XAurora just a another fake ?

137 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Oct 11, 2008, 11:39:47 AM10/11/08
to Sinhala Bloggers
මට හරිම දුකයි මොකද මේ අපේ අය මිනිස්සු මුලා කරන්නේ කියලා, හරියට කෑ
ගැහුවානේ මේ ලෝකල් browser එකක් හැදුවා කියලා....

http://kalingasblog.com/xaurora/xaurora.jpg

මේක හරිම බොරුවක් නේ, දුකයි මෙහෙම කරන එක ගැන... මොකද මිනිස්සු හරියට
සතුටු වෙනවා අපේ දෙයක් නේ කියලා අන්තිමට ඒක බොරුවක් වෙනකොට කොචර දුකද?

ඔන්න ඔය ඉහල ලින්ක් එක බලන්න, "Internet Explore cannot display the web
page" කියලා තමයි එන්නේ, මොකද මේ ? මේක ඇත්තටම IE (Internet Explore) පිට
පෙනුමක් ලබා දීලා.
මීට මතරව ඔයාගේ රිජිස්ට්‍රි එකේ මේක විසින් "agent header" එක වෙනස් කරනවා...

ඇයි අපේ මිනිස්සු මෙහම් බොරුවෙන් ජීවත් වෙන්නේ ?

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

G.S.N. Supun Budhajeewa

unread,
Oct 11, 2008, 11:44:51 AM10/11/08
to sinhala-...@googlegroups.com
ඔය ප්‍රශ්නෙ මම වෙනත් ත්‍රෙඩ් එකකදි ඇහුවම පිළිතුරු ලැබිල තිබ්බෙ මේක හදල තියෙන්නේ IE සහ FF මත කියල. (ඒ කොහොමද කියල කියන්න තරම් මම දන්නේ නැහැ). ඒත මම ඇහුව අනාගතය්ක නැති IE විසිකරල FF විතරක් පදනම හැටියට ගන්න පුළුවන් නේ කියල.

කොහොමත් FF mදනම් කරගෙන හදපු Flock වල වුනත් මේ වගේ අනෙක් බ්‍රවුසරයට අදාළ පණිවුඩ එන්නෙ නැහැ නේ ?

දන්න කෙනෙක් කියන්න... assembly language වලින් මෙහෙව් මෘදුකාංග හදන්න පුළුවන් ද ?

--
Budhajeewa.
-----
budhajeewa.wordpress.com
sinme.wordpress.com

Kalinga Athulathmudali

unread,
Oct 11, 2008, 11:52:55 AM10/11/08
to sinhala-...@googlegroups.com
2008/10/11 G.S.N. Supun Budhajeewa <budha...@gmail.com>:

> ඔය ප්‍රශ්නෙ මම වෙනත් ත්‍රෙඩ් එකකදි ඇහුවම පිළිතුරු ලැබිල තිබ්බෙ මේක හදල
> තියෙන්නේ IE සහ FF මත කියල. (ඒ කොහොමද කියල කියන්න තරම් මම දන්නේ නැහැ). ඒත මම
> ඇහුව අනාගතය්ක නැති IE විසිකරල FF විතරක් පදනම හැටියට ගන්න පුළුවන් නේ කියල.
>
> කොහොමත් FF mදනම් කරගෙන හදපු Flock වල වුනත් මේ වගේ අනෙක් බ්‍රවුසරයට අදාළ
> පණිවුඩ එන්නෙ නැහැ නේ ?
>
> දන්න කෙනෙක් කියන්න... assembly language වලින් මෙහෙව් මෘදුකාංග හදන්න පුළුවන්
> ද ?
>

"assembly language"

මේක කරන්න accenbly ඕනේ නෑ... අනික දන් එහෙම low level ඕනේ නෑ මෙවගේ
දේකට. කරන්න පුලුවන් ඒත් ඇයි, හා යන කාලය.


මේකයි, IE core එක මත එන වේහය තමයි දේකෙන්ම ලැබෙන්නේ, මේක අලුත් දෙයක්
නොවියි, ඔය VB පොඩක් දන්න ඕනේ කෙනෙකුට මේ වහේ එකක් හදන්න පුලුවන්. නික
මේකෙන් ඔයා ඇතුල් කරන දත්ත (password) එහම කොහොම කරනවාද දන්නේ නෑ, එක
නිසා පරිසමින්, මොකද මම මේක ටෙස්ට් කරන්කොට මේක මගේ registry එක ගොඩක්
වෙනස්කම් කරන්න හැදුවා.

Flock කියන්නේ මොසිලා tool kit එක යොදාගෙන හදපු එකක්, ඒක ගොඩක් true
bower එකක් වෙනවා, හරියට google crome වගේ.

ඒත් මේක හරි බොරුවක්, මිනිස්සු මුලා කිරීමක්, ඒකයි මම කියන්නේ, අපිට අපි
ගැනම දුක හිතෙන දෙයක්.
මොකද අපි කොපමන ස්තුටුද අපිටම කියලා එකක් ලැබෙනවා නම්, එක එක අයගේ පටු
අරමුනු වලට මේ වගේ බොරු කරන එක වැරදියි.

Harshana

unread,
Oct 11, 2008, 11:54:57 AM10/11/08
to sinhala-...@googlegroups.com
මේ මට ආපු පැරණි ඊමේල් එකක්. මම සිතන්නෙ මේ ගැන elakiri.com එකේ thread එකක තිබුන කියල කවුරුහරි කිවුව මට මතකයි. මෙහි ICTA ගැනද සඳහන්


Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger

 

--Fwd: XAurora Browser - Proud Sri Lankan product


Dear All,
                    The new browser Xaurora will be released soon. This is a creation of Dr. Sameera de Alwis.
A beta version of the browser, facebook plugin & the SDK for X86/x64 in AMD & Intel platform has been released.

If I point out the creators words
    "..... In this browser 80% Features are totally innovations from Sri Lanka. It is coded entirely in LOW LEVEL - ASSEMBLER and Browser powered with Artificial Intelligence. And it is CLOSED SOURCE/GNU PUBLIC LICENSE (Shared Source) AND FREE FOR ALL MANKIND ON THE EARTH… "

Well friends I have attached the beta version of Xaurora & a presentation regarding Xaurora is attached with this email.
More info can be found in
http://xaurora.wordpress.com
Facebook group

xAurora2008-RC1-Final-Lite.rar
xAurora.ppt
Message has been deleted

Kalinga Athulathmudali

unread,
Oct 11, 2008, 11:58:21 AM10/11/08
to sinhala-...@googlegroups.com
OpenSource කිවට කොහවත් source එකනම් නෑ..... :-D

On Sat, Oct 11, 2008 at 9:24 PM, Harshana <wmhar...@gmail.com> wrote:
> මේ මට ආපු පැරණි ඊමේල් එකක්. මම සිතන්නෙ මේ ගැන elakiri.com එකේ thread එකක
> තිබුන කියල කවුරුහරි කිවුව මට මතකයි. මෙහි ICTA ගැනද සඳහන්
>
>
> Cheers !,
> හර්ෂණ | Harshana
> http://හර්ෂණ.net
> http://harshana.net
> http://sinhalazone.com

> Chat: m...@harshana.Net wmharshana hars...@live.com
> Contact Me:


>
>
> --Fwd: XAurora Browser - Proud Sri Lankan product
>
>
> Dear All,
> The new browser Xaurora will be released soon. This is a
> creation of Dr. Sameera de Alwis.
> A beta version of the browser, facebook plugin & the SDK for X86/x64 in AMD
> & Intel platform has been released.
>
> If I point out the creators words
> "..... In this browser 80% Features are totally innovations from Sri
> Lanka. It is coded entirely in LOW LEVEL - ASSEMBLER and Browser powered
> with Artificial Intelligence. And it is CLOSED SOURCE/GNU PUBLIC LICENSE
> (Shared Source) AND FREE FOR ALL MANKIND ON THE EARTH… "
>
> Well friends I have attached the beta version of Xaurora & a presentation
> regarding Xaurora is attached with this email.
> More info can be found in
> http://xaurora.wordpress.com
> Facebook group
>
>
> >
>

--

Danishka Navin

unread,
Oct 11, 2008, 12:29:48 PM10/11/08
to sinhala-...@googlegroups.com
සුපුන්,

2008/10/11 G.S.N. Supun Budhajeewa <budha...@gmail.com>
ඔය ප්‍රශ්නෙ මම වෙනත් ත්‍රෙඩ් එකකදි ඇහුවම පිළිතුරු ලැබිල තිබ්බෙ මේක හදල තියෙන්නේ IE සහ FF මත කියල. (ඒ කොහොමද කියල කියන්න තරම් මම දන්නේ නැහැ). ඒත මම ඇහුව අනාගතය්ක නැති IE විසිකරල FF විතරක් පදනම හැටියට ගන්න පුළුවන් නේ කියල.


කොහොමත් FF mදනම් කරගෙන හදපු Flock වල වුනත් මේ වගේ අනෙක් බ්‍රවුසරයට අදාළ පණිවුඩ එන්නෙ නැහැ නේ ?

දන්න කෙනෙක් කියන්න... assembly language වලින් මෙහෙව් මෘදුකාංග හදන්න පුළුවන් ද ?

දන්න තරමින් ෆයර්ෆොක්ස් සඳහා නම් assembly යොදාගන්නේ නැ.
ඒ වගේම Mozilla සහ Google දෙදෙනාම අදාල කේතයන්
දෙන නිසා ඔනම කෙනෙකුට Firefox සහ Chrome පොත්ත
වෙනස් කරන්න හැකියාවක් තියෙනවා.

මටනම් ඔය කියන එක භාවිත කරන්න බැරි උනා.
මොකද ඕක ලිනක්ස් වල වැඩ කරනවා කියන්නේ WINE සමඟයි.
ඉතින් ඔක විතරක් නෙමේ IEත් දුවන්න පුලුවන් WINE උඩ.




--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

jayantha colombage

unread,
Oct 11, 2008, 12:33:14 PM10/11/08
to sinhala-...@googlegroups.com
මේක මමත් install කලා. ඊට පස්සෙද දන්නෙ නෑ මගේ පරිඝණකය මුලුමනින්ම slow
වෙලා ගියා.ඊට අමතරව රෙජිස්ට්‍රියේ අවුලකුත් ආවා. අවසානයේ hard disk දෙකක්
තිබෙන නිසා ඒ දෙකම format කරල සියල්ල අලුතින් පිහිටුවන්නත් සිදුඋනා.

2008/10/11 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Oct 11, 2008, 12:36:47 PM10/11/08
to sinhala-...@googlegroups.com
2008/10/11 jayantha colombage <jcolo...@gmail.com>:

> මේක මමත් install කලා. ඊට පස්සෙද දන්නෙ නෑ මගේ පරිඝණකය මුලුමනින්ම slow
> වෙලා ගියා.ඊට අමතරව රෙජිස්ට්‍රියේ අවුලකුත් ආවා. අවසානයේ hard disk දෙකක්
> තිබෙන නිසා ඒ දෙකම format කරල සියල්ල අලුතින් පිහිටුවන්නත් සිදුඋනා.
>

මේක හරියටම කියන්න බෑ, නමුත් ගොඩක් රෙජිස්ට්‍රි එක වෙනස් කරන්න හදනවා....
ඒක මම ඉඩ දුන්නේ නෑ (මම zonealrm firewall එක දාලා තියෙනවා)
හරියට හොයන්න ඕනේ.

Message has been deleted

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Oct 11, 2008, 11:39:38 PM10/11/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේක සම්බන්ධයෙන් අනිත් අයව දැනුවත් කරන්න ඕනේ.
මොකද කියන්නේ? මේවා ගැන දන්න අය බ්ලොග් එ‍කේ ලියමුද?

--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

Kalinga Athulathmudali

unread,
Oct 11, 2008, 11:53:43 PM10/11/08
to sinhala-...@googlegroups.com
2008/10/12 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>:

> මේක සම්බන්ධයෙන් අනිත් අයව දැනුවත් කරන්න ඕනේ.
> මොකද කියන්නේ? මේවා ගැන දන්න අය බ්ලොග් එ‍කේ ලියමුද?

ඔව්, ඒක හොද අදහසක්...... මේවගේ බොරු අපි මිනිස්සුන්ට කියා දෙන්න ඕනේ.

Danishka Navin

unread,
Oct 12, 2008, 9:11:30 AM10/12/08
to sinhala-...@googlegroups.com
සුදාරක,

ඔයාගේ O/L ව්‍යාපෘතියට මේක කරන්න පුලුවන් නේද?

http://www.trap17.com/index.php/how-make-web-browser_t31604.html

මොකද දැන් පරණ VB කරනවා නේද පාසැලේ ;-)

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Oct 12, 2008, 9:12:21 AM10/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අඩේ මේක මරු නොවැ! දෙන්නම්කෝ! :D බොහොම ස්තූතියි!

Kalinga Athulathmudali

unread,
Oct 12, 2008, 9:12:39 AM10/12/08
to sinhala-...@googlegroups.com
මොකද ඔය අය විතරක් නිකන් ඉන්නේ

http://www.youtube.com/results?search_query=make+your+own+web+browser

ඔන්න ඔයගොල්ලොත් එකක් හදලා ලකුනක් දාගන්න :-D


2008/10/12 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Danishka Navin

unread,
Oct 12, 2008, 9:24:27 AM10/12/08
to sinhala-...@googlegroups.com
එතකොට  ඔයා තමා හොදම බ්‍රවුසරය හදපු ලාබාලතම කෙනා.


2008/10/12 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>

Bandula Ranathunga

unread,
Oct 12, 2008, 9:26:26 AM10/12/08
to sinhala-...@googlegroups.com
සුදාරක පුතා,
පටන් ගන්න වැඩේ!
ලස්සන වැඩක් දෙන්න.
උණුසුම් සුභපැතුම්!

Bandula
බන්දුල

If you could not read my name in Sinhal pl. get Sinhala Unicode
For Sinhala
      http://www.siyabas.lk/si


2008/10/12 Danishka Navin <dani...@gmail.com>

Chiran Ranathunga

unread,
Oct 12, 2008, 11:58:25 AM10/12/08
to sinhala-...@googlegroups.com
සුදාරක අයියේ,
මගෙන් සුභ පැතුම්!
මටත් ආසයි ඕව ඉගෙනගන්න.

Buddhika Siddhisena

unread,
Oct 12, 2008, 12:17:16 PM10/12/08
to sinhala-...@googlegroups.com
Visual වෙන්නෙ නැතුව Linux උඩ කරනව නම් මෙන්න python සහ webkit සමග ලියපු එකක්.

http://code.google.com/p/pywebkitgtk/source/browse/trunk/demos/webbrowser.py

මුලින් Debian/Ubuntu වල නම්
apt-get install  python-webkitgtk

python browser.py

http://code.google.com/p/pywebkitgtk/

Bud

2008/10/12 Danishka Navin <dani...@gmail.com>



--
Bud

THINKCube: Out of the box solutions in a box
http://www.thinkcube.com
Blog: http://geekaholic.org
http://sinhalenfoss.org

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Oct 12, 2008, 1:13:54 PM10/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හපොයි! වැඩේ අල වුනා. බැලුවාම හරියට MSDN පිහිටුවලා නෑ. දැන් ඔය CD එක
හොයන්න ගියාම මල පනිනවා. ඒක නිසා ප්‍රභාෂ්වරටයි, ඉද්දාටයි බෝලේ පාස්
කරන්න වෙනවා. සමාවෙන්න ඕනේ. O/L වලට project.sudaraka.com වල පිහිටුවලා
තියෙන වෙබ් අඩවිය අළුත් වැඩියා කරනවා :)

ඔන්න ප්‍රභාෂ්වර ම‍ලේ චාන්ස් එක! ;)

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Oct 12, 2008, 1:14:51 PM10/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි වීඩියෝ එක බලලා ඒ විදිහට කරන එකයි
තියෙන්නේ :)

On Oct 12, 10:13 pm, සුපුන් සුදාරක - www.sudaraka.com

දසුන් සමීර

unread,
Oct 13, 2008, 1:26:31 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
https://www.blogger.com/comment.g?blogID=4605900168417511280&postID=13944988023738066

මම මේ ගැන මේ ලිපිය ලියන්න කලින්ම ඩොක්ටර් සමීර ගෙන් පුද්ගලිකවම අහුවා.
මොකද මේ IE එන්ජිම එන්නේ කියලා. ඔහු කිව්වේ මේකේ AI එක තමයි ඒක තීරණය
කරන්නේ කියලා. AI එක වේගවත්ම හා වඩාත් ගැලපෙන එන්ජිම තොරා ගන්නවා! ඔබගේ
පද්ධතිය මත FF ‍එනිජිම වේගවත් නම් එය වුවද තෝරාගත හැකියි. කිසිම එන්ජිමක්
නොමැතිනම් xAurora එන්ජිමෙන් වුනත් දුවනවා! ඔහු මේ ගැන අදහස් පල කිලේ ඒ
විදියට. මට ඒ ගැන ඔහු වෙනුවෙන් සහතික වෙන්න බැරිවුනත් මගේ පුද්ගලික
විශ්වාසය ඩොක්ටර් සමීරට ICTA එක ගොනාට ඇන්දවීමට අවශ්‍ය නැති බවයි. මොකද
ඔහුට ජාත්‍යන්තර තත්වයක් තියෙන නිසා. ඔහු වින්ඩෝස් පද්ධතියට රින් 0
වැඩසටහන් පවා ලියා තිබෙන දක්ෂ ඉන්ජිනේරුවෙක්(Revers Engineer). මට ඔහුව
හඳුන්වා දුන්නේ මේ සමූහයේ සමාජිකයෙක් වන බුදුධික අයියා තමයි. කොහොම වුනත්
කරුනු කාරනා දැන ගෙන අදහස් දක්වීම සාමාජිකයන් නොමග නොයෑමට හේතුවෙනවා.

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 1:29:20 AM10/13/08
to sinhala-...@googlegroups.com
මමනම් ඔය කතාව පිලිගන්නේ නෑ, මොකද මම දැක්කේ නෑ ඕක කිසිම වෙලාවල IE ඇර
වෙන එකක් යොදාගන්නවා, ඒ කියන්නේ IE fast නේ ? එහෙනම් මොකටද අපිට ඕකක් ?
IE ම පාවිචිකරනවා නේ.... අනික ඕක GPL ලු, කෝ එහෙනම් source code එක ?

අනික මට පෙන්නන් මේක ලිනක්ස් වල දුවනවා................... (with out IE
components)


2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>:

--

දසුන් සමීර

unread,
Oct 13, 2008, 1:46:44 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම ඩොක්ටර් සමීරගේ නියෝජිතයෙක් නෙමෙයි :)
මම කිව්වේ ඔහු මට පැවසූ දෙය. ඔහු පැවසූ ආකාරයට සමහර අවස්තාවල FF එන්ජිම
වුවද ලැබෙන බවයි. අවශ්‍ය නම් linux + wine මතදී FF හා IE කිසිවක් නැති
තත්වයක් නිර්මාණය කරල අත්හදා බලන්න පුළුවන්. ‍මගේ ලිනක්ස් පද්ධතියේ නම්
මේදවස් වල ලෙඩ වගයක් තියෙනවා! ඔබට source code අවශ්‍ය නම් ඔහුට විලිපියක්
යවන්න.

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 1:49:01 AM10/13/08
to sinhala-...@googlegroups.com
දසුන් මම ඔයා එක්ක වාද කරනවා නෙවෙයි, කියපු එකට උත්තරක් දෙන්නේ :)

ඔන්න ලිනක්ස් වල

http://kalingasblog.com/xaurora/xaurora-on-linux.jpg

මොකද මෙහෙම එන්නේ ? IE component නැති නිසා නේද ? මේකයි, දන්න අය දන්නවා,
කියන්න නම් බැරියැ කොහොම හරි, කරල පෙන්නන කො.

අනික පුලුවන්නම් ගිහින් බලන්න...

xAurora වල Tools -> Internet Options

මොකද්ද එන්නේ ? IE options නේද ?

Malinthe Samarakoon

unread,
Oct 13, 2008, 2:09:17 AM10/13/08
to sinhala-...@googlegroups.com
මින්ට් මත wine සමග

Regards,
Malinthe Samarakoon - www.malinthe.com
Screenshot-19.png

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 2:10:23 AM10/13/08
to sinhala-...@googlegroups.com
ඒකනේ.... මේ බොරු කියන්නේ කාටද ?


2008/10/13 Malinthe Samarakoon <mali...@gmail.com>:


> මින්ට් මත wine සමග
>
> Regards,
> Malinthe Samarakoon - www.malinthe.com
>
> >
>

--

දසුන් සමීර

unread,
Oct 13, 2008, 2:15:50 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ලිනක්ස් වල වැඩ නොකිරීමේ හේතුව මටත් හිතා ගන්න අමාරුයි.
වඩාත් හොඳයි ඔහුගෙන්ම කෙලින්ම මේ ගැන අහන එක.
http://xaurora.wordpress.com/
පළිතුරක් ලද වහා දන්වමී.

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 2:18:10 AM10/13/08
to sinhala-...@googlegroups.com
මටනම් හිතා ගන්න පුලුවන්.... මේක IE component නැති නිසා.....

අනික මෙචර මේක පැහැදිලුව පේනකොට තව මොනවා අහන්නද ?

2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>:

--

දසුන් සමීර

unread,
Oct 13, 2008, 2:44:08 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔහුගේ බ්ලොග් සටහන ලියන්නේ ඔහුමයි. එහිනම් ලිනකස් වල වැඩ කරන බවක් දක්වල
නෑ. සමහර විට මේ ලිනක්ස් වල වැඩකරනවයි කියන කතාව නිල අඩවිය පවත්වාගෙන යන
කෙනා හිතුමතේට ඇතුලත් කල දෙයක්ද දන්නේ නෑ. ඔහු බ්ලොග් සටහනේ කියන පරිදි
80%ක් දේශීය නිර්මාණ(In this browser 80% Features are totally
innovations from Sri Lanka) IE component නැතුව වැඩ නොකිරීම ගැන
පුද්ගලිකවම මා සොයා බලා දන්වන්නම්. මොකද නැත්තම් මාත් බොරු කාරයෙක්
වෙනවා!
මෙන්න බ්ලොග් සටහනේ දක්වා ඇති ආකාරයට xAurora වැඩකරන පද්ධති.
Windows 95 (OSR1-2), 98, 98SE, ME, 2000 (All Versions), XP-SP2/XP3
(All Versions), 2003 - SP1 R2, Vista (All Versions)-SP1, 2008 (All
Versions), Longhorn (Windows 7) (Advanced Security Features Supports)

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 2:51:58 AM10/13/08
to sinhala-...@googlegroups.com
හරි හොයලාම කියන්න කෝ :) අපිටනම් හොයන්න දෙයක් නෑ :P
ERROR මැසේජ් පාවා IE තවත් මොනාද ?

දසුන් සමීර

unread,
Oct 13, 2008, 3:51:11 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔන්න මම ‍බෝලෙ සමීරටම පාස්කරා. ඔහුම පිළිතුරු දේවී. :P

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 3:51:49 AM10/13/08
to sinhala-...@googlegroups.com
හික් :)

2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>:

> ඔන්න මම ‍බෝලෙ සමීරටම පාස්කරා. ඔහුම පිළිතුරු දේවී. :P
> >
>

--

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 4:25:00 AM10/13/08
to sinhala-...@googlegroups.com
අනික තමයි, මේක ඉන්ඩිපෙන්ඩට් ලියපු එකක්නම්, එයාට වෙනම HTML Rendering
engine එකක් තියනවා නම්, මේක ලිනක් මත දුවන්න ඕනේ (wine වල) මොකද ඔය
අනිත්, dreamweaver, photoshop වගේ දේවල් හොදට linux wine මත දුවනවා,
මොක්ද ඒවා වින්ඩොවල කිසිම දෙයක් බාවිතා නොකරන නිසා.


2008/10/13 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 7:25:02 AM10/13/08
to sinhala-...@googlegroups.com
ආ... මට දැන් දැනගන්න ලැබුනා මේක ICTA funded project එකක් නොවන බව.
ඒ කියන්නේ තවත් එක බොරුවක්.

දසුන් සමීර

unread,
Oct 13, 2008, 7:53:39 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ xAurora හී තිබුනු සටහනක්
====================================================================
e-SRI LANKA

Background

The Government of Sri Lanka launched the e-Sri Lanka program, in
November 2002, with the objective of using ICT to in all its aspects
for the benefit of the people of Sri Lanka and to further the socio
economic development of the nation.

Through the implementation of the e-Sri Lanka program an enabling
environment would be created, where Government would work in
partnership with private sector associations and NGOs to create the
infrastructure, and establish e- government services.

The e-Sri Lanka roadmap resulted in the implementation of the
Information and Communication Technology Act, No. 27 of 2003, under
which the Information and Communication Technology Agency of Sri
Lanka, (ICTA), is operational. ICTA is the implementing organization
for the e-Sri Lanka initiative.

The vision of e-Sri Lanka is to be achieved through the following
strategies:

1. Re-engineering Government: delivering citizen Services: The Re-
engineering Government program aims at improving the delivery and
access of Government services to citizens, and to Government agencies;
and re-engineering Government business processes.

2. Developing ICT Human Resources. The human resources development
program aims to ensure that Sri Lanka has the necessary human
resources to achieve the e-Sri Lanka vision, and to use ICT to the
maximum extent in teaching at all levels.

3. Building the National Information Infrastructure: A communication
backbone providing connectivity to all segments of industry and
society will be established. Initially two Regional Telecommunication
Networks will be constructed with further expansion to cover the
entire country. A network of Nana Salas (tele-centers) will be
established throughout country ensuring ICT connectivity and access
for citizens

An adequate legal environment would also be created which recognizes
the role of ICT and its impact on society. The technology
architectures, standards, security and privacy needed in all programs
of the e-Sri Lanka initiative will also be identified.

4. ICT Investment and Private Sector Development: Local ICT products
and services will be promoted to the global market Sri Lanka will be
marketed as an attractive location for global ICT MNC’s to set-up
operations (FDI).

5. Creating an empowered knowledge based society (e-Society).

The e-Society program aims to use the emerging ICT infrastructure to
make available a range of information sources and services to diverse
community groups throughout Sri Lanka, including rural, unemployed,
and under-served communities; empowering them so that they could
function more effectively and efficiently, developing their knowledge,
skills and capabilities.


--------------------------------------------------------------------------------

Browser Coded By: Dr. Sameera de Alwis
REA-Phd,REA–MSc,REA-BSc, MSc, BSc, CEH, Master MCSE+I, SUN-SOAT, BBCM,
CORE-CRE, XFC-CRE(CN), NCCA

ICTA and e-SRI LANKA Document Compiled By: ICTA
===================================================================
Concept and Architecture
http://rapidshare.com/files/130577973/xAurora.ppt.html

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 7:56:16 AM10/13/08
to sinhala-...@googlegroups.com
මේකේ ICTA එකෙන් found කරා කියලා කොහෙද තියේන්නේ ?

--

දසුන් සමීර

unread,
Oct 13, 2008, 7:59:18 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
> මේකේ ICTA එකෙන් found කරා කියලා කොහෙද තියේන්නේ ?
ඒකනේ මාත් අහන්නේ කව්ද කිව්වේ එහෙම දෙයක් ඔබතුමා මිසැක්.

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 8:04:13 AM10/13/08
to sinhala-...@googlegroups.com
"Harshana <wmhar...@gmail.com>" එවපු ඊමේල් (3වන පිලිතුට මේ කතාබහේ)
එක ඇති PPT (PowerPoint Show) එකේ 12 වන ස්ලයිඩ් එක, යටම.

මෙන්න තිර ඇමුනුම............

මට පේන්නේ ඔයා මේගැන හරියට හොයන්නේ නැතුවයි කතා කරයන්නේ.... :)


2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>:


>> මේකේ ICTA එකෙන් found කරා කියලා කොහෙද තියේන්නේ ?
> ඒකනේ මාත් අහන්නේ කව්ද කිව්වේ එහෙම දෙයක් ඔබතුමා මිසැක්.
> >
>

--

ICTA Funded.jpg

දසුන් සමීර

unread,
Oct 13, 2008, 8:11:41 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
හම්... මම පරාදයි! :(
එහෙනම් Funds නොදුන් බව දැනගත් අයුරුත් කියනු මැනේ!

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 8:13:12 AM10/13/08
to sinhala-...@googlegroups.com
ඒ බව කිව්වේ වසන්ත දේෂප්‍රිය මහතා.
මම ඔහුගෙන් විමසුවා මේගැන.....

2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>:

> හම්... මම පරාදයි! :(
> එහෙනම් Funds නොදුන් බව දැනගත් අයුරුත් කියනු මැනේ!
> >
>

--

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 8:14:56 AM10/13/08
to sinhala-...@googlegroups.com
දැන් කව්ද ඒ කියලා අහන්න කලින්

http://www.icta.lk/Sinhala/insidepages/ICTA/OurTeam.asp#WD

2008/10/13 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Danishka Navin

unread,
Oct 13, 2008, 8:21:38 AM10/13/08
to sinhala-...@googlegroups.com
කියන්න කෙසේ කිවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>
හම්... මම පරාදයි! :(

 එහෙනම් Funds නොදුන් බව දැනගත් අයුරුත් කියනු මැනේ!

මීට සුළු වෙලාවකට කලින් ඉක්ටා ආයතනයෙන්
*මෙම ව්‍යපෘතිය සඳහා මුල්‍යමය
අනුග්‍රහයක් ලබා දී නොමැති බව
* පැවසුවා.

මම හිතන්නේ මේක තවදුරටත් ගෙනියන්න අවශ්‍ය නැ වගේ. :)

ප්‍රසාන්,
ඔන්න හෙට නිවාඩු දාන්න නම් එපා.
හෙට පෝය ;-)

දසුන් සමීර

unread,
Oct 13, 2008, 8:39:01 AM10/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම වසනත දේශප්‍රිය මහතා හඳුනනවා! :)
මේ කතාව ඇත්තනම් මීට විරුද්ධව ICTA එක ක්‍රියා කලයුතුයි නේද?

Danishka Navin wrote:
> කියන්න කෙසේ කිවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!
>
> 2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>
>
> > හම්... මම පරාදයි! :(
> > එහෙනම් Funds නොදුන් බව දැනගත් අයුරුත් කියනු මැනේ!
>
>
> මීට සුළු වෙලාවකට කලින් ඉක්ටා ආයතනයෙන්
> **මෙම ව්‍යපෘතිය සඳහා මුල්‍යමය
> අනුග්‍රහයක් ලබා දී නොමැති බව** පැවසුවා.

Kalinga Athulathmudali

unread,
Oct 13, 2008, 8:40:18 AM10/13/08
to sinhala-...@googlegroups.com
ඒ ගැනනම් මම දන්නේ නෑ... ඒක ඒඅයට අදාලයි, මම කතා කරේ මිනිසු මුලා කරන එක
ගැන විතරයි.


2008/10/13 දසුන් සමීර <d_d...@yahoo.com>:

--

දසුන් සමීර

unread,
Oct 16, 2008, 12:01:09 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ පුද්ගලිකව ‍ඩොක්ටර් සමීර මහතා විසින් මාවෙත එවන ලද ලිපියක්.
සාමාන්‍යයෙන් පුද්ගලික ලිපියක් ‍ප්‍රසිද්ධියේ පල කිරීම සාදාචාරාත්මක
නොවුනත් මෙහිදී ඔහු වෙනුවෙන් එම දත්තයන් මගේ බසින් ලියනවා වෙනුවට එම
ලිපයම යොමු කිරීම වඩාත් යෝග්‍ය නිසා එසේ කරමි.

Thank you very much for the information. Few things I need to YOU to
publish on this Blog behalf of me.

This is not just an attachment for the IE. It is complete web browser
that entirely written in Win32- Assembly. Entire CORE - GUI - TOOLS -
UTILS - COMPONENTS written in Assembly. It always uses Windows TCP/IP
Stack, Winsock Stack, HTTP Engine and Sys-Stack. Please follow the
series of Picture. I think this Mr. Kalinga doesn't know anything
about Reverse Engineering and Assembly Language. Here is the challenge
for him, Tell him to prove his statement by reversing this
application. You all might not aware about the PE - EXE File
Architecture. In PE Architecture there is a section called IMPORT DATA
TABLE (IDT), Attached pictures shows you the all dependencies and
import files of that xAurora used to run on windows environment. The
purpose of IDT Hooks is to get access via Win32 KERNEL Stack and
Kernel 32 Hooks in Win32 Environment. Tell him not to mention anything
without proving in technically. Please check the attached pix and tell
him to prove, where I have used IE Components for my browser. I have
used NATIVE Windows API's as well as custom made API's. Attached pix
show you everything about CUSTOM and NATIVE API's. Please look at
them.

As a normal user the appearance is looks like IE. So the people think
this is just an attachment of IE. It is wrong. If you have good skills
to find it in Reverse Engineering way, better do it and see.

You can develop any type of skin for this browser. Ex. We have already
designed Skins for this - MEDIA PLAYER SKIN, VISTA GLASS SKIN, FIREFOX
SKIN, and APPLE SAFARI SKIN. Uploaded browser doesn't contain any
skin. You have to download it separately. Skin pack contains more than
50+ Skins. Plugins also like that. You have to download more than
2000+ Plugins and components separately. It is comes with
PLUGINS/COMPONENT PACKS.

Mr. Kalinga said (OPTIONS - Internet OPTIONS) are the same of IE. It
is correct. So how about OPTIONS - xAurora OPTIONS, is it also from
IE? Don't be fools. Think in this way. If the users used to use IE for
a long period, it is not good to change the appearance in any manner.
Therefore I decided to keep the Original IE appearance with more
options. If you don't like it. Go ahead and change the appearance by
changing the skin in TOOLS - SELECT SKIN.

By default settings for Browser REFERER and ERROR Page has been ported
from IE, Please check the (Error-Page. jpg). You can customize the 404
ERROR PAGE by copying < 404.htm > to xAurora folder.

Steps,

1. Goto Installation Folder
2. Create a folder - <Language>
3. Goto created <LANGUAGE> folder and create another folder inside
<English>
4. Goto ENGLISH FOLDER and copy 404.htm file to that folder

Now you don't get the native IE Error page, you will get the newly
created error page.

How stupid you all. How you can decide a browser by looking @ the
headers. Those headers will be stored in Windows System Registry.
Anyone can change it by changing the values in the registry. CHECK in
HKEY-LOCAL MACHINE and HKEY-CURRENT-CONFIG section in system registry.

http://en.wikipedia.org/wiki/Referer_spoofing
http://ha.ckers.org/blog/20060613/removing-referring-urls-with-javascript/
http://www.cgisecurity.com/lib/XmlHTTPRequest.shtml
http://www.google.lk/search?hl=en&q=browser+header+spoof&meta=

I have presented this browser to ICTA in year 2005. Myself and ICTA
now working together for further development of this browser with the
support of universities in Sri Lanka. Do you think the ICTA will
accept anything without checking the relevant details and technical
capabilities of anything? Initially Dr. Gihan Dias and University of
Moratuwa technical committee has been thoroughly tested this browser
for the period of 3 Months. They have verified. Do you think the
Microsoft and Apple will accept this browser to enable for their
Default Browser in future OS's. I have received the approval from Both
Microsoft and Apple for this browser. That is the guarantee I need,
not the people's comment. Whatever good thing I do, it is for my
mother land. Not for my personal aspects.

xAurora We Browser Awarded NBQSA - BCS Sri Lanka under the Research
and Development category BRONZE in 2006.

http://www.nbqsasrilanka.org/files/oldsite/2006/winners_2006.htm

Please look @ the R&D Category. Do you think in a good manner? Why
they selected me out of 75 + competitive products under the R&D
Category and offered me BRONZE.

What else you need?

SLIIT University Students already using xAurora on Ubuntu Linux and
Fedora Core. Do you think I do a comment without checking anything? If
you need I will give you the guidelines to install browser in Linux.
But, I am not a Linux fan and you must understand it is not for the
LINUX platform, it is only for Windows and running faster like rocket.

People should understand I have not used IE Components; I have only
used Windows Native API's. Not IE API's.

I think we need to start a session on this. I am planning to start a
development center for the browser @ SLIIT. And, SLIIT has been agreed
for this. The development forum will be available soon on SLIIT and
XAURORA web site soon. The xAurora SDK+ (Software Development Kit) has
been already released; you might be able to give a try. If I use IE
components, why I have released SDK separately for xAurora. Why I just
can use the existing IE SDK.

You can download SDK from:
http://rapidshare.com/files/132022710/xAurora-SDK-x86-x64-Final.zip.html

Don't get confuse. If you have any challenge, I am here to accept
anything. Please call me on 0773-XXXXXX for any comment and any
question.

Kind Regards
Sameera

මෙහිදී මා විසින් දුරකථන අංකය ඉවත්කර ඇති අතර අවශ්‍ය අයෙකුල පුද්ගලිකව
ලබාදෙමි. ඒ මෙසේ පුද්ගලික දත්ත ජාලය තුල නිදහස් කිරීම නොසුදුසු නිසා. ඒ
හැර කිසිදු වෙනසක් මෙහි සිදු කර නැත.

දසුන් සමීර

unread,
Oct 16, 2008, 12:10:07 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඇමුනුම.
http://groups.google.com/group/sinhala-bloggers/web/xau.zip

පෙර ඉක්මන් ප්‍රතිචාර දැක්වූ මිතුරන් මෙයට ද ඉක්මන් ප්‍රතිචාර දක්වනු
ඇතැයි විශ්වස කරමි. ;)

දසුන් සමීර

unread,
Oct 16, 2008, 12:22:24 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
‍සමීර ගැන නොදන්නා තවත් යමක්. ඔහු විසින් වින්ඩෝස් පද්ධතිය සඳහා winHard
Tool නම් ring 0 වැඩ සටහනක් ලියා ඇත. එය Microsoft ආයතනය විසින් පද්ධතිය
පරීක්සීම් කටයුතු සඳහා භාවිතා කරයි. ඇසෙම්බ්ලි ‍revers engineering
නොදන්නා අයකුට වුවද එවන් අයෙකු ලංකවේ ආයතන හා පුද්ගලයන් ඔය කියනා ආකරයේ
බොරුවක් කරන්නේ ඇයි දැයි සිතිය හැක.

Tilantha Sanjeewa Gunatilaka

unread,
Oct 16, 2008, 12:34:29 PM10/16/08
to sinhala-...@googlegroups.com
මෙම ගවේශකය පිලිබඳ ඇතිවූ සංවාද මතිමතාන්තර මෙතෙක් කල් කියවා බැලුවා. ඒත් මම තාම මේක ස්ථාපනය කොට පිරික්සුවේ නම් නෑ. Dr. Sameera කියන ආකාරයට ඔහුට බොරුවක් කිරීමට වුවමනාවක් නැති බව ඔහුගේ ලිපියෙන් තේරෙනවා. නමුත් මාහට නම් තාක්ශනික පැත්ත ගැන පෘථුල දැනුමක් නැහැ. කොහොමටත් ඔහුගේ මෙම නිපැයුම දැනට තියෙන අනෙකුත් ප්‍රචලිත ගවේශක සමඟ තරඟ කිරීමේ හැකියාවකින් යුක්ත නම් එය අපට බොහෝ වාසිදායක වේ යයි සිතනවා.  ඉදිරියේදී නිකුත් වන මෙහෙයුම් පද්ධති සමඟ නිතැතින් ස්ථාපනය වන ගවේශකය ලෙස මෙය එම පද්ධති නිශ්පාදකයන් යොදා ගත්තොත් එයද විෂාල ජයග්‍රහනයක් වේවි. කොහොමටත් මේ පිලිබඳ වැඩිදුර තොරතුර නුදුරුදේම නිසියාකාරව හෙලිදරවු වේ යය් සිතනවා.

2008/10/16 දසුන් සමීර <d_d...@yahoo.com>



--
Tilantha Sanjeewa Gunatilaka

Web:   http://www.sanjeewaonline.com
E-mail: tsan...@gmail.com
          con...@sanjeewaonline.com

Kalinga Athulathmudali

unread,
Oct 16, 2008, 1:23:19 PM10/16/08
to sinhala-...@googlegroups.com
මම කියපු එකකටටවත් කෙලින් උත්තර නෑ.... කෙටියෙන් පැහැදිලිව කියන්න..........

මට දෙකය තුනයි කියන්න තියෙන්නේ,

1. මේක හෙම IE බාවිතයක් නැතියනම් මොකද IE agent එකම එන්නේ, මොකද IE agent
header එකම registry එකෙන් වෙනස් කොට xAurota නම දාගන්නේ ? මේක එයාගෙම
එකක් නම්, ඇයි firefox, Opera වගේ තමන්ගෙම agent header එකක් නැත්තේ ?

2. ලිනක් දුකනවා පෙන්වන්න, දාන හැටි කියන්න. (අරයා කරනවා, මෙයා කරනවා
කියන්නේ නැතුව.)


3. මොකද ICTA එක ගැන කතාවක්ම නැත්තේ ? ICTA funced කිව්වා නේද ? කෝ උත්තර ?


මේකට කෙලින් උත්තරක් දෙක්න, මම පිලිගන්නම්.

මතක තියාගන්න, windows core එක කියන්නේ IE, folder view එකේ සිට, Windows
Expolra දක්වා, Windows API බාචිතා කරවා කියන්නේ IE බාචිතාකරනා කියන
එකමයි. වට වන්දනා කරන්න දෙයක් නෑ නේ. මොකද ඕක ඔචර හොදනම් IE වගේම එකම
විදියට http://acid2.acidtests.org/ fail වෙන්නේ ?


2008/10/16 Tilantha Sanjeewa Gunatilaka <tsan...@gmail.com>:

--

දසුන් සමීර

unread,
Oct 16, 2008, 1:29:33 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

> 3. මොකද ICTA එක ගැන කතාවක්ම නැත්තේ ? ICTA funced කිව්වා නේද ? කෝ උත්තර ?
<Quote>
I have presented this browser to ICTA in year 2005. Myself and ICTA
now working together for further development of this browser with the
support of universities in Sri Lanka. Do you think the ICTA will
accept anything without checking the relevant details and technical
capabilities of anything? Initially Dr. Gihan Dias and University of
Moratuwa technical committee has been thoroughly tested this browser
for the period of 3 Months. They have verified. Do you think the
Microsoft and Apple will accept this browser to enable for their
Default Browser in future OS's. I have received the approval from Both
Microsoft and Apple for this browser. <em>That is the guarantee I
need,
not the people's comment.</em> Whatever good thing I do, it is for my
mother land. Not for my personal aspects.
</Quote>

ආයිමත් වතවාක් කියෙව්වේත හොඳා නේද? funded වචනේ අල්ලගෙන ඒම ගෙනෙන තර්ක
xAurora එකේ තාක්ෂණික පදනමට ඇති සම්බන්ධය කුමක්ද? internet option කතාවට
උත්තර ‍ත්යෙනවා නේද? මම කියපු එක කටවත් උතත්ර දැක්කෙම නැද්ද?

Kalinga Athulathmudali

unread,
Oct 16, 2008, 1:32:19 PM10/16/08
to sinhala-...@googlegroups.com
On Thu, Oct 16, 2008 at 10:59 PM, දසුන් සමීර <d_d...@yahoo.com> wrote:
>
>> 3. මොකද ICTA එක ගැන කතාවක්ම නැත්තේ ? ICTA funced කිව්වා නේද ? කෝ උත්තර ?
> <Quote>
> I have presented this browser to ICTA in year 2005. Myself and ICTA
> now working together for further development of this browser with the
> support of universities in Sri Lanka. Do you think the ICTA will
> accept anything without checking the relevant details and technical
> capabilities of anything? Initially Dr. Gihan Dias and University of
> Moratuwa technical committee has been thoroughly tested this browser
> for the period of 3 Months. They have verified. Do you think the
> Microsoft and Apple will accept this browser to enable for their
> Default Browser in future OS's. I have received the approval from Both
> Microsoft and Apple for this browser. <em>That is the guarantee I
> need,
> not the people's comment.</em> Whatever good thing I do, it is for my
> mother land. Not for my personal aspects.
> </Quote>
>
> ආයිමත් වතවාක් කියෙව්වේත හොඳා නේද? funded වචනේ අල්ලගෙන ඒම ගෙනෙන තර්ක

එතකොට ICTA කියන්නේ නෑ කියලා ? :-D කව්ද බොරු කියන්නේ ?


> xAurora එකේ තාක්ෂණික පදනමට ඇති සම්බන්ධය කුමක්ද? internet option කතාවට
> උත්තර ‍ත්යෙනවා නේද? මම කියපු එක කටවත් උතත්ර දැක්කෙම නැද්ද?


මෙගේ පලවෙන එකට හා දෙවන උත්තර දෙන්න කියන්නකො, එතකොට ඒකත හේතු එයි. :)

දසුන් සමීර

unread,
Oct 16, 2008, 1:43:38 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
කාලිංග මිතුර,

firefox වැනි ‍වෙබ් බ්‍රව්සර් ලිවිමේදී system dependency එක අඩු වෙන
විදියට තමයි ලියන්නේ.මොකද firefox සියළුම පද්ධති සඳහා වෙන වෙනම compile
කල යුතු නිසා. මම දන්නා තරමට firefox compile කර ඇත්තේ gcc g++ වලින්.
low level වලදී system dependency එක වැඩියි. එම කේත එකම පද්ධතියක්
වෙනුවෙන් තමයි ලියල තියෙන්නේ. system dependency එක වැඩිවීම නිසා එම
පද්ධතිය මත එම කේතයන් ඉතා වේගයෙන් වැඩ කරනවා. ඉතින් ඔබ කියන ආකාරයට
system dependency නැතුව assembly වලින් ලිවීමේ ප්‍රයෝජනය කුමක්ද? මම
කලින් කීව්වාක් මෙන් මෙය win32 assembly යොදා ගත් නිසා මෙය ලිනක්ස්
පද්ධතිය මත ධාවන කිරීම මෙහි වේගය firefox වලටත් වඩා අඩු වෙන්න පුළුවන්.
පළුවන් සරලම ආකාරයට තමයි කි‍ව්වේ. අපැහැදිලිනම් තව දුරටත් පැහැදිලි කරන්න
සූදානම්.

දසුන් සමීර

unread,
Oct 16, 2008, 1:51:01 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
adobe මෘදුකාංග වැනි එවා ලියා ඇත්තේ ද ඉහල පරිගණක භාශවලින්. එවා විවිද
පද්ධති වලට වෙන වෙනම compile(cross-compile) කර ඇත. කලින් කීවක් මෙන්ම
‍adobe වැනි ආයතන විවිද පද්ධති සඳහා වෙන වෙම සියළුම කේතයන් මුල සිට රචනා
කිරීම වැලකීමට හැකිතාක් දුරට independent api ලියනවා. ඒව වෙන වෙනම පද්ධති
සඳහා cross-compile කරනවා! නමුත් එම ආයතනය එම මෘකාංගම system dependency
එක වැඩිවන ආකාරයෙන්. නැතිනම් system api භාවිතයෙන් නිර්මාණය කළානම් එය
වඩාත් වේගවත් වෙනවා!

දසුන් සමීර wrote:

Kalinga Athulathmudali

unread,
Oct 16, 2008, 1:51:31 PM10/16/08
to sinhala-...@googlegroups.com
දසුන්, assembly වලින් ලියපුවාහම තමයි dependency නැති වෙන්නේ.

low level වලදී dependency නෑ.... තියනවා කියන්නේ කව්ද ? කව්ද මේවා ඔයාට
කියන්නේ ?????????????????????????

මෙතන වේක කතාවක් නෑ.... ලිනක්ස් වල දාල පෙන්නන, දාන හැටි කියන්න IE
component නැතුව.
කියන්නේ IE බාචිතා කරන්නේ නෑ කියලා නේ.


මම මේක ගැන කතා කරේන් නෑ, මහ ලොකුවට කියනවානේ මේ Reverse engineering කිය
කිය, මොකද මේ ? අලුතෙන් හොද software හදන විදියද්ද ?
අනේ නෑ පිස්සුද.... මේක මේ හදලා තියන software එකක හරි නැතිනම් program
එකක code එක නැතිනම් එක එකේන් ආයේ කොඩ් එක හදගන්න කියන එක වගේ වැඩක්, මේක
තමයි මේ හැකර් ලා එහම කැරැක් කරන වගේ දේට යොදා ගන්නේ, අනුන්ගේ ඒවා copy
කරන්න මිස, අලුතෙන් ලියන්න නොවෙයි. සොෆ්ට් වෙයා හදන එකේ පිටුපසට යාම. :-D

he term "reverse engineering" as applied to software means different
things to different people, prompting Chikofsky and Cross to write a
paper researching the various uses and defining a taxonomy. From their
paper:
Reverse engineering is the process of analyzing a subject system to
create representations of the system at a higher level of
abstraction.[4] It can also be seen as "going backwards through the
development cycle".[5] In this model, the output of the implementation
phase (in source code form) is reverse engineered back to the analysis
phase, in an inversion of the traditional waterfall model. Reverse
engineering is a process of examination only: the software system
under consideration is not modified (which would make it
reengineering). Software anti-tamper technology is used to deter both
reverse engineering and reengineering of proprietary software and
software-powered systems. In practice, two main types of reverse
engineering emerge. In the first case, source code is already
available for the software, but higher level aspects of the program,
perhaps poorly documented or documented but no longer valid, are
discovered. In the second case, there is no source code available for
the software, and any efforts towards discovering one possible source
code for the software are regarded as reverse engineering. This second
usage of the term is the one most people are familiar with. Reverse
engineering of software can make use of the clean room design
technique to avoid infringing copyrights.

On a related note, black box testing in software engineering has a lot
in common with reverse-engineering. The tester usually has the API,
but their goals are to find bugs and undocumented features by bashing
the product from outside.

Other purposes of reverse engineering include security auditing,
removal of copy protection ("cracking"), circumvention of access
restrictions often present in consumer electronics, customization of
embedded systems (such as engine management systems), in-house repairs
or retrofits, enabling of additional features on low-cost "crippled"
hardware (such as some graphics card chipsets), or even mere
satisfaction of curiosity.


http://en.wikipedia.org/wiki/Reverse_engineering

2008/10/16 දසුන් සමීර <d_d...@yahoo.com>:

--

Kalinga Athulathmudali

unread,
Oct 16, 2008, 1:55:57 PM10/16/08
to sinhala-...@googlegroups.com
අනේ ඔයා එක්ක කතාකරන එක තේරුමක් නෑ.... ඔයා දනවාද wine කියනේ මොකද කියලා
??? එකේන් කරනේ මොකද කියලා ?

අපි කියන්නේ Windows Adobe අපි ලිනක්ස්වල දානවා කියලා මිසි ලිනක්ස් එක
දානවා කියල නොවෙයි.

දැන් කිවානේ දසුන් ලින්ක්වල IE component නැතුව දුවනවා කියලා... කතා එකා,
කරන හැටි කියන්න..........

දැන් ඔය අය කියන්නේ xAurora IE බාවිතා කරන්නේ නෑ කියලා නේ............

2008/10/16 දසුන් සමීර <d_d...@yahoo.com>:

--

දසුන් සමීර

unread,
Oct 16, 2008, 2:05:10 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
>assembly වලින් ලියපුවාහම තමයි dependency නැති වෙන්නේ
මම අහපු ලොකුම විහිළුව. :D :D වෙන කියන් දෙයක් නෑ!

> low level වලදී dependency නෑ.... තියනවා කියන්නේ කව්ද ? කව්ද මේවා ඔයාට
> කියන්නේ ?????????????????????????

"dependency නෑ.... තියනවා ," මට තේරෙන්නේ නෑ. නැවතත් කියන්න. මට
කවුරුවත් කියපුව නෙමෙයි. ඔබ කිසිම දිනකදී assembly වලින් යමක් ලියා
compile කරල තියනවද? මම කරල තියනවා. අපන්දා සිට ඉහල පරිගණක භාශාවන්
හැදෑ‍රූවන්ට මේවා නොතේරීම ගැන මම පුදුම වෙන්නේ නෑ.

> මම මේක ගැන කතා කරේන් නෑ, මහ ලොකුවට කියනවානේ මේ Reverse engineering කිය
> කිය, මොකද මේ ? අලුතෙන් හොද software හදන විදියද්ද ?
> අනේ නෑ පිස්සුද.... මේක මේ හදලා තියන software එකක හරි නැතිනම් program
> එකක code එක නැතිනම් එක එකේන් ආයේ කොඩ් එක හදගන්න කියන එක වගේ වැඩක්, මේක
> තමයි මේ හැකර් ලා එහම කැරැක් කරන වගේ දේට යොදා ගන්නේ, අනුන්ගේ ඒවා copy
> කරන්න මිස, අලුතෙන් ලියන්න නොවෙයි. සොෆ්ට් වෙයා හදන එකේ පිටුපසට යාම. :-D

Reverse engineering ගැන සාමාන්යෙන් කෙනෙක්ට ලේසියට දෙන උත්රයක්. ඔව් ඒක
ඇත්ත. නමුත් ඒ revers engineering වල එකම භාවිතය නෙමෙයි. හරියට පිහියෙන්
මිනීමරීම හැකිවීම එයින් කල හැකි එකම දෙය නෙවනවා සේම. අලුතින් ලියන්න මෙම
දැනුම යොදාගන්නවා. පද්ධති(OS) සැකසීමේදී compiler සැකසීමේදී embedded
පද්ධති සඳහා මේ දැනුම අත්‍යාවශයයි.

> මේක
> තමයි මේ හැකර් ලා එහම කැරැක් කරන වගේ දේට යොදා ගන්නේ
උදව්වක් ඕනෙනම් කියන්න.

Kalinga Athulathmudali

unread,
Oct 16, 2008, 2:09:17 PM10/16/08
to sinhala-...@googlegroups.com
අනේ මම කරලා නෑ දසුන්, මම කිසි දෙයක් දන්නේ නෑ.... ඔයා දනවානේ.... මට
කියලා දෙන්නකෝ....
කොහොමද දසුන් ලිනක්ස් වල xAurora දාන්නේ IE Install නොකර, මම මේවා දනේ
නෑ, මට කරන හැටි කියලා දෙන්නකෝ.

මේකට කෙලින් උතරක් දෙන්න බැරිනම්, අයේ කතා කරන්න එපා.

Harshana

unread,
Oct 16, 2008, 2:28:17 PM10/16/08
to sinhala-...@googlegroups.com
මෙහි කියා තිබෙන විදිහට ඔහු Win32- Assembly. Entire CORE - GUI - TOOLS -
UTILS - COMPONENTS භාවිතා කරනව. ඒ වගේම Windows TCP/IP
Stack, Winsock Stack, HTTP Engine and Sys-Stack භාවිතා කරනව.

මා දන්නා තරමින් IE ද මේ සියල්ල භාවිතා කරනව. ඉතින් මා දන්නා තරමින් මේ ටික වයින් වල පෙරනිමියෙන් එනව, HTTP Engine එක නම් ෂුවර් නෑ. මම සිතන විදිහට  ඒකට IE ස්ථාපනය කරන්න වෙනව.

මා හට වේලාවක් තිබුනොත් වයින් ස්ථාපනය කරල බලල කියන්නම් නිවැරදිව. මොකද මේ දවස්වල පොඩ්ඩක් කාලය පිළිබද ගැටළුවක් තියෙනව

Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.harshana.Net
www.sinhalazone.com

දසුන් සමීර

unread,
Oct 16, 2008, 2:32:26 PM10/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
> අනේ මම කරලා නෑ දසුන්, මම කිසි දෙයක් දන්නේ නෑ.... ඔයා දනවානේ.... මට
> කියලා දෙන්නකෝ....
> කොහොමද දසුන් ලිනක්ස් වල xAurora දාන්නේ IE Install නොකර, මම මේවා දනේ
> නෑ, මට කරන හැටි කියලා දෙන්නකෝ.

මෙවන් ප්‍රතිචාරයක් මම ඔබෙන් බලාපොරොත්තු නොවුනි. මට ඔබ ගැන කනගාටුයි. මම
මෙතෙක් උත්සහ කලේ ඔබේ ප්‍රශ්ණය වැරදි බව පෙන්වන්න. ඔබම කීවානේද? IE
කියන්නේ ‍වින්ඩෝස් පද්ධතියේම කොටසක් කියා! ඉතින් සිස්ටම් ‍ඩිපෙන්ඩ්
වැඩසටනක් ලිවීමේදී කේතනයේ පහසුටවට සිස්ටම් api call කිරීමේදී මේක IE
කොම්පොනන්ටද නැතිද කියා සිතන්නේ නෑ. ඔබට ඇවැසිනම් firefox ‍ම දිගට භාවිතා
කරන්න. ඩොක්ටර් සමීරට සුළුතර‍යකගේ සැක දුරු කිරීමට වඩා වැඩ තියෙනව. ඒ
නිසා තමයි ප්‍රතිචාර දක්වන්න දවස් කීපයක් ගියේ. මෙහිදී හැකිතාක් දුරට
අවන්කව හා අනතිමානීව පිළිතුරු දීමට උත්සහ කළා. wine වැඩ සටහනට ms හී
අයිතිය ඇති සියළුම කොම්පෝනනට් ඒ සමග ලභාදිය නොහැකි බව ඔබ දන්නවා. මෙක
wine වල emulate කරන api වලට පමණක් අදාලව ලියන්නද කියන්නේ.ඒක පැහැදිලි
කරන්න තමයි adobe මෘදුකාංග ගැන කීවේ.

> මේකට කෙලින් උතරක් දෙන්න බැරිනම්, අයේ කතා කරන්න එපා.
හරි මම අයේ කවම දාවත් යලි කතා නොකරමි. මේක තමයි මගේ අවසාන ලිපිය මේ
සමූහයට ලියන. මේ සමූහය ආරම්භයේදී මම මේහි කළමණාකරුවෙක්. දැන් පරිශීලකයෙක්
පමණයි. ඒබව මම දැනුයි දුටුවේ. සමහර විට මා පිළිලයක් වී ඇති හැඩැයි.
ඉතාමත් කණගාටු දායක අවස්ථාවක්. ඉතින් අයූබෝවන් සමූහයේ මිතුරු මිතුරියනී!

Kalinga Athulathmudali

unread,
Oct 16, 2008, 2:37:57 PM10/16/08
to sinhala-...@googlegroups.com
මේකට සමුහයක සම්බනදයක් නෑ.......
ඕනේ කෙනෙකුට තමන්ගෙ අදහස් කියන්න පුලුඅවන්, මේක මගේ අදහස්......

> ඔබම කීවානේද? IE
> කියන්නේ ‍වින්ඩෝස් පද්ධතියේම කොටසක් කියා! ඉතින් සිස්ටම් ‍ඩිපෙන්ඩ්
> වැඩසටනක් ලිවීමේදී කේතනයේ පහසුටවට සිස්ටම් api call කිරීමේදී මේක IE
> කොම්පොනන්ටද නැතිද කියා සිතන්නේ නෑ. ඔබට ඇවැසිනම් firefox ‍ම දිගට භාවිතා

ඒක තමයි මම මුලින්ම කිව්වේ, මේක බාචිතා කරනේ IE., ඒකට නෑ කිව්වේ මම නොවෙයි.

>> මේකට කෙලින් උතරක් දෙන්න බැරිනම්, අයේ කතා කරන්න එපා.
> හරි මම අයේ කවම දාවත් යලි කතා නොකරමි. මේක තමයි මගේ අවසාන ලිපිය මේ
> සමූහයට ලියන. මේ සමූහය ආරම්භයේදී මම මේහි කළමණාකරුවෙක්. දැන් පරිශීලකයෙක්
> පමණයි. ඒබව මම දැනුයි දුටුවේ. සමහර විට මා පිළිලයක් වී ඇති හැඩැයි.
> ඉතාමත් කණගාටු දායක අවස්ථාවක්. ඉතින් අයූබෝවන් සමූහයේ මිතුරු මිතුරියනී!

මේක වාදයක් පමණයි, මේක පුද්ගලිකව කිසිම බේදයක් නොවෙයි, අනික මේක ඔයාගේ
නිර්මානයක්ද ?

2008/10/17 දසුන් සමීර <d_d...@yahoo.com>:

--

Prasan (ප්‍රසාන්)

unread,
Oct 17, 2008, 2:22:36 AM10/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මා දන්නා විදිහට ie වල ක්‍රියාකාරීත්වය මූලිකව පහත ඇති dll මගින් තමයි
වෙන්නේ.

ප්‍රධානම උපාංගය නම් mshtml.dll මේක තමයි ට්‍රයිඩන්ට් layout engine එක.
ඇත්තම නම් මේක තමයි හදවත. කවුරුහරි මේක පාවිච්ච් කරලා (maxthon, avant,
myIE2 වාගේ බ්‍රව්සර) බ්‍රව්සර හැදුවට ඒවා ie වලින් වෙනස් වෙන්නේ නැහැ.
ලගඳි ඉදන් මේ mshtml.dll එකට client side scripting නම් වෙනම දෙන්න
පුලුවන් (python rubi වගේ cli tools පවා)
වයින් ප්‍රොජෙක්ට් එකෙන් මේ mshtml.dll එකේ ක්‍රියාකාරීත්වයෙන් ඉතා සුලු
කොටසක් තමයි implement කරලඅ තියෙන්නෙ. (ඒ නිසා වයින් වල පෙරනිමියෙන්
layout engine එකක් නැහැ.)

මේ mshtml.dll එක නිපදවන එක තමයි අමාරුම. මේක එමබෙඩ් කර ගත්තාම assembly
නෙමෙයි මොන භාශාවෙන් පොත්ත ලිව්වත් ඒකයි ieයි අතර වැඩි වෙනසක් නැහැ.
(හැබැයි custom scripting engine එකක් භාවිතා කරල java script නම් වේගවත්
කරන්න පුලුවන් වෙයි)

windows වල http සහ ftp සහාය එක මා දන්න විදිහට විවර කරන්නේ WinInet.dll
එකෙන්. මේකට නම් ඕනෑ තරම් open source mevlmw තියෙනවා.

ShDocVw.dll සහ BrowseUI.dll වලින් ie වල පොත්ත සහ ඉතුරු වැඩ (local
caching) කරනවා.

කවුරුහරි trident engine එක reverse engineer කරලා, නැවත assembly වලින්
optimize කරලා පාවිච්චි කරනවා නම්, එහෙනම් කමක් නැහැ. හැබැයි
xaurora.dll එකවත් xaurora.exe එකවත් ට්‍රයිඩෙන්ට් එන්ජිමේ වැඩ කොටස කරන
බව නම් කිසි ලෙසකින්වත් පේන්නේ නැහැ. පේන්නේ xaurora trident engine එකම
අමු අමුවේම භාවිතා කරන බවයි. (ඔය maxthon, myIE2, avant වගේ බ්‍රව්සර
කරන්නෙත් එයමයි)

xaurora වලට වෙනම layout engine එකක් තිබේද? එහෙමනම් trident, gecko,
webkit/khtml, Presto සහ Tasman (mac ie) අතරට එක්වන නවතමයා xaurora යි.

ඉතින් වෙබ් බ්‍රව්සර බිහිවී ගතවූ වසර ගණනාවටම ලෝකයටම බිහිවී ඇත්තේ මේ
layout engine අතලොස්සක් පමණයි. xaurora ත් මෙයට ඇතුලත් නම් කාටද
ආඩම්බර?

On Oct 16, 11:37 pm, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
wrote:
> මේකට සමුහයක සම්බනදයක් නෑ.......
> ඕනේ කෙනෙකුට තමන්ගෙ අදහස් කියන්න පුලුඅවන්, මේක මගේ අදහස්......
>
> > ඔබම කීවානේද? IE
> > කියන්නේ ‍වින්ඩෝස් පද්ධතියේම කොටසක් කියා! ඉතින් සිස්ටම් ‍ඩිපෙන්ඩ්
> > වැඩසටනක් ලිවීමේදී කේතනයේ පහසුටවට සිස්ටම් api call කිරීමේදී මේක IE
> > කොම්පොනන්ටද නැතිද කියා සිතන්නේ නෑ. ඔබට ඇවැසිනම් firefox ‍ම දිගට භාවිතා
>
> ඒක තමයි මම මුලින්ම කිව්වේ, මේක බාචිතා කරනේ IE., ඒකට නෑ කිව්වේ මම නොවෙයි.
>
> >> මේකට කෙලින් උතරක් දෙන්න බැරිනම්, අයේ කතා කරන්න එපා.
> > හරි මම අයේ කවම දාවත් යලි කතා නොකරමි. මේක තමයි මගේ අවසාන ලිපිය මේ
> > සමූහයට ලියන. මේ සමූහය ආරම්භයේදී මම මේහි කළමණාකරුවෙක්. දැන් පරිශීලකයෙක්
> > පමණයි. ඒබව මම දැනුයි දුටුවේ. සමහර විට මා පිළිලයක් වී ඇති හැඩැයි.
> > ඉතාමත් කණගාටු දායක අවස්ථාවක්. ඉතින් අයූබෝවන් සමූහයේ මිතුරු මිතුරියනී!
>
> මේක වාදයක් පමණයි, මේක පුද්ගලිකව කිසිම බේදයක් නොවෙයි, අනික මේක ඔයාගේ
> නිර්මානයක්ද ?
>
> 2008/10/17 දසුන් සමීර <d_da...@yahoo.com>:
>
>
>
> >> අනේ මම කරලා නෑ දසුන්, මම කිසි දෙයක් දන්නේ නෑ.... ඔයා දනවානේ.... මට
> >> කියලා දෙන්නකෝ....
> >> කොහොමද දසුන් ලිනක්ස් වල xAurora දාන්නේ IE Install නොකර, මම මේවා දනේ
> >> නෑ, මට කරන හැටි කියලා දෙන්නකෝ.
>
> > මෙවන් ප්‍රතිචාරයක් මම ඔබෙන් බලාපොරොත්තු නොවුනි. මට ඔබ ගැන කනගාටුයි. මම
> > මෙතෙක් උත්සහ කලේ ඔබේ ප්‍රශ්ණය වැරදි බව පෙන්වන්න. ඔබම කීවානේද? IE
> > කියන්නේ ‍වින්ඩෝස් පද්ධතියේම කොටසක් කියා! ඉතින් සිස්ටම් ‍ඩිපෙන්ඩ්
> > වැඩසටනක් ලිවීමේදී කේතනයේ පහසුටවට සිස්ටම් api call කිරීමේදී මේක IE
> > කොම්පොනන්ටද නැතිද කියා සිතන්නේ නෑ. ඔබට ඇවැසිනම් firefox ‍ම දිගට භාවිතා
> > කරන්න. ඩොක්ටර් සමීරට සුළුතර‍යකගේ සැක දුරු කිරීමට වඩා වැඩ තියෙනව. ඒ
> > නිසා තමයි ප්‍රතිචාර දක්වන්න දවස් කීපයක් ගියේ. මෙහිදී හැකිතාක් දුරට
> > අවන්කව හා අනතිමානීව පිළිතුරු දීමට උත්සහ කළා. wine වැඩ සටහනට ms හී
> > අයිතිය ඇති සියළුම කොම්පෝනනට් ඒ සමග ලභාදිය නොහැකි බව ඔබ දන්නවා. මෙක
> > wine වල emulate කරන api වලට පමණක් අදාලව ලියන්නද කියන්නේ.ඒක පැහැදිලි
> > කරන්න තමයි adobe මෘදුකාංග ගැන කීවේ.
>
> >> මේකට කෙලින් උතරක් දෙන්න බැරිනම්, අයේ කතා කරන්න එපා.
> > හරි මම අයේ කවම දාවත් යලි කතා නොකරමි. මේක තමයි මගේ අවසාන ලිපිය මේ
> > සමූහයට ලියන. මේ සමූහය ආරම්භයේදී මම මේහි කළමණාකරුවෙක්. දැන් පරිශීලකයෙක්
> > පමණයි. ඒබව මම දැනුයි දුටුවේ. සමහර විට මා පිළිලයක් වී ඇති හැඩැයි.
> > ඉතාමත් කණගාටු දායක අවස්ථාවක්. ඉතින් අයූබෝවන් සමූහයේ මිතුරු මිතුරියනී!
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.comhttp://www.කාලිංග.com

Thilina Gunasekara

unread,
Oct 17, 2008, 2:27:30 AM10/17/08
to sinhala-...@googlegroups.com
මට නම් අලුත් බ්‍රව්සර් එපා.. දැනට තියෙන බ්‍රව්සර බග් ටික හොදටම ඇති.. නැත්තන් වෙබ් සයිට්‌ හදන්න ගියාම එපා වෙනව ! 

:D


--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com

මරණය

unread,
Oct 17, 2008, 2:49:11 AM10/17/08
to sinhala-...@googlegroups.com
බොරු කරන එක දැන් පුරුද්දකට ගිහින්
අර වතුරේන් කාර් දුවවපු කෙනත් කීප දෙනෙකුට පොලු තියලලු. දැන් පොලිස් අත්ඩංගුවෙ. මෙහෙම ගියාම ඇත්තටම මොනා හරි හදපු අයත් සවුත්තුවෙනව. අලුත් නිපයුම් ගැන අපේ විස්වාසයත් නැති වෙලාම යයි

Prasan (ප්‍රසාන්) Hettiarachchi

unread,
Oct 17, 2008, 5:15:51 AM10/17/08
to sinhala-...@googlegroups.com
MSHTML.DLL කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. ඉතින් මේ තිර පිටපත් දෙකත් බ්ලන්න.

--
Prasan

http://prasan.microsolutions.info
http://linux.wellassa.org
xaurora-1.PNG
xaurora-2.PNG

Kalinga Athulathmudali

unread,
Oct 17, 2008, 6:24:01 AM10/17/08
to sinhala-...@googlegroups.com
:-D

IE HTML එන්ජිම.... ඒ කියන්නේ IE නේ :P

-
www.kalingasblog.com

Kalinga Athulathmudali

unread,
Oct 17, 2008, 6:26:53 AM10/17/08
to sinhala-...@googlegroups.com
FYI

mshtml.dll (MS HTML Viewer) - Details

The library file mshtml.dll, contains program code used for displaing HTML (web) pages. The library file mshtml.dll, is required for Internet Explorer to function correctly. If you use Internet Explorer you should not terminate or remove mshtml.dll.

mshtml.dll is an application that does NOT appear to be a security risk

The Process Server database currently registers mshtml.dll to Microsoft.

This is part of Microsoft Internet Explorer.


On Fri, 17 Oct 2008 14:45:51 +0530
"Prasan (????????) Hettiarachchi" <prasa...@gmail.com> wrote:

-
www.kalingasblog.com

Vishva Kumara

unread,
Oct 17, 2008, 6:45:39 AM10/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
VB .net වලින් විනාඩියකින් බ්‍රව්සරයක් හදන්න පුලුවන්. එතකොටත් එන්නේ IE
වලට අදාල පනිවුඩ. .NET වලිනුත් වෙනම HTTP Request, Response, Stream
පාවිච්චි කරලා අලුතන්ම බ්‍රව්සරයක් හදන්න පුලුවන්, ඒත් ඒකට මාස ගනනක්
යාවි.

Assembly වලින් හැදුවොත් ඒක බ්‍රව්සරයක් නෙමෙයි Operating System එකක්
වෙනවා.

මගේ අදහසනම් බ්‍රව්සරයක් නැති Operating System එකක් OS එකක් නෙමෙයි. ඒක
නිසා Windows උඩ IE හොඳයි!

Prasan (ප්‍රසාන්) Hettiarachchi

unread,
Oct 17, 2008, 9:34:19 AM10/17/08
to sinhala-...@googlegroups.com
මීට වසර කිහිපයකට පෙර මා MyIE2 නම් වූ බ්‍රව්සරයක් භාවිතා කලා. (when i was only on Windows) දැන් කිය්න්නේ maxthon කියලා. මේක IE core එක උඩ දුවන බ්‍රව්සරයක්.

මේ xaurora යි maxthon අතර මොකද්දෝ සමාන කමක් මට දැනුනා.

ඉතින් කාලෙකට පස්සෙ maxthon ගැන සොයපුවහම, xaurora යි maxthonයි අතර වැඩි වෙනසක් නැති බව පෙනෙනවා. ඒ වගේම xaurora plugin sdk එක 99% වාගේ maxthon plugin sdk එකමයි.

xaurora plugin sdk එක
http://rapidshare.com/files/132022710/xAurora-SDK-x86-x64-Final.zip.html

maxthon  plugin sdk එක
http://forum.maxthon.com/attachment.php?aid=15727
http://forum.maxthon.com/viewthread.php?tid=61639&extra=page%3D1

මේ බ්‍රව්සර දෙකේම් folder structure එක සමනයි. පහත ගොනුව හා xaurora සසදන්න.
http://ftp.ncnu.edu.tw/cpatch/www/maxthon/source/maxthon_133_standard.zip

ඒ වගේම මා මේ maxthon සමග එන "licence.txt" සහ xaurora සමග එන "licence.txt" සසදා බැලුවා. ප්‍රතිඵලය හරිම හාස්‍යජනකයි. තිරපිටපත බලන්න

තවත් එකක්, මෙන්න මෙතන MyIE (ඉස්සර maxthon වලට කියපු නම) පරණ වර්ශන් එකක source code එක බාගන්න තියෙනවා!!!!!!!!!
xaurora-maxthon licence agreement.GIF

Prasan (ප්‍රසාන්)

unread,
Oct 17, 2008, 9:54:51 AM10/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://www.angelfire.com/fang/myiesource/

On Oct 17, 6:34 pm, "Prasan (ප්‍රසාන්) Hettiarachchi"
<prasanhe...@gmail.com> wrote:
> මීට වසර කිහිපයකට පෙර මා MyIE2 නම් වූ බ්‍රව්සරයක් භාවිතා කලා. (when i was
> only on Windows) දැන් කිය්න්නේ maxthon කියලා. මේක IE core එක උඩ දුවන
> බ්‍රව්සරයක්.
>
> මේ xaurora යි maxthon අතර මොකද්දෝ සමාන කමක් මට දැනුනා.
>
> ඉතින් කාලෙකට පස්සෙ maxthon ගැන සොයපුවහම, xaurora යි maxthonයි අතර වැඩි
> වෙනසක් නැති බව පෙනෙනවා. ඒ වගේම xaurora plugin sdk එක 99% වාගේ maxthon plugin
> sdk එකමයි.
>
> xaurora plugin sdk එකhttp://rapidshare.com/files/132022710/xAurora-SDK-x86-x64-Final.zip.html
>
> maxthon  plugin sdk එකhttp://forum.maxthon.com/attachment.php?aid=15727http://forum.maxthon.com/viewthread.php?tid=61639&extra=page%3D1
>
> මේ බ්‍රව්සර දෙකේම් folder structure එක සමනයි. පහත ගොනුව හා xaurora සසදන්න.http://ftp.ncnu.edu.tw/cpatch/www/maxthon/source/maxthon_133_standard...
>
> ඒ වගේම මා මේ maxthon සමග එන "licence.txt" සහ xaurora සමග එන "licence.txt"
> සසදා බැලුවා. ප්‍රතිඵලය හරිම හාස්‍යජනකයි. තිරපිටපත බලන්න
>
> තවත් එකක්, මෙන්න මෙතන MyIE (ඉස්සර maxthon වලට කියපු නම) පරණ වර්ශන් එකක
> source code එක බාගන්න තියෙනවා!!!!!!!!!
>
> --
> Prasan
>
> http://prasan.microsolutions.infohttp://linux.wellassa.org
>
>  xaurora-maxthon licence agreement.GIF
> 147KViewDownload

Kalinga Athulathmudali

unread,
Oct 17, 2008, 10:08:12 AM10/17/08
to sinhala-...@googlegroups.com
අනේ දැන් ඉතින් මොනා කියයිද දනේ නෑ , ඒකත් revers engineering ද දන්නේ නෑ :-D

--

කාලිංග ඇතුලත්මුදලි.

http://www.kalingasblog.com http://www.කාලිංග.com

Harshana

unread,
Oct 17, 2008, 10:41:30 AM10/17/08
to sinhala-...@googlegroups.com
මේකනම් සැලකකිය යුතු දෙයක්, දඅන් ඔහුට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ සෝස් කෝඩ් එළියට දාන එක විතරයි.

Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger





On Fri, Oct 17, 2008 at 7:04 PM, Prasan (ප්‍රසාන්) Hettiarachchi <prasa...@gmail.com> wrote:

Kalinga Athulathmudali

unread,
Oct 17, 2008, 10:43:26 AM10/17/08
to sinhala-...@googlegroups.com
ඒක Close Source/GNU Licensed ලුනේ, අලුත් ම එකක් ඒකත්.... :-D

On Fri, Oct 17, 2008 at 8:11 PM, Harshana <wmhar...@gmail.com> wrote:
> මේකනම් සැලකකිය යුතු දෙයක්, දඅන් ඔහුට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ සෝස් කෝඩ්
> එළියට දාන එක විතරයි.
>
> Cheers !,
> හර්ෂණ | Harshana
> http://හර්ෂණ.net
> http://harshana.net
> http://sinhalazone.com

> Chat: m...@harshana.Net wmharshana hars...@live.com
> Contact Me:


>
>
>
>
> On Fri, Oct 17, 2008 at 7:04 PM, Prasan (ප්‍රසාන්) Hettiarachchi
> <prasa...@gmail.com> wrote:
>>
>> මීට වසර කිහිපයකට පෙර මා MyIE2 නම් වූ බ්‍රව්සරයක් භාවිතා කලා. (when i was
>> only on Windows) දැන් කිය්න්නේ maxthon කියලා. මේක IE core එක උඩ දුවන
>> බ්‍රව්සරයක්.
>>
>> මේ xaurora යි maxthon අතර මොකද්දෝ සමාන කමක් මට දැනුනා.
>>
>> ඉතින් කාලෙකට පස්සෙ maxthon ගැන සොයපුවහම, xaurora යි maxthonයි අතර වැඩි
>> වෙනසක් නැති බව පෙනෙනවා. ඒ වගේම xaurora plugin sdk එක 99% වාගේ maxthon plugin
>> sdk එකමයි.
>>
>> xaurora plugin sdk එක
>> http://rapidshare.com/files/132022710/xAurora-SDK-x86-x64-Final.zip.html
>>
>> maxthon plugin sdk එක
>> http://forum.maxthon.com/attachment.php?aid=15727
>> http://forum.maxthon.com/viewthread.php?tid=61639&extra=page%3D1
>>
>> මේ බ්‍රව්සර දෙකේම් folder structure එක සමනයි. පහත ගොනුව හා xaurora සසදන්න.
>> http://ftp.ncnu.edu.tw/cpatch/www/maxthon/source/maxthon_133_standard.zip
>>
>> ඒ වගේම මා මේ maxthon සමග එන "licence.txt" සහ xaurora සමග එන "licence.txt"
>> සසදා බැලුවා. ප්‍රතිඵලය හරිම හාස්‍යජනකයි. තිරපිටපත බලන්න
>>
>> තවත් එකක්, මෙන්න මෙතන MyIE (ඉස්සර maxthon වලට කියපු නම) පරණ වර්ශන් එකක
>> source code එක බාගන්න තියෙනවා!!!!!!!!!
>>
>>
>>
>>
>>
>>
>>
>> --
>> Prasan
>>
>> http://prasan.microsolutions.info
>> http://linux.wellassa.org
>>
>>
>
>
> >
>

--

Prasan (ප්‍රසාන්) Hettiarachchi

unread,
Oct 17, 2008, 10:49:29 AM10/17/08
to sinhala-...@googlegroups.com
දැන් maxthon පිහිට්වලා බලපුවම දැක්කේ xaurora පොත්ත සම්පූර්ණයෙන්ම maxthon වලට සමානයි. පේන විදිහට xaurora කියන්නේ බොහොම ප්‍රාථමික විදිහට  reverse engineering කරපු ( executable file එකක resource strings සහ resource images පැච් කරපු) maxthon ම තමයි.

මෙතන තියෙන source එක ටිකක් පරණයිනේ.
 http://www.angelfire.com/fang/myiesource/
 සමහර විට මේ යෝදයාට ටිකක් අලුත් source එකක් ලැබුනාද දන්නෙත් නැහැ. හැබැයි maxthon හදන චීන්නුන්ට අහුවුනොත් මේ දොස්තර මහතාව reverse engineer කරල තමයි නවතින්නේ.

xaurora custom api එක වන xaurora.dll කියන්නේ 100%ම maxzlib.dll එකයි.

මේ දොස්තරලා ගැන දන්නෝ දන්නවා වුනාට ගොඩක් දෙනෙක් රැවටෙනවා. විශේෂයෙන්ම මේ අයට බොහොම ඉක්මනින් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. 25$ කට phd එකක් අරන් ඒ සහතික පෙන්නලා විශ්වවිද්‍යාලයක කථිකාචාර්‍ය තනතුරු වලට ඉල්ලපු අය ගැන අප දන්නවා. විශේෂයෙන්ම මෙහෙම අයට රාජ්‍ය ආයතන අහුවීමේ ප්‍රවණාතාවක් තිබෙනවා.

මේ ගැන මේ තරමට හරි කාලය මිඩංගු කලේ ඒ නිසයි.
xaurora-maxthon comparison.GIF

Harshana

unread,
Oct 17, 2008, 10:51:59 AM10/17/08
to sinhala-...@googlegroups.com
ඕකත් මේ හොර වැඩ හංග ගන්න ගත්තු උප්පර වැට්ටියක්ද මන්ද. :(

Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger
Cheers !,
හර්ෂණ | Harshana

Kalinga Athulathmudali

unread,
Oct 17, 2008, 10:53:37 AM10/17/08
to sinhala-...@googlegroups.com
මේක ගැන ගොඩක් මහන්සි උන එක ගැන ස්තුතියි ප්‍රසාන්, මම දන්නවා ඔයාට ගොඩක්
වැඩ රාජකාරී තියනවා කියලා, මෙයා නිකන් කෑ ගැහුවේ හරියට අපි නිකන් මෝඩයෝ
කියලා, එයාගේ මානසික තත්වය පේනවා එයාගේ එක email address එකද
දැක්කානම්.... :-D

2008/10/17 Prasan (ප්‍රසාන්) Hettiarachchi <prasa...@gmail.com>:

--

Harshana

unread,
Oct 17, 2008, 10:55:09 AM10/17/08
to sinhala-...@googlegroups.com
දැන් නෙ හොද හොද සෙල්ලම් හෙලිවෙන්නෙ......


Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger





2008/10/17 Prasan (ප්‍රසාන්) Hettiarachchi <prasa...@gmail.com>
දැන් maxthon පිහිට්වලා බලපුවම දැක්කේ xaurora පොත්ත සම්පූර්ණයෙන්ම maxthon වලට සමානයි. පේන විදිහට xaurora කියන්නේ බොහොම ප්‍රාථමික විදිහට  reverse engineering කරපු ( executable file එකක resource strings සහ resource images පැච් කරපු) maxthon ම තමයි.

G.S.N. Supun Budhajeewa

unread,
Oct 17, 2008, 10:55:52 AM10/17/08
to sinhala-...@googlegroups.com
එයාගේ මානසික තත්වය පේනවා එයාගේ එක email address එකද
දැක්කානම්.... :-D

මොකක්ද ඒ කතාව ? කියන්න බලන්න...
 
--
Budhajeewa.
-----
budhajeewa.wordpress.com
sinme.wordpress.com

Tilantha Sanjeewa Gunatilaka

unread,
Oct 17, 2008, 12:07:54 PM10/17/08
to sinhala-...@googlegroups.com
ගවේශකයේ ඇත්ත තත්වය පහදා දෙන්න මහන්සි වුනු කාලිංග සහ ප්‍රසාන් මහතාට ස්තුතියි. නැත්නම් ඕනෙම බොරුවක් කොරල මිනිස්සු රවටන්න ලංකාවෙ අය හරි දස්සයි නෙ

2008/10/17 G.S.N. Supun Budhajeewa <budha...@gmail.com>



--
Tilantha Sanjeewa Gunatilaka

Web:   http://www.sanjeewaonline.com
E-mail: tsan...@gmail.com
          con...@sanjeewaonline.com

tharindur...@gmail.com

unread,
Oct 18, 2008, 3:51:16 AM10/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඉස්සෙල්ලම කාලින්ගටයි ප්‍රසාන්ටයි ස්තුති කරන්න කැමතියි මේ වැඩේ එලියට
දැම්මට.
හැබැයි වැඩේ එලිවෙද්දි දුක හිතෙන්නෙත් අපිටමයි. වතුරෙන් දුවන කාර් එක
හදපු එකා පොලිසියේ ආචාර්ය සමීර ඩි අල්විස් හොරවැඩ කරල අතේ මාට්ටු.

හැබැයි පොඩි කොස්සක් තියෙනවා මේ සංසදේ කස්ටිය ගැනත්.

කව්රුත් කියෙව්වෙම නැද්ද මේක.

"
Dr. Sameera de Alwis
Information Security Reverse Engineering Consultant



Phd (German), MSc (Poland), MSc (USA), BSc (USA), BSc (Denmark), XFC-
RE (China),
Mircrosoft Security(USA), Network Security(USA), CEH (USA), CHFI
(USA),
Master MCSE+I (USA), CORE-CRE (USA), BBCM (USA), SUN-SOAT (USA),
STATION-X-CCB (UK), TFCC (USA), MS-ISA2004 (USA), CyberDefense+ (FBI-
CIA-USA), CyberForensics (Israel), CyberCrime/Hacking (Russia-Former
K.G.B), Mil-Net Attack Defense (China),Mil-Net Security (Ukraine),
Military-CyberForce+(Denmark-German),
CyberForensics(UK-ScotlandYard).
"

මේ මනුස්සය හොර වැඩ අල්ලන්ඩම ඉගෙන ගත්ත එකෙක් කියන එක.

අපේ රටේ වැඩියම හොරවැඩ කරන්නේ කවුද?
පොලිසිය......

ඉතින් අනිත් එක
රිවර්ස් ඉන්ජිනියර් කෙනෙක් lowlevel language එකකින් ඇරෙන්ඩ මොකකින්
maxton රිවර්ස් කරන්ඩද?

ඉතින් ආචාර්ය සමීර ඒක කලා.
ඕගොල්ලෝ වැඩේ කෑව.

හැබැයි ආචාර්ය සමීර රිවර්ස් ඉන්ජිනියරින් හරියට කරලත් නැද්ද මන්ද?

මට ප්‍රශ්නේ තියෙන්නේ මේක මොරටුවෙත් ටෙස්ටින් කලාලුනේ.....
එතකොට මේව අහුඋනේ නැද්ද.

අනික මේ Xaurora උගුලක්.
මේක default browser නොවුනත් ඔක්කොම මේක හරහා ඇරෙන්ඩ පටන් අරගෙන.

චී හොරා....
බැරිවැඩ හොරවැඩ නොකර දන්න දේ කලානං රෙද්ද පල්ලේ ගාගන්ඩ වෙන්නේ නෑනෙ.

On Oct 17, 9:07 pm, "Tilantha Sanjeewa Gunatilaka"
<tsanje...@gmail.com> wrote:
> ගවේශකයේ ඇත්ත තත්වය පහදා දෙන්න මහන්සි වුනු කාලිංග සහ ප්‍රසාන් මහතාට ස්තුතියි.
> නැත්නම් ඕනෙම බොරුවක් කොරල මිනිස්සු රවටන්න ලංකාවෙ අය හරි දස්සයි නෙ
>
> 2008/10/17 G.S.N. Supun Budhajeewa <budhaje...@gmail.com>
>
>
>
> > එයාගේ මානසික තත්වය පේනවා එයාගේ එක email address එකද
> >> දැක්කානම්.... :-D
>
> > මොකක්ද ඒ කතාව ? කියන්න බලන්න...
>
> > --
> > Budhajeewa.
> > -----
> > budhajeewa.wordpress.com
> > sinme.wordpress.com
>
> --
> Tilantha Sanjeewa Gunatilaka
>
> Web:  http://www.sanjeewaonline.com
> E-mail: tsanje...@gmail.com
>           cont...@sanjeewaonline.com

Kalinga Athulathmudali

unread,
Oct 18, 2008, 4:00:05 AM10/18/08
to sinhala-...@googlegroups.com
On Fri, 17 Oct 2008 20:55:52 +0600
"G.S.N. Supun Budhajeewa" <budha...@gmail.com> wrote:

>
> එයාගේ මානසික තත්වය පේනවා එයාගේ එක email address එකද
> > දැක්කානම්.... :-D
>
> මොකක්ද ඒ කතාව ? කියන්න බලන්න...
>

hacker...@XXXXXXXXXX.XXX

>
> --
> Budhajeewa.
> -----
> <http://budhajeewa.wordpress.com>budhajeewa.wordpress.com
> <http://sinme.wordpress.com>sinme.wordpress.com
>
>
> >

-
www.kalingasblog.com

Vishva Kumara

unread,
Oct 18, 2008, 1:06:51 PM10/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මට වැරදුනා. ඇසෙම්බ්ලි වලත් එක එක මට්ටම් තියෙනවා. Win32 ඇසෙම්බ්ලි
වින්ඩෝස් මත තමයි දුවන්නේ. අනෙක aඅර විනාඩියකින් හදන්න පුලුවන්
බ්‍රව්සරයේ‍යි. xAurora වලයි ලොකු වෙනසක් තියෙනවා. අනෙක .net වලින්
වුනත් HTTP වෙනම handle කරලා IE rendering පාවිච්චි කරලා බ්‍රව්සරයක්
හැදුවොත් IE වලට වඩා වේගවත්.

තවත් කාරනයක් තමයි මේ component based development කියන එක අමුතු දෙතක්
නෙමෙය්ි. මේක හරියට මැට්ටෙන් ගෙයක් හදන එකයි බ්ලොක් ගල් වලිnන් හදන එකයි
වගේ. ඕනෑනම් මුලින් බ්ලොක් ගල් හදලා ඒවාගෙන් ගේ හදන්නත් පුලුවන්, කාලය
වැඩියෙන් යනවා. ඕනෑනම් අර ජපානයේ කරනවා වගේ බිත්ති පිටින් කඩෙන් අරන් හයි
කරලා ඉක්මනින් ගේ හදාගන්න පුලුවන්. ඔය ප්ලයිවුඩ් දොරවල් එහෙම්පිටින්ම කඩේ
ගන්න තියෙන්නේ ලොක් එකයි සරනේරුයි උලුවස්සටම හයි කරලා. ගත්තා හයි කලා.

ඒ වගේ තමයි එක්කෙනෙක් කොම්පොනන්ට් හදනවා, තව කෙනෙක් සුදුසු
කොම්පොනන්ට්ෙකතු කරලා ඇප්ලිකේශන් එක හදනවා. හරියන කොම්පොනන්ට් නැතිනම්
ඒකත් මුල ඉඳලා ඇසෙම්බ්ලි වලින් හදතැහැකි. මහන්සිය අඩුයි, වැඩෙත් ගොඩ.
නැතිනම් හුඟක් ලොකු සොෆ්ට්වෙයා එකක් හදන්න ගොඩාක් කාලය සහ ශ්රමය වැය
වෙනවානේ.

මටනම් IE සහ chrome හොඳයි. xAurora මම අගය කරනවා.

Prasan (ප්‍රසාන්)

unread,
Oct 18, 2008, 9:29:33 PM10/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
.නෙට් වලින් HTTP වෙනම handle කරලා IE rendering පාවිච්චි කරලා හදපු ie
වලට වඩා වේගවත් බ්‍රව්සරයක් තියෙනවාද? එහෙමනම් ඇයි IE ම ඒ විදිහට
නොකරන්නේ? ඇයි මෛක්‍රොසොෆ්ට්ලාම IE මීට වඩා ie වේගවත් කරන්න පුලුවන්
කියලා දැන දැන ඒක නොකරන්නේ? IE කෝ එක භාවිතා කරපු කිසිම බ්‍රව්සරයක් ieට
වඩා වේගවත් කියලා මා අහලා නැහැ. හැබැයි ඒ හැම එකක්ම පාහේ ieට වඩා වැඩි
ක්‍රියාකාරීත්වයක් (functionality) දෙනවා. ie ගැන මා මෙතන කී දේ පොඩ්ඩක්
බලන්න.
http://groups.google.com/group/sinhala-bloggers/msg/4e3caf20cdaff3ee


මේ xAurora අඩුතරමේ තමන්ගේම http handling කරන්නේත් නැහැ. WinInet.dll
තමයි එයත් භාවිතා කරන්නේ. ie core එක වන mshtml.dll dynamically load
කරනවා. මීට අමතරව urlmon.dll, ShDocVw.dll සහ BrowseUI.dll ත් ලෝඩ්
කරනවා. හැබැයි මේකෙ නිමැවුම් කරුවෝ කියන කතාවලින් ගම්‍ය වන්නේ win32 api
functions, assembly වලින් call කර කර යනකොට දන්නෙම නැතුව mshtml.dllත්
call වුනා වගේ කථාවක්. මේ xaurora plugin sdk එක සහ skin architecture
එකත් maxthon ම තමයි.

මා නම් මේ xaurora අගය කරනවා නෙවෙයි හෙලා දකිනවා. හැමෝම පොඩ්ඩක් maxthon
බ්‍රවසරය දාලා xaurora එක්ක සසඳා බලන්න. ඉන්පස්සේ මේ xaurora ගැන ඔවුන්ගේ
නිල අඩවියේ ඇති ප්‍රකාශ බලන්න. මේක මුලින්ම maxthon reverse engineering
කරලා optimize කලා කිව්වනම් තව පිලිගන්න තිබුණා. සුවහසක් මිනිස්සුන්ව
මුලා කරලා, එක බොරුවක් වහගන්න බොරු සියයක් කියලා, maxthon සහ ie ව කිසිම
ආකාරයකින් සඳහන් කරන්නේ නැතුව හදපු මේ ශ්‍රී ලාංකීය බ්‍රව්සරය ගැන ශ්‍රී
ලාංකිකයෙක් විදිහට මට ලැජ්ජයි. තව කෙනෙක් ඒක අගය කරනවා කියලා අහද්දී
දුකයි.

Kalinga Athulathmudali

unread,
Oct 19, 2008, 12:03:43 AM10/19/08
to sinhala-...@googlegroups.com
කියලා වැඩක් නෑ ප්‍රසාන්, අපේ මිනිසුන්ගේ මොඩ කම, හරියට තේරුම් ගනේම නෑ,
හරියට අර ඇමතිලා කියන බොරු අහල චන්දේ දෙනවා වගේ හැම පාරම බොරු කියනවා,
අපේ අයෙ පිලි අරගෙන ඒකට චන්දේ දෙනවා.... මේක හරියට අපේ සිංහලයගේ මොඩ කම,
මේක අපේ ජානවල තියනන නිසා ඒක හදන්න බෑ..... මෙචර බොරුවක් කරල, එක එක
විදියට බොරුව හරවලා.... දැන් කියනවා IE, FF, Opera බාවිතා කරන්නේ xAuroa
ගේ කොම්පොනට් කියලා.... මේවා කාටද කියන්නේ ?

මේ බොරු අගනෙ පිලිගන්න මිනිස්සු මටනම් හිතාගන්න බෑ... ඇයි මෙහෙම අන්ද
කියලා........... xAuroa වල දේවල් IE, FF, Opera බාවිතා කරනවානම් ඒසදහා
දුන්න credit කෝ ? එහෙම නොදුන්නනම් බුද්දිමය දේපල යටතේ මේකට නදු දාන්න
පුලුවන්නේ, අනික ඔය කියන විදියේ අලුත් දේවල් බාව්ත්කා කරනවානම් මොකද ඒවට
පේටන්ට් එකක් ගනේ නැතේ ?

අඩුම ගානේ අපිමේ කියන ඒවාට කෙලින් තමන්ම උතර නොදෙන්නේ ? මතන නිකන් බළල්ලු
ල්ව්වා කොස් ඇට බාවනවා.....

අනික අපේ අය මගේ browser එක ෆස්ට් කියනවා.... කෝ ඒක සනාත කරන්න දත්ත ?
මොනාද ඒ සදහා තියන සාදක ? මේවා බෙන්ච්මාර්ක් කෝ ?

අපේ අයට බොරුවට නමට ඉසරහට කෑලී දාලා, ටයි කෝට් දාල බොරු කියනකොට ඒවා
ඇත්ත.... අනේ මේ ලංකාවට ගිය කල....

2008/10/19 Prasan (ප්‍රසාන්) <prasa...@gmail.com>:

--

Rajith Vidanaarachchi

unread,
Oct 19, 2008, 12:20:17 PM10/19/08
to sinhala-...@googlegroups.com
> කියලා වැඩක් නෑ ප්‍රසාන්, අපේ මිනිසුන්ගේ මොඩ කම, හරියට තේරුම් ගනේම නෑ,
> හරියට අර ඇමතිලා කියන බොරු අහල චන්දේ දෙනවා වගේ හැම පාරම බොරු කියනවා,
> අපේ අයෙ පිලි අරගෙන ඒකට චන්දේ දෙනවා.... මේක හරියට අපේ සිංහලයගේ මොඩ කම,
> මේක අපේ ජානවල තියනන නිසා ඒක හදන්න බෑ.....

මෙය මාතෘකාවට අදාළ නැහැ. එහෙත් ඉහත ඔබ කළ ප්‍රකාශයට සිංහළයෙක් හැටියට මා එකඟ නැහැ. සමාවෙන්න අහනවට, ඔබ තුමා සිංහළ ද?

2008/10/19 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

Kalinga Athulathmudali

unread,
Oct 19, 2008, 12:21:58 PM10/19/08
to sinhala-...@googlegroups.com
>
> මෙය මාතෘකාවට අදාළ නැහැ. එහෙත් ඉහත ඔබ කළ ප්‍රකාශයට සිංහළයෙක් හැටියට මා එකඟ
> නැහැ. සමාවෙන්න අහනවට, ඔබ තුමා සිංහළ ද?
>

ඔව්... සිංහල නිසා තමයි දුක :(

Rajith Vidanaarachchi

unread,
Oct 19, 2008, 12:41:02 PM10/19/08
to sinhala-...@googlegroups.com
එසේ නම් ඔබේ ජානවලත් ඉහත කී මෝඩකම ඇත්දැ යි සිතා බලන්න.

2008/10/19 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Oct 19, 2008, 12:42:25 PM10/19/08
to sinhala-...@googlegroups.com
2008/10/19 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

> එසේ නම් ඔබේ ජානවලත් ඉහත කී මෝඩකම ඇත්දැ යි සිතා බලන්න.
>

නැතිවෙන්න බෑ.... ඔබේ වගේම මගෙත් ඇති.

Homo Erectus

unread,
Oct 19, 2008, 1:04:59 PM10/19/08
to sinhala-...@googlegroups.com



2008/10/19 Kalinga Athulathmudali <kali...@gmail.com>

2008/10/19 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:
> එසේ නම් ඔබේ ජානවලත් ඉහත කී මෝඩකම ඇත්දැ යි සිතා බලන්න.
>

නැතිවෙන්න බෑ.... ඔබේ වගේම මගෙත් ඇති.
 
හික්!
එතකොට තමා පත්තු වුණේ

Rajith Vidanaarachchi

unread,
Oct 19, 2008, 1:36:48 PM10/19/08
to sinhala-...@googlegroups.com
තමන්ගේ ජාතියට නිගා කරන්න එපා, එය අමනකමක්.
ඔබ ඉහත කියා තිබූ වැරදි සමහරෙක් ළඟ ඇති වැරදි මිසක් ජාතියක් වශයෙන් අපට ඇති වැරදි නො වේ.

ජාතිය රන් විමනක් වේ - මතක තබා ගන්න.

2008/10/19 Kalinga Athulathmudali <kali...@gmail.com>
2008/10/19 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

Kalinga Athulathmudali

unread,
Oct 19, 2008, 2:59:12 PM10/19/08
to sinhala-...@googlegroups.com
දැනට මෙතන කතාවෙව්ච ඔක්කොම කෙටියෙන් සදක එක්ක මම මගේ බලොග් එකේ දැම්මා

http://sinhala.kalingasblog.com/2008/10/20/xaurora-browser/

2008/10/19 Prasan (ප්‍රසාන්) <prasa...@gmail.com>:

--

Kalinga Athulathmudali

unread,
Oct 20, 2008, 12:54:24 AM10/20/08
to sinhala-...@googlegroups.com

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Oct 20, 2008, 12:57:54 AM10/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේකත් අදාල නැති දෙයක්.
එක්කෙනෙක්ගේ වරදට ජාතියට බනිනවා.ඒක කොයි තැනත් හැටි. දැන් අපේ මිනිස්සු
පිටරට වලට හොරෙන් පනිනවා. එතකොට උන්ගේ නම් කියලාද බනින්නේ? නෑනේ...
ලංකාවටනේ බනින්නේ...

හරියට පුතාගේ වරදට අම්මාට බනිනවා ව‍ගේ තමා...

හැබැයි හොඳක් කරාමත් කියන්නේ... අන්න සිංහලයෙක් හරි ශ්‍රී ලාංකිකයෙක් හරි
කරා කියලා තමයි. හොඳ නරක දෙකම බාරගන්න සූදානම් වෙලා ඉන්න ඕනේ... ;-)

Vishva Kumara

unread,
Oct 20, 2008, 4:15:31 AM10/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
On Oct 19, 7:29 am, Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com> wrote:
> .නෙට් වලින්  HTTP වෙනම handle කරලා IE rendering පාවිච්චි කරලා හදපු  ie
> වලට වඩා වේගවත් බ්‍රව්සරයක් තියෙනවාද? එහෙමනම් ඇයි IE ම ඒ විදිහට
> නොකරන්නේ? ඇයි මෛක්‍රොසොෆ්ට්ලාම IE මීට වඩා ie වේගවත් කරන්න පුලුවන්
> කියලා දැන දැන ඒක නොකරන්නේ? IE කෝ එක භාවිතා කරපු කිසිම බ්‍රව්සරයක් ieට
> වඩා වේගවත් කියලා මා අහලා නැහැ. හැබැයි ඒ හැම එකක්ම පාහේ  ieට වඩා වැඩි
> ක්‍රියාකාරීත්වයක් (functionality) දෙනවා. ie ගැන මා මෙතන කී දේ පොඩ්ඩක්
> බලන්න.http://groups.google.com/group/sinhala-bloggers/msg/4e3caf20cdaff3ee

Windows මත IE Rendering වලට වඩා හොඳ rendering දෙන වෙන මොකවත් නැහැ. ඒක
එහෙම තමය! Rendering වලට resources ගියාට එච්චර වෙලා යන්නේ නැහැ.
බ්‍රව්සරයේ වේගය වැඩි වශයෙන්ම රඳා පවතින්නේ request-response handle
කිරීම සහ cache කිරීම මතයි.

IE Core එක කියලා දෙයක් නැහැ. ඒක Component කිහිපයක එකතුවක්. Windows
බදාගෙන IE පිලිකුල් කිරීම මහා විහිලුවක්.

> මේ xAurora අඩුතරමේ තමන්ගේම http handling කරන්නේත් නැහැ. WinInet.dll
> තමයි එයත් භාවිතා කරන්නේ. ie core එක වන mshtml.dll dynamically load
> කරනවා. මීට අමතරව urlmon.dll, ShDocVw.dll සහ  BrowseUI.dll ත් ලෝඩ්
> කරනවා. හැබැයි මේකෙ නිමැවුම් කරුවෝ කියන කතාවලින් ගම්‍ය වන්නේ win32 api
> functions, assembly වලින් call කර කර යනකොට දන්නෙම නැතුව mshtml.dllත්
> call වුනා වගේ කථාවක්. මේ xaurora plugin sdk එක සහ skin architecture
> එකත් maxthon ම  තමයි.
Component Based Development... :)

Kalinga Athulathmudali

unread,
Oct 20, 2008, 4:22:40 AM10/20/08
to sinhala-...@googlegroups.com

ඔයා කියන්නේ xAurorat IE කියලද ?
අපිනම් කියන්නේ xAurora කියන්නේ 99.9% Maxthon (IE clone) කියලා.

http://sinhala.kalingasblog.com/2008/10/20/xaurora-browser/

නැත්නම්, මේ මොනවද ? මේවා බොරුද ?

-
www.kalingasblog.com

Prasan (ප්‍රසාන්)

unread,
Oct 20, 2008, 8:25:21 AM10/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
>IE Core එක කියලා දෙයක් නැහැ. ඒක Component කිහිපයක එකතුවක්.
ඒකට තමයි අපි ie core එක කිව්වේ (mshtml.dll, urlmon.dll, ShDocVw.dll
සහ BrowseUI.dll සහ එකී මෙකී නොකී ඔක්කොම)
ඔය xAurora එකෙන් සහ maxthon වලින් ඒ ඔක්කොම භාවිතා කරනවා. (දෙකම
එකයිනේ!)

>Windows බදාගෙන IE පිලිකුල් කිරීම මහා විහිලුවක්.
විශ්ව කවුරුවත් විනඩෝස් බදාගෙනවාත් ie පිලිකුල් කරවත් නැහැ. මේ කතාව
යන්නේ xAurora මගඩිය ගැනයි. ඔයා මේ thread එක මුල සිට අගට කියවන්න.

හැබැයි ඔයා xAurora අගය කරන්නේ මොන පැත්තෙන්ද කියලා දැනගන්න අපි
කැමැතියි.

Vishva Kumara

unread,
Oct 20, 2008, 9:34:04 AM10/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
> විශ්ව කවුරුවත් විනඩෝස් බදාගෙනවාත් ie පිලිකුල් කරවත් නැහැ. මේ කතාව
> යන්නේ xAurora මගඩිය ගැනයි. ඔයා මේ thread එක මුල සිට අගට කියවන්න.
මේ thread එක මුල සිට අගට කියෙව්වහම හිතුන දෙයක් තමති කිව්වේ.
අයියෝ ඒක එච්චර ගනං ගන්න එපා.

> හැබැයි ඔයා xAurora අගය කරන්නේ මොන පැත්තෙන්ද කියලා දැනගන්න අපි
> කැමැතියි.
මාත් ඔයවගේ එකක් හැදුවා. ඒත් මේක ඊට වඩා හොඳයි වගේ. ඒ කියන්නේ (ඔබේ
අන්තයෙන්) මම හදපු එක මීට වඩා අන්තයි කියන එක නෙමෙයි.

mmethw2003

unread,
Oct 20, 2008, 10:18:19 AM10/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය


සමාවෙන්න සහෝදරයා,
ඔබතුමා ඔය කියපු එව හොය ගත්තෙ කොහෙන්ද කියන්න මම දන්නෙ න. එ උනට නිකන්
උඩින් බලල තීරණ ගන්න එපා. ඔබතුමා ඔය බාගත කෙරගෙන තියෙන්නෙ.xAurora2008-
RC1-Final-Lite නමින් හදුන්වන.version එකයි. එහි අඩංගු වන්නෙ ඉතාම සීමිත
features ප්‍රමාණයක් පමනයි. ඔබතුමා නෑට්ට පාගගෙන දගලන්නෙ ඔය කාරණාව
මුල්කරගෙන...
අදුම තරමෙ මීට අදාල මෙහි නිර්මාතෘ (Dr. Sameera de Alwis) විසින් සකස්
කරන ලද..presentation ලිපි පෙලවත් මුලින් අධ්‍යනය කරන්න.. ඉට පස්සෙ අපි
මෙක ගෑන කථාකරමු.

ලංකාවෙ හදන දෙවල් වලට නිකන් පිස්සුවෙන් වගේ පහර ගහන්න එපා, වෑරදිනන් එක
හදාගන්න උත්සාහ කරන්න, නිකන් මෝඩ අතල් ගන්න , පිටරටට කහින්න.. හදන්න
එපා... ලංකවෙ මනුස්සයෙක් විදිහට ජිවත් වෙන්න...

ස්තුතියි!!!

Thilina Gunasekara

unread,
Oct 20, 2008, 10:38:38 AM10/20/08
to sinhala-...@googlegroups.com
මෙතන මේ කියල තියෙන දේවල් හොයාගත්තෙ කොහොමද කියල පැහැදිලිව දාල තියෙනව නෙ මෙත්සිරි .. තව මොනව හොයන්නද ? 

2008/10/20 mmethw2003 <mmeth...@gmail.com>



--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com

Kalinga Athulathmudali

unread,
Oct 20, 2008, 11:52:16 AM10/20/08
to sinhala-...@googlegroups.com
මෙයා මේ කියන්නවලේ කියවනවා, මෙපමණ සාදක අපි දෙනකොට :-D

http://sinhala.kalingasblog.com/2008/10/20/xaurora-browser/

ඔනත තියන දේවල් වැරදිනම් ඔප්පු කරල පෙන්නන... අපිනම් ඔප්පු කරල තියෙන්නේ
සාදක එක්කම..... xAurora කියන්න්නේ අනුන්ගෙන් හොරාගෙන තමන්ගේ නම දාගතු
එකක් කියලා.....

2008/10/20 Thilina Gunasekara <thilina.g...@gmail.com>:

--

It is loading more messages.
0 new messages