීම කවර හේතු මත සිදු වුනේ දැයි සංවාදයට දායක වීමෙන් මේ ඉගෙනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අපක්ෂපාතී බුද්ධිමතුනට පුළුවන. යම් බලවේගයකට පක්ෂපාත බුද්ධිමතුන් විසින් කරනු ඇත්තේ තමන්ගේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකි ඉගෙනුමක් ජනතාවට මේ අත්දැකීම අනුසාරයෙන් ලබා දීමට ය. දේශපාලන ව්‍යාපාරයන්ගෙන් ස්වාධීන බුද්ධිමය සංවාදයක් අද රටට අවශ්‍ය වන්නේ ඒ නිසා ය.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/5a7e4b00-9b4b-493f-bb6f-3ee113e8f9c4n%40googlegroups.com.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-%2BEGFq0xcD%2B5GivHbN_SLP8sL3WRUGmPa2GZPhsZTvx5g%40mail.gmail.com.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-LakH82wem-JfEcfza3feRYAhV6%3DinRpw80uQnY9NaX0g%40mail.gmail.com.
තමන්ගෙ සිල්ලර වැඩවලට (ජාතික පාසලට පොඩි එකා දාගන්න, නෝනට මාරුවක් හදා ගන්න, ලොකු පුතාට රස්සාවක් ගන්න, තමන්ට වැලි පර්මිට් එකක් ගන්න, කසිප්පු පෙරල අල්ලන් ගිය මල්ලිව නිදහස් කර ගන්න) ගැලවුම් කාරයා උදව් කරනවා නම් ඔහු / ඇය හොරකම් කරන එක ප්‍රශ්නයක් නැති වෙනව.
කමලේ ,
අද රටේ තියෙන තත්වයට ඔබ ඉහත කියන දේවල් හුගක් දුරට හේතුවක් . නමුත් මේ තත්වය අපේ " පටු සංස්කෘතික මනස " හේතුවෙන් ඇති වුන දෙයක් කියා මම හිතන්නේ නැහැ . (කමලේ ඒකට එකඟ නැතිනම් පැහැදිලි කරන්න) මේවාගේ දේවල් බණ්ඩා , Dudley වගේ අයගේ පාලන කාලයේ තිබුනේ නැහැ නේද ? මේවගේ දේවල් අපේ සමාජයට එකතු වුනේ පසු කාලවලදී (සාපේක්ෂව) නේද ?
මම හිතන්නේ මේ වගේ දේවල් තද නීති මගින් නැති කල හැකි බවය්
කමලේ කියන පටු සංස්කෘතික අදහස් ලංකාවේ විතරක් නෙවේ , සමහර දියුණු රටවලත් තියෙනවා . උදාහරණයක් ලෙස මම Exxon Mobil company එකේ ඉන්න කොට මට සිංගප්පුරුවේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා . එහේ staff සහ contract සේවකයන්ට වෙනම canteen තියෙනවා.Toilet පවා වෙනම (එහෙ වසන ඉන්දීය සම්භවය සහ චීන සම්භවය ඇති අය අතරේ ගෝත්‍රික හැගීම් තිබෙනවා) . නමුත් ඒ රටේ අපි ලංකාවේ දකින දුෂණ හුඟාක් අඩුයි. ඒකට හේතුව ඒ රටේ තියෙන තද නීති.
ඒ නිසා මම සිතන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්න (දුෂණ , වංචා ) වලට විසදුම තද නීති පනවන එකය් කියලා.
අපි හිතනවන් මේ රටේ තියන මේ දුෂණ යනාදිය වැලකීමට පටු සංස්කෘතික අදහස් වෙනස් කල සිටිය යුතුය් කියා , එය නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ කියය් මට හැඟෙන්නේ
රෑ ලවුඩ්ස්පීකර් දාන්න තහනම්. නඩු තීන්දු කීපයක් ම තියෙනව. ඒත් අපේ පන්සලේ කඨිනයට ගම පුරා දානව එලි වෙනකම්. පොලීසිය අහක බලා ගන්නව. පැමිණිලි කළාට එන්නෙ නෑ.
ප්රශ්නය නීති නැති එක ද ක්‍රියාත්මක කිරීමේ අවුලක් ද? ඒ අවුල දේශපාලනඥයන්ට විතරක් සීමා වුනු එකක් ද?
Australia වෙදි මිනිස්සු තමන්ගේ වැඩක් කර ගන්න ආයතනයකට යන්න කලින් අඳුනන අය හොයනව ද? ලංකාවෙ එහෙම වෙන්න හේතුව මොකක් කියල ද හිතන්නෙ.
තව උදාහරණ ඇති තරම් දෙන්න පුළුවන්. මේක ඔඩු දුවා තියෙන ප්‍රශ්නයක්. ඔ්ක හංග ගෙන ඉඳල විසඳෙන්නෙ නෑ. ඒත් එලියට ගන්න බයයි. චන්ද කැඩෙන නිසා.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/5aa243cf5702703340c4842679784ebe1079cf23%40webmail.optusnet.com.au.
මගේ අම්මාත් තාත්තාත් හොඳ බෞද්ධයින්. කේන්දර සාස්තර ඇතුළු බොහෝ දේ විශ්වාස කළා. අපි පන්සල් ගියා. වෙන එකක් තියා මහණ වෙන්න වුවමනාවක් මම ගෙදරට පල කරල තිබුන. ඒ අතරේ තාත්ත ගෙදරට ඇත්ත පත්තරේ ගෙනාවා. මම කොවුර් කාලෝ ගැන දැන ගත්තෙ ඒ විදිහට. කටුබැද්දට එන කොට මට ආගමක් නෑ. මගේ student record book එකේ ආගමට තියෙන්නෙ ඉරක්. ඒ මගේ මනස 180 ක් වෙනස් වෙච්ච අවස්ථාවක්.
U turn ගහපු තව අවස්ථා තියෙනව. ඒත් ඒවා කියල වෙහෙසට පත් කරන්න අවශ්‍ය නැහැ.
මිනිසුන්ගෙ මනස වෙනස් කරන්න පුළුවන්. ඒත් ඒක දිගු ගමනක්. අපි finite game එකක ඉන්නව කියල හිතන අය කවදාවත් ඒකට උත්සහ කරන්නෙ නෑ. ඒ අයට ඔ්න ක්ෂණික විසඳුම්. ඒ ගොල්ලන්ගෙ ඉලක්කය ඊළග මැතිවරණය. ඒකට ඉස්සෙල්ල නම් මිනිසුන්ව වෙනස් කරන්න බෑ. මං ඉන්නෙ infinite game එකක. මට මැරෙන්න ඉස්සෙල්ල උත්තර ඔ්න නෑ. මග හදල තියන්න ලැබුනොත් ඒ හොඳට ම ඇති.
මනස වෙනස් කරන්න එක සංවාදයකට බෑ. ඒකට කරුණු වලට අමතරව ඇතැම් වෙලාවට shock එකක් ඔ්න කරනව. අද ලංකාවෙ ඒ shock එක තියෙනව. ඒත් ඒක පාවිච්චි කරල මිනිසුන්ට තේරුම් කරල දෙන්න උත්සහ කරන අය නෑ. සමහර වෙලාවට ඒකට vacuum එකක් ඇති වෙන්න ඔ්න. ඒක තමයි මාඔ්සේතුං මැරුණහම චීනෙට ආපු අවස්ථාව. ඒ vacuum එකත් අපේ රටේ ඇති වෙමින් තියෙනව. ඒකාධිපතියෙකුට පුළුවන් - බලය තිබුණොත් පුළුවන් - හමුදාවට තමයි පුළුවන් - හිට්ලර් කෙනෙක් තමයි ඔ්න - ඒ සියල්ල අද පුපුරල ගිහිල්ල. සමහර වෙලාවට ඒකට technology ඔ්න.
ඒත් ඒ හැම අවස්ථාවක් ම ප්‍රයෝජනය ගත්තෙ නැත්නම් මග හැරිල යනව. ඒ අවස්ථා ප්‍රයෝජනයට ගන්න හිතන්න ඔ්න. ඒ හිතන ඒවා අන් අය සමග බෙදා ගන්න ඔ්න. ඒ කියන්නෙ ඔය මොකක් තිබුණත් අවසානයේ බුද්ධිමත් මිනිසුන්ගෙ මැදිහත් වීම අවශ්‍ය වෙනව කියන එකයි. ගැලවුම් කාරයෙකුගෙ නොවෙයි මග පෙන්වන අයගෙ.
මාක්ස්ගෙ ලෙනින්ගෙ කෘති එකක් දෙකක් නොවෙයි. Volume ගණන් තියෙන්නෙ ඒ සඳහා කළ උත්සහයන්. ඒව මිනිසුන් වෙනස් කරල නැද්ද? හොඳට හෝ නරකට?
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-%2BZ5GTAr%3DoYjF6sOD_HUToE3ssZASGhM79XDAgk6kHRBw%40mail.gmail.com.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-LazKVOzDpm7dEuNJN1%2B1dsq5pKH58hqQB55wZXD4vpAg%40mail.gmail.com.

කොවුර්, කාලෝ, ඊ ඩබ් අදිකාරම්, නන්දසේන කෝදාගොඩ සහ තවත් බොහෝ අයගේ ලියවිලි සහ ක්‍රියාකාරකම් හරහා අප අනාගතය ගැන ඉතා ධනාත්මක බලාපොරොත්තු සහගතයවයි හිටියේ. ඒ කාලේ ජනමාධ්‍ය වල ද ඔවුන්ට විශේෂ තැනක් දී තිබුනා. ඒ හා සමගම ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර විද්‍යා අධ්‍යාපනය ආරම්භ කෙරුනා. මේ කාලයේ දී සාහිත්‍යය, නාට්‍ය කලාව, චිත්‍රපටය, කවිය, ගීතය ආදී සෑම අංශයකම ප්රගමනයක් පෙන්නුම් කළ අතර ඒ හැම එකකින් පාහේ ද ලැබුනේ ඊට තල්ලුවක්.
ඒත් දශක දෙකක තරම් පොඩි කාලයක දී, ඉහත බලාපොරොත්තු සහගතව සිටි 'අපේ පරම්පරාවම', අද පත්ව ඇති තත්වය කුමක් ද?අප මේ කෙටි කාලය තුල ලබා ඇති 'මහා' අපගමනය ට හේතුව යමෙකුට පැහැදිළි කර දිය හැකි නම් මා බෙහෙවින් සතුටු වෙනවා.
ඒත් අපගමනය සිද්ධ වුනා. ඒක ඇත්ත. ඒක වෙන්නෙ යුද්ධයත් එක්ක. ජනවර්ග ප්‍රශ්නයට උත්තර සොයන්න බැරි වුන කාරණයත් එක්ක. ඒක යුද්ධයකින් එක්තරා දුරකට යටපත් කිරීමත් එක්ක.
ඒ සංශෝධන දෙකේදි ජවිපෙ පවා දායකත්වය දෙනව. ඔව් ඇත්ත 18 හා 20 මගින් නැවතත් ගමන ආපස්සට හරවනවා. ඒක තමයි මම මේ විදිහට විස්තර කළේ.ඒත් යුද්ධය ජාතිය හෝ ආගම දක්වල සම්පුර්ණයෙන් යටපත් කරන්නට මහින්දලාට බැරි වෙන්නෙ ම කාලෝලා හදපු මනස අඩු වශයෙන් සමාජයේ එක්තරා ප්‍රමාණයක් තුළ හරි පැතිරිල තිබුණ එක. 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන වලට පාර කැපෙන්නෙ ඒ හරහා. ඒක දිගින් දිගට කර ගෙන ගියා නම් අපට වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න තිබුණ (Sorry, 17 මහින්දට ඉස්සෙල්ල ආපු එකක්. ඒකත් ඇතුළු චන්ද්‍රිකාගේ ඇතැම් ප්රගතිශීලි පියවර පෙන්නුම් කළේ මහින්දගෙ නොවුනත් - ජාතිවාදයට එරෙහි හඩ - JR / Preme ගෙ යූඇන්පී එකේ, ඊට අමතරව ප්රජාතන්ත්රවාදය අකුලා දැමීමට එරෙහි හඩ - අලුත් එක් කිරීමක්).
ලෝකය හරි කෙළින් රේඛාවක ඉදිරියට ගියේ නෑ. බොහෝ වර අයාලේ යමින් තමයි ඉදිරියට ගිහිල්ල තියෙන්නෙ. එක වකවානුවක pendulum වගේ දෙපැත්තට යන අවස්ථා තියෙනව. ඒව පසුව යහපත් පැත්තට හැරිල බොහෝ දුරට ස්ථායී වෙලා තියෙනව. pendulum කාලපරිච්ඡේදයෙ දි ඔබ කියන අවස්ථාවාදීන් හා පතෝලයන්ට පැවැත්මක් තියෙනව. ඒක ස්ථායී වීමත් සමග අහෝසි වෙලා යනව.
අපි උදාහරණයක් දෙකක් ගමු.යටත් විජිතවාදය අද කිසිදු රටක පිළිගැනීමට ලක් වෙන්නෙ නැහැ. හමුදා යොදා කරන මෙහෙයුම් පවා දිගුකාලීන ව සාර්ථක වන්නෙත් නැහැ. ඉතාම කෙටි කලකින් අකුලගන්න වෙනව. කෙනෙකු වහලෙකු හැටියට තබා ගැනීම අද ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. එහෙම කරන්න හදන අය පිළිකුලට ලක් වෙනව. අවම වශයෙන් ඒ කාරණා දෙක සම්බන්ධයෙන් විවෘතව පෙනී සිටින්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනව. අවස්ථාවාදීන් හා පතෝලයන්ගේ බලපෑම තව ම තිබුනත් එය පවතින්නෙ අවම මට්ටමක. කාන්තා හා ළමා අයිතිවාසිකම් ගත්තත් තවම සම්පූර්ණ වශයෙන් වෙනස් කම් පහව නොගියත් බොහෝ ඉදිරියට යෑම් දකින්නට ලැබෙනව.
අර්බුදයක් හරහා මේවා නැවත නැගිටීමේ ඉඩකඩ නැතුවා ම නොවුණත් එය පහසු කටයුත්තක් නම් වෙන්නේ නෑ. හරියට ගෝඨාභයට තමන්ගේ පැරණි සෙල්ලම් දා ගන්න බෑ වගේ (නැවත මතුවෙන්න ඉඩකඩ නැතුවා ම නොවුනත් එය අතීතයේ තරම් පහසු නැහැ).
කමලේ, ඔබ 'සංගතව' කරුණු ගොනු කොට නොදැක්වීම නිසා මේ සාකච්ඡාව අයාලේ යනවා.
ඒ ඔබ පැහැදිලි කිරීමක් ඉල්ලන අපගමනයට ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නෙවෙයි ද? ඔබ ඔබේම ආකෘතියක් හදා ගන්නව අවස්ථාවාදීන් හා පතෝලයන් කියල. ඒත් ඒ දෙක පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් නැහැ. මට අනුව මල්වතු අස්ගිරි වඳින්න යන එක ම අවස්ථාවාදය ම තමා. කුල වාදය කරේ තියාගෙන ඉන්න වැඩවසම් මානසිකත්වයේ ප්‍රතිරූපය ඉස්සරහ වැඳ වැටෙන එක අවස්ථාවාදය තමා. ඒවා පතෝල වැඩ ම තමා. ඒක සාමාන්් ය භික්ෂූන් වහන්සේ නමකට වඳිනවට වඩා වෙනස්.මම අපේ බැච් එකේ සංවාදයෙදි සඳහන් කළ විදිහට මිනිසුන් වෙනස් වෙනව. ඒ සඳහා පරිසරයේ සිදු වන සිද්ධීන් බලපානව. ඒවා අපි දරණ මතවාදයන් සමග ගැටෙනව. අපේ මතවාද ප්‍රශ්න කරනවා. ඒ හරහා අපට නව ඉගෙනුම් වලට යන්න බල කරනව. අන්න ඒ සිද්ධීන් හරි හැටි තේරුම් කරන එකේ වැදගත් කම මම සඳහන් කළා (නැත්නම් ඒ ඉගෙනුම ලැබෙන්නෙ නෑ. ජවිපෙ ඒ වැඩේ කරන්නෙ නෑ. ඊළග මැතිවරණය නිසා ඔවුන්ට තියෙන්නෙ වෙන ව්‍යාපෘතියක් - අලුත් එකතුවක්). ඒක නිස්සංකට මග හැරිල. යුද්ධයට මනස හැදුවා මිසක් ජනවාර්ගික ප්‍රශ්නයට මනස හදන වැඩේ වුනේ නැහැ. ඒක මහින්දලාට හයියක් වුනා. අපගමනයට පහසුවක් වුනා.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-Lvk4Aj3V20vaqSQ-w%3DiuZ4yPdj678pC-azcTeDBH8fzw%40mail.gmail.com.
//හමුදා යොදා කරන මෙහෙයුම් පවා දිගුකාලීන ව සාර්ථක වන්නෙත් නැහැ. ඉතාම කෙටි කලකින් අකුලගන්න වෙනව.
........... කෙනෙකු වහලෙකු හැටියට තබා ගැනීම අද ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. එහෙම කරන්න හදන අය පිළිකුලට ලක් වෙනව. අවම වශයෙන් ඒ කාරණා දෙක සම්බන්ධයෙන් විවෘතව පෙනී සිටින්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනව. ......
අර්බුදයක් හරහා මේවා නැවත නැගිටීමේ ඉඩකඩ නැතුවා ම නොවුණත් එය පහසු කටයුත්තක් නම් වෙන්නේ නෑ. .......//
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD1CGitzO%2BgYCYTk%3DLnx7pzNTq6hA3DCm1uN-sCpkGM55rUB_w%40mail.gmail.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-L2BSSiw9JdqhtaiSC8AwbL939iitqHn7Wa0FFwrTZ2pw%40mail.gmail.com.
Supem,
You are the best person to do it.
Hi Keerthi,
Please accept the invitation.
Hi Keerthi,
Please accept the invitation.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAOvZebi_2S7DeE1dWCe5MkLPm1WioEN8ZU%3D4ZY8RPB12Q2ax-A%40mail.gmail.com.

එක්කො ජවිපෙ හැදෙයි, නැත්නම් හරිණිට යන්න වෙයි.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-LByqjJ8LMmdPs_u4mab63F1Ef7RZ8jQL98jQf40bRkzg%40mail.gmail.com.
මේ පහත තියෙන video clip එක ගුනේ ගේ මුහුණු පොතෙන් අරගත් එකක්.
ජයතිලක කම්මල්වීරගේ ප්රකාශනය සැහැල්ලු කරන්න හදනවා නෙමෙය්. නමුත් මෙහි එන විමල් වීරවංස ගැන සඳහන ඇසුවාම මට පොඩි විචිකිච්චාවක් ඇතිඋනා මේ අයත් NPP එකට මුක්කු තියන්න හදනවාද කියලා.
මෙහි එන 20 වන සංශෝධනය සදහා vote කිරීම ගැන ඔහු (විමල්) කරන ප්‍රකාශය ඉතා හාස්‍ය ජනකය්.
දේශපාලන විසඳුම සමග ආර්ථික විසඳුම ද (කෙටි කාලීන) ඉදිරිපත් කළ යුතු ය.........
අපිට දෙන්න අපි කරන්නම් කතා නැතිව කරන්නේ කෙසේ දැයි කියන ආර්ථික විසඳුමක් ඉදිරිපත් විය යුතු ය. ඩොලර් හිඟා කාලා කරනවා කියන්නේ නැතිව ණයට අර ගන්නා විදිහක් හා එය ගෙවනා විදිහක් යෝජනා විය යුතු ය. මුදල් අච්චු ගහන්නේ නැතිව මුදල් ලබා ගන්නා විදිහක් ඒ තුළ ඇතුළත් විය යුතු ය.....
වසර හැත්තෑ හතරක හෝ වසර දෙකක සාපය ගැන අතීත කතා කීමෙන් නම් වැඩක් වන්නේ නැත. අරයාට වඩා අප හොඳ යැයී කීමෙන් ද වැඩක් නැත. ඒ දෙකින් එකකින් වත් අද මුහුණු දී ඇති අර්බුදයෙන් ගොඩ යා නොහැකි ය......
ජනතාවට මේ කියන නායකත්වය මේ මොහොතේ දෙන්නේ නැත්නම් පසුව ඔවුන් අයාලේ ගියා යැයි කියන්නට ඉඩක් කිසිදු දේශපාලන පක්ෂයකට නැත.
https://nishanthakamaladasa.wordpress.com/2022/04/07/අපට-දෙන්න-අපි-කරන්නම්-ඒ/








Hi
ලොව පුරා දත්තයන් සළකා බැලීමේදී වාමාංශික ව්‍යාපාර සහ සටන් පෙරමුණු පෙරට එමින් පවතින යුගයක් ලෙස මේ කාලය දැක්විය හැකිනේද? ඇත්තටම අපි කරුණු සොයා බලමින් ජා ජ බ හෝ පෙ ගා හෝ සමග යම්කිසි සුහදතාවයක් ගොඩ නැගීම වග කීමක් නොවන්නේද කියල හිතුනෙ එකසත් ජාතීන්ගෙ ලොක්ක පවා චීනයේ නැගීම සහ එම ක්‍රම වෙඩහය ගැන පසසනවා දැක්කමයි. නව ලිබරල් තුත්තිරි ඇහිඳින්නේ ඇයි තුත්තිරි නැති පිට්ටනියක දුවමු!
“මම චීනයේ සංචාරය කරන හැම අවස්ථාවක දීම චීනයේ ආර්ථිකය, සංවර්ධනය වන වේගය සහ එහි ප්‍රගතිය දැක ඇත්තටම විස්මයට පත් වුණා. ඔවුන් ඒ තරමටම ඉතාම වේගවත් ලෙසත්, ඉතාම සැලැසුම්සහගත ලෙසත්, ප්රගතිශිලී ලෙසත් තමන්ගේ රට සංවර්ධනය කරනු ලබමින් සිටිනවා. මම මෙතෙක් ලෝකයේ කිසි තැනක දැක නොමැති අතිශයින්ම ගතික ආර්ථිකයක් ඔවුන් විසින් ඉතා වේගයෙන් ස්ථාපනය කරමින් සිටිනවා. ඒ සියල්ලටම වඩා මිලියන 800ක් ඉක්ම වූ ජනතාවක් අන්ත දිළිඳුකමින් මුදවා ගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද වැඩපිළිවෙළ ඇත්තෙන්ම ආශ්චර්යයක් වගෙයි. ඇත්තටම මෙතෙක් මානව ඉතිහාසයේ ක්‍රියාත්මක වූ අතිවිශාලතම දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයට ඔවුන් විසින් සැබැවින්ම පණ දී තිබුණා. ඔව්… ඒක මම ඇස්පනා පිටම දැක්කා”.
මේ චීනයේ දිළිඳුකම පිටුදැකීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් විසින් 2019 වසරේ දී ප්‍රසිද්ධ හමුවක දී දක්වන ලද අදහසක්. දිළිඳුකම පිටුදැකීම සඳහා චීනය අනුගමනය කර ඇති ක්‍රියාවලිය පිළිබඳව පරිපූර්ණ චිත්‍රයක් මෙම ප්‍රකාශයෙන් ගම්‍යමාන වනවා. මේ වන විට සමස්ත ලෝකයම විවාදයකින් තොරව පිළිගන්නා සත්‍යයක් බවට පත්ව ඇත්තේ, චීනය විසින් සිය රටේ වැසියන් ආන්තික දිළිඳුකමින් මුදා ගැනීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන අත්‍යයන්තයෙන්ම කැපීපෙනෙන එකක් බවයි. එබැවින්, ඒ පිළිබඳව වන ඇතුළාන්ත දැනුම සොයා යෑම මෙම ලිපි පෙළේ අරමුණයි. ආන්තික දිළිඳුබව සහ චීන දර්ශනය ආන්තික හෝ අන්ත දරිද්‍රතාව නැත්නම් extreme poverty ලෙස ලෝක බැංකුව හඳුන්වන්නේ දෛනික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90ක් හෝ ඊට අඩුවෙන් ලබන පිරිස් ඇතුළත් සමාජ තත්ත්වයක්. නමුත්, චීනය මෙම නිර්ණායකය මඳක් වෙනස් කර එය දෛනික ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2.50ක් දක්වා ඉහළ අගයක රඳවා තිබෙනවා.
DAG
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS0nwVVtWWpx_CUo%3DK%2BMWwMxMBO8N%3DBrjTok-dHNynUPWA%40mail.gmail.com.


--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS1oxPJYq9hzPeAdLVzpo8%2BQg2Hqgz1LrrE4X-SpLBvaKA%40mail.gmail.com.

--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS0eQ07pPBR0aXtkpkA7gTvVvMia%3Dyg%3DbXSFmG3Md92Agg%40mail.gmail.com.