සාහිත්‍ය - බ්ලොග් කියවනය

19 views
Skip to first unread message

Tera ®

unread,
Dec 12, 2009, 4:49:02 AM12/12/09
to

Ô තරංග Ô


සාහිත්‍ය - බ්ලොග් කියවනය

Link to සාහිත්‍ය - බ්ලොග් කියවනය

දැන් ඕනෑම පරිගණකයක සිංහල යුනිකෝඩ් ! ඇඩ්මින් බලතල ඕනෙම නෑ !!

Posted: 11 Dec 2009 04:15 PM PST

සිංහල !

සිංහල !!

සිංහල !!!

දැන් අන්තර්ජාලයේ අපේ වැඩ වැඩිහරියක් කෙරෙන්නේ සිංහලෙන් කිව්වොත් බොරුවක් නෙමෙයි. අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් පුරුද්දට වගේ මුගින්ම යන්නේ සිංහල බ්ලොග් කියවනයට. මම නම් පෞද්ගලිකව රටේ ලෝකේ වෙන දේවල් දැනගන්නෙත් සිංහල බ්ලොග් කියවලා. එන ඊමේල් වලින් 80%ක් විතර සිංහල. Facebook status update කරන්නෙ සිංහලෙන්. Tweet කරන්නෙ සිංහලෙන්.

තමන්ගෙ නිවසෙ පුද්ගලික පරිගණකයේ නම් අවුලක් නෑ, සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තියෙන නිසා පහසුවෙන් සිංහල කියවන්න, ටයිප් කරන්න පුලුවන්. ඒත් ලෝක අමාරුවක වැටෙන්නෙ Cyber Cafe එකකට, පරිගණක විද්‍යාගාරයකට වගේ සිංහල ස්ථාපනය කරලා නැති තැනකට ගියාම තමයි. මේ වගේ තැන්වලදී අපිට පරිගණකයේ admin privileges දෙන්නෙත් නැති නිසා Sinhala Tamil Kit එක ඩවුන්ලෝඩ් කරල ස්ථාපනය කරන්නත් බෑ. ඉතිං කොටු කොටු විදියට පේන සිංහල අකුරු දිහා බල බල හූල්ලලා ගෙදර එන්න තමා වෙන්නේ. (මම ඉස්සර කැම්පස් එකේ ලැබ් එකේදි ඕනෙතරං ඔහොම කරල තියෙනවා)

මේකට තරමක් සාර්ථක විසඳුම් දෙකක් කලින් දීලා තිබුනා. අපේ දසුන් සමීරගේ (යුනිකෝඩ් දෙයියා ! :D ) විසඳුම උනේ අදාල පරිගණකයට Sinhala Font එකක් පමණක් ඉන්ස්ටෝල් කරලා, හොඳින් සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ඇති පරිගණකයකින් DLL file කීපයක් අරගෙන අර පරිගණකයට කොපි කිරීම. නමුත් Font එකක් install කිරීමටත් admin බලතල අවශ්‍ය නිසා අපේ පහන් සරත්චන්ද්‍ර දීපු විසඳුම තමයි ස්වයංක්‍රීයව font එකත් ඉන්ස්ටෝල් වන සේ සැකසූ Portable Firefox එකක්. මේ ක්‍රම 2ම මම යම් යම් හදිසි අවස්ථාවලදී පාවිච්චියට ගෙන සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තා.

මේ ක්‍රම දෙකේම තිබ්බ අඩුපාඩුව තමයි සිංහල ලිවීමට ක්‍රමයක් නැති වීම. ලියන්න පුලුවන් උනේ UCSC Converter එක වැනි ටූල් එකක් පාවිච්චියෙන් පමණයි. මේක මම වගේ විජේසේකර කීබෝඩ් එකෙන් කොටන අයට හරිම අකරතැබ්බයක්.

ඉතිං දැං මේ සියලු බාධක මඬිමින්, සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර නැති පරිගණකයක සිංහල අකුරු හොඳින් බලාගැනීමටත්, විජේසේකර යතුරු පුවරුවෙන් ටයිප් ටයිප් කිරීමටත් හැකි නවතම ක්‍රමවේදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සද්කාර්යය කරලා තියෙන්නෙ මගේ ගම්පලාතේම පාසල් කාලයේ සමකාලීනයන් වන ඉසුරු උදාන හා පහන් සරත්චන්ද්‍ර විසිනුයි. මෙය Mozilla Firefox වෙබ් බ්‍රවුසරය සඳහා addon එකක්. නමින් qsFox (Quick Sinhala Fox).

මෙය භාවිකයෙන් සිංහල ලිවීමට කියවීමට, Sinhala Tamil Kit එකවත් කිසිදු සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් වත් ඒ පරිගණකයේ පිහිටුවා තිබීම අවශ්‍ය නැහැ. මේ ඇඩෝනය ඔබ වෙනුවෙන් ඒ සෑමදෙයක්ම කරාවි.

හොඳයි, මම මේ ගැන කතා කලා ඇති, මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් නිර්මාපකයන්ගෙන්ම වැඩි විස්තර දැනගන්න පුලුවන්:

http://blog.pahans.com/2009/12/qsfox-quick-sinhala-for-firefox-qsfox/

ඇඩෝනයේ නිවස්න පිටුවට මෙතැනින් යන්න: http://qsfox.mozdev.org

ඇඩෝනය බාගන්න පිටුවට මෙතැනින් යන්න: https://addons.mozilla.org/en-US/firefox/addon/53146

භාවිතයට උපදෙස් මෙතැනින් ගන්න: http://qsfox.mozdev.org/help.html

ඔන්න දැන් කොහේහරි පරිගණකයක සිංහල පෙනෙන්නෙ නෑ, එහෙමත් නැත්තම් රෙන්ඩරිං අල, කියලා දුක්වෙන්න ඕනේ නෑ. මේ ඇඩෝනය ඔබේ සියලු ප්‍රශ්න විසඳාවි. ඒ වගේම මෙහි නිර්මාපකයන්ට ස්තූතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා, මේ ඇඩෝන් එකේ code එක මහජනතාවට නිදහස් කරන්නත් ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා ආරංචි උනා. එහෙම නම් ඒක තව තවත් අගය කල යුතු කරුණක් වගේම මෙහි දියුණුවටත් එය රුකුලක් වේවි.

මේ ඇඩෝනය භාවිතයෙන් සිංහල කියවද්දී මෙන්න මේ ලිපියේ ආකාරයට සිංහල අකුරු පෙනුම ලස්සන කරගන්නත් අමතක කරන්න එපා !

ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.

qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි.

Posted: 11 Dec 2009 09:05 AM PST

පහුගිය කාලේ මම හදපු ඇඩ්මින් බලය නැතිව සිංහල යුනිකෝඩ් වැඩකරන portable Firefox එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය මේකෙ download කරන්න ලින්ක් එකක් ඒ අයගේ සයිට් වලින් ලබාදීලත් තිබුනා. මුලින්ම ඒ අයට ‍ස්තුතිවන්ත වෙන්න ඕන. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ වෙනකල් downloads 1300 ඉක්මවල තියෙනවා. මොනව උනත් unicode දාපු portable Firefox වල අඩුපාඩු කීපයක්ම තිබුනා.

1. .net framework එක නොමැති නම් manually fonts install කරගන්න සිදුවීම.
2. type කරන්න විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්න පහසුකමක් නැති නිසා එසැනින් පරිවර්ථකය පාවිච්චි කරන්න සිදු වීම. විජේසේකර හුරුවූ ගොඩක් අයට මේක ගැටළුවක් උනා.
3. portable firefox එකක් pen drive එකේ අරං ගියත් ආයෙත් ඒ මැෂින් එකට ආයෙත් fonts install කරන්න ඕන. restart කරන්න උනත් කතාව මේකමයි. ආයෙ fonts install  කරන්න ඕන.
4. admin account එක්ක හරියට වැඩ කරන්නේ නැහැ.

මේ අඩුපාඩු නිවැරදි කරන්න හිත හිත ‍ඉන්න කොට මේක Firefox extension එකකට ගන්න පුළුවං වෙයි කියල හිතුනා. මේ ගමන්ම Firefox extension එකක හරි, realtime විදියට හරි විජේසේකර layout එක හදන වැඩෙත් හිතේ කොනක තිබ්බා. එතකොට මම වැඩ පටන් ගත්තා විතරයි. එසැනින් පරිවර්තකයට බාස් වැඩ දිදී ඉන්නකොට ඉසුරුට(මම උසස් පෙල කරන කාලෙ මාත් එක්ක එකට පාඩම් කරපු) කැම්පස් එකේ project එකක් කරන්න අයිඩියාවක් ඉල්ලුවා මගෙන්. මිනිහට දුන්නා නම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියල හොඳටෝම දන්න නිසා problem domain එක, requirement එහෙම විස්තර කරලා portable Firefox වල‍ට ආපු ප්‍රතිචාර ටිකකුත් විස්තර කලා. project proposal එකට අනුමැතිය ලැබෙනත් ඉස්සෙල්ලා ඉඳංම ඉසුරු පොඩියට වැඩ පටන් ගත්තා. මම development පැත්තෙන් නං මේකට දක්වපු දායකත්වය 0 යි. මම කලේ අදහස් දීපු එක සහ ටෙස්ටිං පැත්ත.
portable sinhala unicode firefox එක්ක තිබුණු අවුල් සියල්ලම වගේ qsFOX සමඟින් විස‍ඳෙනවා.

qsFOX වැඩ කෑලි.

1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර  පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ. ;)
5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.

http://qsfox.mozdev.org වෙත පිවිසීමෙන් ඔබට qsFOX ගැන අලුත් ආරංචි දැන ගන්න පුළුවන්.

හ්ම්. දැන් කතා ඇති. බාගෙනම බලන්න. ඔබගේ වටිනා bandwidth එකෙන් 1Mb වත් කැප කරන්න වෙන්නෙ නෑ. තව මොනව හරි වෙනස් වෙන්න ඕන නම් isudana[at]gmail.comට හෝ pahan[at]pahans.comට කියන්න.

මෙන්න අපේ logo එක. qsFOX download කරන්න මෙතැනින්. භාවිතයට උදව් ගන්න මෙතැනට යන්න.


යුනිකෝඩ් පාවිච්චි කරන අයට අලුත් ආරංචියකුත් තියෙනවා. ලස්සන අලුත් fonts ටිකක් මඟ එනවා. ඒ වැඩේට දායක වෙන්න ලැබීම ගැනත් ගොඩක් සතුටුයි.

දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී

Posted: 11 Dec 2009 08:13 AM PST

38

පාත ඉඳන් සැනසෙන්නට වරම් නැතී
ඉහළ බැලූ සඳ හිසට ම කඩා පනී
මම සෙනවියා ඔබ කුමරිය ලොව දෙකකී
දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී


මාළිගාව පැල්පත යැයි වෙනස් නැතී
පෙම්වත් බව කියාලන්න වරම් නැතී
ගේට්ටුවයි සඳලුතලෙයි තැන් දෙකකී
මේ පැති එක්තැන් කරනුයේ කෙලෙස සකී


පිවිතුරු බවෙ උරුමය නුඹ එය දනිමී
රන් මිණි මුතුහර හා කෙළිලමින් සිටී
කලු කමිසෙට පිත්තල බොත්තම් ඇමිණී
මගේ ලොවේ කිරුළන්න ට නොහැකි මිණී


නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී
මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී
ආදරලොව පෙම් මල්දම් ගොතනු වැනී
සදාකලට නොලැබෙන පෙම් සුව විඳිමී

හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි෴

Posted: 11 Dec 2009 01:26 AM PST

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද "අසෙනිය කුසුම" සාහිත්‍ය උත්සවයේ එක් ඉසව්වක් වූ, ප්‍රථම වරට පවත්වන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී ශාකුන්තලගේ සටහන් පොත හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ බව හිතවත් පාඨක ඔබ වෙත දැනුම් දෙන්නේ හද පිරි නිහතමානී සොම්නසිනි. අසෙනිය කුසුම සාහිත්‍ය කලා උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ දී පසු ගිය නොවැම්බර් 27 වන සිකුරාදා උත්සවාකාරයෙන් පැවැත්විණ. මේ පිළිබඳව බ්ලොග් සටහනක් තැබීමට මෙතරම් ප්‍රමාද වූයේ සරසවි අධ්‍යයන කටයුතු වලට අදාළ...

ඉතිරියත්, තවත් බොහෝ දේත් කියවන්න ශාකුන්තලගේ සටහන් පොත නොවරදවාම බලන්න... (http://blog.shaakunthala.com/) අදහස් උදහස් info [at] shaakunthala.com ලිපිනය වෙත එවන්නත් පුළුවන්.

සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX – නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගය

Posted: 10 Dec 2009 09:15 PM PST

"මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? හ්ම්! දැන් ඔබට එය පිළිගන්න වෙනවා."


දැනෙන්නෙ පුදුම සතුටක්!

මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.

දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.

ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් [Sinhala Unicode enabled portable firefox] ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ මොනම හෝ Firefox වෙළුමක් (1.5 – 3.6.*) ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.

මොකද්ද මේ මහා පෙරළිය ?

මේ මහා පුළුවන්කම ලැබිලා තියෙන්නෙ එකම එක මොසිල්ලා ඇඩෝනයක් නිසා. මේ ඇඩෝනයෙ නම qsFOX. ඒ කිව්වෙ Quick Sinhala for Firefox (ගිනිහිවලා සඳහා ක්‍ෂණික සිංහල).


qsFOX 1.0 (මෙතනින් ඇඩෝනය බාගන්න)

http://qsfox.mozdev.org (ඇඩෝනයෙ නිළ වෙබ් අඩවිය)



මේ ඇඩෝනය ස්ථාපනය කළාම ඔබේ Firefox status bar එකට අලුතින් අයිකන දෙකක් එකතුවෙනවා. දකුණු පැත්තෙ තිබෙන EN ලෙස සඳහන් අයිකනයෙන් දැක්වෙන්නෙ දැනට ක්‍රියාත්මක යතුරුපුවරුව. එහි දැක්වෙන්නෙ 'EN' නම් ඉංග්‍රීසි යතුරුපුවරුව (F8), 'වි' නම් විජේසේකර යතුරුපුවරුව (F9), 'සි' නම් සිංglish යතුරුපුවරුව (F12). මේ අයිකනය මත ක්ලික් කිරිමෙන් වගේම වරහන් තුළ දක්වපු යතුරුපුවරු කෙටිමං (Keyboard shortcuts) මගිනුත් ඔබට සක්‍රීය යතුරුපුවරුව තෝරගන්න පුළුවන්. (හරියට අපි language bar එකෙන් යතුරුකරන භාෂාව තෝරනවා වගේ) වම් පැත්තෙ තියෙන qsFOX අයිකනයෙන් ඔබට මේ ඇඩෝනයෙ භාවිතාවන යතුරුපුවරු සම්මුතීන් සහ ඇඩෝනය පිළිබඳ විස්තර බලාගන්න පුළුවන්. ඔය පහලින් දැක්වෙන්නෙ qsFOX අයිකනය ක්ලික්කල විට දිස්වන ආකාරය.


සතුටුයි සහ ආඩම්බරයි කියන්න. මේ වටිනා නිර්මාණය අපේ මොරටුව සරසවියෙ, පරිගණක විද්‍යා හා මැවිසුරු අධ්‍යයනාංශයෙ තෙවන වසරෙ සොයුරෙකුගෙ කුළුඳුල් නිර්මාණයක්. ඔහු තමයි ඉසුරු උදාන සොයුරා. මොහු සිංහල බ්ලොග්කරුවෙක් නොවුනට සිංහල බ්ලොග් පාඨකයෙක් සහ රසවතෙක්. (සිංහලට ආදරයක් නැති කෙනෙක් නම් මේ වගේ නිර්මාණයක් කරයියෑ නේද?) මගේ මේ සිංහල බ්ලොගයෙ මුල්ම කාලයෙ ඉඳන් ඔහු Follower කෙනෙක් වීමෙනුයි මමත් ඔහුව අඳුනගත්තෙ. දැන් නම් ඉතිං දෙන්නම එකම අධ්‍යයනාංශයෙ.

තව දෙයක් තියෙනවා කියන්න. මේ නිර්මාණකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති සංකල්පය දෙමින් සහ දෝෂ සකසමින් මේ සඳහා අත්වැල සපයලා තියෙන්නෙ කොළඹ සරසවියෙ පරිගණක අධ්‍යයන ආයතනයෙ තෙවන වසරෙ සොයුරෙක් සහ අපේ සහෝදර සිංහල බ්ලොග්කරුවෙක් වන පහන් සොයුරා. මේ දෙන්නම පාසල් කාලයෙ ඉඳං යාළු මිත්‍රයො බව තමයි ආරංචිය.

තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක් බිහිවෙද්දි ඒක නිර්මාණය වෙන්නෙ මොරටුවෙන්ද, කොළඹින්ද, ජපුරෙන්ද, පේරෙන්ද, රුහුණෙන්ද, SLIIT එකෙන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයෙන් අපේ රටට වෙන සේවය කෙබඳුද කියන එක. නේද? කොහෙන් නිර්මාණය වුනත් ඒකෙ ඵල ප්‍රයෝජනය තියෙන්නෙ අපි හැමෝන්ටමනෙ නේද? නැතුව හදපු තැන අයට විතරක් නෙමෙයිනෙ. ඉතිං අපි හැමෝම මේ නිර්මාණයෙන් ප්‍රයෝජන ගමු.

අපේ මේ සිංහල බ්ලොග්කරණයට මේ වගේ අංග උපාංග එකතු වීමෙන් වෙන්නෙ සිංහල බ්ලොග්කරණය තව තවත් දිරිගැන්වෙන එක. කොටින්ම දැන් අපිට වැඩපලේදි සරසවියෙදි විතරක් නෙමෙයි අපේ නංගිලා මල්ලිලාට උනත් කිසිම කරදරයක් නැතුව ඉස්කෝලෙදි උනත් බ්ලොග් පෝස්ටයක් ලියලා පළ කරන්න පුළුවන් දැන්.

මේ සිංහල බ්ලොග්කරණය දිනෙන් දින දිරිගැන්වීමෙන් වෙන්නෙ මේ අන්තර්ජාලයෙ තියෙන සිංහල අන්තර්ගතය (Content එක) දිනෙන් දින වැඩි වර්ධනය වෙන එක. ඉතිං ඒකම නේද අපේ මේ සිංහල බ්ලොග්කරුවන්ගෙ ඒකායන අරමුණ? මේ අන්තර්ජාලයෙ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි උනොත් විතරයි කවදාහරි දවසක අපිට අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දැනුමක් සිංහලෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නෙ. මේ සඳහා සිංහල බ්ලොග්කරුවන්ගෙන් ඉටුවෙන සේවය නම් අමිලයි. ඒත් ඉතිං තාම ඒක වගකිවයුත්තන්ට නොතේරීම නම් කණගාටුදායකයි.

‍ඒ මොනා උනත් අපි කරමු අපේ වැඩේ. අපිට ලැබෙන මේ සෑම අංගෝපාංගයකින්ම සන්නද්ධ වෙලා උරදෙමු මේ අන්තර්ජාලයේ තිබෙන සිංහල අන්තර්ලතය වැඩි වර්ධනය කරන්නට!

සිංහල බ්ලොග්කරුවන්ට ජය! මේ උපාංගය නිර්මාණය කළ ඉසුරු උදාන සොයුරාට ප්‍රණාමය!

අපි වගේ?

Posted: 10 Dec 2009 08:45 PM PST

වැස්සට තෙමී තෙමී...
අව්වට වේලි වේලි ...
එකට එක් වී හැමදාම..
ළං ළංව හිටියත්...
කවදා එක් වෙයිද..
අපි වගේ?

එක්සත් ජනපද අවශ්‍යතා සහ ලංකාව

Posted: 10 Dec 2009 04:18 PM PST

අජිත් පැරකුම් ජයසිංහ - එක්සත් ජනපදය හෙවත් අප සාමාන්‍යයෙන් දන්නා ඇමරිකාවට එරෙහි වීම හෙවත් ඇමරිකන් විරෝධය ලොව පුරා ජනප්‍රිය දේශපාලන විලාසිතාවකි ඒ අනුව, ලංකාව හොඳ නැතැයි කියා රට හැර ගොස් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගත් අය පවා ඇමරිකන් විරෝධී මෝස්තරකාරයෝ වී සිටිති. සෑම සිද්ධියක් පිටුපස ම පාහේ ඇමරිකන් කුමන්ත්‍රණයක් දැකීමට ඇතැමෙක් කැමති ය. ඇමරිකාව ලෝකයේ ආධිපත්‍යය හිමි කරගෙන සිටින්නේ

මහින්ද රාජපක්ෂ ප්‍රභූවරයෙක් නොවෙයි -චම්පික රණවක

Posted: 10 Dec 2009 03:43 PM PST

(2009 දෙසැම්බර් 11 - W3Lanka) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රභූවරයකු නො වන බව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක අද දිනමිණ පුවත්පතට පවසා ඇත.  රාජ්‍ය නායකයා වශයෙන් නිර්ප්‍රභූ නායකයකු පත් වුවහොත් ඔහු එතැනින් එලවා දැමීමේ කුමන්ත්‍රණ පිළිබඳ ලෝක ඉතිහාසයේ මෙන්ම මෙරට ඉතිහාසයේ ද ඕනෑ තරම් ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළ බව දිනමිණ පුවත්පත පවසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයත් වන පවුල ලංකාවේ

සරත් ‍ෆොන්සේකාගේ පෝස්ටරයට අනුර යාපාගෙන් අමතර ප්‍රචාරයක්

Posted: 10 Dec 2009 03:21 PM PST

(2009 දෙසැම්බර් 11 - W3Lanka) විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන් ‘මට පෙර මගේ රට’ යන පාඨය සහිතව ඊයේ දිවයින පුරා අලවා තිබූ පෝස්ටරයට මාධ්‍ය හා තොරතුරු ඇමති අනුර යාපා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේදී අමතර ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කළේ ඇයි ද යන්න රජයේ නායකයන්ගේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ.  පැරණි දිනමිණ පුවත්පතක් පෙන්වමින් ‘මට පෙර මගේ රට’ යන

නත්තලත් ලග ලගම…

Posted: 10 Dec 2009 09:22 AM PST




කොහොම හරී අවුරුද්දකුත් ඉවරවෙන්න ලගයී. දන්නෙම නෑතිව තවත් අවුරුද්දක් ගතවුනා. හ්ම්.. මේ දවස් වල නිවාඩු හින්දා එච්චර වෑඩ රාජකාරියක් නෑහෑ. ඉතින් දවසම ඉන්නේ ජංජාලේ ඈතුලේ . වෑඩිපුරම මුහුණු පොතේ. මේ දවස් වල පරිසරය ටිකක් වෙනස් වෙලා. එ කියන්නේ උදේට එහෙම හරිම සීතල ගතියක් තියනවා. එ කිව්වේ නතතල් සීතල. දෑන් ඉතින් නත්තල ලග ලගම නේ. එක නිසා මම බ්ලොග් එකට පොඩි වෙනස්කම් කිපයක් එකතු කලා. ඩිසයින් එක චාටර් ද මන්දා.
 

නිකමට වගේ බෑලුවා නත්තලට කලින් කරන්න ඔනේ දේවල් ලිස්ට් එක.
 
1. කාමරේ අස් කරන්න ඔනේ.
2. මකුනු දෑල් වගයකුත් තියනවා අස් කරන්න.
3. ගවලෙන සෑදීම. ( දෑන් ඉතින් ලී හොයපන් කෝ ) දෑන්මම පිදුරු ටිකකුත් හොයලා තියාගන්න ඕනේ. නෑතිනම් එකත් සල්ලීවලට තමයී.
4. නත්තල් ගහත් හදන්න ඔනේ. ( අමුතුවෙන් ඈති දෙයක් නෑහෑ, ප්ලාස්ටි නේ )
5. ඉස්සර නම් ගවලෙන වටේට තියන්න , වී පෑලත් හිටෙව්වා. වෙලාවක් තිබුනොත් එකත් කරලා බලන්න ඔනේ.
6. නෑදෑ කස්ටියට නත්තල් කාඩ් ලියන්නත් ඔනේ. නෑතිනම් එ ගොල්ලත් එක්ක ටච් එකේ හිටියේ නෑහෑ කියලා කියයී. නත්තල් කාඩ් කියද්දී මතක් උනේ , පොඩි කාලේ නම් German වල හිටපු නත්තල් සීයා කෙනෙක්ටත් ලියුම් ලිව්වා. හෑම එකකටම රිප්ලයී එකකුත් ආවා. දෑන්නම් ඉතින් ඕවට ආසාවකුත් නෑහෑ.

 

 



7. අහස් කූරු ටිකකුත් ගන්න ඔනේ. අහස් කූරු උනාට එවා යවන්නේ නම් කානු දිගේ.

ඔන්න ඔය ටික තමයී දෑනට ඉවර කරගන්න තියෙන්නේ. වෙලාවක් තිබුනොත් තව ටිකක් දේවල් ලියන්නම්.
 




Reply all
Reply to author
Forward
0 new messages