UPS - අමුතු අවුලක්!

55 views
Skip to first unread message

Akila DJ

unread,
Jul 20, 2014, 2:48:50 PM7/20/14
to tech...@googlegroups.com
අවුල තමයි ups එකේ current in එකෙන් current out වීම!...

ඒ කියන්නෙ ups එකට A/C current එක දෙන plug එක ගලවල ups එක on කළාම ඒ plug එකේ පින් දෙකෙන් current වදිනව (earth එක හැර අනෙක් දෙකෙන්)... tester bulb පත්තු වෙනව!..
Uඵ්S එක වැඩ කරන්ව... වෙන අවුලක් පේන්න නෑ...
එහෙම වෙන එක සාමන්‍ය ද?

අනිත් දේ තමයි ඕක හැම වෙලාවෙම වෙන්නෙත් නෑ!

ඔය වැඩේ වෙන්නෙ computer power unit එක ups එකට සම්බන්ධ කරල තියෙඩ්දි විතරයි!..
වෙන device සම්බන්ධ කරල හෝ ඒව වැඩ කරන වෙලාවට ඕක වෙන්නෙ නෑ...

සරළව test කළ අවස්ථා කියන්නම්

0. මොකුත් සම්බන්ධ නොකර සිටීම
1. LED එකක් සහිත multiplug එකක් පමණක් සම්බන්ධයි
2. ඒ multiplug එකට phone charger එක ගසා charge කිරීම
3. LCD monitor එක සම්බන්ධ කර on කර තිබීම
4. හිටවන Fan එකක් සවි කර අඩු/වැඩි වේග වලින් ක්‍රියා කරවීම
5. computer power unit එක පමණක් සම්බන්ධ කර ඇත
6. Earth එක නැති cable එකකින් power unit එක සම්බන්ධ කිරීම
7. වෙනත් power unit එකක් සම්බන්ධ කිරීම

මේ අවස්ථා වලින් 5,6,7 දි current එක එනව ac in plug එකෙන්!..
අනික් වෙලාවලදි එහෙම current එකක් එන්නෙ නෑ...

මොකක් හරි අවුලක් UPS එකෙත් ඇති...
ඒත් මොකක්ද මේ PSU එක්ක තියන සම්බන්ධෙ!
power drainage එක 1,2,3 අවස්ථා වලදි 5,6,7 ට ආසන්නව සමානයි. ඉතා කුඩයි නෙ. ඒත් ප්‍රතිඵල දෙකක්!..

ඕක දැනගත්තෙ අද ups a/c in plug එක ගාව ලොකු spark එකක් ගියා... කළිනුත් පොඩි අවුල් වගේ තිබ්බ...
හැබැයි වැඩ කරද්දි ඒ පැත්තෙන් දැනෙන්නෙ නෑ... spark එක වෙලාවෙ ac input එක නැතුව ගියා... ඒත් normal output එකේ වෙනසක් නැතුව වැඩ... ඒ වෙලාවෙ බිත්තියෙන් ගලවල විනාඩි 10ක් වැඩත් කළා...

UPS: Vence / PowerCenter / Defender / Model 700 (IE Technologies)
Warranty තිබේ... ගිහින් බලන්න ඕනෙ...
ඒත් මොකක්ද ඒ අමුතු ලෙඩේ කියල දැනගන්නත් එපැයි! :)
!

Bishan

unread,
Jul 21, 2014, 9:23:45 AM7/21/14
to tech...@googlegroups.com
මගෙත් ඔය වගේ අවුලක් උනා. අවුල තිබුනෙ pc එකේ power supply එකේ. power
supply එක මාරැ කලාම හරි ගියා.
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Akila DJ

unread,
Jul 21, 2014, 12:43:20 PM7/21/14
to TK
මගේ power supply දෙකකින් check කළා...
හැබැයි දෙවෙනි එක ගොඩක් පරණ එකක්... ඒකත් අවුල් ද දන්නෙ නෑ!... :/

Akila DJ

unread,
Jul 22, 2014, 2:54:27 AM7/22/14
to TK
ඒත් power supply එකේ එහෙම අවුලක් තිබ්බ කියල UPS එක අරහෙම වෙද්දි ඒකෙ අවුලක් තියනව වෙන්න බැරි ද?!.. PSU එක අවුල් ගිය පළියට UPS එක අවුල් යන එක අවුල් නැද්ද?!

Bishan

unread,
Jul 22, 2014, 1:07:12 PM7/22/14
to tech...@googlegroups.com
මොකේද අවුල කියල හරියටම හිතාගන්න බෑ. මගේ PSU එකේ මොකක්ද කෑල්ලක්
පිච්චිලා. ඒත් අවුලක් නැතුව වැඩ කලා PC එක. වැඩේ අහුවුනේ rice cooker
එකෙන්. දවසක් rice cooker එකේ metal තියෙන තැනක අත වැදුනම කරන්ට් එක
වැදිල ට්‍රිප් එක ඕෆ් උනා. එවෙලෙ PC එක ඔන් එකේ තිබුනෙ. මෙහෙම තුන් හතර
පාරක් උනා. එතකොට තමයි තේරැනේ PC එක ඔන් එකේ තියෙන වෙලාවට තමයි මෙහෙම
කරන්ට් වදින්නෙ කියල. පස්සෙ අලුත් PSU එකක් දැම්මා. ඊට පස්සෙ අවුලක් උනේ
නෑ.

On 7/21/14, Akila DJ <aki...@gmail.com> wrote:

Akila DJ

unread,
Jul 24, 2014, 11:10:58 AM7/24/14
to TK
UPS එක මම අරන් ආව... ඒත් තාම නම් එහෙමමයි... ඒක ලෙඩක්ද නැද්ද කියන එකත් දැන් ප්‍රශ්නයක්!..

එතන එක්කෙනෙක් කියනව ඒ UPS වල හැටි කියල... ඒ කියනෙ on කරල තියෙද්දි පිටිපස්සට current එක යනව... :o
තව කෙනෙක් කියනව current එක පොඩ්ඩක් යන්න පුලුවන් කියල....
අනිත් කෙනා කියනව එහෙම current එක එන්නෙ නෑ කියල...

plug top එකේ live, neutral දෙක බුරුල් වෙලා, එකට ගෑවිලා තිබ්බෙ කියල ඒක කපල දාල කිවුව... ඒක බුරුල් වෙන්න හේතුව මගෙන් වෙච්ච දෙයක් වෙන්න බෑ, factury fault එකක් වෙන්න ඕනෙ... ඒත් ඒක physical damage කියල no warranty.... මම කඩෙන් එකක් අරන් හයි කළා...

හැබැයි current එක ආපස්සට එන එකට plug top එක සම්බන්ධ වෙන්න විදිහක් නෑ නෙ...

ලොකුම අවුල එතන power unit එකක් නෑ මට ඒ අයට ලෙඩේ පෙන්නන්න :(
මුලු company එකටම power unit එකක් නෑ ලු!..

තුන්දෙනෙක් වෙනස් කතා කියද්දි මගෙත් ඔලුව අවුල් වෙලා...

මට දැනගන්න ඕනෙ ඒ UPS වල හැටි ද කියල?!

නැත්නම් Bishan කියපු විදිහට මගෙ power unit දෙකේම අවුලක් ද දන්නෙත් නෑ!...
Bishan ගෙ ලෙඩේදි UPS එකක් සම්බන්ධ ද?
!

Hemal Yasantha

unread,
Jul 25, 2014, 2:41:06 AM7/25/14
to TechKatha
UPS එක on කරල තිබුණ වෙලාවක වැරදීමකින් මගේ අත plug එකේ පින් එකක ගෑවුනා එක දවසක්.  ඒ වෙලාවෙ මගේ අතට කරන්ට් එක වැදුන.  එත් මම ඒ ගැන එච්චර හොයල බැලුවෙ නැහැ ඒක UPS එකේ වැරැද්දක්ද එහෙම නැතිනම් සාමාන්‍ය දෙයක්ද කියල.  මට නම් හිතෙන්නෙ ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියලයි.  කෝකටත් ඔය ගැන තවත් හොයල බැලුවොතින් හොඳයි.


--

selaru...@gmail.com

unread,
Jul 25, 2014, 2:41:53 AM7/25/14
to tech...@googlegroups.com
ඕක සාමාන්‍ය දෙයක්. ups එක හදල තියෙන තාක්ෂණයේ ප්‍රශ්නයක්, අඩුවට ගන්න තියෙන ups වල ඔය ප්‍රශ්නේ තියෙනවා,

Sent by Selaru Sinbath

--

Akila DJ

unread,
Jul 25, 2014, 5:01:29 AM7/25/14
to TK
@Hemal, @selarusinbath:

එහෙනම් ඇයි computer (power supply unit) එකක් ගහල තියෙද්දි විතරක් ඔය වැඩේ වෙන්නෙ... මොකුත් ගහලනැති වෙලාවටයි වෙනත් psu නොවන device ගහල තියෙද්දියි current එක එන්නෙ නැත්තෙ ඇයි!!!??? :s

මුල් ප්‍රශ්නෙ 0,1,2,3,4 අවස්ථා වලයි 5,6,7 අවස්ථා වලයි වෙනස!?
.

selaru...@gmail.com

unread,
Jul 25, 2014, 1:57:02 PM7/25/14
to tech...@googlegroups.com
ඇත්තටම මට හේතුවක් කියන්න බෑ, ඕක ඔයා කල්පනාවෙන් test කරන්න ඕනේ වැඩක්, warranty තියෙනවනම් මාරු කරන්න, මම නම් හිතන්නේ නෑ එක විසදුමක් වෙයි කියල, ඔය වගේ සිද්දියක් මට වෙලා තියෙනවා මිට අවුරුදු 8 කට විතර කලින් මගේ ගව ups 4 ක් තිබුන, ඒ හතරටම ඔය ප්‍රශ්නේ තිබුන හැබැයි මම ඔයා වගේ එක එක උපකරණ වලට test කරලා බැලුවේ නෑ, මම එක ups එකක් ගලවල බැලුව මොකක්ද වෙලා තියෙන්නේ කියල එතකොට මම දැකපු දේ තම line in එකෙන් current එක dc කරන්න ගන්න transformer එකෙන් ම තම line out දෙකත් දීල තිබුනේ එතකොට ඔය විදියට current එක වදින එක සාදාරනයි, නමුත් එක එක ups එක එක විදියේ තාක්ෂණ බාවිතා කරන නිසා ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියල හරියටම කියන්න බෑ මට, කොහොම උනත් මේ ගැන අවදානය යොමුකරන්න ඔය line in එකෙන් එන current එක මිලි ඇම්පියර් 300 කට වැඩි වෙන්න පුළුවන් ඒ කියන්නේ මනුස්සයෙක් මැරෙන්න උනත් පුළුවන්,

Sent by Selaru Sinbath

--

Nuwan

unread,
Jul 27, 2014, 10:16:26 AM7/27/14
to tech...@googlegroups.com
Oke aula tiyene gedara earth eka hariyata weda ne, Kaden ganna tiyene earth kurak aragena polawata gahala, oya plug eke earth ekata set karanna. etakota hari yawi 

Akila DJ

unread,
Jul 27, 2014, 11:43:37 AM7/27/14
to TK
!?
ගෙදර earth එක බලපාන්නෙ කොහොමද?!...

මේ test කරද්දි ups එක ගෙදර කොහෙටවත් සම්බන්ධ කරල නෑ නෙ....

ups එක ලෝකෙ කොහෙ තිබ්බත් ඔය වැඩේ වෙනව... :D
.

Nuwan

unread,
Aug 1, 2014, 4:22:31 AM8/1/14
to tech...@googlegroups.com
gedara earth eka hodanam oya wede wenne nee,


2014-08-01 11:30 GMT+05:30 Nuwan <nraja...@gmail.com>:
Etakota Power enne ?



--

Nuwan

unread,
Aug 1, 2014, 4:22:31 AM8/1/14
to tech...@googlegroups.com
Etakota Power enne ?



2014-07-27 20:36 GMT+05:30 Akila DJ <aki...@gmail.com>:

--

Akila DJ

unread,
Aug 3, 2014, 10:02:24 AM8/3/14
to TK
?!
මගෙ UPS එක ඇමරිකාවට ගෙනියල චෙක් කළත් මෙහෙමයි....
හඳට ගිහින් චෙක් කළත් එහෙමයි....
ඕගොල්ලන්ගෙ ගෙදරට ගෙනැල්ල check කළත් මේ ලෙඩේ තියනව... :D
ඒකෙන් කියවෙන්නෙ මේ ups එක හොල්මනක් වගේ යන යන තැන earth අවුල් කරනව කියන් එකද? :D

ගෙදර නෙමෙයි, සමහර විට ups එක ඇතුලෙ earth cable සම්බන්ධ අවුලක් නම් ඇති.... ගෙදර සම්බන්ධයක් නෑ. ගෙදරට plug කරල නෑ නෙ...

ආය පොඩ්ඩක් මම මුලින්ම දාපු post එක කියවන්න පුලුවන් ද?..
මම හිතන්නෙ පැටලිලා වගෙ... ලෙඩේ අමුතු නිසා කොහොමත් මේක පැටලෙනව :D
.
Reply all
Reply to author
Forward
0 new messages