මා, මම, අප සහ අපි

1,875 views
Skip to first unread message

Anuradha Ratnaweera

unread,
Jul 14, 2008, 11:39:01 PM7/14/08
to sinhala-...@googlegroups.com
ආයුබෝවන්,

බොහෝ දෙනෙක් සිංහළයේ කියන බස හා ලියන බස යයි දෙකකට බෙදති. ඕනෑම බසක
මෙවැනි බෙදීමක් ඇති බව නො රහසකි. නමුත් කියන බසට වියරණයෙන් තොර "වල්
බූරු නිදහසක්" ඇතැයි නො සිතමි.

උක්ත/අනුක්ත බෙය නිවැරදිව යොදන්නේ නම්, "කියන බසේ" වියරණය මැරීම බොහෝ අඩු
වන බව ඇසීමි. ඒ අනුව පහත වැකි දෙකම වියරණයෙන් වැරදි නැත.

"මම ගමට යමි"

"මා ගමට යනවා"

නමුත් "මම ගමට යනවා" යනු වැරදි යෙදුමකි.

එ සේම, "මං" යනු "මා" යන්නට සමාන ලෙස සැලකූවොත්, "මම" වෙනුවට "මං"
යෙදීමෙන් කියන බසේ වියරණ මැරීම අඩු කල හැකි වේ යයි සිතේ. ඒ අනුව, "මං
ගමට යනවා" යන්න ද නිවැරදි යෙදුමක් වේ. ලෝ වැඩ සඟරාවේ ඇති "මම් සතොසින්
නමඳිම්" යන්නෙහි "මම්" යන්න නම් "මම" යන්නට සමාන පදයෙකි.

ඒ අනුව, ලියුම් සහ බ්ලොග් ලිවීමේදී, මේ උක්ත අනුක්ත බෙය ගැන තව උනන්දු වෙමු ද?

අනුරාධ

ප.ලි.: "වල් බූරු නිදහස" යන යෙදුම මා මුලින් ම දුටුවේ, මාර්ටින්
වික්‍රමසිංහයන් ලියු පසිඳු "බමුණු කුලය බිඳ වැටීම" නම් පුවත් පත්
ලිපියෙනි.
--
http://www.sayura.net/anuradha/

Anandawardhana

unread,
Jul 15, 2008, 12:16:20 AM7/15/08
to sinhala-...@googlegroups.com
මම එකඟ නැහැ. මම කැමතියි වල් බූරුවෙක් වගේ මම යනවා කියන්න. මගේ වල්බූරු කටට මොනව කලත් මම යනවා මිසක් මා යනවා කියලා කියවෙන්නෙ නැහැ නොවැ. මම වගේ වල් බූරුවො තමයි වැඩි. ඒ නිසා උන් කැමති දෙයක් කියාගත්තාවෙ නේද?

එහෙම නං මම නවතිනවා.

2008/7/15 Anuradha Ratnaweera <anur...@taprobane.org>:



--
Anandawardhana
http://webalochana.blogspot.com
Message has been deleted

Anandawardhana

unread,
Jul 15, 2008, 2:57:35 AM7/15/08
to sinhala-...@googlegroups.com
කලින් කිව්වෙ මගේ පුද්ගලික අදහස.  කට බසේ වියරනය ලිවීමට ගන්නා අයට (බොහෝ බ්ලොග්කරුවන්ට, සමකාලීන ලේඛකයින්ට, ජනමාධ්‍යවලට) මෙය අදාල නිසා ප්‍රතිචාරයක් හැටියට තවත් පොඩි දෙයක් පල කරනවා. මේ තරම් ඉඩක් ගැනීම ගැන කමන්න ;)

'මම යමි' කියලා ලියන වියාකරනයක් තියෙනවා. 'මම යනවා' කියන එකත් වියාකරනානුකූලව තියෙනවා ව්‍යවහාරයේ. ඔය දෙක මැද්දෙන් 'මා යනවා' කියලා අමුතුම එකක් වාත්තු කරගන්නෙ අහවල් දේකටද? බාසාව තවත් විච්චූරනයක්, ප්‍රහේලිකාවක් වෙනව නේද ඒකෙන්? බ්ලොග් කියන්නෙ නිදහස් මාධ්‍යයක්. සිංහලයින් කතා කරන භාශාවේ දැනට පවතින වියරනය ලිවීම සඳහා යෙදීමට ඇති නිදහස "වල්බූරු නිදහසක් ය" කියන එකටත් මම නම් විරුද්ධයි :D ඔය බලන්න. අපිට කියවෙන්නෙ නෑ නොවැ මා  කියල :P මම විරුද්ධයි කියන යෙදුම වියාකරනානුකූල නැත්තෙ නැහැ. ස්වල්ප දෙනෙකුගේ පාන්ඩිත්‍යය පෙන්නන්න හදපු ප්‍රයත්නයක් පමනයි ඔය 'මා' යෝජනාව මේක අලුත් දේකුත් නෙමේ හැබැයි. මේ බලන්න -

පහත දැක්වෙන්නෙ තවත් කෙනෙකුගේ පුද්ගලික අදහස. මේ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ හිතපු විදිහ -

"ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේ" - මේ උගත් බොහෝ දෙනාගේ මතයයි. ඒ නිසාම අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී පමණක් නොව, නිකම් කතාබහ කිරීමේදී පවා, 'මම යනවා', 'අපි යනවා' නොකියා, 'මා යනවා', 'අප යනවා' කියමින් තමුනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව ඇඟවීමට උත්සාහ කරති. අවට අසා සිටින අය තොල් විකා සිනා කාගෙන සිටින බව බලබලාත්, සිංහල ගතියට, ජම්ම පුරුද්දට ඉබේ කියවුණු 'අපි' යන්න 'අප' කියා නැවත සකස් කොට, 'අප යනවා' කියමින් හොදම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතා ප්‍රකට ය; මට ද දැක පුරුදුය.

"ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේ ද! නොවේ නම් එකෙකුගෙන් කියවෙන අදහසක් අනිකා නිවැරදිව වටහා ගන්නේ කෙසේද! අදහස් අනුන්ට ඇඟෙන අන්දමට කියනවාය, ලියනවාට වැඩියෙන් ඇති ව්‍යාකරණය කුමක්ද! 'ව්‍යාකරණය' කියන්නේ අමුතු විදියේ විච්චූර්ණ බඩුවක් ද! අමුතු හාස්කමක් ද! ඕනෑම ප්‍රයෝගයක් ව්‍යාකරණානුකූල වීමට ඕනෑ කරන එකම දෙය එය 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනීමම විනා වෙන කුමක් ද!

"සංස්කෘතයට වඩා ව්‍යාකරණ නීති රීතිවලින් බැඳ රැක ගත්, ව්‍යාකරණානුකූල භාසාවක් තවත් මිහිපිට තිබේ ද! 'එතැන් පටන්' යන අර්ථය දීම සඳහා සංස්කෘතයේ භාවිත වන්නේ 'නතඃ ප්‍රහෘති' යනුයි. මේ නම් 'නතඃ ප්‍රහෘත්‍යා' යන්නේ විකාර රූපයකි. එසේ නොපිළිගත හොත් එය අදහස් කරන විභක්ත්‍යාර්ථය පවා දීමට අපොහොසත් ව්‍යාකරණ විරෝධී ප්‍රයෝගයකි. "වෘත් = පැවතීමෙහි", "වෘධ් = වැඩීමෙහි" මේ ධාතු සංස්කෘතයේ ඉතා ප්‍රකට ආත්මනේපද ධාතුය; වර්තමාන ක්‍රියා රූප: 'වර්තතෙ', 'වර්ධතෙ' කියා ය. බැරි වෙලාවත් "වර්තති, "වර්ධති" කියා පරස්මෛපද රූපහෙම ලියවුණොත් නම් මහාම බරපතළ ව්‍යාකරණ දෝසයකි. නමුත් මේ ධාතු දෙනෙක් ම අනාගත කාලයට ඒ ඒ පරස්මෛපද රූප ලැබෙයි. 'වර්තති', 'වර්ධති' කියා වර්තමානයට නරක් වූ මහා ව්‍යාකරණ දෝසයක් වූ 'ඉ' යන්න 'වර්ත්ස්‍යති' කියා අනාගතයට හොඳ වූයේ, ව්‍යාකරණානුකූල වූයේ කෙසේ ද!

"පාළියේ 'රාජන්' ප්‍රකෘතියෙන් සම්බන්ධය ඇඟවීමට යෙදෙන නියම රූප - භාසාධර්මතාවට අනුව ලබාගත හැකි රූප - නම්: 'රාජිනො'; 'රඤ්ඤො' යන දෙකයි. 'රඤ්ඤස්ස' යන රූපය සාධු රූපයක් වන්නේ කෙසේ ද! එයින්ම ආධාරය ඇඟවීමට 'රාජිනි', 'රඤ්ඤි' යන රූප විනා 'රඤ්ඤි' වෙනුවට 'රඤ්ඤෙ' යන්නක් කෙසේ සාධු විය හැකි ද! ව්‍යාකරණානුකූල විය හැකි ද!

"පාළියේ ආලපන පදයක් වසයෙන් පාවිච්චි කරන 'භණෙ' යන රූපය නාමපදයක් ද! නාමපදයකින් විනා අනිකකින් ආලපනයක් ලැබෙයි ද! 'භණෙ' යනු 'මම කියම්' යන අර්ථයේ ක්‍රියාපදයකි. එය ඉංග්‍රීසියේ 'අයි සේ' - 'මම කියම්' යන්න ආලපන වෙලා තිවෙයනවා වගේ ආලපනයක් විය. මේ මොන ව්‍යාකරණ ද! මේවා ව්‍යාකරණානුකූලයි පිළිගන්නේ කෙසේ ද!

"'ස්ත්‍රී' යන්න වෙනුවට පාළියේ 'ඉත්ථි', 'ථි' කියා රූප දෙකකි. පදයක මුල බැඳි අකුරක් තිබීම අච්චාරණයට අපහසු නිසා පාළියෙහිත් ව්‍යවහාරයේ පවතින ප්‍රාකෘත ආදී කොයි භාසාවකත් එවැනි රූප දෙවිධියකින් ව්‍යවහාර වෙයි. එක්කෝ ඒ සංයෝගයේ මුල් අකුර නැති වෙලා යයි; 'ථි' යන්න මෙනි. නැත්නම් ළඟ ඇති අකුරුවලට ගැළපෙන ස්වරයක් මුලට හෝ මැදට හෝ එයි; 'ඉත්ථි'; 'ස්නාන' = 'සිනාන', 'නහාන' යනුවෙනි.

"පාළියෙහිත් මෙසේ තිබියදී, ඒ 'ස්ත්‍රී' යන්න අපේ භාසාවට ගැළපෙන හැටියට 'ඉස්ත්‍රී' කියා මුලට 'ඉ' යන්න යොදා පාවිච්චි කිරීම නොගැළපෙන්නේ කවර නම් ව්‍යාකරණයකට ද! ඒ නිසා ළපටියන්, පිටිසරයන්ගෙන් කියවෙන හැටියට ලියන තරමට (කටින් කියන හැටියට කිරීම උසස්ම දියුණුවක් ලත් උත්තම ගුණයකි) හැදී සිටිනවුන්ගෙන් ලියවෙන 'ඉස්ත්‍රී', 'ඉස්කෝල', 'ඉස්පිරිතාල' ආදිය සදොස් යයි කියන කටුගාන උගතුන් ගුරුවරයන් කරන්නේ කොයි තරම් මහ නොහොබිලාකමක් ද! එහෙත් මෙන්න පුදුමයෙනුත් පුදුමයක හැටි : ඒ උගත්තුම, ඒ ගුරුවරුම, ඒ මහා වෛයාකරණයෝම ඒ වෙනුවට 'ඉතිරි' කියා මුලට 'ඉ' ලියා මහ නෙය්යාඩගම් ද කරති.

"'ගස් වැටේ', 'මා ගමට යති' - මේ කවුරුත් පිළිගන්නා හොඳම ව්‍යාකරණානුකූල ප්‍රයෝග දෙකකි. හොඳින් විමසා බැලිය යුතුයි : ඇත්තටම මෙහි ඇති ව්‍යාකරණය කුමක් ද! මෙය කවර ව්‍යාකරණ ක්‍රමයකට ගැළපිය හැකි ද! කර්තෘපදය හා ක්‍රියාපදය වත් එකිනෙකට ගැළපේ ද! ඉතින් මේ ප්‍රයෝග ව්‍යාකරණානුකූල වූයේ කෙසේ ද! පිළිගැනීමෙන්ම පමණක් නොවේ ද! ඒ නිසා අපේ මිනිසුන් ව්‍යාකරණානුකූල නොවන ගම්මැදි භාසාවෙන් කතා කරන අසීලාචාර ගණයට නොවැටී 'මම යනවා', 'අපි යනවා' යනාදිය ව්‍යාකරණානුකූලයි කියා පිළිඅරගෙන ව්‍යාකරණ නොවරද්දා ලියන්නට මෙන්ම කියන්නටත් සූදානම් වෙනවා නරක ද!

""ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ" යනු පෙරදිග පරණ පඬිවරයන් පිළිගත් ප්‍රධානම ප්‍රතිපත්තියයි. මෙයින් පැහැදිලි වන්නේ සිස්ටයන්ගේ යෙදුම්-භාසාව ව්‍යාකරණානුකූල බවයි. එයින්ම යම් භාසාවක් ව්‍යාකරණානුකූල නොවෙයි නම් එය අසිස්ට භාසාවක් බවත් එවැනි භාසාවක් කතාබහ කරන ජාතිය අසිස්ට අසීලාචාර මහම නැහැදිච්ච ජාතියක් බවත් ඉබේම ඔප්පු වෙයි. මෙහි තේරුම කුමක් ද! අපේ සිංහල ජාතිය කතාබහ කරන භාසාව ව්‍යාකරණානුකූල නොවෙයි නම්, උගත් නූගත් හැම සිංහලයාම ජාතියක් වසයෙන් අසිස්ට අසීලාචාර වනචර මිනිසුන් බව නේද!

"දැන් සියලුම සිංහලයන්ගේ සිත් මේ බරපතල කාරණය පිලිබඳව බැරෑරුම් අන්දමට යොමු විය යුතුයයි සිතමි. අපේ භාසාව ව්‍යාකරණානුකූල කරගෙන සියලු සිංහලයෝම ජාතියක් වසයෙන් සීලාචාර වෙමු ද! නැත්නම් කවුරුත් උගත් නූගත් හැම දෙනාම පොදුවේ ව්‍යාකරණ වරද්ද වරද්දා කතාබස් කරමින් අසිස්ට අසීලාචාර වනචර ජාතියක් වෙමු ද! හිතාමතා තීරනයට බැසීම ඔබට බාරය.

"එකක් නම් කාටවත්ම කොහොමවත්ම කවදාවත්ම වෙනස් කළ නොහැකි ලොකුම ඇත්තක්, හරිම හැබෑවක් මට කිය හැකිය. එනම් : ඉර හද පවතිනා තුරුම ජාතියක් වසයෙන් අපේ කටින්, 'මා යනවා', 'මා ගියා', 'අප යනවා', 'අප ගියා' කියා නම් කියවෙන්නේ නැතුවා නැතුවා නැතුවාමයි. උගත් පන්තිය පොත්පත්වල ලියකියවිලිවල එසේ ලියනවා විය හැකිය. නමුත් ඔවුන්ගෙනුත් කීයෙන් කීදෙනෙක්, සීයෙන් එක් කෙනෙක්වත්, කතාබහේදී ඒ සීලාචාර භාසාව පාවිච්චි කරද්ද! ඉතින් එසේ නම් කළ යුත්තේ කුමක් ද! අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත් මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන, පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් අදත් කළ යුතුව තියෙන්නේ : අපේ භාසාවේ බොහෝ දෙනාගේ ව්‍යවහාරයෙහි පවත්නා, එවැනි වෙනස් නොවන, වෙනස් කරන්ටත් බැරි භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනුම නේද!"

උපුටනය -ප්‍රඥාරාම හිමියන්ගේ වනකතා පොත් අංක 1 - මිතුරන් කෙටවීම නමැති කෘතියේ සංඥාපනයෙන්. (1947)

Chamilə Liyənəgë

unread,
Jul 15, 2008, 3:24:55 AM7/15/08
to sinhala-...@googlegroups.com
මට හිතෙන විදියට අපි කවුරුවත් (ඇතමෙකුට මෙය අප ලෙස අනුක්ත රූපය ද භාවිත කළ හැකි ය) 'මම ගමට යනවා' කියලා කියන්නෙ නෑ. අපට නිරායාසයෙන් ම කියවෙන්නෙ 'මං ගමට යනවා' කියලා. මෙතනදි ඔය කියන වල් බූරු නිදහස අදාල ද නැද්ද කියන දේ ටිකක් විමසන්න වෙයි.

කතා කරන බසේ වියරණයක් තියෙනවා. ඒක හැබෑවක්. මෙතනදි හැමෝම දෙන නිදසුන 'එහෙනං අපි යමු' 'අපි දැන් යමු ද?' (අපි යං) වගේ තැන්වල යොදන 'අපි' වලින් පටන් ගත් විට 'මු' වලින් අවසන් වන ලේඛන රීතිය මෙහිදී ද ක්‍රියාත්මක වීම. සෙසු තැන්වල යෙදෙන්නෙ 'එයා යනවා' 'ඔයා යනවා ද?' 'එයාලා ගියා ද?' ලෙස භාෂණ ස්වරූපයෙන්මයි.

කියන බසේ වියරණය අපි ආයාසයෙන් ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් නෙවේ. ඒක භාෂා උපාර්ජන (භාෂෝද්ග්‍රහණ ලෙස ද ඇතමෙක් මෙය හඳුන්වයි) අවදියේදි (Language acquisition period) ළදරුවාට ලැබෙන දෙයක්. එසේ උපාර්ජනය කර ගන්නා වියරණය වැරදි වහරක් විය නොහැක්කක්. මන්ද ඔහු උපාර්ජනය කරගනු ලබන්නේ එක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් කතා කරන දෙයක් නොවන නිසා. සැබවින්ම ඔහු උපාර්ජනය කර ගනු ලබන්නේ ඔහු ජීවත් වන සමාජයේ වහරන බස.

ලියන බසේ උක්ත අනුක්ත භේදය (බෙය) පිළිබඳ කිසිදු සැක නැත. එය අප අනුගමනය කළ යුතු ය. එහෙත් ඇතැම් අයෙක් තමාට ආවේණික රටාවකින් ලිවීම ද දැකිය හැක. නිදසුනක් ලෙස තීරු ලිපි රචකයා බස හසුරුවනුයේ නිර්මාණාත්මකවයි. එය ලේඛනය නිසා නියමයක් තනන්නට හැකි වේද?

ඉතින් මව් බසින් කතා කරන හැටි උගන්වන්නට හැකිවේ ද යන්න නැවත සිතා බැලිය යුතුය.

චමිල

2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:

Waruna Perera

unread,
Jul 15, 2008, 3:29:32 AM7/15/08
to sinhala-...@googlegroups.com
මම ද වල් බූරුවෙක් වෙමි. මොකද මූලිකව මම බ්ලොග් කරණයෙ යෙදෙන්නේ යල් පැම ගිය වියරණ විධි ප්‍රචලිත කිරීමට නොව සමාජ සංවාද ගොඩ නැගීමේ අරමුණින් වන බැවිනි. අනිත් කාරණාව බස යනු දේවත්වයෙන් පිදිය යුත්තක් නොව මෙවලමක් පමණක් වන බැවිනි.



2008/7/15 Chamilə Liyənəgë <chami...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 6:04:18 AM7/15/08
to sinhala-...@googlegroups.com
මුලින්ම පුංචි පැනයක්: පුද්ගලික අංශයේ සමමුඛ පරීක්ෂණයකට ගොස් "I lives in
Colombo" කීවොත් ලකුණු ගොඩාක් අඩු වේවි. "මම ඉන්නේ කොලඹ" කීවොත් නම්
කිසිම ප්‍රශ්ණයක් නෑ.

ඇයි ඒ?

ඉතහ උදාහරණ දෙකේම "වියරණ මැරීම" නිසා අරුතට හානියක් වී නෑ. බස යනු
හුදෙක් අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යයක් නම්, ඉහත වැකි දෙකම එක සේ නිවැරදි
හෝ වැරදි විය යුතු යි.

මෙ සේ සිංහළයට කරන අඩු සැලකිල්ල ගැනයි මා කීවේ.

බස ඉදිරියට යන්නේ සමාජයේ අවශ්‍යතා මත යි. එය බලහත්කාරයෙන් සමාජයට ඇතුළු
කල නොහැකි බවට කිසි ම විවාදයක් නැත. බසක ඇති අනවශ්‍ය දේ ඉවත් කර සුදුසු
පරිදි සැකසීම සමාජයේ යෙදුම් මගින්ම සිදුවනු ඇති.

වරුණ කීවාක් මෙන් බස මෙවලමකි. මෙවලමෙන් වැඩක් ගත නොහැකි නම් එය වැඩ ගත
හැකි ලෙස නමා ගත යුතු යි.

බසක යෙදුම් දෙස බලා වියරණය (රටාව) සෙවිය යුතු ය මිස වියරණය මුලින් ලියා
බස කතා කරවීම විහිළුවක් ය යන තකුවෙහි වරදක් ඇතැයි ද නො සිතමි.

මා කියන්නට උත්සාහ කරන්නේ එය එ සේ නොවිය යුතු බව නම් නො වේ.

වසර ගනනකට පෙර, මා 10 පංතියේ ඉගෙන ගන්නා කාලයේ, වරක් මල්වතු අනු නා
හිමියන් බැහැ දැකීමට නෑයෙක් සමග ගිය විටෙක, හිමියන් පන්සලේ නොසිටි නිසා,
අසල පන්සලක ඉතා වයෝවෘධ හිමි නමකගෙන් ඒ ගැන විමසීමු. එ විට ඒ හිමියන්
දුන් පිළිතුරයි මේ:

"දරුවා, මා දුටුවා පඤ්ඤාසේකර හාමුදුරුවෝ දානෙකට වඩිනවා."

මේ හිංගලය එ දා අපට මහ ම අරුමයක් විය. එ දා දවසම මේ නුහුරු "මා දුටුවා"
යන්න ගැන සිනාසීමු. යක්කඩුවේ හාමුදුරුවන් කියන එම ම කතාවට ද මා එකඟ
වන්නේ එ බැවිනි.

මුලින් ම සිංහළය අද ඇත්තේ කුමන තැනකදැයි සැලකීම වටී යයි මා පුද්ගලිකව
සිතමි. බස වැටී ඇති කලෙක එහි රටාව බලා මේ වියරණය යැයි සැලකීම කෙතරම්
නිවැරදි ද?

බස වැටී ඇතැයි මා කියන්නේ ඇයි?

1835 දී බ්‍රිතාන්‍ය යටත් විජිත වල පාලනය ගැන පනතක් සම්මත විය (එහි හරි ම
විස්තර මා ලඟ මේ මොහොතේ නෑ, සොයා කියන්නම්). එහි අරමුණු තුනකි:

1. යටත් විජිත වල බස් යටපත් කර, ඒ වෙනුවට ඉංගිරිසිය ප්‍රචලිත කල යුතු යි
2. යටත් විජිත වල හැදියාව (culture) යටපත් කර, වෙනුවට බටහිර හැදියාව ගෙන ආ යුතුයි
3. යටත් විජිත වල සිප්ලකුව (තාක්ෂණය) යටපත් කර, ඒ වෙනුවට බටහිර සිප්ලකුව
ගෙන ආ යුතු යි

මේ වැඩ පිළිවෙල, වෙසෙසින් ම 1 හා 2, මල් පල දරා ඇති බව මගේ අදහස යි.
මෙහි පලය අද ආර්ථික හා පංති බේදය හා කොතරම් තදින් බැඳී ඇත්දැයි බලන්න.

ඉංග්‍රීසි කතා කරන කොලඹ "සුපිරි" පංතියේ කෙනෙක් තම සිංහළ "නොහැකියාව" ගැන
ලැජ්ජාවක් නො දක්වයි. (එය වරදක් නො වේ, තමන්ට බැරි දේ හැංගීමට උත්සාහ
කිරීමයි වරද). දුර ඈත ගමකට එවැන්නෙක් ගියොත්, තම බස් වහර නිසා ගම්මුන්
මොනවා හිතයිදැයි සිතා කරදර නොවන බව අප කොතෙකුත් දැක ඇත.

අනිත් අතට සිංහළ හොඳින් කතා කරන, එතරම් ඉංගිරිසිය බැරි කෙනෙක්, තම සිංහළ
උසුරුවන අයුරින් තමන් "ගමේ කෙනෙක්", "ගොඩයෙක්" යයි එලි වේ යයි කරදර වෙන
අයුරු ද අප අනන්ත දැක ඇත. ඒ නිසා, අනර්කලීගේ සිංහළය තරම්ම නොවුනත්,
ටිකක් ඉංගිරිංසි ඇක්සන්ට් එකක් දැමා මේ "අඩුව" වසා ගන්නට ඔවුහු උත්සාහ
කරති. ;-)

ඒ හිතින් මවාගත් පංති බේදයක් නිසා බසට වී ඇති හානියයි (එය සැබවින් ම
හානියක් දැයි විවෘතව සොයා බැලීම වෙනම ප්‍රශ්ණයකි). බැරි කෙනා ලැජ්ජා නො
වේ. හැකි කෙනා මවාගත් ලැජ්ජාවක් වසා ගන්නට බැරි බව පෙන්වන්නට හදයි.

අනිත් අතට, සිංහළය ඉගෙන ගැනීමෙන් ආර්ථික වාසියක් නොවෙන්නාක් මෙන්ම, එය
බැරි වීමෙන් පාඩුවක් ද නොවේ. ඉහට සම්මුඛ පරීක්ෂණ උදාහරණය ම බලන්න.

ඉතින් අප අද ජීවත් වන්නේ වසර සීයකට වැඩි කාලයක් සිංහළය නැති කිරීමට නිල
මට්ටමේ වැඩපිලිවෙලකින් පසු ව ඒ තත්ත්වය තවත් වැඩි දියුණු වීමට තුඩු දුන්
සමාජ ආර්ථික පසුබිමක යි. එවන් කලක ඇති බසක් දෙස බලා "මෙය හොඳ බස්
රටාවක්", එනම් වියරණයක් යයි කීම මා අනුමත නොකරමි.

අවසාන වශයෙන් මගේ ඒ තර්කයට විරුද්ධ අදහසකුත් ලියන්නම් ;-)

"හොඳ වියරණය" කෙ සේ වෙතත්, "නිවැරදි වියරණය" නම් ව්‍යවහාරයයි. ඒ ගැන
ආනන්දවර්ධනයන් හා මා එකඟ වෙමි.

අනුරාධ

2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:


> කලින් කිව්වෙ මගේ පුද්ගලික අදහස. කට බසේ වියරනය ලිවීමට ගන්නා අයට (බොහෝ
> බ්ලොග්කරුවන්ට, සමකාලීන ලේඛකයින්ට, ජනමාධ්‍යවලට) මෙය අදාල නිසා ප්‍රතිචාරයක්
> හැටියට තවත් පොඩි දෙයක් පල කරනවා. මේ තරම් ඉඩක් ගැනීම ගැන කමන්න ;)
>
> 'මම යමි' කියලා ලියන වියාකරනයක් තියෙනවා. 'මම යනවා' කියන එකත් වියාකරනානුකූලව
> තියෙනවා ව්‍යවහාරයේ. ඔය දෙක මැද්දෙන් 'මා යනවා' කියලා අමුතුම එකක් වාත්තු
> කරගන්නෙ අහවල් දේකටද? බාසාව තවත් විච්චූරනයක්, ප්‍රහේලිකාවක් වෙනව නේද ඒකෙන්?
> බ්ලොග් කියන්නෙ නිදහස් මාධ්‍යයක්. සිංහලයින් කතා කරන භාශාවේ දැනට පවතින වියරනය
> ලිවීම සඳහා යෙදීමට ඇති නිදහස "වල්බූරු නිදහසක් ය" කියන එකටත් මම නම් විරුද්ධයි
> :D ඔය බලන්න. අපිට කියවෙන්නෙ නෑ නොවැ මා කියල :P මම විරුද්ධයි කියන යෙදුම

> වියාකරනානුකූලත් නැහැ. ස්වල්ප දෙනෙකුගේ පාන්ඩිත්‍යය පෙන්නන්න හදපු ප්‍රයත්නයක්

> නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන, පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග


> 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් අදත් කළ යුතුව තියෙන්නේ : අපේ භාසාවේ
> බොහෝ දෙනාගේ ව්‍යවහාරයෙහි පවත්නා, එවැනි වෙනස් නොවන, වෙනස් කරන්ටත් බැරි භාසා
> ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනුම නේද!"
>
> උපුටනය -ප්‍රඥාරාම හිමියන්ගේ වනකතා පොත් අංක 1 - මිතුරන් කෙටවීම නමැති කෘතියේ
> සංඥාපනයෙන්. (1947)
>
>
>
>

> 2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:

> --
> Anandawardhana
> http://webalochana.blogspot.com
> >
>

--
http://www.sayura.net/anuradha/

Kalinga Athulathmudali

unread,
Jul 15, 2008, 6:27:47 AM7/15/08
to sinhala-...@googlegroups.com
මට පොඩි ගැටලුවක් තියනවා, ඔය කියන ගමේ හොදට සිංහල කතාකරන ලමයා ඔය සමමුඛ පරීක්ෂණයකට ඇවිත් මේ හොද සිංහලෙන් කතා කලොත් ද, නැත් නම් සුද්දගේ බාසාවෙන් කතා කරොත් ද රැකියාවට ගන්නේ ? නැත් නම් වැරදි සිංහල කතා කරලා සුද්දගේ බාසාව ගැටගහන කෙනාද ගන්නේ ?

ඇත්තටම අදකාලේ ඔය ඉස්කොල වල හෝ වෙන තැන් වල මේ හරි සිංහල කතා කරනවද ?

මේ සිංහල ගැන ලොකුවට කතා කරන අයම නොවෙද අර කියන ලමයා සමමුඛ පරීක්ෂණයකට ඇවිත් සුද්දගේ බාසාව බැරිනම් හලන්නේ ?

මේක තමයි ඇත්ත. දැන් මිනිසුන්ට සිංහල හදනවාද නැත්නම් බඩ වේල ගැටගහගන්නවාද කියන තැනට නේද මේ රට ඇවිත් තියෙන්නේ ?

-
www.kalingasblog.com

Anandawardhana

unread,
Jul 15, 2008, 7:14:34 AM7/15/08
to sinhala-...@googlegroups.com
පහුගිය ටිකේ අනුරාධ බාසාව ගැන ඉදිරිපත් කරන්න උත්සාහ කල "නිවැරදි කිරීම්" සහ අද ඉදිරිපත් කල සියල්ලට පොදු ලක්ශනයක් මම දැක්කා. ඒ තමයි අනුරාධ කල් තබා උපකල්පන දෙකක් මත සාකච්ඡාවට ප්‍රවිශ්ට වෙනවා.

1) නිවැරදි වියරන කියා "එක" දෙයක් තිබෙන බව
2) ඒ නිවැරදි වියරනය නමැති "එක" තමන්(අනුරාධ) දන්නා "එක" සහ අනුමත කරන "එක" පමනක් බව [නමුත් ඒකත් අනුරාධ වරද්දනවනෙ - "ආනන්දවර්ධනයන් හා මා එකඟ වෙමි" කියල ලියන්නෙ ඒ වැරදීම නිසා තමයි :D  මෙහෙම වරදින්නෙ ඔය රීති කිසිම ජීර්නය කරගත හැකි තර්කයකට අනුව පිහිටා නැති, අසංගත හා පරස්පර විරෝධී නීති නිසා බව මම අනේක වාරයක් පැහැදිලි කරලා තියෙනවා.]

මෙන්න මේ ප්‍රවිශ්ටයට මම එකඟ නැහැ. මම දන්න, මගේ භාශා වීරයින්ගේ අනුමැතිය ලැබුනු එකම එක වියරනය තමයි හරි ඒක විතරයි උසස් කියන ප්‍රවිශ්ටය අත්නනෝමතිකයි. සිංහල වගේම ඉංගිරිසි ඇතුලු බොහෝ භාශාවල ලිහිල් ව හෝ හඳුනාගත හැකි වියරන පද්ධති(සුසැටි :P) කිහිපයක් තියෙනවා. ඒ වගේම ඒ ඒ පද්ධතියට ඓතිහාසික අස්තිත්වයක් ඒ කියන්නෙ ඉතිහාසය තුල පැවැත්මක් තියෙනවා.

මේකෙන් අදහස් වෙන්නෙ ඒවා විවිධ යුගවල විවිධ කාලවල වෙනස්කම්වලට බඳුන් වන සහ වුන බවයි. එක් එක් පද්ධතියක් තුල වුනත් විවිධ යුග අතර වෙනස්කම් තිබිය හැකියි.

නමුත් අනුරාධ යෝජනා කරන වියරන මෙයින් එක් ධාරාවක ස්වල්ප පිරිසක් පමනක් 'හරි' හැටියට පිලිගන්නා ඒවා මිස ඉන්තේරුවෙන් ම "හරි" ඒවා නෙමේ.

උදාහරනයක් දුන්නොත් "මා යනවා" "අප යනවා" කියලා කියන එක හරි කියලා ටික දෙනෙක් පිලිගත්තට ඒක හරි සිංහල කියලා පිලිගැනෙන්නෙ නැහැ. ඒ වගේ ම ඒක වැරදියි කියලා පිලිගන්න අයත් ඉන්නවා :D මම යනවා කියන එක නිවැරදියි. ඒක නිවැරදි නෑ, උසස් නෑ කියන එක පුද්ගලික විනිශ්චයක් පමනයි.

අනුරාධ ඇතුලු ටික දෙනෙක් සිංහල බාසාවට කියන්නෙත් "සිංහළ" කියලනේ ඒකත් වැරදියි කියලා මමත් තවත් බොහෝ දෙනාත් හිතනවා. දැන් මම සම්බන්ධයෙන් ගත්තොත්, මම ලියන්නෙ කියන්නෙ මූර්ධජ අක්ශර ඉවත් කල කට බසේ වියරනයෙන්. මම නම් කතා කරද්දී මූර්ධජ භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන කෙනෙක් ඉන්නවා නං දැකගන්නත් ආසයි :D නමුත් මේ පොදු අවකාශයේ SBU වෙබ් අඩෙවියේ ලිපි සම්බන්ධ වැඩවල දී මට මධ්‍ය ලක්ශ්‍යයකට එන්න වෙනවා. ඒකෙ දී මම පිලිගත් පලියට ඒක උපරි ආරෝපනය නොකර පොදු තැනකට එන්න මම උත්සාහ කරනවා. නැත්නම් මට පුලුවන්නෙ එක රැයකින් මගේ පිවිසුම් යොදාගෙන වෙබ් අඩෙවියේ සියලු පිටුවල මූර්ධජ අකුරු ටික හලන්න :D නමුත් මම දන්නවා, සහ පිලිගන්න ලෑස්තියි මම අනුමත කරන එක පමනක් ලෝකයේ නැති බව. බහුතරයත් මම අනුමත කරන එකේ නැති බව.

අපිට "නිදහස" සම්බන්ධ සීමා මේ වගේ අවිනිශ්චිත නිර්නායක මත සිටගෙන උපරිආරෝපනය කරන්න අමාරුයි නේද? උඩින් පටවන්න අමාරුයි. හොඳනිර්නායක තිබුනත් භාශාව හා ලේඛනය සඳහා නීතිරීති පනවන එකට මම නම් කැමති නැහැ. ඒක මගේ පුද්ගලික මතය.

ස්තුතියි.

2008/7/15 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 7:14:43 AM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/15 Kalinga Athulathmudali <kali...@gmail.com>:

>
> මේක තමයි ඇත්ත. දැන් මිනිසුන්ට සිංහල හදනවාද නැත්නම් බඩ වේල ගැටගහගන්නවාද
> කියන තැනට නේද මේ රට ඇවිත් තියෙන්නේ ?

හරියට ම හරි!

ඒක තමයි මා කීවේ, මේක සමාජ ආර්ථික ගැටළුවක්, බස ගැනම එකක් නො වෙයි.

නමුත් මේක අද ඊයෙ වුනු දෙයක් නො වෙයි. යටත් විජිත කාලෙ ඉඳලම ඉංගිරිසි
කතා කලේ නැත්නම්, කලිසමක් ටයි එකක් දැම්මෙ නැතිනම්, රැකියාවක් ගන්න බැරි
තත්ත්වයක් තමා තිබුනෙ.

අපේ පියා ජීවත්ව ඉන්න කාලෙ කීවා මෙහෙම එකක්:

"වෛයාකරණං අකාරණං, පණ්ඩුල නාලං කාරණං"

මං හිතන්නේ "පණ්ඩුල" කියන වදන හරි වෙන්න ඕනෙ. ඉස්සර බමුණො එහෙම කියුවලු.
ඒ කියන්නෙ, වියාකරණය නෙවෙයි කාරණය, හාල් නැලියක් හොයාගන්න එක තමයි කාරණය
කියල!!!

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 7:26:19 AM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:

>
> 2) ඒ නිවැරදි වියරනය නමැති "එක" තමන්(අනුරාධ) දන්නා "එක" සහ අනුමත කරන "එක"
> පමනක් බව [නමුත් ඒකත් අනුරාධ වරද්දනවනෙ - "ආනන්දවර්ධනයන් හා මා එකඟ වෙමි" කියල
> ලියන්නෙ ඒ වැරදීම නිසා තමයි :D මෙහෙම වරදින්නෙ ඔය රීති කිසිම ජීර්නය කරගත හැකි
> තර්කයකට අනුව පිහිටා නැති, අසංගත හා පරස්පර විරෝධී නීති නිසා බව මම අනේක වාරයක්
> පැහැදිලි කරලා තියෙනවා.]

මීට කලිනුත් මේ වගේම "වරදක්" මගේ බ්ලොග් එකේ නන්දලාල් වෙද මහතා පෙන්වා
දුන්නා. පෙන්නා දීම ගැන පිං. :D

ඉංගිරිසියෙන් "I lives in Colombo" කියා ලියවෙන්නේ නැත්තේ ඇයි?

ඊට හේතුව, මා කියූ අර සමාජ ආර්ථික පසුබිම නිසා සිංහළ බස ගැන ඇති උනන්දුව
අඩුවීමයි. "කොහොම කියුවත් එකයි" කියලනේ කියන්නේ.

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 7:35:15 AM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:

>
> අනුරාධ ඇතුලු ටික දෙනෙක් සිංහල බාසාවට කියන්නෙත් "සිංහළ" කියලනේ ඒකත් වැරදියි
> කියලා මමත් තවත් බොහෝ දෙනාත් හිතනවා.

මේක අප රටේ ඉතිහාසය ගැන මා දැනට පිලිගන්නා ("දැනට" කීවේ, මේ අදහස වෙනස්
කිරීමට විවෘත මනසක් ඇති බව හැඟවීමට යි) මතය දැක්වීමකි.

විජයාගමනයට පෙර මේ රටේ තරමක ශිෂ්ටාචාරයක් පැවති බවත්, විටින් විට මේ රටට
පැමිණි සංක්‍රමණිකයින් දේශීය ජනයා හා මුසු වුනු බව මිස, විජයාගමනය නිසා
මහ කැලෑවක් ව තිබූ මේ රට එක් වරම දියුණු රටක් වූ බව මා නො පිළිගමි.

යක්, රකුසු, අසුර හා නාග යන සිවු හෙළය සීහළ වී (සිවු පද, සීපද වූවාක්
මෙන්), පසුව සිංහළ වූ බවට පත් වී ඇති මතය හා මම වැඩිපුර එකඟ වෙමි.
"සිංහළ" හා "සිංහල" වදන් වල උපත ගැන මත බොහොමයෙකි. එකක් වත් 100% ඔප්පු
කිරීමට නොහැකි නිසා කිසිදා එකඟතාවක් ඇති නොවනු ඇත.

"සිංහළ" යන්න සකුවෙන් ලිවීමේදී "සිංහල" වූ බවට මතයෙකි, සකුවේ මූර්ධජ "ල"
යන්නක් නැති බැවිනි.

අරවින්ද

unread,
Jul 15, 2008, 10:49:14 AM7/15/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය


On Jul 15, 8:39 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> ආයුබෝවන්,
>
> බොහෝ දෙනෙක් සිංහළයේ කියන බස හා ලියන බස යයි දෙකකට බෙදති.  ඕනෑම බසක
> මෙවැනි බෙදීමක් ඇති බව නො රහසකි.  නමුත් කියන බසට වියරණයෙන් තොර "වල්
> බූරු නිදහසක්" ඇතැයි නො සිතමි.
>
> උක්ත/අනුක්ත බෙය නිවැරදිව යොදන්නේ නම්, "කියන බසේ" වියරණය මැරීම බොහෝ අඩු
> වන බව ඇසීමි.  ඒ අනුව පහත වැකි දෙකම වියරණයෙන් වැරදි නැත.
>
> "මම ගමට යමි"
>
> "මා ගමට යනවා"
>
> නමුත් "මම ගමට යනවා" යනු වැරදි යෙදුමකි.
>
> එ සේම, "මං" යනු "මා" යන්නට සමාන ලෙස සැලකූවොත්, "මම" වෙනුවට "මං"
> යෙදීමෙන් කියන බසේ වියරණ මැරීම අඩු කල හැකි වේ යයි සිතේ.  ඒ අනුව, "මං
> ගමට යනවා" යන්න ද නිවැරදි යෙදුමක් වේ. ලෝ වැඩ සඟරාවේ ඇති "මම් සතොසින්
> නමඳිම්" යන්නෙහි "මම්" යන්න නම් "මම" යන්නට සමාන පදයෙකි.
>
> ඒ අනුව, ලියුම් සහ බ්ලොග් ලිවීමේදී, මේ උක්ත අනුක්ත බෙය ගැන තව උනන්දු වෙමු ද?
>
>        අනුරාධ


අනුරාධ ඉදිරිපත් කරන තර්කයට අනුව මා ගමට යනවා යන්න නිවැරදි ය. එහෙත් එසේ
වන්නේ කෙසේ ද? ලියන වියරණයට අනුව ක්‍රියාව තැබිය යුත්තේ උක්තයට යි. එවිට
නිවැරදි වන්නේ මම ගමට යමි යන්න පමණි. (මම යන උක්ත උත්තම පුරුෂ ඒකවචන නාම
පදයට යමි යන උත්තම පුරුෂ ඒකවචන ක්‍රියා පදය) මා යනු අනුක්තයකි. ලියන බසේ
කුමන වියරණයකින් වත් අනුක්තයට ක්‍රියාවක් පැවරිය නොහැකි ය. එබැවින් මා
ගමට යනවා යන්න ලිඛිත ව්‍යාකරණානුකූල ව වැරදි වේ.

එසේ ම "මා යන රූපයට මං යන්න සමාන කළ නොහැකි ය. මං යන්න මම්-mam (මෙය
ඉංගිරිසියෙන් ලීවේ mama හා mam යන ශබ්ද දෙක සිංහල අකුරින් ලියූ විට එක
වගේ පෙනෙන බැවිනි) යන්නෙහි විකෘතියක් බව ඕනෑ ම කෙනෙකුට වැටහේ. කතා කරන
බසේ දී මම යන්නට උක්ත අනුක්ත වෙනසක් නොමැති ය. ඒ කතා කරන විට මා යනුවෙන්
නොයෙදෙන බැවිනි.

"වියරණ වරද තරමක් දුරට අඩු වේ", "තරමක් නිවැරදි වේ" යනුවෙන් පවසන්නේ කෙසේ
ද? වියරණ නම් වැරදි නම් වැරදි ය; හරි නම් හරි ය. ඒ දෙක අතර මැද තත්ත්වයක්
තිබිය නොහැකි ය.


කෙසේ හෝ අනුරාධ පවසන්නේ බ්ලොග් ලිපි ලිවීමේ දී ලියන වියරණය අනුගමනය කළ
යුතු බව යි. මගේ නම් අදහස එය රචකයාගේ කැමැත්ත මත තීරණය විය යුතු බවයි.
කතා කරන බසින් ලිවීම වරදක් නොවෙයි. (එහෙත් කතා කරන බසට ද වියරණයක් තිබෙන
බව අමතක කළ යුතු නෑ) කතා කරන බසින් ලිවීමේ දී සරල බවක් දැනෙනවා. සමහද
විට බ්ලොග් රචකයෙකුට එය වැදගත් වේවි.

රාජිත

unread,
Jul 15, 2008, 11:09:00 AM7/15/08
to sinhala-...@googlegroups.com
මොකක්ද මේ කතා කරන බසේ වියරණය කියන්නෙ?


2008/7/15 අරවින්ද <aravi...@gmail.com>:



--
රාජිත.

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 11:51:26 AM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/15 අරවින්ද <aravi...@gmail.com>:
>
> "වියරණ වරද තරමක් දුරට අඩු වේ", "තරමක් නිවැරදි වේ" යනුවෙන් පවසන්නේ කෙසේ
> ද? වියරණ නම් වැරදි නම් වැරදි ය; හරි නම් හරි ය. ඒ දෙක අතර මැද තත්ත්වයක්
> තිබිය නොහැකි ය.

මා අදහස් කලේ, කියන බසේ "වැරදි" බොහොමයක් උක්තානුක්ත බෙයට අදාල නිසා, ඒවා
"නිවැරදි" වුවොත් වැරදි ප්‍රතිශතය අඩු වන බව යි.

> කෙසේ හෝ අනුරාධ පවසන්නේ බ්ලොග් ලිපි ලිවීමේ දී ලියන වියරණය අනුගමනය කළ
> යුතු බව යි.

කොහෙත් ම නෑ. මෙය අදහසක් පමණයි.

> මගේ නම් අදහස එය රචකයාගේ කැමැත්ත මත තීරණය විය යුතු බවයි.

මා කීවේ, රචකයාට "මේ ගැනත් හිතන්න" කියන එක පමණයි.

> කතා කරන බසින් ලිවීම වරදක් නොවෙයි. (එහෙත් කතා කරන බසට ද වියරණයක් තිබෙන
> බව අමතක කළ යුතු නෑ) කතා කරන බසින් ලිවීමේ දී සරල බවක් දැනෙනවා. සමහද
> විට බ්ලොග් රචකයෙකුට එය වැදගත් වේවි.

අදහස් පැවසීමට බස යොදා ගැනීම ගැන කීමේදී, ස්වර්ණවාහිණියේ පුවත් මගේ අදහස
අනුව ඉතාම හොඳ තැනක තිබෙනවා. ඔවුන් "පැවසුවේය", "කලේය" වෙනුවට
"පැවසුවා", "කලා" ලෙස යොදන අතර අනුප්‍රාසය සහිත රසවත් බස් හැසිරවීමක
යෙදෙනවා. හරේන්ද්‍ර ජයලාල් බොහෝ විට උක්තානුක්ත බෙය අනුව "අප" යන්න යොදන
බව දුටුවා.

nandalal

unread,
Jul 15, 2008, 12:13:56 PM7/15/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ආනන්දවර්දන මහතා මුර්දජ අකුරු පාවිච්චි කරන්නේ නෑ කියනවා ( මේ වැරදි
අදහසක් නම් සමාව දෙන මැන!) . එසේ කල හැකිද? සමහර වචන මේ අනුව වෙනස්
නොවේද? නැතිනම් කාර්යක්ෂමතාව වැඩිකිරීම කියා අම අකුරු තුරන් කල හැකිය(හැක
යන්නෙන් වැකි අවසන් කිරීම ද කතා කරන බසේ වරදක් නැත. නමුත් ලියන බසේ
වරදකි!).
ළ,ණ,භ,ශ හෝ ෂ දෙකෙන් එකක් කුනුගොඩට, ථ, ඵ, ඡ අකුරු එකම උච්චාරය නිසා,
දෙකක් අනවශ්‍ය යැයි කිව හැකි නොවෙද?
බසක යම් නීති පනවා ඇත. එම නිති නැතිවී පරිහානියට යාමට බොහෝ හේතු බලපානු
ඇත. නිති ව්‍යචහාරයෙන් වෙනස් විමට පුලුවන. අවැසි ලෙස තම බස යෙදවීමට නිදහස
අප සැමට ඇත. නමුදු. තිබෙන "හරි" යයි දැනට පිලිගත් ක්‍රමය "හරි" ය. තමාගේ
නිදහස උදෙසා තිබෙන නීති වැරදි යැයි අනුනට කිව නොහැක. අනුනට දෙසිය නොහැක.
"මගේ අදහස මෙයයි" කීම සෑහේ.

නන්දලාල්

On Jul 15, 9:09 am, "රාජිත" <rajitha.sinh...@gmail.com> wrote:
> මොකක්ද මේ කතා කරන බසේ වියරණය කියන්නෙ?
>
> 2008/7/15 අරවින්ද <aravinda...@gmail.com>:

රාජිත

unread,
Jul 15, 2008, 1:49:45 PM7/15/08
to sinhala-...@googlegroups.com
මොකක්ද මේ කතා කරන බසේ වියරණය කියන්නේ.  දන්න කෙනෙක් මට කියල දෙන්නකො.
(මම 11 වසරෙන් පස්සෙ සිංහල ඉගන ගන්න ගත්තෙ මේ බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තට පස්සෙ)

ලියන බසේ ගියේය, යයි, යමු ගියෝය, ... වැනි ක්‍රියා පද වලට නිවැරදි වන උක්තයක් ඇත.
කියන බසේ භාවිතා වන යනවා, ගියා වැනි ක්‍රියා පද වලට ඕනෑම උක්ත පදයක් අපි යොදනවා නොවේද?
අපි ගියා. ඌ ගියා. මං යනවා වැනි වාක්‍ය අපට නුහුරු ලෙස නොවැටැහේ.

අපි ගියේය. කියන එක ලියන බසෙත් වැරදියි කියන බසෙත් වැරදියි. නමුත් අපි ගියා කියන එක කියන බසට හරි කියලයි මට හිතෙන්නෙ. ඒක තමයි සාමාන්‍ය භාවිතය. මෙම නව වියරණ අප පිළිගෙන ඒවා පිළිබඳ අධ්‍යනයක් කර බසට එක් කරගත යුතුය.

මුර්දජ පාවිච්චි කරන්නෙ නෑ වගේ වෙනසක් බලෙන් පටවන්න බෑ. තමන්ට නිදහසක් තියනවා ඕනෙම දෙයක් කිරීමට. එහි හොඳ නරක අන් අය විසින් තීරනය කරයි. මේකත් නිකන් ෆැෂන් එකක් වගේ. ඩයනා වගේ එක්කෙන් කොන්ඩෙ කැපුහාම ඒක අලුත් විලාසිතාවක් වෙනවා. මම කැපුහාම කවුරුත් ගනන් ගන්නෙ නෑ නෙ. 

/රාජිත

2008/7/15 nandalal <nand...@gmail.com>:
--
රාජිත.

Anandawardhana

unread,
Jul 15, 2008, 10:28:54 PM7/15/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

> මුර්දජ පාවිච්චි කරන්නෙ නෑ වගේ වෙනසක් බලෙන් පටවන්න බෑ. තමන්ට නිදහසක් තියනවා
> ඕනෙම දෙයක් කිරීමට. එහි හොඳ නරක අන් අය විසින් තීරනය කරයි. මේකත් නිකන් ෆැෂන්
> එකක් වගේ. ඩයනා වගේ එක්කෙන් කොන්ඩෙ කැපුහාම ඒක අලුත් විලාසිතාවක් වෙනවා. මම
> කැපුහාම කවුරුත් ගනන් ගන්නෙ නෑ නෙ.

බලෙන් පටවන්න බෑ කියන එක තමයි රාජිත මමත් කිව්වෙ :D කියවලා බලන්න.

Anandawardhana

unread,
Jul 15, 2008, 10:37:27 PM7/15/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
දැං වැඩේ කනපිට වගේ. කට්ටිය මට කියනව බලෙන් පටවන්න බැරිලු මූර්ධජ හැලීම. ඔය වගේ එව්වා ලියන්න කලින් මේ සංවාදයේ මුල කියවලා බැලුවොත් හොඳයි. මේකෙ දී මම ඔය මූර්ධජ උදාහරනය ගෙනාවේ ඒක බලෙන් පටවන්න බැරි බව පෙන්නන්න බව සිංහල කියවන්න පුලුවන් ඕන කෙනෙකුට තේරෙනව ඇති කියලයි මම හිතුවෙ. මූර්ධජ ගැන මම කිව්වෙ ඒක මගේ පුද්ගලික අදහස පමනයි කියල තමයි.

නන්දලාල්ටත් රාජිතටත් පෙනිලා තියෙන්නෙ තමුන් දකින්න ආසා දේ මිසක් මෙතන ලියැවිලා තියෙන දේ නෙමේ!

වියරන නීතියක් බලෙන් පැටවීම යෝජනා කලේ අනුරාධ. :D ඒ වගේම කට බසේ වියරනයෙන් ලිවීමේ නිදහස වල්බූරු නිදහසක් ය කියා කිව්වෙත් අනුරාධ.

අනේ කාලේ වනේ වාසේ!

2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 11:03:50 PM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

>
> වියරන නීතියක් බලෙන් පැටවීම යෝජනා කලේ අනුරාධ. :D

එහෙම "බලෙන් පැටවීමක්" මා යෝජනා කලේ කොහේදී ද? මා ඇහුවේ "මෙහෙම කලොත්
නරකද?" කියලා විතරයි නේ ද? හරියට ඔබ "මූර්ධජ හැලුවොත් හොඳයි නේ ද?"
කියනවා වාගේ.

> ඒ වගේම කට බසේ වියරනයෙන් ලිවීමේ නිදහස වල්බූරු නිදහසක් ය කියා කිව්වෙත් අනුරාධ.

ආයෙත් වරද්දා ගෙන නේ. මා කීවේ, කට බසේ කිසිම වියරණයක් නෑ කියන එක වල්
බූරු නිදහසක්ය කියන එක නොවැ. කියන බසින් ලිවීම ගැන මා කිසිවක් කියා නෑ.

Anandawardhana

unread,
Jul 15, 2008, 11:05:07 PM7/15/08
to sinhala-...@googlegroups.com
ආ  ඔය තියෙන්නෙ. :D
එහෙම නම් හොඳයි!

මමත් එකඟයි. මටයි තේරුනේ නැත්තේ :D

2008/7/16 Anuradha Ratnaweera <anur...@taprobane.org>:



--
Anandawardhana
http://webalochana.blogspot.com

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 11:22:37 PM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/15 රාජිත <rajitha...@gmail.com>:

>
> අපි ගියේය. කියන එක ලියන බසෙත් වැරදියි කියන බසෙත් වැරදියි. නමුත් අපි ගියා
> කියන එක කියන බසට හරි කියලයි මට හිතෙන්නෙ. ඒක තමයි සාමාන්‍ය භාවිතය. මෙම නව
> වියරණ අප පිළිගෙන ඒවා පිළිබඳ අධ්‍යනයක් කර බසට එක් කරගත යුතුය.

අරීසෙන් අහුබුදු සූරීන්ගේ සහ ඊලියන් සිල්වා සූරීන්ගේ අදහස "අප ගියා" කියන
එකත් නිවැරදි වියරණ බව යි. ඒ කියන්නේ, කියන බසේ ඇති "ගියා", "ලියුවා",
"කියුවා" වැනි යෙදුම් අනුක්ත පදයක් සමග යෙදීම "නිවැරදි" බවයි.

ඒ ඇසුරින් මා කල යෝජනාව පටළවාගෙන ඇති බව පෙනේ. මා ගත්තේ කෙනෙකුට ගත හැකි
පහත සඳහන් මඟ දෙකින් දෙ වැන්න යි.

1. අද සමාජයේ යෙදෙන බස, ඒ කියන්නේ, පුවත් පත්, අද ලියැවෙන පොත්, තෙලදසුනේ
(රූපවාහිනියේ), රෙදෙවුවේ (ගුවන් විදුලියේ), වෙසෙසින්ම FM නාලිකා වල, මඟ
තොටේ බස් වල, තෙසක් (ත්‍රී වීලර්) වල, වෙලඳ සල් වල, යෙදෙන බස දෙස බලා,
"මේ තමා වර්තමාන බස", "මේ තමා අපට හුරු බස", "මින් පිටතට යාම අපට නුහුරු"
යයි සලකා, ඒ "හුරු" බස බාවිතා කිරීම.

2. පසුගිය අවුරුදු හාර පන් සියයේදී සිංහළය වැටී ඇති බව, බලෙන්ම වට්ටා ඇති
බව, තව දුරටත් එය පහලට ම යන බව, තේරුම් ගෙන, මීට වඩා හොඳ සිංහළ බසක තිබිය
යුතු කරුණු ගැන යම් පමණකට සිංහළ උගත්, එයට ආදරය ඇති පිරිසක් එකඟ වී,
වෙසෙසින්ම ඒ බස වැටීමට පටන් ගැනීමට පෙර තිබූ බසෙන්ද සුදුසු දේ ගෙන
(සුදුසු දේ පමණයි), ඒ එකඟ වූ බස (සමාජයට යම් තරමක් නුහුරු වුවද) බාවිතා
කිරීම. ටික කලකින් ඒ යෙදීම නිසා, ඒ බස "හුරු" වේවි යයි සිතමි.

මේ අංක දෙක "බලෙන් පැටවීමක්" නොවේ. උදාහරණ සැපයීමක්, නුහුරු බව නැති
කිරීමක් පමණයි.

බස හැදෙන්නේ ව්‍යවහාරයෙන් පමණක් නම්, සමාජයේ කොටසක් හැටියට ඒ "හැදීමට"
දායක වීමට මටත් අයිතියක් තිබෙනවා. ඒ අයිතිය බාවිතා කිරීම වරදක් ද? ඒ
ගැන සිතා බලන්න අන් අයට ඇරැයුම් කිරීම වරදක් ද?

Anandawardhana

unread,
Jul 15, 2008, 11:23:36 PM7/15/08
to sinhala-...@googlegroups.com
දැන් අපි මාතෘකාවට ආවොත්, මෙතන ගැටලුව වුනේ "නිවැරදි" කියන බස හැටියට අනුරාධ දැක්වූ දෙය පිලිබඳ නොඑකඟතාව නේ?

"මා යනවා" යන්න ව්‍යාකරනානුකූල බවත් "මම යනවා" යන්න වැරදි බවත් අනුරාධ කිව්ව බවයි මට තේරුනේ

නමුත් කට බසේ (කියන බසේ) වියරනය අනුව මම යනවා කියන එක නිවැරදියි කියලයි මම කියන්නේ.

මෙන්න මේකයි තියෙන නොඑකඟතාව.

කතා කරන බාසාවේ

මම, අපි
උඹ, උඹලා
එයා, එයාලා, ඒගොල්ල
මිනිහා, මිනිස්සු
ගෑනි, ගෑනු

මේ ආදී උක්තයන්ට (ඒ ඒ පුරුශයන්ට අයත්) ලිහිල් ආඛ්‍යාත රටාවක පිහිටා යනවා/ගියා, කරනවා/කලා, එනවා ආවා වගේ ආඛ්‍යාත යෙදෙනවා.

"මා" යන්න කතා කිරීමේ දී උක්තයක් හැටියට යොදාගන්නේ නෑ. "මං" කියන එක නම් යෙදෙනවා නේද. "මං යනවා යන්න" වගේ තැනක. ඔබ අර "වල් බූරු" කියමන නයට ගත් මාර්ටින් වික්‍රමසිංහයන් මේ "මා" යෙදුම කොහෙත්ම භාවිත නොකලා පමනක් නෙමෙයි, වඩ වඩාත් කට බසේ වියරනයට සමීප ව ලියන්න වෑයම් ද කලා. ඔහුගේ අවසාන ම මුද්‍රිත කෘතිය වන ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය කෘතියේ එන ඇතැම් ලිපිවල එවැනි කටබසේ වියරනය සහිත වැකි ද දක්නට ලැබෙනවා. එසේ ම කෘත්‍රිමාකාරයෙන් කථන වියරනයට රීති උපරි ආරෝපනය කිරීමටත් ඔහු එකඟ වුනේ නැහැ.

ඉතින් කියන බසට අමුතුවෙන් "මා යනවා" කියා වියරන විදියක් අඳුන්වා දෙන්න කෘත්‍රිම වෑයමක් දරන්නේ ඇයි. අපි කියන බසේ වියරනය උපුටා ගත යුත්තේ ව්‍යවහාර භාශාවෙන් නේ? ඔන්න ඕකයි කාරනය.

ඒ නිසා "මා යනවා" කියා කෘත්‍රිම ආකාරයෙන් රීතියක් එබ්බවීම වැරදියි. "මම යනවා" කියන උක්තාඛ්‍යාත පද සම්බන්ධය ව්‍යාකරනානුකූල යි. කෙනෙක් යම් තැනක සිට තවත් තැනකට යාම ගැන සඳහන් කරන්න මම යනවා කියනවා. නමුත් ඒක කියන්න "මට යනවා" කිව්වොත් අන්න වියරන වරදක්. "බල්ලා ඉන්නවා" "මේසය තියෙනවා" - මේ වෙනුවට "බල්ලා තියෙනවා" "මේසය ඉන්නවා" කිව්වොත් ඔන්න ඒක වියරන දොසක්!


 
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:





--
Anandawardhana
http://webalochana.blogspot.com

Anandawardhana

unread,
Jul 15, 2008, 11:40:56 PM7/15/08
to sinhala-...@googlegroups.com


2008/7/16 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
2008/7/15 රාජිත <rajitha...@gmail.com>:
>
> අපි ගියේය. කියන එක ලියන බසෙත් වැරදියි කියන බසෙත්

අරීසෙන් අහුබුදු සූරීන්ගේ සහ ඊලියන් සිල්වා සූරීන්ගේ අදහස "අප ගියා" කියන
එකත් නිවැරදි වියරණ බව යි.  ඒ කියන්නේ, කියන බසේ ඇති "ගියා", "ලියුවා",
"කියුවා" වැනි යෙදුම් අනුක්ත පදයක් සමග යෙදීම "නිවැරදි" බවයි.


මේක හොඳ දෙයක්. කැමති කෙනෙක් හෝ පිරිසක් එවැනි භාවිතයක්, සම්මතයක් ඇති කරගැන්ම වරදක් නෑ. හැබැයි එසේ යම් පිරිසක් පිලිගත් පමනින් "මම යනවා" යන දීර්ඝ කාලයක් තිස්සේ මහාජන ව්‍යවහාරයක් තුල තහවුරු වූ උක්තාඛ්‍යාත පද සම්බන්ධය "වැරදි" වෙන්නේ නැහැ. "මම" උක්තය - ආඛ්‍යාතය "යනවා".

ප්‍රඥාරාම හාමුදුරුවන් කිව්වා වගේ >>>>

""එකක් නම් කාටවත්ම කොහොමවත්ම කවදාවත්ම වෙනස් කළ නොහැකි ලොකුම ඇත්තක්, හරිම හැබෑවක් මට කිය හැකිය. එනම් : ඉර හද පවතිනා තුරුම ජාතියක් වසයෙන් අපේ කටින්, 'මා යනවා', 'මා ගියා', 'අප යනවා', 'අප ගියා' කියා නම් කියවෙන්නේ නැතුවා නැතුවා නැතුවාමයි. උගත් පන්තිය පොත්පත්වල ලියකියවිලිවල එසේ ලියනවා විය හැකිය. නමුත් ඔවුන්ගෙනුත් කීයෙන් කීදෙනෙක්, සීයෙන් එක් කෙනෙක්වත්, කතාබහේදී ඒ සීලාචාර භාසාව පාවිච්චි කරද්ද! ඉතින් එසේ නම් කළ යුත්තේ කුමක් ද! අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත් මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන, පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් අදත් කළ යුතුව තියෙන්නේ : අපේ භාසාවේ බොහෝ දෙනාගේ ව්‍යවහාරයෙහි පවත්නා, එවැනි වෙනස් නොවන, වෙනස් කරන්ටත් බැරි භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනුම නේද!""

උපුටනය වනකතා අංක 1 (1947) සංඥාපනයෙන්

Anuradha Ratnaweera

unread,
Jul 15, 2008, 11:56:04 PM7/15/08
to sinhala-...@googlegroups.com
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

>
> ඔබ අර "වල් බූරු" කියමන නයට ගත් මාර්ටින් වික්‍රමසිංහයන් මේ "මා" යෙදුම
> කොහෙත්ම භාවිත නොකලා පමනක් නෙමෙයි, වඩ වඩාත් කට බසේ වියරනයට
> සමීප ව ලියන්න වෑයම් ද කලා.

මාර්ටින් වික්‍රමසිංහයන් මගේත් මහා ම වීරයෙක්. උන්නැහේ ගේ පොත් මා
මුලින්ම කියවූයේ අවුරුදු පහේදී විතර. (ගෙදර පුස්තකාලයේ පොත් කියවීමේ
"උණ" මඟින් කලින් ම අකුරු ඉගෙනීම නිසා, අපේ පියා මාව අවුරුද්දක් කලින්
පාසලට දැම්මා ;-)).

නොබෙල් සම්මාන ලැබූ පර්ල් එස් බක් "සාරභූමි" තුලින් කතා කරන සමාජ පෙරලිය
ම (මා හිතන හැටියට) ඊටත් හොඳින් මාර්ටින් වික්‍රමසිංහයන් "ගම් පෙරළිය",
"කලියුගය", "යුගාන්තය" තුලින් කීවා. "අපේ ගම", "කලුනික සෙවීම" වැනි පොත්
අදත් මා විටින් විට පෙරලා බලනවා. මුල ඉඳන් නො කියවන්නේ, ඒවා බොහෝ දුරට
කට පාඩම් නිසයි. ;-)

මාර්ටින් වික්‍රමසිංහයන් මා දකින්නේ බස් ඇඳුරෙක් ලෙස නොව ඉහලම සමාජ
විද්‍යාඥයෙක් ලෙසයි. නමුත් ඒ සමාජය පිලිබඳ ඔහුගේ දැකුම් සරළ "තේරෙන"
බසින් ඉදිරිපත් කිරීමට ඔහු ගත් මඟ සාර්ථක වූ බව නම් විවාදයක් නෑ.

වියරණ සහිතව ද සරළ තේරෙන බසින් ලිවීම අපහසු නොවන බවට හොඳ ම උදාහරණ යි
"හීන් සැරය", "මඟුල් කෑම" සහ "හත් පණ". අවාසනාවකට මෙන් බොහෝ බස් ඇඳුරන්
මේ සරළ වියරණය අමතක කර ලියන බස වැලඳ ගත් නිසා, ඔවුන් ගේ වැඩ සාමාන්‍ය
ජනයාගෙන් ඈත් වුනා.

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 12:03:21 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

>
> ප්‍රඥාරාම හාමුදුරුවන් කිව්වා වගේ >>>>
>
> "... අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්

> මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන,
> පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් ..."

මේ ගැන උදාහරණ, සාදක දෙන්න පිළිවන් නම් තමා හොඳ. ;-)

සිදත් සඟරාවෙත් තියනවානෙ "වහරනුසෙරෙන් සපයා" කියල (ව්‍යවහාරානුසාරයෙන්
සපයා). මේ ගැන මහ ඉහලින් කතා කරන බොහෝ දෙනෙක් ඒ පදයට කලින් ඇති "අනුරූ
සේ පියෝනන්" කියන එක අමතක කරනවා. "වැඩි දෙනෙකු පාවිච්චි කරන" නොව "වැඩි
උගතුන් පිරිසක් පාවිච්චි කරන" කීවොත් නේද වඩා නිවැරදි?

Anandawardhana

unread,
Jul 16, 2008, 12:13:43 AM7/16/08
to sinhala-...@googlegroups.com


2008/7/16 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:
>
> ප්‍රඥාරාම හාමුදුරුවන් කිව්වා වගේ >>>>
>
> "... අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්
> මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන,
> පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් ..."

මේ ගැන උදාහරණ, සාදක දෙන්න පිළිවන් නම් තමා හොඳ. ;-)


ඇයි කලින් දුන්නේ ඒවා නේ? මේ මම මුලින් උපුටා දක්වපු එකම තමයි. ඒකෙ අග ඡේදෙ නොවැ ඔය ආයෙත් උපුටගත්තෙ. එහෙම නම් මේ පාර වත් කියවන්නකො. ඔන්න එහෙම නම් ආයෙත් >>>

පහත දැක්වෙන්නෙ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ මේ ප්‍රශ්නය ගැන හිතපු විදිහ -

"ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේ" - මේ උගත් බොහෝ දෙනාගේ මතයයි. ඒ නිසාම අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී පමණක් නොව, නිකම් කතාබහ කිරීමේදී පවා, 'මම යනවා', 'අපි යනවා' නොකියා, 'මා යනවා', 'අප යනවා' කියමින් තමුනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව ඇඟවීමට උත්සාහ කරති. අවට අසා සිටින අය තොල් විකා සිනා කාගෙන සිටින බව බලබලාත්, සිංහල ගතියට, ජම්ම පුරුද්දට ඉබේ කියවුණු 'අපි' යන්න 'අප' කියා නැවත සකස් කොට, 'අප යනවා' කියමින් හොදම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතා ප්‍රකට ය; මට ද දැක පුරුදුය.

"ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේ ද! නොවේ නම් එකෙකුගෙන් කියවෙන අදහසක් අනිකා නිවැරදිව වටහා ගන්නේ කෙසේද! අදහස් අනුන්ට ඇඟෙන අන්දමට කියනවාය, ලියනවාට වැඩියෙන් ඇති ව්‍යාකරණය කුමක්ද! 'ව්‍යාකරණය' කියන්නේ අමුතු විදියේ විච්චූර්ණ බඩුවක් ද! අමුතු හාස්කමක් ද! ඕනෑම ප්‍රයෝගයක් ව්‍යාකරණානුකූල වීමට ඕනෑ කරන එකම දෙය එය 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනීමම විනා වෙන කුමක් ද!

"සංස්කෘතයට වඩා ව්‍යාකරණ නීති රීතිවලින් බැඳ රැක ගත්, ව්‍යාකරණානුකූල භාසාවක් තවත් මිහිපිට තිබේ ද! 'එතැන් පටන්' යන අර්ථය දීම සඳහා සංස්කෘතයේ භාවිත වන්නේ 'නතඃ ප්‍රහෘති' යනුයි. මේ නම් 'නතඃ ප්‍රහෘත්‍යා' යන්නේ විකාර රූපයකි. එසේ නොපිළිගත හොත් එය අදහස් කරන විභක්ත්‍යාර්ථය පවා දීමට අපොහොසත් ව්‍යාකරණ විරෝධී ප්‍රයෝගයකි. "වෘත් = පැවතීමෙහි", "වෘධ් = වැඩීමෙහි" මේ ධාතු සංස්කෘතයේ ඉතා ප්‍රකට ආත්මනේපද ධාතුය; වර්තමාන ක්‍රියා රූප: 'වර්තතෙ', 'වර්ධතෙ' කියා ය. බැරි වෙලාවත් "වර්තති, "වර්ධති" කියා පරස්මෛපද රූපහෙම ලියවුණොත් නම් මහාම බරපතළ ව්‍යාකරණ දෝසයකි. නමුත් මේ ධාතු දෙනෙක් ම අනාගත කාලයට ඒ ඒ පරස්මෛපද රූප ලැබෙයි. 'වර්තති', 'වර්ධති' කියා වර්තමානයට නරක් වූ මහා ව්‍යාකරණ දෝසයක් වූ 'ඉ' යන්න 'වර්ත්ස්‍යති' කියා අනාගතයට හොඳ වූයේ, ව්‍යාකරණානුකූල වූයේ කෙසේ ද!

"පාළියේ 'රාජන්' ප්‍රකෘතියෙන් සම්බන්ධය ඇඟවීමට යෙදෙන නියම රූප - භාසාධර්මතාවට අනුව ලබාගත හැකි රූප - නම්: 'රාජිනො'; 'රඤ්ඤො' යන දෙකයි. 'රඤ්ඤස්ස' යන රූපය සාධු රූපයක් වන්නේ කෙසේ ද! එයින්ම ආධාරය ඇඟවීමට 'රාජිනි', 'රඤ්ඤි' යන රූප විනා 'රඤ්ඤි' වෙනුවට 'රඤ්ඤෙ' යන්නක් කෙසේ සාධු විය හැකි ද! ව්‍යාකරණානුකූල විය හැකි ද!

"පාළියේ ආලපන පදයක් වසයෙන් පාවිච්චි කරන 'භණෙ' යන රූපය නාමපදයක් ද! නාමපදයකින් විනා අනිකකින් ආලපනයක් ලැබෙයි ද! 'භණෙ' යනු 'මම කියම්' යන අර්ථයේ ක්‍රියාපදයකි. එය ඉංග්‍රීසියේ 'අයි සේ' - 'මම කියම්' යන්න ආලපන වෙලා තිවෙයනවා වගේ ආලපනයක් විය. මේ මොන ව්‍යාකරණ ද! මේවා ව්‍යාකරණානුකූලයි පිළිගන්නේ කෙසේ ද!

"'ස්ත්‍රී' යන්න වෙනුවට පාළියේ 'ඉත්ථි', 'ථි' කියා රූප දෙකකි. පදයක මුල බැඳි අකුරක් තිබීම අච්චාරණයට අපහසු නිසා පාළියෙහිත් ව්‍යවහාරයේ පවතින ප්‍රාකෘත ආදී කොයි භාසාවකත් එවැනි රූප දෙවිධියකින් ව්‍යවහාර වෙයි. එක්කෝ ඒ සංයෝගයේ මුල් අකුර නැති වෙලා යයි; 'ථි' යන්න මෙනි. නැත්නම් ළඟ ඇති අකුරුවලට ගැළපෙන ස්වරයක් මුලට හෝ මැදට හෝ එයි; 'ඉත්ථි'; 'ස්නාන' = 'සිනාන', 'නහාන' යනුවෙනි.

"පාළියෙහිත් මෙසේ තිබියදී, ඒ 'ස්ත්‍රී' යන්න අපේ භාසාවට ගැළපෙන හැටියට 'ඉස්ත්‍රී' කියා මුලට 'ඉ' යන්න යොදා පාවිච්චි කිරීම නොගැළපෙන්නේ කවර නම් ව්‍යාකරණයකට ද! ඒ නිසා ළපටියන්, පිටිසරයන්ගෙන් කියවෙන හැටියට ලියන තරමට (කටින් කියන හැටියට කිරීම උසස්ම දියුණුවක් ලත් උත්තම ගුණයකි) හැදී සිටිනවුන්ගෙන් ලියවෙන 'ඉස්ත්‍රී', 'ඉස්කෝල', 'ඉස්පිරිතාල' ආදිය සදොස් යයි කියන කටුගාන උගතුන් ගුරුවරයන් කරන්නේ කොයි තරම් මහ නොහොබිලාකමක් ද! එහෙත් මෙන්න පුදුමයෙනුත් පුදුමයක හැටි : ඒ උගත්තුම, ඒ ගුරුවරුම, ඒ මහා වෛයාකරණයෝම ඒ වෙනුවට 'ඉතිරි' කියා මුලට 'ඉ' ලියා මහ නෙය්යාඩගම් ද කරති.

"'ගස් වැටේ', 'මා ගමට යති' - මේ කවුරුත් පිළිගන්නා හොඳම ව්‍යාකරණානුකූල ප්‍රයෝග දෙකකි. හොඳින් විමසා බැලිය යුතුයි : ඇත්තටම මෙහි ඇති ව්‍යාකරණය කුමක් ද! මෙය කවර ව්‍යාකරණ ක්‍රමයකට ගැළපිය හැකි ද! කර්තෘපදය හා ක්‍රියාපදය වත් එකිනෙකට ගැළපේ ද! ඉතින් මේ ප්‍රයෝග ව්‍යාකරණානුකූල වූයේ කෙසේ ද! පිළිගැනීමෙන්ම පමණක් නොවේ ද! ඒ නිසා අපේ මිනිසුන් ව්‍යාකරණානුකූල නොවන ගම්මැදි භාසාවෙන් කතා කරන අසීලාචාර ගණයට නොවැටී 'මම යනවා', 'අපි යනවා' යනාදිය ව්‍යාකරණානුකූලයි කියා පිළිඅරගෙන ව්‍යාකරණ නොවරද්දා ලියන්නට මෙන්ම කියන්නටත් සූදානම් වෙනවා නරක ද!

""ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ" යනු පෙරදිග පරණ පඬිවරයන් පිළිගත් ප්‍රධානම ප්‍රතිපත්තියයි. මෙයින් පැහැදිලි වන්නේ සිස්ටයන්ගේ යෙදුම්-භාසාව ව්‍යාකරණානුකූල බවයි. එයින්ම යම් භාසාවක් ව්‍යාකරණානුකූල නොවෙයි නම් එය අසිස්ට භාසාවක් බවත් එවැනි භාසාවක් කතාබහ කරන ජාතිය අසිස්ට අසීලාචාර මහම නැහැදිච්ච ජාතියක් බවත් ඉබේම ඔප්පු වෙයි. මෙහි තේරුම කුමක් ද! අපේ සිංහල ජාතිය කතාබහ කරන භාසාව ව්‍යාකරණානුකූල නොවෙයි නම්, උගත් නූගත් හැම සිංහලයාම ජාතියක් වසයෙන් අසිස්ට අසීලාචාර වනචර මිනිසුන් බව නේද!

"දැන් සියලුම සිංහලයන්ගේ සිත් මේ බරපතල කාරණය පිලිබඳව බැරෑරුම් අන්දමට යොමු විය යුතුයයි සිතමි. අපේ භාසාව ව්‍යාකරණානුකූල කරගෙන සියලු සිංහලයෝම ජාතියක් වසයෙන් සීලාචාර වෙමු ද! නැත්නම් කවුරුත් උගත් නූගත් හැම දෙනාම පොදුවේ ව්‍යාකරණ වරද්ද වරද්දා කතාබස් කරමින් අසිස්ට අසීලාචාර වනචර ජාතියක් වෙමු ද! හිතාමතා තීරනයට බැසීම ඔබට බාරය.


"එකක් නම් කාටවත්ම කොහොමවත්ම කවදාවත්ම වෙනස් කළ නොහැකි ලොකුම ඇත්තක්, හරිම හැබෑවක් මට කිය හැකිය. එනම් : ඉර හද පවතිනා තුරුම ජාතියක් වසයෙන් අපේ කටින්, 'මා යනවා', 'මා ගියා', 'අප යනවා', 'අප ගියා' කියා නම් කියවෙන්නේ නැතුවා නැතුවා නැතුවාමයි. උගත් පන්තිය පොත්පත්වල ලියකියවිලිවල එසේ ලියනවා විය හැකිය. නමුත් ඔවුන්ගෙනුත් කීයෙන් කීදෙනෙක්, සීයෙන් එක් කෙනෙක්වත්, කතාබහේදී ඒ සීලාචාර භාසාව පාවිච්චි කරද්ද! ඉතින් එසේ නම් කළ යුත්තේ කුමක් ද! අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත් මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන, පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන් අදත් කළ යුතුව තියෙන්නේ : අපේ භාසාවේ බොහෝ දෙනාගේ ව්‍යවහාරයෙහි පවත්නා, එවැනි වෙනස් නොවන, වෙනස් කරන්ටත් බැරි භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගැනුම නේද!"

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 12:34:08 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

>
>
> 2008/7/16 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
>>
>> 2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:
>> >
>> > ප්‍රඥාරාම හාමුදුරුවන් කිව්වා වගේ >>>>
>> >
>> > "... අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්
>> > මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන,
>> > පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග 'ව්‍යාකරණානුකූලය' කියා පිළිගත්තාක් මෙන්
>> > ..."
>>
>> මේ ගැන උදාහරණ, සාදක දෙන්න පිළිවන් නම් තමා හොඳ. ;-)
>>
>
> ඇයි කලින් දුන්නේ ඒවා නේ? මේ මම මුලින් උපුටා දක්වපු එකම තමයි. ඒකෙ අග ඡේදෙ
> නොවැ ඔය ආයෙත් උපුටගත්තෙ. එහෙම නම් මේ පාර වත් කියවන්නකො. ඔන්න එහෙම
> නම් ආයෙත්

ඒ ටික මා කලින්ම කියෙවුවා. ;-)

මා ඇහුවේ, "පැරණි උගත් සිංහළයන්", "රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්",
"වැඩි දෙනෙකු පාවිච්චි කරන" දේ ගත් බව සනාත කරවන උදාහරණ.

Anandawardhana

unread,
Jul 16, 2008, 12:39:32 AM7/16/08
to sinhala-...@googlegroups.com
"පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්" ව්‍යාකරනානුකූල සේ ව්‍යවහාරයේ එන දෑ පිලිගත් අවස්ථා තමයි ඔය දක්වලා තියෙන්නේ!

ඇයි ඒක නොපෙනෙන්නේ?

Anandawardhana

unread,
Jul 16, 2008, 12:48:59 AM7/16/08
to sinhala-...@googlegroups.com
මේ සම්බන්ධ තවත් උදාහරන යතුරු ලියන්න ඉඩක් ලද විට මෙහි පල කරන්නම්. මෙවැනි කාරනා ගැන ප්‍රඥාරාම හිමියන්ගේ ලිපිය ද ඇතුලත් ලිපි ගනනාවක් ඇතුලත් කෘතියක් (ලිපි සංග්‍රහයක් පල ව තිබෙනවා)

අදට ඔබින බස, සංස්කරනය අජිත් තිලකසේන, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 1997 - මෙය 1947 සිට 1990 ගනන් දක්වා මේ ආශ්‍රිත කාරනා ගැන පල වූ වැදගත් ලිපි එකතුවක්.

මේකෙ ගොඩක් උදාහරන තියෙනවා. එදා මෙදා තුර සිංහල බසේ ව්‍යවහාරය කොහොමද සම්මතයක් බවට පෙරලුනේ කියන එකට. ලේඛකයින්ගේ අවසරය ලැබුනොත් මෙයින් එකක් දෙකක් හෝ අන්තර්ජාලයට එකතු කරන්නම්. නැත්නම් අදාල තැන් කිහිපයක් වත් යතුරු ලියා පල කරන්නම්. එතෙක් පොත අරන් කියවන්න.



2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 1:08:11 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

>
> "පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත්" ව්‍යාකරනානුකූල
> සේ ව්‍යවහාරයේ එන දෑ පිලිගත් අවස්ථා තමයි ඔය දක්වලා තියෙන්නේ!
>
> ඇයි ඒක නොපෙනෙන්නේ?

මගේ නොපෙනීම ගැන කමා වී පෙන්වා දුන්නොත් නරක ද? ආයේ උපුටා ගන්න ඕනෙ නෑ.
ටිකක් පැහැදිලි කරල දුන්නනං බොහොම පිං.

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 1:16:36 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:

>
> මේකෙ ගොඩක් උදාහරන තියෙනවා. එදා මෙදා තුර සිංහල බසේ ව්‍යවහාරය කොහොමද සම්මතයක්
> බවට පෙරලුනේ කියන එකට.

පොත ගෙන කියවන්නම්.

"ව්‍යවහාරය සම්මතයක් බවට පෙරලුනේ කොහොමද" කියන එකට නම් දැන් දැන් උදාහරණ
ගොඩයි. පාරේ, පොලේ, බස් එකේ ව්‍යවහාරය සම්මතයක් වුනු හැටි, වන හැටි ගැන
ඔහ පොත වගේ පොත් දහයක් පිරෙන්න ලියන්න පිළිවන්. ඒ "ව්‍යවහාරය" අනුව
දිගටම යෑමට ඔබට ඇති නිදහසට ගරු කරමි. ;-)

ඔය "ව්‍යවහාරය" නිසා අද බසට වී ඇති දේ ගැන මේ ලියුමත් කියවන්න (අසභ්‍ය
යැයි සිතිය හැකි දේ තිබිය හැකියි):

http://en.wikipedia.org/wiki/User:RitigalaJayasena/Sinhala_Slang

nandalal

unread,
Jul 16, 2008, 3:03:53 AM7/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය


On Jul 15, 8:37 pm, Anandawardhana <anandawardh...@gmail.com> wrote:
> දැං වැඩේ කනපිට වගේ. කට්ටිය මට කියනව බලෙන් පටවන්න බැරිලු මූර්ධජ හැලීම. ඔය වගේ
> එව්වා ලියන්න කලින් මේ සංවාදයේ මුල කියවලා බැලුවොත් හොඳයි. මේකෙ දී මම ඔය
> මූර්ධජ උදාහරනය ගෙනාවේ ඒක බලෙන් පටවන්න බැරි බව පෙන්නන්න බව සිංහල කියවන්න
> පුලුවන් ඕන කෙනෙකුට තේරෙනව ඇති කියලයි මම හිතුවෙ. මූර්ධජ ගැන මම කිව්වෙ ඒක මගේ
> පුද්ගලික අදහස පමනයි කියල තමයි.
>
> නන්දලාල්ටත් රාජිතටත් පෙනිලා තියෙන්නෙ තමුන් දකින්න ආසා දේ මිසක් මෙතන ලියැවිලා
> තියෙන දේ නෙමේ!

මං සමාව ඉල්ලල හමාරයි! එනිසා සමාව ඉල්ලූ බව පමණක් මතක් කරනවා. පිලිගත් දේ
වැරදි කියනවිට එය ඔබේ අදහසය පමණි. තව දහස් ගනන් ඊට එකතු කලත්, එය එසේමයි!

මට පහසුයි ඔබට එකඟවීම, මගේ සිංහළ කලක් තුල කතාවට පමණක් සීමාවීම නිසා ලියන
බස නුහුරු වූ බැවින්! අනුරාධ වැනි හෙල බස තුල වදන් අප අතරට එකතු කරන්න
තැත් කරන අයට සිනාසී, මෙම නීති නැති ලොවකට එකතු වීම මට වාසියි! එමෙන්ම
ඔබේ නිදහසට කිසිසේත් අවහිරයක් මගෙන් නොවන බව පැහැදිලි විය යුතුය. නමුත්
ඔබ කියන දේ ගෙනයන්නේ සිංහල බස ඉඳුල් වීමක් නම්, ඉන් සතුටක් නැත. දහසක්
FM නාලිකා අය එවැන්නට එකඟ වි සතුටු විය හැකියි! බසක් පිරිහීමට හේතුව,
එහි විනය පහත් කිරිමය. එමනිසා නිදහසට ඇති සීමා, නිදහසේ ආරක්ෂාව රකින
මෙන්, බස භාවිතා කරීමේද යම් සීමා තුල වැඩ කල යුතුය. නැතිනම් කල් යත්ම,
පෙර සිංහළ සාහිත්‍යය කියවා තේරුම් ගත නොහැකි තත්වයක් ඇතිවේවි නේද?

සිංහල බස නූතන සමාජයේ වැදගත්කමක් නැති බසක් ලෙස සැලකේ. දැන් ළමුනට පාසැල්
තුල ඉංග්‍රීසියෙන්ම ඉගෙන ගත හැකිය. මේ ගැන එකම සමාජ ලතවීම, ඉංග්‍රීසියෙන්
උගන්වන ගුරුන් ගේ අඩුකමත්, ඉන්නා ගුරුන්ගේ එබස නොදනුවත් කමයි!

මං වැරදිද? එසේනම් වරද පෙන්වා දී මා සතුටු කරන්න. ඔබට පිං.

නන්දලාල්
>
> වියරන නීතියක් බලෙන් පැටවීම යෝජනා කලේ අනුරාධ. :D ඒ වගේම කට බසේ වියරනයෙන්
> ලිවීමේ නිදහස වල්බූරු නිදහසක් ය කියා කිව්වෙත් අනුරාධ.
>
> අනේ කාලේ වනේ වාසේ!
>
> 2008/7/16 Anandawardhana <anandawardh...@gmail.com>:

රාජිත

unread,
Jul 16, 2008, 3:34:48 AM7/16/08
to sinhala-...@googlegroups.com
අප හැමෝම කියන්නෙ තමන්ගෙ අදහස තමයි. මම මුර්ධජ උදාහරණයකට පමණයි ගත්තේ. මොකද එය හොඳ උදාහරණයක් නිසා. මොකද අන් උදාහරණය‍කට මගේ දැනුම තවම මදි.
එනිසා හිත් රිදවීමක් වූවා නම් කමන්න. බස සරල කිරීමකට වඩා තර්කානුකූල කිරීමයි කල යුත්තේ. මම නම් හිතන්නේ බස එසේ වූ විට ඉගනීම පහසුයි. අපට සිංහල හෝ ඉංග්‍රීසි උගන්වන්නේ නෑනෙ එහෙම.

මේ ප්‍රශ්නය පැමිණියේ තුරුදලේ සිංහල භාවිතයට පැමිණි පසුවනෙ. මොකද බ්ලොග්, විද්‍යුත් ලිපි වගේ දේ කියන බසින් තිබූ විට වැඩිය ඇඟට දැනෙනවා. නමුත් එවා කිවීමක්ම පම්ණක් නොවෙයි. මොකද අප ඒවා ලියලනෙ තියෙන්නෙ. මෙනිසා තමයි මේ අතර මැදි බස පිළිබඳ ප්‍රශනය එනනේ.

අප මේ ප්‍රශනය විසඳාගත යුතුයි. ප්‍රශනය තමයි මොකක්ද මේවායින් හරි.

1  අපි යනවා, මම යනවා 
2  අප යනවා  මා යනවා

පළමු වන යෙදුම කතා බහේදී වැඩිපුර භාවිතා වෙන ආකාරයයි. නමුත් එය ලියන බස්ට අනුව වැරදි වේ.  ව්‍යවහාරයේ කලක් තිබූ නිසා මෙය හරි බවයි ආනන්දවර්ධනගේ අදහස. එයට උදාහරණ දෙන බව එතුමා පවසා ඇත.

දෙවන ආකාරය(වැඩි දෙනාට) කතා බහට නුහුරුයි. නුමුත් එය ලියන බසට හරිද. මෙහි උක්තය අනුක්ත පදයකි.  
අනුරාධ කියූ ලෙස "අරීසෙන් අහුබුදු සූරීන්ගේ සහ ඊලියන් සිල්වා සූරීන්ගේ අදහස "අප ගියා" කියන එකත් නිවැරදි වියරණ බව යි."  එය වන්නේ කෙසේද?

මෙය විසඳා ගත් කල බසට යහපතක්ම වෙයි.

රාජිත.



2008/7/16 Anandawardhana <anandaw...@gmail.com>:



--
රාජිත.

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 3:51:54 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 රාජිත <rajitha...@gmail.com>:

>
> අප මේ ප්‍රශනය විසඳාගත යුතුයි. ප්‍රශනය තමයි මොකක්ද මේවායින් හරි.
>
> 1 අපි යනවා, මම යනවා
> 2 අප යනවා මා යනවා

මේවායින් "හරි" මොකද්ද කියා ඔප්පු කරන්න නම් බැරි වේවි. මා යෝජනා කලේ
වැටී ඇති බස පිරිසුදු කිරීමට කැමති අය (සහ කැමති අය පමණක්, බල කිරීමක් නො
වෙයි) එවැනි එකඟතාවලට පැමිණ ඒවා භාවිතයෙන් බසේ ඉදිරි ගමනට දායක වන ලෙසයි.

සමහර විට ඒ උදාහරණ හතර ම "හරි" ලෙස එකඟ වන්නට පිළිවනි, එහෙම නැතිනම් (1)
පමණක් නිවැරදි ලෙස එකඟ වන්නට පිළිවනි. මා කියන්නේ, ඉබාගාතේ "ව්‍යවහාරය"
විසින් ඇදගෙන යන බසට යම් දිසාවක් ලබා දිය යුතු බව යි.

> ව්‍යවහාරයේ කලක් තිබූ නිසා මෙය හරි බවයි ආනන්දවර්ධනගේ අදහස. එයට
> උදාහරණ දෙන බව එතුමා පවසා ඇත.

ව්‍යවහාරයේ කලක් තිබූ නිසා "හරි" වී ඇති යෙදුම් වලට උදාහරණ මා කලින් එවූ
"රිටිගල ජයසේන" පිටුවේ තිබෙනවා. මෙන්න ඒ යොමුව යලිත්. (අසභ්‍ය වදන් ඇති
නිසා ප්‍රවේශමෙන් බලන්න).

මේ පිටුවේ ඇති සමහර යෙදුම් "නිවැරදි" වහර ලෙස පිළිගමු ද? ;-) ඒවා මඟ
තොටේ නිතර "ව්‍යවහාර" වෙන ඒවා සහ කාටත් තේරෙන ඒවා යි.

අරවින්ද

unread,
Jul 16, 2008, 4:43:38 AM7/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය



>
> නමුත් කට බසේ (කියන බසේ) වියරනය අනුව මම යනවා කියන එක නිවැරදියි කියලයි මම
> කියන්නේ.


ආනන්දවර්ධනගේ මේ තර්කයට මම එකඟ වෙනවා. ඒ වගේ ම මම යනවා කියන එක ලියන
වියරණේ දී වැරදි වුණත් කතා කරන බසේ දී කවුරුවත් ඒක අනුගමනය නොකරන නිසා
(මම නම් අහලා-දැකලා නෑ එය අනුගමන කරනවා) කතා බසේ වියරණේ දී එවැනි තැන්
නිවැරදි යැයි සළකන්න සිද්ධ වෙනවා.

අනිත් කාරණය අපි සියලු දෙනා ම භාෂාව (හා සියලු ම දේ) භාවිත කරන්නේ පොදු
සම්මුතීන් මත පිහිටා මිස නිරපේක්ෂ හා ස්ථිර වූ නියමයන් මත පිහිටා නොවෙයි.
ඒ භාෂාව නිර්මාණය වුයේ මිනිසා බිහි වූවාට පසුව හා එය නිර්මාණය වූයේ
මිනිසා අතින් නිසා යි. වියරණයත් යනු එවැනි පෙදු සම්මුතියක්. ඒ තිසා
බහුතරයක් භාවිත කරන රීතී ඉක්මවා යෑම අනුමත කරන්න බෑ. මෙය අනුරාධට මෙන් ම
ආනන්දවර්ධනටත් අදාළ යි. ඔබ දෙපළ ම උත්සාහ කරන්නේ සම්මුතිය කැඩීමටයි.
සම්මුති කැඩීම වරදක් නොවුණත් එය පවතින සෑම දෙයට ම විරුද්ධ වීමේ බොළඳ
මානසික තත්ත්වයෙන් හා තම නොදැනීම වසා ගැනීමේ අරමුණින් නොකළ යුතු යි.
(සිද්ධාන්ත කඩන්නා සිද්ධාන්ක දැන සිටිය යුතු යි.) ඒ වගේ ම ඔබ බිහි කළ නව
සම්මුතිය අනුදකින්නේ ඔබ පමණක් නම් හා සුළු පිරිසක් පමණක් නම් එය
අසාර්ථකයි. (මතකනේ අජිත් තිලකසේනගේ අක්ෂර රීතියට වුණ දේ)

ආනන්දවර්ධන අනුගමනය කරන මුර්ධජ විරෝධි මතය ලංකාවේ අනුගමනය කරන්නේ කීයෙන්
කී දෙනා ද? ඒ අනුගමනය කරන පිරිස අතරත් කෙතරම් වෙනස් කම් තිබෙනවා ද?
ආනන්දවර්ධන මුර්ධජ එපා කියද් දී සමහරු මහප්‍රාණ එපා කියනවා. තව අය ඔය දෙක
ම එපා කියනවා.

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 4:54:55 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 අරවින්ද <aravi...@gmail.com>:

>
> සම්මුති කැඩීම වරදක් නොවුණත් එය පවතින සෑම දෙයට ම විරුද්ධ වීමේ බොළඳ
> මානසික තත්ත්වයෙන් හා තම නොදැනීම වසා ගැනීමේ අරමුණින් නොකළ යුතු යි.
> (සිද්ධාන්ත කඩන්නා සිද්ධාන්ක දැන සිටිය යුතු යි.)

"සිද්ධාන්ත කඩන්නා සිද්ධාන්ත දැන සිටිය යුතු යි" යන්න නම් ඉතා ම වැදගත් කතාවක්.

කුමරගුඟුවන් නුමුසු හෙළ බස අනුමත කළේ සකුව, පාලිය හා ඉංගිරිසිය ඉතා
හොඳින් ඉගෙනීමෙන් පසුව යි.

ඩේවිඩ් කරුණාරත්නයන් "දෙවි දේවතා පෙරහර" නමින් 1920දී සිංහල බෞද්ධයා
පුවත්පතේ මහා වාදයකට පැමිණියේ දෙවියන් ගැන බොදු සාහිත්‍යයේ ඇති දේ
විරුද්ධව කතා කල අයට ද වඩා හොඳින් ම දැන ගෙන යි.

අරවින්ද

unread,
Jul 16, 2008, 5:38:41 AM7/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

ආනන්වර්ධන, ඔබ මුර්ධජ එපා කියයි. ඇයි මූර්ධජ පමණක් මහප්‍රාණ ඔබට හොඳ ද?

Anuradha Ratnaweera

unread,
Jul 16, 2008, 6:23:10 AM7/16/08
to sinhala-...@googlegroups.com
2008/7/16 අරවින්ද <aravi...@gmail.com>:
>
> ආනන්වර්ධන, ඔබ මුර්ධජ එපා කියයි. ඇයි මූර්ධජ පමණක් මහප්‍රාණ ඔබට හොඳ ද?

මා හිතන්නේ මහාප්‍රාණ වල හඩෙහි වෙනසක් ඇති නමුත් මූර්ධජ වල වර්තමාන
උච්චාරණයේ එවැනි වෙනසක් දක්නට නැති නිසා යි. එ සේම "ශ" සහ "ෂ" වල ද
හඩෙහි වෙනසක් නැති නිසා වන්නට පිළිවන.

අරවින්ද

unread,
Jul 16, 2008, 6:45:44 AM7/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හොඳයි බලන්න..

"ගොනා තණ කයි"

මේ වාක්‍යය මේ විදියට නොවෙයි මුර්ධජ නැති ව ලිව්වත් තේරුම් ගන්න පුලුවන්
මොක ද ගොනාට පොළොවේ වැවෙන තණ ඇර වෙනත් එකක් කන්න බැරි බව ඕනෑ ම කෙනෙත්
දන්නවා.

පිස්සා තණ කයි

දැන් මේ වාක්‍ය බලමු. මෙතන මුර්ධජ විරෝධී පුතිපත්තියෙන් ලීවොත් මොකද
වෙන්නේ. පිස්සෙක්නේ. හරියට ම කන්නේ මොනව ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා නේ
ද ?
(මේක අසභ්‍යයි කියලා හිතන්න එපා. අන්තර්ජාලය පරිහරණය කරන අය හැටියට හැමෝ
ම ඔයිට වඩා ඒව අහලා දැකලා ඇතිනේ)


~අරවින්ද
http://aravindablog.wordpress.com/

Rajith Vidanaarachchi

unread,
Jul 16, 2008, 1:24:57 PM7/16/08
to sinhala-...@googlegroups.com
සිංහ"ළ" ගැන කියනවා නම්,

පාළි බසින් කියන්නේ සීහළ කියලා
සකුවෙන් කියන්නේ සිංහල කියලා

පාළියේ දන්තජ , මූර්ධජ දෙකම තියෙනවා - සකුවේ තියෙන්නේ දන්තජ ල-කාරය විතරයි.

මෙය නිවැරදි අයුර "සිංහළ" බව ඒත්තු ගන්වන්නට ඇති හොඳ සාධකයක්.

බස යොදා ගැනීමේ නිදහස ගැන මත කීපයක් පළ වී තිබෙනු දුටුවා, ඒ ගැනත් යමක්...

බසේ විනය වියරණය යි. විනය නොමැති කල බස තවත් කල් රැඳෙනු ඇති ද? තම තමාගේ නිදහස විඳීමට කැමැති අයුරු මිනිසාගෙන් මිනිසාට වෙනස්.
එහෙත් තම නිදහස විඳිමට බස මැරීම සුදුසු ද? එය කෙනෙකුට කළ හැකි ලොකුම ආත්මාර්ථකාමී කම නො වේ ද? වරක් සිතා බලන්න! මට නම් මගේ බස අගෙ යි. එ නිසා හැකි උපරිමෙන් නිවැරදි වහර යොදනවා - ඒ සඳහා වෙහෙසෙනවා.

බසට ආදරයක් ඇත්තෝ සලකා බලත්වා!

2008/7/15 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
2008/7/15 Anandawardhana <anandaw...@gmail.com>:
>
> අනුරාධ ඇතුලු ටික දෙනෙක් සිංහල බාසාවට කියන්නෙත් "සිංහළ" කියලනේ ඒකත් වැරදියි
> කියලා මමත් තවත් බොහෝ දෙනාත් හිතනවා.

මේක අප රටේ ඉතිහාසය ගැන මා දැනට පිලිගන්නා ("දැනට" කීවේ, මේ අදහස වෙනස්
කිරීමට විවෘත මනසක් ඇති බව හැඟවීමට යි) මතය දැක්වීමකි.

විජයාගමනයට පෙර මේ රටේ තරමක ශිෂ්ටාචාරයක් පැවති බවත්, විටින් විට මේ රටට
පැමිණි සංක්‍රමණිකයින් දේශීය ජනයා හා මුසු වුනු බව මිස, විජයාගමනය නිසා
මහ කැලෑවක් ව තිබූ මේ රට එක් වරම දියුණු රටක් වූ බව මා නො පිළිගමි.

යක්, රකුසු, අසුර හා නාග යන සිවු හෙළය සීහළ වී (සිවු පද,  සීපද වූවාක්
මෙන්), පසුව සිංහළ වූ බවට පත් වී ඇති මතය හා මම වැඩිපුර එකඟ වෙමි.
"සිංහළ" හා "සිංහල" වදන් වල උපත ගැන මත බොහොමයෙකි.  එකක් වත් 100% ඔප්පු
කිරීමට නොහැකි නිසා කිසිදා එකඟතාවක් ඇති නොවනු ඇත.

"සිංහළ" යන්න සකුවෙන් ලිවීමේදී "සිංහල" වූ බවට මතයෙකි, සකුවේ මූර්ධජ "ල"
යන්නක් නැති බැවිනි.


       අනුරාධ
--




--
රජිත් විදානආරච්චි
Rajith Vidanaarachchi

.- - .
| o_o |
| :_ / |
/ / \ \
( | | )
/' \_ _/`\
\___)=(___/

Rajith Vidanaarachchi

unread,
Jul 16, 2008, 2:42:07 PM7/16/08
to sinhala-...@googlegroups.com
ආයුබෝ

දෙ දිනකින් කියැවීමට බැරි වූ විදුලි පණිවුඩ තුළ තිබුණු වැදගත් විවාදාත්මක සංවාදයක් වන මෙයට මගේ අදහස් බිඳක් එක් කරන්නට අවසර!

(පළමුව කිව යුතු දෙයක් ඇත. මම බස-දෙස-රැස පිළිබඳව කුමරතුඟුවන් අනුගමනය කරමි. අහුබුදුවන් අනුගමනය කරමි. රැයිපියෙල් තෙන්නකෝන් කිවිඳුන් අනුගමනය කරමි. මෑතක දී සිට ඊලියන් සූරීන් අනුගමනය කරමි. බස නොමරන ප්‍රේමීන් අනුගමනය කරමි. එ නිසා මගේ මත ද, ඔවුනගේ මත මත ගොඩ නැඟුණේ වෙ යි.)

මගේ මතය උපුටන කිහිපයකින් ඇරඹීමට සිත් විය.

2478 - ඇසළ පුර 6 - ලක් මිණි පහන - කුමරතුඟු මුනිදසුන් ලියූ "අපේ භාෂාව" හිසින් යුත් කතු වැකිය.
"උසස් විසිතුරු අදහස් රසවත් ලෙසින් පවසන්නට සුදුසු වුව්ඩ ද, සතුරු උවදුරු පැමිණියෙන්, අපේ භාෂාව ඉතා පහත් අඩියකට වැටුණේ යැ."

"රීති නීති නැති භාෂාව වැද්දනට මුත් හැදුණු මිනිසුනට නො සෑහෙයි. සිරිත් විරිත් මෙන් මැ භාෂාව ද ශිෂ්ට වැ පැවැත්වියැ යුත්තේ යැ. නින්‍දිත සිරිත් ඇත්තවුන් සමඟ ශිෂ්ටයෝ නො හැසිරෙත්"

"සිංහල වැකිය මැද්දෙහි ඉංගිරිසි පද දෙක තුනක් නොයෙදීම පිටිසර කමෙකි. ඉතින් අපි කවර දෙවියන් ගේ සරණ යෙමු ද?"

"සියලු දෙවියෙනි, සිනා සෙන්නට වෙන කරුණෙක් නැත් නම් අප රට දෙස බලනු මැනැවි"

2478 - නිකිණි පුර 5 - ලක් මිණි පහන - කුමරතුඟු මුනිදසුන් ලියූ "කියන සිංහලය" හිසින් යුත් කතු වැකිය.
"කියන භාෂායෙහි කෙළින් කළ යුතු වැ පෙනෙනුයේ උක්තාඛ්‍යාත සම්බන්ධය පමණෙකි. එහි ලා වරදින් මිදෙන්නට සිංහලයෙහි මහඟු රීතියෙක් වෙයි. එනම් භාව සම්බන්ධ යි.
    හේ යේ, ඔහු යෙති, තෝ යෙහි, තෙපි යෙහු, මම යෙමි, අපි යමු
යනාදිය උක්තාඛ්‍යාතය පිළිබඳ සුවිශේෂ සම්බන්ධය ඇති කොටැ යොදන පරිදි යි. භාව සම්බන්ධයෙන් යෙදූ කලැ-
    ඔහු යනවා, ඔවුන් යනවා, තා යනවා, තොප යනවා, මා යනවා, අප යනවා
යනාදිය වෙයි. 'යනවා' යන ක්‍රියා භාවය සියලු තන්හි එක සේ සිටී. වෙනස් වන්නේ කාරකය යි. එය හේ ඔහු තෝ තෙපි මම අපි - යන විසින් ප්‍රථමාන්ත නො කොටැ, ඔහු ඔවුන් තා තොප මා අප බිසින් ද්වීතීයාන්ත කළ යුතු බව සිතට ගත් කල්හි, දුෂ්කර වියැ යුත්තේ වරදින් මිදීම නො වේ, වරද කිරීම යි
"

"නොවියතුන් වඩිතියි - වියරණ වැට බිඳී නම්
උපන් වන මැ සිටියවුන් - වඩිතියි සළු හෙළන්නෙකි"
-කුමරතුඟු මුනිදසුන්

ඉහත කව අනුව මට නම් සිතෙනුයේ, යමෙකු කිසිවකට විරුද්ධ වන්නේ නම් පළමුව ඔහු ඒ දේ පිළිබඳව මනා දැනුමක් ඇත්තෙක් වීම අත්‍යාවශ්‍යය යි. එසේ නොමැති නම් ඔහු මෝඩයෙකු නොහොත් වල් බූරුවෙකු ලෙස නිගමනය කිරීමේ කවර වරදක් ද?

මූර්ධජ-විරුද්ධ වියතුන් පිස්සා තණ කන අයුරු විග්‍රහ කරන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි.

ප.ලි. - කියන වියරණය යනු කුමක්දැයි කීප වරක්ම විමසා තිබෙනු දුටුවා - ලියන බසටත් කියන බසටත් වියරණය පොදු යි. නීති රීති එක යි. එහෙත් වෙනස වන්නේ බස යොදන ආකාරය මත යි. කියන "වහරත්" ලියන "වහරත්" අතර ඇති වෙනස එය යි.

බුදුසරණයි

16 අරවින්ද <aravi...@gmail.com>:

අරවින්ද

unread,
Jul 17, 2008, 2:05:26 AM7/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

කුමරතුඟුවන්ගේ බස අනුගමනය නොකළත් මමත් එතුමාගේ බසේ රිද්මයට
බොහොම ආසයි. සමහරු කියනවා ඝුද්ධ සිංහල අනුගමනය කීරීම නිසා කුමරතුඟූ බස
කෘත්‍රිම යි කියලා. මට නම් එහෙම හිතුණේ නෑ. පිරිසිදු සිංහලෙන් අපූරුවට
රසවත් නිර්මාණ කරන්න එතුමා ට හැකි වුණා. ඒ වගේම කුමාරතුංගයන්ගේ නිර්මාණ
ශක්තිය විශ්මය ජනක යි. එක් වදනක් පමණක් වෙනස් කිරීමෙන් නීරස කවියකට රස
කවන්න ඔහුට පුලුවන්. ඔහුගේ වචන හතරේ කවි හරි ප්‍රසිද්ධ යි. ඒ වගේ ම බස
නසන්නන්ට එරෙහි ව ඔහුගේ වචන බොහො දරුණු යි. සුබස සඟරාවේ සොරත මඬුව
කියවලා බලන්න.
ඒත් සමහර විට ඔහු තරමක අන්තවාදී මත දැරුවා කියලා පිළිගන්න
වෙනවා. උදාහරණයක් ලෙස ඉංගිරිසි සංඥා නාම පවා ඔහු සිංහලයට පරිවර්තනය කරන්න
උත්සාහ කළා. මිශ්‍ර සිංහලය භාවිත කළ හාමුදුරුවරුන්ට පවා සතුන්ගේ නම්
කියමින් බැණ වැදුණා( වැලමිටියාවේ සොරත හිමියන්ට). හැබැයි ඔහුගේ ඒ
බැණිමත් හරිම රසවත්. හරියට කවියක් වගේ.
කොහොම වුණත් කුමාරතුංගයන් නොසිටින්න අද අපට සිංහලයක් නෑ. සිංහල වියරණය
සුද්ධ කර පිළිවෙළකට සකස් කළේ ඔහු යි. ඔහු සිංහලයට අලුතෙන් හඳුන්වා දුන්
වචන ගණන අති විශාල යි. (සරසවිය, හෙදිය, රෙදෙව්ව) සිංහලයට අලුතෙන් වචන
එකතු කළ හැකි බව පෙන්වා දුන්නේ ඔහු යි. අද අපි සිංහලෙන් බ්ලොග් ලියන්නේ
ඔහු නිසා යි.

මේ සටහන රජිත්ගේ සටහනට එකතු කීරීමක් සහ කුමරතුඟුවන්ට උපහාර පිණිසයි.


අරවින්ද
http://aravindablog.wordpress.com/

අරවින්ද

unread,
Jul 17, 2008, 2:11:56 AM7/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ගුත්තිලයේ තියනවා මෙහෙම කවි පදයක්

මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ


ඔතන මූර්ධජ අරහං ප්‍රතිපත්තියෙන් ලීවොත් මොක ද වෙන්නේ.
මහලු වයසේ දී බැරි වෙන්නේ වෙනත් විදියේ ගායනා (වෙන) ද වීණා ගායනා ද (වෙණ)
කියලා ප්‍රශ්නයක් මතු වෙනවා.


අරවින්ද

unread,
Jul 17, 2008, 2:32:25 AM7/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මූර්ධජ අරහං ප්‍රතිපත්තියෙත් ලියන කොට මෙවැනි බහු අර්ථ මතු වීම
ව්‍යංග්‍යාර්ථ රසය මතු වීමට හේතුවක් කියලා මුර්ධජ විරෝධීන් කියනවා.
ඒක පුදුම තර්කයක්. භාෂාවක් තියෙන්නේ ව්‍යංග්‍යාර්ථ පැවසීමට නොවෙයිනේ.
අනිත් කාරණය නිවැරදි අක්ෂර වින්‍යාස සහිත ව සාහිත්‍යකරණයේ යෙදුණු
සාහිත්‍යධරයන් තරම් තමන්ගේ කෘතිවලින් ව්‍යංග්‍යාර්ථාදී රස මවපු වෙනත්
ලේඛකයන් නෑ. සිංහලයේ තිබෙන අප්‍රමාණ ධ්වනිතාර්ථවත් වචන, සිංහලයේ තිබෙන
කව්‍යමය සජීවී භාෂා ශෛලිය සාහිත්‍ය රස මවන්න හොඳට ම ප්‍රමාණවත්. අනිත්
කාරණය භාෂාවක නෛතික භූමිකාවේ දී ව්‍යංග්‍යාර්ථ මතු වීම දෝෂයක් ලෙස යි
සළකන්නේ. එහි දී ව්‍යංගය, සෘජු නිවැරදි අදහස් පුකාශනයට බාධාවක් ලෙස
ගැනෙනවා.

රාජිත

unread,
Jul 17, 2008, 2:39:42 AM7/17/08
to sinhala-...@googlegroups.com
භාෂාවක් යනු එම ජාතියේ සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. ජන/කෙටි/නව කතා, නාට්‍ය, ගීත/කවි, විහිළු, සභ්‍ය/අසභ්‍ය වැනි සියළු දේ භාෂාව මතයි රඳා පවතින්නෙ. යම් ජාතියක හෝ සංස්කෘතියක අනන්‍යතාවක් රැක ගැනීමට අවශ්‍ය නම් එහි භාෂාව රැක ගත යුතුය.

බස වැටී ඇති බව පැහැදිළිය. මම වුවද හෙළ බස නිවැරදිව හැසිරවීමට බැරිවීම ගැන ලැජ්ජා වෙමි. නීති ලිහිල් වීම හෝ නිවැරදි ලෙස අරුත් නොදැක්වීම බොහෝ දෙනාහට බස විනාශ කිරීමට පහසු වේ. සම්මත සිංහලක් සෑදීමට කල පැමිණ ඇත. මෙය බොහෝ අපහසු කරුණක් වීමට ඉඩ ඇත. නොයෙක් සම්ප්‍රදායන් අනුගමනය කරන අය අතර ගැටීම් ඇතිවීමට ඉඩ ඇත. නමුත් නැවත සංගායනාවකට කාලය පැමිණ ඇත.  යුනිකෝඩ් සමඟ බොහෝ පිරිස් ලිවීමට පටන්ගෙන ඇත. හරි සිංහළ කුමක්ද යන්න අප එකඟතාවකට පැමිණිය යුතුයි. නැතිනම් බස වේගයෙන් පිරිහේව්.


මට නම් මුර්ධජ නම් ඉතාම පැටළිලි සහගතයි. නමුත් මට එසේ ඉගැනුමට අපහසු නිසා එය ඉවත් කල යුතු නොවේ. :-)  සෑම භාෂාවකම මෙසේ අපහසු දෑ ඇත. මගේ අදහස නමි මේ පැටළිලි තැන් විසඳාගත යුතුයි. මුර්ධජ වැනි අපහසු දේ පැහැදිළිව ඉගැන්වීමට ක්‍රම සාදා ගත යුතුයි.

රාජිත.

2008/7/17 අරවින්ද <aravi...@gmail.com>:



--
රාජිත.

Rajith Vidanaarachchi

unread,
Jul 17, 2008, 3:04:30 AM7/17/08
to sinhala-...@googlegroups.com
"මූර්ධජ අරහං ප්‍රතිපත්තිකාරයන්" ගේ මේ බහු අර්ථ - ව්‍යංගාර්ථ  වාදය ගැන මට කියන්නට තිබෙන දේ :-

ඔවුන් එබඳු ලිවීම් තුළින් අමුතු වින්‍දනයක් සහ කෘතීම ආශාවන් ලබා ගත්ත ද, බස ලියන - කියනව - අසන - දොඩන සියලු දෙනා එවැනි විකෘති මානසික ආශා වලින් යුත්තෝ නො වෙති.

මේ පිළිබඳව එක් වියුණු සටහනක උදාහරණයක් ලෙස දක්වා තිබූ වැකියක් සිහිපත් වේ. "බෝ ගහ යට තණ පොඩි කළ ජිනරතන" මෙය නිවැරදි අකුරු වින්‍යාසය සහිතව ලියූ තැන ඉන් ගම්‍ය වන්නේ බුදු රදුහු බෝ ගස යට දී තණ (තෘෂ්ණාව) දුරු කළ බව යි. එහෙත් මුර්ධජ-දන්තජ භේදය නොමැතිව ලිවහොත් ! විකෘති ආශාවන් විඳීමට කදිම ක්‍රමයකි!

ප.ලි.
කුමරතුඟුවන් වියරණ මරන්නන් අශිෂ්ටයන් ලෙස නම් කළේ නිකම්ම නො වේ. (වියරණ මරන්නන් ලෙස අදහස් කළේ වැරදි බව දැන දැනත් හුදෙක් විනෝදය උදෙසා වැරදි කරන්නවුන් වේ. එසේ නැතහොත් වියරණ නීති රීති අනුගමනය අසීරු යැ යි සිතා, එම අසීරුව වසා ගැනීමටත් තමා නැණවත් යැ යි පෙන්වීමටත් වියරණයට එරෙහි වන්නන්ව යි)
 
2008/7/17 අරවින්ද <aravi...@gmail.com>:
මූර්ධජ අරහං ප්‍රතිපත්තියෙත් ලියන කොට මෙවැනි බහු අර්ථ මතු වීම ම

Anandawardhana

unread,
Jul 17, 2008, 3:07:32 AM7/17/08
to sinhala-...@googlegroups.com
අරවින්දත් රජිතුත් මූර්ධජ සම්බන්ධ ප්‍රශ්නය ගැන අහපු කාරනාවලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මම කලින් ඒක ගැන ලියන්න ගියේ නැත්තේ මේ thread එකේ කතා වුනු කාරනයට මේක ඒ තරම් අදාල නැතැයි හිතුනු නිසා. මෙන්න ප්‍රශ්න දෙක -

1) ඇයි මූර්ධජ විතරක්. මහප්‍රානත් අයින් කරනවද
2) තන කන පිස්සා පිලිබඳ ප්‍රශ්නය (පරන ප්‍රශ්නයක් - ගොඩක් දෙනා මේකට උත්තර දීලා තියෙනවා)

1) අරවින්ද,
මූර්ධජ ඉවත් කර ලියනවාය කිව්වට මෙහි දී ඉවත් වෙන්නෙ ණ ළ සහ ෂ යන මූර්ධජ අකුරු පමනයි. මේ ගැන මම බ්ලොග්අවකාශයේත් එයින් පිටත් බොහෝ තැන්වල පැහැදිලි කර ලියා තිබෙනවා මේ එයින් එකක්. මේකේ දීත් එයට සම්බන්ධ කර ඇති අනිත් ලිපිවලිනුත් සෑහෙන තරමේ පැහැදිලි කිරීමක් "ඇයි ණ ළ ෂ හලන්නෙ කියන ප්‍රශ්නයට මගේ පැත්තෙන් ලබා දීලා තියෙනවා.
http://webalochana.blogspot.com/2007/08/blog-post_15.html

අර නොදැනුවත් කම වහගන්න ගැන වැඩක් ය සිංහල බැරිකමට කරනවාය වගේ චෝදනා ගැන නම් මම පිලිතුරු දෙන්න යන එක හොඳ මදි. ඒකට කියන්න තියෙන්නේ මට වඩා සිය දහස් ගුනයකින් මේ විශය තුල ජීවත් වුනු එසේ සිටිමින් මේ යෝජනා ම ඉදිරිපත් කල වාග්විද්‍යාඥ ම. ව. සුගතපාල ද සිල්වා වැනි අය මේ යෝජනා ඉදිරිපත් කල කල්හිත් ඇතැම් අය ඔය චෝදනාව ම "සුගතපාල සිංහල දන්නැතිකම වහගන්න හදනව" හැටියට කියපු බව විතරයි. මේ වගේ ශාස්ත්‍රීය ප්‍රශ්නවලදී එවැනි ප්‍රවේශ හොබින්නෙ නෑ. අපි බලන්න ඕන අදාල කාරනය පැහැදිලි ලෙස කිසි යම් තර්කයක් මත අධ්‍යයනයක් මත ඉදිරිපත් කෙරුන එකක්ද නැද්ද එය පිලිගත හැක්කක්ද නැද්ද වගේ දේ තමයි. පිලිගත නොහැකි නම් ඒ බවත් විධිමත් ව පෙන්වා දීම තමයි උචිත. නැතුව නොදැනුවත්කම වහගන්න යනව වගේ කියමන් ඇද බෑමෙන් අදාල සංවාදයට සෙතක් වෙන්නෙත් නෑ. අර "නොදන්නා" කෙනාට උගන්නගන්න ලැබෙන්නෙත් නෑ :D

මහප්‍රාන අකුරු ඉවත් කරන්න අවශ්‍යය කියලා මම නම් හිතන්නේ නෑ. මම අර කලින් ලියූ ලිපිත් අනුරාධගේ පැහැදිලි කිරීමත් ඒ සඳහා ප්‍රමානවත්.

සිංහල භාශාවේ "අනවශ්‍ය" අකුරු ඉවත් කිරීම හා පිල්ලම් සමරූපකරනය පිලිබඳ අදහස් පසුගිය සියවස පුරාම පාහේ භාශාධ්‍යයනයේ යෙදෙන්නන් අතර සංවාදයට බඳුන් වුනා. මේවා අන්තර්ජාලයේ දී කියද්දී තව ම අලුත් වගේ පේන්න හේතුව තවම අප අතර ගැවසෙන බහුතරයක් භාශා හා වාග්විද්‍යා ක්ශේත්‍රවලට අලුත් වීම නිසා වෙන්න ඕන. ගොඩක් දෙනා පරිගනක ක්ශේත්‍රයේ හෝ එවන් විද්‍යා අංශයක අයනෙ තවම මෙහේ ඉන්නේ. ඒකයි මේවා ආනන්දවර්ධනගේ අදහස් හැටියට පහුගිය අවුරුද්ද හමාර ඇතුලත සිංහල සමූහ ඇතුලත හංවඩු ගැහුනෙ :D දෙතුන් දෙනෙකුට වඩා අද වෙද්දී මේ ක්‍රම අනුගමනය කරන බවයි සැබෑව. ඒ අතර පොතපත, ඇතැම් ජනමාධ්‍ය හා ස්වාධීන ලේඛකයින් හා භාශා සාහිත්‍ය ක්ශේත්‍රවල වෘත්තිකයින් ද සිටිනවා. අද වන විට භාශාව පිලිබඳ අධ්‍යයන කෙරෙන අවස්ථාවල මේ රීතිය ද එක් පද්ධතියක් හැටියට හා ප්‍රවනතාවක් හැටියට හදුනාගෙන සාකච්ඡාවට ගැනෙනවා. ඕකයි තත්වය.

2) දැන් පිස්සා තන කෑම පිලිබඳ ප්‍රශ්නය. මේ ගැනත් මම විතරක් නෙමෙයි පහුගිය සියවස පුරා ම පාහේ විවිධ අය නිසි පිලිතුරු දීලා තියෙනවා. මම දීපු පිලිතුරුවලින් එකක් බ්ලොග්අවකාශයේ තියෙනවා. බලන්න
http://docs.google.com/Doc?id=dd7xqgmt_51d7vz6z

එතනින් අදාල කොටස උපුටාගෙන මෙතනත් කියන්නම් "

"අනිත් කාරනය අර්ථ ජනනය සම්බන්ධ කතාවක්. තන හෝ තන පිලිබඳ කතාව ඉතා පරන උදාහරනයක්. ඒ වගේ ම අත්තනෝමතික උදාහරනයක්. භාශාවේ වදන් අර්ථ ජනනය කරන්නේ වාක්‍ය සන්දර්භය තුලින්. මේ අදාල ජිනරතන(බෝ ගහ යට තණ පොඩි කල ජිනරතන) සිදු කලේ කුමක් දැයි වටහා ගැනීමට අදාල වාක්‍යය පිහිටි සන්දර්භය උපකාරී වෙනවා. සන්දර්භයෙන් වියුක්ත කොට ගත් කල්හි මෙවැනි ප්‍රශ්න මතු කරන වචන න න ල ල තිබිය දීත් සිංහලයේත් ඉංගිරිසි ප්‍රංශ ඇතුලු වෙනත් බොහෝ භාශාවලත් දක්නට ලැබෙනවා. උදාහරනයකට ගන්න "මල". "මළ" කියලා වචනයකුත් තියෙනවා. "මල" පහ වීම, "මළ" පහ වීම, "මල" පැනීම, "මළ" පැනීම. "මල" බැඳීම, "මළ" බැඳීම. ඔන්න තවත් උදාහරනයක්. සන්දර්භයකින් වියුක්ත නිසා ඕන දෙයක් හිතාගන්න පුලුවන්. ඒත් මේ යෙදුම් වාක්‍ය සන්දර්භයක් තුල, භාවිතයට ගත් කල්හි එවැනි අර්බුදයක් පැන නඟින්නේ නෑ."

උපුටනය ඉවරයි.

මේ කාරනය ගැන විවිධ විද්වතුන් ලියූ ලිපි කිහිපයක් ඉදිරි දින කීපයේ දී අන්තර්ජාලයට එක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එයින් එකක් දෙකක් අද හැන්දෑ යාමය වෙද්දී අන්තර්ජාලයට එකතු කරන්නම් - මෙහි ගැවසෙන ගොඩක් දෙනා මේ පැත්ත ගැන හිත යොමු කරලා නැති බව පෙනෙන නිසා. අපට හුදෙක් වියුක්ත තර්ක නඟන්න අමාරුයි

ඉතින්,  භාශා ශාස්ත්‍ර විශයක සාකච්ඡාවක යෙදෙද්දී ඒ ක්ශේත්‍රය තුල කලින් දී ඇති පිලිතුරු පැහැදිලි කිරීම් ආදියත් අපි අදාල කරගත යුතු වෙනවා. හිස් බිමක හිටගෙන නෙමේ නෙ අපි මේ කතාව කරන්නෙ. අපට බොහෝ කලින් ඔය ප්‍රශ්නවලට දී ඇති පිලිතුරුත් තියෙන බව අපි දැනගන්න ඕන. තියෙන්නේ අපි දරන මතය පමනක් නෙමෙයි නේ. ඔබ මූර්ධජ අකුරු දිගටම තබාගන්න පක්ශ වෙන්න පුලුවන්. නමුත් ඉතින් අනිත් මතත් කියවන්න. එයත් දැනගෙන ඔබේ තර්කය මතු කලොත් ඇතැම් විට මීට වඩා බලවත් ව සහ ඒත්තු යනසුලු අන්දමට ඔබට ඔබේ අදහස කියන්න පුලුවන් වේවි. පිස්සා තන කයි වගේ උදාහරනයකින් අභියෝග කිරීම හුදු විනෝද කතාබහකට හොඳ වුනාට මේ මූර්ධජ ප්‍රශ්නය සම්බන්ධයෙන්, ශාස්ත්‍රීය පදනමින් ගත් විට අවලංගු විහිලුවක් පමනයි.

2008/7/17 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

අරවින්ද

unread,
Jul 19, 2008, 1:07:41 PM7/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ආනන්දවර්ධන විසින් අවසානයට පවසනු ලැබූ අදහස්වලට පිළිතුරක් ලෙස මෙය
ලියමි.

මා පෙර ඉදිරිපත් කළ මූර්ධජ නොමැති ව ලිවීම නිසා ප්‍රශ්න මතු
විය හැකි තැන් පිළිබඳ උදාහරණයන්ට ඔබ දී තිබූ පිළිතුර වූයේ වචනයක අර්ථය ගත
යුත්තේ එකී වචනයේ සන්දර්භය තුළින් බව යි. ගැටලුව නම් වචනයේ සන්දර්භය යන්න
නිර්වචනය කළ නොහැකි වීම යි. වචනයක සන්දර්භය යනු වාක්‍ය ය ද, සංයුක්ත
ප්‍රකාශනය ද, ඡේදය ද, යන්න පැහැදිලි ව නිර්වචනය කළ නොහැකි ය. අනෙක් අතට
වචනයක් අරුත් ගැන්වෙන්නේ එය උපයෝගී ඉහත කුමන හෝ සන්දර්භය තුළ පමණක් නොවේ.
ස්වායත්ත ලෙස ගත් විට වචනක් අරුතක් සුන් වන්නේ නැත. වචනක අරුත ඇත්තේ එය
යෙදුණු සන්දර්භය තුළ නම් ලෝ පුරා ඇති අනේකවිධ ශබ්දකෝෂ, විශ්වකෝෂ කිසිඳු
ප්‍රයෝජනයක් නැති කොළ ගොඩවල් විය යුතු ය. මන්ද ඒවායේ දී වචනයක සන්දර්භමය
අර්ථයට වඩා ස්වායත්ත අරුතට මුල් තැන දෙන බැවිනි.

ඔබගේ පිළිතුරේ දී මීට පෙර ඉදිරිපත් වූ අදහස්වල
“ආනන්දවර්ධනගේ අදහස්” යනුවෙන් පැවසීම පිළිබඳ ව පවසා තිබිණි. සැබැවින් ම,
ප්‍රස්තුත මූර්ධජ අකුරු පිළිබඳ ඔබ දරන මතය අඩ සියවසකට ආසන්න කාලයක්
තිස්සේ සිංහල භාෂිකයන් අතර සංවාදයට බඳුන් වූවක් බව මම පිළිගනිමි. එය ඔබ
විසින් අමුතුවෙන් ගොඩනඟනු ලැබූවක් නොවන බව පිළිගනිමි. එහි දී එකී මතය
දරනු ලැබූවන් ඉදිරිපත් කළ ප්‍රසිද්ධ තර්කයක් වූයේ මූර්ධජ අකුරුවලින් ණ,
ළ, ෂ අකුරු තුන කථනයේ දී හඬ නොවෙනස් ව කියැවෙන නිසා ලේඛනයේ දී ද මෙකී
වෙනස නොතකා එක ම අකුරක් භාවිත කළ යුතු ය යන්න යි. එහෙත් මතක තබා ගත
යුත්තේ බසක ලේඛන ව්‍යවහාරයත් කථන ව්‍යවහාරයත් යනු දෙකක් බව යි. එයට
එරෙහිව බසක සජීවි අංගය යනු කථනය බවට තර්කයක් ඉදිරිපත් කළ හැකි ය. එවිට
ලේඛනය යනු මළ බසක් ද. කථන ව්‍යවහාරය මගින් කථන භාෂාව සංවර්ධනය වන්නා සේ ම
ලේඛකයන්නේ ලේඛන ව්‍යවහාරය මගින් ලියන බස දියුණු වේ. සැම විටම කථන බසේ
ලක්ෂණ ලේඛනයට වැද්ද ගැනීමට උත්සාහ කිරීම නිසා සිදුවන්නේ ලියන බසේ ඇති ජීව
ගුණය වැනසී යාම විනා කථන බසින් ලේඛනය දියුණු වීම නොවේ.

ඔබ ඉදිරිපත් කර ඇති කරුණක් වන්නේ නව තාක්ෂණය, පරිගණකකරණය
හමුවේ සිංහල භාෂාවේ වෙනස් කම් සිදු විය යුතු බව යි. භාවිතයේ පහසුව තකා බස
සරල විය යුතු බව යි. එය සැබැවි. එහෙත් එහි සීමාවක් තිබිය යුතු ය.
<B>භාෂාවක් යනු යන්ත්‍රයක් නොවන බව වටහා ගන්න. යමෙකුට එහි යම් කොටසක්
අනවශ්‍ය යැයි හැඟුණු විට ඇණ බුරුල් කර ඒ කොටස ගලවා ඉවත් කිරීමටත්, යමක්
මදි යැයි හැඟුණු විට කොහෙන් හෝ කොටසක් සොයා ගෙන විත් ඇණ ගසා පිරිද්දීමටත්
හැකි එකක් නොවේ භාෂාව.</B> භාෂාව භාවිත කරනුයේ මිනිසුන් මිස පරිගණක
නොවේ. භාෂාව අවැසි වන්නේ මිනිසුන්ට මිස පරිගණකවලට නොවේ. භාෂාව, භාවිතයට
හා තාක්ෂණයට පහසු ලෙස සරල කිරීමේ දී එය කොතැනින් නතර වේ ද. පළමු පියවර
ලෙස මුර්ධජ ඉවත් කරමු. තවත් පහසු වන්නට මහප්‍රාණත් ඉවත් කරමු. ලේඛන
වියරණය ඉවත දමා කතාකරන බසින් ම ලියමු. එතැනින් නැවතුනොත් හොඳ ය. අනතුරු
ව මෙතරම් වචන කුමකටදැයි කියා වචන අඩු කරමු. කතා කරන විට කියැවෙන ඉංගිරිසි
වචන සිංහල ලෙස සලකා ලියමු. මේ ක්‍රමයෙන් තවත් දුර යනවිට වචන වර නැගීම ද
කරදරයක් සේ පෙනෙනු ඇත. මම පෑනෙන් ලිව්වා යනුවෙන් ලිවීම කොතරම් කරදර ද.
“මම පෑන ලිව්වා” ලෙස භාවිත කළා නම්; ඔබලාගේ තර්කයට අනුව ම කියන දෙය
කිසිඳු ප්‍රශ්නයකින් තොර ව වැටහේ. පෑන යන්නේන් වර නැගෙන පෑනෙන්, පෑනට,
අදී විවිධාකාර විභක්ති රූප ගත් වචන ද වීසි කර දැමි ය හැකි ය. වචනවලට ඇති
සියලු ම සමාන වචන සොයා වනසා දමමු. එවිට වචන අඩු වීම <B>භාෂාව භාවිත කරන
පරිගණකවලට</B> මහත් පහසුවක් වනු ඇත. අවසන සිංහල භාෂාවේ සිංහල වචන සියල්ල
ම හැලී ගොස් ඉංගිරිසි වචන පමණක් ඉතිරි වුවහොත් පුදුම විය යුතු නැත.
තේරුම් ගැනීටම හැකි නිසා ඔබලාගේ තර්කයට අනුව එසේ භාවිත කිරීමේ වරදක්
නැත!

මේ ගැන මනා නිදසුනක් ජෝර්ජ් ඕවල්ගේ (George Orwell) 1984 නම් කෘතියෙන්
ගත හැකි ය. මෙහි ආරියවංශ රණවීරයන්ගේ පරිවරිතනයේ 63 පිටේ මෙසේ සඳහන් ය.

“ <i> ” හිතන්න එපා අපි කරන්නේ අලුත් වචන හදන එක කියලා. නෑ ඒක වැරදියි.
අපි කරන්නේ තියෙන වචන විනාශ කරන එක. අපි දිනපතාම සිය දහස් ගණනක් වචන නැති
භංග කරලා දානවා. භාෂාව ඇටේට යනකම් සුද්ධ කරන එකයි අපෙන්කෙරෙන්නේ. වර්ෂ
2050 වෙනකොට භාවිතාවෙන් ඉවත් වෙන්න පුළුවන් එක වචනයක්වත් අපේ ශබ්ද කෝෂයේ
නෑ............... වචන විනාශ කරන එක තියෙනවා නේද? හරිම ලස්සන වැඩක්.
වැඩියෙන්ම මේකට ගොදුරු වෙන්නේ ක්‍රියා පදයි විශේෂණ පදයි තමයි. ඒත් වැඩකට
නැති නාම පද වුණත් සිය ගණනක් තියෙනවා. පර්යාය පද විතරක් නොවෙයි, විරුද්ධ
වාචී පදත් තියෙනවා වැඩකට නැති. දැන් හිතන්න හොඳයි කියන වචනය ගැන. හොඳ
කියාලා වචනයක් තියනවා නම් නරක කියලා ආය අමුතු වචනයක් මොකටද? නොහොඳ කීවාම
ඒ අර්තෙම සමහර විට ඊට වැඩිය ප්‍රබල විධියට විරුද්ධ අර්ථ දෙනවා නේද? ඒක
හරිම විරුද්ධ වචනය නොවේද? අර්ථය තවත් ප්‍රබල කරන්නන ඕනෑ නම් උත්තම වගේ
අනෙක් ඕනෑ නැති වචන මොකටද? අති හොඳ කීවාම ඒ තේරුම කොච්චර අගේට එනවද?
තවත් අර්ථය ප්‍රබල කරන්න ඕනෑ නම් අතිමහත් හොඳ ඕනෑ තරම් ඇති නේද?........
අන්තිමේ දී හොඳ නරක සංකල්ප දෙකට ඉතිරි වන්නේ වචන හයක් විතරයි. වචන හයක්
කීවාට එකම වචනයේ හය ආකාරයක්. හරි මරු නේද!” </i> ”

සැබැවින් ම මේ ක්‍රියාවලියේ අවසානය භාෂාව යාන්ත්‍රීකරණය වීම
නොවන්නේ කෙසේ ද.

------------------------------------------------------------------------------

<b> මේ සියල්ල ම අභිබවා මා ඉදිරිපත් කරන ප්‍රධාන කරුණ මෙය යි. </b> එනම්
භාෂාව යනු පොදු සම්මුතියක් ය යන්න යි.(මේ පිළිබඳ ව මීට පෙර ද කෙටියෙන්
පැවසුවෙමි) භාෂාවක කිසිඳු වචනයකට, ප්‍රකාශනයකට නිරපේක්ෂ අර්ථ නොමැත. එනම්
යම් සංකල්පයකට භාවිතා කරන වචනක් හෝ ප්‍රකාශනයක් ඒ තුළ පවතින දෙයක් හෝ
එයත් සමග උපන්නක් නොවන බව යි.

මාර්ටින් වික්‍රමසිංහයෝ සිය මානව විද්‍යව හා සිංහල සංස්කෘතිය ග්‍රන්ථයෙහි
මෙසේ පවසති.

“ <i> “කවර භාෂාවක වුවත් වචන සංකේත ලෙස සැලකිය යුතු බව මම කීවෙමි. ගස
වචනයෙන් හැඳින්වෙන්නේ කරත්තය වචනයෙන් හැඳින්වෙන දෙයට වඩා වෙනස් දෙයක්.
ගස ශබ්දයක් මිස ගසට නෑකම් ඇත්තක් නොවේ. ඒ වචන ඒ ඒ භාෂා කතා කරන්නේ ඒ ඒ
වස්තු හැඳින්වීමට සම්මතයෙන් පිළිගන්නා ලද සංකේතය යි. ඇතා හා අන්ධයන්
පිළිබඳ කතාව මෙහි දී අප සිහි පත් කළ යුතු ය....” </i> ”

අප අපගේ ව්‍යවහාරයේ අහස යනුවෙන් හඳුන්වන දෙයට (සංකල්පයට) අහස යනුවෙන්
කියන්නේ අ-හ-ස යන අකුරු සංයෝගයෙන් හා අහස යන ශබ්දයෙන් එකී දෙය සංකේතවත්
වන බව අප තුළ සම්මුතියක් ඇති නිසා ය. එය අප හිතා මතා ඇති කර ගත්තක් නොව
අහස යන සංකල්පය අප සමාජයට පැමිණිමේ දී නිරායාසයෙන් ඇති වූ එකඟතාවකි. යම්
හෙයකින් අහස යන ශබ්දයෙන් සංකේතවත් වන්නේ වර්තමානයේ පොළොව යනුවෙන් හඳුන්වන
සංකල්පය යැයි යම් දිනෙක බහුතරයක් සිංහල භාෂිකයන් තීරණය කළේ ද එදා පටන්
අහස යනු පොළොව යි.

ඉහත නිදසුනෙන් මම සුවිශේෂී කරුණු කීපයක් පැවසීමට උත්සාහ කරමි. එකක්
නම් කුමන ආකාරයේ සම්මුතියක් පැවතුණ ද එය වෙනස් කළ හැකි බව යි. අනෙක නම්
එම වෙනස නව සම්මුතිය වන්නේ එය බහුතරයක් විසින් පිළිගනු ලැබුව හොත් පමණක්
බව යි.

මෙකී කරුණ ප්‍රස්තුත කාරණයට අදාළ කර බලමු.

භාෂාවක් වෙනස් වේ ද? සැබැවින් ම භාෂාවක් වෙනස් වේ. කාලයෙන් කාලයට එකී
භාෂාවේ භාෂක සමාජය තුළ සිදුවන වෙනස් කම් අනුව, එකී භාෂාවේ භාෂකයන්ගේ
සිතුම් පැතුම් හැසීරීම් ආදියෙහි වන වෙනස් කම් අනුව, භාෂකයන් සිය සමාජ
පරිසරය තුළ එකී භාෂාව කුමනාකාරයෙන් කුමන උපයෝගීතාවන් උදෙසා වහරන්නේ ද
යන්න අනුව භාෂාව වෙනස් වේ. එනිසා භාෂාව නොනවත්වා වැඩෙන ජීවියෙකු වැනි
යැයි ඇදුරු ජේ.බී දිසානායකයන් වරක් පැවසී ය. වැදගත් ම දෙය මෙය යි. මෙකී
වෙනස් කම් කිසිවක් සිදුවන්නේ බලහත්කාරයෙන් නොවේ. භාෂක සමාජයේ කීප
දෙනෙකුගේ අවශ්‍යතාව මත නොවේ. භාෂාව තුළ සිදු විය යුතු වෙනස් කම් සමස්ත
ව්‍යවහාරිකයන් විසින් නිරායාසී ව තීරණය කරනු ලබන අතර එකී වෙනස් කම් භාවිත
කරන්නන්ට ද නොදැනී නිරායාසී ව ම භාෂාවට එකතු වෙමින් එ මගින් අභියෝගයට ලක්
වන මතය නිරායාසී ව ම බසින් මැකී යනු ඇත. නව තත්ත්වය සම්මතය බවට, පිළිගත්
ව්‍යාකරණය බවට පෙරළෙනු වනු ඇත.

නිදසුන් නම් එමට ය.

සීගිරි ගීවල උපයුක්ත භාෂාව කෙබඳු ද? වත්මනෙහි අපට නම් හලන්ත බහුල මේ බස
උසුරුවීමට ත් අපහසු බසෙකි.

නිල් කට්රොල් මලක ඇවුණු වැට්කොල් මල් සෙය් - සැන්දැගැ සිහිගන්වය්

අනුරාධපුර යුගයේ එම බසත් අද භාවිත බසත් වෙනස් ය. ඒ වෙනස් වූයේ මේ බස
උසුරුවීමට අපහසු යැයි කියා කෑගැසූ විප්ලවකාරයෙකු නිසා නොවේ. ඒ බව එදා
පටන් අද දක්වා වූ කෘතිවල ක්‍රමික භාෂා වෙනස් වීමක් දැකිය හැකි වීමෙන්
සනාථ වේ.


පැරණි සිංහලයේ වියරණ රීතියක් වූයේ ස්ත්‍රී ලිංග අතීත කාල උක්තයකට කර්තෘ
ඒකවචන වුව ද බහුවචනයෙන් ආඛ්‍යාතය තැබි ය යුතු බව යි.

බැමිණි ලිය සසොබා - එපුත් රුවනක වැදූ මහබා

කාව්‍යශේඛරයේ එන මේ කව් පදයේ වැදූ යනු වැදී යන ඒකවචන ක්‍රියාවේ බහුවචනය
යි. බැමිණි ලිය යන ස්ත්‍රී ලිංග අතීතකාල උක්තයට වැදූ යන බහුවචන ක්‍රියාව
යොදා ඇත. එහෙත් වත්මනෙහි එවැනි රීතියක් තිබේ ද? කවරෙකු විසින් හෝ එය සිතා
මතා ඉවත් කළ බවට සාධක තිබේ ද?

භාෂාවේ නිරායාස වෙනස් වීම සනාථ කිරීමට මෙහි දී මම තවත් උදාහරණ කීපයක්
දක්වමි

ගෞරවාර්ථයේ දී අඛ්‍යාතය බහුවචනයෙන් යෙදි ය යුතු වීම තවමත් සිංහලයේ
පවතින වියරණ රීතියකි. (උදා- නාහිමියෝ බණ කියති) එහෙත් වර්තමානයේ දී තුමා
යන ගෞරවාර්ථ ප්‍රත්‍යයට මෙලෙස අඛ්‍යාත බහුවචනයක් යෙදෙන්නේ නැත.(උදා-
ඇමතිතුමා කතා කරයි) එය දැන් සම්මතය යි. සමහර විට මෙය තව කලෙකින්
ගෞරවාර්ථයට බහුවචන අඛ්‍යාතය යෙදීමේ රීතිය සිංහලයෙන් ඉවත් වීමේ සංඥාවක්
විය හැකි ය.

අක්ෂර මාලාව වශයෙන් ගත් කල සිංහලයට විවිධ කාලවල අකුරු එකතු වී අකුරු අඩු
වී ඇත. කලෙකට ඉහත තිබූ ඉළු අකුර (මෙය ලිවීමට යතුරක් යතුරුපුවරුවේ නැත)
දැන් සම්පූර්ණයෙන් ම වාගේ ඉවත් වී ඇත. ඉංගිරිසියේ ආභාසයෙන් ෆ වැනි අකුරු
එකතු විය. එසේ ම ඉංගිරිසි Z ශබ්දය සඳහා අකුරක් නවතම සාමාජිකයෙකු ලෙස
හෝඩියේ ඌෂ්මාක්ෂරයන්ට එක් වීමට බලා සිටී. සංවෘත විවෘත වෙනස දැක්වීමට
පිල්ලමක් බිහි විමට සූදානමක් පවතී. කුමන අකුරක් පිල්ලමක් එක් වුව ද
භාෂිකයෝ පිළිගනිත් නම් පමණක් එය තහවුරු වනු ඇත.

මිනිසුන් අතරෙහි වැඩෙන ජීවමාන භාෂාවක් විෂයෙහි බලහත්කාරය භාෂාව වෙනස්
කිරීමෙහි ලා බලපාන්නේ නැත . භාෂාව තුළ යම් වෙනස් විය යුතු අංගයක් ඇත්
නම් කාලයත් සමග එය වෙනස් වනු ඇත. එය වෙනස් විය යුතු බව කියා කලබල
කිරීමෙන් කෑගැසීමෙන් සිදුවන්නේ වෙනස් කම සිදු වීම තවදුරටත් කල් යෑම පමණි.
මක් නිසා ද යත් සංශෝධනවාදීන් හඬ නගත් ම පවතින සම්මුතිය අනුදකින එහි
වරදක් නොදකින පිරිස ඊට එරෙහිට නැඟී සිටීමත් බහුතරය ඔවුන් සමග සිටීමත්
නිසා ය. දැනට අඩ සියවසකටත් අධික කාලයක් තිස්සේ ඔබ අනුගමනය කරන භාෂා
පිළිවෙත අනුදත් පිරිස් සිටි මුත් ඔවුහු ප්‍රතිශතයක් ලෙස සිංහල ලේඛක
සංඛ්‍යාවෙන් සියයට එකකටත් අඩු වෙත්. මේ බව ඔබ ම පිරික්සන්න. යන්න ළඟ ම
පොත් සාප්පුවකට. සසම්භාවී ලෙස (දෑස් පියාගෙස හෝ) පොත් සාපුප්වේ රාක්ක
අතරින් පොත් සියයක් තෝරා ගන්න. දැන් දෑස් විවර කර තොරා ගත් පොත් අතරින්
ඔබ අනුදකින මූර්ධජ ඉවත් කිරීමේ ප්‍රතිපත්තියට අනුව රචනා කර ඇති පොත් ගණන
බලන්න.( මෙහි දී ණ-ළ-ෂ ව්‍යාකරණානුකූල ලෙසින් නොයෙදීම එය ප්‍රතික්ෂේප
කිරීමක් ලෙස වටහා නොගන්න. යමෙකු ණ-ළ-ෂ විරෝධියෙකු ලෙස හැඳින්විය හැක්කේ
ඔහුගේ/ඇයගේ ලේඛනයේ කිසි ම තැනෙක ණ-ළ-ෂ නොමැති නම් පමණි.) අනිවාර්යයෙන් ම
එතැන එවැනි පොත් එකකට වඩා නොතිබෙනු ඇත (කිසිසේත් ම නැත කීවොත් වඩා
නිවැරදි වනු ඇත) දැන් ඔබ කුමක් සිතන්නෙහි ද?

භාෂාව ඔබට අයිති දෙයක් හෝ මට අයිති දෙයක් හෝ නොවේ. තනි පුද්ගලයෙකුට
භාෂාවක් අවශ්‍ය නොවන බැවිනි. බසක අවැසිතාව මතු වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු
හෝ ඊට වැඩි වූ විට ය. සිංහලයේ එම භාෂක සමාජය මිලියන 16කට ආසන්න වන බැවින්
එකී සමස්ත ජනතාව ම භාෂාවේ අයිතිකරුවෝ වෙති. මගේ ප්‍රශ්නය නම් ඔබ ඇතුළු
සුළුතරයකට බහුතරයක් භාවිත කරන බස වෙනස් කිරීමට ඇති අයිතිය කුමක් ද යන්න
යි. භාෂාව විෂයෙහි වැරදි නිවැරදි බවට හෝ තර්කයට ඉඩ නැත. වැරදි වේ-
නිවැරදි වේ යන්න සාපේක්ෂ පුද්ගලබද්ධ වන බැවිනි. සමස්තයක් භාවිත කරන බසක
දී පුද්ගලබද්ධ භාවය නොවැදගත් ය. වියරණයේ දී පරීක්ෂා වන්නේ වැරදි නිවැරදි
බව නොව සම්මතයට එකඟ ද යන්න යි. තර්කයට විෂය නොවන්නේ තර්කයෙන් එය පැහැදිලි
කළ නොහැකි බැවිනි. පොල්වලට ගල් නොකියා පොල් කියන්නේ ඇයිදැයි ඔබට පහදා දිය
හැකි ද? සුදු පැහැයට සුදු කියන්නේ ඇයිදැයි ඔබට පහදා දිය හැකි ද.
ඉංගිරිසියේ සී-යූ-ටී කට් (CUT) නම් පී-යූ-ටී පට් (PUT) නොවන්නේ ඇයි දැයි
පහදා දියහැකි ද? එනිසා භාෂාව විෂයෙහි තර්කය නිෂ්ඵල අතර ම තර්කයෙන් වැරදි
නිවැරදි බව තීරණය කිරීම ඊටත් වඩා නිෂ්ඵල ය. එවිට කුමන හෝ හේතුවක් නිසා
“සංකීර්ණ” යන්න “සංකීර්න” යනුවෙන් ලිවීම හොඳ යැයි පැවසිය නොහැකි ය. එය
සම්මතය යි. හේතු නොමැත “සංකීර්න” යන්න බහුතරය පිළිගත් සම්මතය වන තෙක් අප
“සංකීර්ණ” යනුවෙන් ලිවිය යුතු ය.

අනවශ්‍යය දේ ඉබේ බැහැර කරන බසක් තුළ ඔබ අනවශ්‍ය යැයි යැයි කියන
වියරණයක් පහල වූයේ කෙසේ දැයි ප්‍රශ්නයක් නැ‍ඟෙනු ඇත. (මෙහි දී මා අදහස්
කරන්නේ ලිඛිත ව්‍යාකරණය යි) මිනිසාට පසු ව බස බිහි වූවා මෙන් ම
අනිවාර්යයෙන් ම බසට පසු ව වියරණය බිහි විය. වියරණය බිහි වූයේ ද පොදු
සම්මුතියෙනි. කාලයක් තිස්සේ පිරිසක් භාවිත කරන බසක් තුළ එකිනෙකා
විවිධාකාරයෙන් කතා කරනු වෙනුවට යම් අදහස් යෙදීම් සම්බන්ධයෙන් සමානතා ඇති
වීම ස්වාභාවික ය. එය සම්මතය බවට පත් වූ විට එය ව්‍යාකරණය යි. ඕනෑම භාෂාවක
එලෙස සම්මතය බවට පත් වූ ව්‍යාකරණ අක්ෂර වින්‍යාස පද්ධතියක් ඇත. භාෂාව
භාවිත කරන්නන් ලෙස අප එම සම්මුතියට අනුගත විය යුතු ය. මක් නිසා ද යත් ඔබ
භාවිත කරන බස ඔබගේ නොවන බැවිනි. යම් හෙයකින් සම්මුතිය වෙනස් වුව හොත් පෙර
සම්මුතිය හැර දා නව සම්මුතියට එකඟ විය යුතු ය. මගේ මූලික විරෝධතාවේ පදනම
එය යි.

භාෂාව සම්බන්ධයෙන් බලහත්කාරයේ අසාර්ථකත්වය පෙන්වීමට උදාහරණ කීපයක්
දක්වමි.

කුමාරතුංග මුනිදාසයන් මා බෙහෙවින් ගරු කරන ලේඛකයෙකු බව පෙර පැවසුවෙමි.
එහෙත් ඔහු සිංහල භාෂාව සම්බන්ධයෙන් සිදුකිරීමට ගිය සමහර අන්ත වාදී
වෙනස්කම් ප්‍රතික්ෂේප විය. ඔහු සියලු මිශ්‍ර සිංහල වදන් ඉවත් කර භාවිත
කරන සුද්ධ සිංහලය පමණක් නිවැරදි යැයි කීවේය. ඒ වන විට පැවති මිශ්‍ර සිංහල
වචන හා ඉංගිරිසි වචන සඳහා ඔහු ඉදිරිපත් කළ ඇතැම් පරිවර්තන අසාර්ථක විය.
(උදා --තැපැල්-පහින, සාහිත්‍යය-සැහිටි, සංගීතය-සැගැයිය, ප්‍රදර්ශනය-
පදස්න-- ) ඒවා ඔහු ඇතුළු හෙළ හවුල භාවිත කළ නමුදු අවශේෂ සමාජය එය අනුගමනය
කළේ නැත. හෙළ හවුලේ සුද්ධ සිංහලය හා ඇ කාරය බහුල වහර සිංහලයෙන් මැකී ගිය
අතර අද හෙළ හවුලේ සාමාජිකයෝ වුව මෙම බස නොවහරති (අරිසෙන් අහුබුදු,
වි.ජ.මු ලොකුබණ්ඩාර) ඔහු සිංහල හෝඩියේ වැරදි පෙන්වමින් ඉදිරිපත් කළ තරු
අකුරු හෝඩිය අද සොයා ගැනීමටවත් නැත.

අජිත් තිලකසේනයන් සිංහලයේ අකුරු භාවිතාව හා පිල්ලම් යෙදීම ගැටලු සහිත
බව කියමින් නව අක්ෂර ලිවීමේ රටාවක් හඳුන්වා දුන්නේ ය. (http://
picasaweb.google.com/anandawardhana/Sinhala2/photo?
authkey=8O9kSQP5KSE#5106584073455965330) සිංහලය තාක්ෂණය හා එකතු වීමට
මෙවැනි වෙනස් කම් සිදු විය යුතු බව ඔහු කීවේ ය. ඔහු ඇතුළු කීපදෙනෙකුට
පමණක් සීමා වූ මෙම ක්රමමය දැන් නම් සංවාදයකටවත් ලක් වන්නේ නැති අතර
සාමාන්‍ය සිංහල හෝඩිය ඉතා හොඳින් අපි දැන් පරිගණකය සමග භාවිත කරමු. (දැන්
එයින් මෘදුකාංග පවා නිකුත් වෙයි :D)

ඉහත දැක් වූ අවස්ථාවල දී ඒ මතු වූ සැ ම මතයකට ම විරුද්ධව අදහස්
පැවසීමට පිරිස් සිටියහ. එහෙත් එකී වෙනස්කම් ස්ථාවර නොවී මැකී ගියේ ඒ නිසා
නොව බස වහරන බහුතරයක් සාමාන්යර ජනයා එය අනුනොදුටු බැවිනි.

ඔබ ඔබගේ අදහස තහවුරු කිරීමට සිරි ගුනසිංහ, අජිත් තිලකසේන, සුගතපාල ද
සිල්වා වැනි වියතුන්ගේ අදහස් ගෙනහැර පාමින් ප්‍රති විරුද්ධ අදහස සනාථනයට
නිදසුන් ඉල්ල යි. කෙලෙස නිදසුන් දෙන්න ද. සම්මුතියට විරුද්ධ ව ගියවුන් එය
සාධාරණිකරණය කරමින් කරුණු දක්වනවා විනා සම්මුතිය අනුගමනය කරන්නවුන් ඒ ගැන
කරුණු දැක් වූයේ නැත. එය සම්මුතිය බැවිනි. නිදසුන් අවැසි ම නම් පියදාස
සිරිසේන, ඩබ්ලිව් ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර , සේකර,
ආදී ලේඛකයන්ගේ සිට ජේ.බී දිසානායක, රත්න ශ්‍රී විජේසිංහ, මොනිකා
රුවන්පතිරණ, ලාල් හෑගොඩ දක්වා වූ වත්මන් ලේඛකයන්ගේ කෘති උඩින් පල්ලෙන් හෝ
කියවා බලන්න. ඔවුහු ණ-ළ-ෂ භාවිත කරති. ඊට වඩා නිදසුන් කුමට ද. ඔවුන්
කිසිවෙක් තමන් ණ-ළ-ෂ භාවිත කිරීම ගැන කරුණු දැක්වීමට තරම් කරදර නොවුනු
නිසා මට මෙහි දී දැක්වීමට උපුටන ද නොමැත.

අවසානයට මෙසේ පවසමි. භාෂාවේ සියල්ල සම්මතයක් පමණි. වෙනසක් සිදුවිය යුතු
නම් එය සිදුවනු ඇත ඒ ගැන අප කරදර විය යුතු නැත. වෙනස සිදුවන තෙක් පවතින
ක්‍රමය අනුගමනය කරමු. යම් දිනෙක සිංහලයේ ණ-ළ-ෂ හෝ වෙනත් ඕනෑම අකුරු
කීපයක් හෝ භාෂාවට අනවශ්‍ය ම වී වැඩිමනක් සිංහල භාෂිකයන් එය භාවිතය අත්හැර
දැමූ විට එනම් එය සම්මතය- ව්‍යාකරණය වූ දින මම ද එය අනුගමනය කරමි. ඒ
වෙනුවෙන් පෙනී සිටිමි. එම අකුරු භාවිත කරන සුළුතරයට විරුද්ධ ව කරුණු
දක්වමි.

පිස්සාගේ ප්‍රශ්නය පිළිබඳ ව පැවසිය යුත්තේ මෙය යි. එය පරණ කතාවක් බව
සැබැවි. කෙතරම් පැරණි ද යත් එය කුමරතුඟුවන්ගේ කතාවකි. ඇත්තෙන් ම මෙම
සංවාදය මෙතරම් දුරදිග යතැයි මම නොසිතුවෙමි. මට මෙතරම් දිගු සටහනක්
පිළිතුරක් ලෙස ඉදිරිපත් කිරීමට සිදුවේ යැයි හීනෙකින්වත් නොසිතුවෙමි.
අදහස් අතරට එකතු කිරීමක් ලෙස එම පරණ කතාව ඉදිරිපත් කළෙමි. අනෙක් අතට මා
මෙහි දී ඉදිරිපත් කළ සමහර කරුණුවලින් මගේ ම එම අදහස අවලංගු වේ.

---------------------------------------------------------------------------------------------------------------------

ප.ලි - උක්ත සංවාදයට අදාළ නැත

එසේ ම මෙම පිළිතුර දිගු වැඩි බව ද පිළිගනිමි. කරුණු සනාථනයට සීමවා ඉක්මවා
උදාහරණ හා නිදර්ශන ඉදිරිපත් කිරීමට සිදු වීම එයට හේතුව යි. මෙවැනි
සංවාදයක් ඇති වීම සංසදයේ සාමාජිකයන්ගේ පමණක් නොව මගේ ද දැනුම වැඩීමට හේතු
වනු ඇතැ යි මට සිතේ. උසස් පෙළින් පසු මෙවැනි දීර්ඝ රසවත් ලේඛන කාර්යයක
යෙදීම කාර්ය බහුල දිවියට මහත් තෘප්තියක් ගෙන දුන්නේ ය. කෙසේ වෙතත් මෙම
කරුණ සම්බන්ධයෙන් ඇතිවන ඉදිරි සහෘද සංවාදයන්ට මට සම්බන්ධ වීමේ හැකියාව
සීමිත වීම කණගාටුවට කරුණකි. හේතුව අනිද්දා සිට මගේ විශ්වවිද්යායල දිවිය
ඇරඹීම යි. පළමු මස අනිවාර්ය නේවාසික කාලයෙන් අනතුරු ව අත පය සියල්ල ම
සහිත ව ගෙදර පැමිණිමට හැකි වුව හොත් :-) :D නැවත සංවාදයට සම්බන්ධ
වෙමි.
ස්තුතියි



අරවින්ද

unread,
Jul 19, 2008, 1:13:08 PM7/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඉහත ලිපිය මෙතැනින් කියැවීමට අපහසු නම් මෙම ගොනුව බලන්න

http://aravindablog.files.wordpress.com/2008/07/aravinda.pdf

Anandawardhana

unread,
Jul 19, 2008, 1:15:37 PM7/19/08
to sinhala-...@googlegroups.com
ස්තුතියි අරවින්ද මම ගොනුව අරගත්තා.

ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවා :) ඉක්මනින් නැවත හමු වෙමු.

2008/7/19 අරවින්ද <aravi...@gmail.com>:

ඉහත ලිපිය මෙතැනින් කියැවීමට අපහසු නම් මෙම ගොනුව බලන්න

http://aravindablog.files.wordpress.com/2008/07/aravinda.pdf

රාජිත (Rajitha)

unread,
Jul 19, 2008, 1:29:48 PM7/19/08
to sinhala-...@googlegroups.com
ඉතා දිර්ග වුවත් එක දිගට අපසුවකින් තොරව කියවීමට හැකි විය.

ඔබගේ සරසවි දිවියට මගෙනුත් ආසිරි.




2008/7/19 Anandawardhana <anandaw...@gmail.com>:



--
රාජිත. (Rajitha )
http://rajitha-diary.blogspot.com/
http://rajitha-blog.blogspot.com/

අරවින්ද

unread,
Jul 20, 2008, 2:54:31 AM7/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය


On Jul 19, 10:29 pm, "රාජිත (Rajitha)" <rajitha.sinh...@gmail.com>
wrote:
> ඉතා දිර්ග වුවත් එක දිගට අපසුවකින් තොරව කියවීමට හැකි විය.

දීර්ඝ මගේ ලිපිය පමණක් නොවෙයි. මම හිතන්නේ මේක තමයි සංසදයේ කතාබහකදී ඇති
වුණු දීර්ඝතම සංවාදය. :D

ප්‍රභාෂ්වර

unread,
Jul 20, 2008, 9:17:49 AM7/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හරි ඔන්න මමත් ඔයගොල්ලන්ගේ දිගම දිග කතා බහ කියවලා තව කතාවක් එකතු කලා
මේක සංගමේ දිගම කතාබහ වෙන්න.

Vishva Kumara

unread,
Jul 20, 2008, 1:23:26 PM7/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මා එතරම් උනන්දුවක් නොදක්වන විශයයක් වුවද යමක් කීමට සිතුනා. අනුරාධ කිවූ
ආකාරයට සමාජ ආර්ථික පසුබිම ව්‍යාකරණයට බලපාන බවට මමත් එකඟයි. මෙතරම්
සිංහල කතා කරන්නේ ලංකාවේ පමණයි. ඉංගිලිසිය ලෝකය පුරා බොහෝ රටවල කතා
වෙනවා, නමුත් ඉංගිලිසියේ ව්‍යාකරන වල පිටකොන්ද ඇති වුනේ එංගලන්තයේ
වික්ටෝරියානු සමයේ. ඒ කාලයේ රැජින "කතා කරන" ඉංගිලිසිය නිවැරදි ඉංගිලිසිය
බවට ජනතාව පිලිගත්තා. ඒ සම්මතයෙන් තමයි අද ලෝකයේම ඉංගිලිසි ව්‍යාකරන
පැවතෙන්නේ.

වැරදි ඉංගිලිසි කතාකිරීම හාස්‍යයට කරුණක් වී නිවැරදි සිංහල කතා කිරීම
හාස්‍යයට හේතුවක් වීම ඉතා ශෝචනීයයි. භාෂාවක් ව්‍යාකරණානුකූල වීම සිදු විය
යුත්තේ නිවැරදි වියරණය අගය කිරීමෙන් සහ එයට වටිනාකමක් දීමෙන්, එසේ නැතිව
නිවැරදි වියරණය මේ යැයි බලෙන් පැටවීමෙන් එය කවදාවත් සිදු වන්නේ නැහැ.

නිවැරදි ව්‍යාකරණ ක්‍රමවේදයක් තිබීම භාෂාවක ගාම්භීරත්වයට හේතු වනවා,
නමුත් ඒ හේතුවෙන් එම භාෂාව සාමාන්‍ය ජනතාවට භාවිතා කිරීමට අපහසු හෝ
ඔවුන්ගෙන් ඈත් වීමක් නොවිය යුතුයි,
Message has been deleted

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 10:57:53 PM7/20/08
to sinhala-...@googlegroups.com
2008/7/20 Vishva Kumara <vishva...@gmail.com>:

>
> ඒ කාලයේ රැජින "කතා කරන" ඉංගිලිසිය නිවැරදි ඉංගිලිසිය
> බවට ජනතාව පිලිගත්තා. ඒ සම්මතයෙන් තමයි අද ලෝකයේම ඉංගිලිසි ව්‍යාකරන
> පැවතෙන්නේ.

"හොඳ ඉංගිරිසි" ඉගෙන ගැනීමට අපේ පියා ඉන්නා කාලයේ ගෙදර පොත් ගුලේ ඇති
සමහර පොත් විටින් විට රෙකමදාරු (recommend) කළා. ඒ අතර "The English We
Use" නම් අගනා උපුටා ගැනීම් එකතුවක් තිබුනා. එහි මුලින්ම තිබුනේ
එංගලන්තයේ රජු/රැජින හැම නත්තලට ම වැසියන් අමතා රෙදෙවුවෙන් (radio) කරන
කතාව "The King's English" නමින් (එ වකට සිටියේ හයවැනි ජෝර්ජ් රජතුමා
යි).

"නිවැරදි" ඉංගිරිසිය රජුගේ/රැජිනගේ කතා කරන ඉංගිරිසිය බවට තිබූ සම්මතය එ
වන් පොතක මුලින් ම එ සේ උපුටා ගැනීමෙන් ම හොඳින් පේනවා.

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 11:14:24 PM7/20/08
to sinhala-...@googlegroups.com
2008/7/20 Vishva Kumara <vishva...@gmail.com>:

>
> මා එතරම් උනන්දුවක් නොදක්වන විශයයක් වුවද යමක් කීමට සිතුනා. අනුරාධ කිවූ
> ආකාරයට සමාජ ආර්ථික පසුබිම ව්‍යාකරණයට බලපාන බවට මමත් එකඟයි. මෙතරම්
> සිංහල කතා කරන්නේ ලංකාවේ පමණයි. ඉංගිලිසිය ලෝකය පුරා බොහෝ රටවල කතා
> වෙනවා, නමුත් ඉංගිලිසියේ ව්‍යාකරන වල පිටකොන්ද ඇති වුනේ එංගලන්තයේ
> වික්ටෝරියානු සමයේ.

වික්ටෝරියානු සමය කියන්නේ එංගලන්තය ඉතා ම පොහොසත් ව පැවැති කාලයක්. අඟ
හිඟ කම් දුරු වූ විට පමණයි බස ගැන සිතන්න, ආඩම්බර වන්න හිත නිදහස් වන්නේ.
නැතිනම් අර මා කලින් කියූ පරිදි "වෛයාකරණං අකාරණං, පණ්ඩුලනාලං කාරණං"
කියල වියරණ පැත්තක දාල හාල් නැලියක් හොයා ගන්න එක ගැන හිතන්න වෙනව මොන
හිංගලෙන් හරි. ;-)

තමන් ගැන හෝ රට ගැන ඇති වන ආත්මාභිමානය ආර්ථිකය කෙතරම් එකට බැඳී ඇත්දැයි
පෙන්වීමට හොඳ ම උදාහරණයකි අපේ රටේ සංචාරක කර්මාන්තය. සීගිරිය ගැන
ආඩම්බරයෙක් කතා කරන මාර්ගෝපදේශකයින්ට වඩා සීගිරිය ගැන කුමක් හෝ කියා
ඩොලර් ටිකක් ලබා ගැනීමට මාන බලන තත්ත්වයට පත්වී ඇත්තේ ඔවුන්ගේ වරදක් නිසා
නොව ආර්ථික ගැටළු නිසා යි. විමලරත්න කුමාරගමයන් "අයියනායක" කවි පන්තියේ
කළාක් මෙන් ඔවුන් දෙස මා අනුකම්පාවෙන් බලන්නේ එ බැවිනි.

වරක් එංගලන්තයේ පාර්ලිමේන්තුව ගිම්හානයේ මහජනයාට විවෘත කළ විටෙක (ඒ කාලයට
පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ නෑ) එය බැලීමට ගිය මට, අපව රැගෙන ගිය
මාර්ගෝපදේශකයා ඉතා අභිමානයෙන් තම ඉතිහාසය ගෙන හැර පෑවා පමණක් නොව,
නරඹන්නන්ගෙන් එයට කිසිම අගෞරවයක් සිදු නොවන බවට ද වග බලා ගත්තා.
උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ ආසයනක වාඩි වීමට නරඹන්නන්ට ඉඩ නෑ. "House
of Commons" බලන විට මා විස්තරය අසා සිටියේ අගමැති වාඩි වන තැන සිටයි.
නමුත් එහි වාඩි වී පිංතුරයක් ගන්න කාටවත් අවසර නෑ. වයසක අයට උනත් මහන්සි
අරින්න පිළිවන් සුදුසු තැන් වල බිම වාඩි වීමෙන් පමණයි (නමුත්
මාර්ගෝපදේශකයා ඉතා කරුණාවන්තව අපව බලා ගත්තා, වැඩිහිටියන්ට ඉතා හොඳින්
සැලකුවා, කතා කළා).

සීගිරිය මුදුනේ ඇති සිංහාසනයේ ම වාඩි වීමට මෙහි නම් කිසිම බාදාවක් නෑ!
අපේ රටේ නම් සංචාරකයින්ට ඕනෑම දෙයක් කිරීමට මාර්ගෝපදේශකයින් ම උදවු කරන
බව මතක් වී මට ලැජ්ජාවක් ද ඇති වුනා. ඒත් ඊට හේතුව ආත්මාභිමානය නැති කම
වුවත් එයට මූලික හේතුව ආර්ථික ප්‍රශ්න නේ ද? ඒ නිසා, ආත්මාභිමායන ගැන
කොතරම් කීවත්, ලීවත් මෙය වෙනස් වන්නේ නෑ. වෙනස් වීමට නම් නිදානය සොයා
ගෙන ඊට ම පිළියම් යෙදිය යුතුයි. එනම් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.
එදාට රට ගැන, බස ගැන, මෙකී නොකී සැම දෙයක් ගැනම අභිමානයක් ඉබේ ම ඇති
වේවි.

Anandawardhana

unread,
Jul 21, 2008, 1:04:05 AM7/21/08
to sinhala-...@googlegroups.com
ආයෙත් මාතෘකාවට ආවොත්

කතා කරන බාසාවේ පවතින වියරන ස්වරූප ගැනත්, එම වියරනය ලිවීම සඳහා යොදාගැනීම ගැනත්, ලියන සහ කියන බසේ වියරන වෙනස්කම් ගැනත්, "මම යනවා" වැනි වැකිවල හා "මා යනවා" වැනි වැකිවල වියරන ගැනත් අවසානයේ ණ ළ හා මූර්ධජ ගැටලුව ගැනත් දීර්ඝ වසයෙන් සමාලෝචනය කරන ලිපියක් මේ කාරනා ගැන වැඩිදුර සිත් යොමු කරන අයගේ ප්‍රයෝජනය පිනිස උපුටා පල කරන්න කල්පනා කලා.

මෙය රචනා කලේ මහාචාර්ය සිරි ගුනසිංහ. මුලින් ම පල වුනේ 1997 වසරේ අජිත් තිලකසේන සංස්කරනය කල අදට ඔබින බස නම් ලිපි එකතුවේ. සංස්කාරකගේ අවසරය සහිත ව මුල් ස්වරූපයෙන් ම එය මෙහි උපුටා දක්වනවා. දීර්ඝ කියවීමකට (මුල සිට අගට කියවන්න) කාලවේලා තියෙන අය

http://hetasinhala.blogspot.com/2008/07/blog-post_20.html

පිටුවෙන් ලිපිය කියවන්න.

එහි ම පිටපතක් මෙතනත් තියෙනවා
http://docs.google.com/View?docid=df9brr44_20fcsdqrg6

2008/7/21 Anuradha Ratnaweera <anur...@taprobane.org>:



--
Anandawardhana
http://webalochana.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages