Re: හිතන්න දෙයක් නැති නම් යාචකයන් ගැන හිතන්න

25 views
Skip to first unread message

විමල්

unread,
Sep 17, 2009, 12:34:02 PM9/17/09
to sinhala...@googlegroups.com, helah...@googlegroups.com, san...@googlegroups.com, san...@googlegroups.com, SinhalaFr...@googlegroups.com
ඔන්න සංවාද සඳහා වෙන් වූ සමූහයන්ට යොමු කරා
පිලිගනීවි නේද?

 
On 17/09/2009, Darshana Gunawardana <darsh...@gmail.com> wrote:
ඇත්තටම අධ්‍යයනයට වටින මාතෘකාවක්.....

උනන්දු වන්නන්ට,
මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ "ශ්‍රී ලංකාවේ යාචකයා" සහ "මනුෂ්‍ය ප්‍රේතයන් සමග කල දුෂ්කර ක්‍රි‍යාවක්" කියන පොත් දෙකේත් මේ සංවිධානාත්මක ව්‍යාපාර ගැන හොද විස්තරයක් අඩංගු වෙනවා. පුළුවන් නම් හොයාගෙන කියවන්න.

මේ පිළිබදව මා ලියූ ශ්‍රී ලංකාවේ යාචක ව්‍යාපාරය ලිපිය > http://darshana4it.com/blog/?p=251

Lanka-e-Newsහී පළ වී තිබී, බින්කු නාරද සොයුරා විසින් පරිවර්තන කර “බිன்kuගේ සිත් කොදෙව්ව” හි පළ කල “ලාකේය නුතන යාචක මාෆියාව හා සමාජ විෂමතාවය” ලිපිය >> http://binkulife.blogspot.com/2009/07/blog-post_13.html
 
On 16/09/2009, Ilanka Kularathne <ila...@gmail.com> wrote:
මමත් ශාන්තගේ අදහසට එකග වෙනවා.

මම හිතන්නේ ඔවුන් බොරුවක් කලද, අපට ඒ ගැන නොසිතා කිසියම් ආකාරයක උපකාරයක් කිරීම කල හැකිනම් එය අගනේය.

ඒ ඇයිදැයි කියනවානම්, ඕනෑම යාචකයෙකු තම ලජ්ජාව අතහැර දමා අපහ‍ට අතපෑම කල හැක. මෙය  අප බොහෝ දෙනෙකුට කල නොහැකි දෙයකි.

කෙසේවෙතත්, හිතවත් විමල් ගේ උපදෙස් අනුව යමින් මාගේ අදහස් දැක්වීම මින් අවසන් කරමි.

ඉලංක.
 
 
 

On 17/09/2009, Supun Perera <supun....@gmail.com> wrote:

හොඳ මාතෘකාවක්....

කෙටියෙන් උත්තර දෙනවානම්....

සුද්දගෙ කාලෙ අපට නැව එනකන් බලා ඉන්න පුරුදු වුනා (සහ පුරුදු කලා).  ඒක තමයි තාමත් අනුන්ට අත පාන එක ගැන ලැජ්ජාවක් නැත්තෙ...  ඉස්සර යාචකයෙක් කිව්වෙ ඇත්තටම අසරණ වෙච්ච අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක් එහෙමත් නැත්තං කිසිත් කර කියා ගන්න බැරි කෙනෙක්.

ඒත් දැන්... හැම ප්‍රධාන බස් නැවතුමකදීම එක්කෙනෙක් නගිනවා.... එක්කො මොකක් හරි ආබාධයක් නිසා, එහෙමත් නැත්තම් දරුවගෙ ඔපරේෂන් එකට මදි පාඩුවක් සොයා ගන්න "තාවකාලික" හිඟමනක් ඕන නිසා, වගේ මොනව හරි තියෙනවා....

මම නම් කරන්නෙ හිත පහදවාගෙන, මට ඉස්සෙල්ලම හම්බ වෙන යාචකයට කීයක් හරි දෙනවා... එච්චරයි.  (හැබැයි කසිප්පු මූණක් තියෙන අයට නම් සත පහක් දෙන්නෙ නැහැ...)  වැඩිය හිතන්නෙ නැහැ, මේ මනුස්සයා කියන්නෙ ඇත්තද කියලා.... මගෙ චේතනාව හොඳ නිසා මට පිනක් සිද්ධ වෙයි.  ගත්තෙ වංචාවෙන් නම්, ගත්ත මනුස්සයට පව් සිද්ධ වෙයි...... එච්චරයිනෙ.

මම පුද්ගලිකව හිතන්නෙ නම් තමන්ගෙ ප්‍රශ්න වලට අනුන්ගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙන එක තමන්ටත්, අනුන්ටත්, රටටත් වදයක් කියලයි...

සුපුන්

2009/9/16 Geeth Senewiratna <senew...@gmail.com>
 
 

දරිද්‍රතාවයද, ආර්ථික අවපාතයද, රැකියා විරහිත භාවයද, කම්මැලි කමද, පහසු අපහසුකමද යනාදියෙන් නිශ්ශිත හේතුවක් හේතුවක් ‍හදුනාගත නොහැකි වූද දිනෙන් දින මගතොටේ හමුවෙන යාචක පුද්ගලයන් ගේ වැඩිවීමක් මිස අඩුවීමක් පෙනන්නට නොමැති නියාවෙන්ද එහි සිතන්නට යමක් මා සතුවිය.

නානාවිද යාචකයන් නානාවිද රංගනයන්ගේ යෙදෙන අතර සාම්ප්‍රධායික කවි ගී විරිදු ආදි දුක් අදෝනා පරයමින් වර්තමානයේ කාලයාත් සමග නවීකරණය වූ රංගන විලාසයන් දැක ගත හැකි වන්නේය. ඒ අතරින් මගතොට බහුලව දැකීය හැකි රංගනයන් කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකිය.

·         අත දරුවන් රංගන උපකාරයන් බවට පත් කර ගැනීම.

·         ආලෝක සංඥා පද්ධති අසල වාහන තදබදය ප්‍රයෝජනයට ගැනීම.

·         තම දරුවන් ගේ අසනීප තත්වයන් හා රෝග වාර්ථාවන් ඉදිරිපත් කිරීම.

·         අත් පත්‍රිකා බෙදා දීම.

·         මනා ලෙස හැද පැළද ගත් වැදගත් පුද්ගලයකු ලෙස හැසිරීම.

ඉහත සදහන් කල හා නොකල කුමනාකාරයට පැමිණියත් මෑත කාලයේ දක්නට හැකි වීශේෂිතම ලක්ෂණය නම් ඉතාමත් මනබදනා හා ලගන්නා ආකාරයට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් හා රංගනයන් ඉදිරිපත් කිරීමය. “හිගන්නන්ගේ මොන ලගන්නාවක්ද” කියා කෙනෙකුට තර්ක කල හැකිය. එය නිවැරදි තර්කයක් වීමට පුළුවන නමුත් මා මෙහිදී පහදන්න උත්සහ ගන්නේ ඉතාමත් රළු පරළු මනුස්සයකුගේ උවද හද පැහැර ගන්නා සුළු ආකාරයෙ රංගනයන්ගේ යෙදීමට ඔවුන් සමර්ථකම් පානා බවය.

ඉතාමත් රළු පරළු මනුස්සයකුගේ දර දඩු ගල් හිතක් උවද චීස් බටර් මෙන් උණුකර දියකර ඔවුන්ගෙන් පවා ගානක් කඩා ගන්නා ආකාරයට ද සත්‍ය අසත්‍ය වංචාව ප්‍රෝඩාව කවරක් හෝ වේවා ඉතාමත් අධි තාත්විකව ඒ ඒ භාවයන් ඉදිරිපත් කිරීමට වර්ථමාන යාචකයා තමාගේ ප්‍රාසාංගික හැකියාවන් පෝෂණය කරගෙන සිටී. එය සුපර් ස්ටාර්ස්ලා තෝරන වැඩසටහන් නැරබීමෙන් උකහා ගත් ප්‍රාසාංගික හැකියාවන් දැයි අපි නොදනිමු. ඒ කෙ‍සේමුත් ඒ ඉදිරිපත් කිරීම් හමුවේ අසරණ වන අප අපගේ අත රැදි කාසි කිහිපයක් හෝ නෝට්ටුවක් දික් කිරීමට තරම් පපු නැත්තෝ නොවෙත්. මෙසේ මුදල් ලබා දීමේන් අප ඔහුගේ වංචාවකට අහුවුනාය කියන් මතයේ නොපිහිටා මෙවන් අවස්ථාවක් හෝ සැගවී සිටි මනුසත් ධර්මය අවදි වූවා නේද යන මතයේ පිහිටන්නේ නම් යහපති.

එනමුත් මෙහි කාහටත් මතුපිටින් පෙනෙන පවු පින් වලට වඩා නොපෙ‍නෙන තව පවක් පිනක් හෝ හොද නරකක් සැගව තිබේ. ඒ නම්  අප ඉදිරියට අතපාමින් එන ඔවුන්ට අප සැලකිය යුත්තේ ඔවුන් නැතිබැරි කම් නිසාවෙන් සොරකම් නොකරන නිසාය, මැරකම් නොකරන නිසාය, මාල වලලු කරාබු කඩා නොගන්නා නිසාය, පික් පොකට් නොගසන නිසාය. ගණිකා වෘත්තියේ නොයෙදෙන නිසාය. අනාචාරයේ නොහැසිරෙන නිසාය.

එනමුත් එසේ අපට අතපාන කාහාටත් සැලකිය යුතුද? එක අතක් කැඩුනට එක කකුලක් අහිමි උනාට ශරීර ආබාධයක් නිසාවෙන් හෝ අසනීප තත්වයක් නිසාවෙන් ඔහුට වැඩක් පලක් කර ගැනීමට හැකියාවක් නැද්ද? තම ස්වාමියා තමාව හා තම කිරි දරුවන් අතහැර ගිය කාන්තාවන්ට අතපානවා හැර වෙන විකල්පයක් නැද්ද? ඔවුන්ට කරගත හැකි හා ගැලපෙන කිසිදු රැකියාවක් නැද්ද? රැකියා තිබුනත් අවස්ථාවක් නැද්ද? වෘත්තීය සුදුසු කම් තියෙන අයවලුත් රැකියා ප්‍රශ්නෙක සිටින වකවානුවක ආබාද වූවෙකුට අසනීප වූවෙකුට රැකියා අවස්ථාවක් ලැබෙයිද? තම දරැවන් රැකබලා ගනිමින් රැකියාවක නිරත විය හැකිද? ස්වයං රැකියාවක් කරන්න බැරිද? ස්වයං රැකියාවක් කරන්න තරම් ප්‍රාග්ධනයක් නැද්ද? ස්වයං රැකියාවක් කරන්න දන්නේ නැද්ද? ස්වයං රැකියාවක් හෝ රැකියාවක් කරන්න උනන්දුවක් නැද්ද? රැකියාවක් ලැබුනත් එමගින් ලැබෙන වේතනය ඔහුටත් ඔහුගේ රැකවළුන් පෝෂණය කරන්ටත් ඔහුගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීමටත් තරම් එය ප්‍රමාණවත්ද? රැකියාවක් කරනවාට වඩා වැඩිපුර හම්බ කරන්න පුළුවන්ද? නමුත් එ වැනි කිසිදු නොහැකියාවක් නොමැති කෙනෙකුට අප අත රැදි රුපියල හෝ දිය යුතුද? එවැනි කෙනෙක් හදුනා ගන්නේ කොහොමද? කාට උනත් දුන්දේ සුවදයි නේද?

යාචකයකුට රුපියලක් දීමේන් අපි ඔහුව යාචක වෘත්තීයට පෙලබවීමක් ඇති කලා නේද? එයින් රටට වැඩක් කල හැකි අයකුගේ ඇග අතපය බැද දැමීමට සහයෝගයක් දුන්නා වෙනවා නේද? ළමයින් රැගෙන පැමිණෙන අයට සැලකීමෙන් අපි ඒ ළමයින්ගේ ළමාකාලය සොරාගැනීමට සහයෝගයක් දුන්නා නේද? ඒ ළමයින්ව කුඩා කාලයේ සිටම යාචක වෘත්තියට මාර්ගෝපදේශයක් ලබාදීමට සහයෝගයක් ලබා දුන්නා නේද? රටට තවත් එක් කාලකණ්නියෙක් එකතු කිරීමට සම්මාදමක් කලා වෙනවා නේද? යාචක මව්වරුන් අතරැදි දරුවන් නිතරම නිදි ඒ ඔවුන්ට මත් ද්‍රව්‍ය ශරීර ගතකර ඇති නිසා බව ඔබ දන්නවාද? එහෙනම් අප, කිරිකැටියෙක් රෝගියෙක් කරන්ට සහයෝගයක් ලබා දුන්නා  නේද? අපි රෝගියෙකුට බෙහෙතක් ගන්න පුංවි සහයෝගයක් දුන්නා නේද? අසරණ අම්මෙකුට තම දරුවන් රැක ගන්න උදව්වක් කළා වෙනවා නේද? අසරණයෙකුගේ පවුලක් නඩත්තු කරන්න, උන්ගේ බඩට බත් ඇටයක් දාන්න උදවුවක් කළා වෙනවා නේද?

 සමහර විට ඔවුන් යාචක වෘත්තියට පිවිසෙන්න ඇත්තේ වෙන කිසිම විකල්පයක් නොමැති තැන වෙන්ට ඇති නේද? මානසික ආතතියකට ලක්වෙලා උපරිම වුන තැන සිය දිවි නසා ගැනීමට වඩා හිගා කෑම ප්‍රඥා ගෝචරයැයි සිතු නිසා වෙන්ට නේද? ගණිකා වෘත්තියේ යෙදෙනවාට වඩා හිගා කෑම ‍ගෞරවාන්විත යැයි සිතු නිසා වෙන්ට ඇති නේද?  හොරකම් කරන්ට මැරකම් කරන්ට බය නිසා වෙන්ට ඇති නේද?  එසේ නම්,

යාචකයකුට රුපියලක් නොදීමේන් හෙට තවත් එක් සිය දිවි නසා ගැනීමක් වාර්තා වෙයි නේද? ලබන අවුරුද්දේ තවත් බන්ධනාගාරයක් මේ පොළව මත ගොඩනැගෙයි නේද? අන්ධකාරයේ වීදි බසින ලදුන් අතරට අද හැන්දෑවට තවත් එක් කාන්තාවක් එකතු නොවේයි කියලා කියන්ට පුළුවන්ද?

ඔබට වෙන කල්පනා කරන්ට දෙයක් ඇත්තේම නැතිනම් හා කාලය වැඩිපුර ඇතිනම් ඔබට කාල වේලා ඇති හැකි පමනින් එවැනි එකකට එකක් පටහැනි මාතෘකා දහසකුත් එකක් ඔස්සේ කැමති මාතෘකාවක් තෝරාගෙන ඇති හැකි තරමක් කල්පනා කිරීමට කිසිදු තහනමක් නැත.

 

www.Geethge.Blogspot.Com






--

- Warm Regards
- Supun


sandun jayasinghe

unread,
Oct 30, 2009, 5:07:29 AM10/30/09
to helah...@googlegroups.com
thank you !
Reply all
Reply to author
Forward
0 new messages