දවසේ කවිය

156 views
Skip to first unread message

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 11:07:16 AM7/19/08
to හෙළ හෙළිය
ආයුබෝවන්,

දිනපතා කියන කවිය බ්ලොග් එකකට එක් කරන්න පටන් ගත්තා.

http://helaheliya.blogspot.com/

ශ්‍රීශානුගේ කවිය එනකම් බලාගෙන ඉන්නේ.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

රාජිත (Rajitha)

unread,
Jul 19, 2008, 1:32:12 PM7/19/08
to helah...@googlegroups.com
තව පැයයි ගත වීමට ඇත්තෙ.

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 1:44:23 PM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 11:02 PM, රාජිත (Rajitha)
<rajitha...@gmail.com> wrote:
>
> තව පැයයි ගත වීමට ඇත්තෙ.

රජිත්, කවියක් කියමු ද? ;-)

Ishan Liyanage

unread,
Jul 19, 2008, 2:14:39 PM7/19/08
to හෙළ හෙළිය
මම කියන්නද?

On Jul 19, 10:44 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> On Sat, Jul 19, 2008 at 11:02 PM, රාජිත (Rajitha)
>

Ishan Liyanage

unread,
Jul 19, 2008, 2:20:33 PM7/19/08
to හෙළ හෙළිය
සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ..
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ..
මලකා අලුව ගිය ආයුද කැබලි පෙනේ..
දෙවියෙකු නැතත් එහි බලයක් තිබෙනු දැනේ..

මතකද මේ කවිය?

පසු වදන.: සමහර අකුරු වැරදිනම් සමා වෙන්න...

Rajith Vidanaarachchi

unread,
Jul 19, 2008, 2:48:27 PM7/19/08
to helah...@googlegroups.com
මුලින්ම බුදුන් වැඳ අරඹන්නට යි අදහස

සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳූ
අවනත සුර මත මිණි තර සර පුබුදූ
දිගු රතැඟිලි දළ පෙළ මොක් සුවඳ රැඳූ
සිය පත සිය සිය පත සිය පත නමඳූ

--- සුභාෂිතයේ ඇරැඹුම් කවිය, මුලින්ම කියැවූ දිනේ මෙහි සිව් වන් පදය සිත් ගත්තා, එබැවින් අද දවසේ කවියට මෙය ඉදිරිපත් කරන්නට සිත් වුණා෴
අදහස් පවසන්නට ඔන්න පැය විසි හතරර්ක්ම තියෙනවා෴ 

--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 10:10:02 PM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 11:50 PM, Ishan Liyanage <ish...@gmail.com> wrote:
> සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ..
> කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ..
> මලකා අලුව ගිය ආයුද කැබලි පෙනේ..
> දෙවියෙකු නැතත් එහි බලයක් තිබෙනු දැනේ..

ඔන්න බ්ලොග් එකට දැම්මා.

වෙනස් කිරීම්:

නොමවන => නොම වන
මලකා => මල කා
අලුව => කලු ව
කැබලි => කැබැලි
දෙවියෙකු => දෙවියකු

කුමාරගමයන් සමහර විට "කැබලි" කියා ලියන්නට ද ඇති.

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 10:13:55 PM7/19/08
to helah...@googlegroups.com
2008/7/20 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

>
> මුලින්ම බුදුන් වැඳ අරඹන්නට යි අදහස

මේ ආරෙන් (සම්ප්‍රදායෙන්) ඉවත් වූයේ කව් සිළුමිණ පමණයි නේ ද?

> දිගු රතැඟිලි දළ පෙළ මොක් සුවඳ රැඳූ

මෙය "රත'ඟිලි" විය යුතු ද?

Ishan Liyanage

unread,
Jul 19, 2008, 11:50:49 PM7/19/08
to හෙළ හෙළිය


On Jul 19, 7:10 pm, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> On Sat, Jul 19, 2008 at 11:50 PM, Ishan Liyanage <isha...@gmail.com> wrote:
> > සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ..
> > කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ..
> > මලකා අලුව ගිය ආයුද කැබලි පෙනේ..
> > දෙවියෙකු නැතත් එහි බලයක් තිබෙනු දැනේ..
>
> ඔන්න බ්ලොග් එකට දැම්මා.

ස්තුති... ;-)

>
> වෙනස් කිරීම්:
>
> නොමවන => නොම වන
> මලකා => මල කා
> අලුව => කලු ව
> කැබලි => කැබැලි
> දෙවියෙකු => දෙවියකු
>
> කුමාරගමයන් සමහර විට "කැබලි" කියා ලියන්නට ද ඇති.
>

සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලේ පාඩම් කරපු මතකයෙන් ලිව්වේ. වැරදි වලට
සමාවන්න.. :-)

ඉෂාන්

Ruki - රුක්ෂාන්

unread,
Jul 20, 2008, 12:12:01 AM7/20/08
to helah...@googlegroups.com
‍මෙය ‍පූර්ව ස්වර ලෝපර සංධි‍ය නොවේ ද? (පෙර සර ලොප් සන්දිය කිව්වොත් නිවැරදි ද?)

රතු + ඇඟිලි = රත් + උ + ඇඟිලි = රතැඟිලි

ඔබ කීවේ කවියේ මුල් පිටපතේ තිබෙන්නේ "රත'ඟිලි" ලෙසින් කියා ද?

- රුක්ෂාන්

Rajith Vidanaarachchi

unread,
Jul 20, 2008, 3:18:30 AM7/20/08
to helah...@googlegroups.com
සමහර තැනෙක රතඟිලි කියා ද, තවත් තැනෙක රතැඟිලි කියා ද, ඇත෴ දෙකෙන්ම නිවැරදි අදහස ලැබෙන නිසා හරි එක කුමක් දැ යි නො දනිමි.

Rajith Vidanaarachchi

unread,
Jul 20, 2008, 4:24:36 AM7/20/08
to helah...@googlegroups.com
නොමවන => නොම වන
මලකා => මල කා
අලුව => කලු ව
කැබලි => කැබැලි
දෙවියෙකු => දෙවියකු

මෙතැන යෙදිය යුත්තේ "කලු" කියා ද? "කළු" කියා ද?
කලු යනු ප්‍රිය යන අදහස ගෙන දේ෴
කළු යනු එනම් පැහැය යි෴

එ නිසා මල කෑමෙන් විය යුත්තේ කළු නේ ද?

රාජිත (Rajitha)

unread,
Jul 20, 2008, 4:56:28 AM7/20/08
to helah...@googlegroups.com

කලු  යන්නට කාලය යන අරුතත් තිබෙනවා නොවෙද?
කලුරිය = කාලයාත්‍රා.

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 5:17:02 AM7/20/08
to helah...@googlegroups.com
On Sun, Jul 20, 2008 at 12:48 PM, Rajith Vidanaarachchi
<rajith.vid...@gmail.com> wrote:
>
> සමහර තැනෙක රතඟිලි කියා ද, තවත් තැනෙක රතැඟිලි කියා ද, ඇත෴ දෙකෙන්ම නිවැරදි
> අදහස ලැබෙන නිසා හරි එක කුමක් දැ යි නො දනිමි.

හතර වැනි මත "ත" යන්න වී එළිවැට ලැබෙන බැවිනි "රතඟිලි" දැයි විමසුවේ. මෙ
වන් කවි පොත් වල මුල සහ අග එළිසමය/එළිවැට නොමැති කවි ඇත්තේ කලාතුරකින්
බැවිනි.

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 5:23:52 AM7/20/08
to helah...@googlegroups.com
On Sun, Jul 20, 2008 at 9:42 AM, Ruki - රුක්ෂාන් <ruk...@gmail.com> wrote:
>
> ‍මෙය ‍පූර්ව ස්වර ලෝපර සංධි‍ය නොවේ ද? (පෙර සර ලොප් සන්දිය කිව්වොත්
> නිවැරදි ද?)

එය "පෙර සර ලොප් සඳ" නමි.

"පෙර සර ලොපා පර සර ගතට පැමිණවූ බැවින් පෙර සර ලොප් සඳ නම්" කියා සිදත්
සඟරාවේ ඇති බව යි මතක. මේ දිනවල ගෙදර පොත් ගුලේ පොත් පිළිවෙල වෙනස් වී
ඇති නිසා පොත සොයා ගන්න අපහසු යි.

බලන්න, "ලොපා" යයි ක්‍රියා පදයක් ලෙසින් යොදා ඇති අයුරු, "ලොප් කර"
නොකියා. අර කලින් "පාපැදීම", "පාපදියි" ලෙසින් ක්‍රියා පද ලෙසින් යොදා
ගත හැකි වුව ද එසේ කරන පුරුද්ද අඩු වී ඇති බව පෙනේ.

අනවැසි ලෙස හෙළ වදන් වලට පවා "කර" යෙදිම ගැන මා ලියූ බ්ලොග් සටහනකි මේ:
http://ar-si.blogspot.com/2008/06/blog-post_2845.html

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 5:27:07 AM7/20/08
to helah...@googlegroups.com

හරි හැදුවා. ඊලඟ කවියේ සිට සංවාදයෙන් පසු ව බලොග් එකට ඇතුළු කරන්නම්.

Rajith Vidanaarachchi

unread,
Jul 20, 2008, 5:28:45 AM7/20/08
to helah...@googlegroups.com
මට ඒ ගැන හිතුණේ නැහැ෴ රතඟිලි ලෙස නිවැරදි විය යුතු යැයි සිතමි෴

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 9:29:12 AM7/20/08
to helah...@googlegroups.com
2008/7/20 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

> මුලින්ම බුදුන් වැඳ අරඹන්නට යි අදහස
>
> සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳූ
> අවනත සුර මත මිණි තර සර පුබුදූ
> දිගු රතැඟිලි දළ පෙළ මොක් සුවඳ රැඳූ
> සිය පත සිය සිය පත සිය පත නමඳූ
>
> --- සුභාෂිතයේ ඇරැඹුම් කවිය, මුලින්ම කියැවූ දිනේ මෙහි සිව් වන් පදය සිත්
> ගත්තා, එබැවින් අද දවසේ කවියට මෙය ඉදිරිපත් කරන්නට සිත් වුණා෴
> අදහස් පවසන්නට ඔන්න පැය විසි හතරර්ක්ම තියෙනවා෴

කවිය බ්ලොග් එකෙහි පල කලා. එයට පිළිතුරක් ලියා කාගේත් හිත සුව පිණිස
අරුත ද ලියුවොත් හොඳයි නේ ද?

Rajith Vidanaarachchi

unread,
Jul 20, 2008, 9:56:18 AM7/20/08
to helah...@googlegroups.com
මෙන්න අරුත - ගුණ දොස් දක්වන්න - ඉන්පසු වියුණට කවිය යටතේ අදහසක් ලෙසින් එක් කරන්නම්෴

-----
සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳූ -- සත්වයා(ජීවීන්) වෙත පත් වූ (කෙරෙහි වූ) මෙත(මෛත්‍රීය) ඇති බවට පරසිඳු වූ සඟුන් (සංඝයා) නමැති හංසයින් විසින් සෙවුණා වූ (ඇසුරු කරන ලද්දා වූ)

අවනත සුර මත මිණි තර සර පුබුදූ - අවනත(කීකරු/නැමුණු) සුරන් මත(දෙවියන් මස්තකයෙහි/හිසෙහි) මිණි තර සර (මැණික් රැස් නමැති විලෙහි) පිපුණා වූ

දිගු රතඟිලි දළ පෙළ මොක් සුවඳ රැඳු - මොක් සුවඳ රැඳි ‍දිග රතුවන් ඇඟිලි නමැති දළින්(පෙති වලින්) යුතු


සිය පත සිය සිය පත සිය පත නමඳූ-

සිය පත = පත් සියයක් ඇතියේ = නෙළුම
සිය පත සිය = නෙළුමෙහි නෑයා = හිරු
සිය පත සිය සිය = නෙළුමෙහි නෑයා ගේ නෑයා = හිරු ගේ නෑය = ශාක්‍ය වංශිකයා = බුදු රදුන්
සිය පත සිය සිය පත = බුදු රදුන් ගේ පාද
සිය පත සිය සිය පත සිය පත = බුදු රදුන්ගේ පාද නමැති නෙළුම

සිය පත සිය සිය පත සිය පත නමඳූ = බුදු රදුන්ගේ පාද කමල් නමඳිමි.

මුළු කවියේම අදහස:
සත්වයා වෙත මෙත ඇති බවට පරසිඳු මහ සඟ රුවන සේවනය කරන්නා වූ, සුරන්ගේ හිස මත ඇති මිණි රැස් පොකුණක පිපි , මොක් සුවඳ විහිදෙන ඇඟිලි නමැති පෙති ඇති බුදු රදුන්ගේ පා කමල් වඳිමි෴

මෙහි කවියා විසින් වනා ඇත්තේ බුදු රදුන්ගේ පාද පිළිබඳව මයි෴ ඒ සඳහා යොදා ගත් උපමා , වෙසෙසුන් ඉතා අනගි වේ
--------
බුදු සරණයි!
2008/7/20 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

SRIshanu

unread,
Jul 20, 2008, 11:17:43 PM7/20/08
to helah...@googlegroups.com
මුලින්ම සියළු දෙනාගෙන් සමාව අයැද සිටිමි. මා බලාපොරොත්තු වූ පරිදි සෙනසුරාදා දින කාර්යාලයට ඒම අනවශ්‍ය වූවා. නිවසේ සිට තුරුදැලට සම්බන්ධකම් නැහැ. ඉතින් කවිය එවීම අද වනතුරු කල්දාන්න සිදුවුනා.

මහ පුදුමෙකි!

සිකුරාදා රාත්‍රි‍යේ ගෙදර ගිහින් 10/11 සිංහල සාහිත්‍ය පොත සොයාගෙන, මා එවීමට සූදනම්වූයේත් මේ ඉෂාන් ලියා ඇති කවි පෙළමයි. කොහොමද එහෙම වුනේ??? මා ඉතාම ප්‍රිය කරන කිවි පෙළක් තමයි "අයියනායක". මෙම සරළ එහෙත් තියුණු කවිපෙළින් අපේ ජන සමාජය පුදුමාකාර ලෙස විනිවිද දකිනවා. හරිම තීක්ෂණ ලෙස! ඒ කියන්නෙ අප ගැනමයි!! හරිම අගෙයි!!!

මා වෙනුවෙන් කවිය ලීවාට ඉෂාන්ට ස්තූතියි!  :)



--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
http://srilanka2008.blogspot.com

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 11:20:58 PM7/20/08
to helah...@googlegroups.com
2008/7/21 SRIshanu <sris...@gmail.com>:

>
> මා වෙනුවෙන් කවිය ලීවාට ඉෂාන්ට ස්තූතියි! :)

එ සේ කියා ගැළවෙන්න බෑ. ;-) කුංචනට පසු කවිය, ඒ කියන්නේ අනිද්දා, කියන්න
පිළිවනි නේ ද?

SRIshanu

unread,
Jul 20, 2008, 11:22:27 PM7/20/08
to helah...@googlegroups.com
හරි  :-)

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 11:23:16 PM7/20/08
to helah...@googlegroups.com
2008/7/21 SRIshanu <sris...@gmail.com>:

>
> මහ පුදුමෙකි!

මේක දැක්කම නම් මේ (කවුරුත් දන්නා) කුමරතුඟු කවිය නොලියා ම බෑ:

මහ පුදුමෙකි

මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනළයෙකි

- ශික්ෂා මාර්ගය, තුන් වැනි පොත

Nandalal Gunaratne

unread,
Jul 20, 2008, 11:47:32 PM7/20/08
to helah...@googlegroups.com
"පොඩි කාලෙ තිවූ සිංහළ පොත් තියා ගත්තානම්" කියල දැන් සිතෙනව!

මම පුංචි කාලෙ කටපාඩමෙන් කියපු පලමු කවිය මට තවම මතකයි. ඒක පුදුමයක්. මට එකල අවුරුදු 3ක් විතර. නමුත් පාසලට ඇතුලු වූ පසු, ඉගෙන ගත් කවි අමතකයි. ධම්මපද ගාථා ද බොහොමයක් අමතකයි. පසු ඉගෙනීමේදී මනස අවුල් වන බවයි මින් පෙනෙන්නේ.

නන්දලාල්

SRIshanu

unread,
Jul 20, 2008, 11:51:02 PM7/20/08
to helah...@googlegroups.com
අනේ අනුරාධ, ඔබ දැන් ලීවේ මා අනිද්දාට ලියන්න සිතා සිටි කවියයි. ඇත්තමයි! මා ලියන්නට සිටි කවි දෙකක්ම ලියන්නට පෙර පළවුණා නේ. :(  දැන් ඉතින් අළුත් කවියක් මතක්කරගනන වෙනවා. (අමනාපෙකින් ලීවා නොවේ)

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 12:00:06 AM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 9:21 AM, SRIshanu <sris...@gmail.com> wrote:
>
> අනේ අනුරාධ, ඔබ දැන් ලීවේ මා අනිද්දාට ලියන්න සිතා සිටි කවියයි. ඇත්තමයි! මා
> ලියන්නට සිටි කවි දෙකක්ම ලියන්නට පෙර පළවුණා නේ. :( දැන් ඉතින් අළුත් කවියක්
> මතක්කරගනන වෙනවා. (අමනාපෙකින් ලීවා නොවේ)

ඉතින් ඒ කවිය ම බ්ලොග් එකට දාමු. අද කවියත්, නිරංජන් දින දෙකකට කලින් කී එකක් නෙ.

SRIshanu

unread,
Jul 21, 2008, 12:05:44 AM7/21/08
to helah...@googlegroups.com
හොඳා...  :)  මගේ මීළඟ වාරයේදිවත් හෙළ හෙළියට නැවුම් කවියක් කියන්න ලැබේවා!   ;)

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 12:18:20 AM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 9:35 AM, SRIshanu <sris...@gmail.com> wrote:
>
> හොඳා... :) මගේ මීළඟ වාරයේදිවත් හෙළ හෙළියට නැවුම් කවියක් කියන්න ලැබේවා!
> ;)

නැවුම් කවියක් කියන්නේ කවුරුන් වත්, කවර දා වත්, දැක නොමැති කවියක් කියන
එක නේ. ;-) ඒ කියන්නේ අලුතින් හදන එකක්. :-)

SRIshanu

unread,
Jul 21, 2008, 12:23:10 AM7/21/08
to helah...@googlegroups.com
හපොයි! මාව අමාරුවෙ දාන්නමනේ හදන්නෙ!  :)

ඕක ලියද්දි මෙහෙම වෙයි කියල හිතුන නිසා තමයි "හෙළ හෙළියට නැවුම් කවියක්" කියලා කීවෙ. :)  ඒ කියන්නෙ හෙළ හෙළියෙදි නොකියවුනු කවියක් කියායි. (කොහොමද ටිකිරි මොළේ?)

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 1:00:14 AM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 9:53 AM, SRIshanu <sris...@gmail.com> wrote:
>
> ඕක ලියද්දි මෙහෙම වෙයි කියල හිතුන නිසා තමයි "හෙළ හෙළියට නැවුම් කවියක්" කියලා
> කීවෙ. :) ඒ කියන්නෙ හෙළ හෙළියෙදි නොකියවුනු කවියක් කියායි. (කොහොමද ටිකිරි
> මොළේ?)

මොළේ නම් බොහොම අගෙයි. "හෙළ හෙළියට, නැවුම් කවියක්" ද, "හෙළ හෙළියට
නැවුම්, කවියක්" ද යන්නෙන්, ලියන්නාට කැමැති එකක් ගත හැකි නිසා, එ වර නම්
ඔබ දිනුම්!

SRIshanu

unread,
Jul 21, 2008, 1:15:11 AM7/21/08
to helah...@googlegroups.com
අහ්! කොමාව!!  :-)

දිනුම දුන්නට ස්තූතිය!  ;)

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 1:26:09 AM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 10:45 AM, SRIshanu <sris...@gmail.com> wrote:
>
> අහ්! කොමාව!! :-)

කොමාව බොහෝ ම බලවත් අවියක්. ඉංගිරිසියෙන් "kill him not, let him live"
කියල යැවූ පණිවුඩයක් කොමාව අමතක වීමෙන් "kill him, not let him live"
කියා තේරුම් ගැනීමෙන් වූ විපත ගැන සමහර විට ඔබ අසා ඇති.

SRIshanu

unread,
Jul 21, 2008, 1:28:37 AM7/21/08
to helah...@googlegroups.com
මෙවැනි වෙනත් වැකි අසා තිබුණා. හරිම අගෙයි!

Kunchana Mathota Arachchi

unread,
Jul 21, 2008, 3:39:42 AM7/21/08
to helah...@googlegroups.com
මම හෙළ හෙළිය වෙනුවෙන් තෝර ගත්තේ ගුත්ථිල ඛාව්‍යයේ එන ගී මත් විරිතෙන් ගැයෙන කවියක්.



ගල මුනිඳු                  මත්තේ
හෙත කිසිවක්            නොදත්තේ
ගලෙක් පිළිගත්          තේ
එහෙව් ගුණ මොහු     නොපිළිගත්තේ


විචාරන්න. වැරදි පෙන්වා දෙන්න.


සාමයෙන්..!



--
කුංචන මාතොට ආරච්චි
Kunchana Mathota Arachchi

My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 4:08:41 AM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 1:09 PM, Kunchana Mathota Arachchi
<kunc...@gmail.com> wrote:
>
> මම හෙළ හෙළිය වෙනුවෙන් තෝර ගත්තේ ගුත්ථිල ඛාව්‍යයේ එන ගී මත් විරිතෙන් ගැයෙන
> කවියක්.

"මා", "ගුත්තිල කාව්‍යයේ" ලෙසින් ලියැවුනානම් තවත් අගෙයි.

Kunchana Mathota Arachchi

unread,
Jul 21, 2008, 6:51:17 AM7/21/08
to helah...@googlegroups.com
වැරදි සඳහා කමන්න...

Rajith Vidanaarachchi

unread,
Jul 21, 2008, 12:36:27 PM7/21/08
to helah...@googlegroups.com
මහ පුදුමෙකි
මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනළයෙකි

සමනලයෙකි විය යුතු යි නේ ද?

On Mon, Jul 21, 2008 at 9:21 AM, SRIshanu <sris...@gmail.com> wrote:

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 5:28:35 PM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 10:06 PM, Rajith Vidanaarachchi
<rajith.vid...@gmail.com> wrote:
>> මහ පුදුමෙකි
>> මලෙක මලෙකි
>> නැහැ එහි සකි
>> සමනළයෙකි
>
> සමනලයෙකි විය යුතු යි නේ ද?

කුමර ගී පොතේ නම් ඇත්තේ "සමනළයෙකි" කියා යි. තව සොයා බලමු ද?

Rajith Vidanaarachchi

unread,
Jul 22, 2008, 5:27:27 AM7/22/08
to helah...@googlegroups.com
අරීසෙන් අහුබුදුවන් ගේ අරුත නිරුත පොතේ තියෙන්නේ සමනලයෙකි කියල යි෴

"සමනලයා (න.)

කුරුමි සත් වෙසෙසෙකි. පියා පත්හි ලස්සන නිසා , මල් ඇසුරෙහිම දිවි ගෙවන මේ සතා මල් සන (ලකුණ) ඇතියෙන් මල+සන > සන මල > සමනල වෙයි
"
අරුත නිරුතේ තියෙන්නේ මෙහෙම යි෴

එයටම "INTRODUCING THE "ARUTHA NIRUTHA"" යනුවෙන් පෙර වදනක් සැපයූ ඊලියන් ද සිල්වා මහතා මෙසේ පවසා ඇත,

"For instance to explain the meaning of the Sinhala term සමනලයා "butterfly" we could show a picture of the insect. But, how much more interesting is to know that the term සම means "equal" and නල means "tubes" in the light of the fact that the insect is endowed with wqual sized antennae(tubes)"

අරුත දෙ අයුරකට සැපයුවත් දෙ දෙනාම යොදා ඇත්තේ එකම ල කාරය,

මේ ගැන තවත් සොයා බැලීම වටී෴

බුදු සරණයි!

Kunchana Mathota Arachchi

unread,
Jul 22, 2008, 12:04:43 PM7/22/08
to helah...@googlegroups.com
අද දවසේ කවිය මොකක්ද?

Ishan Liyanage

unread,
Jul 22, 2008, 12:20:31 PM7/22/08
to හෙළ හෙළිය


On Jul 20, 8:17 pm, SRIshanu <srish...@gmail.com> wrote:
> මුලින්ම සියළු දෙනාගෙන් සමාව අයැද සිටිමි. මා බලාපොරොත්තු වූ පරිදි සෙනසුරාදා
> දින කාර්යාලයට ඒම අනවශ්‍ය වූවා. නිවසේ සිට තුරුදැලට සම්බන්ධකම් නැහැ. ඉතින්
> කවිය එවීම අද වනතුරු කල්දාන්න සිදුවුනා.
>
> මහ පුදුමෙකි!
>
> සිකුරාදා රාත්‍රි‍යේ ගෙදර ගිහින් 10/11 සිංහල සාහිත්‍ය පොත සොයාගෙන, මා එවීමට
> සූදනම්වූයේත් මේ ඉෂාන් ලියා ඇති කවි පෙළමයි. කොහොමද එහෙම වුනේ??? මා ඉතාම
> ප්‍රිය කරන කිවි පෙළක් තමයි "අයියනායක". මෙම සරළ එහෙත් තියුණු කවිපෙළින් අපේ ජන
> සමාජය පුදුමාකාර ලෙස විනිවිද දකිනවා. හරිම තීක්ෂණ ලෙස! ඒ කියන්නෙ අප ගැනමයි!!
> හරිම අගෙයි!!!
>
> මා වෙනුවෙන් කවිය ලීවාට ඉෂාන්ට ස්තූතියි! :)
>
ප්‍රශ්නයක් නෑ...... :-)

එම කවි පෙළ මට නිකම්ම මතකයට නැගුනි... පොඩි පොඩි අකුරු වල වැරදි තිබූ
නමුත් අනුරාද එය නිවැරදි කරන ලදි....

ඉෂාන්...

Anuradha Ratnaweera

unread,
Jul 22, 2008, 2:14:41 PM7/22/08
to helah...@googlegroups.com
වෙන කාගෙ ද? ;-)

--
http://www.sayura.net/anuradha/

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 22, 2008, 2:55:36 PM7/22/08
to helah...@googlegroups.com
මමත් කවියක් කියන්නද‍?

Anuradha Ratnaweera

unread,
Jul 22, 2008, 2:59:33 PM7/22/08
to helah...@googlegroups.com
"මාත්" කියමු ද?

හෙට කවිය දැනටමත් කියලා ඉවර යි. අනිත්දා තමයි ඊලඟ දිනය. කියන්න. අගෙයි!

2008/7/23 "සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)" <saha...@gmail.com>:

--
http://www.sayura.net/anuradha/

Ruki - රුක්ෂාන්

unread,
Jul 22, 2008, 3:12:05 PM7/22/08
to helah...@googlegroups.com
මෙන්න මගෙන්

බව දුක් ගිනි                       නිවන
සත මඟ පෙලෙන පින             වන
නැත සරි වන දෙ                   වන
කෙනෙක් මුනිඳුට තිලෝගුරු     වන

- බුදු ගුණ අලංකාරය
(198 වැන්න)

බව දුක නම් වූ ගින්න නිවන, සත්ත්වයා මාර්ග ඵලයෙන් පින වන, තිලෝගුරු බුදු රදුන් ‍‍ට සම වන ‍හෝ උන් වහන්සේ දෙවැනි තැන ට පත් කරන ("පන වන" ‍කිව්වොත් හරි ද? ) කිසිවෙක් නැත.

"මඟ පෙලෙන" යන්නෙ හි අරුත  "මාර්ග ඵලයෙන්" ලෙස අධ්‍යාපන ප්රකාශන දෙපාර්ත‍මේන්තුව මුද්රනය කළ ‍පොතේ දී ඇත.

මේවා හෙළ බසින් ?
1. අධ්‍යාපන ප්රකාශන දෙපාර්ත‍මේන්තුව
2. මුද්රනය


- රුක්ෂාන්

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 22, 2008, 3:17:00 PM7/22/08
to helah...@googlegroups.com
ලෝවැඩ සඟරාවෙ ඇරඹුම් කවිය. පළමුව බුදුන් වැඳ යහ කාරි පටන් ගනු මැනව.

සෙත් සිරි දෙන මහ ගුණ මුහු           දාණන්
සත්
   හට වන බව දුකට වෙ           දාණන්
තිත්
   ගණඳුරු දුරලන දිනි               ඳාණන්
සිත්
   සතොසින් නමදිම් මුනි           ඳාණන්




/*----------------------------*/
Sahan Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com

Nandalal Gunaratne

unread,
Jul 22, 2008, 3:29:57 PM7/22/08
to helah...@googlegroups.com
On Tue, Jul 22, 2008 at 1:12 PM, Ruki - රුක්ෂාන් <ruk...@gmail.com> wrote:
මෙන්න මගෙන්

බව දුක් ගිනි                       නිවන
සත මඟ පෙලෙන පින             වන
නැත සරි වන දෙ                   වන
කෙනෙක් මුනිඳුට තිලෝගුරු     වන

- බුදු ගුණ අලංකාරය
(198 වැන්න)

බව දුක නම් වූ ගින්න නිවන, සත්ත්වයා මාර්ග ඵලයෙන් පින වන, තිලෝගුරු බුදු රදුන් ‍‍ට සම වන ‍හෝ උන් වහන්සේ දෙවැනි තැන ට පත් කරන ("පන වන" ‍කිව්වොත් හරි ද? ) කිසිවෙක් නැත.

"මඟ පෙලෙන" යන්නෙ හි අරුත  "මාර්ග ඵලයෙන්" ලෙස අධ්‍යාපන ප්රකාශන දෙපාර්ත‍මේන්තුව මුද්රනය කළ ‍පොතේ දී ඇත.

මේවා හෙළ බසින් ?
1. අධ්‍යාපන ප්රකාශන දෙපාර්ත‍මේන්තුව
2. මුද්රනය

දෙදමානො=GOK
:-)



 

SRIshanu

unread,
Jul 22, 2008, 11:36:32 PM7/22/08
to helah...@googlegroups.com
දවස්ගානට වඩා කවි තියනව වගේ...  නියමයි නියමයි!! මගේ කවිය අද දානවද අනුරාධ. තේරුමක් ලියන්න තරම් දෙයකුත් නෑනෙ. :)

Anuradha Ratnaweera

unread,
Jul 22, 2008, 11:55:53 PM7/22/08
to helah...@googlegroups.com
2008/7/23 SRIshanu <sris...@gmail.com>:

>
> දවස්ගානට වඩා කවි තියනව වගේ... නියමයි නියමයි!! මගේ කවිය අද දානවද අනුරාධ.
> තේරුමක් ලියන්න තරම් දෙයකුත් නෑනෙ. :)

ඒ කවිය, අද "විවාදයට" ගන්න තිබෙනවා. දවසේ කවිය ගැන එදා කතිකා කිරීමෙන්
පසු ව ඊලඟ දවසේ දාන එක වඩා හොඳයි නේ ද අරුත ද සමග? ඔබගේ කවියට නම් අරුත
අදාල වන්නේ නැති පාටයි. එකම ගැටළුව, අර සමනල(ළ)යාගේ ලයන්න මුදුනේ ළ යන්න
ද, දතේ ලයන්න ද කියන එක.

මොකද කවිය බ්ලොග් එකේ බලන අය, දෙවරක් බලන්නේ නැති වෙයි නෙ. ඒ නිසා අරුත
ද එක් වරම දාන්න පිළිවන් නම් හොඳා.

SRIshanu

unread,
Jul 23, 2008, 12:09:59 AM7/23/08
to helah...@googlegroups.com
එහෙම හොඳා... :)

2008/7/23 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

Rajith Vidanaarachchi

unread,
Jul 23, 2008, 3:23:34 AM7/23/08
to helah...@googlegroups.com
අධ්‍යාපන = අදියෙවුම්
ප්‍රකාශන = පළ කිරීම්
දෙපාර්තමේන්තුව = ?

මුද්‍රණය කියන වදන වෙනුවට පැහැරැවුම කියා ඇතැම් පොත්වල දක්නට ලැබෙනවා...
උදා:- ප්‍රථම මුද්‍රණය වෙනුවට පළමු පැහැරැවුම

Nandalal Gunaratne

unread,
Jul 23, 2008, 1:45:55 PM7/23/08
to helah...@googlegroups.com
මෙන්න ලස්සන සුපුරුදු කවියක්!
‍‍http://rathnabg.blogspot.com/2008/07/blog-post_5109.html

මැය අප හා එක්වෙයිද?

2008/7/23 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 23, 2008, 2:08:27 PM7/23/08
to helah...@googlegroups.com
විසි තුන් වෙනි දාට කවියක් නැද්ද?

/*----------------------------*/
Sahan Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com


Anuradha Ratnaweera

unread,
Jul 23, 2008, 2:12:53 PM7/23/08
to helah...@googlegroups.com
On Wed, Jul 23, 2008 at 11:38 PM, "සහන් තන්තිරිවත්ත (Sahan
Thanthiriwatte)" <saha...@gmail.com> wrote:
> විසි තුන් වෙනි දාට කවියක් නැද්ද?

තිබෙනවා. ශ්‍රීශානු ගේ කවියේ "සමනල" ගැටළුව විසඳා ගන්නා තුරු යි ඉන්නේ.

SRIshanu

unread,
Jul 23, 2008, 11:07:26 PM7/23/08
to helah...@googlegroups.com
මට ලියල පුරුදු "සමනළ" කියලයි. හැබැයි හරියටම හරිද කියල විචාරන්න දන්නෙ නෑ. වැරදිවෙන්නත් පුළුවන්. :)

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 25, 2008, 6:55:35 PM7/25/08
to helah...@googlegroups.com
26 දිනට කවියක් තිබේ නම් එය පළ කරන්න නැතිනම් අවැසි වුව හොත් මෙන්න කවියක්.

මිණි මිණි පොදේ ගණ අඳුරේ කන     මදුරු
බල්ලෙ ඉඳං උඩු බුරලයි උගෙ           නපුරු
කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙ   නපුරු
මල්ලක් කදුරු කඤ්ඤං හනික දොර    හරු

සමතෙක් ඇතොත් පිළිතුරු කවිය කියනූ.

ජය,
-සහන්-

Anuradha Ratnaweera

unread,
Jul 25, 2008, 7:59:10 PM7/25/08
to helah...@googlegroups.com
On Sat, Jul 26, 2008 at 4:25 AM, "සහන් තන්තිරිවත්ත (Sahan
Thanthiriwatte)" <saha...@gmail.com> wrote:
> 26 දිනට කවියක් තිබේ නම් එය පළ කරන්න නැතිනම් අවැසි වුව හොත් මෙන්න කවියක්.
>
> මිණි මිණි පොදේ ගණ අඳුරේ කන මදුරු
> බල්ලෙ ඉඳං උඩු බුරලයි උගෙ නපුරු
> කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙ නපුරු
> මල්ලක් කදුරු කඤ්ඤං හනික දොර හරු
>
> සමතෙක් ඇතොත් පිළිතුරු කවිය කියනූ.

26 වැනිදා දවස ම තවම කවියක් නොකී අයෙකුට කවියක් ලියන්නට කල් දෙමු.

පිළිතුරු කවිය:

අට පහ නොදන්නා බව කාගේ කවුද
බසක් නැතිව එන්නට කීවේ කවුද
ගසක් නැතිව දලු ලියලන්නේ කොහෙද
මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද

Anu-Linux

unread,
Jul 26, 2008, 6:04:44 AM7/26/08
to helah...@googlegroups.com
ආයුබෝවන් මිතුරු මිතුරියනි, (මෙහි මිතුරියන් සිටී ද?)

මගේ කව ත් ලියා එවමි. සුදුසු දිනෙක පල කරන්න.

උපුටා ගැනීම: සුභාෂිතය (20)

පින්මඳ පුතුන් සියයක් ලදුවත්                        නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා           ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන               අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය         දුරු

මේ කව මාගේ මව මට කුඩා කල සිට නිතර කියන කවකි. මා යම් වරද ක් කළ තැන ඈ මට ඇසෙන්නට මේ කව කියන්නීය. :-) එය අසා මා හික්මුණු වාර බොහෝ ඇත. :-).

මෙහි අරුත ලිහා ගැනීම එතරම් අමාරු නොවුන ද, මෙම ලිපි පෙළේ ගලායාම රැක ගනු වස් අරුත ද අමුණමි.

"පින්මඳ (පව්කාර) පුතුන් (දරුවන්) සියයක් සිටිනවා ට වඩා, ගුණ නුවනින් පිරුණු එක් පුතකු (දරුවෙකු) සිටීම වටින්නේය. එනම්, එක පුරා සඳෙන් ලොව ගන අඳුර දුරලූවත්, නා නා විධ තරු රැසක් පෑයූව ද එලෙස අඳුර දුර ලිය නොහැක්කා සේය. "

සදොස් තැන් නිදොස් කර දෙන්න.

සුබ දවසක්.

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Anuradha Ratnaweera

unread,
Jul 26, 2008, 12:17:29 PM7/26/08
to helah...@googlegroups.com
2008/7/26 Anu-Linux <linux...@gmail.com>:

>
> "පින්මඳ (පව්කාර) පුතුන් (දරුවන්) සියයක් සිටිනවා ට වඩා, ගුණ නුවනින් පිරුණු
> එක් පුතකු (දරුවෙකු) සිටීම වටින්නේය. එනම්, එක පුරා සඳෙන් ලොව ගන අඳුර
> දුරලූවත්, නා නා විධ තරු රැසක් පෑයූව ද එලෙස අඳුර දුර ලිය නොහැක්කා සේය. "
>
> සදොස් තැන් නිදොස් කර දෙන්න.

"පින්මඳ" -> "පින් මඳ"
"සිටිනවා ට" -> "සිටිනවාට" ?
"නුවනින්" -> "නුවණින්" ?
"දරුවෙකු" -> "දරුවකු"
"වටින්නේය" -> "වටින්නේ ය" / "වටනේ ය"
"එනම්" -> "එ නම්"
"පුරා" -> "පුර"
"එලෙස" -> "එ ලෙස"
"දුර ලිය" -> "දුරලිය"
"සේය" -> "සේ ය"

Anuradha Ratnaweera

unread,
Jul 26, 2008, 12:23:44 PM7/26/08
to helah...@googlegroups.com
2008/7/26 Anu-Linux <linux...@gmail.com>:

>
> "පින්මඳ (පව්කාර) පුතුන් (දරුවන්) සියයක් සිටිනවා ට වඩා, ගුණ නුවනින් පිරුණු
> එක් පුතකු (දරුවෙකු) සිටීම වටින්නේය. එනම්, එක පුරා සඳෙන් ලොව ගන අඳුර
> දුරලූවත්, නා නා විධ තරු රැසක් පෑයූව ද එලෙස අඳුර දුර ලිය නොහැක්කා සේය. "
>
> සදොස් තැන් නිදොස් කර දෙන්න.

"පින්මඳ" -> "පින් මඳ"


"සිටිනවා ට" -> "සිටිනවාට" ?
"නුවනින්" -> "නුවණින්" ?
"දරුවෙකු" -> "දරුවකු"
"වටින්නේය" -> "වටින්නේ ය" / "වටනේ ය"
"එනම්" -> "එ නම්"
"පුරා" -> "පුර"
"එලෙස" -> "එ ලෙස"
"දුර ලිය" -> "දුරලිය"
"සේය" -> "සේ ය"

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Wasantha Deshapriya

unread,
Jul 26, 2008, 4:06:31 PM7/26/08
to හෙළ හෙළිය
මගේ කවිය

අයිය යි මම යි අමු කිරි ගල් ගියෙම්මා
අමු කොටලා බත් දුන්නෙයි කුඩම්මා
මොණර මාලු උඩහල්ලේ තියෙම්මා
අපට මාලු අල කොළ දැයි කුඩම්මා

අම්මා නැති දරුවනට කුඩම්මාගෙන් හිමි විය හැකි දුක් හා අසාධාරණ ගැන මොණර
මාලු උඩහල්ලේ ඇති බැව් දැක දැකත් අල කොළ මාලු සමග බත් කන කුඩා දරුවකු ගේ
දුක් බර වදන් වලින් කීමට ජන කවියා සමත් වී ඇති සැටි!
ජන කවියා තම සරල වහරින් කිවූ කව්, බොහෝ ගැට පද හා දුෂ්කර බැඳුම් යොදමින්
එක් ජන කොටසකට (උගත් ජන කොටසට) පමණක් කව් ලිවූ උගතුන්ගේ කව් වලට වඩා
පොදු ජන කව් රස නංවීමට ඉවහල් වී ඇතැයි සිතමි. මෙය ඇතැම් විටක කලාව ජනතාව
සඳහා ද නැතහොත් කලාව සඳහා ද යන ගැටළුවේම කොටසක් ලෙස ද දැකිය හැක. කලාව
ජනතාව සදහා විය යුතු යයි අදහන හෙයින් මෙම සරල ජන කව මගේ මුල් කව ලෙස තෝරා
ගතිමි.

මෙම කව ම මූලය ලෙස යොදමින් රත්න ශ්‍රී විජේසිංහ කවියා තත් කාලීන ව ලියා
ඇති ගැඹුරු කවක් ද (පසුව මෙය ගුණදාස කපුගේ සූරීන් විසින් මනහර ගීයක් බවට
පත් කරන ලදී) මේ සමග සිහියට නැගේ. එය පහත පරිදි ය.

මොනර මාලු උඩහල්ලේ නොවෙද තියෙන්නේ
අපට මාලු අල කොළ දෝ අදත් කුඩම්මේ?

එකම මව් රටට කවදත් අපි අම්මා කියන්නේ
සෙන්කඩගල මුල්ගිරිගල පැටව් එකම තුරුල්ලේ
වෙනස් කමක් හිතන්නෙපා හිතට දුකයි කුඩම්මේ


අප්පා නැති ඇහේ කඳුළු කාගෙත් සීතලයිනේ
එහෙව් උන්ට හිත පිරෙන්න අල කොළ දෝ බෙදන්නේ
ඉතින් කුඩම්මා කවදද අපට පුතා කියන්නේ

වසන්ත දේශප්‍රිය


On Jul 23, 9:09 am, SRIshanu <srish...@gmail.com> wrote:
> එහෙම හොඳා... :)
>
> 2008/7/23 Anuradha Ratnaweera <anura...@taprobane.org>:
>
>
>
> > 2008/7/23 SRIshanu <srish...@gmail.com>:

SRIshanu

unread,
Jul 27, 2008, 11:16:08 PM7/27/08
to helah...@googlegroups.com
ජනකවි කොයි තරම් අපූරුද? කවියත්, පිළිතුරු කවියත් කී දෙන්නාටම පිං. හරිම අපූර්වත්වයක් විඳගත්තා. ඔව්, මං දන්නවා මේ පටන්ගැන්ම විතරයි....  ;)


2008/7/26 Anuradha Ratnaweera <anur...@taprobane.org>

Anuradha Ratnaweera

unread,
Jul 27, 2008, 11:24:24 PM7/27/08
to helah...@googlegroups.com
2008/7/28 SRIshanu <sris...@gmail.com>:

>
> ජනකවි කොයි තරම් අපූරුද? කවියත්, පිළිතුරු කවියත් කී දෙන්නාටම පිං. හරිම
> අපූර්වත්වයක් විඳගත්තා. ඔව්, මං දන්නවා මේ පටන්ගැන්ම විතරයි.... ;)

"අපූරුද" => "අපූරු ද"
"දෙන්නාටම" => "දෙන්නාට ම"
"හරිම" => "හරි ම"
"මං දන්නවා" => "මා දන්නවා" කීවොත් කදිම යි. :-)
"විතරයි" => "විතර යි"

SRIshanu

unread,
Jul 27, 2008, 11:30:31 PM7/27/08
to helah...@googlegroups.com
නිවැරදි කිරීමට ස්තූතියි.  :)

Anuradha Ratnaweera

unread,
Jul 27, 2008, 11:44:18 PM7/27/08
to helah...@googlegroups.com
On Mon, Jul 28, 2008 at 9:00 AM, SRIshanu <sris...@gmail.com> wrote:
>
> නිවැරදි කිරීමට ස්තූතියි. :)

"ස්තූති යි" හෝ "තුති" කීවොත් කොහොම ද? :-)

viraj

unread,
Jul 31, 2008, 6:18:25 AM7/31/08
to helah...@googlegroups.com
හෙළ හෙළිය කියවන කාරිය, මා මහානාමයේ නව වැන්නේ අකුරු කෙරූ කාලය සිහි ගන්වයි.

ඈ, ඕ. ඇස්. පෙරේරා ගුරු මාතාවයි. බසෙහි අපූරු තැන් පණ පිහිටු වා ඕ කළ
විග්‍රහයන් මා හෙළය ට ආල චඩන්න මහ ත් හේතු විය.

දවසේ කවිය..

මේ වදන් කවි පොතේ 33 වැනි කවි යයි.

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලීය අතු
මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

මා යහ මඟ යොමු කල ඒ ගුරු මාතාවට ත්, අද ඒ අඩු ව පුරවන ඔබ සැමට ත් පින්.


~විරජ්‍

Rajith Vidanaarachchi

unread,
Jul 31, 2008, 9:16:47 AM7/31/08
to helah...@googlegroups.com
"හෙළය ට" යන්න හෙළයට විය යුතු යි. "මහ ත්" යන්න "මහත්" විය යුතු යි.
"යොමු කල" යන්න "යොමු කළ" විය යුතු යි.
"මාතාවට ත්" යන්න "මාතාවටත්" විය යුතු යි.
"අඩු ව" යන්න "අඩුව" විය යුතු යි.
"සැමට ත්" යන්න "සැමටත්" විය යුතු යි.

උක්ත රුව වන්නේ "ඈ" ද? "ඇය" ද?
"ඕ" යන්න උක්ත බව නම් දනිමි. එහි  අනුක්තය කුමක් ද?

බුදු සරණයි!

 

Nandalal Gunaratne

unread,
Jul 31, 2008, 9:52:31 AM7/31/08
to helah...@googlegroups.com
මට මතක් වූ කවියක්.

කම්මැලි කොල්ලනේ
පොල් කටුව ගෙන අතටේ
පලයව් හිඟමනේ
තොපට නැත කිසි වැඩක් මෙතැනේ.

මා මෙම කවිය කට පාඩමින් කියනවිට, වයස අවුරුදු පහක් විතර. පියා මට කියා දුන්නෙ හේතුවක් ඇතිව :-)

නන්දලාල්

2008/7/31 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Anuradha Ratnaweera

unread,
Jul 31, 2008, 11:00:10 AM7/31/08
to helah...@googlegroups.com
On 7/31/08, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:
>
> කම්මැලි කොල්ලනේ
> පොල් කටුව ගෙන අතටේ
> පලයව් හිඟමනේ
> තොපට නැත කිසි වැඩක් මෙතැනේ.

"පොල් කටුව ගෙන අතිනේ" විය යුතු යි නේ ද?

Nandalal Gunaratne

unread,
Jul 31, 2008, 11:23:03 AM7/31/08
to helah...@googlegroups.com
ඔව් :-)

Rajith Vidanaarachchi

unread,
Jul 31, 2008, 11:38:33 AM7/31/08
to helah...@googlegroups.com

Anuradha Ratnaweera wrote:
On 7/31/08, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:
  
කම්මැලි කොල්ලනේ
පොල් කටුව ගෙන අතටේ
පලයව් හිඟමනේ
තොපට නැත කිසි වැඩක් මෙතැනේ.
    
"පොල් කටුව ගෙන අතිනේ" විය යුතු යි නේ ද?
  
ඔව්. මාත් අහල තියෙන්නෙ එහෙම තම යි.

-රජිත්

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Aug 1, 2008, 12:16:49 AM8/1/08
to helah...@googlegroups.com
මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් සහ ජාතික උරුම
මගේ වැරෙන් නිදහස් කර ගැනුම
මගේ යුතුකමැ යි සිතවු දෙන සැවොම

-ඇස්. මහින්ද හිමි

මා මතක අයුරිනුයි මෙය ඇත්තේ නිදහස් මන්තරය නම් වූ කවි පෙලෙහි යි. වැරදි ඇතොත් නිවැරදි කරතොත් පිං.
--
#########################
# ඔබට ආයුබොහෝ වේවා ! #
#########################
Reply all
Reply to author
Forward
0 new messages