මෙන්න ලිපිය ( සහය:-
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/)
වියමන
මෙපිට කොනට ලග්ගල මී මූරේයා ගමක වරුණ ජනකවියට හැරේයා
මධ්‍යම පළාතේ උඩදුම්බර මැතිවරණ බල ප්‍රදේශයට අයත්ව දුම්බර කඳුවැටිය
ඇසූරෙහි මීමූරේ නම් ඓතිහාසික ගම්මානය පිහිටා ඇත. මෙම ගම්මානය පිළිබඳව
චාරිකා සටහන් හා ගවේෂණාත්මක ශාස්තී්‍රය ලිපි ලේඛන වරින් වර විවිධ පූවත්පත්
සඟරා ආදියෙහි පළ වී ඇත. දුම්බර කඳු වළල්ල මායිම් කොට ගෙන ලකේගල නම්
ආශ්චර්යජනක ගිරි ශිඛරය කිරුළ ලෙස පැළඳ අක්ලිෂ්ට සෞන්දර්යයෙන් අනූනව වැජඹෙන
මීමූරේ ගම්මානයෙහිදී කෘෂි කර්මය ජීවනෝපාය කරගත් නිහතමානී වූත්, අව්‍යාජ
වූත්, ආගන්තුක සත්කාරයෙහි ලැදි අහිංසක ජන පිරිසක් හමූ විය හැකිය. කෙසේ
වෙතත් විවිධ බාහිර බලපෑම් ඔස්සේ සෙමෙන් සෙමෙන් වූවද නවීකරණයට ගොදුරු වන
ස්වභාවයක් මේ වන විට මෙම ගම්මානය තුළ ද දක්නට ලැබේ.
මෙම ලිපියෙහි අරමූණ මීමූරේ ගම පිළිබඳව ඓතිහාසික, ප්‍රවාදගත තොරතුරු හෝ
සමාජ විද්‍යාත්මක පසූබිම විෂය කොට ගෙන ගවේෂණාත්මක විවරණයක් ඉදිරිපත් කිරීම
නොවේ. මීමූරේ ප්‍රදේශයටම ආවේණික වූත්, අනන්‍ය වූත් ජන කවි සාහිත්‍යයක්
පිළිබඳව යම් හඳුන්වා දීමක් කිරීමය. මෙම ප්‍රයත්නයෙහිලා උපයෝගී කරගනූ ලබන
ජන කවි එම සොඳුරු ගම් පියසෙහි වෙසෙන ගැමි ජනයාගේ අධ්‍යාත්මය පිළිබිඹූ කොට
දක්වන දර්පන තලයන් බඳුය.
මීමූරේ ගමෙහි යෙදුණූ චාරිකා කිහිපයකදී ඇසූරු කරන්නට ලැබූණූ ගැමියන් කිහිප
දෙනකුගේ සහායයෙන් සපයාගත හැකි වූ එම ගම්මානයටම ආවේණික වූ ජනකවි කිහිපයක්
මෙහිදී උපයෝගී කර ගැනීමට අදහස් කළෙමි.
එසේ සොයා සපයා ගන්නා ලද මෙම ජනකවි විභාග කිරීමේදී ඒවා තුළ දක්නට ලැබෙන
විවිධත්වය හා විචිත්‍රත්වය ගැන අවධානය යොමූ කළ යූතුය. හාත්පසින් වට වූ
ගිරි ශිඛර, විසල් වන පියස, ගම මැද කෙත් යාය, ගලන දොළ දිය පාර, ගෙයින් ගෙය
අපූර්ව රටාවකට පිහිටූවා ඇති ගල්වැට ආදිය ඇසූරෙහි වැඩූණූ රසික ගැමි ජනයාගේ
මූවගින් නිකුත් මෙම ජන කවි ප්‍රධාන වශයෙන් කොටස් පහකට පමණ බෙදා දැක්විය
හැකිය.
1. ගමෙහි සීමා මායිම් පැහැදිලි කරන ජන කවි
2. ලකේ ගල පිළිබඳ වර්ණනා
3. ඓතිහාසික පූරාවෘත්ත පිළිබඳ කියැවූණූ කවි
4. ස්වභාව සෞන්දර්ය වර්ණනා
5. දුෂ්කර දිවි පැවැත්ම පිළිබිඹූ කෙරෙන කවි ආදී වශයෙනි.
පහසූව සලකා මෙසේ වර්ග කර දැක්වූවද බොහෝ ජන කවිවල ඉහත වෙන වෙනම දැක්වූ
අන්තර්ගතයන් සම්මිශ්‍රිතව යෙදී තිබෙන බව දක්නට ලැබෙයි.
ගමෙහි සීමා මායිම්
මීමූරේ ගමෙහි සීමා මායිම් පිළිබඳව කියැවෙන ජනකවි කිහිපයක් අපට අසන්නට
ලැබිණි.
එපිට කොනට කළු පානා කැලේයා
මෙපිට කොනට ලග්ගල මී මූරේයා
දෙසිය දෙකක් උස ඇති ගෝඹරේයා
සොඳයි පරකාස ලක මීමූරේයා
ගමෙහි එක් දිසාවෙක මායිම වන්නේ කළුපාන කැලෑවය. තවත් පසෙකින් ලග්ගල මී
අරණය. මී ගසින් ගහණ වන පෙතය. අඩි දෙසිය දෙකක් උසින් යූතු ගෝඹරේ කන්ද තවත්
පසෙකය. මේ සියල්ලටම වඩා ප්‍රකට මායිම ලකේගලය. එය මී මූරේ ගමෙහි
සංකේතාත්මක මායිම ලෙස සැලකිය හැකිය. ලකේගල ජන කවියා "ලක" යන කෙටි නමින්
හඳුන්වනූ බොහෝ ජන කවිවල දක්නට ලැබේ.
උඩ මොරටූව තුන් හිස් ගල ළඟ සැදුණා
කටූ කිතුල ද කිණිහිරි ගල වට සැදුණා
බම්බූ ගලද රයිතලාව ළඟ සැදුණා
මෙගල් තුනට නායක ගල ලක සැදුණා
මෙම කවියෙන් ගමට මායිම් ලෙස පිහිටි ගිරි කුළු කිහිපයක් ගැන කියැවෙයි.
තුන්හිස් ගල, කිණිහිරි ගල, බම්බූගල හා ලකේගල ආදී වශයෙනි. ඒවා පිහිටා ඇත්තේ
උඩ මොරටූව, කටූකිතුල, රයිතලාව යන ස්ථානවලය. ඉහත සඳහන් මායිම් කඳු අතර
ප්‍රධාන වනූයේ ලක හෙවත් ලකේගලය.
මීමූරේට දකුණූ දෙසින් කයිකාවල සැදුණා
නෙත් පිනවන ලකේ ගලද උතුරු දෙසින් සැදුණා
යස ඔබිනා සීතාගල නැගෙන හිරින් සැදුණා
මෙසියල්ලට බට හිරයෙන් ඇඳිරිගලද සැදුණා
මෙම කවියෙන් විස්තර වන මායිම් ඉතාම පැහැදිලි ස්වරූපයක් ගන්නේ ඒ ඒ මායිම්
පිහිටි දිසාවන්ද සඳහන් වන හෙයිිනි.
කයිකාවල නම් මූර කපොල්ල පිහිටියේ ගමෙහි දකුණූ දෙසිනි. නෙත් පිනවන ලකේගල
උතුරු දෙසින් පිහිටියේය. සීතාගල නැගෙනහිරට මායිම් වන අතර අඳිරිගල බටහිර
මායිම විය. මෙම ජන කවියෙහි සඳහන් වන ඇතැම් මායිම් පිළිබඳව සලකා බලන විට
ඒවායෙහි ඓතිහාසික හා ජනප්‍රවාදගත වටිනාකමක්ද ගැබ්වී ඇති බවක් හැඟේ. සීතාගල
නමින් කඳු ගැටයක් නම් කිරීම තුළ මෙම ප්‍රදේශය ආශ්‍රය කරගෙන ගොඩ නැගී ඇති
රාවණා වෘතාන්තයට සමීපතාවයක් සැඟවී ඇති බවක් හැඟේ. කයිකාවල එක්තරා කාලයකදී
සමූහ මූරපොළක් ලෙස පවතින්නට ඇතැයි අනූමාන කළ හැකිය. "කයිකාවල" නමින්
දිවයිනෙහි විවිධ ප්‍රදේශවල ස්ථාන රැසක් ප්‍රසිද්ධව ඇත. ඒවා ඒ ඒ ප්‍රදේශවල
සමූහ සෝදිසි මූරපොළ වශයෙන් පවතින්නට ඇත. කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින
යන සැළලිහිණි සඳෙස් කවි පදයෙත් ඒ බව පැහැදිලි වෙයි. ද්‍රවිඩ භාෂාවෙන් බිඳී
ආ පදයක් ලෙස මෙම "කයිකාවල" යන්න සැලකිය හැකිය. මේ අනූව සිතා බලන විට
මීමූරේ ප්‍රදේශය එබඳු මූර පොලක් සහිතව ආරක්ෂා කළ යූතු ස්ථානයක්ව පවතින්නට
ඇතැයි සිතිය හැකිය. කඳුකර වනගත ගම් පෙදෙසක් වූ මීමූරේ සමහර විට සතුරු
උවදුරුවලින් ආරක්ෂා වීමට ඇතැම් රාජකීයයන් විසින් යොදා ගන්නට ඇත. රාවණා
යූගයෙහි සිට මහනූවර යූගය දක්වාම වරින් වර මීමූරේ රාජකීයයන්ගේ ඇසූර ලැබූ
ගම්මානයක් බව ඇතැම් ජනප්‍රවාදවලින් තහවූරු වෙයි.
උතුරින් ලකේගල දකුණින් යහන් ගල
අවරින් කොරටූවේ කඳු වැටියසූකො මල
නැගෙන හිරින් මොර ගහ වැටූණ තැන ඇල
මෙලෙසින් අසන් මායිම් මෙගමට විපූල
මෙයද මීමූරේ ගමේ මායිම් පිළිබඳව වඩා පැහැදිලිව විස්තරයකි. ගමට උතුරු
මායිම ලෙස මෙම ජන කවියෙහිද සඳහන් කරනූයේ ලකේගලය. බටහිර මායිම කොරටූවේ
කඳුවැටිය ලෙස දැක්වෙයි. මොරගහ වැටූණ තැන ඇල නැගෙනහිරට මායිම් වෙයි.
නැගෙනහිර මායිම ලෙස කඳු ගැටයක් නොව ඇලක් සඳහන් වීම විශේෂත්වයකි.
ලකේගල වැනූම් ගමෙහි ප්‍රධාන මායිම ලෙස සැලකිය හැකි ලකේගල පිළිබඳව කෙරෙන
විසිතුරු වර්ණනාත්මක කවි වෙනම සාකච්ඡාවට ගත යූතු තරම් සූවිශේෂ භාවයකින්
යූක්ත වෙයි.
කේතු රූපාකාරව අහස් තලය දෙසට යොමූව විජෘම්භමානව නැගී සිටින ලකේගල දුටූවන්
තුළ බිය සැක උපදවයි. ඒ නිසාම එය ගැමියන්ගේ සිත් තුළ ගූඪ හැඟීමක් ජනිත
කරවයි. ඔවූන් තුළ භක්ති පූර්වක හැඟීම් පූබූදු කරවීමට එම ගූඪ හැඟීම් රුකුල්
දෙයි. එහෙයින් ගැමියාගේ සිතෙහි ලකේගල පූජනීය ස්ථානයක් ලෙස සටහන් වෙයි.
ලකේගල මූදුනෙහි දාගබක් බැඳීම සූදුසූ යැයි ඔහූට සිතෙනූයේ එහෙයිනි.
දුකේ බැරිය ඇස ඇරලා බලන්නට
සැකේ බැරිය පද කරලා කියන්නට
බයේ බැරිය කළු ගල මත නගින්නට
ලකේ ගල සොඳයි දාගැබ බඳින්නට
ඉහත සඳහන් ජන කවියෙහි පද මඳක් වෙනස් කොට ගායනා කළ ගැමියෙක්ද අපට හමූවිය.
බයේ බැරිය මේ ගල දෙස බලන්නට
අනේ බැරිය මේ ගල වට දුවන්නට
දුකේ බැරිය පද කරලා කියන්නට
ලකේ ගල සොඳයි රන් කොත් පළඳින්ට
පද වෙනස් වූවද මූලික සංකල්පය විසින් මෙම කවිය ද පළමූ කවිය හා සමවෙයි.
ලකේගල පිළිබඳ ගැමියා තුළ උපන් භය ඃ භක්තිය මෙහි "රන් කොත් පළඳින්ට"
යන්නෙන් වඩාත් කුළුගැන්වෙයි.
ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පූද්ගලයාගෙන් පූද්ගලයාට, අවධියෙන් අවධියට යම් යම්
විපර්යාසයන්ට ලක්වීම ජන කවියට ආවේණික නම්‍යතා ලක්ෂණයකි. පහත දැක්වෙනූයේ
ඉහතින් විස්තර කළ කවියම වෙනස් ස්වරුපයකින් ඉදිරිපත් වීමකි.
ගලේ උස බෝය ගල උඩ නගින්නට
ගලේ වට බෝය ගල වට දුවන්නට
සිතේ සැක බෝය පද කර කියන්නට
ලකේ ගල සොඳයි දාගැබ බඳින්නට
ගලේ උස් බව පූළුල් බව තරණය කළ නොහැකි බව මෙම කවියෙන්ද කියැවෙයි. එහෙත්
කවියා ගේ පද යෝජනයෙහි අලංකාර භාවයක්ද එහෙයින් රිද්මයෙහි හෘදයංගම භාවයක්ද
මෙම කවියෙහි දක්නට ලැබෙයි. මෙහි ප්‍රාසවත්ව යෙදී ඇති "බෝය" යන්නෙන් ගැමියා
ගේ බැහැපත් බව භය ඃ භක්තිය වඩා තීව්‍ර ස්වභාවයෙන් පළ වෙයි.
ලක් බලන්ට යමූ අපි අද කෝරාලේ
සක පිඹින්ට රිසි වූණූ දෙවියන් දෑලේ
තොට බලන්ට බසිමූද ඔරුවට රාලේ
ලක ඔබින්ට මීමූරෙ ගම යස රාලේ
මෙම ජන කවියෙහි කථිකයා කෝරාල නමැති සගයා අමතා තමා සමඟ ලකේගල බැලීමට යාමට
ඇරියූම් කරයි. ලකේගල දැලේ සිට සක් පිඹින්නට දෙවියන්ද රිසි පළ කළ බව ඔහූ
කියන්නේ තම සගයා ගමනට පොළඹවා ගැනීමට විය යූතුය. ගලෙහි ඇති විසිතුරු ද
අනූහස් සහගත බවද එයින් පළ වෙයි. ලකේ ගල බලා තොටූපල නැරඹීමට යාමද කථකයාගේ
යෝජනාවකි. එය පිහිටියේ මීමූරේ ගමට නූදුරු හීන් ගඟේ විය යූතුය. ලකේගල
නැරඹීමට එන විනෝදකාමී මිතුරන් දෙදෙනකුගේ සූහද බව මෙහි ජන කවියෙන් ගම්‍ය
වෙයි.
ගල දෑලේ හිඳ සක් පිඹින්නට තරම් දෙවියන් පෙළඹූණූ ආකාරයක් ප්‍රකාශ වීම
තුළින් ලකේගල ගැමියන් තුළ ඇති කළ භක්ති පූර්වක ආකල්පය පළට කෙරෙයි. "ලක
ඔබින්ට මීමූරෙ ගම යසරාලේ" යනූවෙන් මෙම කවියෙහි අවසාන පාදයෙන් මීමූරේ ගමද
ලකේ ගලටම ගැලපෙන ලෙස සූන්දර බව ගම්‍ය වෙයි.
ඌරුගල ද වෑගල කන්ද දුනූ විල
වෑගල නවද ගල මැද මහනූවර ගල
සීතල සූළං අසබඩ කන්ද රන් ගල
පාමූල තිබේ උඩ දුම්බරලකේ ගල
මෙම පද්‍යයෙහි මීමූරේ අවට ප්‍රදේශයේ පිහිටි කඳු පර්වත පමණක් නොව තරමක්
දුරින් එහෙත් දුම්බර ප්‍රදේශයෙහිම පිහිටි වෙනත් පර්වත ද සඳහන් වෙයි. බැලූ
බැල්මට මෙය කඳු පර්වත ලැයිස්තුවකි. එහෙත් එහි අවසාන පාදයෙහි ලකේගල හඳුන්වා
දී ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ ලකේගල රසික මනසෙහි අවධාරණය කිරීම සඳහාම
සෙසූ කඳු ලැයිස්තුව ගොඩ නගා ඇති බවය.
ජනප්‍රවාද හා පූරා වෘත්ත මීමූරේ ගම පිළිබඳ ඓතිහාසික තොරතුරු හා
ජනප්‍රවාදගත පූරාවෘත්ත හෙළි කරන එහි විසූ ගැමි කවියන් විසින් නිර්මාණය වී
ඇත. මෙහිලා රාවණා පූරාවෘත්තයට අදාළ ලංකාපූරය ලකේගල ආසන්නයෙහි පිහිටා තිබූණ
බවට ඉදිරිපත් වන මතය තහවූරුකරන ජනකවි ඉදිරිපත් කළ හැකිය.
උයන්ගමූව පෙර සිට වැව් බන්දානා
රාම සැරෙන් එන වෙඩි සැර අසමානා
රාවණා යූදට වෙඩිසැර බිම්බානා
ඉල් මස අඳුර මීමූරෙ ලක දුම්බානා
රාම සැර, රාවණා යූද්ධය ආදිය ගැන මෙහි සඳහන් වෙයි. උයන්ගමූව වැව්
බැඳිපියසක් ලෙස ඇඟැවෙයි. මෙම පද යෙදුම් තුළින් මෙය රාවණා අඩවිය බවට ඉඟියක්
ලැබෙයි.
උසට උසට පෙනූණා මාතලා ගල
සතර පැත්ත සැස්සා වැනි ලකේ ගල
දෙවියන් ගේ විමනක්දෝ මෙතැන බල
රාවණාට මග සැදුණේ ලකේ ගල
මෙම කවියෙන් ලකේගල රාවණාට මග තැනූ ස්ථානයක් ලෙස දක්වා ඇත. රාවණ රජූ දඬූ
මොණරය නම් ගුවන් යානයකින් ගමන් ගිය බව කියනූ ලැබේ. දඬූ මොණර යානයෙන්
ගුවනින් එද්දී ලංකාපූර දෙසට මඟ පෙන්වන මං සලකුණ ලෙස ලකේගල භාවිතා කරන්නට
ඇත. දඬූ මොණරය ලංකාපූර රාජධානියට සේන්දු වන්නට ඇත්තේ මෙම ගිරි ශිඛරය ඉලක්ක
කරගෙන වන්නට ඇත. ඒ අනූව "ඉලක්ක ගල" හෙවත් ලකේගල වන්නට ඇති බවට පළවී ඇති
මතය සාධාරණීකරණය කළ හැකි වනූ ඇත.
ස්වාභාව සෞන්දර්ය වර්ණනා
මීමූරේගම හා ඒ අවට ස්වභාවික පරිසරයෙහි සෞන්දර්යය පිළිබිඹූ කෙරෙන ජන කවිද
සොයා ගත හැකිය.
කළුපානා කන්දෙන් කළු ගඟ සැදුණා
එම පානා ජල සමූදුර එකට වූණා
දඬූ ලේනා අත්තෙන් අත්තට පනිනා
බල ගෝනා බලසක දලු අගින කනා
කළු පහණ කන්දෙන් පහළට රූරා ගලා බසින කළු ගඟේ ජලය සමූදුර දක්වා ගලා යන
ආකාරයත් දඬූ ලේනා අත්තට පැන පැන ආකාරයත් ගෝනූන් දලු අගින් කඩා කන ආකාරයත්
විවේකීව නිරීක්ෂණය කළ හැකි අහිංසක රසකාවි මනසක් මීමූරේ ජන කවියාට තිබූණ
බව මෙම කවියෙන් මැනැවින් තහවූරු කෙරෙයි. ජන කවිය ස්වාභාවික පරිසරයෙහි වූ
සජීවී අජීවී සෞන්දර්යයෙන් රංජිත වූ ආකාරය පැහැදිලිය. කළු පහණ කන්දෙන් පහළ
බසින කළු ගඟෙහි ඉදිරි ගමන මහ සමූදුර දක්වා යොමූ වන ආකාරය පිළිබඳ
චිත්තරූපයක් මවා ගැනීම තුළින් අපූර්ව පරිකල්පන ශක්තියෙන් යූතු කවිත්වයක්
පළ වෙයි.
සූරිය උදාවන විට ලක ගල මූදුනේ
බැලුවම මැණික් නිවසේ රුව වට දිලුණේ
බින්තැනි පස් පලාතට මේ ගල පෙනූණේ
සෑම සියලු දෙවි නිවහන ලෙස යෙදුණේ
ලකේ ගලට ඉහළින් ඉර උදාවී එද්දී ජන කවියා තුළ උපන් චමත්කාර ජනක හැඟීම් මෙම
කවියට පාදක වී ඇත. මෙයද ලකේගල පිළිබඳ වර්ණනාවකි. එසේ වූව ලකේගල පිළිබඳ
සෙසූ වර්ණනාවනට වඩා සියූම් වින්දනාත්මක වූ ස්වභාවයක් මෙම පද්‍යය තුළින්
ප්‍රකට කෙරෙයි. සූර්යයා ගල මූදුනින් පායා එද්දී ලකේගල මැණික් නිවසක
සිරියෙන් දිලෙයි. එබඳු අලංකාර ගිරි කුළ බින්තැනි පස් පලාතටම පෙනෙයි. මෙය
දෙවියන් ගේ නිවහනක් හෙවත් දිව්‍ය විමානයක් ලෙස ජන කවියාට පෙනෙයි.
කටූක ජීවන රටාව
තුඟු ගිරි ශිඛර, මහ වන ලැහැබ් අතර කොටූ වූ මීමූරේ දුෂ්කර ගම්මානයකි. එහි
වෙසෙන ගැමියාගේ දිවි පෙවෙත කටූකය, දුෂ්කරය. හූදෙකලා වූ ජීවිතය තුළ විඳිය
යූතු වූ අපමණ දුක් ගැහැට පිළිබඳව කලකිරීම පළ කෙරෙන නිර්මාණද මීමූරේ ජනකවි
අතර වෙයි. ඇතැම් විටෙක මීමූරේ ගම හැර දමා යන්නට තරම් දුෂ්කරතා එහි
ගැමියනට දැනූණ බව සමහර ජනකවිවලින් ගම්‍ය වෙයි. විඳින්නට සිදුව ඇති
දුෂ්කරතා ඉවසිය නොහැකි වූ ගැමි කවියකුගේ මූවින් නැගුණූ මැසිවිල්ලකි පහත
සඳහන් කවිය.
එල්ල පාඩූ නැති මීමූරේ ගමට වෙලා
බෙල්ල කැඩෙයි ගල් කඩ හෙළෙ වී ඇදලා
ගොල්ල සමඟ නෑදෑයන් එකතු වෙලා
යන්ට යමවූ මීමූරෙ ගම හැර දමලා
ගල් මූල් හෙල් කඳු සහිත මීමූරේ ගම තුළ ජීවිතයේදී විඳින්න සිදුවන දුෂ්කරතා
පිළිබඳ චිත්තරූපයක් මෙම ජන කවිය අසන්නකුගේ මනැසෙයි ඇඳෙයි. "බෙල්ල කැඩෙයි
ගල් කඩ හෙළෙවී ඇදලා" යන පදයෙහි එන "බෙල්ල කැඩෙයි" යන යෙදුමෙන්, ගැමිය
විඳින පීඩාව මැනැවින් ධ්වනිත වෙයි. කෙසේ වෙතත් මෙම ජනකවිය තුළින් ගැමියන්
තුළ වූ සාමූහික හැඟීමද ව්‍යංගයෙන් ප්‍රකාශ වෙයි. "ගල්කඩ හෙළෙහි" වී
ඇදීමෙන් වෙහෙසට පත්වන ගැමියා තමා පමණක් එයින් නිදහස් වීමට නොසිතයි. ඔහූට
ගම හැර දමා තනියට යාමට නොහැකිය. එහෙයින් ඔහූ යෝජනා කරනූයේ.
"ගොල්ල සමඟ නෑදෑයන් එකතු වෙලා
යන්ට යමව් මීමූරෙ ගම හැර දමලා"
යනූවෙනි. මෙහි එන "යන්ට යමව් යන්නෙන් ගැමියා තුළ වූ නොඉවසිල්ල පළවෙයි.
මීමූරේට තරමක් දුරින් පිහිටි ගල මූදුන ගම්මානය ද මහ වනයෙන් වට වූද අතිශය
දුෂ්කර වූද ප්‍රදේශයකි. කෙසේ වෙතත් මීමූරේට වඩා එහි යම් පහසූවක් හා
සශී්‍රක බවක්ද ඇතැයි ගැමියකුට සිතෙයි. ගම ගැන අසා ඇතත් ඔහූ ගල මූදුන ගමට
යනමග නොදනියි. සමහර විට ඔහූගේ බිරිඳ ඒ ගම පිළිබඳ තොරතුරු දැන සිටින්නට ඇත.
"රොටියක් උයාපන් බඩ ගින්නට කන්ට
රූපිටි නොකර ඉව්වොත් පූළුවනි කන්ට
මානක් කියාපන් මේකෙන්ගැල වෙන්ට
පාර කියාපන් ගල මූදුනට යන්ට"
මීමූරේ හැර දමා ගල මූදුන නම් ගමට ගොස් වඩා පහසූ ජීවිතයක් ගත කිරීමට සිතන
ගැමියා ඒ සඳහා තම බිරිඳගේ සහයෝගය පතයි. ගල මූදුන වෙත ළඟාවීමට බෝ කාලයක් ගත
වෙයි. එහෙයින් ඔහූ අතර මගදී කුස ගිනි නිවා ගැනීමට රොටියක් උයාදෙන ලෙසත්,
දැනට විඳින්නට සිදුවී ඇති දුක් පීඩාවලින් මිදීමේ උපායක් කියාදෙන ලෙසත් ගල
මූදුනට යන්නට මඟ කියන ලෙසත් බිරියගෙන් ඉල්ලා සිටී.
දිවයිනෙහි එක්තරා ගම්මානයක් තුළ කොටූ වී දුක් පීඩාවලට ලක් වෙමින් එහෙත්
ස්වභාව ධර්ම මාතාවට ලෙන් ගතුව වෙසෙන ජන රැසක නිර්මාණ කුසලතාව හෙළි කරන, එම
ප්‍රදේශයට ආවේණික මෙම ජනකවි මැනැවින් සංරක්ෂණය කොට රැකගත යූතු යැයි සිතමි.
සාලිය ගුණවර්ධන
21, දොඹගම්මන පූජාපිටිය.
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...