ශිල්ප සයුරේ මුදුකාංග අදියර නිමයි : බලන්න www.shilpasayura.org

16 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Sep 13, 2006, 3:57:58 PM9/13/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ශිල්ප සයුරේ මුදුකාංග
අදියර නිමයි : බලන්න

මිතුරනි
ශිල්ප සයුර ඉසවි අධ්‍යාපන
ව්‍යාපෘතියේ මුදුකාංග
අදියර නිමවිය. මුළින්ම
අදහස් කළ තොරතුරු කළමණාකරන
මුදුකාංගයට වඩා වැඩි අංග
ගණනාවක් මීට එකතු විය. එයට
හේතුව අපද ඉන ඉගන ගැනීමය.
දැනට විශ්ව විද්‍යාල තුළ
ජනප්‍රිය මූඩ්ල් නිදහස්
මුදුකාංගය මා හට හඳුන්වා
දුන්නේ ආචාර්ය පැස්කුවල්.
එය පාසල් ළමුන්ට අත් විඳීමට
ඉඩ දී පරීක්‍ෂා කර බැලූවිට
ඔවුන් එය අපහසු බව පැවසූහ.

ඊට හේතුව ඔවුන්ගේ දැනුම සමග
ලෝකයේ හොඳම මුදුකාංගයක්
සම්පාත නොවීමය. එමනිසා අප එය
අධ්‍යනය කර අපේ සංකල්පත්
එකතු කර ශිල්ප සයුර
මුදුකාංගය සැළසුම් කළා.
ග්‍රාමීය සිසු භාවිත
පුහුණුවට මුහණත ඉතාම සරළ කළ
අතර ජාත්‍යන්තර ම්ට්ටමේ
මුදුකාංගයක් නිර්මාණයට එහි
යාන්ත්‍රණය සැලසුම් කළා.
එයට ඕනෑම ප්‍රමාණයේ බරක් හා
පිවිසුම් දරාගන්නට හැකි
පරිදි පහසුවෙන්ම විශාලනය
කළ හැකියි. අවශ්‍ය උපකරණ හා
ජාල පහසුකම් පමණයි.

සිංහල දෙමළ වෙබ් අඩවි සහා අප
නිමවූ යුනි පෝටල්
යාන්ත්‍රණය මෙහි අඩංගු අතර,
වාණිජ මුදුකාංග පදනමක් උඩ
තමා ගොඩ නැගුණේ. එමනිසා 100%
ක්ම නිදහස් නැහැ. නමුත් මෙය
නැණසලට ලබාදෙන්නේ නොමිලේ.

FOSS මුදුකාංගයක් ලෙස මෙය
පරිවර්ථනය කිර ඊ ශ්‍රී ලංකා
පීසී තුලට බහා ලීමට අපට
අදහසක් ලැබුනු අතර ඒ ගැන අප
උනන්දුවෙන් සිටිනවා.

එහි පහත අංග අඩංගුයි.

1. සිංහල දෙමළ ඉංභ්‍රීසි
මුහණත්
2. සිංහල දෙමළ උනිකේත වියුණ
ධාවකය (uniwriter built in)
3. බොහෝ සංස්කාරක බොහෝ විශය
තොරතුරු කළමණාකරණය (විෂයන්
අටකට)
4. ශිශ්‍ය ලියා පදිංචිය හා
සමූහ නිර්මාණය
5. ගෙදර වැඩ කිරීම හා
හුවමාරුව
6. තොරතුරු හා සාමාජික වැඩ
විවේචනය
7. ප්‍රශ්න වලට පිළිතුරු දීම
හා විභාග සූදානම
8. සමූහ සන්නිවේදනය
9. සාමාජික පණිවිඩ හුවමාරුව

තොරතුරු ගබඩාව තවම
හැදෙමින් පවතී. එයට Text, Graphics,
Animations, Applets, Java Scipt Interactions, audio, video, midi
පදනම වනවා. සිංහල යුනිකේත
පිටු 4000 ක් අපගේ මූලික
ඉලක්කය වේ. ඊට සෑහෙන අමු
තොරතුරු සූදානම් කර ඇත.

ශිල්ප සයුර මුදුකාංගය
අන්තර්ජාලයේ නොව නැණසල
තුලයි ක්‍රියාත්මක වන්නේ.
සන්නිවේදන දුබලතා හා
තොරතුරු බර අන්තර්ජාලයට
වඩා දේශීය ජාලයකටයි
සූදානම්. බර අඩුකළ
අන්තර්ජාල සංඥාපනයක් ඉදිරි
ඉලක්කයක්.

ඔබට, ඔබේ දරුවන්ට, මිතුරන්ට
මේ ආරාධනාව ශිල්ප සයුර බලා
ඔබේ අදහස් කියන්නට. උපරීම ජන
සහභාගීත්වය අපේ අරමුණයි.
දැනටමත් සපුමල්, අනුරාධ
සමූහයට ලිවූ පාඩම් වලින්
කොටස් එය එකතු වී තියනවා.

http://www.shilpasayura.org/
බලන්න හොඳ නරක අදහස් සමූහයට
ලියන්න, විශේෂයෙන් සිංහල
යෙදුම්, භාවිත පහසුව

එය අපට ඉමහත් උපකාරයක්

ව්‍යාපෘතිය ගැන හදන අඩවිය
http://www.info.lk/shilpasayura

අපව දිරිගන්වන ඔබ සැමට
ස්තූතියි
නිරංජන් මීගම්මන෴

Pathum Herath

unread,
Sep 13, 2006, 11:38:39 PM9/13/06
to Sinhala...@googlegroups.com
නිරංජන්,
මම http://www.shilpasayura.org/ ගිහින් බැලුවා...
ඇත්තටම එක නියම වැඩක් කියල කියන්න පුළුවන්..
මම අඩවියේ ගොඩක් පිටු වලට ගියා..
ඇත්තටම පාසැල් වයසෙ අයට ආස හිතෙන දේවල් ගොඩක් තියෙනවා..
මම හිතන්නෙ ළමුන් අතර ගොඩක් ජනප්‍රිය වේවි..

මම අඩවියේ යන අතර කැඩුණු සම්බන්ධතා කිහිපයක් හමු උනා..
1.http://www.shilpasayura.org/uniportal/web/index.asp?mi=82&xp=0&xi=2491&xl=3&o=0&t=0&mn=1
2.http://www.shilpasayura.org/lotteries/results.asp?mn=3
3.http://www.shilpasayura.org/uniportal/info/info.asp?xp=356&xi=359&xl=1&o=0&t=
4.http://www.shilpasayura.org/uniportal/info/info.asp?xp=356&xi=358&xl=1&o=0&t=
5.http://www.shilpasayura.org/uniportal/info/info.asp?xp=1&xi=3&xl=1&o=1&t=

ඔය තියෙන්නෙ මට හමු උනු එවැනි සම්බන්ධතා කිහිපයක්..
අනිත් දේ වන්නෙ දමිළ භාෂාවෙන් කිසිවක් දර්ශනය වුණේ නැහැ..ඒ කට දමිළ යුනිකේත අකුරු ඕනෙද..? මට දමිළ ඒව පෙනුනෙ ඉංග්‍රිසියෙන්..
භෂා අතර මාරු වෙන කොට ප්‍රශ්න මතු උනා..

 ගොඩක් පින්තූරත් නිවැරදිව පෙනුනෙ නැහැ..
අඩවි සෙවීමෙත් පොඩි පොඩි ගැටළු හමු වුණා...
හැබැයි මේ සියල්ලම බොහෝම පුංචි අඩුපාඩු..

මම මේ කිව්වෙ අඩවියට පිවිසෙන, කිසිවක් නොදන්න කෙනෙකුට, කෙලින්ම පෙනෙන අඩුපාඩු කිහිපයක්..

මම හිතන්නෙ මගෙ මේ  පුංචි පරික්ෂාව ශිල්ප සයුරෙ දියුණු වට යම් තරමකින් හරි හේතු වෙයි කියල..

මම පාවිච්චි කලේ ගිනි හිවලා ...

ස්තූතයි...

පැතුම්...
--
Pathum

Asanka Wasala

unread,
Sep 14, 2006, 12:30:57 AM9/14/06
to Sinhala...@googlegroups.com
මෙයනම් කදිමයි.  සිංහල wikepedia එකක් වේවි හොදින් ප්‍රචලිත කලොත්. මෙයට සාමාන්‍යය ජනතාවට(අපිට) දායක විය හැක්කේ කෙසේද? ඔවුන් ඇතුලත් කරන ලිපි (articles) තත්ව පරීකෂණයකට (quality control/evaluation) කරන්නේ කවුද/කොහොමද  කියලා දැනගන්න කැමතියි.

අසංක.

On 9/14/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:

නිරංජන්෴

unread,
Sep 14, 2006, 3:08:23 AM9/14/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
පැතුම්...

>මම අඩවියේ යන අතර කැඩුණු සම්බන්ධතා කිහිපයක් හමු උනා

:) version problems - හැදුවා

තවත් බලන්න : විශේෂයෙන්
වියුණු මුහුනතේ සිංහල
යෙදුම් , කිසිවක් තවම අවසාන
තීරණයක නැහැ,ජනතාව තමා
තීරණය කළ යුත්තේ තමන්ට
කුමක් හොඳඳ කිය.

> දමිළ භාෂාවෙන් කිසිවක් දර්ශනය වුණේ නැහැ

ප්‍රථම අදියර සිංහලෙන්
තොරතුරු, ප්‍රායෝගිකච දමිළ
භාෂාවට තොරතුරු පරිවර්ථනය
කරන්න සණඩු සරුවල් නතර වන
තුරු ඉන්න වෙනවා, අපට උතරට
ගිහින් ඉතිහාසය ඉගැන්විය
හැකි පරිසරයක් අවශ්‍යයි...
නමුත් මුදුකාංගය සූදානම් .
අප වැඩ පටන්ගන්න ඉන්නේ
දෙවුන්දර තුඩුවෙන් ..

පිංතූර වැටිලා නෑ වාගේ, මේ
වන විට සූදානම් ශිල්ප සයුර
මුදුකාංගය පමණයි, මුලික
තොරතුරු ඉලක්කය නොවැමබර්
මැද, දිගටම කෙරනවා 2005
අප්‍රේල් දක්වා, මිලියන 5ක
වැඩක් නොවැ .. දැනට 30ක් පමණ
අධිකව දිවා රෑ වැඩ :)

---
අසංක,

අප පාසැල් විශය නිර්දේශයට
අනුව පුහුණු ගුරුවරුන් ලවා
මූලික තොරතුරු ලියන්නේ.
විෂය පාඩම් ලිවීම සඳහා අදාල
විෂයට උපාධියක් ඇති හෝ රජයේ
පුහුණු ගුරුවරුන් තමා අප
තොරාගෙන සිටින්නේ.

ඕනෑම අයකුට සහභාගී වන්න
පුළුවන් නිදහස් අංශයක්
තිබෙනවා..
ඒ තමා නිදහස් මුදුකාංග
තාක්‍ෂණය හා අධ්‍යන
මුදුකාංග අංශය
අපට සිංහලෙන් සී පාඩමක්
අවශ්‍යයි ගණිත ඉගනීමට
විනොදය ගෙන දෙන ගණිත ගැටළු
විසඳුම්,
විද්‍යාවට ඉගනීමට ජාවා
ඇප්ලටි
මූලික ගිම්ප්, බ්ලෙන්ඩර්
සඳහා සිංහල අත්පොත්
ආදිය ඉලක්ක

මෙය තනි අඩවියක් ලෙස නොව නැණ
සළ ( LAN)දේශීය ජාලය තුල
ස්ථාපනය වන්නක්, නැණ සල තුල
ඉගනුම් පරිසරයක හැදෙනවා.

තත්වය බලන්නේත් ගුරුවරු,
සිසුන්, වෘත්තිකයින් හා
ජනතාව input එක හොඳින් පාලනයේ
නිසා outout හොඳ වේවි. මේ
පද්ධතියේ විෂය මාලාව ජාතික
අධ්‍යාපන ආයතනයේ විෂය
මාලාවට අනුගතයි, අප
නිර්මාණශිලිත්වය සහ
සජීවත්වය එකතු කරනවා.

නොවැ 2 දා මහනුවර ස්වර්ණමාලි
බාලිකා විඳ්‍යාලයේ IසීT
දිනයට මෙය පරිගණක 20ක ජාලයක
සිසුනට හා ගුරුන්ට
අත්විඳින්නට අවස්ථාව
ලබාදෙනවා , ඒ feedback ලබාගන්න.

ඔබටත් හැකියි අපට උදවි
වන්නට
නිරංජන්෴

Dishan Fernando

unread,
Sep 15, 2006, 12:10:56 AM9/15/06
to Sinhala...@googlegroups.com
උවමනානම් ජාවා කරන්න මට පුලුවනි.

On 9/14/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:

නිරංජන්෴

unread,
Sep 15, 2006, 4:12:25 AM9/15/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
5 525533 අංකයට මම අමතනවද ?
හොඳ අදහසක් තියනවා

Dishan Fernando

unread,
Sep 15, 2006, 5:01:47 AM9/15/06
to Sinhala...@googlegroups.com
5න් පස්සෙ කමක් නැද්ද? ටිකක් වැඩ

නිරංජන්෴

unread,
Sep 15, 2006, 12:10:59 PM9/15/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඒ වෙලාව වඩා හොඳයි, ඒ නියම
ෆොස් වෙලාවක්
Reply all
Reply to author
Forward
0 new messages