සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීම සංවර්ධනය

බැලීම් 42
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

නිරංජන්෴

නොකියවූ,
2007 බිනර 8, 05.38.052007-09-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අප විසින් සංවාද කළ පහත වෙලුම් කාලීන වශයෙන් වැදගත් නිසා නැවත සංවාදයට
සුදුසුයි කියා අප සිතනවා.
සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව‍්‍යාප්ත කිරීම
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/1f0a3039a69d0d82

සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනා
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/da488edffc6e32f8

ඉදිරියේදී කපුටා 2.0 සඳහා අවශ්‍ය අන්තර්ගත පරිසරය සකසා ගැනීමටද සිංහල
යුනිකේත භාවිතා කරන 5000 ක වත් සමාජයක් සකසා ගත යුතු වනවා.

සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට ප්‍රායෝගික හා නිර්මාණශීලි අදහස්
මොනවාද ?

දසුන් සමීර

නොකියවූ,
2007 බිනර 8, 11.08.172007-09-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙහිදී අප අවදානයකල යුත කරනු. මා සිතන ආකරයට.
‍ 1) සමහර අයට සි.යු. ස්ථාපනට ඇති නොදැනුවත් කම හෝ ඒ ගැන අසා වත්
නැතිවීම.
2) අඩුම තරමින් ඒ ගැන දැන සිටියත් එය පිහිටුවුවා කියා ලැබෙන ප්‍රයෝජනයක්
නැතියි සිතීම.
3) සමහර අය සිංහල භාවිතය මදිපුංචි කමක් යැයි සිතනවා විය හැකියි. (ඒකට
නම් ඉතින් කරන්න දෙයක්නෑ :) )

සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව්‍යාප්ත කිරීම සඳහා එක් දින වැමුළු
හා දේශන පැවැත්වීම කල හැකියි නේද? ඒ සඳහා විදුහල් පතිවුරුන්ගෙන් අවසර ලබා
ගැනීම අපහසු වෙන එකක් නෑ. අවශ්‍ය නම් වියදම් සඳහා අනුග්‍රාහකයන් වුවද
සොයා ගැතීමත් අපහසු වෙන එකක් නෑ.

Malinthe Samarakoon

නොකියවූ,
2007 බිනර 8, 11.48.542007-09-08
සිට Sinhala...@googlegroups.com
සිංහල යුනිකේතය පිළිබඳ, එය ස්ථාපනය කරගන්නා ආකාරය, එයින් ලැබෙන පහසුව ආදිය ගැන දැනුවත් කෙරෙන වෙළඳ දැන්වීම් කිහිපයක් ප්‍රචාරය කළොත් කොහොමද?

෴...Hashonline...෴

නොකියවූ,
2007 බිනර 8, 12.14.392007-09-08
සිට Sinhala...@googlegroups.com
දැන්වීම් හදනවනම්, ඒවා ප්‍රචාරණය‍ කිරිම සදහා expat-srilankans Google (http://groups.google.com/group/expat-srilankans) සමුහය හා මා ලඟ ඇති 1300කට අධ්ක ශ්‍රි ලාංකීය contacts තුලත් විසුරුවා හැරිමටත් මා සුදානම්.....
 
යුනිකේත සදහා මගේ අවංක සහාය නිරතුරුවම.........
 
මම
හෂු
සවිදි අරාබියාවේ සිට

Tyronne Wickramaratne

නොකියවූ,
2007 බිනර 8, 12.16.072007-09-08
සිට Sinhala...@googlegroups.com
hi Dasun,
great work.
On 9/8/07, දසුන් සමීර <d_d...@yahoo.com> wrote:
මෙහිදී අප අවදානයකල යුත කරනු. මා සිතන ආකරයට.
1) සමහර අයට සි.යු. ස්ථාපනට ඇති නොදැනුවත් කම හෝ ඒ ගැන අසා වත්
නැතිවීම.
2) අඩුම තරමින් ඒ ගැන දැන සිටියත් එය පිහිටුවුවා කියා ලැබෙන ප්රයෝජනයක්
නැතියි සිතීම.
3) සමහර අය සිංහල භාවිතය මදිපුංචි කමක් යැයි සිතනවා විය හැකියි. (ඒකට
නම් ඉතින් කරන්න දෙයක්නෑ :) )

සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව්යාප්ත කිරීම  සඳහා එක් දින වැමුළු
හා දේශන පැවැත්වීම කල හැකියි නේද?

yes.. we can. totally agreed with you, we have to start at the ground level and that's the place to start.

ඒ සඳහා විදුහල් පතිවුරුන්ගෙන් අවසර ලබා
ගැනීම අපහසු වෙන එකක් නෑ. අවශ්ය නම් වියදම් සඳහා අනුග්රාහකයන් වුවද
සොයා ගැතීමත් අපහසු වෙන එකක් නෑ.
yes.. should be able to do that. we have to organise this properly. first, we have to define the number of schools, secondly
select the schools. once we do that, we have to have a proper estimate on the cost. great if an organisation like ICTA could come forward for this. at the same time, what i believe is, Sinhala-Unicode and Free and Open  Source software (FOSS) shouldn't be two different things. both should merged as one.

i do agree on certain circumstances we have to use windoez, totally agreed with that. but the future is FOSS and it's needless to say that the skills required to play around with FOSS requires lot of efforts. if you compare M$ professional with a FOSS guy from any community, FOSS guy can really out play M$ stuff. i'm not trying to say FOSS is tough, when you work on FOSS stuff, you know what happens underneath, in every piece of code.

if you guys are working on PHP, you can dig down the code and understand how each php script gets executed.... which means.. you know the nuts and bolts of the application you write and also it's implementation. but when you're working on M$ you don't know any damn, what happens underneath... and knowing how things happen internally in any system, gives the edge to the developer to improve the application as well as the implementation. that's the reason why i like open source and play around with it.

having that in my mind, i tried my best to initiate the live cd concept/project in Fedora for the Sinhala community, but with myself taking on another assignment, i had to give up most of the work related to that.

coming back to Niranjan's original post,
>>සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනා
we have to increase the number of fonts we have  on Unicode. if Niranjan is happy , if we can make Kaputa under GPL, we can modify it to work on any Linux operating system. thus, we can try to distribute it with most of the open source operating systems.

secondly, we should do whatever it takes to prove our media guys, the importance of using Unicode. :)

Tyronne

Samindika

නොකියවූ,
2007 බිනර 8, 23.37.542007-09-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
I also so agreed to that. I'm a member of a Leo Club of Moratuwa.
(www.leosofmoratuwa.com) I can arrange the seminars in moratuwa area
If you are providing a lecturers and projector (only if you need).for
more infomation contact me 0779376615


On Sep 8, 9:16 pm, "Tyronne Wickramaratne" <bersh...@gmail.com> wrote:
> hi Dasun,
> great work.

> --
> /usr/local/tyronne
> glück Ist der Regen, den Fälle hinter neigt, glück

Srimal Iresh

නොකියවූ,
2007 බිනර 9, 06.35.092007-09-09
සිට Sinhala...@googlegroups.com
සිංහල  යුනිෙක්ත භාවිතය වැඩි කිරීම සදහා සියලුම නැණසල වලට Unicoad group , Queen.lk වැනි යුනිෙක්ත මගින් සන්නිෙවිදනය වන ස්ථාන හදුන්වා දිය යුතුයි
ඒෙමන්ම අන්තර්ජාලය තුළ  සිංහලෙන් වැඩ කිරීෙම් අැති වැදගත්කම ඔවුන්ට පහදා දිය යුතුයි
තවද නැණසලවල් අතර ෙතාරතුරැ හුවමාරැ කරගැනීම සදහා නව Blog   ඒකක් අිරම්භ කරන්ෙන් නම්  සුදුුසු යැයි මම සිතනවා
 
 
Srimal

 

වසන්ත දේශප්‍රිය෴

නොකියවූ,
2007 බිනර 10, 00.10.312007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි,
සිංහල යුනිකෝඩ් ප්ර්චාරණය සඳහා මූලික සන්නිවේදන කටයුතු කිහිපයක් ම දියත්
කිරීමට ඉක්ටාත් සූදානම් වෙනවා. මේ සතිය තුළ සන්නිවේදන සැලසුම අවසන්
කිරීමටයි බලාපොරොත්තුව. මෙය සියළු මාධ්යඡ භාවිතා කරන දැනුවත් කිරිමේ
ව්යසපාරයක්.
සිංහල යුනිකෝඩ් සඳහා මූලිකත්වය දෙමින් අඩ දින හෝ එක් දින පාසැල්
සම්මන්ත්රවණ පැවැත්වීම, මේ සඳහා අඩංගු කළ හැකි ඉතා හොඳ අංගයක්. මෙය සිංහල
යුනිකෝඩ් සමූහයේ මූලිකත්වයෙන් ඉටු කළ හැකි නම් අගෙයි. මේ පිළිබඳ ව සමූහයේ
සහෘදයින් සමග දැඩි සම්බන්ධීොකරණයක් සඳහා සමීප කථා බහක් අවශ්යැ යි. මෙය
මුහුණට-මුහුණ සාකච්ඡාවක් හෝ සමූහය හරහා අන්තර්ජාලමය සාකච්ඡාවක් හෝ ලෙස කළ
හැකියි. මුහුණට-මුහුණ සාකච්ඡාවක් නම් වඩාත් සුදුසුයි. නිරන්ජන් ඔබට හෝ
සමූහයේ වෙනත් අයෙකුට හෝ මෙයට මූලිකත්වය දිය හැකි නම් කරුණාකර දන්වන්න.
ඒ අතරම සියළු පරිගණක වේදිකාවල භාවිතා කළ හැකි ෆොන්ට පවුල් 2 ක් සැකසීමට
යෝජනා කැඳවා පුවත් පත් දැන්වීමක් ද අපි පළ කළා.
http://www.icta.lk/Insidepages/downloadDocs/Procurement/FontFamilies-CON.CQ.pdf
එහෙත් ඒ ගැන එතරම් සාර්ථක ප්රlතිචාර ලැබී නැහැ. නමුත් අපි එය කෙසේ හෝ ඉටු
කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි
වසන්ත


On Sep 9, 3:35 pm, "Srimal Iresh" <srimal.iresh2...@gmail.com> wrote:
> සිංහල  යුනිෙක්ත භාවිතය වැඩි කිරීම සදහා සියලුම නැණසල වලට Unicoad group ,

> Queen.lk <http://queen.lk/> වැනි යුනිෙක්ත මගින් සන්නිෙවිදනය වන ස්ථාන හදුන්වා


> දිය යුතුයි
> ඒෙමන්ම අන්තර්ජාලය තුළ  සිංහලෙන් වැඩ කිරීෙම් අැති වැදගත්කම ඔවුන්ට පහදා දිය
> යුතුයි
> තවද නැණසලවල් අතර ෙතාරතුරැ හුවමාරැ කරගැනීම සදහා නව Blog   ඒකක් අිරම්භ කරන්ෙන්
> නම්  සුදුුසු යැයි මම සිතනවා
>
> Srimal
>

> On 9/8/07, නිරංජන්෴ <unic...@info.lk> wrote:
>
>
>
>
>
> > අප විසින් සංවාද කළ පහත වෙලුම් කාලීන වශයෙන් වැදගත් නිසා නැවත සංවාදයට
> > සුදුසුයි කියා අප සිතනවා.
> > සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව‍්‍යාප්ත කිරීම
>

> >http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/1...


>
> > සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනා
>

> >http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/d...


>
> > ඉදිරියේදී කපුටා 2.0 සඳහා අවශ්‍ය අන්තර්ගත පරිසරය සකසා ගැනීමටද සිංහල
> > යුනිකේත භාවිතා කරන 5000 ක වත් සමාජයක් සකසා ගත යුතු වනවා.
>
> > සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට ප්‍රායෝගික හා නිර්මාණශීලි අදහස්

> > මොනවාද ?- Hide quoted text -
>
> - Show quoted text -

Anandawardhana

නොකියවූ,
2007 බිනර 10, 00.25.092007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල යුනිකේතය ප්‍රචලිත කිරීමේ දොරටුවක් ලෙස වසන්ත දක්වන වැඩපිලිවෙලට
සමගාමී ව නිර්මාන, වෙබ් අඩෙවි හා වෙනත් ප්‍රකාශන තරගාවලියක් පාසැල්
දරුවන් සඳහා පැවැත්වීම උචිත බව මට හිතෙනවා. එමගින් මෙය භාවිතා කර බැලීමට
හේතුවක් නිර්මානය වෙනවා. අනාගත පරපුර දිහාවටයි අපි හැරිය යුත්තේ. දැනට
ඉන්න පරිගනක භාවිතා කරන්නන් මේ ගැන උනන්දු නොවීම ගැන අප එතරම් අධෛර්යවත්
නොවිය යුතුයි.

මේ සඳහා පොත්පත්, පරිගනක යන්ත්‍ර, පාඨමාලා ශිෂ්‍යත්ව, අන්තර්ජාල සබඳතා,
මෝඩම් ඇතුළු උපාංග ආදිය ත්‍යාග ලෙස පිරිනැමීමට ව්‍යාපාරික අංශවලින්
අනුග්‍රහාත්මක එකඟතාවක් ලබාගන්න පුළුවන් නම් දිරිගැන්වීමත් වැඩියි.

ඒ අනුව
අන්තර්ජාලය සඳහා යුනිතේත පරිහරනය කරමින් රචනා, ලිපි, නිර්මාන, වෙබ් අඩෙවි
(තවත් දේ එක් කල හැකියි) තරගාවලියක් පාසැල් සඳහා ආරම්භ කල හැකියි. සාර්ථක
අන්දමින් යුනිතේක පරිහරනය කරමින් කරන නිර්මාන සඳහා ත්‍යාග ලබා දිය
හැකියි. එසේම අවශ්‍ය නම් විවෘත අංශයක් ද ඇරඹීමට පුළුවන්. එවිට පාසැල් හෝ
වෙනත් ස්ථානවල දී යුනිකේතය හඳුන්වා දෙන අතර ම ප්‍රතිචාරයක් වශයෙන් නිරත
විය හැකි ක්‍රියාකාරකමක් ද එම දරුවන්ට ලැබෙනවා. එසේ ම යුනිකේත මගින්
අන්තර්ගතය නිපදවීමේ හැකියාව ඇති පිරිසක් අනාගත පරපුර අතරින් පුහුනු
කරගැනීමේ ඉඩ ද අපට ලැබෙනවා.

මේ දල අදහසක් පමනයි. සෙසු අයගේ ද අදහස් දැනගන්න කැමතියි.

On Sep 10, 10:10 am, වසන්ත දේශප්‍රිය෴ <wasanthade...@gmail.com> wrote:
> මිතුරනි,
> සිංහල යුනිකෝඩ් ප්ර්චාරණය සඳහා මූලික සන්නිවේදන කටයුතු කිහිපයක් ම දියත්
> කිරීමට ඉක්ටාත් සූදානම් වෙනවා. මේ සතිය තුළ සන්නිවේදන සැලසුම අවසන්
> කිරීමටයි බලාපොරොත්තුව. මෙය සියළු මාධ්යඡ භාවිතා කරන දැනුවත් කිරිමේ
> ව්යසපාරයක්.
> සිංහල යුනිකෝඩ් සඳහා මූලිකත්වය දෙමින් අඩ දින හෝ එක් දින පාසැල්
> සම්මන්ත්රවණ පැවැත්වීම, මේ සඳහා අඩංගු කළ හැකි ඉතා හොඳ අංගයක්. මෙය සිංහල
> යුනිකෝඩ් සමූහයේ මූලිකත්වයෙන් ඉටු කළ හැකි නම් අගෙයි. මේ පිළිබඳ ව සමූහයේ
> සහෘදයින් සමග දැඩි සම්බන්ධීොකරණයක් සඳහා සමීප කථා බහක් අවශ්යැ යි. මෙය
> මුහුණට-මුහුණ සාකච්ඡාවක් හෝ සමූහය හරහා අන්තර්ජාලමය සාකච්ඡාවක් හෝ ලෙස කළ
> හැකියි. මුහුණට-මුහුණ සාකච්ඡාවක් නම් වඩාත් සුදුසුයි. නිරන්ජන් ඔබට හෝ
> සමූහයේ වෙනත් අයෙකුට හෝ මෙයට මූලිකත්වය දිය හැකි නම් කරුණාකර දන්වන්න.
> ඒ අතරම සියළු පරිගණක වේදිකාවල භාවිතා කළ හැකි ෆොන්ට පවුල් 2 ක් සැකසීමට

> යෝජනා කැඳවා පුවත් පත් දැන්වීමක් ද අපි පළ කළා.http://www.icta.lk/Insidepages/downloadDocs/Procurement/FontFamilies-...

SRIshanu

නොකියවූ,
2007 බිනර 10, 05.05.572007-09-10
සිට Sinhala...@googlegroups.com
යුනිකේත අකුරු රටා වැඩි වැඩියෙන් නිර්මාණය කිරීම මේ සියළ්ලටම ප්‍රමුඛව කළ යුත්තක් බවයි මගේත් හැඟීම. විශේෂයෙන්ම වියුණක් (තරඟාවලියකට හෝ අනෙකුත් භාවිතයකට) නිර්මාණාත්මකව සෑදීමට එය මූලිකම අවශ්‍යතාවයක්.

මීට පෙරද මෙම කාරණය මතු කළත් අපට ක්‍රියාත්මක වීමට නොහැකි වුනා. එක් පහසු ක්‍රමයක් තමයි, සිංහල සමාන්‍ය අකුරු රටා නිර්මාණයේ ප්‍රවීනයෙකු වන පුෂ්පානන්ද මහතා සහභාගි කරගෙන හෝ ඔහුගේ නෛතිකමය අවසරයක් මත, දැනට භාවිතයේ පවතින, ඔහු නිමැවූ සාමාන්‍ය අකුරු රටා යුනිකේතයට හැරවීමට. මේ පිළිබඳ සොයාබැලීමට සියබස් වෙතත් මා යෝජනා කළා. එයට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

වසන්ත කී පරිදි මේ ගැන විශේෂ සාකාච්ඡාවක් පවත්වන්නේ නම්, මූලික කාරණයක් හැටියට යුනිකේත අකුරු නිර්මාණය ගැනිය යුතුයි.

ඉංග්‍රීසියෙන් විවිධ අකුරු රටා සහ අකුරු පවුල් ඇතිවාක් මෙන්, සිංහලයටද යුනිකේත අකුරු රටා සහ පවුල් සම්මතයක් ගොඩනැගිය යුතුයි. එම සියළු පවුල් වලට අයත් සම්මත අකුරු රටා ගොන්න, සිංහල යුනිකේත ස්ථාපනය කරන විටම දී හෝ, පෙරනිමි (by default) සිංහල ඇති මෙහෙයුම් පද්ධති වල නම් පෙරනිමි සිංහල අක්ෂර රටා ලෙස හෝ ස්ථාපනය විය යුතුයි. එවිට අප විවිධ අක්ෂර පවුල් භාවිතයෙන් සාදන වියුණු බැලීමේදී ගැටළුවක් පැන නොනගීවි.

අකුරු රටා පවුල් ගැන මා සමූහයට ලියූ සවිසතරාත්මක සටහනක් මෙන්න:
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/859ba414a682a836/b83e62b94d4f7c0b?lnk=st&q=%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%94&rnum=16#b83e62b94d4f7c0b


------------------------------------------
"මේ ආයුධ අප අත නොමැතිව, සිංහල යුනිකේත හටනට එන්නැයි පොඩිවුන්ට කියන්නේ කොහොමද?"       :)
------------------------------------------



--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

Anandawardhana

නොකියවූ,
2007 බිනර 10, 05.30.442007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> "මේ ආයුධ අප අත නොමැතිව, සිංහල යුනිකේත හටනට එන්නැයි පොඩිවුන්ට කියන්නේ
> කොහොමද?" :)

කියන්නෙ කොහොම ද? කරන සහ කියන විදිහ තමයි ඉස්සර වෙලා කීවේ. ප්රමුඛතාව ගැන
ඔය විදිහට බැලුවොත් තව පරම්පරා දෙකතුනක් යන තුරු මොකුත් කරන්න වෙන්නෙ නෑ.
ඇයි දැනට තියෙන අකුරුවලින් රචනා ලියන්න බැරි ද? කවි ලියන්න බැරි ද? වෙබ්
අඩෙවි හදන්න බැරි ද? අලුත් අකුරු නිපදවීමට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඒ
තාක්ෂණය ගැන දන්න අය. "පොඩ්වුන්ට" පුලුවන් ඔයිට වඩා දේ කරන්න.

"ඒ අනුව
අන්තර්ජාලය සඳහා යුනිතේත පරිහරනය කරමින් රචනා, ලිපි, නිර්මාන, වෙබ් අඩෙවි
(තවත් දේ එක් කල හැකියි) තරගාවලියක් පාසැල් සඳහා ආරම්භ කල හැකියි. සාර්ථක
අන්දමින් යුනිතේක පරිහරනය කරමින් කරන නිර්මාන සඳහා ත්‍යාග ලබා දිය
හැකියි. එසේම අවශ්‍ය නම් විවෘත අංශයක් ද ඇරඹීමට පුළුවන්. එවිට පාසැල් හෝ
වෙනත් ස්ථානවල දී යුනිකේතය හඳුන්වා දෙන අතර ම ප්‍රතිචාරයක් වශයෙන් නිරත
විය හැකි ක්‍රියාකාරකමක් ද එම දරුවන්ට ලැබෙනවා. එසේ ම යුනිකේත මගින්
අන්තර්ගතය නිපදවීමේ හැකියාව ඇති පිරිසක් අනාගත පරපුර අතරින් පුහුනු
කරගැනීමේ ඉඩ ද අපට ලැබෙනවා."

ඔව්. මම කියන්නෙ එහෙම කරන්න කියලයි. අපට ඇති තරම් ආයුධ තියෙනවා.
තාක්ෂණයත් තියෙනවා. අක්ෂර නිර්මාණය අත්‍යවශය කටයුත්තක්. ඒක කරන තුරු මේ
දේවල් නවතාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒත් තාක්ෂණය ගැන විතරක් හිතන අය කල්පනා
කරන්නෙ හැම මෘදුකාංහයම පරිවර්තනය කිරීම, මෙහෙයුම් පද්ධති සිංහලෙන් තිබීම,
අකුරු හැදීම තාක්ෂණික පැත්තෙන් යුනිකේත බලගැන්වීම ආදිය ගැන. ඒ සියල්ල
හොඳයි. ඒ සියල්ල තිබුණත් යුනිකේත භාවිතා කරලා වැඩක් වෙන්න නම්, සිංහලෙන්
අන්තර්ජාලය පරිශීලනය කරන්න නම්, අන්තර්ගතය අවශ්‍යයි. ඒ කියන්නේ අන්තර්ගතය
සපයන්නන් නිර්මාණය කරගත යුතුයි. අපි ඉංගිරිසියෙන් අන්තර්ජාලයේ සෙවුම්
කරන්නෙ ඇයි. ඒ ඉංගිරිසියෙන් ප්‍රයෝජනවත් අන්තර්ගතයක් තිබෙන නිසා. මොන
තාක්ෂණය වර්ධනය වුණත් ප්‍රයෝජනවත් අන්තර්ගතයක් ගොඩනැගෙන්නෙ නැත්නම් එයින්
කවුරුවත් වැඩක් ගන්නෙ නෑ. ඒ වගේ ම මෙතන ඉන්න ටික දෙනා හැර තව වැඩි
පිරිසක් මේවා භාවිතයට පිවිසෙන්නෙ එහෙම කලොත් විතරයි. මේ මගින්
තාක්ෂණඥයින් හැටියට නොව වෙනත් පැතිවලින් වර්ධනය වන පිරිස් යුනිකේත
භාවිතයට‍ යොමු කරගත හැකියි.

Anandawardhana

නොකියවූ,
2007 බිනර 10, 06.15.412007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කාරණය තවත් මඳක් පැහැදිලි කළොත් ‍මෙහෙම නේ.

අපට දැන් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යනසියල්ල සිංහලෙන් වැඩ කළ හැකි මූලික
පහසුකම් තියෙනවා.
අක්ෂර රටා කීපයක් තිබෙනවා.
බ්‍රවුසර් කීපයක් ම ඉතා ‍හොඳින් සිංහල දර්හනය කරනවා.

ඒත්

මේ සියල්ල ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලයට ගොස් පරිහීලනය කිරීමට ප්‍රමානවත්
අන්තර්ගතයක් (web content) තිබේ ද?
ඒ නිසා මම කියන්නේ ඊනියා ප්‍රමුඛතා ගැන නො වේ. තාක්ශනික වර්ධනයට සමගාමීව
අන්තර්ගතයේ වර්ධනය සඳහා මග පාදාගත යුතු බවයි. ඔබ දැක තිබෙනවා ද අද
මහවිලච්චිය, සඳසිරි දුනුවිල ආදී තැන්වල ළමුන් අන්තර්ජාලයට ලියන අන්දම? ඒ
ලමුන් ඒ සම්බන්ධයෙන් උද්යෝගීමත්. ඒ ගැන සැකයක් නෑ. මම යෝජනා කළේ අලුත්
පරපුර තුළින් සිංහල අන්තර්ගතය නිර්මාණය කරන්නන් සොයාගත යුතු බවයි. එයට
පහසුකම් සැලසීමේ ක්‍රියාවලියක් තාක්ශනයේ වර්ධනයට සමගාමීව සිදු විය
යුතුයි. දැනට ලියන ප්‍රකාශනය කරන පත්තර යුනිකේතයට හැරුනු පමනින් සිංහල
අන්තර්ජාලය සම්පූර්න වන්නේ නෑ. විකිපීඩියා, වෙනත් වෙබ් අඩෙවි, බ්ලොග් ආදී
නානා තැන්වල ලිවිය හැකි අන්තර්ගතය නිර්මානය කල හැකි පිරිසකට මේ දැනුම ලබා
දීමට නම් ඔවුනට ආරම්භකත්වයක් ගැනීමට මග පෑදිය යුතු යි. මට පේන්නේ
තාක්ශනයේ වර්ධනයට සාපේක්ශව සිංහල අන්තර්ගතය හොඳටම මදි බවයි.

ශ්‍රීශානු

නොකියවූ,
2007 බිනර 10, 06.16.022007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඉහත යෝජනා වුනු පාසැල් වැඩමුළු, තරඟාවලි ආදිය, තාක්ෂණය දියුණු වන තෙක්
නැවැත්විය යුතුයි කියා මා අදහස් කළේ නෑ. ඇත්ත.. මා ලියූ අවසන් පාඨයෙන්
එවැන්නක් තේරෙනවා තමයි. ඒ ගැන කමන්න.... :)

මට කියන්න වුවමනා වුනේ, බොහෝ විටක් කතා බහ වුනු, අත්‍යවශ්‍ය බව
ප්‍රත්‍යක්ෂ වුනු, එහෙත් පිළිතුරක් තබා ප්‍රතික්‍රියාවක්වත් තවම නොමැති
ගැටළුව - වසන්ත ඉහත කී පරිදි සාකච්ඡාවක් පවත්වනවා නම් - මුලට ගත යුතු
බවයි.

Anandawardhana

නොකියවූ,
2007 බිනර 10, 06.33.092007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තේරුණේ දැන් තමයි ....
:-D

ඒක හරි. අකුරු වර්ග හොඳටම මදි. ඒ නිසා සිංහල අන්තර්ජාලය හරිම boring
නිදිමත පෙනුමක් තියෙන්නෙ. හැම තැනම එක වගේ. සංකීර්න වෙබ් පිටු නිරිමානයට
ඒක බාධාවක්. සම්මත අකුරු පවුල් නැති නිසා අපි යොදන අකුරු නිසියාකාරයෙන්
දර්ශනය වෙන්නෙ නෑ. අතින් සෑම පිටුවක ම අකුරු වර්ගය set කිරීම තමයි දැනට
තියෙන විසඳුම. ඒත් සෙට් කරන්න කෝ අකුරු? ඒ තත්වයෙන් ගොඩ ආ යුතුයි. මම ඔබේ
අදහස සියයට සියයක් අනුමත කරනවා.

නිරංජන්෴

නොකියවූ,
2007 බිනර 10, 07.05.042007-09-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Anandawardhana wrote:
> > "මේ ආයුධ අප අත නොමැතිව, සිංහල යුනිකේත හටනට එන්නැයි පොඩිවුන්ට කියන්නේ

මිතුරනි
සිංහල යුනිකේතය ව්‍යාප්ත කිරීමට වඩා මිනිසුන් ඊට ආකර්ෂණය කර ගැනීමේ
ක්‍රමයක් සිතිය යුතුයි. අපත් ඊට ඇදී ආවා මිස කවුරුවත් අප ඊට තල්ලු කළේ
නැහැ.

පාසල් වල යුනිකේත වැඩමුලු තිබ්බාට වැඩක් වේද ? පාසල් ජාලයේ
(schoolnet)එකේ යුනිකේත නැතිනම්. රාජ්‍ය ජාලය ඇතිවීමත් විශාල වන තොරතුරු
අවශ්‍යතා අප සූදානම්ද ? මාධ්‍ය ප්‍රචාරයන් පලක් වේද වටිනා යුනිකේත පිටු
100,000 ක් වත් අන්තර්ජාලයේ නැතිව.

දසුන් කියන අයුරින් සිංහල යුනිකේතය තියාගෙන භාවිතාවන් නැතිනම් යුද්දෙට
නැති කඩුව කොස් කොටන්නද ? මේ අනුව අප සංවර්ධනය කළ යුත්තේ එහි
භාවිතාවනුයි. අප යුනිකේතයෙන් තොරතුරු වගා කළ යුතුයි. මීට සිංහල තොරතුරු
වගා සංග්‍රාමයක් අපට අවශ්‍යයි.

ලංකාවේ පරිගණක මිලියන 4 ක් පමණ තියෙනවා. අන්තර්ජාලයේ දශලක්‍ෂයකට එහා
ඉන්නවා.
පාසල් 1000 කට වඩා පරිඝණක විද්‍යාගාර තියෙනවා. පුහුණු ගුරුවරුන් 3000 ක්
පමණ, නැණසල 400 කට ආසන්නයි. සෑම යටිතලයක්ම සූදානම්.

මේ හොඳම වෙලාවයි!

සිංහල යුනිකේතය ජනතාවට ගෙන යාමට අප වසරකවත් මූලික සැලැස්මක් සැකසිය
යුතුයි. ඊට වසන්ත මහතාගේ යෝජනාව පරිදි අපට ICTA සමග එකතු විය හැකියි.
සමස්ථ වැඩ පිළිවෙලකට එක්වී ව්‍යාපෘතියක් සහ ක්‍රියාකාරී සමූහයක් සකසා
ගනිමු. අප සිංහල යුනිකේත සමූහය බිහිකළේ එවන් ජාතික කාර්යයකට එක්වීමටයි.
දැන් එය ඵලගැන්වෙනු දැකීම සතුටක්.

Font families හදන එක මා ඉන්දියාවේ සිටි කාලයේ පල වූ දෙයක්. එයත් කරදෙන්න
පුළුවන්. හර්ෂුල සමගත් මා කථා කළා mySQL+php සිංහල හා කපුටා 2.0 ගැන. මේ
සියල්ල අප සතු වැඩ. අප මෙය ලාභ ලබන ආර්ථික වැඩක් ලෙස නොසලකන නිසා අඩු
ආයෝජනයකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකියි.

අප මාධ්‍ය වෙත යා යුත්තේ යුනිකේතය වගාවන යම් වැඩක් සැලසුම් කර ඊට පසුවයි.
ඔවුන්වද ඊට හවුල් කරගන එය අපේ වැඩකට වඩා ඔවුන්ගේ වැඩක් කළ යුතුයි.
යුනිකේතයේ භාවිතාවන් ආවිට මිනිසුන් ඉබේම ඊට ආකර්ශණය වේවි. යුනිකේතය නැති
අය එය දාගනීවි. තියෙන අය ලියාවි. ලියන අයට ලැබේවි. සිංහල අනවශ්‍ය අයටත්
පසුව එකතු වන්නට වේවි. මොනවද යන්නේ කියලා දැනගන්න. රටට සිංහල සන්නිවේදනය
ඉතාමත් අවශ්‍ය කාලයක්.

වසන්ත දුක්ගන්නා රාළ ලියූ සිංදු 150 ක ගීත පොත හා කෙටිකතා පොත මේ 13 දා
එළි දක්වනවා. ඒවා යුනිකේතයෙන්ද පළ කිරීමට ඔහු කැමතියි.

මේ සිංහල යුනිකේතයට හොඳම වෙලාවයි!

Chamara Peiris

නොකියවූ,
2007 බිනර 10, 07.21.482007-09-10
සිට Sinhala...@googlegroups.com
අදහස් හා සාකච්ඡා මගින් යෝග්‍ය කර්‍මය තෝරා ගමු. අවශ්‍ය ඕනෑම අවස්ථාවක මාගේ උදව් ලැ‍‍බෙනු ඇත.

Cheers,
--
Chamara Peiris | http://apramana.com | +94 712 967 967

වසන්ත දේශප්‍රිය෴

නොකියවූ,
2007 බිනර 28, 04.39.052007-09-28
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

නිරන්ජන් ප්රහධාන සමූහයේ මිතුරන් සමග පැවැති සාකච්ඡාවේ පරට තිඵල සමූහයේ
අනෙක් මිතුරන්ගේ දැනගැනීමට සැලැස්වීම යුතුකමක් ලෙස සලකා ලියමි.
සහභාගි වූවෝ
1. නිරන්ජන්
2. ධම්මික
3. දසුන් සමීර
4. වසන්ත
5. ශහනි
6. අනුරාධී
සිංහල යුනිකෝඩ් භාවිතය ප්රනචලිත කිරීම සඳහා සාකච්ඡා කල කරුණු හා තීරණ
1. ඉලක්ක ගත කණ්ඩායම් හා සන්නිවේදන කර් ම විධි

(මෙම වගුව බැලීමට මෙම ගූගල් ලියවිල්ල බලන්න.
http://docs.google.com/Doc?id=dgtnczbk_1gw8s44)


2. සිංහල යුනිකෝඩ් සමූහයේ (නිරන්ජන්ගේ) යෝජනාව වූයේ පාසැල් සිසුන් 500 ක්
සහභාගි වන දිස්ත්රිසක් මට්ටමේ රැස්වීම් 25 ක් තැබීම එතරම් තිරසාර
ප්රෝතිඵල ගෙන දෙන්නක් නොවන නිසා එක් දිස්ත්රිසක්කයකින් පරිගණක ඇල්මක්
(උණ) ඇති සිසුන් 25-50 ක් පමණ තෝරා ඔවුන් සිංහල යුනිකෝඩ් ස්ථාපණයේ හා
ගැටළු විසඳීමේ සමතුන් බවට පත් කරණ පුහුණුවක් ඔවුනට ලබා දිය යුතු බවයි.
ඔවුනට ඒ සදහා පිළි ගත හැකි මට්ටමේ සහතිකයක් ද ප්ර දානය කල යුතුයි. ඒම
සිසුන් ඒම ප්රඩදේශයේ සිංහල යුනිකෝඩ් සම්පත් දායකයින් ලෙස හැඳින්වෙනු ඇත.
මේ සඳහා පැය 2-3 ක් ගත වන ජංගම පරිගණක 10 ක් පමණ යොදා ගත හැකි පුහුණු
සැසියක් අවශ්යෝ යි. මූලිකත්වය -සිංහල යුනිකෝඩ් සමූහය, අනුග්ර හය - ඉක්ටා
3. මෙම යොජනාව ක්රිසයාත්මක කිරීම හා සංවිධානය සඳහා අධ්යාකපන අමාත්යාංතශයේ
ආචාර්ය පැස්කුවල් හා නීල් ගුණදාස මහතා සමග සාකච්ඡා කිරීමට තීරණය විය
4. සිංහල යුනිකෝඩ් සන්නිවේදන කටයුතු පිණිස ඉ-මාධ්යධවේදීන් සහභාගි කරවා
ගැනීමට ද නිරන්ජන් කල අනගි යොජනාව පිළි ගන්නා ලදී
5. සිංහල යුනිකෝඩ් සහය මධ්යපස්ථානයක් (help desk) ඇරඹීමට මයිකොසොෆ්ට්
සමාගම කළ යෝජනාවක් අනුව එය ඉටු කෙරෙන බැව් ශහනි දැන්වීය
6. “සිංහල යුනිකෝඩ් සැමට” ලෙස මෙය ප්රpචලිත කිරීම ට තීරණය විය
7. මේ අතරම මෙම සන්නිවේදන කටයුතු පිණිස අවශයම බරපැන සඳහා අනුමැතිය
ගැනීමට ඉක්ටා කටයුතු කරනු ඇත


වසන්ත දේශප්රි ය

On Sep 8, 2:38 pm, නිරංජන්෴ <unic...@info.lk> wrote:
> අප විසින් සංවාද කළ පහත වෙලුම් කාලීන වශයෙන් වැදගත් නිසා නැවත සංවාදයට
> සුදුසුයි කියා අප සිතනවා.

> සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව‍්‍යාප්ත කිරීමhttp://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/1...
>
> සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනාhttp://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/d...

නිරංජන්෴

නොකියවූ,
2007 බිනර 28, 13.37.362007-09-28
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි
දැක්කද ප්‍රතිඵල, ඉසවි සමාජ සංකල්පය නම් සැවොම එකතු වී ICT මගින්
සංවර්ධනයේ කොටස් කරුවන් වීම, දායක වීමේ ප්‍රමාණය නොව කුමකින් හෝ දායක
වීමයි අගයන්නේ. මේ ගැන අපි සැමට සතුටු වෙන්න පුලුවන්.

තවද සිංහල යුනිකේතය විදේශගත ශ්‍රී ලාකිකයන්ට ඉතා වැදගත්. lacnet තුලින්
lankapage, kaputa,infolanka, lankaweb, අනම්මනං, එලකිරි මෙකී එකී නොකී
සියලු අඩවි තුලින්ද පහසුවෙන් එය කල හැකියි. ඒ සඳහා Google Ads වැනි වැනි
නිර්මාණශීලී ක්‍රමයක්ද ඇතිනම් හොඳයි.

හිටපු ගමන් යුනිකෝඩ් වැඩ වැඩි උණා :)
දැන් ඉතින් 20-20 වගේ යන්න වෙයි.

http://nir.info.lk/clms ද බලන්න.
ඒ ගැන පසුව කථා කරමු.

www.kaputa.com

සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0