ආයුබෝවන් !!!
සිංහලෙන් යතුරුකරණයේ යෙදෙන අප සියලුම දෙනාගෙ පරම අභිප්‍රාය තමයි තොරතුරු
තාක්ෂණ ක්ෂේත්‍රය තුල, එහෙමත් නැත්නම් පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රය තුල අපේ
මව් බස වන සිංහල භාෂාවේ භාවිතය ව්‍යාප්ත කරලීම. එහෙම නේද? මේ සඳහා සිංහල
වෙබ් අඩවි, බ්ලොග් අඩවි වගේම සිංහලෙන් සෑදූ මෘදුකාංගත් ඉතා විශාල
දායකත්වයක් සපයනවා. ඉතිං සිංහලෙන් නිර්මාණය වන මෘදුකාංග පිළිබඳවත් අපේ මේ
සිංහලෙන් යතුරුකරණයේ යෙදෙන සෑම කෙනෙක්ම සෙවිල්ලෙන් ඉන්න බව නොරහසක්.
මේ කියන්න හදන්නෙ එහෙම කල එලි බහින තවත් සිංහල මෘදුකාංගයක් ගැන.
"මානවයා 1.01" ලෙසයි මෙය නම් කරලා තියෙන්නෙ.
හැඳින්වීම: මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ වූ සිංහල විශ්වකෝශය.
සිංහලෙන් දත්ත සහ රූප ඇතුලත් ජීවවිද්‍යාත්මක විශ්වකෝශයක් තමයි මේ මානවයා
1.01 කියන්නෙ. ඔව් අපේ ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට වගේම අපිටත් මේක
ප්‍රයෝජනවත් වේවි! මොකද අපිට අපේ ශරීරය ගැන දැනගන්න වයස ප්‍රශ්නයක් නෑනෙ.
මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා පාසල් ජාලය (SchoolNet) මගින් ද පිළිඅරගෙන
පාසල් ජාල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. http://www.schoolnet.com
ගිහින් බලන්න.
මගේ ප්‍රථම නිර්මාණය වන මේ මෘදුකාංගය පාසල් ජාලය සඳහා නොමිලේ ලබා දුන්නා
වගේම අප රට වැසි සියළුම දෙනාට පරිශීලනය කල හැකි ලෙස නොමිලේ ලබා දෙන්න මම
අද මෙය සයිබර් අවකාශයට මුදාහරිනවා. අද (අප්‍රේල් 8) මගේ උපන් දිනය දවසෙ
මා මෙය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදෙන්නෙ මගේ උපන් දිනයට මම මගේ රටට
ලබා දෙන තිලිණයක් ලෙසයි.
මෙම සිංහල විශ්වකෝශය භාගත කරගෙන පරිශීලනය කරලා මට ඔබේ අදහස් උදහස්
ලියන්න. වැඩිය නෑ 13.3MB විතරයි. එය අද ඔබ මට ලබා දෙන උපන් දින තෑග්ගක්
වේවි!
භාගත කරන්න:
http://www.4shared.com/file/93040385/3028e5dd/Manavaya101_Setup.html
භාගත කරන්න කලින් මෙහි ක්‍රියාකාරිත්වයේ තිරදර්ශනයක් (screencast) නරඹන්න
කැමති නම් මෙතැනින් බලන්න: http://www.youtube.com/watch?v=gbbgaQ2QbSI
ඔබට බොහෝ තුති!
ධනික කෞශල්‍ය පෙරේරා
On Apr 8, 3:42 pm, පිස්සා <pissub...@gmail.com> wrote:
> සුභ උපන් දිනයක් ධනික..
> මෙවැනි තවත් නිර්මාණ බිහි කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !!!
>
> පිස්සාhttp://pissa-pissublog.blogspot.com
>
> 2009/4/8 Nuwan Ritigahapola <nuwanc...@gmail.com>
>
> > සහෝදරය,
>
> > ඔබගේ නිර්මානයට උණුසුම් සුභ පැතුම් සමග සුබ උපන් දිනයක් හා සුභ අනාගතයක් වේවා
> > ඔබට.
>
> > නුවන් රිටිගහපොල
>
> > 2009/4/8 ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
මගේ මෘදුකාංගය ගැන ප්‍රශංසා සහ අදහස් දැක්වූ සියළු දෙනාටම බොහෝම
ස්තූතියි!
දැන් මෙම "මානවයා 1.01" මෘදුකාංගය ශ්‍රී ලංකා පාසල් ජාලය (SchoolNet)
හරහා ඔනෑම කෙනෙකුට නොමිලේ භාගත කරගත හැකියි. පිවිසෙන්න: http://www.schoolnet.lk
මාගේ මෙම නිර්මාණයෙන් සියළුම ශ්‍රී ලාංකිකයින් ප්‍රතිලාභ අත්විඳිනු දැකීම
මාගේ එකම අභිලාශයයි.
ඒ සඳහා මෙය ව්‍යාප්ත කරලීමට තවත් කවර හෝ අයුරකින් සහය විය හැකි නම් අගය
කරමි.
ස්තූතියි!
සිංහලය වැජඹේවා!!!
ධනික කෞශල්‍ය පෙරේරා
--
Dhanika Kaushalya Perera
(Undergraduate)
Faculty of Engineering,
University of Moratuwa
Mail: dha...@schoolnet.lk
Web: http://www.schoolnet.lk