මොනවද සිංහල තාක්‍ෂණයේ වෙන්න ඕනේ ?

27 views
Skip to first unread message

unread,
Jul 18, 2008, 3:28:12 PM7/18/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මොනවද සිංහල තාක්‍ෂණයේ වෙන්න ඕනේ!
මොනවද ප්‍රමුඛතා ?
ඉන් සැබැ වෙනසකට මුල පුරන්න පුළුවන්ද ?
මොනවාද ක්‍රම වේදයන්?
කොහොමද ඒවා කරන්නේ ?
කවුද ඒ සඳහා ඉන්න ප්‍රතිදායකයින් ?
ඔවුන් අතර සම්බන්ධතා මොනවද ?

සිංහල තාක්‍ෂණයේ දියුණට කරන දේවල් අතරමග නතරවන්නේ ඇයි ?
තාක්‍ෂණ නිර්මාණ අගය කිරීමේ ක්‍රම වේදය කුමක්ද ?
සිංහල තාක්‍ෂණ ප්‍රථමාරම්භ තිරසාර වී නැතිතේ ඇයි ?
මේ සඳහා අපට සම්මුතියක් නැතිතේ ඇයි ?

මේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවාද ?

(විශ්ව කුමාර)

unread,
Jul 19, 2008, 7:34:24 AM7/19/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Marketting Mix stratergy

product: සිංහල යුනිකේත
price: නොමිලේ (Mac වලට හැර)
place (distribution): අන්තර් ජාලය, ණැනසල, ...
packaging: Sinhala Kit, Singlish, Live CD, ...
promotion: ...?

process: සිංහල ස්ථාපනය, යතුරු ලියනය, ...
people: ණැනසල වරු/වරියන්, පාසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්,
වෘත්තිකයින්, ...
physical Evidance: වෙබ් අඩවි, යුනිකේත ඊ පොත්, මුදිත මාධ්‍ය,
මුද්‍රනය, ...

(විශ්ව කුමාර)

unread,
Jul 19, 2008, 7:40:24 AM7/19/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ එක් එක් අංගය ගැන වෙන වෙනම සාකච්චා කලොත් දීර්ඝ කාලීන සැලැස්මක් හැදීම
පහසු වේවි.

unread,
Jul 20, 2008, 8:04:43 AM7/20/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ සම්බන්ධව විවිධ අදහස් රැසක් අපට ලැබී තියෙනවා. ප්‍රථමයෙන්ම දැනට සිංහල
තාක්‍ෂණයේ ඇතිවී තිබෙන පුනරුදය ගැන සළකා බලන්න කැමතියි. තාක්‍ෂණයක්
දියුණුවීම යනු එය ප්‍රජාව වෙත ගලා යාමයි.

මෙහිදී ප්‍රජාව කියන්නේ විනෝදයට සිංහල භාවිතා කරන අයම නොවේ. තමන්ගේ
එදිනෙදා කටයුතු වලට සිංහල භාවිතා කරන අයයි. මාධ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය
සේවා, අන්තර්ජාලය මින් විශේෂිතයි.

මේ ක්‍ෂේත්‍ර තුළ කඅඩු වැඩි වශයෙන් සිංහල තාක්‍ෂණය භාවිතා වෙනවා. නමුත්
එය සමාජය තුළ බලපෑමක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත්ද ? ඒ ඇයි ? හේතුව සිංහල
තාක්‍ෂණ ප්‍රවර්ධනයට නිසි සැලසුමක් නැති නිසාද ? නැතිනම් අවශ්‍යතාවයක්
නොමැති නිසාද ?

Rasika_Balangoda

unread,
Jul 22, 2008, 12:19:08 PM7/22/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල තාක්ෂණය හදලා කොලඔ තියන් ඉන්නවට ව‍ඩා එය ගමට එන විදිහක් කතා කලොත්
හොදයි නේද?

Rasika_Balangoda

unread,
Jul 22, 2008, 12:23:23 PM7/22/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල තාක්ෂණය කොහෙමද ගමට එන්නේ?

unread,
Jul 26, 2008, 9:53:22 AM7/26/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කොළඹත් සමහරුන්ට ගමක්
තාක්‍ෂණය හුඟක් නිපදවෙන්නේ කොළඹ
ඒත් නැණසළ හා පාසැල් හරහා ගමට යනවා මදිකමක් තියෙනවා, ඒකට පිලියම් යෙදීම
තමා වැදගත්
රාජ්‍ය අංශයේ සියු ප්‍රවණතාවයක් ඇති කිරීම හොඳ ක්‍රමයක්
නමුත් අපට හොඳ සැලස්මක් අවශ්‍යයි
> > > පහසු වේවි.- Hide quoted text -
>
> - Show quoted text -

Rasika_Balangoda

unread,
Jul 27, 2008, 1:17:23 AM7/27/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
එවැනි සැලැස්මක් නිර්මාණය කර නැද්ද?

Anuradha Ratnaweera

unread,
Jul 27, 2008, 3:08:50 PM7/27/08
to Sinhala...@googlegroups.com
2008/7/27 Rasika_Balangoda <rasi...@googlemail.com>:

>
> එවැනි සැලැස්මක් නිර්මාණය කර නැද්ද?

එ වැනි වැඩ සටහන් ගනනක් සිදු වෙමින් ඇති බව පෙනේ. ශිල්ප සයුර ද ඉන්
එකකි. ගමට සිප්ලකුව (තාක්ෂණය) ගෙනයාම යනු සිප්ලකුව ගැන ම නොව, සමාජය,
ආකල්ප වැනි තවත් බොහෝ දේ ඒ සමග බැඳී පවතින බවට නිරංජන් පවසන අදහසට මා එකඟ
වන්නේ එ බැවිනි.

උදාහරණයක් ලෙස තුරුදැල (අන්තර්ජාලය) යොදා ගෙන ඉගෙන ගැනීමට ඇවැසි වෙබ්
අඩවියක් නිර්මාණය කිරීම එතරම් ම අපහසු නැත. නමුත්, එය යොදාගැනීමට ලමයින්
යොමු කරවීම, ඒ ගැන ඇති නොයෙක් සංකල්ප වලට ජනතාව හුරු කරවීම, එයට ඇති බිය
නැති කිරීම වැනි දේ ගැන ද සොයා බැලීමට සිදු වේ. මෙය හඳුනාගෙන තිබීම හොඳ
ලකුණෙකි.

එ සේ ම ගම් වල ඇති පහසුකම් ද සමහර විට ගැටළුවකි. උදාහරණයක් ලෙස, වසර
ගනනක් සේවය කළ කොලඹ අත හැර කොත්මලේ අපේ ගමේ පදිංචියට පැමිණි මට, මෙහි ඇති
තුරුදැල් පහසුකම් සමහර වැඩ වල දී සීමා ගෙන දෙයි. ගමට ADSL ලබා ගැනීමට
වෙනම ම වෙහෙසක් දරමින් සිටිමි. නමුත්, ඇවැසි නම් ඉදිරියට යාමට ගම් වල
මහා බාදා නම් නැති බව ගමක ම සිටින මා හොඳින් ම දනිමි.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

unread,
Jul 30, 2008, 2:49:23 PM7/30/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඌව වෙල්ලස්සේ නැණසළ 60 ක අධ්‍යයනයක මා යෙදී සිටින නිසා ගමට සිංහල
තාක්‍ෂණය ගෙන යාමේ ගැටළු රාශියක් හඳුනා ගැනුණා, ඒවා විසඳීමට තිබෙන ලොකුම
බාධාවත් භාෂාවයි, එය සංස්කෘතියේ කොටසක්

උදාහරණයක් ලෙස Spyware, Trojans ගැන කියාදෙන්න විදියක් නැහැ, ඒ ගැන සිංහල
ලේඛණයක් නැතිව. මේ නිසා සිංහළ තාක්‍ෂණය මෙන්ම සිංහලෙන් තාක්‍ෂණ තොරතුරුද
අවශ්‍යයි. ඊට අමතරව තාක්‍ෂණය වැදගත් නොවන අයට සිංහලෙන් විවිධ දැනුම
අවශ්‍යයි. යලට එකයි මහට එකයි ලෙස නොව ප්‍රතිඵල ඉලක්ක සහිතව යමක් සිදු විය
යුතුයි.

ඉඳ හිට අපට හමුවන හොඳ දේ තිබුණත්, අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව නෙමෙයි,
සංකල්ප නිර්මාණය වී ඇත්තේ. මේ නිසා අපිට ආපහු බිංදුවේ සිට සිතන්නට වෙනවා.
එවිට හුඟක් වැරදුන තැන් හදාගන්න පුළුවන්. ඊට අප සූදානම් ද ?

ශිල්ප සයුර වැඩක් වෙන දෙයක් උනේ ඊට ලැබුණු විවිධාකාර පුළුල් දායකත්වයන්
නිසා, නමුත් ඊටත් වඩා පුළුල් පදනමක් සහිත ජාතික සැලැස්මක් අපට අවශ්‍යයි.
ඒත් එවැනි සැලසුම් අන්තර්ජාල සමූහයකට නම් බර වැඩියි. අත්දැකීම් අනුව , එය
ආයතනික ව්‍යුහයක තුල මනා දුර දක්නා නුවණින් විය යුතු දෙයක්.
තවද එය සිංහලෙන් සිතා සිංහලෙන්ම හැදිය යුතු දෙයක්

මේ නිසා ආකල්පමය වශයෙන් වෙනසක් ඉස්සෙල්ලා කරගන පසුව සැලසුම් ගැන සිතීම
වැදගත්.

මොනවද අප වෙනස් කරගත යුතු ආකල්ප ?

වින්ඩෝස් හා ලිනක්ස් ලෙස හො කිසිම විශේෂ බෙදීමක් අපට අනවශ්‍යයි යන්න
එකක්.

තව මොනවාද ?

On Jul 28, 12:08 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/7/27 Rasika_Balangoda <rasika...@googlemail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 30, 2008, 3:35:41 PM7/30/08
to Sinhala...@googlegroups.com
2008/7/31 ෴ <uni...@info.lk>:

>
> වින්ඩෝස් හා ලිනක්ස් ලෙස හො කිසිම විශේෂ බෙදීමක් අපට අනවශ්‍යයි යන්න
> එකක්.

නිදහස් / විවෘත නොවන මුදුකාංග නිපදවන්නන් අපේ රටට දක්වන සැලකිල්ල ගැන නම්
සිතිය යුතු ම යි.

උදාහරණයක් ලෙස, සිංහළ යුනිකේත ප්‍රචලිත කිරීමට, වින්ඩෝස් සඳහා වන
මුදුකාංගය (Sinhala kit) ද මා විසින් බොහෝ දෙනෙකුට ලබා දුන්නා. නමුත්
දැන් එය XP SP3 සඳහා ගැටළු සහිත යි. මේ ගැන ඉහල පෙලේ ඉල්ලීම් අදාල
ආයතනයට කර ඇතත්, එයට දක්වන සැලකිල්ල බොහොම අඩු බවයි අහන්නට ලැබුනේ. මේ
නිසා, නිදහස් / විවෘත මුදුකාංග වලට යම් පමණක හෝ නැඹුරුවක් තිබුනොත්, ලොකු
ලොකු සමාගම් තුට්ටුවකට මායිම් නොකරන අපේ රට සහ අපේ බසට ගැළපෙන ලෙස
මුදුකාංග සකසා ගන්න අපට ම හැකි වේවි.

Dilan

unread,
Jul 30, 2008, 11:05:13 PM7/30/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල තාක්‍ෂණය වැලද ගැනීම ගොඩක් අයට අසීරු කාරණයක්, මෙයට ප්‍රධාන හේතුව
වනුයේ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කර සිංහලයට යෑම ඉතා අසීරු වීමයි. අනෙක
සිංහල අකුරු Type කිරීම ඉතාමත් අසීරුයි. ඕනෑකමක් ඇති අය හැරෙන්නට අනෙක්
අයට මේ පිලිබඳව වුවමනාවක් නැත.

මෙයට ඇති හොඳම විසදුම සිංහලයෙන් Operating System එකක් නිපදවීමයි.
ලාංකාවේ පරිගණක තාක්‍ෂණය මුලින්ම වැලදගන්නා අය අතර මෙය ජනප්‍රිය කල
යුතුය. තවද දැනට පවතින Operating System වල සිංහල අකුරු වේගයෙන් type කල
හැකි ක්‍රම වේදයක් සැකසිය යුතුය. අකුරු සිය ගණනක් ඇති චීන භාෂාවටත් එය කල
හැකිනම් සිංහල භාෂාවට කල නොහැක්කේ මන්ද? නමුත් මේ සඳහා හොද ප්‍රමිතියක්
අවශ්‍යය වේ.

unread,
Jul 31, 2008, 7:52:58 AM7/31/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල ලිවීමට විවිධ ක්‍රම කීපයක්ම තියෙන නිසා සිංහල ලිවීම පුරුදු වීමට
අපහසුද ? මුදුකාේග භාවිතයට ඉංග්‍රීසි මට්ටමත් ගම්වල කුඩා ළමුන් පවා
පෙන්වනවා. නමුත් උපාංග හා මෙව‍ම් තවත් සරළ හා පහසු යුතුයි.

සිංහල මෙහෙයුම් පද්ධති මුහුණතක් සඳහා යාමට අපට අපහසු පිළිගත් පාරිභාෂික
වදන් හිඟකම, අප වචනකරණයට නිසි ක්‍රමවේදයක් සැකසීම දෙසට යොමු විය යුතුයි.
එවිට වවන ගලා ඒවි.
මේ සඳහා UCSC ආරම්භ ක‍ල වැඩ සටහන යාවත් කර නැවත පණ ගන්වන්නේ නම් හොඳයි.



On Jul 31, 8:05 am, Dilan <chaturadi...@gmail.com> wrote:
> සිංහල තාක්‍ෂණය වැලද ගැනීම ගොඩක් අයට අසීරු කාරණයක්,
>
> On Jul 19, 12:28 am, ෴ <unic...@info.lk> wrote:
>
>
>
> > මොනවද සිංහල තාක්‍ෂණයේ වෙන්න ඕනේ!
> > මොනවද ප්‍රමුඛතා ?
> > ඉන් සැබැ වෙනසකට මුල පුරන්න පුළුවන්ද ?
> > මොනවාද ක්‍රම වේදයන්?
> > කොහොමද ඒවා කරන්නේ ?
> > කවුද ඒ සඳහා ඉන්න ප්‍රතිදායකයින් ?
> > ඔවුන් අතර සම්බන්ධතා මොනවද ?
>
> > සිංහල තාක්‍ෂණයේ දියුණට කරන දේවල් අතරමග නතරවන්නේ ඇයි ?
> > තාක්‍ෂණ නිර්මාණ අගය කිරීමේ ක්‍රම වේදය කුමක්ද ?
> > සිංහල තාක්‍ෂණ ප්‍රථමාරම්භ තිරසාර වී නැතිතේ  ඇයි ?
> > මේ සඳහා අපට සම්මුතියක් නැතිතේ ඇයි ?
>
> > මේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවාද ?- Hide quoted text -

unread,
Jul 31, 2008, 8:00:39 AM7/31/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

මේ ටිකවත් අපි කරගන තියෙන්නේ හුඟක් අය ගුඟක් මහන්සි වෙලා. රජඋ විසින්
විශාල මුදලක්ද මීට යොදවන නිසා, ඊටද විශාල බලපෑමක් කළ හැකියි භාවිත
ප්‍රතිපතිතිය තුලින්, සිංහල තාක්‍ෂණය සඳජා ජාතික ප්‍රතිපත්තියක
අවශ්‍යතාවය දැන් අපට දැනෙනවා.
මීට සිංහල තොරතුරු අංශයද අයත්, තාක්‍ෂණය හා තොරතුරු යනු සංවර්ධනයේ වුන්
දරුවන්


On Jul 31, 8:05 am, Dilan <chaturadi...@gmail.com> wrote:

unread,
Jul 31, 2008, 8:00:57 AM7/31/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ප්‍රජාවගේ බලපෑම් තුලින් තමා ආයතන යම් කටයුතු කරන්නේ. මුදුකාංගයක් තු‍ළට
ඇතුල් වූ යමක්, ඊ ලඟ අදියරකදී අතහැරීයාම විය නොහැකි දෙටක්. ඒ කියන්නේ
සිංහල සහය පරීක්‍ෂාවල් වී නෑ.
මේ සඳහා එම ආයතන භාවිතක සමූහ පිහිටනවා නම්, දියත් කිරීමට ක‍ින් අඩුපාඩු
හඳුනාගන්න පුලුවන්, නැතිනම් ඉංග්‍රීසි සහයත් වෑරදිලා ගිලිහෙන්න පුලුවන්.

මේ ගැටළුව ලෝකයේ සෑම දේශීය භාෂාවකටම පොදුයි



On Jul 31, 12:35 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/7/31 ෴ <unic...@info.lk>:

Bandula Ranathunga

unread,
Jul 31, 2008, 12:01:24 PM7/31/08
to Sinhala...@googlegroups.com
සිංහල ‍ මෙහෙයුම් පද්දතියකට යන්න බැරි ඇයි?

unread,
Aug 1, 2008, 6:32:00 PM8/1/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල මෙහෙයුම් පද්ධතියකට ගිය ගමන් කීපයක්ම තිබෙනවා, වෙළඳපොළ ප්‍රශ්නය මත
ඒවාට ගැටළු ඇති වගේ,

දැනට තියන සිංහල තාක්‍ෂණය උනත් භාවිතා කර තොරතුරු නිශ්පාදන ක්‍රියාවලියක්
ඇරඹීමෙන් ඉහළ සිංහල තාක්‍ෂණය සංවර්ධනයට අවශ්‍ය පසුබිම සැකසෙනවා.

උදාහරණයක් වශයෙන් සිංහල සෙවුම් යන්ත්‍ර වලට අවශ්‍ය තරම් තොරතුරු නෑ, හරි
වචන කෝෂයක් නැති කමත් ගැටළුවක්
ඒ වගේම සිංහල තාක්‍ෂණය ඉංග්‍රීසියෙන් ලබාදීමද ගැටළුවක්

එතනින් නොවේද පටන් ගත යුත්තේ ?

On Jul 31, 9:01 pm, "Bandula Ranathunga"
<bandula.ranathu...@gmail.com> wrote:
> සිංහල ‍ මෙහෙයුම් පද්දතියකට යන්න බැරි ඇයි?
>
> > > --http://www.sayura.net/anuradha/- Hide quoted text -

Bandula Ranathunga

unread,
Aug 2, 2008, 4:28:12 AM8/2/08
to Sinhala...@googlegroups.com
ඇත්ත. පළමුවෙන්ම සිංහල භාවිතයට පෙළඹවිය යුතුයි. මමත් පුළුවන් තරම් සිංහල භැවිතයට පොළඹවනවා

unread,
Aug 4, 2008, 1:07:28 AM8/4/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල භාවිතයට පෙළඹවීමක් අවශ්‍යද ?
90% වැඩි මිනිස්සු සිංහලෙන් වැඩ කරන්නේ, එහෙත් සිංහල තාක්‍ෂණය හා ඔවුන්
අතර පරතරයක් තිබෙනවා. සිංහල තාක්‍ෂණයේ තිබෙන ප්‍රති‍ලාභ ලබාගැනීමට තියෙන
පමණින් හා හැකි පමණින් පමණක් සෑහේද?

On Aug 2, 1:28 pm, "Bandula Ranathunga" <bandula.ranathu...@gmail.com>
wrote:
> ඇත්ත. පළමුවෙන්ම සිංහල භාවිතයට පෙළඹවිය යුතුයි. මමත් පුළුවන් තරම් සිංහල
> භැවිතයට පොළඹවනවා
>
> > > > > --http://www.sayura.net/anuradha/-Hide quoted text -
>
> > > - Show quoted text -- Hide quoted text -

tidalbobo

unread,
Aug 4, 2008, 1:14:00 AM8/4/08
to Sinhala...@googlegroups.com
Its all about choice

If we do not have Sinhala computing, then we do not have a choice.
But if we do have Sinhala and English computing, then users have a choice to decide on what they like and whats easy for them.
There is no point in "forcing" anyone to use a certain language/style. It has to be free choice.

If its good and better it will survive, if its not as good as other alternatives it will gradually die.


2008/8/4 ෴ <uni...@info.lk>

unread,
Aug 5, 2008, 11:20:39 AM8/5/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තාක්‍ෂණය සම්බන්ධව නමි නිදහස තිබිය යුතුයි, නමුති භාෂාව භාවිතය සමිබන්ධව
පිළිගත් රීතින් භාවිතා කිරීම සුදුසුයි.

දහස් සන්නිවේදනයේදී විවිධ ශෛ‍‍ලීන් භාවිතා වුනත් සමහර නීතිය, විද්‍යාව,
චක්‍රලේඛන වලට නිසි භාෂා භාවිතය වැදගත්.

භාෂාවක් කාටවත් පටවන්න බැරි බව ඇත්ත. සම්මතයක් වීම එක්තරා බලපෑමක්
නොවේද ? ඉ රාජ්‍ය කටයුතු සිංහල යුනිකෝඩි භාවිත ‍ප්‍රතිපත්තිය බලපෑමක්
නොවේද ?
පොදු යහපතට සමහර දේ පැටවීමටත් අවශ්‍යයි.

On Aug 4, 10:14 am, tidalbobo <tidalb...@gmail.com> wrote:
> Its all about choice
>
> If we do not have Sinhala computing, then we do not have a choice.
> But if we do have Sinhala and English computing, then users have a choice to
> decide on what they like and whats easy for them.
> There is no point in "forcing" anyone to use a certain language/style. It
> has to be free choice.
>
> If its good and better it will survive, if its not as good as other
> alternatives it will gradually die.
>
> 2008/8/4 ෴ <unic...@info.lk>
> > > > > > > --http://www.sayura.net/anuradha/-Hidequoted text -

උඩවත්තගේ ධම්මික

unread,
Aug 5, 2008, 4:24:28 PM8/5/08
to Sinhala...@googlegroups.com
තාක්‍ෂණය සම්බන්ධව නමි නිදහස තිබිය යුතුයි, නමුති භාෂාව භාවිතය සමිබන්ධව
පිළිගත් රීතින් භාවිතා කිරීම සුදුසුයි.

දහස් සන්නිවේදනයේදී විවිධ ශෛ‍‍ලීන් භාවිතා වුනත් සමහර නීතිය, විද්‍යාව,
චක්‍රලේඛන වලට නිසි භාෂා භාවිතය වැදගත්.

භාෂාවක් කාටවත් පටවන්න බැරි බව ඇත්ත. සම්මතයක් වීම එක්තරා බලපෑමක්
නොවේද ? ඉ රාජ්‍ය කටයුතු සිංහල යුනිකෝඩි  භාවිත ‍ප්‍රතිපත්තිය බලපෑමක්
නොවේද ?
පොදු යහපතට සමහර දේ පැටවීමටත් අවශ්‍යයි.

 

සිංහල තාක්‍ෂණයේ වර්ධනය සිදුවීම සඳහා ඒ සඳහා වන අභියෝග ජය ගැනීමට කළ යුතු වෙනස් කම් බොහෝය.

මම මෙහි දි ඊනියා දියුණු රටක් යැ යි වැඩි දෙනෙකු විසින් හඳුන්වන ඉතාලිය යන රටෙහි ස්වභාෂාව, ස්වදේශීය ව්‍යාපාරිකයන්, ස්වදේශීය ව්‍යවසායකයින් ආරක්‍ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන නීතින් කිහිපයක් පිළිබඳව අවධානය‍ යොමු කිරීමට කැමැත්තෙමි. අප බටහිරයන්ගෙන් අවශෝෂය කර ගත යුතු අනීවාර්ය සංකල්පයන් මේවා යැ යි ද සඳහන් කිරීමට ද කැමැත්තෙමි. මෙම නීතීන් ඉතාලිය තුළ ක්‍රියාත්මත වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව සකසන ලද 1950 ව්‍යවස්ථාවට අනුව යි.

 

එම නත්‍යයතාවයන් සැකෙවින් මෙසේයි. මෙහි සඳහන් වන්නේ මූලික රාමුවෙන් මා අධ්‍යනය කර ඇකි කොටස් පමණි.

 

  1. ඉතාලි ජාතිය යනු ඉතාලි බස කතා කරන ජාතිය පමණක් බව පිළීගැනීම.
  2. සැමට රැකියාවක් වන සේ රැකියා අවස්ථාවන් පුළුල් වන සේ 1950 පෙර වූ වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම.
  3. ශක්තිමත් රාජය අංශයක් සඳහා රැකියාවක් කරන සියළුම ශ්‍රමිකයන් බදු ගෙවන්නන් බවට පත් කිරීම.
  4. ව්‍යාපාරීකයා, ව්‍යාපාරිතයෙකු මෙන් ම ශ්‍රමිකයෙකු ලෙස ද සැලකීම.
  5. රාජ්‍යය අංශයේ සහා පුද්ගලික අංශයේ සියළුම ශ්‍රමිකයන්ට අනිවාර්යයෙන් ම විශාම වැටුපක් ලැබෙන සේ INPS නමින් අඳුන්වන ලබන ආයතනය පිහිටුවීම සහ සියළුම දෙනා එහි ලියා පදිංචී වීම අනිවාර්යය වීම.
  6. ව්‍යාපාර සම්බන්ධයෙන් වන අන පනත් පැනැවීමේ දී සෑම ඉතාලි ජාතිකයෙකුට ම රැකියාවක් ලැබෙන පරිදි පුද්ගලික ව්‍යවසායකයින් ආරක්‍ෂා වන ලෙස පමණක් වන ලෙස ව්‍යාපාරීක නීති අණ පනත් පැමිණ වීම.
  7. අනෙකුත් රට වලින් ආයත කරන කුමන භාන්ඩයක් සමඟ වුවද ස්වදේශීය, ස්වභාෂීය නිෂ්පාදකයාට තරඟ කිරීමට හැකි වන සේ අනායන නීතී ශක්තිමත් කිරීම. (මෙහි වැඳගත් වචනය වන්නේ ස්වභාෂීය යන්නයි)

 

මේවා අඩු වැඩි වශයෙන් ද අපගේ ව්‍යවස්ථාව තුළ ද දැක ගත හැකිය.

 

ඉතාලියේ දී වැදගත් වන්නේ මෙම නීතී එකිනෙක ගැට ගසා ඇති ආකාරය යි.

 

1, 6 සහා 7 දැක්වෙන්නන් ක්‍රියාත්මක වන්නේ මෙසේයි.

 

අපි හිතමු අපි ලංකාවෙන් යම් භාණ්ඩයක් ගෙන්වනවලා ඉතාලිය තුළ විකීණීමේ ව්‍යාපාරයක් කරනවා කියා. උදාහරණයක් ලෙස ලංකාවෙන් "ලයන් ලාගර් බියර්" ඉතාලියට ගෙන්වලා විකිණීමේ ව්‍යාපාරයක් කරනවා කියා.

අපි එහෙම ව්‍යාපාරයක් කරනවා නම් ලංකාවේ ඉංග්‍රිරිස් ලේබලයෙන් තියෙන "ලයන් ලාගර් බියර්" ඉතාලියට ගෙන්වන්න බැහැ. ඒ සඳහා ඉතාලි භාෂාවෙන් සඳහන් ලේබලයක් තිබිය යුතුයි.

දැන් මේ නීති මඟින් කුමක් ද වෙන්නේ කියන එක පැහැඳිළීයි.

 

ඒ වගේම තමයි මක්‍රෝසොෆ්ටත්, මාක්‍රෝසොෆ්ට ඉංග්‍රිරිස් මුදුකාංග විකිණීමේ බලයක් ඉතාලිය තුළ නැහැ. ඉතාලි භෘෂවෙන් තිබෙන මුදුකාංග පමණයි විකිණීය හැක්කේ.

මා මේ පිළිබඳ ව මාගේ ඉතාලි ජාතික නීතී මිතුරෙකු සමඟ කතා කිරීමෙන් තවත් දෙයක් ද මා හට දැන ගැනීමට ලැබුණා. ඒ තමයි ඉංග්‍රිරිස් හොර කොපි මුදුකාංග භාවිතයේ දී එයට එරෙහිව ක්‍රියා කිරීමේ නිත්‍යානූකූල තත්ත්වයක් ඉතාලිය තුළ නැත යන්නයි. ලංකාවේ හොර මුදුකාංග (ඉංගිරීස්) විකිණිම නිසා පසුගිය දිනවල ලංකාවේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හීරේ දැම්මට, ඉතාලි‍ය තුළ එහෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු දාන්න බැහැ. අනෙක ඉතාලිය තුළ හොර මුදුකාංග (ඉංගිරිස්) සම්බන්ධයෙන් වෙළඳ පොළකුත් නැහැ. එය ඉතාමත් ම සුළු වශයෙන් සිදුවන්නක්.

නමුත් ‍ඉතාලි බසින් වන හොර මුදුකාංග ඉස්සර නම් තිබිණා. දැන්නම් ඒවා නැති තරම්.

 

මා මේ දෑ සඳහන් කළේ සිංහළයෝ තමන්ගේ අයිති වාසිකම් නොදැන තමන්ගේ රට තුළ ම පිටරැටියෝ පිරිසක් ලෙස ඔහේ ජීවත් වන පිරිසක් බයට අද වන විට පත් වී ඇත්තේ ඇයි ද යන්න ගැනත් සිතීම සඳහා යි. අපට වැරදුනේ කොහොඳ යන්න පිළීබඳව අවධානය යොමු කරවීම සඳහා යි. ‍නමුත් විශාල සිංහළයෝ පිරිසක් තවමත් මෙව්වා නොදැන ඔහේ ජාත්‍යන්තර බයිලා ගයමින් ඉන්නවා ඇරෙන්න හිතන්නවත් දන්නේ නැහැ.

තවත් කරුණු දෙකක් කිව යුතුයි.

ඇයි අපට තවමත් බැරි එක මතයට එන්න කියන එක ගැන.

එයට එක් හේතූවක් තමයි ඉංගිරීසීන් සහා අනෙකුත් බටහිරයන් විසින් පසුගිය අවුරුදු 200 තුළ සිංහළයන්ට හිමි තැන අහිමි කිරීම සඳහා නිර්මාණය කරන ලද දෙමළ ජාතිවාදය. සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජාති වාදය ඇති උනාය කියන එක අමූලික බොරුවක්. එහෙම උනා නම් අද හෙළ බස ලංකාව තුළ වැජඹිය යුතුයි. නමුත් අද ලංකාවේ වැජපෙන්නේ ඉංගිරිසිය යි.

දෙවෙනි කාරණය මාක්ස්වාදය යි.

බොරු රෝස පාට මක්ස්වාදීන් අපේ රටට කරපු සහා කරණ විනාශය අති මහත්.

ඹවුන් අපේ පාරම්පරික දැනුම පාරම්පරික ව්‍යාපාරිකයෝ නැත්තටම නැති කරලා දැම්මා සහා දමමින් ද සිටිනවා.

‍ඔබ අසා තිබෙනවා ද කිසිම මාක්ස්වාදියෙක් ඉංගිරිසියට විරුද්ධව එක උද්ඝෝෂණයක් කරනවා.

ඇත්තෙන් ම ඉංගිරිසියට වහල් මානසිකත්වයක් අපේ හෙළයන් තුළ ඇති කිරීමට ක්‍රියා කළේ සහා කරමින් සිටින්නේ මාක්ස්වාදීනු යි. ඉංගිරිසිය ද ලංකාවේ රාජ්‍යය භාෂාව කළේ මාක්ස්වාදීනු යි.

සිංහල රාජ්‍යය භාෂාව වීම පොතට පමණක් සීමා වී ඉංගිරිසිය ඉලිප්පී ආවේ මේ නිසයි.

මාක්ස්වාදීයෝ කියන්නේ සිංහල බෞද්ධයන් ගේ ප්‍රධාන හතුරෙක් ය යන්න සම්පූර්ණ ඇත්තක්.

 

--- ධම්මික --

Sapumal Jayaratne

unread,
Aug 5, 2008, 11:52:04 PM8/5/08
to Sinhala...@googlegroups.com
2008/8/6 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>

ඒ වගේම තමයි මක්‍රෝසොෆ්ටත්, මාක්‍රෝසොෆ්ට ඉංග්‍රිරිස් මුදුකාංග විකිණීමේ බලයක් ඉතාලිය තුළ නැහැ. ඉතාලි භෘෂවෙන් තිබෙන මුදුකාංග පමණයි විකිණීය හැක්කේ.

මා මේ පිළිබඳ ව මාගේ ඉතාලි ජාතික නීතී මිතුරෙකු සමඟ කතා කිරීමෙන් තවත් දෙයක් ද මා හට දැන ගැනීමට ලැබුණා. ඒ තමයි ඉංග්‍රිරිස් හොර කොපි මුදුකාංග භාවිතයේ දී එයට එරෙහිව ක්‍රියා කිරීමේ නිත්‍යානූකූල තත්ත්වයක් ඉතාලිය තුළ නැත යන්නයි. ලංකාවේ හොර මුදුකාංග (ඉංගිරීස්) විකිණිම නිසා පසුගිය දිනවල ලංකාවේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හීරේ දැම්මට, ඉතාලි‍ය තුළ එහෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු දාන්න බැහැ. අනෙක ඉතාලිය තුළ හොර මුදුකාංග (ඉංගිරිස්) සම්බන්ධයෙන් වෙළඳ පොළකුත් නැහැ. එය ඉතාමත් ම සුළු වශයෙන් සිදුවන්නක්.

නමුත් ‍ඉතාලි බසින් වන හොර මුදුකාංග ඉස්සර නම් තිබිණා. දැන්නම් ඒවා නැති තරම්.


යමක් අහිමිවෙනකොට වෙනත් යමක් ලබාගැනීම තමයි බුද්ධිමත් උපක්‍රමය. උදාහරණයක් ලෙස මට මතකයි වරක් උතුරු කොරියාව න්‍යෂ්ටික කටයුතු හකුලාගැනීම වෙනුවට අතිවිශාල මුදලක් හා ඛණිජ තෙල් ආධාරයක් ලබාගත්තා. අවම වශයෙන් තොරතුරු තාක්ෂණයට අදාල ආයතනවලට පුලුවන් වුනා නම් මෙම නීතිය ලංකාව මත පැ‍ටවීමේදී ඊට සමගාමීව දේශීය භාෂාවෙන් මෘදුකාංග ලබාදියයුතුබවට අදාල සමාගම් වලින් සහතිකයක් ලබාගන්න ඒක සිංහල තාක්ෂණයේ ඉදිරිගමනට මනා පිටුවහලක් වන්නට තිබුනා.සමහරවිට එම සමාගම් පාසල් කීපයකට පරිඝණක ලබාදීමට එකඟ වෙන්න ඇති. නමුත් එවැනි සිල්ලර ලාභයක් වෙනුවෙන් නැතිකරගෙන තියෙන්නේ වටිනා අවස්ථාවක්. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ආයතන වල ප්‍රමුඛ කාර්යය විය යුත්තේ සමස්ත රටවැසි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය යොදාගැනීමයි. නමුත් මම හරියට දන්නේ නෑ මේ සම්බන්ධ ආයතන වල අරමුණු මේ සමඟ කොතෙක් සමපාත වනවාද කියා.

පසුගිය කාලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට මහත් පීඩනයකට මුහුන පාන්න වුනා. යම් යම් නිරීක්ෂකයන්ගේ වාර්ථා, සමහර කමිටු වලින් ඉවත්කිරීම් ආදී දේ මැද කේවල් කිරීම හා නිවැරදි දැක්මක් තුල ක්‍රියාකිරීම තුලින් එම ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රාශියක් ලබාගන්න පුලුවන් වුනා. එබඳු නායකත්වයක් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල තවමත් මතුවී නැහැ. හොඳ නායකත්වයකට මෙම ක්ෂේත්‍රය තුල කලහැකි දේ බොහෝයි.

මහාචාර්‍ය සමරනායකගේ නායකත්වයෙන් ලංකාව බොහෝම අමාරුවෙන් මූලික කඩඉම් පහුකලා. දැන් තියෙන්නේ එතුමා පටන්ගත් කාලයට වඩා බොහොම වේගවත් ලෝකයක්. අනික අපිට අවශ්‍ය පහසුකම් බොහෝමයකුත් තිබෙනවා. එනිසා දැන් ක්‍රියාත්මක වන නොයෙන් ආකාරයේ නවොදයන් සේම තොරතුරු තාක්ෂණයේ නවෝදයක් ද ඇතිකිරීමට කාලයයි මේ.

සැරදේවා,
සපුමල්.

unread,
Aug 6, 2008, 4:35:05 AM8/6/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Getting Community Issues on the Local Agenda
bringing issues to the public consciousness and how to plan for
informing people in a community about an issue and persuading them of
its importance.

The local agenda refers to whatever a community sees as necessary to
address. Some of those things - road repair, or painting public
buildings - may be unrelated to health, Education, and community
services,

getting issues into the minds of the public, officials, and policy
makers is not a simple matter. Depending upon how much they already
know (often nothing at all), there are several steps to go through,
and each takes time.


1. Educate people often about the existence of the issue , citizens
and officials in the community either don't know the existance of
issues, it has been not properly solved or knowing never addressed at
all. The first step in getting it addressed is raising public
consciousness about it.

Agenda-setting is essentially a competition for a limited resource:

2. Make sure people understand the issue and its general importance.
Awareness of an issue is only the beginning. People may understand
that it exists, but not understand its impact. They may feel that it
doesn't really matter, that it only affects a few people or places far
away, or that there's really no proof of its effects.

3. Generate real local concern about the issue. Once people are aware
of and understand issues, the next step is to foster concern about
them.

4. Get the issue on the local agenda. Actually placing the issue on
the local agenda really means a number of things.

some usually necessary to reach the point of proposing a bylaw,
regulation or other formal policy.

Influencing public opinion. Public opinion is an essential factor in
setting the local agenda. Issues become items on the local agenda when
they reach a certain level of public consciousness, and the community
starts to consider them worthy of attention.

++

Source http://ctb.ku.ed



On Aug 6, 8:52 am, "Sapumal Jayaratne" <sapumal.jayara...@gmail.com>
wrote:
> 2008/8/6 උඩවත්තගේ ධම්මික <udawatta...@gmail.com>

unread,
Aug 6, 2008, 4:36:07 AM8/6/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ICT4D ක්‍ෂේත්‍රයේ මීට කියන්නේ Social Action එනම් සමාජීය ක්‍රියාදාම
කියලා සංවාදයෙන් අපි කරන්නේ ඒක, එයින් යම් බලපෑමක් ඇතිවීමෙන් ප්‍රජාවගේ
සිත් එයට යොමුවීමෙන්, එය මහජන න්‍යාය පත්‍රයට ඇතුල් වෙනවා, ඉන් රජයට සහ
අනිකුත් ප්‍රතිදායකයිනිගේ ඇස් ඇරෙනවා, වැඩේ වෙනවා
> Sourcehttp://ctb.ku.ed
> > සපුමල්.- Hide quoted text -

උඩවත්තගේ ධම්මික

unread,
Aug 6, 2008, 7:32:51 AM8/6/08
to Sinhala...@googlegroups.com
යමක් අහිමිවෙනකොට වෙනත් යමක් ලබාගැනීම තමයි බුද්ධිමත් උපක්‍රමය. උදාහරණයක් ලෙස මට මතකයි වරක් උතුරු කොරියාව න්‍යෂ්ටික කටයුතු හකුලාගැනීම වෙනුවට අතිවිශාල මුදලක් හා ඛණිජ තෙල් ආධාරයක් ලබාගත්තා. අවම වශයෙන් තොරතුරු තාක්ෂණයට අදාල ආයතනවලට පුලුවන් වුනා නම් මෙම නීතිය ලංකාව මත පැ‍ටවීමේදී ඊට සමගාමීව දේශීය භාෂාවෙන් මෘදුකාංග ලබාදියයුතුබවට අදාල සමාගම් වලින් සහතිකයක් ලබාගන්න ඒක සිංහල තාක්ෂණයේ ඉදිරිගමනට මනා පිටුවහලක් වන්නට තිබුනා.සමහරවිට එම සමාගම් පාසල් කීපයකට පරිඝණක ලබාදීමට එකඟ වෙන්න ඇති. නමුත් එවැනි සිල්ලර ලාභයක් වෙනුවෙන් නැතිකරගෙන තියෙන්නේ වටිනා අවස්ථාවක්. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ආයතන වල ප්‍රමුඛ කාර්යය විය යුත්තේ සමස්ත රටවැසි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය යොදාගැනීමයි. නමුත් මම හරියට දන්නේ නෑ මේ සම්බන්ධ ආයතන වල අරමුණු මේ සමඟ කොතෙක් සමපාත වනවාද කියා.

පසුගිය කාලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට මහත් පීඩනයකට මුහුන පාන්න වුනා. යම් යම් නිරීක්ෂකයන්ගේ වාර්ථා, සමහර කමිටු වලින් ඉවත්කිරීම් ආදී දේ මැද කේවල් කිරීම හා නිවැරදි දැක්මක් තුල ක්‍රියාකිරීම තුලින් එම ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රාශියක් ලබාගන්න පුලුවන් වුනා. එබඳු නායකත්වයක් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල තවමත් මතුවී නැහැ. හොඳ නායකත්වයකට මෙම ක්ෂේත්‍රය තුල කලහැකි දේ බොහෝයි.

මහාචාර්‍ය සමරනායකගේ නායකත්වයෙන් ලංකාව බොහෝම අමාරුවෙන් මූලික කඩඉම් පහුකලා. දැන් තියෙන්නේ එතුමා පටන්ගත් කාලයට වඩා බොහොම වේගවත් ලෝකයක්. අනික අපිට අවශ්‍ය පහසුකම් බොහෝමයකුත් තිබෙනවා. එනිසා දැන් ක්‍රියාත්මක වන නොයෙන් ආකාරයේ නවොදයන් සේම තොරතුරු තාක්ෂණයේ නවෝදයක් ද ඇතිකිරීමට කාලයයි මේ.
මානව හිමිකම් සම්බන්ධව එවැනි දෙයක් කිරීමට හැකි වූයේ ඒ පිළිබඳ ව අවබෝධාත්මත නිවැරැදි දර්ශණයක් තිබු නිසා මෙන් ම එවැනි අවබෝධයක් සහිත පිරිස් එහි සිටි නිසා සහ සිටින නිස යි.
මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිරට ගැති නොවු ප්‍රවාද අපි සතුව තිබු නිසා යි එහිදි බටහිර අවශ්‍යයතාව ය ඉටු නොවූයේ.
පසු ගිය වර්ෂ වල දිගින් දිගට ම සිංහල ජන මනස වෙනස් කිරීමට සම්මාන පිට සම්මාන දිමෙන් කොතරම් චිත්‍රපට නිපද වුවද අපේ ප්‍රවාද වල ප්‍රබලත්වය නිසා එහි දී බටහිරයන් පරාද වූ වා යැ යි කීවොක් වඩාත් නිවැරැදි යි.
නමුත් තාක්‍ෂණය සහා විද්‍යාව සම්බන්ධයෙන් අපේ ප්‍රවාද තවමත් ශක්තිමත් මඳි. එබැවින් බටහිරට ගැති පිරිස් මෙහි දී තවමත් ජයග්‍රහණය කරනවා.
එහි තේරුම තාක්‍ෂණය සම්බන්ධයෙන් අපේ ඇසකින් නොදැකින තාක් බටහිරයන් ගේ අවශ්‍යයතාව ය තවමත් ඉෂ්ඨ වන බවයි.
බටහිරයන් ගේ අවශ්‍යයතාව ය අනුව ම ලංකාව තුළ ‍ඔවුන්ගේ නීතී පද්ධතිය ක්‍රියාත්මත කිරීමට හැකි වී ඇත්තේ එබැවිනුයි.
නමුත් මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිරයන්ගේ අවශ්‍යයතාවය අනුව වන නීතීන් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට බැරි වී ඇත්තේ අපේ ප්‍රවාද වල ප්‍රබලත්වය නිසාමයි.
තාක්‍ෂනයේ දී බටහිරයන් ගේ ප්‍රවර්ධන සම්මාන බලාපොරොත්තු වන සේල්ස් රෙෆ්ලා සිටින තාක් කල් මෙය ජය ගත නොහැකි යි.
මානව හිමිකම් වලදී බොරු රෝස පාට මාක්ස්වාදීන් ට අපේ ප්‍රවාද වලින් එළවා එළවා පහර දුන්නාක් මෙන් මෙහිදී ද එම පුද්ගලයන් හෙළි දරව් කරමින් ද අපේ ප්‍රවාද ද ශක්තිමත් කරමින් ද ඔවුන් ව නිරුවක් කිරීම අනිවාර්ය අවශ්‍යයතාවයක් විය හැකි ය.
 
--- ධමිමික--
 
 
Reply all
Reply to author
Forward
0 new messages