ලංකාවට Paypal මුදල් ලබාගැනීම

已查看 37 次
跳至第一个未读帖子

Eshan Dio Rango

未读,
2015年3月3日 11:39:042015/3/3
收件人 tech...@googlegroups.com
මේ ප්‍රශ්නෙ ගැන දැන් පවතින ආණ්ඩුවත් සමඟ කතා කරන්න අවස්තාවක් ලබිලා තියෙනවා. මේක සාර්ථක කරගන්න ඔයාලගෙත් අදහස් හා යෝජනා විමසල බලන්න ඕනෙ කියල හිතුනා.ඔයලගෙ අදහස් මේකෙ Reply කරන්න.

1.)Paypal ගිණුම් මගින් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීමේ හැකියාව අවශ්‍ය ඇයි?

2.)මෙතෙක් කල් ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව නොලැබීමට හේතුව කුමක් ද?***

3.)මෙම පහසුකම සක්‍රීය කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් හට අත්වන වාසි හා අවාසි මොනවාද?

4.)එසේම වර්ථමානයේ පවතින තත්වය (මුදල් පිටට යැවීමේ හැකියාව ) රටට බලපාන්නේ කෙසේද?

Harshana

未读,
2015年3月3日 21:20:292015/3/3
收件人 tech...@googlegroups.com
2015-03-03 15:18 GMT+05:30 Eshan Dio Rango <dme...@gmail.com>:
මේ ප්‍රශ්නෙ ගැන දැන් පවතින ආණ්ඩුවත් සමඟ කතා කරන්න අවස්තාවක් ලබිලා තියෙනවා. මේක සාර්ථක කරගන්න ඔයාලගෙත් අදහස් හා යෝජනා විමසල බලන්න ඕනෙ කියල හිතුනා.ඔයලගෙ අදහස් මේකෙ Reply කරන්න.


මේ සම්බන්දව කලින් යෝජනා කලා, සුදාරක, බුදාජීව මල්ලිලා, චානුක වත්තේගම මහත්මයා ඇතුළු කිහිප දෙනෙක් එකතු වෙලා තමා කලේ, මම නම් වැඩිය හොයල බැළුවෙ නෑ ලංකාවෙ වැඩ වෙන විදිහ ගැන දන්න නිසා. පුළුවන් නම් ඒ අයගෙන් ඒ අය භාරදීපු documents ඉල්ල ගන්න. ආපහු අළුතෙන් කරන්න දෙයක් නෑ, අපි ඉන්නෙ ලංකාවෙ නෙ, යම් කිදි දෙයක් කරගන්න පස්සෙන් දෙතුන් පාරක් යන්න වෙනව. 

1.)Paypal ගිණුම් මගින් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීමේ හැකියාව අවශ්‍ය ඇයි?
 
ඇති එකම අවෂ්‍යතාවය නම් මුදල් හුවමාරු කිරීමේ වියදම අඩු කරගන්න. 
නිද. ඹයා oDesk වගේ වෙබ් අඩවියක වැඩ කරනව නම්, ඔයා උපයන 1000 USD ලංකාවට ගෙන්වගන්න පුළුවන් නම් PayPal හරහා ඔයාට යන්නෙ 2$ bank Account එකට transfer කරන්න 5$ වගේ. skrill වගේ සේවාවක් භාවිතා කරනව නම් 1 (oDesk Fee) + 40 (4% TAX) + 3$ (skrill withdrawal fee) + 5$ SWIFT Transfer fee වගේ අඩුම 49$ යනව. සමහර බැංකු වලට යන ගාන වැඩියි වෙනත් බැංකු හරහා නම් මුදල් එන්නෙ. 


2.)මෙතෙක් කල් ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව නොලැබීමට හේතුව කුමක් ද?***
 
මහ බැංකුවේ නීති නිසා, ලොකුම ගැටළුව තියෙන්නෙ මේ හැද දෙයක්ම monitor කරන්න තරම් අපගේ රටේ රාජ්‍ය ආයතන වල පරිගණක සහ පරිගණක පද්දති භාවිතය හා අදාල නීතිමය රාමුව තවම හරියට නැති කම කියල තමා ඒ දවස්වල කීවෙ. මහ බැංකුව නීති දාල තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. අනික අපේ රටේ මානසික රෝගීන් ඉන්නව නෙ පිටරටින් සල්ලි ගෙන්නලා ව්‍යාපාර කරල හෝ ලාභ ලබන තත්වයන්ට අකමැති. ඒ වගේම විදේශ මුදල් රට ඇතුලට ගෙන්වන අයව දිරිමත් කරන්න පාලකයන්ට අවෂ්‍ය නැති වීම.


3.)මෙම පහසුකම සක්‍රීය කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් හට අත්වන වාසි හා අවාසි මොනවාද?

වාසි: අඩු මුදලක් වියදම් කර මුදල් හුවමාරු කරගන්න පුළුවන්, online sales වලට අඩු පිිරිවැයක් තමා යන්නෙ, ඉන්දියාවෙ online sales දැන් ගොඩාක් ප්‍රසිද්ධයි paypal නිසා.

අවාසි: income tax පිළිබද ගැටළු ඇති වීම, කළු සල්ලි සුදු කරගන්න භාවිතා කරන්න පුළුවන් මාද්‍යක් අපි හරියට Monitor කලේ නැති නම්. 


4.)එසේම වර්ථමානයේ පවතින තත්වය (මුදල් පිටට යැවීමේ හැකියාව ) රටට බලපාන්නේ කෙසේද?
දැනට තියෙන නීති රීති නම් තේරුමක් නෑ, යවන්න පුළුවන් නෙ කොහොමටත්, ගෙන්න ගන්න තමා බැරි.  


--
Cheers !,
Harshana
回复全部
回复作者
转发
0 个新帖子