Fwd: හෙළ හෙළියට ඇරැයුම්!

1 view
Skip to first unread message

Anuradha Ratnaweera

unread,
Jul 17, 2008, 2:13:01 PM7/17/08
to Sinhala...@googlegroups.com
--------- Forwarded message ----------
From: Anuradha Ratnaweera
Date: 2008/7/17
Subject: හෙළ හෙළියට ඇරැයුම්!
To: sinhala-bloggers

ආයුබෝවන්!

පසුගිය දුරුතු මහේ රිචඩ් ස්ටෝල්මාන් සූරීන්
(http://en.wikipedia.org/wiki/Richard_Stallman) සිරිලකට පැමිණි වර,
ඔවුන් "නිදහස" ගැන කීවා මෙ වන් කතාවක්:

"නිදහස (freedom) යනු තමා කරන දේ තීරණය කිරීමේ හැකියාව යි. අනුන් කරන දේ
තීරණය කිරීමේ හැකියාව නිදහසක් නොව පාලනය (control) කි".

තුරුදැළ යනු නිදහස ගැන මහ ඉහලින් ම සලකන තැනකි. එහි, ඕනෑ ම මතයක් දැරීමට
ද, එය අන් අයට අවහිරයක් නොවන සේ කිරීමට ද බොහෝ ඉඩකඩ තිබේ.

සිංහළ බ්ලොග් ඉදිරියට ගෙන යාමට මේ සංසදයෙන් මහා මෙහෙයක් සිදු වී, වෙමින්
ඇත. ඒ සංවාද බ්ලොග් වලට සීමා නො වී, වෙනත් රසවත් දේ කරා ද යොමු වේ. මවු
බස ගැන ද එවැනි සංවාද සිදු වී ඇත.

බස ගැන සමහර දේට හැම කෙනෙකුම එකඟ වන්නේ නැත. ඒ ගැන දිගු සංවාද කල හැකි
වුව ද, ඉන් අවසන් තීරණයකට ඒම අපහසුය. එ මෙන්ම ඒ සංවාද නිසා උණුසුම්
තත්ත්වයක් ඇති වී, සංසදයේ මිත්‍රශීලි බවට ද හානි වීමට ඉඩ ඇත.

මේ ගැන ගත හැකි මං දෙකකි.

1. "නිවැරදි" මඟ කුමක්දැයි දිගු සංවාදයක යෙදීම
2. යම් මඟක් නිවැරදි යයි තමාට හැකි අයුරින් (subjective) පිළිගෙන, එ සේ
පිළිගන්නා අන් අය වේ නම්, ඔවුන් සමග එක් ව එම මඟෙහි ඉදිරියට ම යාම

මා හිතන්නේ, (1) මගින් පලක් නො වන බවයි. ඒ නිසා, (2) වන මඟේ යාමට තීරණය
කලෙමි. ඒ ගමනට මේ සංසදය යොදා ගැනීම අන් අයගේ නිදහසට බාදාවකි. සංසදයේ
අරමුණු වලට එරෙහිව යාමකි.

ඒ නිසා, හෙළ බසෙහි සියුම් තැන් ගැන දෙඩීමට, හැකි පමණ බස පිරිසුදු කරන්නට,
බසෙහි රසවත් තැන් ගැන කියන්නට, හොඳ ගැදි පැදි ගෙන දක්වන්නට, තවත් මෙ වන්
දහසකුත් දේ කිරීමට "හෙළ හෙළිය"නම් ගූගල් සමූහයක් පිහිටවීමි.

එවිට, SBU සමූහයේ සිංහළ බ්ලොග් ගැන සහ වෙනත් එහි එන දේ ගැන ද, SU සමූයයේ
සිංහළ යුනිකෝඩ් ගැන ද, හෙළ බස ගැන "හෙළ හෙළිය" සමූහයේ ද ලිවීමෙන්, මා ගේ
නිදහස කිසිවෙකුටත් හානියක් නොවන සේ විඳීමට හැකි වනු ඇත.

කුමරතුඟුවන්, අහුබුදුවන්, රැ තෙන්නකෝනයන්, ඊලියන් සිලවාවන් වැන්නන්ගේ
දැක්ම ද, ප්‍රායෝගික ව ඒ අදහස් අද කාලයේ බස නැංවීමට යොදන අයුරු ද, බස
පිරිහීමට පෙර එහි ලකුණු බස දියුණට යොදා ගන්නා අයුරු විමසීමට ද, එකිනෙකා
ගේ ලියුම් විලසෙහි ගුණ දොස් දැක්වීමට ද හෙළ හෙළියේ අරමුණ යි.

කැමැති කෙනෙක් වෙත් නම් එක් වන්න.

http://groups.google.com/group/helaheliya

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Reply all
Reply to author
Forward
0 new messages