Groups
Groups
Sign in
Groups
Groups
It's behind you..
Conversations
About
Send feedback
Help
ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට යෝජනා
26 views
Skip to first unread message
BHAGYA
unread,
Nov 21, 2012, 8:00:40 AM
11/21/12
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to its-beh...@googlegroups.com
ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට යෝජනා
මෙරට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කර තිබේ.
මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට මෙය වැදගත් වනු ඇති බවයි.
ගණිකා ව්‍යාපාරය සඳහා මෙරටින් පිරිස් සොයාගත හැකි වන තෙක් විදේශයන්ගෙන් පිරිස් ගෙන්වා ගත හැකි යයිද ඔහු පවසයි.
තමන් ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම මෑතකදී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.
මෙය සම්බන්දයෙන් අදහස් දක්වමින් බොහෝ අය කියා සිටිනුයේ සංචාරකයනට ගැහැණුන් විකුණාගෙන කෑමට තරම් ශ්‍රී ලාංකීය ජාතිය ආර්ථිකව හෝ සංස්කෘතිකව පරිහානියට පත් වී නොමැති බවයි . තවද සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ගැහැණු විකිණීම හැරුනුකොට තවමත් භාවිතයට නොගත් සම්පත් බොහොමයක් ලංකාවේ පවතී.
කෙසේ වෙතත් දැනටත් කොළඹ නගරයේ පවතින බොහොමයක් හෝටල්වල සහ කැසිනෝහලවල ප්‍රසිද්දියේ ගණිකාවන් සැපයීම සිදුකරයි. විශේෂයෙන්ම ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයන් ලංකාවට පැමිණි පසු අනිවර්යයෙන්ම ශ්‍රී ලාංකීය ගණිකාවන් ඉල්ලා සිටින බව අප කළ සමීක්ෂණයකදී හෝටල් කළමනාකරුවන් පැවසිය.
ගණිකා වෘත්තිය නීතිගත කිරිමතුල ඇතැම් සාධනීය කරුණුද පවතියි. ඉන් ප්‍රධානම කරුණ නම් ඒ තුලින් ගණිකා වෘත්තිය නියාමනය කිරීමට ලැබෙන හැකියාවයි. ලෝකේ බොහෝ රටවල සෘජු හෝ වක්‍ර ලෙස ගණිකා වෘත්තිය තහනම් කොට පවතී. කෙසේ වෙතත් කාන්තාවගේ පැරණිම වෘත්තිය ලෙස සැලකෙන මෙය සමාජයෙන් පුර්ණ වශයෙන් ඉවත් කිරිමටද හැකියාවක් නොපවතී. මක්නිසාද යත් ලිංගිකත්වය යනු මිනිසෙකුට ජල පිපාසය මෙන්ම ප්‍රබල කායික සහ මානසික අවශ්‍යතාවයක් බැවිණි.
මෙම අවශ්‍යතාව නිසිලෙස සම්පුර්ණ නොවේනම් මිනිසුන් මානසික ගැටළු වලටද ගොදුරුවේ. ඒවා අවසාන වශයෙන් බොහොමයක් සමාජීය ගැටළු සදහා හේතුවේ. එවැනි ගැටළු අතරට කුඩා ළමයින් අතවරයට පතිවිම, ස්ත්‍රී දුෂණ, සම ලිංගික සේවනය, විකුර්ති ලිංගික හැසිරීම් (සත්ත්වයන් සමග සහ උපකරණ සමග), බිමත්කමට යොමුවීම, මිනිසුන්ට ඉක්මනින් කෝප ගැනීම, ආදරවන්තයන්ට ඉර්ෂ්‍යා කිරීම වැනි ගැටළු ප්‍රධානවේ. මෙවැනි ගැටළු බොහොමයක් ඉහල ලිංගික වාරණයක් පවතින මැදපෙරදිග සමාජ තුල සුලබව දැකිය හැකිය.
ගණිකා වෘත්තිය නිවැරදිව නියාමනය කිරිමතුලින් මෙම ගැටළු බොහොමයක් අවමකර ගත හැකිය. නියාමනය යටතේ සිදුකරන ප්‍රධාන කාර්යන් ලෙස ගණිකා වෘත්තියේ යෙදීම සහ සේවය ලබාගැනීම සඳහ අවම වයසක් නිර්ණය කිරීම (අවුරුදු 21), උපත් පාලන සහ ලිංගික රෝග වලක්වාගැනීමේ ක්‍රම භාවිතය අනිවාර්ය කිරීම (කොන්ඩම් භාවිතය), සතිපතා රුධිර පරික්ෂාව අනිවාර්ය කිරීම, අවම සහ උපරිම මිල සිමා නිර්ණය කිරීම, ආර්ථික හා සමාජීය වශයෙන් දියුණු වීමට උපදේශණය සැපයීම ආදී කරුණු මුලික වශයෙන් ඇතුලත් වේ.
මෙය කෙසේ නියාමනය කලද මෙය තුල පාලනය කල නොහැකි ප්‍රබල ගැටළු රාශියක් පවතී. ලිංගික හැසිරීම් මත්ද්‍රව්‍ය ලෙසම ඉහල ඇබ්බැහිවීමේ ස්වභාවයක් පෙන්නුම් කරයි එනිසා කිසියම් පුද්ගලයෙකු ගණිකා සේවනයට දැඩිව පුරුදුවී සිටියි නම් ඔහුට ආර්ථිකව, කායිකව, මානසිකව පිරිහීම සහ පවුල් අවුල් වීම වැනි ප්‍රබල සමාජ ගැටළු වලටද මුහුණදීමට සිදුවේ. තවද පහසුවෙන් මුදල් ඉපයිය හැකි මාර්ගයක් බැවින් තරුණ තරුණියන් බහුලව මෙයට යොමුවීමේ අවධානමක් පවතියි. ගණිකා වෘත්තිය නීතිගත කර පවත්වාගෙන යන තායිලන්තය තවත් බොහෝමයක් ප්‍රයෝගික ගැටළු වලට මුහුණ දෙයි.
තායිලන්තය තුල ගණිකා මද්‍යස්ථාන සදහා නව ගැහැණු ළමයින් සැපයීම ජාවාරම කොටගත් පාතාල කණ්ඩායම් බොහොමයක් පවතියි. ඔවුන් සිදුකරනුයේ ගම්මානවල සිටින ගැහැණු ළමයින් රවටගෙන හෝ බලහත් කාරයෙන් නගරයට ගෙනවිත් එම තරුණිය දුෂණය කොට ඔවුනට හෙරොයින් එන්නත් කිරීමයි. ඉන්පසු හෙරොයි සදහා ඇබ්බැහි වන තරුණිය හෙරොයින් ලබාගැනීමේ අවශ්‍යතාවය මත ගණිකා වෘත්තියේ යෙදෙයි. මොවුන්ට අතට බොහෝවිට මුදලක් හිමි නොවන අතර දිනකට අවශ්‍ය හෙරොයින් ප්‍රමාණය පමණක් ලැබේ. මෙහි ඇති ඉතාමත් අවදානම් තත්වය නම් පළමු දිනයේදීම හෙරොයින් එන්නත් කිරීමට ගන්න සිලින්ජර කටුව මරුකිරිමකින් තොරව සැමටම භාවිතා කරන බැවින් ඔවුනට පළමු දිනයේම HIV වැනි භයානක රෝග සැදීමයි.
මේ ආකාරයට වාර්ෂිකව ගණිකා වෘත්තියේ දීම සඳහා තායිලන්තයේ පමණක් අලුතින් 40 000 පමණ යොමුවෙතැයි වාර්තාවේ. තවද තායිලන්තය,පිලිපීනය ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයෙන් ගමන්කරන වෙළඳ නැවු සඳහා බෝට්ටු මගින් රැගෙන විත් ගැහැණු ළමයින් විකිණීමද සිදුවේ. නැවේ සියලුදෙනාගේ භාවිතයෙන් පසු නැවෙන් නැවට, වරායෙන් වෙනත් නැවු වලට මාරු කෙරෙන මෙම මිනිස් ජිවිත වලට අවසානයේ කුමක් සිදුවනවාද යන්න කිසි තැනක වාර්තා නොවේ. මේ අනුව ගත්කල ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුලින් ලැබෙන ප්‍රතිලාභ ඉක්මවා ගිය ගැටළු බොහොමයක් පැන නගියි.
එසේනම් එවෙනුවට කලයුතේ රජය මැදිහත්ව නිවැරදි ලිංගික හැසිරීම් ප්‍රවර්දනය, උපත් පාලනය, ලිංගික රෝග නිවාරණය සඳහා උපදේශන, අනවශ්‍ය ලිංගික වාරණයන් සඳහා වන නීති ඉවත් කිරීම (චිත්‍රපට), තරුණ තරුණියන් සඳහා පමණක් නිදසේ සිටිය හැකි උද්‍යාන සැකසීම, මිශ්‍ර පාසල් ප්‍රවර්ධනය වැනි කරුණු දැක්විය හැකියි.
එහෙත් ලංකාවේ මෙවැනි කරුණ ක්‍රියාත්මක කරනු වෙනුවට ගාලු කොටුව, ගාල්ල ධර්මපාල උද්‍යානය, මාතර සහ කළුතර වෙරළ තිරයන්ගේ සිටින තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම, සවස් 6 ට විශ්ව විද්‍යාල තුල පිරිමි ළමයින් සමග කතාකරමින් සිටිවරදට බලහත් කාරයෙන් රෝහල්ගතකර විශ්ව විද්‍යාල සිසුවියන්ගේ කන්‍යාභාවය පරික්ෂාකිරීම. සරම ඔසවා යට ඇදුම් ඇඳ තිබෙනවාදැයි බලන්නාක් මෙන් බලහත් කාරයෙන් ජංගම දුරකථන, පරිඝනක, ලැප්ටොප් තුල ඇති නිරුවත් දර්ශන සොයා උසාවි දැමීම. පෙම්වතුන් විසින් බලහත් කාරයෙන්, රැවටීම තුලින්, විශ්වශයමත හෝ පෙලඹවිම මත පෙම්වතියන් නිරුවත් දර්ශන සඳහා පෙනී සිටීම මත එම ගැහැණු ළමයිගේ චායාරූප පත්තර ඇතුළු මාධ්‍ය මගින් ප්‍රචාරයට පත්කිරීමයි.
මෙම හෙළිකිරීමෙන් පසු සමාජයට මුහුණ දිය නොහැකිව සියදිවි හානිකර
Sent from Samsung Galaxy SIII
Reply all
Reply to author
Forward
0 new messages