බොහෝ දෙනෙක් සිංහළයේ කියන බස හා ලියන බස යයි දෙකකට බෙදති. ඕනෑම බසක
මෙවැනි බෙදීමක් ඇති බව නො රහසකි. නමුත් කියන බසට වියරණයෙන් තොර "වල්
බූරු නිදහසක්" ඇතැයි නො සිතමි.
උක්ත/අනුක්ත බෙය නිවැරදිව යොදන්නේ නම්, "කියන බසේ" වියරණය මැරීම බොහෝ අඩු
වන බව ඇසීමි. ඒ අනුව පහත වැකි දෙකම වියරණයෙන් වැරදි නැත.
"මම ගමට යමි"
"මා ගමට යනවා"
නමුත් "මම ගමට යනවා" යනු වැරදි යෙදුමකි.
එ සේම, "මං" යනු "මා" යන්නට සමාන ලෙස සැලකූවොත්, "මම" වෙනුවට "මං"
යෙදීමෙන් කියන බසේ වියරණ මැරීම අඩු කල හැකි වේ යයි සිතේ. ඒ අනුව, "මං
ගමට යනවා" යන්න ද නිවැරදි යෙදුමක් වේ. ලෝ වැඩ සඟරාවේ ඇති "මම් සතොසින්
නමඳිම්" යන්නෙහි "මම්" යන්න නම් "මම" යන්නට සමාන පදයෙකි.
ඒ අනුව, ලියුම් සහ බ්ලොග් ලිවීමේදී, මේ උක්ත අනුක්ත බෙය ගැන තව උනන්දු වෙමු ද?
අනුරාධ
ප.ලි.: "වල් බූරු නිදහස" යන යෙදුම මා මුලින් ම දුටුවේ, මාර්ටින්
වික්‍රමසිංහයන් ලියු පසිඳු "බමුණු කුලය බිඳ වැටීම" නම් පුවත් පත්
ලිපියෙනි.
--
http://www.sayura.net/anuradha/
ඇයි ඒ?
ඉතහ උදාහරණ දෙකේම "වියරණ මැරීම" නිසා අරුතට හානියක් වී නෑ. බස යනු
හුදෙක් අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යයක් නම්, ඉහත වැකි දෙකම එක සේ නිවැරදි
හෝ වැරදි විය යුතු යි.
මෙ සේ සිංහළයට කරන අඩු සැලකිල්ල ගැනයි මා කීවේ.
බස ඉදිරියට යන්නේ සමාජයේ අවශ්‍යතා මත යි. එය බලහත්කාරයෙන් සමාජයට ඇතුළු
කල නොහැකි බවට කිසි ම විවාදයක් නැත. බසක ඇති අනවශ්‍ය දේ ඉවත් කර සුදුසු
පරිදි සැකසීම සමාජයේ යෙදුම් මගින්ම සිදුවනු ඇති.
වරුණ කීවාක් මෙන් බස මෙවලමකි. මෙවලමෙන් වැඩක් ගත නොහැකි නම් එය වැඩ ගත
හැකි ලෙස නමා ගත යුතු යි.
බසක යෙදුම් දෙස බලා වියරණය (රටාව) සෙවිය යුතු ය මිස වියරණය මුලින් ලියා
බස කතා කරවීම විහිළුවක් ය යන තකුවෙහි වරදක් ඇතැයි ද නො සිතමි.
මා කියන්නට උත්සාහ කරන්නේ එය එ සේ නොවිය යුතු බව නම් නො වේ.
වසර ගනනකට පෙර, මා 10 පංතියේ ඉගෙන ගන්නා කාලයේ, වරක් මල්වතු අනු නා
හිමියන් බැහැ දැකීමට නෑයෙක් සමග ගිය විටෙක, හිමියන් පන්සලේ නොසිටි නිසා,
අසල පන්සලක ඉතා වයෝවෘධ හිමි නමකගෙන් ඒ ගැන විමසීමු. එ විට ඒ හිමියන්
දුන් පිළිතුරයි මේ:
"දරුවා, මා දුටුවා පඤ්ඤාසේකර හාමුදුරුවෝ දානෙකට වඩිනවා."
මේ හිංගලය එ දා අපට මහ ම අරුමයක් විය. එ දා දවසම මේ නුහුරු "මා දුටුවා"
යන්න ගැන සිනාසීමු. යක්කඩුවේ හාමුදුරුවන් කියන එම ම කතාවට ද මා එකඟ
වන්නේ එ බැවිනි.
මුලින් ම සිංහළය අද ඇත්තේ කුමන තැනකදැයි සැලකීම වටී යයි මා පුද්ගලිකව
සිතමි. බස වැටී ඇති කලෙක එහි රටාව බලා මේ වියරණය යැයි සැලකීම කෙතරම්
නිවැරදි ද?
බස වැටී ඇතැයි මා කියන්නේ ඇයි?
1835 දී බ්‍රිතාන්‍ය යටත් විජිත වල පාලනය ගැන පනතක් සම්මත විය (එහි හරි ම
විස්තර මා ලඟ මේ මොහොතේ නෑ, සොයා කියන්නම්). එහි අරමුණු තුනකි:
1. යටත් විජිත වල බස් යටපත් කර, ඒ වෙනුවට ඉංගිරිසිය ප්‍රචලිත කල යුතු යි
2. යටත් විජිත වල හැදියාව (culture) යටපත් කර, වෙනුවට බටහිර හැදියාව ගෙන ආ යුතුයි
3. යටත් විජිත වල සිප්ලකුව (තාක්ෂණය) යටපත් කර, ඒ වෙනුවට බටහිර සිප්ලකුව
ගෙන ආ යුතු යි
මේ වැඩ පිළිවෙල, වෙසෙසින් ම 1 හා 2, මල් පල දරා ඇති බව මගේ අදහස යි.
මෙහි පලය අද ආර්ථික හා පංති බේදය හා කොතරම් තදින් බැඳී ඇත්දැයි බලන්න.
ඉංග්‍රීසි කතා කරන කොලඹ "සුපිරි" පංතියේ කෙනෙක් තම සිංහළ "නොහැකියාව" ගැන
ලැජ්ජාවක් නො දක්වයි. (එය වරදක් නො වේ, තමන්ට බැරි දේ හැංගීමට උත්සාහ
කිරීමයි වරද). දුර ඈත ගමකට එවැන්නෙක් ගියොත්, තම බස් වහර නිසා ගම්මුන්
මොනවා හිතයිදැයි සිතා කරදර නොවන බව අප කොතෙකුත් දැක ඇත.
අනිත් අතට සිංහළ හොඳින් කතා කරන, එතරම් ඉංගිරිසිය බැරි කෙනෙක්, තම සිංහළ
උසුරුවන අයුරින් තමන් "ගමේ කෙනෙක්", "ගොඩයෙක්" යයි එලි වේ යයි කරදර වෙන
අයුරු ද අප අනන්ත දැක ඇත. ඒ නිසා, අනර්කලීගේ සිංහළය තරම්ම නොවුනත්,
ටිකක් ඉංගිරිංසි ඇක්සන්ට් එකක් දැමා මේ "අඩුව" වසා ගන්නට ඔවුහු උත්සාහ
කරති. ;-)
ඒ හිතින් මවාගත් පංති බේදයක් නිසා බසට වී ඇති හානියයි (එය සැබවින් ම
හානියක් දැයි විවෘතව සොයා බැලීම වෙනම ප්‍රශ්ණයකි). බැරි කෙනා ලැජ්ජා නො
වේ. හැකි කෙනා මවාගත් ලැජ්ජාවක් වසා ගන්නට බැරි බව පෙන්වන්නට හදයි.
අනිත් අතට, සිංහළය ඉගෙන ගැනීමෙන් ආර්ථික වාසියක් නොවෙන්නාක් මෙන්ම, එය
බැරි වීමෙන් පාඩුවක් ද නොවේ. ඉහට සම්මුඛ පරීක්ෂණ උදාහරණය ම බලන්න.
ඉතින් අප අද ජීවත් වන්නේ වසර සීයකට වැඩි කාලයක් සිංහළය නැති කිරීමට නිල
මට්ටමේ වැඩපිලිවෙලකින් පසු ව ඒ තත්ත්වය තවත් වැඩි දියුණු වීමට තුඩු දුන්
සමාජ ආර්ථික පසුබිමක යි. එවන් කලක ඇති බසක් දෙස බලා "මෙය හොඳ බස්
රටාවක්", එනම් වියරණයක් යයි කීම මා අනුමත නොකරමි.
අවසාන වශයෙන් මගේ ඒ තර්කයට විරුද්ධ අදහසකුත් ලියන්නම් ;-)
"හොඳ වියරණය" කෙ සේ වෙතත්, "නිවැරදි වියරණය" නම් ව්‍යවහාරයයි. ඒ ගැන
ආනන්දවර්ධනයන් හා මා එකඟ වෙමි.
අනුරාධ
2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:
> කලින් කිව්වෙ මගේ පුද්ගලික අදහස. කට බසේ වියරනය ලිවීමට ගන්නා අයට (බොහෝ
> බ්ලොග්කරුවන්ට, සමකාලීන ලේඛකයින්ට, ජනමාධ්‍යවලට) මෙය අදාල නිසා ප්‍රතිචාරයක්
> හැටියට තවත් පොඩි දෙයක් පල කරනවා. මේ තරම් ඉඩක් ගැනීම ගැන කමන්න ;)
>
> 'මම යමි' කියලා ලියන වියාකරනයක් තියෙනවා. 'මම යනවා' කියන එකත් වියාකරනානුකූලව
> තියෙනවා ව්‍යවහාරයේ. ඔය දෙක මැද්දෙන් 'මා යනවා' කියලා අමුතුම එකක් වාත්තු
> කරගන්නෙ අහවල් දේකටද? බාසාව තවත් විච්චූරනයක්, ප්‍රහේලිකාවක් වෙනව නේද ඒකෙන්?
> බ්ලොග් කියන්නෙ නිදහස් මාධ්‍යයක්. සිංහලයින් කතා කරන භාශාවේ දැනට පවතින වියරනය
> ලිවීම සඳහා යෙදීමට ඇති නිදහස "වල්බූරු නිදහසක් ය" කියන එකටත් මම නම් විරුද්ධයි
> :D ඔය බලන්න. අපිට කියවෙන්නෙ නෑ නොවැ මා කියල :P මම විරුද්ධයි කියන යෙදුම
> වියාකරනානුකූලත් නැහැ. ස්වල්ප දෙනෙකුගේ පාන්ඩිත්‍යය පෙන්නන්න හදපු ප්‍රයත්නයක්
> නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන, පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග
> 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් අදත් කළ යුතුව තියෙන්නේ : අපේ භාසාවේ
> බොහෝ දෙනාගේ ව්‍යවහාරයෙහි පවත්නා, එවැනි වෙනස් නොවන, වෙනස් කරන්ටත් බැරි භාසා
> ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනුම නේද!"
>
> උපුටනය -ප්‍රඥාරාම හිමියන්ගේ වනකතා පොත් අංක 1 - මිතුරන් කෙටවීම නමැති කෘතියේ
> සංඥාපනයෙන්. (1947)
>
>
>
>
> 2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:
> --
> Anandawardhana
> http://webalochana.blogspot.com
> >
>
ඇත්තටම අදකාලේ ඔය ඉස්කොල වල හෝ වෙන තැන් වල මේ හරි සිංහල කතා කරනවද ?
මේ සිංහල ගැන ලොකුවට කතා කරන අයම නොවෙද අර කියන ලමයා සමමුඛ පරීක්ෂණයකට ඇවිත් සුද්දගේ බාසාව බැරිනම් හලන්නේ ?
මේක තමයි ඇත්ත. දැන් මිනිසුන්ට සිංහල හදනවාද නැත්නම් බඩ වේල ගැටගහගන්නවාද කියන තැනට නේද මේ රට ඇවිත් තියෙන්නේ ?
හරියට ම හරි!
ඒක තමයි මා කීවේ, මේක සමාජ ආර්ථික ගැටළුවක්, බස ගැනම එකක් නො වෙයි.
නමුත් මේක අද ඊයෙ වුනු දෙයක් නො වෙයි. යටත් විජිත කාලෙ ඉඳලම ඉංගිරිසි
කතා කලේ නැත්නම්, කලිසමක් ටයි එකක් දැම්මෙ නැතිනම්, රැකියාවක් ගන්න බැරි
තත්ත්වයක් තමා තිබුනෙ.
අපේ පියා ජීවත්ව ඉන්න කාලෙ කීවා මෙහෙම එකක්:
"වෛයාකරණං අකාරණං, පණ්ඩුල නාලං කාරණං"
මං හිතන්නේ "පණ්ඩුල" කියන වදන හරි වෙන්න ඕනෙ. ඉස්සර බමුණො එහෙම කියුවලු.
ඒ කියන්නෙ, වියාකරණය නෙවෙයි කාරණය, හාල් නැලියක් හොයාගන්න එක තමයි කාරණය
කියල!!!
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
මීට කලිනුත් මේ වගේම "වරදක්" මගේ බ්ලොග් එකේ නන්දලාල් වෙද මහතා පෙන්වා
දුන්නා. පෙන්නා දීම ගැන පිං. :D
ඉංගිරිසියෙන් "I lives in Colombo" කියා ලියවෙන්නේ නැත්තේ ඇයි?
ඊට හේතුව, මා කියූ අර සමාජ ආර්ථික පසුබිම නිසා සිංහළ බස ගැන ඇති උනන්දුව
අඩුවීමයි. "කොහොම කියුවත් එකයි" කියලනේ කියන්නේ.
මේක අප රටේ ඉතිහාසය ගැන මා දැනට පිලිගන්නා ("දැනට" කීවේ, මේ අදහස වෙනස්
කිරීමට විවෘත මනසක් ඇති බව හැඟවීමට යි) මතය දැක්වීමකි.
විජයාගමනයට පෙර මේ රටේ තරමක ශිෂ්ටාචාරයක් පැවති බවත්, විටින් විට මේ රටට
පැමිණි සංක්‍රමණිකයින් දේශීය ජනයා හා මුසු වුනු බව මිස, විජයාගමනය නිසා
මහ කැලෑවක් ව තිබූ මේ රට එක් වරම දියුණු රටක් වූ බව මා නො පිළිගමි.
යක්, රකුසු, අසුර හා නාග යන සිවු හෙළය සීහළ වී (සිවු පද, සීපද වූවාක්
මෙන්), පසුව සිංහළ වූ බවට පත් වී ඇති මතය හා මම වැඩිපුර එකඟ වෙමි.
"සිංහළ" හා "සිංහල" වදන් වල උපත ගැන මත බොහොමයෙකි. එකක් වත් 100% ඔප්පු
කිරීමට නොහැකි නිසා කිසිදා එකඟතාවක් ඇති නොවනු ඇත.
"සිංහළ" යන්න සකුවෙන් ලිවීමේදී "සිංහල" වූ බවට මතයෙකි, සකුවේ මූර්ධජ "ල"
යන්නක් නැති බැවිනි.
මා අදහස් කලේ, කියන බසේ "වැරදි" බොහොමයක් උක්තානුක්ත බෙයට අදාල නිසා, ඒවා
"නිවැරදි" වුවොත් වැරදි ප්‍රතිශතය අඩු වන බව යි.
> කෙසේ හෝ අනුරාධ පවසන්නේ බ්ලොග් ලිපි ලිවීමේ දී ලියන වියරණය අනුගමනය කළ
> යුතු බව යි.
කොහෙත් ම නෑ. මෙය අදහසක් පමණයි.
> මගේ නම් අදහස එය රචකයාගේ කැමැත්ත මත තීරණය විය යුතු බවයි.
මා කීවේ, රචකයාට "මේ ගැනත් හිතන්න" කියන එක පමණයි.
> කතා කරන බසින් ලිවීම වරදක් නොවෙයි. (එහෙත් කතා කරන බසට ද වියරණයක් තිබෙන
> බව අමතක කළ යුතු නෑ) කතා කරන බසින් ලිවීමේ දී සරල බවක් දැනෙනවා. සමහද
> විට බ්ලොග් රචකයෙකුට එය වැදගත් වේවි.
අදහස් පැවසීමට බස යොදා ගැනීම ගැන කීමේදී, ස්වර්ණවාහිණියේ පුවත් මගේ අදහස
අනුව ඉතාම හොඳ තැනක තිබෙනවා. ඔවුන් "පැවසුවේය", "කලේය" වෙනුවට
"පැවසුවා", "කලා" ලෙස යොදන අතර අනුප්‍රාසය සහිත රසවත් බස් හැසිරවීමක
යෙදෙනවා. හරේන්ද්‍ර ජයලාල් බොහෝ විට උක්තානුක්ත බෙය අනුව "අප" යන්න යොදන
බව දුටුවා.
එහෙම "බලෙන් පැටවීමක්" මා යෝජනා කලේ කොහේදී ද? මා ඇහුවේ "මෙහෙම කලොත්
නරකද?" කියලා විතරයි නේ ද? හරියට ඔබ "මූර්ධජ හැලුවොත් හොඳයි නේ ද?"
කියනවා වාගේ.
> ඒ වගේම කට බසේ වියරනයෙන් ලිවීමේ නිදහස වල්බූරු නිදහසක් ය කියා කිව්වෙත් අනුරාධ.
ආයෙත් වරද්දා ගෙන නේ. මා කීවේ, කට බසේ කිසිම වියරණයක් නෑ කියන එක වල්
බූරු නිදහසක්ය කියන එක නොවැ. කියන බසින් ලිවීම ගැන මා කිසිවක් කියා නෑ.
අරීසෙන් අහුබුදු සූරීන්ගේ සහ ඊලියන් සිල්වා සූරීන්ගේ අදහස "අප ගියා" කියන
එකත් නිවැරදි වියරණ බව යි. ඒ කියන්නේ, කියන බසේ ඇති "ගියා", "ලියුවා",
"කියුවා" වැනි යෙදුම් අනුක්ත පදයක් සමග යෙදීම "නිවැරදි" බවයි.
ඒ ඇසුරින් මා කල යෝජනාව පටළවාගෙන ඇති බව පෙනේ. මා ගත්තේ කෙනෙකුට ගත හැකි
පහත සඳහන් මඟ දෙකින් දෙ වැන්න යි.
1. අද සමාජයේ යෙදෙන බස, ඒ කියන්නේ, පුවත් පත්, අද ලියැවෙන පොත්, තෙලදසුනේ
(රූපවාහිනියේ), රෙදෙවුවේ (ගුවන් විදුලියේ), වෙසෙසින්ම FM නාලිකා වල, මඟ
තොටේ බස් වල, තෙසක් (ත්‍රී වීලර්) වල, වෙලඳ සල් වල, යෙදෙන බස දෙස බලා,
"මේ තමා වර්තමාන බස", "මේ තමා අපට හුරු බස", "මින් පිටතට යාම අපට නුහුරු"
යයි සලකා, ඒ "හුරු" බස බාවිතා කිරීම.
2. පසුගිය අවුරුදු හාර පන් සියයේදී සිංහළය වැටී ඇති බව, බලෙන්ම වට්ටා ඇති
බව, තව දුරටත් එය පහලට ම යන බව, තේරුම් ගෙන, මීට වඩා හොඳ සිංහළ බසක තිබිය
යුතු කරුණු ගැන යම් පමණකට සිංහළ උගත්, එයට ආදරය ඇති පිරිසක් එකඟ වී,
වෙසෙසින්ම ඒ බස වැටීමට පටන් ගැනීමට පෙර තිබූ බසෙන්ද සුදුසු දේ ගෙන
(සුදුසු දේ පමණයි), ඒ එකඟ වූ බස (සමාජයට යම් තරමක් නුහුරු වුවද) බාවිතා
කිරීම. ටික කලකින් ඒ යෙදීම නිසා, ඒ බස "හුරු" වේවි යයි සිතමි.
මේ අංක දෙක "බලෙන් පැටවීමක්" නොවේ. උදාහරණ සැපයීමක්, නුහුරු බව නැති
කිරීමක් පමණයි.
බස හැදෙන්නේ ව්‍යවහාරයෙන් පමණක් නම්, සමාජයේ කොටසක් හැටියට ඒ "හැදීමට"
දායක වීමට මටත් අයිතියක් තිබෙනවා. ඒ අයිතිය බාවිතා කිරීම වරදක් ද? ඒ
ගැන සිතා බලන්න අන් අයට ඇරැයුම් කිරීම වරදක් ද?
2008/7/15 රාජිත <rajitha...@gmail.com>:
>
> අපි ගියේය. කියන එක ලියන බසෙත් වැරදියි කියන බසෙත්
අරීසෙන් අහුබුදු සූරීන්ගේ සහ ඊලියන් සිල්වා සූරීන්ගේ අදහස "අප ගියා" කියන
එකත් නිවැරදි වියරණ බව යි. ඒ කියන්නේ, කියන බසේ ඇති "ගියා", "ලියුවා",
"කියුවා" වැනි යෙදුම් අනුක්ත පදයක් සමග යෙදීම "නිවැරදි" බවයි.
මාර්ටින් වික්‍රමසිංහයන් මගේත් මහා ම වීරයෙක්. උන්නැහේ ගේ පොත් මා
මුලින්ම කියවූයේ අවුරුදු පහේදී විතර. (ගෙදර පුස්තකාලයේ පොත් කියවීමේ
"උණ" මඟින් කලින් ම අකුරු ඉගෙනීම නිසා, අපේ පියා මාව අවුරුද්දක් කලින්
පාසලට දැම්මා ;-)).
නොබෙල් සම්මාන ලැබූ පර්ල් එස් බක් "සාරභූමි" තුලින් කතා කරන සමාජ පෙරලිය
ම (මා හිතන හැටියට) ඊටත් හොඳින් මාර්ටින් වික්‍රමසිංහයන් "ගම් පෙරළිය",
"කලියුගය", "යුගාන්තය" තුලින් කීවා. "අපේ ගම", "කලුනික සෙවීම" වැනි පොත්
අදත් මා විටින් විට පෙරලා බලනවා. මුල ඉඳන් නො කියවන්නේ, ඒවා බොහෝ දුරට
කට පාඩම් නිසයි. ;-)
මාර්ටින් වික්‍රමසිංහයන් මා දකින්නේ බස් ඇඳුරෙක් ලෙස නොව ඉහලම සමාජ
විද්‍යාඥයෙක් ලෙසයි. නමුත් ඒ සමාජය පිලිබඳ ඔහුගේ දැකුම් සරළ "තේරෙන"
බසින් ඉදිරිපත් කිරීමට ඔහු ගත් මඟ සාර්ථක වූ බව නම් විවාදයක් නෑ.
වියරණ සහිතව ද සරළ තේරෙන බසින් ලිවීම අපහසු නොවන බවට හොඳ ම උදාහරණ යි
"හීන් සැරය", "මඟුල් කෑම" සහ "හත් පණ". අවාසනාවකට මෙන් බොහෝ බස් ඇඳුරන්
මේ සරළ වියරණය අමතක කර ලියන බස වැලඳ ගත් නිසා, ඔවුන් ගේ වැඩ සාමාන්‍ය
ජනයාගෙන් ඈත් වුනා.
මේ ගැන උදාහරණ, සාදක දෙන්න පිළිවන් නම් තමා හොඳ. ;-)
සිදත් සඟරාවෙත් තියනවානෙ "වහරනුසෙරෙන් සපයා" කියල (ව්‍යවහාරානුසාරයෙන්
සපයා). මේ ගැන මහ ඉහලින් කතා කරන බොහෝ දෙනෙක් ඒ පදයට කලින් ඇති "අනුරූ
සේ පියෝනන්" කියන එක අමතක කරනවා. "වැඩි දෙනෙකු පාවිච්චි කරන" නොව "වැඩි
උගතුන් පිරිසක් පාවිච්චි කරන" කීවොත් නේද වඩා නිවැරදි?
> ප්‍රඥාරාම හාමුදුරුවන් කිව්වා වගේ >>>>> "... අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්
>
> මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන,> පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් ..."
මේ ගැන උදාහරණ, සාදක දෙන්න පිළිවන් නම් තමා හොඳ. ;-)
ඒ ටික මා කලින්ම කියෙවුවා. ;-)
මා ඇහුවේ, "පැරණි උගත් සිංහළයන්", "රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්",
"වැඩි දෙනෙකු පාවිච්චි කරන" දේ ගත් බව සනාත කරවන උදාහරණ.
මගේ නොපෙනීම ගැන කමා වී පෙන්වා දුන්නොත් නරක ද? ආයේ උපුටා ගන්න ඕනෙ නෑ.
ටිකක් පැහැදිලි කරල දුන්නනං බොහොම පිං.
පොත ගෙන කියවන්නම්.
"ව්‍යවහාරය සම්මතයක් බවට පෙරලුනේ කොහොමද" කියන එකට නම් දැන් දැන් උදාහරණ
ගොඩයි. පාරේ, පොලේ, බස් එකේ ව්‍යවහාරය සම්මතයක් වුනු හැටි, වන හැටි ගැන
ඔහ පොත වගේ පොත් දහයක් පිරෙන්න ලියන්න පිළිවන්. ඒ "ව්‍යවහාරය" අනුව
දිගටම යෑමට ඔබට ඇති නිදහසට ගරු කරමි. ;-)
ඔය "ව්‍යවහාරය" නිසා අද බසට වී ඇති දේ ගැන මේ ලියුමත් කියවන්න (අසභ්‍ය
යැයි සිතිය හැකි දේ තිබිය හැකියි):
http://en.wikipedia.org/wiki/User:RitigalaJayasena/Sinhala_Slang
මේවායින් "හරි" මොකද්ද කියා ඔප්පු කරන්න නම් බැරි වේවි. මා යෝජනා කලේ
වැටී ඇති බස පිරිසුදු කිරීමට කැමති අය (සහ කැමති අය පමණක්, බල කිරීමක් නො
වෙයි) එවැනි එකඟතාවලට පැමිණ ඒවා භාවිතයෙන් බසේ ඉදිරි ගමනට දායක වන ලෙසයි.
සමහර විට ඒ උදාහරණ හතර ම "හරි" ලෙස එකඟ වන්නට පිළිවනි, එහෙම නැතිනම් (1)
පමණක් නිවැරදි ලෙස එකඟ වන්නට පිළිවනි. මා කියන්නේ, ඉබාගාතේ "ව්‍යවහාරය"
විසින් ඇදගෙන යන බසට යම් දිසාවක් ලබා දිය යුතු බව යි.
> ව්‍යවහාරයේ කලක් තිබූ නිසා මෙය හරි බවයි ආනන්දවර්ධනගේ අදහස. එයට
> උදාහරණ දෙන බව එතුමා පවසා ඇත.
ව්‍යවහාරයේ කලක් තිබූ නිසා "හරි" වී ඇති යෙදුම් වලට උදාහරණ මා කලින් එවූ
"රිටිගල ජයසේන" පිටුවේ තිබෙනවා. මෙන්න ඒ යොමුව යලිත්. (අසභ්‍ය වදන් ඇති
නිසා ප්‍රවේශමෙන් බලන්න).
මේ පිටුවේ ඇති සමහර යෙදුම් "නිවැරදි" වහර ලෙස පිළිගමු ද? ;-) ඒවා මඟ
තොටේ නිතර "ව්‍යවහාර" වෙන ඒවා සහ කාටත් තේරෙන ඒවා යි.
"සිද්ධාන්ත කඩන්නා සිද්ධාන්ත දැන සිටිය යුතු යි" යන්න නම් ඉතා ම වැදගත් කතාවක්.
කුමරගුඟුවන් නුමුසු හෙළ බස අනුමත කළේ සකුව, පාලිය හා ඉංගිරිසිය ඉතා
හොඳින් ඉගෙනීමෙන් පසුව යි.
ඩේවිඩ් කරුණාරත්නයන් "දෙවි දේවතා පෙරහර" නමින් 1920දී සිංහල බෞද්ධයා
පුවත්පතේ මහා වාදයකට පැමිණියේ දෙවියන් ගැන බොදු සාහිත්‍යයේ ඇති දේ
විරුද්ධව කතා කල අයට ද වඩා හොඳින් ම දැන ගෙන යි.
මා හිතන්නේ මහාප්‍රාණ වල හඩෙහි වෙනසක් ඇති නමුත් මූර්ධජ වල වර්තමාන
උච්චාරණයේ එවැනි වෙනසක් දක්නට නැති නිසා යි. එ සේම "ශ" සහ "ෂ" වල ද
හඩෙහි වෙනසක් නැති නිසා වන්නට පිළිවන.
> අනුරාධ ඇතුලු ටික දෙනෙක් සිංහල බාසාවට කියන්නෙත් "සිංහළ" කියලනේ ඒකත් වැරදියිමේක අප රටේ ඉතිහාසය ගැන මා දැනට පිලිගන්නා ("දැනට" කීවේ, මේ අදහස වෙනස්
> කියලා මමත් තවත් බොහෝ දෙනාත් හිතනවා.
කිරීමට විවෘත මනසක් ඇති බව හැඟවීමට යි) මතය දැක්වීමකි.
විජයාගමනයට පෙර මේ රටේ තරමක ශිෂ්ටාචාරයක් පැවති බවත්, විටින් විට මේ රටට
පැමිණි සංක්‍රමණිකයින් දේශීය ජනයා හා මුසු වුනු බව මිස, විජයාගමනය නිසා
මහ කැලෑවක් ව තිබූ මේ රට එක් වරම දියුණු රටක් වූ බව මා නො පිළිගමි.
යක්, රකුසු, අසුර හා නාග යන සිවු හෙළය සීහළ වී (සිවු පද, සීපද වූවාක්
මෙන්), පසුව සිංහළ වූ බවට පත් වී ඇති මතය හා මම වැඩිපුර එකඟ වෙමි.
"සිංහළ" හා "සිංහල" වදන් වල උපත ගැන මත බොහොමයෙකි. එකක් වත් 100% ඔප්පු
කිරීමට නොහැකි නිසා කිසිදා එකඟතාවක් ඇති නොවනු ඇත.
"සිංහළ" යන්න සකුවෙන් ලිවීමේදී "සිංහල" වූ බවට මතයෙකි, සකුවේ මූර්ධජ "ල"
යන්නක් නැති බැවිනි.
අනුරාධ
--
මූර්ධජ අරහං ප්‍රතිපත්තියෙත් ලියන කොට මෙවැනි බහු අර්ථ මතු වීම ම
ඉහත ලිපිය මෙතැනින් කියැවීමට අපහසු නම් මෙම ගොනුව බලන්න
http://aravindablog.files.wordpress.com/2008/07/aravinda.pdf
"හොඳ ඉංගිරිසි" ඉගෙන ගැනීමට අපේ පියා ඉන්නා කාලයේ ගෙදර පොත් ගුලේ ඇති
සමහර පොත් විටින් විට රෙකමදාරු (recommend) කළා. ඒ අතර "The English We
Use" නම් අගනා උපුටා ගැනීම් එකතුවක් තිබුනා. එහි මුලින්ම තිබුනේ
එංගලන්තයේ රජු/රැජින හැම නත්තලට ම වැසියන් අමතා රෙදෙවුවෙන් (radio) කරන
කතාව "The King's English" නමින් (එ වකට සිටියේ හයවැනි ජෝර්ජ් රජතුමා
යි).
"නිවැරදි" ඉංගිරිසිය රජුගේ/රැජිනගේ කතා කරන ඉංගිරිසිය බවට තිබූ සම්මතය එ
වන් පොතක මුලින් ම එ සේ උපුටා ගැනීමෙන් ම හොඳින් පේනවා.
වික්ටෝරියානු සමය කියන්නේ එංගලන්තය ඉතා ම පොහොසත් ව පැවැති කාලයක්. අඟ
හිඟ කම් දුරු වූ විට පමණයි බස ගැන සිතන්න, ආඩම්බර වන්න හිත නිදහස් වන්නේ.
නැතිනම් අර මා කලින් කියූ පරිදි "වෛයාකරණං අකාරණං, පණ්ඩුලනාලං කාරණං"
කියල වියරණ පැත්තක දාල හාල් නැලියක් හොයා ගන්න එක ගැන හිතන්න වෙනව මොන
හිංගලෙන් හරි. ;-)
තමන් ගැන හෝ රට ගැන ඇති වන ආත්මාභිමානය ආර්ථිකය කෙතරම් එකට බැඳී ඇත්දැයි
පෙන්වීමට හොඳ ම උදාහරණයකි අපේ රටේ සංචාරක කර්මාන්තය. සීගිරිය ගැන
ආඩම්බරයෙක් කතා කරන මාර්ගෝපදේශකයින්ට වඩා සීගිරිය ගැන කුමක් හෝ කියා
ඩොලර් ටිකක් ලබා ගැනීමට මාන බලන තත්ත්වයට පත්වී ඇත්තේ ඔවුන්ගේ වරදක් නිසා
නොව ආර්ථික ගැටළු නිසා යි. විමලරත්න කුමාරගමයන් "අයියනායක" කවි පන්තියේ
කළාක් මෙන් ඔවුන් දෙස මා අනුකම්පාවෙන් බලන්නේ එ බැවිනි.
වරක් එංගලන්තයේ පාර්ලිමේන්තුව ගිම්හානයේ මහජනයාට විවෘත කළ විටෙක (ඒ කාලයට
පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ නෑ) එය බැලීමට ගිය මට, අපව රැගෙන ගිය
මාර්ගෝපදේශකයා ඉතා අභිමානයෙන් තම ඉතිහාසය ගෙන හැර පෑවා පමණක් නොව,
නරඹන්නන්ගෙන් එයට කිසිම අගෞරවයක් සිදු නොවන බවට ද වග බලා ගත්තා.
උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ ආසයනක වාඩි වීමට නරඹන්නන්ට ඉඩ නෑ. "House
of Commons" බලන විට මා විස්තරය අසා සිටියේ අගමැති වාඩි වන තැන සිටයි.
නමුත් එහි වාඩි වී පිංතුරයක් ගන්න කාටවත් අවසර නෑ. වයසක අයට උනත් මහන්සි
අරින්න පිළිවන් සුදුසු තැන් වල බිම වාඩි වීමෙන් පමණයි (නමුත්
මාර්ගෝපදේශකයා ඉතා කරුණාවන්තව අපව බලා ගත්තා, වැඩිහිටියන්ට ඉතා හොඳින්
සැලකුවා, කතා කළා).
සීගිරිය මුදුනේ ඇති සිංහාසනයේ ම වාඩි වීමට මෙහි නම් කිසිම බාදාවක් නෑ!
අපේ රටේ නම් සංචාරකයින්ට ඕනෑම දෙයක් කිරීමට මාර්ගෝපදේශකයින් ම උදවු කරන
බව මතක් වී මට ලැජ්ජාවක් ද ඇති වුනා. ඒත් ඊට හේතුව ආත්මාභිමානය නැති කම
වුවත් එයට මූලික හේතුව ආර්ථික ප්‍රශ්න නේ ද? ඒ නිසා, ආත්මාභිමායන ගැන
කොතරම් කීවත්, ලීවත් මෙය වෙනස් වන්නේ නෑ. වෙනස් වීමට නම් නිදානය සොයා
ගෙන ඊට ම පිළියම් යෙදිය යුතුයි. එනම් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.
එදාට රට ගැන, බස ගැන, මෙකී නොකී සැම දෙයක් ගැනම අභිමානයක් ඉබේ ම ඇති
වේවි.