3D බලන්න ඉස්සර පාවිච්චි කලේ මලින්දගේ බ්ලොග් එකේ තියනවා වගේ ක්‍රමයක්. රතු-නිල් කණ්නාඩි දාගන බලන විදිහක්. ඒ විදිහට Natural Colours එන්නේ නැහැ. ඒත් අලුතින් 3D වීඩියෝ හැදෙන විදිහත්, ඒවා 3D බලන විදිහත් වෙනස්.
3D Photo Camara
3D ෆොටෝ කැමරා වලින් මුලින්ම ආවේ ෆූජි. මම පාවිච්චි කරන්නේ ඊට පස්සේ අන්තිමටම ආව
FinePix REAL 3D W3 3D කැමරාවයි. 3D වීඩියෝත් රෙකෝඩ් කරන්න තිබුනට Full HD නෙවෙයි. AVI විදිහට 3D වීඩියෝ රෙකෝඩ් වෙන්නේ. 3D ගන්න ෆොටෝ කණ්නාඩි දාන්නේ නැතුව 3D විදිහට කැමරාවේ ඩිස්ප්ලේ එකෙන්ම පේනවා. HDMI කේබල් එකෙන් 3D TV එකකට කනෙක්ට් කළාමත් පේන්නවා කැමරාවෙන් ප්‍රොසෙස් කරන නිසා. CD එකකට හරි, DVD එකකට හරි data විදිහට රයිට් කරලා 3D bluray player එකෙන් ප්ලේ කළාම 3D විදිහටත් 3D TV එකෙන් පේනවා
ගන්න ෆොටෝ වල ෆොර්මැට් එක MPO නිසා කම්පියුටර් එකේ පේන්නේ නැහැ. ෆයිල් එක්ස්ටෙන්ෂන් එක JPG විදිගට rename කළාම නම් 2D විදිහට පේනවා. එහෙම නැත්නම් කැමරාවත් එක්ක දෙන සොෆ්ට්වෙයාර් එක හරහාත් 2D විදිහට කම්පියුටර් එකේ බලාගන්න පුළුවන්. ලැප්ටොප් එකක් HDMI වලින් 3D TV එකට connect කරලා මේ ෆොටෝ ඕපන් කලාට TV එකෙන් 3D විදිහට පෙන්නෙත් නැහෑ
3D Video Camara
නියම 3D Video එකක් ගන්නේ ලෙන්ස් දෙකක් තියන කැමරා වලින්. ෆොටෝ ගන්න කැමරාත් එහෙමයි. ෆිල්ම් හදන්න ගන්න ලොකු කැමරා ගැන නම් මම කියන්න දන්නේ නැහැ. ඒත් කැම්කෝඩර් වලින් නම් දැනට 3D තියෙන්නේ JVC, Panasonic හා Sony තමයි.
ඔය වීඩියෝ කැමරා වල කැමරාවේ තියන ඩිස්ප්ලේ එකෙන් කණ්නාඩි දන්නේ නැතුව 3D පේනවා. JVC වලට වඩා සෝනි වල ඩිස්ප්ලේ එක ගොඩාක් පැහැදිලියි. TV එකට කනෙක්ට් කරලා බලනවා නම් කණ්නාඩි දාන්න ඕනේ.
Panasonic කැමකෝඩර් එකේ ලෙන්ස් දෙකක් විතරයි තියෙන්නේ. ඒත් JVC වල ලෙන්ස් දෙකෙන් එන වීඩියෝ දෙක Sensor දෙකකින් Process කරනවා. ඒ නිසා 3D ගතිය වැඩියි
මම පාවිච්චි කරන්නේ
Sony HDR-TD10 කියන 3D වීඩියෝ කැමරාවයි. මේක තමයි ලෝකයේ පලවෙනි Double Full HD 3D කැම්කෝඩර් එක. මේකේ ලෙන්ස් දෙකකක්, සෙන්සර් දෙකක් හා ප්‍රොසෙසර් දෙකක් තියනවා. ඒ නිසා JVC වලට වඩා 3D ගතිය හොඳයි. MTS ෆෝමැට් එකෙන් තමයි රෙකෝඩ් වෙන්නේ.
මේ වගේ කැමරාවකින් අපි ගන්න 3D වීඩියෝ එකක් 3D ෆොටෝ බලනවා වගේ CD එකක හරි DVD එකකට හරි රයිට් කරලා 3D බ්ලූරේ එකෙන් ප්ලේ කළාට 3D විදිහට පේන්නේ නැහැ. (බ්ලුරේ වල රයිට් කරලා නැහැ මම)
(හැබැයි 3D TV වල තියනවා "Simulated 3D" කියල ඔප්ෂන් එකක්. ඒක ඔන් කළාම ඕනේම 2D වීඩියෝ එකක (සිරස, ස්වර්ණවාහිණී,....) 3D ගතියක් පේන්න ගන්නවා.
Dish TV වල දෙන Full HD channels වලයි නෝමල් Bluray films
වලයි 3D ගතිය ටිකක් වැඩියි. ඒත් TV එකෙන් ඉසරහට එන විදිහට Full 3D පේන්නේ ඔය කලින් කිව්වා වගේ Full 3D camcorder එකකින් ගත්ත වීඩියෝ හරි, 3D බ්ලූරේ එකක් හරි බලද්දී විතරයි)
3D TV එකෙන් කණ්නාඩි දාගන බලද්දී අපි Horizontally හරි Vertically හරි වෙනස් වුනාට පේන වීඩියෝ එකේ වෙනසක් වෙන්නේ නැහැ. (ෆොටෝ බලද්දී නම් ඒ විදිහටම ෆොටෝ එකත් වෙනස් වෙනවා පේනවා). ඒත් 3D කැමරා වලයි, කැම්කෝඩර් වලයි display එහෙම නැහැ. අපි ඔලුව හෙල්ලුවොත් ෆොටෝ එක හරි වීඩියෝ එක හරි 3D විදිහට පේන්නේ නැහැ. ඒත් 3D TV වල අපි ඔලුව වම් පැත්තට හරි දකුණු පැත්තට හරි නැමුවොත් 3D නැති වෙනවා.
3D Glass
3D බලන කණ්නාඩි වර්ග දෙකක් තියනවා. එකක්
Active ග්ලාස්, අනික
Passive ග්ලාස්. අපි 3D ෆිල්ම් එකක් බලන්න හෝල් එකකට ගිහාම දෙන්නේ Passive ග්ලාස්. ඒක නිකන් පොලරයිස්ඩ් කණ්නාඩි දෙකක් වගේ. LG TV වලින් 3D බලන්නත් පාවිච්චි කරන්නේ පැසිව් ග්ලාස්. ඒවා ඇක්ටිව් ග්ලාස් වලට වඩා සැහැල්ලුයි, සැහැල්ලුයි, බරින් අඩුයි, මිලත් අඩුයි.
ඒත් සෝනි, පැනසොනික් වගේ අනිත් හැම 3D TV එකකම 3D බලන්න යොදාගන්නේ ඇක්ටිව් ග්ලාස්. ඒවගේ වෙනස තමයි කණ්නාඩි දාගන ස්විච් එකක් ON කරගන්න ඕනේ. ඊට පස්සේ TV එකත් එක්ක IR වලින් සම්බන්ධ වුනාම තමයි 3D පේන්න ගන්නේ. නැතිනම් රූප ඩබල් වෙලා TNL පේනවා වගේ තමයි පේන්න්නේ. කණ්නාඩියේ තියන battary එකකින් ක්‍රියාත්මක වෙන්නේ.
Active ග්ලාස් කියන්නේ හරියට LCD එකක් වගේ. 3D ඉමේජ් එකක් හැදෙන්නේ ලෙන්ස් දෙකෙන් රෙකෝඩ් වෙන ඉමේජ් එකක් උඩ අනික වැටිලා. ඒ විදිහේ 3D සිග්නල් එකක් ආවම ඇක්ටිව් ග්ලාස් ඒකේ වම් පැත්තේ ග්ලාස් එකයි, දකුණු පැත්තේ ග්ලාස් එකයි වේගයෙන් මාරුවෙන් මාරුවට ඩිම් වෙනවා. ඒක කෙරෙන්නේ TV එකෙන් IR වලින් කණ්නාඩි දෙකට දෙන සිග්නල් එක අනුවයි. එතකොට 3D විදිහට ප්‍රොසෙස් වෙලා එන ඉමේජ් එක (හරි වීඩියෝ එක හරී අපිට 3D විදිහට පේනවා).
අදාල TV එකේ ජාතියට ගැලපෙන ග්ලාස් එකම මේකට ගන්න ඕනේ. පැනසොනික් වල ග්ලාස් එකෙන් සෝනි වල 3D පේන්නේ නැත්තේ ඒකයි. TV එකෙන් දෙන ඒ සිග්නල් එක කණ්නාඩිය අඳුරගන්න ඕනේ.
Passive ග්ලාස් වලින් කරන්නේ 3D විදිහට එන ඉමේV එකේ වෙනස් ආලෝකයන් බ්ලොක් කරන එක. එහෙම වුනාම 3D ඉමේජ් එකක් විදිහට පේනවා.
ඉස්සරහට එන 3D TV වලට මේ වගේ කණ්නාඩි දාන්න ඕනේ නැහැ. අර කලින් කිව්ව කැම්කෝඩර් වල, කැමරා ඩිස්ප්ලේ වල වගේ පියවි ඇසින් බලන්න පුළුවන් 3D විදිහටම. අපි කණ්නාඩි දාගත්තම ඒ කණ්නාඩි දෙකෙන් වෙන දේ TV එකේ ඩිස්ප්ලේ එකෙන්ම වෙනවා.
මම ගොඩක්ම කිව්වේ මගේ අත්දැකීම්. මේ වගේ දල අදහසක් ගත්තම තව කියවලා තේරුම් ගන්න පුළුවන්. මමත් දන්නේ ඔච්චරයි :P