මේ සමග අමුණා ඇති wordpress plugin එක මගින් සිංහළ බ්ලොග් පමණක්
සින්ඩිකේටරයට එකතු වේ. අප කලින් කතා කරගත් පරිදි, සිංහළ අකුරු එක්තරා
ගනනක් (500) හෝ එක්තරා සියේට ගනනක් (25%) ඇතිනම් පමණක් එකතු වේ.
සිංහළ අකුරු ගැනීමේදී සමහර සන් වලට අකුරු එකකට වඩා වැඩි ගනනක් ඇති නිසා
(උදා: කු යනු ක සහ පාපිල්ල නිසා අකුරු දෙකකි) අකුරු 500 යනු සන් 500කට
අඩු ගනනකි. එසේම සියෙට ගනන බැලීමේදී, අනිත් අකුරු පමණක් නොව, විරාම
ලකුණු ද ගනින නිසා, 25% වැනි අඩු ගනනක් යෙදීම සුදුසුයි.
අකුරු ගනන් කිරීමේදී, මැය (title) ද ගන්නා නිසා, beautiful-srilanka වැනි
පිංතූර බ්ලොග් වලට ද අවාසියක් වන්නේ නෑ.
මෙය මා පිරික්සා බැලුවා. කැමති නම් කෙලින් ම එක් කරන්න. නැතිනම් වෙන
තැනක පිරික්සා බලා එකතු කරන්න.
1. මේම ගොනුව, wp-content/plugins/ වලට දමන්න
2. wordpress වල admin -> plugins වලට ගොස් "SB Cleanser" නම් plugin එක
සක්‍රිය කරන්න
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
මොකද්ද ගැටළුව? සමහර විට විසඳන්න උදවු කරන්න පුලුවන් වෙයි.
දැනට සින්ඩිකේට් කිරීමට යොදාගන්නේ FeedPress, ලොකු අඩුපාඩු අපි දැකල ඒවා
දාන දින වලම හැදුවා, නමුත් සින්ඩිකේට්කරන ෆීඩ් වැඩිවෙනකොට
සින්ඩිකේට්නොවීම හා සමහර ඒවා මග හැරීම, මගදි නැවතීම වගේ දේවල් තියනවා.
මෙය ගොඩක් විට වෙන්නේ නරක ෆීඩ් ආපුවහම තමයි. නමුත් හරියටම කියන්න
අමාරුයි.
--
කාලිංග ඇතුලත්මුදලි.
www.kalingasblog.com
FeedWordpress ද?
> ලොකු අඩුපාඩු අපි දැකල ඒවා දාන දින වලම හැදුවා, නමුත් සින්ඩිකේට් කරන
> ෆීඩ් වැඩිවෙනකොට සින්ඩිකේට් නොවීම හා සමහර ඒවා මග හැරීම, මගදි නැවතීම
> වගේ දේවල් තියනවා. මෙය ගොඩක් විට වෙන්නේ නරක ෆීඩ් ආපුවහම තමයි.
ඊලඟ වතාවෙ එහෙම එකක් උනාම කියන්න පුලුවන් ද? එතකොට, ෆීඩ් එක ගැන විස්තර
ඇතිව හොයන්න බලන්නම්, ලැබෙන වෙලාව අනුව.
ඔව්, කොහොමත් මේක ගොඩක් ලෙඩ තියන එකක්. :)
>
> ඊලඟ වතාවෙ එහෙම එකක් උනාම කියන්න පුලුවන් ද? එතකොට, ෆීඩ් එක ගැන විස්තර
> ඇතිව හොයන්න බලන්නම්, ලැබෙන වෙලාව අනුව.
>
මම මලින්තට කියන්නම්...
කලකට ඉහත දී feedwordpress යොදාගෙන බ්ලොග් බොහෝ ගනනක් සින්ඩිකේට් කලා.
ගැටළුවක් නම් ආවෙ නෑ.
වෙනස් කරපු feedwordpress එකේ පිටපතක් එවන්න පුලුවන් ද? වෙලාව ලැබෙන
පරිදි සොයා බලන්නම්.
අපිත් කලින් සිතුවේ එහෙම තමයි, මොකද sinhalablogs.com හා kottu.org ඕකම
යොදාගන්න නිසා, නමුත් අපිව මැරතන් එක කාලේ එකා උනාට හරියට නොවන බව හා යන
කාලය පිලිබද ගැටලු ආවා.
>
> වෙනස් කරපු feedwordpress එකේ පිටපතක් එවන්න පුලුවන් ද? වෙලාව ලැබෙන
> පරිදි සොයා බලන්නම්.
>
ඔන්න....
>>
තව දෙයක්. feedwordpress සමග එන rss.php සහ rss-function.php යන ගොනු
දෙක wp-includes ඇතුලට දැම්ම ද? Atom ගැටළු වලට මේකත් හෙතුවක් වෙන්න
පිළිවනි.
ඔව්... එවා දැම්මා.... Atom වෙන්න පුලුවන්, ඒත් මම ඒවාට තගැහුවේ නෑ.
feedwordpress 0.992 සහ දැනට පාවිච්චි කරන එක අතර කාලිංග කල වෙනස්කම් හතරක් දුටුවා:
1. DEBUG on කිරීම
2. DEBUG on කල නමුත්, error reporting වැඩි නො කිරීම
3. 'update/hold' වල අගය "ping" වුව ද $stale වල අගය true කිරීම
4. 'update/hold' වල අගය 'scheduled' වන තැනක ඒ වෙනුවට 'next' කිරීම,
මෙයත් $stale වල අගය true කිරීම සඳහා බලපාන බව පෙනේ
තව පැනයක්. ගැටළුව සින්ඩිකේට් නොවීම ද, එක් වර ම නොවීම ද?
තවත් පැහැදුවොත්: මෙහෙම හිතන්න:
- මගේ බ්ලොග් එකේ අලුත් ලියුමක් ලියනවා
- අතින් update කරත්, මගේ ලියුම සින්ඩිකේටරයට එන්නේ නෑ
- ටික වේලාවකට පස්සේ update කලාම එනවා
එහෙම වෙනවානම්, ඒක වරදක් නො වේ. update කරන වරක හැම බ්ලොග් එකක්ම බලන්නේ
නෑ. බ්ලොග් බර ගනනක් තිබෙනකොට එහෙම කරන්න බෑ නෙ. kottu වලත් එහෙම
තමයි.
මා එවූ පෙරනය පිරික්සීමේදී ද මේ ගැටළුව තිබුනා. හැම වර ම, feed මකා දමා,
අලුතින් එකතු කර update කලාම තමා වැඩ කලේ.
සමහර ඒවා ස්ම්පුරනයෙන් මහ හැරීම හා, අපි දෙන විරාම කාල තුලදී හරියට එය
නොවීම. මෙයට පිලියමක් හැටියට තමයි මම ඔය දේවලි කලේ.
පැය 4-5 යන වෙලාද තිබුනා.
අපි මෙය කලේ cron එකක් හරහේ සෑම විනාඩි 15කට වතාවක්. නමුත් මෙය සාර්තක උනේ නෑ.
>
> තවත් පැහැදුවොත්: මෙහෙම හිතන්න:
>
> - මගේ බ්ලොග් එකේ අලුත් ලියුමක් ලියනවා
> - අතින් update කරත්, මගේ ලියුම සින්ඩිකේටරයට එන්නේ නෑ
> - ටික වේලාවකට පස්සේ update කලාම එනවා
>
> එහෙම වෙනවානම්, ඒක වරදක් නො වේ. update කරන වරක හැම බ්ලොග් එකක්ම බලන්නේ
> නෑ. බ්ලොග් බර ගනනක් තිබෙනකොට එහෙම කරන්න බෑ නෙ. kottu වලත් එහෙම
> තමයි.
>
> මා එවූ පෙරනය පිරික්සීමේදී ද මේ ගැටළුව තිබුනා. හැම වර ම, feed මකා දමා,
> අලුතින් එකතු කර update කලාම තමා වැඩ කලේ.
>
වරද වෙන්නේ මෙහෙමයි "අ" හා "ආ" කියන බ්ලොගෙ දෙකම එක වතාවෙම ලිපි ලියා
තිබුනද. "ආ" එක සින්ඩිකේට් වෙලා, "අ" එක සින්ඩෙකේට් වන්නේම නෑ, ඒවගේ
ගැටලු.
සම්පූර්ණයෙන්ම මඟ හැරීම නම් ගැටළුවක් තමයි!
> අපි මෙය කලේ cron එකක් හරහේ සෑම විනාඩි 15කට වතාවක්. නමුත් මෙය සාර්තක උනේ නෑ.
මෙහෙමයි. විනාඩි 15කට වතාවක් cron එක දුවනව කියමුකො. ඒ හැම වතාවකදීම
*සමහර* බ්ලොග් වලින් අලුත් ඒවා [තිබේ නම්] සින්ඩිකේට් වෙනවා. විනාඩි
15කට වතාවක් *හැම* බ්ලොග් එකක් ම බලන්න බෑ නෙ.
හිතන්න බ්ලොග් 1000ක් තිබුනොත්! හැම වරකම බ්ලොග් 1000ක් update කරන්න බෑ නෙ.
> වරද වෙන්නේ මෙහෙමයි "අ" හා "ආ" කියන බ්ලොගෙ දෙකම එක වතාවෙම ලිපි ලියා
> තිබුනද. "ආ" එක සින්ඩිකේට් වෙලා, "අ" එක සින්ඩෙකේට් වන්නේම නෑ,
හැම update එකකින් හැම බ්ලොග් එකක්ම නොබලන නිසා, මෙහෙම වීම ගැටළුවක් නොවෙයි.
නමුත්:
1. කොහෙත්ම සින්ඩිකේට් නොවීම
2. අසාමාන්‍ය ලෙස පමා වීම
නම් සොයා බැලිය යුතු ගැටළු ම තමයි.
ඔව් එක තමයි.
>
>> අපි මෙය කලේ cron එකක් හරහේ සෑම විනාඩි 15කට වතාවක්. නමුත් මෙය සාර්තක උනේ නෑ.
>
> මෙහෙමයි. විනාඩි 15කට වතාවක් cron එක දුවනව කියමුකො. ඒ හැම වතාවකදීම
> *සමහර* බ්ලොග් වලින් අලුත් ඒවා [තිබේ නම්] සින්ඩිකේට් වෙනවා. විනාඩි
> 15කට වතාවක් *හැම* බ්ලොග් එකක් ම බලන්න බෑ නෙ.
>
> හිතන්න බ්ලොග් 1000ක් තිබුනොත්! හැම වරකම බ්ලොග් 1000ක් update කරන්න බෑ නෙ.
නෑ, අපි මේක පරික්ෂාකරනකොට බ්ලොග් 20 වගේ දැම්මේ. අඩු මිස වැඩි නෑ.
>
>> වරද වෙන්නේ මෙහෙමයි "අ" හා "ආ" කියන බ්ලොගෙ දෙකම එක වතාවෙම ලිපි ලියා
>> තිබුනද. "ආ" එක සින්ඩිකේට් වෙලා, "අ" එක සින්ඩෙකේට් වන්නේම නෑ,
>
> හැම update එකකින් හැම බ්ලොග් එකක්ම නොබලන නිසා, මෙහෙම වීම ගැටළුවක් නොවෙයි.
>
> නමුත්:
>
> 1. කොහෙත්ම සින්ඩිකේට් නොවීම
> 2. අසාමාන්‍ය ලෙස පමා වීම
>
> නම් සොයා බැලිය යුතු ගැටළු ම තමයි.
>
ඔව්, මම කරපු අර වෙනස් කම් වලින් මෙය ගොඩක් දුරට හරි ගියා, තප්පර 60 තුල
බ්ලොගෙ 100++ පමන සින්ඩිකේට් කරන්න පුලුවන් කියලා පෙනුනා, කරපු පරීක්ෂන
වලදී.
අපිට මේකේ බැන්ඩ්විත් ගැටලුනෑ, මේක දුවනේ 100mbps ලින්ක් එකක.
බ්ලොග් ගාන අඩු වුනත්, මා දන්නා තරමින් feedwordpress හැම වරම හැම බ්ලොග්
එකම බලන්නේ නෑ. bandwidth ගැටළුවක් නිසා නෙවෙයි.
මෙහෙම හිතන්න. අපි හිතමු හැම බ්ලොග් එකම විනාඩි 15කට සැරයක් බලනවා
කියලා. එතකොට ඒක දවසකට 100 පාරක් බැලෙනවා. ඒත් සාමාන්‍ය බ්ලොග් එකක්
දිනකට වරක් දෙවරක් පමණයි නෙ update වෙන්නෙ.
මා දන්නා තරමින් (වැරදි විය හැකියි) feedwordpress හැම update එකකදී ම
හැම බ්ලොග් එකක් ම බලන්නේ නැත්තේ එනිසායි.
ඒ නිසා, මගේ පුද්ගලික මතය නම්, සින්ඩිකේට් නොවන බ්ලොග් ගැන සොයා බැලීමයි.
මලින්ත කියූ උදාහරණය ගැන සොයා බලන්නම්.
ඔයා හරි වෙන්න පුලුවන්, මම කොඩ් එකේනම් එහෙම දෙයක් දැක්කේ නෑ. නමුත්
මැරතන් එකට ඒක හරි ගියේ නෑ, ඒකයි වෙනස් කරන්න උනේ.
නමුත් බ්ලොග් ස්ම්පුර්නයෙන් මගහරින වෙලා තිබුනා. ඒක ගැන පොඩ්ඩක් බලන්න
පුලුවන්නම් හොදයි.
ආ දැන්නෙ තේරුනෙ! ;-) ඔවු ඔවු, මැරතන් එකේ ඇවැසියාව වෙනස් නෙ. බ්ලොග්
සටහන් ගොඩයි, ඉක්මනින් සින්ඩිකේට් නොවුනොත් කිසි ගතියක් නෑ!
මාත් කෝඩ් එක එතරම් විස්තර ඇතිව බැලුවෙ නෑ. මුලින්ම feedwordpress
පාවිච්චි කරනකොට සින්ඩිකේට් නොවීම ගැන හොයා බලනකොට තමයි මේ හැසිරීම
පෙනුනේ.
> නමුත් බ්ලොග් ස්ම්පුර්නයෙන් මගහරින වෙලා තිබුනා. ඒක ගැන පොඩ්ඩක් බලන්න
> පුලුවන්නම් හොදයි.
හොයා බලන්නම්. උදාහරණ ඇති විටත් දන්වන්න.
එක නේ :) අපි ඊට පස්සේ වෙන්ස් කලේනෑ, මට අනික ඔය කොඩ් එක හරියට පැහැදිලි
මදි, ඒක නිසා ගොඩ්ක් වෙහෙසෙන්න උනා කරල තියන දේවලි හොයන්න.
>
>> නමුත් බ්ලොග් ස්ම්පුර්නයෙන් මගහරින වෙලා තිබුනා. ඒක ගැන පොඩ්ඩක් බලන්න
>> පුලුවන්නම් හොදයි.
>
> හොයා බලන්නම්. උදාහරණ ඇති විටත් දන්වන්න.
>
හරි, අපි කියන්නම්.
මේ තියෙන්නෙ ඒක වෙන හැටි:
http://projects.radgeek.com/feedwordpress/basic-concepts/
"... determines which of them should be polled for updates (based on
how long it has been since the last time each feed was polled for
updates),..."
මේ උපුටා ගත්තේ feedwordpress.php ගොනුවේ 1735+ වෙනි පේලි වලින්.
# * The time of polling is recorded in the feed's settings, and the
# TTL (time until the feed is next available for polling) is set
# either from the feed (if it is supplied in the ttl or syndication
# module elements) or else from a randomly-generated time window
# (between 30 minutes and 2 hours).
මේ ප්‍රශ්ණෙට හොඳ විසඳුමක් වෙනම ලියන්නම්.