--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
On May 20, 12:28 pm, Tharaka Weerasekara <thara...@gmail.com> wrote:
> මට ඕනේ සිංහල යුනිකෝඩ් අකුරු. අනේ පුළුවන්නම් තියෙන ඔක්කොම හොයලා දෙන්න. දැනට
> තියෙන්නේ 12ක් වගේ නේද?
>
> තාරක වීරසේකර
>
> 2011/5/19 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>
> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
දැනට තියෙන්නේ අකුරු දොළහයි නම් ඔයා මෙච්චර දිග ප්‍රශ්නෙත් ඒ අකුරු දොළහ
විතරක් පාවිච්චි කරලද ලිව්වෙ ??
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
වෙනස් අකුරු හැඩතල තියෙන යුනිකෝඩ් අකුරු. පැහැදිළියිනේ?
වෙන වෙන හැඩතල තියෙන ෆොන්ට්ස් තියේන්වනම් ඒක සම්මත යුනිකෝඩ් එකක් වෙන්නෙ
On May 21, 8:58 pm, Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com> wrote:
> වෙන වෙන හැඩතල තියෙන ෆොන්ට්ස් තියේන්වනම් ඒක සම්මත යුනිකෝඩ් එකක් වෙන්නෙ නෑ මචං..
භාග්‍ය කිව්ව මේ දේ නම් වැරදියි. යුනිකොඩ් කියන සම්මතය තියෙන්නෙ අකුරු
හැඩතලයෙ (font-face එකේ) නෙමෙයි, යම් කිසි අකුරු හැඩතලයක් පරිගණකය මඟින්
හඳුනාගන්නා අංකිත අගයන් වලයි. ASCII වලදි සිංහල අකුරු නිරූපණයට
යොදාගන්නෙත් ලතින් (ඉංග්‍රීසි) අකුරු සඳහා යොදාගන්න ASCII අගයන්මයි.
නමුත් Unicode වලදි සිංහල අකුරු සඳහාම කැපවුනු අනන්‍ය Unicode අගයන්
පරාසයක් (0D80–0DFF) තියෙනවා. Unicode අපිට විශේෂ වන්නෙ ඒ නිසයි. මේ
නිසා, සිංහල අකුරු නිරූපණය කරන්න ඔන්න ඔය Unicode අගය පරාසය යොදාගන්නා
ඕනෙම සිංහල ෆොන්ටයක් සිංහල යුනිකෝඩ් සම්මතයට අනුකූලයි.
> බලන්න දැන් වෙන රටවල් වල සම්මත යුනිකෝඩ් ෆොන්ට්ස් වල වෙන ඒවා තියනවද කියලා සම්මත යුනිකෝඩ් ෆොන්ට් එක හැර..
ඕන තරම් තියෙනවා. හින්දි යුනිකෝඩ් ගත්තොත් හින්දි යුනිකෝඩ් අගය පරාසය
භාවිතා කරන හින්දි යුනිකෝඩ් font-faces (අකුරු හැඩතල) සෑහෙන්න තියෙනවා.
අනික ආයෙත් කියන්න ඕනෙ. යම් භාෂාවකට අදාළ සම්මත යුනිකෝඩ් ෆොන්ට් *එක*
කියලා එකක් නෑ.
> ලංකාවෙ විදිහට ඉස්කෝල පොත තමයි අපි පාවිච්චි කරන්නේ..
> ඔයා කපුටා යුනිකෝඩ් වගේ ෆොන්ට් එකක් පාවිච්චි කරොත් වෙනම ෆොන්ට්ස් දාන්න
> වෙනවා බලන්න..
වැරදියි. ඉස්කෝලපොත කියන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ
වාණිජ්‍ය නිෂ්පාදන (වින්ඩෝස් විස්ටා, 7) සඳහා යොදාගැනීමට නිපදවූ එක්
සිංහල යුනිකෝඩ් font-face එකක් පමණයි. මයික්‍රොසොෆ්ට් ආයතනයට එය
සම්මතයක් වුනාට සිංහල යුනිකෝඩ් සඳහා එය සම්මතයක් නොවෙයි. කවුරුහරි කෙනෙක්
කපුටා ෆොන්ට් එක යම්කිසි දෙයක් සඳහා යොදාගත්තොත් ඒකෙ කිසි ගැටළුවක්වත්
සම්මතයෙන් පිට යෑමක්වත් නෑ. අනික ඔබ කපුටා ෆෝන්ට් එක යොදාගෙන ටයිප් කරපු
යම් කිසි දෙයක් කපුටා ෆොන්ට් එක නැති ඉස්කෝලපොත ෆොන්ට් එක පමණක් ඇති
පරිගණකයකින් නැරඹුවහොත් ඔබට එය ඉස්කෝලපොත ෆොන්ට් එකෙන් අපූරුවට පේනවා.
යුනිකෝඩ් වල විශේෂත්වය ඒකයි.
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Iskoola Pota (TrueType)"=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
"Iskoola Pota"="Malithi Web (TrueType)"
වසන්ත දේ