ඉතිහාසය ගොඩනැගෙන්නේ වවිධ මූලාශ්‍ර අතුරිනි, කටින් කට එන පරස්පර
ජනප්‍රවාදද ඊට ඇතුලත්ය. නමුත් වසර දෙදහසකට එහා වූ ඉතිහාසයටක් මුලින්ම
ලේඛන ගත වන්නේ පසුකාලීන දීපවංශය හා මහා වංශය ආදී ග්රන්ථ වලිනි.
උදාහරණයක් ලෙස අද පුරාවිද්‍යත්මකව ඉතා වැදගත් සීගිරිය හා කාශ්‍යප රජු ගැන
මහාවංශයේ සඳහන් වන්නේ ඉතා අඩුචෙනි. මහාවංශය ලියන ලදැයි සැලකෙන්නේ ධාතුසේන
රජුගේ බෑණා කෙනකු වූ මහානාම හිමියන්ය.මේ අනුව ඉතිහාසය ලියන්නාට සාපේක්ෂ
වන බව සිතිය හැකිය. මහා. මේ අනුව මහා. නලින් ද සිල්වා ගොඩනගන තර්කයන්
ඔහුගේ චින්තනයට සාපේක්ෂය. හෙරඩෝටස් ලියූ ග්‍රීක ඉතිහාසයද අතිශෝක්තියෙන්
හා අලංකාර චලින් පිරී පවතින අතරම අනිකුත් ඉතිහාස ග්රන්ථද රජුන් පිවීම,
ජාති වාත්සල්‍ය නැංවීම ආදී කරුණු මතද රඳා පවතින්නේ නිරපේක්ෂ ඉතිහාසයක්
තිබිය නොහැකි බැවිනි.මේ අනුව අබාද ඉතිහාසයේ එක සමයක් ගැන කලාකරුවකු තුල
පහල වූ රූපමය ප්‍රකාශයකි. චිත්‍රපටයේ කිසි තැනක අබා කුමරුගේ (පඬුඅබා)
පියා අහවලායයි කිසිවෙක් සඳහන් නොකෙරෙයි. නමුත් අබා උපත, දරුවන් මාරුව ,
සැඟව යාම, ගොපළු ගමක රැකවරණය, දරුවන් ඝාතනය ආදී කරුණු අති බිහිසිණු ජන්ම
කුමණ්ත්‍රනයක් ලෙස සැලකිය හැකිය. චිත්‍රපටියේ සඳහන්වන "යකුන්ගේ රැහේ ලේ
ධාතුව" යන්නෙන් අබා කුමරු යක්ෂ ගෝත්රකයෙකුට දාව උපන් බව කියවේ.
දීඝගාමිණී කුමාරයා යක්ෂ ගෝත්රිකයකුද හෝ සිංහ ගෝත්රිකයකු යනුවෙන්ද
කිසි තැනක තිර වී නොමැත. විජය රජු රාජ්‍ය බලය අල්ලා ගත් නමුදු යක්ෂ
ගෝත්‍රිකයින් සඝුල ඝාතනය නොවිනි. තම බලය නැවත ලබා ගැනීමට යක්ෂ
ගෝත්‍රිකයින් කළ කුමණ්ත්‍රණය නම් අබා උපත විට නොහැකිද?පණ්ඩුකාභය රජුට
යක්ෂගෝතික මෙන්ම සිංහ වංශික සහය ලැබීමට මේ සිංහ වංශික හා යක්ෂ ගොත්‍රික
මුසුව පිහිට වීද ?මේ ආදී කරුණු ගැන සංවාද කළ හැකි මුත් නිසි පිළිතුරක්
ලබා ගත හැකි නොවේ. චිත්තරාජ චරිතය පිළිබඳ නලින්ද සිල්වා නගන පැණය සාධාරණ
විය හැකි වුවද , ඊට හාත්පසින්ම වෙනස් මතයක් දැරීමේ අයිතය අනිකුත් අයටද
ඇත. ඒ ඉතිහාසය කියන්නාට සාපේක්ෂ බැවිනි. චිත්‍රපටයක රූප රාමු කලා
අධ්‍යක්ෂණයේ කටයුත්තකි. චිත්තරාජගේ ඇඳුමට සුදු වර්ණය වෙනුවට කහ චර්ණය
භාවිතා කලානම් භිත්රපටය ගැන වෙනස් මතයක් ගොඩ නැගීමට විචාරකයින් සමත් වනු
ඇත.කළා නිර්මාණයක සුන්දර බව ගෙන හැර පෑමට යොදාගත් ක්‍රම හා රූප රාමු මිස
විවාරකයා කියනා ලෙස ලංකාව විනාශ කරණ ආගමික කුමණ්ත්‍රණයක් ලෙස අබා හුවා
දැක්වීම ඊට සම්බන්ධවූ විද්වතුන්හටද, ශිල්පීන්හටද, අධ්යක්ෂකවරයාටද කරණු
ලබන අවමානයකි.දිය කොරහේ කිඹුළන් මවන මේ විවාරය පක්ෂග්රාහී මෙන්ම, නැති
බේද මිනිසුන් තුළ ඇතිකරන අතර මහත් වෙහෙස දරා ඇඳි සිත්තමකට චිත්‍ර අඳින්නට
බැරි අයකු තීන්ත හලන්නා සේය. එම නිසා ජැක්සන් ඇන්තනිගේ නිර්මාණය හොඳ
චිත්‍රපටියක් ලෙස දකිමු. ඉතිහාසය ඉතිහාසඥයින්ට භාර කරමු. On Sep 4,
10:39 am, rapa <
madu.r...@gmail.com> wrote:> please find the attached
image> > --> May the blessings of the Noble Triple Gem be with
you...!!!>
------------------------------------------------------------------------------------
> > aba.jpg> 797KViewDownload