මා මෙම සිංහල යුනිකේත සමූහයට නව සාමාජිකයෙකි. ඉංග්‍රීසි යතුරු පුවරුව
බලාගෙන සිංහල යතුරුකරණය කිරීමට මා සතු හැකියාව නිසා මෙම සමූහයට එක් වීමට
ආසා හිතුනි. ඊයේ මා මෙම සමූහයට මා විසින් නිර්මාණය කරන ලද සිංහල
මෘදුකාංගයක් වැඩිදියුණු කිරිම සම්බන්දව යොමු කල පැණයකට මට අදම පිළිතුරු
ලැබුණි. මෙම සමූහය මෙතරම් ඵලදායී සමූහයක් යැයි මා කිසි ලෙසකින්
නොසිතුවෙමි.
මම දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකු වන
අතර ඉදිරියේදි පරිගණක ඉංජිනේරුවකු වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
මා නිර්මාණය කරන ලද ඉහත සදහන් කල සිංහල මෘදුකාංගය මා නිර්මාණය කලේ මාගේ
උසස් පෙළ ව්‍යාපෘතිය ලෙසයි. "මානවයා 1.01" ලෙස මා නම් කර ඇති එය මානව
ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබද සිංහල විශ්වකෝශයක් ලෙස හදුන්වා දිය හැක.
එය නිර්මාණයට මා Swish 2.0 (Flash වැනිම මෘදුකාංගයකි) භාවිතා කලේ එය .exe
ගොනුවක් ලෙස ක්‍රමලේඛණය කල පසු ඕනෑම පරිගණකයක එය ස්ථාපනය කර සිංහල අකුරු
පැහැදිලිව නැරඹීමට ඇති හැකියාවයි. එවිට ඒ සදහා පරිගණකයේ unicode හෝ සිංහල
fonts ස්ථාපනය කර තිබීම අනවශ්‍ය වීමයි.
මා විසින් සාර්ථකව මෘදුකාංගය නිර්මාණය කල නමුදු මගේ පැණයේ සදහන් කල පරිදි
Flash ගොනුවට මා විසින් නිපැයූ අයිකනය දමා ගත නොහැකි විය. ඒ සදහා මා
විකල්ප ක්‍රමයක් ලෙස භාවිතා කලේ VB වලින් වැඩසටහනක් තනා එයට අයිකනය දමා,
VB වැඩසටහන විවෘත වූ විගස Flash ගොනුව ඉබේ විවෘත වන පරිදි OLE එකක් දමා,
එම VB වැඩසටහන අදෘශ්‍යමාන කර Flash ගොනුව විවෘත වූ පසු එය ඉබේ වැසෙන ලෙස
සකස් කිරිමයි. එම ක්‍රමය සාර්ථක වූ නමුදු වැඩසටහන විවෘත වූ විගස Unknown
Publisher විනඩෝස් ආරාක්ෂක කවුලුවක් හැමවිටම දිස්වීමයි. එය Run කල පසු
වැඩසටහන නිසිලෙස ක්‍රියා කලද එම දොස් කවුලුව මගේ මෘදුකාංගයේ ගුණාත්මක බව
අඩු කිරිමට හේතු වේ යැයි මට හැගුණි.
නමුත් ඉහත සදහන් කල පරිදි වැඩසටහන නිමවා මම එය උසස් පෙළ ව්‍යාපෘතිය ලෙස
බාරදුනිමි. මෘදුකාංග කර්මාන්තය පිළිබද ශ්‍රී ලංකා සංගමය (SLASI) මගින්
පවත්වනු ලබන "යොවුන් පරිගණක විද්‍යාඥයා 2007" (YCS) පිළිබද දැනගත් මා ඒ
සදහා "මානවයා 1.01" ඉදිරිපත් කළෙමි. එයින් රිදී සම්මානය ලබා ගැනීමට මට
හැකි වූ බව ඔබ හට පවසන්නේ හද පිරි සතුටිනි.
2007 සිට මා අයිකනය වෙනස් කිරිම සම්බන්ධව සෙවූ නමුත් මට සොයා ගත නොහැකි
විය. (මෙතෙක් කල් මට මාගේම අන්තර්ජාල සබදතාවක් නොතිබුණි) සිංහල පරිගණක
සමූහයට මා එක් වූ දිනම (මා ADSL ගත්තේ මෙම සමූහයට එක් වූ දිනට පෙර දිනයි)
මවිසින් අසන ලද පැණයට මට පසුදිනම ඉතා සාර්ථකව පිළිතුරු ලැබුණි. එමගින්ම
මෙම සමූහයේ ඵලදායීතාවය පෙන්නුම් කෙරේ. මෙම සමූහයේ සියලු සාමාජිකයින්
පරිගණක විෂයයේ හසල නැණවතුන් බව මට දැනටමත් පසක් වී හමාරය. සිංහලයාට
සිංහලයා මිස වෙන කිසිවෙක් උදවු කරන්නද? ඔබ සියලු දෙනාව හැදින ගැනීමට මම
ඉතා කැමැත්තෙන් සිටිමි.
ඉහත සදහන් කල මගේ මෘදුකාංගය ඔබ දුන් ඔවදනින් තවත් ඔප්නංවා ඉදිරියේදී
ප්‍රකාශයට පත් කිරිමට මම බලාපොරොත්තු වෙමි. එය ප්‍රකාශයට පත් කිරිමටද
ඉදිරියේදි මා ඔබගේ පිහිට පතනු ඇත. මාගේ මෙම ලිපිය පිළිබදව හා මාගේ
මෘදුකාංගය පිළිබදව ඔබ සියලු දෙනා කතා බහකට එක් වන්නේ නම් මම ඉතා අගය
කරමි.
(කිසිවෙකුට හෝ මාගේ මෘදුකාංගය ස්ථාපන කර මට එහි අඩුපාඩු හා වැඩිදියුණු
විය යුතු දෑ පෙන්වා දිය හැකි නම් කරුණාකර සදහන් කල මැනවි. මට එය ඔබට
විද්‍යුත් තැපෑලෙන් එවීමට හැක. - 13.5MB)
ඔබ සැමට ස්තූතියි..!
සිංහලය වැජඹේවා...!!!
On Mar 11, 4:53 pm, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:
ඔබේ නව නිර්මාණයටද ජය පතමි.
tidalbobo පැවසූ දේ ගැනත් හොඳ අවධානයක් යොමු කරන ලෙසටද කරුණාවෙන් ඉල්ලා
සිටිමි.
පහත වෙබ් අඩවියේ ඔබේ Flash EXE එකේ අයිකනය වෙනස් කල හැකි මෘදුකාංගයක් ඇත.
http://www.shelllabs.com/change_exe_icon.htm
උත්සාහ කර බලන්න.
සුපුන්
On Mar 11, 4:53 pm, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:
පහත දැක්වෙන යොමුව මගින් ඔබට මෙය බාගත කර ගත හැකි අතර එහි රහස්පදය මා
විසින් මෙම ලිපියට ප්‍රතිචාර දැක්වූ ඔබ සැමට විද්‍යුත් තැපෑල මගින් එවා
ඇත.
http://www.hotlinkfiles.com/files/2380634_f35zm/Manavaya1.01.zip
tidalbobo විසින් දුන් බුද්ධිමය දේපළ පිළිබද ඔවදන ඉතා වටිනා බව හැගේ.
දැනට මම මෙම මෘදුකාංගය ප්‍රකාශයට පත් කරන ආකාරය පිළිබද තීරණය කර නොමැත.
මාගේ මෙම මෘදුකාංගයට මූල්‍යමය වටිනාකමක් ඇත්ද සහ මූල්‍යමය වටිනා කමක්
ඇත්නම්, කෙතරම් මූල්‍යමය වටිනාකමක් ඇත්ද යන්න ගැන මා හට අවබෝධයක් නොමැති
අතර මෙම මෘදුකාංගය පරිහරණය කර ඒ පිළිබද මා දැනුවත් කල හැකි නම් ඉතා අගය
කරමි.
මා මෙලෙස මෙම මෘදුකාංගය ඔබ අතට පත් කරන්නේ ඔබ සියලු දෙනා කෙරෙහි වීශ්වාසය
තබා බව මතක් කරමි.
ඔබගේ අදහස්, යෝජනා හා විචාර, මෙහි ඇති අඩුපාඩු සහ තවදුරටත් මෙය
වැඩිදියුණු කල හැකි ආකාර පිළිබද මෙම කතාබහට හෝ මාගේ විද්‍යුත් ලිපිනයට
යොමු කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.
(තවත් කිසිවෙකුට හෝ රහස්පදය අවශ්‍ය නම් මෙම කතාබහට එක් වනු මැනවි)
ඔබ සියලු දෙනාට බොහෝ තුති..!
සෙටප් එක සෑදීම සඳහා ඉනෝසෙටප් වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැකිනම් වඩා
අගෙයි. මේක මගේ පුද්ගලික මනාපයක් විතරයි.
මෙවැනි මෘදුකාංග නිර්මාණයෙන් ලද අත්දැකීම් වලින් තත්වයෙන් වැඩදියුනු
කිරීම සඳහා සමස්තයක් වශයෙන් යමක් පවසන්නම්..
මෙවැනි ඉන්ටරැක්ටිව් අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය
මෙන්ම එය භාවිතාකරගන්නා සහභාගි වීමට සකස් කළ හැකිනම් වඩාත් අගෙයි.
උදාහරණයක් ලෙස ලභාගත් දැනුම අශ්‍රයෙන් අසන බහුවර්ණ ප්‍රශ්න මාලාවක්
දැක්විය හැකියි. එසේනැත්නම් ඒ දැනුම ඇසුරෙන් කුඩා පරිගණක ක්‍රීඩාවක්
ඇතුලත් කිරීම. මේ අවස්තාවේදී ශරීර කොටස් වලට අයත් නිවැරදි වචන තේරීම වැනි
දෙයක් දැක්විය හැකියි.
අනික් කාරනාව අප සැමට එක් එක් දේවල් සඳහා සුවිශේෂි දක්ෂතා තිබීම
වටහාගනීම. ඒ අනුව චිත්‍රක, පසුබිම් සංගීතය, තිරසකස් කරණය. වර්ණ සංයෝජනය
වැනි විවිද අංශයන් සඳහා අවැසි සහය ලබාගැනීමට මැලි නොවීම. (ඔබගේ
මෘදුකාංගයේ ඒවායේ අඩුපාඩුවක් ඇති බවක් මින් අදහස් නොවේ.)
මෘදුකාංගය මගින් ආවර්ණය කිරීමට යන කළාපය හොඳින් අවබෝද කළ ගැනීම.
උදාහරණයක් ලෙස පාසැල්සිසුන්ටද? විශ්ව විද්‍යාල සිසුන්ටද? එසේ නැත්නම්
සමස්තයක් වශයෙන් සැමටද? ඒ අනුව ආවර්ණය කළ යුතු අංශ වෙන්වේ. ඒ සඳහා තමාට
ඇති සම්පත් මොනවාද? ඒවා කෙසේ ආවර්ණය කළයුතුද යනවග.
විෂයේ ප්‍රවීනයන් මගින් මෘදුකාංගයේ තොරතුරුවල නිවැරදි තාවය පරීක්ෂා
කිරීම.
සෑම විටම භාවිතා කරන්නා ගේ මට්ටමේ සිට පරිගණක වැඩ සටහන දෙස බලීමට පරුදු
වන්න.
මේවා ඔබේ මෘදුකාංගයේ වැරදිනම් නෙවෙයි. පොදුවේ මේවැනි මෘදුකාංගයක්
නිර්මාණයේදී සිතිය යුතු කරණු කීපයක් පමණයි. සුභ අනාගතයක්.