windows xp service pack 3 සඳහා නිවැරදි ව සිංහල ස්ථාපනය කර ගන්නේ කෙසේද? www.siyabas.lk හා www.locallanuages අඩවි වලින් උත්සාහ කල මුත් එය 100% ක් නිවැරදිව ක්‍රියාත්මක නොවෙයි. මෙය නිවැරදිව කරගන්නා අයුරු පහදා දෙන්න.
වින්ඩෝස් එක්ස්පී එස්පී 3 (Windows XP Sp3) භාවිතා කරන සමහර කොම්පියුටරවල
කොම්බුව හරිතැනට එන්නේ නෑ. මේකට හේතුවනම් usp10.dll හි අනුවාදය නිවැරදි
එකක් නොවීමයි. http://en.wikipedia.org/wiki/Uniscribe
සිංහලවලට හරියන අනුවාදය වන්නේ 1.601.5022.8 නමුත් සමහර පරිඝණකවල එය
1.420.2600.5512 ලෙස තිබේ. මෙවිට මෙම සිංහල විදහාපෑම නිවරදිව සිදු
නොවෙයි. ඔබ කලයුත්තේ නිවරදි ගොනුව ප්‍රතිස්ථාපනය කිරීමයි.
මෙතනින් බාගන්න.
http://www.dlldump.com/download-dll-files_new.php/dllfiles/U/USP10.DLL/1.601.5022.8/download.html
ඔබේ වර්ථමාන අනුවාදය සොයාගන්නා අයුරු:
c:\Program Files\Common Files\Microsoft Shared\MSinfo\msinfo32.exe
ඔබට අවශ්‍යවන්නේ මුළු පද්දතිය පුරාවට බලපාන ලෙස වෙනස් කිරීමටනම් c:\windows
\system32\ හි වෙනස් කල යුතුය. නමුත් ඔබට අවශ්‍ය ලියැලුම සඳහා පමනක් වෙනස්
කිරීමට අදාල තැනට පිටපත් කරන්න.
eg:
c:\Program Files\Internet Explorer\
D:\Program Files\Opera
Note
c:\windows\system32\ හි වෙනස් කිරීමට ඔබත සේෆ් මෝඩ් (safe Mode) වලින්
පටන් ගත යුතුය.
/නිශාන්ත
http://bingunada.blogspot.com/