සිංහල ලොග්

242 views
Skip to first unread message

පුබුදු PUBUDU

unread,
Apr 12, 2008, 1:11:14 PM4/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම මේ සංසදයට මයෝජනාවක් කරනවා. බොලොග්කරැවන්ගේ කියන කොටසට හොඳ සිංහල
වචනයක් යොදන්න බැරිද? මේක නිකම් කෙලින්ම ඉංගිරිස් කෑල්ලක් නේද?
පුබුදු

Anandawardhana

unread,
Apr 13, 2008, 12:25:20 AM4/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පුබුදු බ්ලොග්කරුවන් කියල පදය සිංහල එකක්. ඉංගිරිස් කෑල්ලක් නෙවෙයි :D
හොඳයි, කොහොමද ඒක සිංහල වුණේ කියල පොඩ්ඩක් බලමු.

බසකට පද එකතු වෙන ආකාර තුනක් තියෙනවා
නිෂ්පන්න, තද්භව සහ තත්සම තමයි ඒ තුන් ආකාරය.

නිෂ්පන්න ශබ්ද කියන්නේ අදාළ භාෂාව තුළ ම නිපදවුණු වචන. තද්භව ශබ්ද
කියන්නේ වෙනත් භාෂාවක වචනයක් ඇසුරින් නිපදවා ගැනුණු වචන. තත්සම ශබ්ද
කියන්නේ කෙලින් ම අදාළ භාෂාව තුළට වෙනත් භාෂාවකින් ආනයනය කරගත් වචන.
සිංහල භාෂාව මේ සියලු වර්ගයේ වචනවලින් පිරිලා. ඒ එක ක්රමයක් අනෙකට වඩා
උසස් ය කියන්න කිසි ම වාග් විද්යානුකූල හෝ භාෂාමය හේතුවක් නැහැ. කවර
මාර්ගයෙන්
වචනයක් එකතු වෙනවා ද යන්න බොහෝ විට සන්නිවේදන පහසුව, වයවහාරය හා අදාළ
විෂයක්ෂේත්රය මත තීරණය වන්නක්. සිදත් සඟරාවෙ පවා උපදෙස් දීලා තියෙන්නේ
"වහරනුසරෙන් සපයා" කියලයි. ඒ කියන්නෙ ව්යවහාරය අනුසාරයෙන් සම්පාදනය
කරගන්න කියලයි.

මේ තුන් ආකාරය දෙස තව ටිකක් සමීපව බලමු -
පුළුවන්

(1) නිෂ්පන්න
අදාළ භාෂාව තුළ ම නිර්මාණය වුණු (නිෂ්පන්න වුණු) වචන. "ඔරිජිනල්" යෙදුම්.
මේවා තියෙන්නෙ බොහොම ටිකයි. දැන් සිංහල භාෂාවෙන් උදාහරණ දුන්නොත්
සුළඟ, වතුර

(2) තද්භව
වෙනත් භාෂාවන්ගේ පද යම් විපර්යාසයකට ලක් කිරීම/ලක් වීම මගින් නිපදවෙන පද.
මේ කටයුත්තට පදයක් තද්භව වීම කියල කියනවා.
උදාහරණ බොහෝ යි
සංස්කෘත සිට සිංහලයට තද්භව වූ පද
ආභරණ - අබරණ
අර්ථ - අරුත්

දෙමළෙන් සිංහලට තද්භව වූ පද
අම්පලම් - අම්බලම්
උරුමෛ - උරුම
කරවාඩු - කරවල
පොලිවු - පොලී

පාලියෙන් සිංහලට තද්භව වූ පද
ධම්ම - දම්
තණ්හා - තණ
මග්ග - මග
කහාවණ - කහවණු
විජ්ජුලි - විදුලි

ඉංගිරිසියෙන් සිංහලට තද්භව වූ පද
ඒකර් - අක්කර
ඩිස්ට්රික්ට් - දිස්ත්රික්කය
පැනල් - පනේල
පෙන්සිල් - පැන්සල්
ඉංජිනියරින් - ඉංජිනේරු
ඩසන් - දුසිම්

(3)තත්සම පද
තත්සම යනු "එයට සමාන" යන තේරුම දෙය යෙදුමක්. එයින් ම අදහස් වන පරිදි
තත්සම පද අදාළ මුල් භාෂාවේ පරිදි ම භාවිතා වෙනවා. කෙලින් ම වචනය "ආනයනය"
කරනවා :-)

උදාහරණ
සංස්කෘත බසින් සිංහලට තත්සම පද
කුමාර - කුමාර
ආධාර - ආධාර
විද්යා - විද්යා
මාර්ග - මාර්ග

දෙමළෙන් තත්සම පද
අත්තිවාරම් - අත්තිවාරම්
පදක්කම් - පදක්කම්

ඉංගිරිසියෙන් තත්සම පද (මේවාට නම් ඇතැම් අය සිංහල පදත් හදල තියෙනවා)
නමුත් අද කථා ව්යවහාරය තුළ නම් මේ ඉංගිරිසි තත්සම යෙදුම් පිරිලා. ඒ හැම
එකක්ම පාරිභාෂික පද හැටියට ගන්න නම් බැහැ.
බස් - බස්
ගැජට්- ගැජට්
ෆෝල්ඩර් - ෆෝල්ඩර්
මොබයිල් - මොබයිල්
චැනල් - චැනල් (චැනල් කිරීම ආදී අවස්ථාවල)
බ්ලොග් - බ්ලොග් :D

පෘතුගීසි බසින් තත්සම පද
කාමර - කාමර
පෙනේර - පෙනේර
වීදුරු - වීදුරු
සාක්කු - සාක්කු
බේබදු - බේබදු


මම කලින් ලියූ දෙයකුත් උපුටන්න කැමතියි -
"වෙනත් භාෂාවක පවත්නා වචන සිංහල කරගන්න පුළුවන් අදාළ වචනය අගට "ය" "ව" හෝ
"එක" යෙදීමෙන්. සංස්කෘතිය, ගරාජය, ඇස්ටරොයිඩය, බසය (බස් එක) ආදී වශයෙන්
ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් වචන සිංහලයට ඇවිත් තියෙනවා මේ ආකාරයට. බස්
කියන වචනේ වෙනත් භාෂාවල තිබුණත් බස් එක කියලා යෙදුමක් තියෙන්නේ සිංහල
භාෂාවේ විතරයි නේ. ඒක කාටත් තේරෙනවා. අපි උදේ හවස භාවිතා කරන පහසු, ඒ වගේ
ම නිවැරදි යෙදුමක් ඒක. මවුසයත් ඒ විදිහට සකසා ගත් පදයක්. ගැජට්ටුව,
විජට්ටුව(ගැජට් එක, විජට් එක) ආදී පද ඉතා සුඛනම්ය ආකාරයෙන් සන්නිවේදනය
උදෙසා යොදාගත හැකියි. විද්යා ක්ෂේත්රයේ ඇතැම් වචන (උදා- පිපෙට්ටුව -
එනම් විද්යාගාර උපකරණය, මොනිටරය) දැනට මත් මේ ආකාරයෙන් සකසාගෙන
තිබෙනවා."

ඉතින් බ්ලොග් කියන්නෙත් තත්සම ආකාරයෙන් සිංහල ව්‍යවහාරයට පුළුල් ව එකතු
වුණු පදයක්. ලොග් සටහන් කියන යෙදුම මීට පෙරත් තත්සම පදයක් ලෙස සිංහලයේ
භාවිතා වෙනවා. බාලදක්ෂයින් පවත්වාගෙන යන ලොග් පොත මීට හොඳ උදාහරණයක්.

බ්ලොග් යන පදය ඉතා හොඳින් සිංහලයේ තහවුරු වෙන්න තවත් හේතුවක් තමයි එය
බ්ලොග්කරණය, බ්ලොග්කරු, ආදී වශයෙන් අවශ්‍ය සියලු ආකාරවලට නමා, වරනඟා
භාවිතා කරන්නත් හැකි වීම. අනික මෙවැනි වේගයෙන් පැතිර යන සන්නිවේදන
තාක්ෂණය ආශ්‍රිත මෙවලමක් සඳහා දුරවබෝධ නමක් යෙදීම අවශ්‍ය නැති බවයි මට
කල්පනා වෙන්නෙ. මෙසේ තත්සම පද භාවිතය කිසි සේත් පහත් පෙළෙ හෝ දෙවැනි පෙළෙ
භාවිතයක් නෙමේ. තත්සම පදත් අනිත් පද මෙන් ම ශිෂ්ට සම්පන්නයි. උසස් :-)

ආනන්දවර්ධන

sand

unread,
Apr 13, 2008, 1:04:15 AM4/13/08
to sinhala-...@googlegroups.com
අගනා පැහැදිලි කිරීමක්. ෙමි පැහැදිලි කිරීම සංස්කරණය ෙකාට සිංහල විකියට දාන්නටත් සුදුසු බව මෙග් අදහසයි.

පුබුදු PUBUDU

unread,
Apr 13, 2008, 12:45:24 PM4/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. මම සතුටු වෙනවා මා නොදත් දෙය දැනගැනීම
පිළිඹඳව. සුභ නව වසරක් ඔබ සැමට.
පුබුදු.
> > පුබුදු- Hide quoted text -
>
> - Show quoted text -
Reply all
Reply to author
Forward
0 new messages