අපි දැනට අකුරු 80ක් සිංහල යුනිකේත සමග භාවිතා කරනව. මේ 80 තෝරගෙන තියෙන්නෙ normalization කියන තියරි එක භාවිතා කරල. ඒ කියන්නෙ වචනයක් ලියන්න පුළුවන් කෙටිම ක්‍රමයට වගේම store කරන්නත් ලේසි වෙන්න.
ඉතින් මේ අකුරු එකතු කරද්දි රූපය වෙනස් වෙන්න script එකක් font එකේ ලියන්න පුළුවන්.
http://www.unicode.org/charts/PDF/U0D80.pdf හී දෙවන පිටුවේ තිත් සහිත රවුමක් තියෙන සලකුනක් සමග අකුරු තියෙනව. ෙ ු වගේ. මේව තනියෙන් භාවිතා කරන්න බෑ.
ඉතින් මු (0DB8 + 0DD4) වු (0DC0+ 0DD4 ) වගේම තු( 0DAD+ 0DD4) කු( 0D9A+ 0DD4) සදහා එකම පාපිල්ල තමා අපි ඇතුලින් තියාගෙන ඉන්නෙ. පෙන්වනවිට අපි පෙන්වනව අදාල නිවැරදි පින්තූරය. මේ ක්‍රමයට අපි කියනව complex scripts කියල. මේ විදිහට හා කරන එකට කියනව zero with joiner (ZWJ) කියල. ඉතින් මේ complex scripts සහය නොදක්වන පරිගණක හෝ වෙනත් දෑ වල හරියට පෙන්වන්නෙ නෑ. හේතුව රෙන්ඩරින් සදහා භාවිතා වෙන engine එකේ ගැටළු තියෙන නිසා.
ඒ වගේම අපිට වැරදි විදිහට සිංහල භාවිතා කරන්නත් පුළුවන්. එහෙම ලියනව නම් zero with non joiner භාවිතා කරල අකුරු හා කරගත හැකියි. නිදසුනක් ලෙස ගත්තොත් “අෘ“ කියල ලියන්න බෑ සිංහලින්, නමුත් ඔයාට මේ අකුරු ලියන්න අවෂය වෙනව. හොදම උදාහරණයක් තමයි ප්‍රශ්න පත්‍ර වල. ඒ වගේ වෙලාවට ZWNJ භාවිතා කරල ලියන්න පුළුවන් “අෘ“ වගේ.