සිංහල විකිපීඩියාව ගොඩ නැගීමට හා වර්ධනය කිරීමට අප සියලු දෙනගේ දායකත්වය අවශ‍යය

3 views
Skip to first unread message

රුවන් ෆොන්සේකා

unread,
Jul 23, 2006, 5:44:15 AM7/23/06
to Sinhala...@googlegroups.com
හිතවත් ඹබසැමට,

ඔබ සියලු දෙන සිංහල විකිපීඩියාව (http://si.wikipedia.org) දැක අැතැයි මම
සිතමි. සිංහල විකිපීඩියාව යනු, සිංහල යුනිකේත භාවිතයෙන්,සිංහලෙන්
විකිපීඩියා විශ්වකෝෂයක් කර ගෙන යාමට විකිමීඩියා පදනම
(http://wikimediafoundation.org/wiki/About_Wikimedia) අපට පිළිගැන්වූ
තිළිණයකි.

මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යාමට හැකි වන්නෙ ඔබ සියලු දෙනගේ ස්වේ ච්ඡා සහයෙන් පමණි.

සිංහල බසින් හා දමිළ බසින් විකිපීඩියාවන් පවත්වා ගෙන යාමෙන්,වාසි ලබන්නේ
ලොව වටා වෙසෙන සිංහල හා දමිළ භාෂාව දන්නා හෝ ඉගෙන ගැනීමට කැමති,සියලු
ශ්‍රී ලාංකීය හෝ ශ්‍රී ලාංකීය නොවන ජනතාවටමය.

ඔබ අතරින් සමහරක් දැනටමත් සිංහල විකිපීඩියාව ගොඩනැගීමට සහය දෙන බව මම
දනිමි. එෙහත් එය වර්ධනය කිරීමට මීටත් වැඩි ස්වේ ච්ඡා සහය අවශ්‍යය.

2006 ජූලි 23වන අද දිනට සිංහල විකිපීඩියාවේ දැක්වෙන පරිදි සිංහල භාෂා
සංස්කරණයේ පිටු 121කි.
(http://si.wikipedia.org/wiki/Special:Statistics)

දැනටමත් සිංහල විකිපීඩියාවේ ඇති සිංහල පිටු විවිධ මාතෘකා වලින් යුක්තවෙයි.
http://si.wikipedia.org/wiki/Special:Allpages වෙබ් පුරුක බලන්න.

සිංහල විකිපීඩියාවේ අනාගතය අප සියලු දෙන සතුවේ. මෙය ගොඩ නැගීමට නම් අප
සියලු දෙනගේ වැඩි දායකත්වය අවශ්‍යය.

ඔබට දැනටමත් සිංහල විකිපීඩියාවේ ගිණුමක් නොමැති නම් මෙම පුරුකෙන් අරඹන්න
http://si.wikipedia.org/w/index.php?title=Special:Userlogin&type=signup

මෙයට,
රුවන් ෆොන්සේකා

නිරංජන්෴

unread,
Aug 5, 2006, 5:45:39 PM8/5/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
හිතවත් රුවන්
සිංහල විකිපීඩියාවන්
සම්බන්ධව අගනා ආරම්භයක්
සිදුවුනා, ඉන් තොරරුරු
තාක්‍ෂණය හා සබැඳි වදන්
සෙවීමට අප යොමුඋනා.

http://groups.google.lk/group/Sinhala-Unicode/search?group=Sinhala-Unicode&q=wiki&qt_g=1&searchnow=Search+this+group

අස්වැද්දීමට පෙර බීජ රෝපණය
කරගත යුතු හෙයින් අප යොමු
වූයේ තොරතුරු තාක්‍ෂණය
ලේඛන ගත කිරීමට හැකිවන
අයුරින් සුමුදු වදන්
රැස්කර ගැනීමයි.

සිංහල විශ්වකෝෂයක්
නිර්මාණය අප විසින්
අධෛර්යමත් නොකරන අතර එයට
පෙර අප විසින් ප්‍රායෝගිකව
විසඳාගත යුතු දේ බොහෝමයි.

තාක්‍ෂණයේ නියැලි අපට
විශ්වකෝෂයක් නිර්මාණයේදී
තාක්‍ෂණ අංශයට පිටින් අපට
කළ හැකි කාර්යභාරය සීමිතයි.
ඒ ඒ විශයන්හි බුද්ධිමතුන්
එවැන්නක් කල යුතු බව මාගේ
හැඟීමයි.

දැනට ඉතාමත්ම වැදගත් වන්නේ
සිංහල යුනිකේත තාක්‍ෂණය
බුද්ධිමතුන් අතරට
ගෙනයාමයි. මෙහිදී
අන්තර්ජාලයෙන් නෙලාගන්නා
ඵල වෙනුවෙන් යමක් ඊට එකතු
කිරීමේ සංකල්පය අප අතර වඩවා
ගත යුතු වනවා. එය පහසු
කාර්යයක් නොවෙතත්,
පුරුද්දට ගිය විට ඉබේම
සිදුවෙනවා. නමුත් හය
ලක්‍ෂයක් පමණ වූ අප රටේ
අන්තර්ජාල ජනගහණයෙන් එවැන්
දායකවීමක් කරන්නේ ඉතාම
සුළු පිරිසකි. ඊට හේතුව ලෙස
මා දකින්නේ සාමාන්‍ය ජනතාව
තුල අන්තර්ජාල තොරතුරු
සංකල්ප පිළිබඳ අනවබෝධය
නිසා කියා අනුමාන කළ හැක.
කවදත් සමාජීය යහපතට යමක්
එකතු කලෝ ඉන් ඵල නෙලාගන්නෝ
නොවූහ.

දැනට අප ලබා ඇති ප්‍රගතිය
පිළිබඳව අපට සතුටු විය
හැක්කේ, අවම වශයෙන් අප ඒවා
ගැන සංවාදයන් කරන බැවිනි.
එමනිසා අන්තර්ජාල
විශ්වකෝෂයට වඩා තොරතුරු
නිමවීම සඳහා යටිතල
පහසුකමක් වශයෙන් විවිධ
විශයන්හි බුද්ධිමතුන් අතර
යුනිකේතය ගෙනයාමට කාලීන
වැඩපිළිවෙලක අවශ්‍යතාවය අප
නිරතිරුවම පෙන්වා
දෙනවා.විශ්වකෝෂයකට පෙර
යුනිකේත ශබ්දකෝෂයක් සකසා
ගැනීම වැනි කාරණාද අප විශය
පථයට අඩංගු කරගැනීමද
මෙහිලා වැදගත්. එය ආකල්පමය
ගැටළුවක් මිස තාක්‍ෂණය
පිලිබඳ ගැටළුවක් නොවන බව
මාගේ හැඟීමයි.

ඔබට ඉතා ස්තූතියි

නිරන්ජන් මීගම්මන
www.sinharaja.com
www.kaputa.com/uniwriter

Reply all
Reply to author
Forward
0 new messages