සිංහළ මෘදුකාංග හදනකොට සරලම සරල සිංහල භාෂාව භාවිතා කරමු ?

2 views
Skip to first unread message

සුපුන් බුධාජීව

unread,
Jul 23, 2008, 8:08:59 AM7/23/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අපේ කට්ටිය නිකං ඉන් ගමන් ඔය එක එක තාක්ෂණික දේවල් කතා කරනවා. කරන්න
පුළුවන් කමකට නෙවෙයි, අඩුම තරමේ සමහර ඒවා කතා කරන්නේ කරන ක්‍රමය
දැනගෙනවත් නෙවේ.

මේ පහුගිය දවසක මමයි, මගේ යාළුවෙකුයි ගමනක් ගිහිං ගෙදර එමින් හිටියා.
කොළඹ ඉඳන් මාතරට කිලෝමීාර් තියනවා 160 ක්. ඉතින් ඔය කිලෝමීටර් එකසිය හැට
පුරාම නිදාගෙන එන්න බැහැ නේ, බස් එකේ කැසට් ධාවකේ අපි අහන විදියේ සිංද
නෙවේ දාළා තිබුනේ. හද්ද පරණ සිංදු වගයක්. නමුත් ඒක දාලා තිබුනේ ඉවසන්
ඉන්න පුළුවන් ශබ්ද ප්‍රමාණෙකට.

ඉතින් අපි දෙන්නා කතා කලේ සිංහල ෆයර්ෆොක්ස් ගැන. ඒවගේ තවත් සිංහල
මෘදුකාංග හදන එක ගැන අපි කතා කළා.

ඉතින් එතනදී මතු වුනු අදහසක් තමයි, "ඇයි අපි සිංහල භාෂාවෙන් මෘදුකාංග
හදන‍කොට සරලම සරල සිංහල භාෂාව පාවිච්චි නොකරන්නේ කියලා". ඒ කියන්නේ අපි
මේ යාළුවො යාළුවො එකතු උනාම කතා කරන බොක්කෙංම එන භාෂාව තියනව නේ ? මට
හිතෙන විදියට මවු භාෂාවෙන් උනත් හිතට වදින්න කියල දාන්න පුළුවන් ඒ
ශෛලියෙන් කිව්වොත්. "එම සිද්ධිය නිසා මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය."
කියන එකද, එහෙම නැත්නමි "ඒ වැඩේ නිසා මට මල පැන්නා" කියන එකද වඩා හිතට
වදින්නේ ?

මම කියන්නේ නැහැ ඒ විදියෙම මචං ක්‍රමේ භාෂාවම සිංහල මෘදුකාංග වලට
පාවිච්චි කරන්න කියලා. අපි ටිකක් විතර හිතට සමීප භාෂාවක් භාවිතා කරමු
හො‍ඳේ ?

පහත දැක්වෙන්නෙ වින්ඩෝස් XP වල ගොනුවක් මකනකොට අහන ප්‍රශ්නය.

* Are you sure you want to delete 'file_name' ?

මෙන්න සාමාන්‍ය ක්‍රමය
* ඔබට 'file_name_abc' මකා දැමීමට අවශ්‍ය බව ස්ථිර ද ?

මම කියන්නේ මෙන්න මේ ක්‍රමේ
* 'file_name_abc' මකන්නම ඕනද ?

මොකද හිතන්නේ

Anandawardhana

unread,
Jul 23, 2008, 8:33:06 AM7/23/08
to sinhala-...@googlegroups.com
එකඟයි

2008/7/23 සුපුන් බුධාජීව <budha...@gmail.com>:

Deshan Chanaka De Silva

unread,
Jul 23, 2008, 8:45:51 AM7/23/08
to sinhala-...@googlegroups.com
මට නම් හිතෙන්නෙ හරියට අමරදවග සිංදුවකට සන්ලවර් මියුසික් දැම්මා වග ක.


Not happy with your email address?
Get the one you really want - millions of new email addresses available now at Yahoo!

Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි)

unread,
Jul 23, 2008, 9:30:29 AM7/23/08
to sinhala-...@googlegroups.com
i agreed for this, im sorry dont have sinhala on this PC, but most ppl
think localization is a way to put sinhala that dont even use, some
times i feel ppl are better learning the english word then trying to
figure out what they say in sinhala :)

2008/7/23 Anandawardhana <anandaw...@gmail.com>:

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

Rajith Vidanaarachchi

unread,
Jul 23, 2008, 12:18:16 PM7/23/08
to sinhala-...@googlegroups.com
එකඟයි! ඉතා හොඳ අදහසක්! සරල විදියට දැම්මම , බර සිංහළෙන් දැම්මට වැඩිය වියරණ වැරදි වෙන්න තියෙන සම්භාවිතාවයත් අඩු යි!

මට නම් හිතෙන්නෙ සරලයි පුදුමයි කියල! :D


2008/7/23 Kalinga Athulathmudali (කාලිංග ඇතුලත්මුදලි) <kali...@gmail.com>:



--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

kasun

unread,
Jul 24, 2008, 2:17:14 AM7/24/08
to sinhala-...@googlegroups.com
උචිචාරණයට අපහසු හා සාමානයයෙන් භාවිතාවේ නොයෙදෙන වචන යෙදීම ගැටළු ඇතිකරන බව ඇත්ත. ඒත් එ නිසාම ඒ වෙනුවෙන් කතා කරන භාෂාව ආදේශකයක් ලෙස භාවිතයට ගැලපෙන දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.

2008/7/23 සුපුන් බුධාජීව <budha...@gmail.com>:
අපේ කට්ටිය නිකං ඉන් ගමන් ඔය එක එක තාක්ෂණික දේවල් කතා කරනවා. කරන්න

Rajith Vidanaarachchi

unread,
Jul 24, 2008, 2:32:47 AM7/24/08
to sinhala-...@googlegroups.com
කතා කරන බස වෙන්න ම ඕනෙ නැහැ. සරල ලියන බස යොදා ගත්තම හරි.

2008/7/24 kasun <mailt...@gmail.com>:
Reply all
Reply to author
Forward
0 new messages