කපුටා 2.0 සහ අක්ෂර රටා

9 views
Skip to first unread message

SRIshanu

unread,
Jul 23, 2007, 2:46:04 AM7/23/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අප කපුටා 2.0 මගින් අමතන්නේ ග්‍රාමීය ජනතාවට නිසා, අදාල සියළු තාක්ෂණික මෙවලම් සිංහලෙන් තිබිය යුතුය. විශේෂයෙන්ම වියුණු සේවා මෙහිලා වැදගත්වේ. කපුටා 2.0 සමග සිංහල යුනිකේතයද, එහි භාවිතයද දියුණු විය යුත්තේ, එය කපුටා 2.0හි පදනම නිසයි.

www.queen.lk දුටු මා සිත නැගුනු එක් ප්‍රශ්නයක් නම්, ඉංගිරිසියේ දී මෙන් සිංහල වියුණේදී විවිධාකාර අක්ෂර රටා පිටුවේ විවිධ අංග සඳහා යොදා නොගන්නේ ඇයිද යන්නයි. මේ ගැන කතා කිරීමට සුදුසුම පුද්ගලයා මා නොවන්නේ මෙහි තක්ෂණික අංශයෙහි මා නිපුනයෙකු නොවන නිසාත්, මේ තාක් සිංහල යුනිකේත වියුණක් (වියුණු සටහනක් නොවන) මා සාදා නැති නිසාත්ය. :o(
නමුත් දන්නෝ පිළිතුරු දෙත්වා! :o)

සාමාන්‍ය ඉංගිරිසි වියුණු පිටුවක මූලික අක්ෂර රටා පවුල් 3ක් වෙයි. ඒවා; (1) serif (2) sans-serif (3) monospace ලෙස වෙයි. මේ අතුරෙන් serif සහ sans-serif බහුලව භාවිතාවෙයි. එම පවුල් වලට අයත් අක්ෂර රටා යටත්පිරිසෙයින් එකක් වත් ලොව ඇති සෑම පරිගණකයකම ඇත. ඉතින් ඉංගිරිසි වියුණු නිර්මාණ ශිල්පියාට ගැටළුවක් නැත.

නමුත් සිංහල යුනිකේතයේදී මෙය කළ හැකිද? මෙයට හේතුව ලෙස මා දකින්නේ විවිධ අක්ෂර රටා සිංහල යුනිකේතයට නගා ඇතත්, අප සියළුදෙනා එකකට එකක් වෙනස් අක්ෂර රටා බ්‍රවුසර වල භාවිතා කිරීමයි. ප්‍රශ්නය එසේ නම් කපුටා 2.0 දී අපි මේ ගැනත් අවධානය යොමු කරමු.

මා දකින පිළියම්:
1. සිංහල යුනිකේතයටද අක්ෂර රටා පවුල් (serif සහ sans-serif සළකමු, monospace මදකට පසෙකින් තබමු, සිංහල අකුරුවලට මෙය භාවිතා වීම උගහට බැවිනි) නිර්මාණය කරමු. දැනට ඇති සහ මතුවට නිර්මාණය වන අක්ෂර රටා මෙලෙස වර්ග කරමු. සිංහල යුනිකේත ඇති සෑම පරිගණකයකම මෙය අනිවාර්යය වේ.
2. වෙබ් බ්‍රවුසර් යුනිකේතයට සුසර කිරීම. උදාහරණ ලෙස ගිනිනරියාගේ නම්, serif වලට DinaminaUniWeb යොදා sans-serif වලට Malithi Web යෙදිය හැක. (IE වල මෙය කෙරෙන හැටි නොදනිමි)

කෙසේ වෙතත්, මා නොදන්නා තවත් එක් කාරණයක් හරි නම් උක්ත පිළියම් දැන්ම අපට කළ හැකි වේ.

එය මෙසේයි;
serif සහ sans-serif ලෙස සිංහල යුනිකේත අකුරු බ්‍රවුසරය හඳුනනවාද?
CSS වලින් මෙලෙස කේත ලියුවහොත් සාර්ථක වේද?

.style1 {font-family: DinaminaUniWeb, "Iskoola pota", serif}
.style2 {font-family: "Malithi Web", kaputa, sans-serif}

මේ කරුණු එසේවනවා නම්, වියුණු නිර්මාණ ශිල්පීන්ට ඇත්තේ මෙසේ අක්ෂර රටා පවුල් අනුව වියුණු නිර්මාණයයි. වියුණට යන්නන් කළයුතුවන්නේ අදාල අක්ෂර රටා පිහිටුවාගෙන, බ්‍රවුසර සුසර කිරීම පමණි.

------------------------------------------------------------------
serif
ඉංගිරිසි - Times New Roman, Georgia, Garamond
සිංහල - DinaminaUniWeb, Iskoola pota

sans-serif
ඉංගිරිසි - Arial, Verdana, Helvetica, Trebuchet MS
සිංහල - Malithi Web, KaputaUnicode, lklug
--------------------------------------------------------------------

විවිධ සිංහල යුනිකේත අක්ෂර රටා:
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/85539aa1c1b91120/e160d282b612b338?lnk=gst&q=Dhammike+mendis&rnum=54#e160d282b612b338

--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

Anandawardhana

unread,
Jul 24, 2007, 1:10:18 AM7/24/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ ගැන ලීවාට බොහොම පින්!
මටත් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා, මේ සම්බන්ධයෙන්. ඉස්කොල පොත සහ සෙසු
සිංහල අක්ෂර රටා බාගත හැකි තැනක් තිබෙනවා ද? (කපුටා/කැන්ඩි/මලිති ආදිය මා
සතු ව තිබෙනවා) මම ඊයේ පටන් උත්සාහ කළත් http://www.fonts.lk/download/skoff.html
යන ස්ථානයේ ඇති ඔෆිස් වැඩසටහන බාගත හැකි වුණේ නෑ. ඔබ සපයා ඇති සම්බන්ධකය
ඔස්සේ ගිය විට දැක ගන්න ලැබුණේ එම පැකේජය සමග ඒ අක්ෂර රටාව(පොත) ලැබෙන
බව. ඒත් එහි කුමක් හෝ වරදක් තියෙනවා :-(
බාගන්න බැහැ.
ආනන්දවර්ධන෴

On Jul 23, 12:46 pm, SRIshanu <srish...@gmail.com> wrote:
> අප කපුටා 2.0 මගින් අමතන්නේ ග්‍රාමීය ජනතාවට නිසා, අදාල සියළු තාක්ෂණික මෙවලම්
> සිංහලෙන් තිබිය යුතුය. විශේෂයෙන්ම වියුණු සේවා මෙහිලා වැදගත්වේ. කපුටා 2.0 සමග
> සිංහල යුනිකේතයද, එහි භාවිතයද දියුණු විය යුත්තේ, එය කපුටා 2.0හි පදනම නිසයි.
>
> www.queen.lkදුටු මා සිත නැගුනු එක් ප්‍රශ්නයක් නම්, ඉංගිරිසියේ දී මෙන් සිංහල
> විවිධ සිංහල යුනිකේත අක්ෂර රටා:http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/8...

ශ්‍රීශානු

unread,
Jul 24, 2007, 1:31:05 AM7/24/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ආනන්දවර්ධන,

මා ඒ දුන්නු යොමුව හිතවත් ධම්මික මෙන්ඩිස් විසින් සිංහල අක්ෂර රටා
බාගතකරගත හැකි යොමුවක් ලියා දැක්වූ සංවාදයක්. මෙන්න ඒ යොමුව යළිත්.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/85539aa1c1b91120/e160d282b612b338?lnk=gst&q=Dhammike+mendis&rnum=54#e160d282b612b338

නැතිනම් ඔහු එහිදී දුන්න යොමුව කෙළින්ම දෙන්නම්.
http://www.wazu.jp/gallery/Fonts_Sinhala.html

කෙසේ වෙතත් මා ඉහත ලියා ඇති කරුණු පිළිබඳව, වැඩි තාක්ෂණික දැනුමක් ඇති
අයෙකුගෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් ලියූවක්. නමුත් තවම එවන් පිළිතුරක්
නෑ. අපි බලාහිඳිමු. :o)

--

Reply all
Reply to author
Forward
0 new messages