"මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය නොමිලේ

27 views
Skip to first unread message
Message has been deleted

ධනික කෞශල්‍ය පෙරේරා

unread,
Apr 7, 2009, 3:03:18 PM4/7/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මානවයා 1.01
**************
-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-


මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින්
සඳහා නොමිලේ!

භාගත කරන්න:
http://www.4shared.com/file/93040385/3028e5dd/Manavaya101_Setup.html


පාසල් ජාල පරිශීලකයින් සඳහා පාසල් ජාලය තුළ ද මෙය ප්‍රකාශයට පත් කොට ඇත.
පිවිසෙන්න: http://www.schoolnet.lk

භාගත කර ගැනීමට ප්‍රථම මෙම විශ්වකෝශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ
තිරදර්ශනයක් (screencast) නැරඹීමට කැමති නම් පිවිසෙන්න:
http://www.youtube.com/watch?v=gbbgaQ2QbSI


මෙම මෘදුකාංගය පිළිබඳ ඔබේ අදහස් උදහස් මෙම කතාබහ ට හෝ මාගේ විද්‍යුත්
ලිපිනයට යොමු කරන්න.


ධනික කෞශල්‍ය පෙරේරා
(මානවයා 1.01 - නිර්මාපක)

Nalaka Jayasena

unread,
Apr 8, 2009, 2:23:59 AM4/8/09
to Sinhala...@googlegroups.com
මානවයා මෘදුකාංගය භාවිතා කර බැලුවා.
එවැන්නක් තනා නොමිලේ ලබා දීම ගැන ධනික ට බොහොමත් ම පින්.

උසස් පෙල විභාගයකට සූදානම් වෙන්න නැති වුනත් (මම උසස් පෙල හිටියේ 1995
දී) ධනික ගේ මෘදුකාංගය සාමාන්‍ය දැනුම සදහා ළග තබා ගත යුතු එකක් බව
හිතනවා.

අතුරු මුහුනත් සහ තොරතුරු ඉදිරිපත් කිරීම භාවිත කරන්නාට පහසු ලෙස කර තිබෙනවා.

ඊලග සංස්කරණයේ දී හිතන්නට පොඩි අදහසක්.

තිරයේ යට දකුණු කෙලවර ඇති දිදුලන ඊතලය සහ Click යන පදය තප්පර කීපයක
දිදුලීමකින් අනතුරුව නතර වෙනවා නම් හොදයි.
තිරයේ ඇති වැදගත් තොරතුරු කියවීමේදී ඒ 'දිදුලීම' නිසා අවධානය කැඩෙන සුළු
බවක් තිබෙනවා.

මෘදුකාංග ශේත්‍රයේ දිගු ඉදිරි ගමනක් සදහා ඔබට සුභ ප්‍රාර්ථනා.

2009/4/8 ධනික කෞශල්‍ය පෙරේරා <dhanik...@gmail.com>:

--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com

Dilan

unread,
Apr 9, 2009, 12:09:55 AM4/9/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ස්තතියි, ජීව විද්‍යාව කරන අය සදහා ඉතා හොද මෘදුකාංගයක්...
මගෙනුත් ඔබට සුභ ප්‍රාර්ථනා

On Apr 8, 12:03 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

ධනික

unread,
Apr 12, 2009, 9:43:17 AM4/12/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ආයුබෝවන් !

මගේ මෘදුකාංගය ගැන ප්‍රශංසා සහ අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තූතියි!

දැන් මෙම "මානවයා 1.01" මෘදුකාංගය ශ්‍රී ලංකා පාසල් ජාලය (SchoolNet)
හරහා ඔනෑම කෙනෙකුට නොමිලේ භාගත කරගත හැකියි. පිවිසෙන්න: http://www.schoolnet.lk

මාගේ මෙම නිර්මාණයෙන් සියළුම ශ්‍රී ලාංකිකයින් ප්‍රතිලාභ අත්විඳිනු දැකීම
මාගේ එකම අභිලාශයයි.
ඒ සඳහා මෙය ව්‍යාප්ත කරලීමට තවත් කවර හෝ අයුරකින් සහය විය හැකි නම් අගය
කරමි.

ස්තූතියි!


සිංහලය වැජඹේවා!!!

ධනික කෞශල්‍ය පෙරේරා

--
Dhanika Kaushalya Perera
(Undergraduate)
Faculty of Engineering,
University of Moratuwa
Mail: dha...@schoolnet.lk
Web: http://www.schoolnet.lk

Reply all
Reply to author
Forward
0 new messages