Account Options

  1. Sign in
The old Google Groups will be going away soon.
Switch to the new Google Groups.
Google Groups Home
« Groups Home
Message from discussion දේශපාලනික බ්ලොග්පිටු වෙනම පිටුවක් වෙත ඇතුලත් කිරීමට විරෝධය
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Udeshika Dayarathna  
View profile  
 More options Feb 16 2010, 3:41 am
From: Udeshika Dayarathna <udeshika...@gmail.com>
Date: Tue, 16 Feb 2010 00:41:38 -0800 (PST)
Local: Tues, Feb 16 2010 3:41 am
Subject: Re: දේශපාලනික බ්ලොග්පිටු වෙනම පිටුවක් වෙත ඇතුලත් කිරීමට විරෝධය
අපේ රටේ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යනුවෙන් දෙකොටසක් සිටින්නාක් සේම
හොඳ බ්ලොග් රචකයන් හා නරක බ්ලොග් රචකයන් (බ්ලොග් ද්‍රෝහීන්) කියා
දෙපිරිසක්ද වෙති.

1. හොඳ බ්ලොග් රචකයෝ දේශපාලනය විෂය කොට නොගනිති. ඔවුහු හැම දෙනාටම පොදුවේ
ප්‍රයෝජනවත් වන Facebook Chat එක firefox හි Bookmarks side-bar එකකට
ගන්නා හැටි හා EASEUS Partition Master Professional Edition නොමිලේ ලබා
ගන්නා හැටි බඳු වැදගත් මාතෘකා ගැන ලියති. අපි නරක බ්ලොග් කරුවෝ (බ්ලොග්
ද්‍රෝහියෝ) දේශපාලනය විෂය කොට ගනිමු.

2. හොඳ බ්ලොග් රචකයෝ ඇල්වතුරද නිවලා බොති. කාටවත් දොස් නොපවරති. කා
සමඟවත් ආරවුල් ඇති කර නොගනිති. (ඉඳලා හිටලා මයික්‍රොසොෆ්ට් එකට හෝ
ඉන්ටර්නෙට් සේවා සපයන්නාට රෙදි ගැළවෙන්නට බැන්නොත් හැර) අපි බ්ලොග්
ද්‍රෝහියෝ අරූටයි මූටයි හැම එකාටම බනිමු. මඩ ගහමු.

3. හොඳ බ්ලොග් රචකයන්ට බොහෝ මිතුරෝ වෙති. ඔවුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් මදි
නැතුව වැටෙයි. ඒවා රෝස මල් වගේය. නරක බ්ලොග් කරුවන් වන අපටද කමෙන්ට්
වැටේ. ඒවා ගල් මුල්ය.

4. අප වැනි නරක බ්ලොග් කරුවන් නිසා සින්ඩිකේටරයට හිට්ස් අඩුවේ. 'Fedora
12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්' වැනි බ්ලොග් කියවන්නට පාඨකයෝ පොර
කකා රොක් වෙති.

ඉතින් මේ හොඳ බ්ලොග් රචකයින් අප වැනි නරක බ්ලොග් රචකයින් හා එක ගොඩේ
ඉන්නට කැමති වෙයිද? එනිසා ඔව්හු ඒකඡන්දයෙන්, නිතඹට පයින් ඇන අප වෙන්
කිරීමට තීරණය කරති. හරියට මලයා සමූහාණ්ඩුව හැට ගණන් වලදී අපට තවත් මූ
එක්ක ඉන්න බෑ gangreen ලෙස නම් කොට සිංගප්පූරුව පැන්නුවා වගේම.

මේ සිද්ධියෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. හොඳ සිංහල බ්ලොග් කරුවකු වන
හැටි මම උගත්තෙමි

On Feb 16, 8:54 am, ගෝරා <gora...@gmail.com> wrote:

> සිංහල බ්ලොග් කියවනයේ දේශපාලනික සටහන් විසින් සිංහල බ්ලොග් කියවනය
> අවලස්සන වී ඇතැයි
> යන්න හේතුකොටගෙන දේශපාලන බ්ලොග් සටහන් සියල්ල ප්‍රධාන පිටුවෙන් ඉවත්කොට
> අනුපිටුවකට යවා ඇත.

> "මෙවැනි දේශපාලනික මඩ නිසා සින්ඩිකේටරය බැලීමට පවා අප්‍රසන්න වී ඇතැයි
> අපට සින්ඩිකේටරයේ පාඨකයන් විශාල සංඛ්‍යාවකගෙන් පැමිණිලි ලැබීම"(සැබැවින්ම
> එසේ මඩ ගසාගන්නා එවාට අකමැති අය ඉන්නවා කියන කාරණය විහිළුවකි. පසුගිය
> කාලයේ රූපවාහිනී දේශපාලනික වැඩසටහන් වඩාත් පනප්‍රිය වූයේ ඒවාගේ
> න්‍යායාත්මක කාරණා කතා කළ නිසා නොව ඒවායේ මඩ තිබුණු නිසාය.)

> අනෙක් අතට සින්ඩියට ඇති හිට්ස් සං‍ඛ්‍යාවේ පහළ යාමක් ගැනද දක්වා ඇති අතර
> එයද ඊට හේතුව ලෙස මෙකී දේශපාලනික බ්ලොග්කරුවන්ගේ ක්‍රියාදාමයන්
> හේතුවිණැයි කිසිම අධ්‍යයනයකින් තොරව පවසා ඇත. මන්ද පහුගිය කාලයට පුරාවටම
> වැඩිම හිට්ස් ලැබෙන්නාවූ සිංහල බ්ලොග්ස් අතර බයිස්කෝප්.lk හැරුණුකොට
> වඩාත් ඉදිරියෙන්ම තිබුණේ Taboosubject,  Beyondframe වන නිසාය. ඒ හැරුණු
> ‍කොට "පන්හිද සමග" ද ඉතා ඉහළ ප්‍රතිචාර ලද බ්ලොග් අතර තිබුණි.  ( හැකිනම්
> මෙකී දේශපාලන බ්ලොග් වෙනස් පිටුවකට දැමීම සදහා ඇඩ්මින්වරුන් අතර පැවතුණු
> සංවාදය ඉදිරිපත් කරන්න )

> එසේ ඉවත් කොට ඇති බොහෝ බ්ලොග් අතර ඇත්තේ මේ මොහොතේ මා දරණ දේශපාලන
> ස්ථාවරයට විරුද්ධ මතවාදයක් වුවද, ඔවුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය සහ ඒවා
> සංවාදයට ලක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමි.

> මේ පිළිබදව මා තැබූ කමෙන්ටුව පහත දැක්වේ.

> ".හ්ම්ම්… දේශපාලනයට අකමැති පිරිස් (අදේශපාලනික) බොහෝමයක් බ්ලොග් අවකාශයේ
> ඉන්න බව පේනවා. ඒක හින්දා වෙනමම දැම්ම එක කමක් නෑ කියලා කියමුකෝ. ඒත් ඇයි
> මේ තාක්ෂණික බ්ලොග්ස් වෙනමම දාන්නේ නැත්තේ. මටනම් හිතෙන්නේ බහුතරයකට ඒවගේ
> තියෙන ඒවා වැඩක් නැහැ. කැමති අයට බලන්න කියලා වෙනමම ගෲප් එකකට දැම්මනං
> හරිනේ. අනිත් එක පුද්ගලික දිනපොත්, ඔය එක එක්කෙනාගේ පුද්ගලික ඕපා දූප
> ප්‍රසිද්ධ කරන එක කොච්චර සදාචාරවාදීද? මට නං හරිම අප්‍රිය වැඩක්. ඉතිං
> ඇයි ඒ වගේ බ්ලොග්ස් වෙනමම කැටගරයිස් කරන්නේ නැත්තේ? අනුන්ගේ කුණු කන්දල්
> බලන්න ඕන එවුන්ට ඒක තියෙනවා. ලංකාවේ බ්ලොග්කරුවන් විකල්ප වෙන්න හදනවද
> කියල නම් මට තේරෙන්නේ නැහැ. ඒත් ලෝකෙ තියෙන්නේ වැඩිපුරම දේශපාලනික
> තේමාවන්ගෙන් ලියැවුණු බ්ලොග් කියලයි technorati.com එකේ තියෙන්නේ. ඒත්
> ඉතිං නඩුත් හාමුදුරුව්නගේ, බඩුත් හාමුදුරුවන්ගෙනේ….චීන පොරවල් ටිකකුත්
> ඇවිත් ‍ඉන්න එකේ ඇඩ්මින් මහත්තුරු බයවෙලා වගේ."

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදාළ තීරණ ගැනීමේ තාර්කික පිළිවෙළ කුමක්ද?
> තමන්ට හිතුමනාපෙට එන කරුණු හේතුවශයෙන් දක්වා ඇති බව පෙනේ.


 
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.