තමුන් එකඟ නොවෙන අදහස්වලට පවතින්න ඉඩක් නැතිය කියල හිතන්න ගත්තම ඕන දෙයක්
කරන්න පෙලඹෙනව. බ්ලොග් අවකාශය තුල (සිංහල නොවන බ්ලොග්අවකාශය තුලත්) මේ
වගේ දේවල් සිද්ද වෙනව.
මර්දනය කරන්න අවශ්‍ය කෙනෙකුගේ නමින් අප-ප්‍රතිචාර දැමීම, බ්ලොග් අඩෙවි
අරඹා අදාල පුද්ගලයාගේ වේශයෙන් අප-ලේඛන පල කිරීම, අදාල පුද්ගලයා වෙනත්
සන්දර්භ තුල පීඩනයට හා අගතියට ලක් කිරීම ආදියත් ආරූඪ නාම/ලේඛක නාම
එලිදරවු කිරීමත් ඒ වගේ වැඩක්. මෑත සති කිහිපය තුල මේ සියල්ල සිංහල බ්ලොග්
අවකාශය තුල සිදු වෙනු දකින්න ලැබුනා. මේ පැති ගනනාව ම නිදහස් අදහස්
සංසරනයට බාධාවක් වෙන්න පුලුවන්.
මේ වගේ වෙලාවක අගතියට පත් පාර්ශ්වයට කරන්න දෙයක් නැද්ද? එකක් තමයි
කිසියම් බලය පැවරිය හැකි ප්‍රතිචාර ක්‍රමවේදයක් අනුගමනය කිරීම. තමා බවට
නිශ්චිත ව වගකිය හැකි ක්‍රමයක්. openID භාවිත කිරීම හොඳ විසඳුමක්. එමගින්
ලොග් වී blogspot, livejournal, typepad වගේ ගොඩක් සේවාවන්ට ප්‍රතිචාර
ලියන්න පුලුවනි. නිකම් වෙබ් ලින්ක් එකයි ඊමේල් ලිපිනයි දාලා ඕන කෙනෙකුට
ප්‍රතිචාර දක්වන්න පුලුවන්. නමුත් අරක කරන්න බැහැ නේ. අවාසනාවකට
wordpress.com වල නම් එහෙම බැහැ මම හිතන්නෙ. දැන් blogspot ගිනුමක්
openID එකක් හැටියට යොදාගන්නත් පුලුවනි.
එතනින් එහාට ඉතින් තියෙන්නෙ අගාධ සාගරයත් සදාචාරයත් තමයි. ඇතැම් අය
කල්පනා කරන්නෙ නීති සහ රීති පමනක් රැක්කාම ඇති කියල. ආචාරධර්ම (ethics)
ආරක්ශා කිරීම ඒ වගේ බැඳීමක් සහිත දෙයක් නොවන බව තමයි ඇතැම් අයගේ ආකල්පය.
නමුත් වඩා "වැදගත්", සරුසාර හා "උසස" බුද්ධිමය සංස්කෘතියක් තුල ආචාරධර්ම
ගොඩනැගෙනවා, ඒ විතරක් නෙමෙයි ඒවා සුරකින්න පොදුවේ බැඳීමකුත් ඇති වෙනවා.
එවැනි සන්දර්භයක් තුල දී එකඟ නොවෙන අදහසක් හමු වුනත්, අදාල කෙනාට දඩයම්
කරන්න බලාගෙන එයාගෙ නමින් අප-ප්‍රතිචාර, මඩ-බ්ලොග් ලියන්න යන්නෙ නැහැ.
අදාල කෙනාගේ ආරූඪ නාමය, ගෙදර ලිපිනය එලි කිරීමේ සුඛය භුංජනය කරන්න යන්නෙ
නැහැ. ඒවා එවැනි සංස්කෘතියකට තරම් නොවෙන දේවල්.
ඒ වෙනුවට එකඟ නොවන දෙයෙහි පැවැත්ම වෙනුවෙන් පවා අරගල කරන්න පෙලඹෙන්නෙ
අභිප්‍රේරනයක් ඇති වෙන්නෙ එවැනි "උසස්" ආචාරධාර්මික සංස්කෘතියක් තිබුනොත්
තමයි. එය ඉහලින් නීති පනවා කරන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි.
නමුත් වැඩි වැඩියෙන් විවෘත සාකච්ඡා ඇති වීම මගින් එවැනි සංස්කෘතියකට දොර
ඇරගන්න පුලුවන් වේය කියලා මම කල්පනා කරනවා.
On Jan 31, 10:38 am, Waruna Perera <warunakanis...@gmail.com> wrote:
> මේ තත්වය හරිම කණගාටු දායකයි. අනිත් මත මර්ධනයට කරන්න පුලුවන් ඕනෙම දෙයක්
> කිරීමේ ප්‍රවණතාව තමයි මේ. මේක ගැන අපි සැලකිලිමත් විය යුතුයි.
>
> 2009/1/31 kasun <mailtoka...@gmail.com>
>
>
>
> > දැන් බ්ලොග් අවකාශයේ අළුත්ම ප්රවනතාව තමයි. තමන්ට වඩා ප්‍රතිවිරුද්ධ මත දරන
> > බ්ලොග්කරුවන්ගේ නමින් වෙනත් අඩවි වල comments යෙදීම. මේක අළුත් දෙයක් නෙවෙයි.
> > මීට ඉස්සරත් Amu Miris බ්ලොග් අඩවියේ මේක මහා පරිමාණයෙන් සිද්ධ වුනා. (හැබැයි ඒ
> > බ්ලොග්කරුවන්ගේ නම් යොදාගෙන නෙවෙයි)
> > මේක එතරම් සුභ තත්වයක් නෙවෙයි. අනාගතයේදී තවත් අය මේ අමන වැඩේ කරන්න ගියොත්
> > ඇතිවන තත්වය ....!?
>
> > සංසදය විදියට මේක නවත්වන්න බැරි බව ඇත්ත. මොකද කාටවත් බැහැ අන් අය හිතන පතන
> > විදිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න හරි, ඒක එකාගේ අමන මානසිකත්වයන් වෙනස් කරන්න
> > හරි. ඒත් අපට පුළුවන් මේ ගැන සංවාදයක් ඇති කරන්න. මීට ඉස්සරත් මෙතන ඒ වගේ
> > සංවාදයන් සිදුවෙලා තියෙනවා. මම හිතනවා සංසදයේ එක් අරමුණක් වෙන්නෙත්
> > බ්ලොග්කරුවන් මුහුණ දෙන මෙවැනි සිදුවම් පිළිබඳ යම් සංවේදී බකින් කටයුතු කිරීම
> > කියලා.
>
> > මේක අද සිද්ධ වෙලා තියෙන්නේ සමහර පිරිසක් විරුද්ධ මතවාද දරන බ්ලොග්කරුවන්
> > දෙනෙකුට වෙන්න පුළුවන්. ඒත් හෙට තවත් දේ විය හැකියි. අනිවාර්්‍යයෙන්ම මේක
> > එරෙහි වි යුතු ප්රවනතාවයක්. මං හිතනවා මේ ගැන සංවාදයක් ඇති වුනොත් හොඳයි
> > කියලා.
>
> > මේ දෙක බලන්න:
> >http://manojcola.blogspot.com/2009/01/blog-post_7132.html
>
> >http://beyondframe.wordpress.com/2009/01/29/%E0%B6%91%E0%B7%80%E0%B6%...
නිශ්චිත ව වගකිය හැකි ක්‍රමයක්. openID භාවිත කිරීම හොඳ විසඳුමක්. එමගින්
ලොග් වී blogspot, livejournal, typepad වගේ ගොඩක් සේවාවන්ට ප්‍රතිචාර
ලියන්න පුලුවනි. නිකම් වෙබ් ලින්ක් එකයි ඊමේල් ලිපිනයි දාලා ඕන කෙනෙකුට
ප්‍රතිචාර දක්වන්න පුලුවන්. නමුත් අරක කරන්න බැහැ නේ. අවාසනාවකට
wordpress.com වල නම් එහෙම බැහැ මම හිතන්නෙ. දැන් blogspot ගිනුමක්
openID එකක් හැටියට යොදාගන්නත් පුලුවනි.