ජංගම දුරකථන සඳහා සිංහල/දෙමළ යුනිකෝඩ් පූර්ණව සහය දක්වන වෙබ් බ්‍රව්සරයක්!

25 views
Skip to first unread message

ධනික | Dhanika

unread,
Jan 17, 2011, 11:38:50 PM1/17/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇන්ඩ්‍රොයිඩ් (Android) ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය සඳහා සිංහල/දෙමළ
යුනිකෝඩ් පූර්ණව සහය දක්වන ජංගම අන්තර්ජාල ගවේශකයක් (mobile web
browser), මාගේ තෙවෙනි වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා විසින් නිර්මාණය කරනු
ලැබුවෙමි.

SETT Browser නමින් නම් කර ඇති මෙම අන්තර්ජාල ගවේශකයෙන් Android 2.2 ට
ඉහළ අනුවාද වලදී සිංහල/දෙමළ වෙබ්පෙළ (webtext), සිංහල/දෙමළ ස්වභාෂා අක්ෂර
මාලාවෙන්ම සහ Android 2.0.1 ට ඉහළ අනුවාද වලදී සිංහල/දෙමළ වෙබ්පෙළ, අක්ෂර
පරිවර්තනය (transliterate) කරන ලද ලතින් අක්ෂර මාලා‍වෙන් කියවීමේ හැකියාව
ඇත.

මෙම ජංගම අන්තර්ජාල ගවේශකය බාගත කරගැනීම සඳහා පහත සඳහන් ලිපිනයෙන් මෙම
ව්‍යාපෘතියේ නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.
http://code.google.com/p/sett-browser/

මෙම ගවේශකය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත ලිපින වල ඇති සිංහල
හෝ ඉංග්‍රීසි ලිපි කියවන්න.
සිංහල: http://dhanikauom.blogspot.com/2011/01/sett-browser-for-android.html
ඉංග්‍රීසි: http://www.dhablog.co.cc/2011/01/read-sinhalatamil-webpages-conveniently.html

මෙම ව්‍යාපෘතිය නිදහස් හා විවෘත-මූලකේත (free & open-source)
ව්‍යාපෘතියක් වන අතර මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ව්‍යාපෘති
වෙබ් අඩවිය හරහා ව්‍යාපෘතියට දායකත්වය ලබා දිය හැක.

එමෙන්ම මෙම සිංහල/දෙමළ අන්තර්ජාල ගවේශකය පිළිබඳ ඔබගේ අදහස්, යෝජනා හා
පුනරීක්ෂණ (reviews), ව්‍යාපෘති නිළ අඩවියේ Comments නම් විකි පිටුවේ
සඳහන් කරන ලෙසද, දෝෂ ඇත්නම් ඒවා Issues යටතේ වාර්තා කරන මෙන්ද කාරුණිකව
ඉල්ලමි.

ව්‍යාපෘතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා සිංහල යුනිකෝඩ් සමූහයේ
ක්‍රීයාකාරී සමාජිකයින් වන ඔබගේ අදහස් හා යෝජනා මහත් සේ ඉවහල් වනු ඇත.

ස්තූතියි!

ධනික කෞශල්‍ය පෙරේරා
උපාධිශිෂ්‍ය,
පරිගණක විද්‍යා හා මැවිසුරු අධ්‍යයනාංශය,
මොරටුව සරසවිය‍
http://dhanikauom.blogspot.com
http://www.dhablog.co.cc

Udendra

unread,
Jan 19, 2011, 10:43:44 PM1/19/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අගේ ඇති වැඩක්! Android නොවන ජංගම දුරකථන සඳහා ඔබ දන්නා මෙවැනි browser
තිබේද?


On Jan 18, 9:38 am, ධනික | Dhanika <dhanikaper...@gmail.com> wrote:
> ඇන්ඩ්‍රොයිඩ් (Android) ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය සඳහා සිංහල/දෙමළ
> යුනිකෝඩ් පූර්ණව සහය දක්වන ජංගම අන්තර්ජාල ගවේශකයක් (mobile web
> browser), මාගේ තෙවෙනි වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා විසින් නිර්මාණය කරනු
> ලැබුවෙමි.
>
> SETT Browser නමින් නම් කර ඇති මෙම අන්තර්ජාල ගවේශකයෙන් Android 2.2 ට
> ඉහළ අනුවාද වලදී සිංහල/දෙමළ වෙබ්පෙළ (webtext), සිංහල/දෙමළ ස්වභාෂා අක්ෂර
> මාලාවෙන්ම සහ Android 2.0.1 ට ඉහළ අනුවාද වලදී සිංහල/දෙමළ වෙබ්පෙළ, අක්ෂර
> පරිවර්තනය (transliterate) කරන ලද ලතින් අක්ෂර මාලා‍වෙන් කියවීමේ හැකියාව
> ඇත.
>
> මෙම ජංගම අන්තර්ජාල ගවේශකය බාගත කරගැනීම සඳහා පහත සඳහන් ලිපිනයෙන් මෙම

> ව්‍යාපෘතියේ නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.http://code.google.com/p/sett-browser/


>
> මෙම ගවේශකය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත ලිපින වල ඇති සිංහල
> හෝ ඉංග්‍රීසි ලිපි කියවන්න.
> සිංහල:http://dhanikauom.blogspot.com/2011/01/sett-browser-for-android.html

> ඉංග්‍රීසි:http://www.dhablog.co.cc/2011/01/read-sinhalatamil-webpages-convenien...

Reply all
Reply to author
Forward
0 new messages