දුම් පරික්ෂාවේ ඇති මෙයි අදහස් වන්නෙ කුමක්ද

9 views
Skip to first unread message

Yasantha Ruwan Karunarathne

unread,
Jul 2, 2011, 5:47:12 AM7/2/11
to tech...@googlegroups.com
දුම් පරික්ෂාවේ ඇති මෙයි අදහස් වෙන්නනේ මොකද්ද.වාහනය හොද තත්යේ
පවතිනවද,ඉන්ධන හොදට වැඩ කරනවද යන්න මෙයින් බලා ගත හැකිද. දන්න කෙනෙක්
ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙනවද.
Untitled-1.jpg

sandun fernando

unread,
Jul 3, 2011, 12:56:55 AM7/3/11
to tech...@googlegroups.com
middle one is the best according to my knowledge. Cabulator is good. It minimize the fuel wastage, CO...
3rd ones rpm is bit of high.. If Fuel wastage is >15 you better clean the Carb, Air Filter & Plugs...
Sorry no idea about this Lamda...

Sandun Fernando.

2011/7/2 Yasantha Ruwan Karunarathne <yasant...@gmail.com>
දුම් පරික්ෂාවේ ඇති මෙයි අදහස් වෙන්නනේ මොකද්ද.වාහනය හොද තත්යේ
පවතිනවද,ඉන්ධන හොදට වැඩ කරනවද යන්න මෙයින් බලා ගත හැකිද. දන්න කෙනෙක්
ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙනවද.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Sadeepa Sepala

unread,
Jul 4, 2011, 1:48:52 AM7/4/11
to tech...@googlegroups.com
(1) SPEED (RPM) : එන්ජිම මිනිත්තුවකට කැරකෙන වාර ගනන. :
දුම් පරීක්ෂාව වේග දෙකක් සදහා කලයුතු වෙනවා
IDLE :- එංජිම නිදහස්ව ඇතිවිට (භාර රහිත).
2500 RMP :-එංජිම වේගය මිනිත්තුවට- වට 2500 දී.
ඉහත අවස්ත කියාකරී එන්ජින් උශ්නත්වයේදී හා තත්30 පමන ඒ ඒ වේගයන් හි
ස්ථායීව තැබීමෙන් අනතුරුව පරීක්ෂා කලයුතු වෙනවා.

(2) HC (PPm v/v) : පිටාර වායුවේ ඇති නොදැවුනු හයිඩ්‍රොකාබන් (පෙට්‍රොල්)
ප්‍රමාණය(පරිමාව අනුව කොටස් මිලියනයකට කොටස්)
නවීන හොද වාහනයක IDLE හිදී සුලු ප්‍රමානයක්ද 2500RPM හිදී බින්දුව හෝ
ආසන්න අගයක් ගත යුතු වෙනවා. මෙය එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොපමන
ප්‍රමාණයක් භාවිතා නොවී අපතේ යන ප්‍රමානය ගැන මිනුමක් වෙයි.

(3) C0 (% v/v) : පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ ප්‍රමාණය(පරිමාව අනුව
ප්‍රතිශතයක් ලෙස)
මෙය එංජිමේ පෙට්‍රොල් අර්ධ දහන පිලිබද මිනුමක් වෙයි. එමෙන්ම එය කැටලිටික්
කන්වර්ටරයේ ක්‍රියාකාරීත්වය ගැනත් කියවෙනවා. CO වැඩි වීම පෙට්‍රොල්
වැඩිපුර ලැබීම හෝ , Air Filter block වීම, plug හරි හැටි ක්‍රියා නොකිරීම
නිසත් වෙන්න පුලුවන්.පාරිසරික වශයෙන්ද CO යනු ඉතා අහිතකර වායුවක් වන නිසා
හැකි අවම මට්ටමක පවත්වා ගත යුතු වෙනවා.

(4) LAMBDA : දැන් වාහනයේ වායු-ඉන්ධන අනුපාතය (Air to Fuel ratio),
ස්ටොයිකියොමිතික වායු-ඉන්ධන අනුපාතය සමග දක්වන අනුපාතය.
මෙය කෙලින්ම කරන මිනුමක් නොව , HC, CO, CO2, O2 මිනුම් ඇසුරෙන් කරන ගනනය
කිරීමකි. මෙය සැම විටම 1.00 ට ආසන්න පවත්වා ගැනීම නවීන එංජින් පාලක
පද්ධතියක උත්සාහයයි. මෙය 1.00 වඩ වැඩි වීම පෙට්‍රල්-වායු මිශ්‍රනයේ වතය
වැඩිබවත්. 1.00 වඩා අඩු වීම පෙට්‍රල් වැඩි බවත් පෙන්නුම් කරයි.

(5) O2 : පිටාර වායුවේ ඉතිරිව ඇති ඔක්සිජන් ප්‍රමාණය(පරිමාව අනුව ප්‍රතිශතයක් ලෙස)
කිසිදු දහනයක් සිදුනොවන විට 20% පමනද, හොදින් දහනය සිදුවන විට 1.5~2.0%
පමන අගයක්ද පවතිනවා.

(6)CO2 : පිටාර වායුවේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය(පරිමාව අනුව ප්‍රතිශතයක් ලෙස)
හොදින් දහනය වන විට වැඩි අගයක්ද දහනය අසම්පූර්න විට අඩු අගයක්ද් ගන්නවා.

(7) Estimated fuel wastage: මෙය එංජිමට දුන් පෙට්‍රල් වලින් කොපමන
ප්‍රමානයක් නොදැවී අපතේ යනවා යන්න ප්‍රතිශතයක් ලෙස ගනනය කිරීමක්
(HC+CO+CO2 => ලබා දුනි මුලු පෙට්‍රල් ප්‍රමානය, HC (+CO) => අපතේ ගිය
ප්‍රමානය ).
උදාහරනයක් ලෙස:පලමු වාර්තවට අනුව එංජිමට ලබාදෙන පෙට්‍රල් ලීටරයකින් (1000
ml) 22.% පමන (220 ml) කිසිදු වැඩක් නොගෙන සයිලන්සරයෙන් පිටවී යනවා.තවත්
ආකාරයකට කිව්වොත් ඔබ රථයට දමන සෑම පෙට්‍රල් ලීටරයකින්ම (125/=) රුපියල්
27.74 වටිනා පෙට්‍රල් ප්‍රමානයක් අපතේ යනවා.

-සදීප සේපාල

2011/7/2 Yasantha Ruwan Karunarathne <yasant...@gmail.com>:


> දුම් පරික්ෂාවේ ඇති මෙයි අදහස් වෙන්නනේ මොකද්ද.වාහනය හොද තත්යේ
> පවතිනවද,ඉන්ධන හොදට වැඩ කරනවද යන්න මෙයින් බලා ගත හැකිද. දන්න කෙනෙක්
> ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙනවද.
>

Dhanushka Gunasinghe

unread,
Jul 4, 2011, 2:53:03 AM7/4/11
to tech...@googlegroups.com
ඉතා වටිනා පැහැදිලි කිරීමක්...බොහොම ස්තුතීයි

2011/7/4 Sadeepa Sepala <sadeepa...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Yasantha Ruwan Karunarathne

unread,
Jul 4, 2011, 4:40:03 AM7/4/11
to tech...@googlegroups.com
ස්තුතියි,,,, ගොඩක් නොදන්න දේවල් පැහැදිලි කලාට...Sadeepa Sepala

Chamli Karunasekara

unread,
Jul 5, 2011, 11:23:11 PM7/5/11
to tech...@googlegroups.com
@ Sadeepa, හොද පැහැදිලි කිරීමක්, ස්තුතියි.

--
Chamli Karunasekara
Voice: 0777 832854
Fallow me on twitter: http://twitter.com/chamlime


Reply all
Reply to author
Forward
0 new messages