
අබා සාමාන්‍ය මිනිසුන් අගේ කරන භිතපටියක් බච ආදායම් වාර්ථා වලින්ම පෙනේ.
සාර්ථකත්වය විචාර වලින් මැනිය හැකිද ?
සංවාදය හා චාදය
සංවාදයක්න් වන්නේ ඉදිරිපත්වන කරුණු සළකා ධනාත්මක ලෙස යමක් ඉස්මතුචීමයි.
අප සමූහයේ පරමාර්ථය එයයි. ඉන් වන්නේ යහපතකක්මයි.
නමුත් වාදයකදී වන්නේ තමන්ගේ මතය හර්යයි පෙන්වීමට තප්පු ලෑමයි. එහිදී
කරුණු වලට වඩා මඩ ගැසීම, අපහාස කිරීම , තමන් ඉස්මතු වී අනුනි පහත් කිරීම
ආදීන් නිසා වෙන්නේ අයහපතක්මයි. අවසානයේ සංවාදය ගාල ගෝට්ටියක් වන්නේය.
ධනාත්මක අදහස් ඇති ඇත්තෝ සතුටින් සිටිම්න් සමාජයට වැඩදායක ලෙස කටයුතු කරන
අතර හුදකලාවූ ඍණ අදහස් ඇත්තෝ අනුනට ගරහමින්, යමක පැත්තම දකිමින් කලහයටම
එලඹෙති. ඔවුන් සමූහයකදී කරදරයක්ම වෙති. (Shouting)
ඉන් සමූහයක මිත්‍රශීලී බවට හානිවන අතර අනවශ්‍ය ගැටුම් නිසා මූලික පරමාර්ථ
වලට හානි වේ.
Great People Discuss Ideas
Average People Discuss Events
Small People Discuss People
අප සෑම දෙන තුළම Great, Average, Small ලක්‍ෂණ යම් ප්‍රමාණයකින් ඇති මුත්
දිගින් දිගටම Small වීම නිසා යමෙකු කුඩා වී නොපෙනී නොදැනී යා හැකිය.
අන්තවාදී වූ විට එය කුඩා කණ්ඩායමක් වන්නේ එනිසාය.
ඒ පදනම මත ඔබට ලියම්. වැටදි නම් කමන්න.
මහාචාර්ය වූ පමණින් නල්න් ද සිල්වා සර්වතෝභද්‍ර නොවන අතර අබා චිත්‍රපටය
කුමණ්ත්‍රණයක්යයි කියා ඔහු කියන්නේ ජෑක්සන්ට පහර දීමට මිස නිසි සාක්‍ෂි
සහිතව නොවේ. දුරු රටක අයකු අබාට සහ ජැක්සන්ට පරිභව කරන්නේ එම විත්‍රපටිය
බලා මිස නලින්ද සිල්වා අන්ධානුකරණයෙන් පමණක් විය හැක.
මිලින්ද ප්‍රශ්නය, මිහිඳු හිමියන් විසින් බුදු දහම වටහා දීමට බණ දේශනා කිරීම සඳහා අවම වශයෙන් තිබිය යුතු සුදුසු කම් පිරික්‍ෂිම සඳහා දේවානම් පියතිස්ස රජතුමාගෙන් විමසූ ප්‍රශ්න වට්ටෝරු දෙක මඟින, එදා සිංහල දීපයේ ජනතාව චතුස්කෝටික, ත්‍රිකෝටික න්‍යාය දැන සිටියා දැ යි සැක හැර ගැනීම සඳහා යොමු කළ බව පෙන්වා දුන්නේ ද නලින් ද සිල්වා විසිනි. මෙය අපගේ ඉතිහාසයේ මීට පෙර පෙන්වා දුන් අයෙක් වෙද්ද???????
අද රුපවාහීනි සංඝයා වහන්සේලා විසින් මහත් උජාරුවට සඳහන් කරන යුදෙව් බුද්ධීමතෙකු වන "ඇල්බට් අයින්ස්ටයින්" ගේ සාපේක්‍ෂතා වාදය ප්‍රතික්‍ෂ්ප කරමින් "නිර්මානාත්මක සාපේක්‍ෂතාවාදය" නිර්මාණය කළේ ද ඔහුය. (මෙය ඔබට පුදුමය ගෙන දෙන්නක් විය හැකිය)
අද ලංකාවේ සිටින්නේ තම රටේ උගතුන් ගැන නොදන්නා දහනම වන සියවසේ බටහිර විසු බටහිර උගතුන් ගැන පමණක් දන්නා ඇංකරයෝ ටිකකි. එබැවින් නලීන් ද සිල්වා පිළිබඳ ව ඔබගේ මෙම ප්‍රශ්නට අපි පුදුම නො වෙමු.
මා වසර 10 කට වඩා දිගු කලක් ජෑක්සන් සුහර්දයකු ලෙස ඇසුරු කරමම ඇති අතර,
ඔහුගේ නිර්මාණ අගයමි. ඔහු සොදුරු මිනිසෙකි. එහෙත් ඔහුගේ සියලු අදහස් සමග
එකඟ ද නොවෙම්. නමුත් බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට වෙර දරන්න්නෙකු ලෙස
ඔහුව හැඳින්වීම ගැන මා එරෙහි වනිනේ ඔහු එවන් අයකු නොවන නිසාවෙනි.
අබා ගැනද කියන්නට ඇත්තේ එයමය. එය වාණිජමය චිත්‍රපටියක් මිස ආගමික
කුමණ්ත්‍රණයක් නොවේ. එසේ වීනම් නලින් ද සිල්වාට පෙර අපගේ සංඝරත්නය
ජැක්සන් හඹා යනු ඇත.
චිත්‍රපටයක යෙදෙන රූප රාමු හා සංකේතමය ලක්‍ෂණ අධ්‍යක්‍ෂක, කලා
අධ්‍යක්‍ෂක, කැමරා අධක්‍ෂක, නළු නිළි හා හා වේෂ නිරූපකගේ සංකලනයකි.
අධ්‍යක්‍ෂක එහි වැඩි කොටහක හිමිකරුය.
සමස්ථ චිත්‍රුපටය මිස චිත්තරාජගේ සළුව, හබරාගේ අමුඩය, කාන්තාවන් හිස්
වැසීම, පණ්ඩුලඟේ සුදු කොණ්ඩය හා රැවුල, කාලවේලගේ රැවුල, පරමුඛයාගේ මාලය,
භුම්බක භූතාගේ තනපටය, භද්‍රකවිචයනාගේ සාය, උන්මාද චිත්‍රාගේ කොණ්ඩයආදිය
එකින් එක ගෙන තේමාව ලෙස චිචේචනයට අසාධාරණය. ඒ සියල්ලම නිර්මාණය. අප
කිසිවෙකුත් සත්‍ය ලෙස ඒවා දැක නැත. අව්වට වැස්සට හිස් පෙරවීම ආසියාචේත්
තිබුණු බව රාම සීතා කථාවේ කැටයම් දකින්න පුලුවන්. ඒවා අබාහි හිතළුය.
අන්තවාදී කණ්ණාඩිවලට ඔය කෝකත් ආගමික කුමණ්ත්‍රණ ලෙස පේන්න පුළුවන්.
අබා - පණ්ඩුකාභය කුමාරයාගේ කථාව කියා ජැක්සන් කියයි. යමෙක් ඊට විරුද්ධ
නම් පණ්ඩුකාභය කුමාරයාගේ නියම කථාව කුමක්දැයි වටහා දෙනු මිස, පද බැඳ
ඔහුට ගැරහීම , නින්දා කිරීම හෝ පරිභව කිරීම නුසුදුසුය. එය මිනිස්කමට ද
නිගාවකි.
විසංවාදය මෙතෙකින් නිම කරමි.
සංවාදයේ පමණක් යෙදනු කැමැත්තමි.
සෙත් වේවා!
ප්‍රශ්නයකට පිළිතුරු එම ප්‍රශ්නයේම ගැබ්වී ඇත.අප එක දිගට එකම දේ කීම
කැරකෙන සෙක්කුවක යාම මෙනි.
ඔබට අනුව අප රටේ බොහෝමයක් නලින් ද සිල්වාගේ
දංගෙඩියට හිස තැබිය යුතුය. පුදුමය එම ප්‍රමාණය කෝටි දෙසීයකට 485 ක් අඩු
වීමය. ඊට සිංහල නොවන බෞද්ධයින්ද , බෞද්ධ නොවන සිංහලයින්ද, බොහෝමයක් පූජ*
පක්‍ෂයද අයත් වෙති.
බටහිර දෙස උපන් අයින්ස්ටයින්, සොක්‍රටීස්, ප්ලේටෝ,
රූසෝ, ලියනාඩෝ ඩාවිනිචි, චාලස් බබාජ්ද, ලිනස් සහ බිල් ගේට්ස් ද නලින් ද
සිල්වාගේ පෑනට අසුවී සුන්නත් වෙත්.ඔබට අනුව නලින්ද සිල්වා නියම සිංහල
බෞද්ධයෙකි, ඔහු නොපිලිගන්නා අය එසේ නැත. සිංහල බෞද්ධකම තීරණය කිරීමේ
අයිතිය ස්වයංව නලින් ද සිල්වාට හා ඔහුගේ අනුගාමියකු චන අයටම පවරා ගෙන ඇත.
ඔබට අනුව සිංහල බෞද්ධයෝ ලෝවේ අන් සියලුම බෞද්ධයින්ට වඩා උසස්ය. වීන,
තායි, නේපාල, ටිබෙට්, ඉන්දීය, ජපන් මේ සෑම බෞද්ධයන් සහ නලින් ද සිල්වාගේ
අනුගාමිකයින් නොවන සෑම දෙනම දංගෙඩියට යා යුත්තෝය, ඔවුන් හිංසනයට ඔබ
කැමැත්තෝය.
බුදු රදුන් නිගන්ඨනාතයින්ට මීට වඩා සැලකූහ. දේවදත්තයින්ට පවා
නිගරු නොකළහ. මේ අනුව නලින් ද සිල්වා බුදුන් පවා නොකළ දෙයක් කරයි.
සැබවින්ම මිත්‍යාදෘශ්ඨික කවුද ?
නලින් ද සිල්වා නම් නව නිකායක මිස
පවතින ලෝකයේ ඔබ සඳහන් කරන කල්පිත නොතිබිය හැකිය. ඔය තර්‍ක හුදු හිස් වචන
පමණකි. ඒවා ක්‍රියාවට නැගිය නොහැකිය. මඩකලපුව දෙසින් නැගෙනහිරට ගියහොත්
යුරෝපය හමුවන්නේ නැගෙනහිරිනි. සාපක්‍ෂතාවාදය එතරම් සරළය.
ඔබ කාලය සඟරාවට
භාවිතා කරන අක්‍ෂර ඇමෙරිකානු තාක්‍ෂණය අනුව මවිසින් නිරිමිත වූවක් බවද ඔබ
නොදනී.
ඔතරම් බටහිර දේ පිළිකුල් කරන අය කල්සම් අඳින්නේ ඇයි?
ඉතාලියේ සෙවන
ලබමින් වරක් ලංකාවට නිගරු කල අයකු, ලංකාවේ අයෙකුගේ සිංහල බෞද්ධකම තීරණය
කිරීමේ අධිකාරිය පවරා ගැනීම නම් පුදුමයකි.
ශෝකෝ අසහාරා නම් අන්තවාදී
නායකයා තම අනුගාමිකයින් මරණයට පත් කළහ. නලින් ද සිල්වා තම අනුගාමිකයින්
කුමන පාරක ගෙන යාද ?
මා උපතින් සිංහල වූයෙමි. ආගමින් බෞද්ධ වූයෙමි.
ලාංකිකයෙකු ලෙස හැදුනෙමි.
ක්‍රියාවෙන් ලෝක පුරවැසියකු වන්නට උත්සාහ දරමි.
එපමණයි. නමුත් කෙතරම් තර්ජන කළත් නලින් ද සිල්වාගේ අන්තවාදී නිකායට නම්
නොබැඳෙමි.සෙතක්ම වේවා!
ධම්මික ඔබ දුටුවාද මේ නෙරන්ජන් නමැත්තා ඔබ හා මා එක් අයකු යැයි පවසා ඇති බව. ඔහු සැබැවින්ම කිසිවක් සොයා නොබලා ප්‍රකාශ කරන බවට මෙය කදිම සාක්ෂියක් නොවේද?
ඔහු ආඩම්බර විය යුතුයි අප ඔහුගේ අකුරු භාවිත කිරීම සම්බන්ධයෙන් නේද? ඔහු එයටත් හිනා වෙනවා නම් සැබැවින්ම ඔහු විකුර්ති මනසක් ඇති පුද්ගලයෙක්.ඔහු එය හුවා දක්වා හෝ අපව නිහඩ කිරීමේ වෑයමක නිරතව ඇති බැව් හැගේ.
ධම්මික ඔබ ඔහු සම්බන්දයෙන් මතුකර ඇති කරුන ඉතා වැදගත්.ඔහු ඉදිරියේ සිදු විය හැකි බටහිර ආක්‍රමනය හා පරිගණක උගතුන්ගේ නැගිටීම අපේක්ශා කලෙ නැහැ. අද ඔහුගේ ජාලය පරදවමින් බටහිර හා දේශීය පරිඝණක පාසල් බිහිවෙලා.මේ පිළිබදව අප පුදුම විය යුතු නහැ. නමුත් ඔහු ආවඩන බටහිරය ඔහුට ලන්කාවේ දු පුතුන්ට පරිඝණක දැනුම ළබා දුන් මුල් ගුරුතුමා යැයි යම් හෝ උපහාරයක් හෝ ගරුත්වයක් පෙන්නුවාද? ඔවුන් ඔහුව යටපත් කළා පමණයි.සමාවන්න ම ඔහුගේ හිත රිදවීමට කතා කරනවා නොවෙයි.මා දකින සත්යයි ප්‍රකාශ කලේ.
ඔහුට මීට වඩා තීක්ශණ බුද්ධියක් හ දුර දැක්මක් තිබුනානම් මේ ප්‍රවාහයට පහර ගැසීමට හා ඊට විශාළ අභියෝගයක් වීමට හැකියාව තිබුනා.මොකද දේශයේ දූ පුතුන් ඔහු වටා එක් රැස්ව සිටියා.මා දුටුවා කුරුණෑගල ටෙච් ශ්‍රී ලන්කා ආයතනය වසා දම ඇති බව.කුලියාපිටියේද එකක් තිබුනු නමුත් එයද ක්‍රියාත්මකදැයි මා මෑතකදී දුටුවේ නැහැ.
මා ඔහුගේ ව්යාපාරය හුවා දක්වමින් පහර ගැසීමට උත්සාහ කරනව නෙවේ. එහෙම හිතන්න එපා, ඔබ අන්යාගමිකයෙක් වුවත් දේශීය ව්යපාරයක් බිද වටීම හද කකියවන දෙයක්. අලුත් පරම්පරාව යනු ඔබ ඉගැන්වූ පරම්පරාවේ දරුවන්, ඔබ උත්සාහ කලොත් ඔබට දේශීය වශයෙන් මෙම බටහිර ආක්‍රමණයන් විනාශ කර දමා නැගිටිය හැකියි.අය්වශ්ය නම් මානව සම්පත් වශයෙන් අපට උදව් කළ හැකියි.එත් ඔබ ආකල්පමය වශයෙන් වෙනස් පුද්ගලයකු විය යුතුයි,ධම්මික දක්වා ඇති ආකාරයට බටහිරයන් අපේ තාක්ශනය හොරකම් කලා,ඔවුන් සින්හල ජාතියට බයයි, නාසා ආයතනයේ ඉන්න අපේ මිනිස්සු හොද උදාහරණයක් ඔබට.
> ටෙක්-ශ්‍රී ලංකා ආයතනය පිහිටුවූයේ ඔබ බව ද මම දනිමිමෙම ආයතනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එලෙස නිගමනය කර ඔබ විසින් ගොඩ නගන ලද සියළු කරුණු සාවද්‍ය බවත් කාරුණිකව ප්‍රකාශ කරම්.
තවදඉතිහාසය විමසා බලන කළ සීංහලය්න්ගේ චාර්මාර්ග පද්ධතිය අගනා බව පිළිගන්නා නමුත් ජ්‍යාමිතිය හා ගණිතය සම්බන්ධව අතිශෝක්තියක් අප මුතුන් මිත්තන් මත ආරූඩ කිරීමට නම් අපට සාක්‍ෂි නැත්තේය. එමනිසා ආකිම්ඩීස්, පයිතගරස්, රාමනුජන් ට ගණිතය පිළිබඳව තිබෙන ගෞරවය අඩු නොකරම්. උදාහරණයක් වශයයෙන් අක්කර එනතුරු වපසරිය මැනීමට භාවිතා කළ කුරක්කන් චක්‍රය, වියතද, ඊයක දුර, හූවක දුර ආසන්න අගයන් මිස නිශ්චිත අගයන් නොවේ.
ජොතිශය හැරුණු චිට ගණිතමය න්‍යාය පිළිබඳව කිසියම් පුස්කොල පොතක් හෝ අපගේ ලේඛන අතර තිබෙන බවද මා අසාද නැත.
වේදික ජොතිශය ඉන්දියාවෙන් අපට ලැබුණු දායාදයක් ලෙස සිතම්. දේචානම්පියතිස්ස රජු සමයේ බුදු දහම සමග ඉන්දීය ශාස්ත්‍රීය ඥාණය අප රටට ආ බවත්, බිංදුව ඉන්දීය+අරාබි සොයාගැනීමක් බවද පිළිගැනීමට මැලි නොවෙමි. මෙයින් මා අදහස් කරන්නේ සිංහලයෝ පහත් කොට සැලකීමට නොවයි. ඇත්ත ඇති සැටියෙන් දැකීමටයි.
ජාතිකමය ලෙස අනුන් පහත් කර අප උසස් කර දැකීම අනුවණ කමකි.
ලංකාවට නිතර ආගිය ඉන්දීය, අරාබි, පර්සියානු, රෝම, අරාබි, චීන ජාතිකයින් නිසා ලොක දැනුම දැනුම අප අතර හුවමාරු වීය. අනුරාධපුරය යුගයේ ගල් තාක්‍ෂණය වෙනුවට කාශ්‍යප රජු දැව හා යකඩ තාක්‍ෂණය ගෘහ නිර්මාණයට යොදාගත් අතර (වසර 18 ක් තුළ) ඉන් අනතුරුව ආසන්න කාලවල එය යොදාගත් බව පෙනෙන්නට නැත.
එකල්හි ලංකාවේ චිදේශ සම්බන්ධතා උපරීම වූ බවට සාක්‍ෂි ඇත. ඒ දැනුම පිටින් මෙහි පැමිණියායි අදහස් ද පළ වී ඇත.
ඒ නිසා සිද්ධාන්තමය මිස ප්‍රායෝගික ලෝකයක ඔබගේ න්‍යාය ක්‍රියාත්මක විය නොහැකිය. ජාතිය, ආගම මත මිනිසුන් බෙදා වෙන්කර ඇණ කොටාගත් සමාජයක් පරිණාමය වී සැම දෙනා එකා ලෙස සළකන රටක් වී ලෝකයට අනුබද්ධ වීමට කාලයයි මේ.
"සරල රේණෘවක් එම සරල රේඛාවට සමාන්තර ද සමාන්තර නොවන්නෙ ද නැත" වන ප්‍රකාශයේ ඇති නිශ්චිත බව කුමක් ද?