sand, anu-linux,
සම්පූර්න ඇත්ත. ප්‍රකාශන නිදහස අගයන තැනක් හැටියට කිසිවක් වාරනයකින් තොරව
පල කිරීමට නිදහස ලබා දී තියෙන තැනක් මේක.
ඒ සඳහා පෙරලා සාමාජිකත්වයෙන් ද බැරෑරුම් ප්‍රතිචාරයක් ලැබෙන එක නේද හොඳ.
හිතලා බලන්න bandwidth එකට ගෙවලා අන්තර්ජාලය භාවිත කරන කෙනෙකුට මේ සමහර
වෙලාවට එන අනවශ්‍ය පින්තූර පවා වියදමක් වෙන්නත් පුලුවනි.
අනික, සිංහල බසින් අන්තර්ගතය සපයන්නන් බ්ලොග් අවකාශයට අලුතින් බඳවා ගන්න
අපි මහන්සි විය යුතු යි. ඒ සඳහා උදව් කල යුතු යි. මේ සංසදයේ මූලික අරමුන
ඒකයි. මෙහි සිටින බොහෝ දෙනා සටහනක් පල වූ සැනින් ඊමේල් ලැබෙන පිලිවෙලට
සැකසුම් යොදාගෙන තියෙන්නෙ කාට හරි උපකාරයක් අවශ්‍ය වෙලාවට හැකි ඉක්මනින්
සහාය වෙන්න. නමුත් මේ වගේ ඒවා එක පිට එක ලැබෙද්දී ඒ settings වෙනස් කරලා
හරි මේ සමූහය අතහැර ගිහින් හරි ඒ අය ප්‍රතිචාර දැක්වුවොත් මෙතන වැදගත්
ප්‍රශ්න විසඳාගන්න එන අයට උදව්වක් වෙන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා.
On Aug 20, 9:16 am, Anu-Linux <
linuxda...@gmail.com> wrote:
> ආයුබෝවන්,
>
> මම පසුගිය වකවානුව තුළ මෙවන් අදාල නොවන ලිපි කිහිපයක් ම ඉවසීමෙන් ඇර බැලීමි. තව
> දුරටත් මෙවන් දෑ මෙම ගූගල් සවිදැහැන තුළට පැමිනීම කණගාටුවට කරුණකි. මෙම සවි
> දැහැනේ හරය දියවී යන පරිදි මෙවන් ලිපි එවමින් නිදහස 'වල් බූරු' ලෙස යොදා ගැනීම
> ද හෙලා දකිමි.
>
> අදාල උදවිය මේ පිළිබඳ සොයා බලා මෙවන් ලිපි වැලැක්වීමට පියවර ගන්නේ නම් එය මෙම
> සවි දැහැනේ ඉදිරි ගමනට රුකුලක් වේවි.
>
> මම මෙහි පිටපතක් චමින්ද.ස්මිත් වෙත ද යොමු කරමි.
>
> තුති.
>
> hello chaminda.smith,
>
> this is sinhala bloggers google group. the group is dedicated to discuss
> about sinhala blogging related matters. so please do not spam this group.
>
> thank you.
>
> a member of the group.
>
>
chaminda.sm...@gmail.com