ගැටළුවක්

17 views
Skip to first unread message

Nilantha M Pathiranage

unread,
Jul 4, 2008, 2:30:24 AM7/4/08
to Sinhala...@googlegroups.com
මම වත්ෙත්ගම ප්‍රාෙද්ශීය ෙල්කම් කාර්යාලෙය් ෙස්වයකරන්ෙන්. ඊෙය් මම ගියා ප්‍රමුඛ ෙපෙල් ෙතාරතුරු තාක්ෂණ අායතනයක සම්මුඛ පරීක්ෂණයකට. මෙගන් අමුතුම ප්‍රශ්ණයක් අැහුවා
 
ඔබෙග් ප්‍රාෙද්ශීය ෙලක්ම ඔබට රාජකාරියක් බාර ෙදනවා, කුමක්ද
 
ඔබ ප්‍රාෙද්ශීය ෙල්කම් ෙකාට්ටාශය තුල නිෙවස් වල සිටින පූසන් සහ මාර්ගවල සිටින පූසන් (street cats) ගණනය කර ෙහට උදෑසන මා ෙවත ලබාෙදන්න.
 
 
ෙමය ෙතාරතුරු තාක්ෂණය අදාල කරගත් විසදුමක් වීම අනවශ්‍ය බවත් ඉතා ෙකටි කාලයකින් පහසුෙවන් කළ යුතු බවත් දැනවූවා.
 
 
ෙමතුලින් ඔවුන් අදහස් කෙල් කුමක් ද යන්න කරුණාකර මා ෙවත පැහැදිල කර ෙදන්න.

රාජිත

unread,
Jul 4, 2008, 5:51:50 AM7/4/08
to Sinhala...@googlegroups.com
ඔවුන් අදහස් කලේ අයිති කරුවන් සිටින හා අයිති කරුවන් නැති පූසන් යන්නද?

මන්ද යත් මා හට නම් නිවෙස් වල සිටින හා නොසිටින පූසන් යනුවෙන් වර්ග කල නොහැක. අපේ පූසා සමහර කාල වලට සති ගනනකට ගෙදර එන්නේ නැත. සමහර විට පාරේ සිටින පුසෝ හොරා කෑමට අප නිවසට පැමිණෙති. 



2008/7/4 Nilantha M Pathiranage <nilanthap...@gmail.com>:



--
රාජිත.

Nilantha M Pathiranage

unread,
Jul 4, 2008, 6:03:51 AM7/4/08
to Sinhala...@googlegroups.com
මට අබෙබා්ධ වූෙය් අයිතිකරුවන් අැති සහ නැති බවටයි

2008/7/4 රාජිත <rajitha...@gmail.com>:
රාජිත.

Res : 0094-81-5670960
Mobile : 0094 - 71 - 6661564

nilanthap...@gmail.com
nilanth...@yahoo.com
nilanth...@esrilanka.lk

Malinda Siriwardana

unread,
Jul 4, 2008, 6:41:36 AM7/4/08
to Sinhala...@googlegroups.com
ගණිතයයි විනෝදයයි
පොත මදක් බලන්න.
සියුම් මතකයක්
තියෙනවා මේ පැනයට
පිළිතුර එහි ඇති බව

--- Nilantha M Pathiranage
<nilanthap...@gmail.com> wrote:

> --
> Nilantha M Pathiranage
> 39D, Mahavidyala Mawatha
> Doragamuwa Road
> Polgolla
> 20250
> Sri Lanka

Anuradha Ratnaweera

unread,
Jul 4, 2008, 7:18:30 AM7/4/08
to Sinhala...@googlegroups.com
මැයට (මාතෘකාවට) පිටින් දෙයක්: ඔබේ ලියුම හරියට ම දිස් වන්නේ නෑ. මා
හිතන්නේ, ඔබේ යතුරුලියන සුසැටියේ කොම්බුව පසුව ඇතුල් කල යුතු බව යි. ඒ
කියන්නේ, මෙ යන්න ලිවීමට, ම යන්න ලියා පසුව කොම්බුව ලියන්න.

2008/7/4 Nilantha M Pathiranage <nilanthap...@gmail.com>:

--
http://www.sayura.net/anuradha/

Nalaka Jayasena

unread,
Jul 4, 2008, 7:34:34 AM7/4/08
to Sinhala...@googlegroups.com
නිවරැදි පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොව, වෙනස් මාදිලියේ ප්‍රශ්ණයකට ඔබේ
පිළිතුරු දැක්වීම හෝ නොදැක්වීම මගින් ඔබේ චරිතය ගැන අවබෝධයක් ලබා ගැනීම
අරමුණු කරගත් ප්‍රශ්ණයක් බව මගේ හැගීමයි.

2008/7/4 Nilantha M Pathiranage <nilanthap...@gmail.com>:

--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Jul 4, 2008, 10:20:27 AM7/4/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔවුන් උත්සාහ කරන්නේ ඔබගේ දැනුම පරික්ෂා කිරීමටයි. ඇත්තටම මෙය තොරතුරු
තාක්ෂණික ගැටලුවක් නොවේ. මෙය සාමාන්‍යයෙන් 5ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට බුද්ධි
පරීක්ෂණ ගැටළුවක් දෙනවා ව‍‍ගේ එකක්.
ඇත්තටම මම පිළිතුර නම් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් ලියන්නකෝ...

--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

Nilantha M Pathiranage

unread,
Jul 6, 2008, 11:40:27 PM7/6/08
to Sinhala...@googlegroups.com
කොම්බුව පිළිබද ගැටළුවක් තිෙයනවා තමා. ඔබගේ උපෙදසට ස්තූතියි.
 
තවත් උපෙදස් අවශ්‍යයි. මක් නිසාද යත් දැන් කොම්බුව මෙහෙමයි.
 
වර්ඩ් වලදි මෙහෙම වෙන්නේ නෑ.
 
 
 
 

2008/7/4 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

රජරට

unread,
Jul 7, 2008, 2:22:25 AM7/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔන්න අපි වරද්ද ගත්තු තැනක්, නිලන්ත උත්සහ කරණවා යම් ගැටළුවකට පිළිතුරක්
ලබාගන්න.
බලන්න ඔහු එය ඉදිරිපත් කළ ආකාරය, නිවෙස්වල හා මාර්ගවල සිටින පූසන්.

මොකක්ද වෙනස ? හැසිරිම - හරිය‍ටම සිංහල යුනි කේත වගේ නේද?

හැමදාම වගේ අනුරාධ ප්‍රශ්ණය තේරුම් ගත්තත් හොඳ පිළිතුරක් දෙන්න මැලිවෙලා
තියෙනවා.
සිංහල අපි හැමවිටම කොම්බුව යොදන්නේ අක්ෂරයට කලින්.

අපි කිහිපදෙනෙකුගේ පරිගණක සිංහල යුනි කේත නියමාකාරව ක්‍රියාත්මක වෙනවා
එත් බහුතරයකට (නිලන්ත වගේ) සිංහල යුනි කේත ගැටළු සහගතයි.

මටත් ගැටළුවක් මතු වුනා Vista Sp1 updates ගත්තාම IE7 තුල කොම්බුව යොදන්න
වුනේ අක්ෂරයට පසුව.



On Jul 4, 11:30 am, "Nilantha M Pathiranage"

Anuradha Ratnaweera

unread,
Jul 7, 2008, 8:16:02 AM7/7/08
to Sinhala...@googlegroups.com
2008/7/7 රජරට <samantha.w...@gmail.com>:

>
> සිංහල අපි හැමවිටම කොම්බුව යොදන්නේ අක්ෂරයට කලින්.

ඒ ගැන කිසිම විවාදයක් නෑ. හොඳ යතුරුලියන සුසැටියක විය යුත්තේ එයමයි.
ලියන විදියට යතුරු ලිවිය යුතුයි.

එහෙත් එවැන්නක් තැනීම ටිකක් සංකීර්ණ නිසා, සමහර ඒවායේ එහෙම කරන්නේ නෑ.
නිලත්තගේ යතුරුලියන සුසැටියේ එහෙම වෙන බව පේනවා. එකට කෙටි ම විසඳුම (හොඳ
ම විසඳුම නො වේ) කොම්බුව පසුව ලිවීමයි. හොඳ ම විසඳුම කොම්බුව කලින්
ලිවිය හැකි ලෙස මුදුකාංගය සැකසීමයි.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Sapumal Jayaratne

unread,
Jul 7, 2008, 10:23:12 AM7/7/08
to Sinhala...@googlegroups.com
2008/7/7 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

ඒ ගැන කිසිම විවාදයක් නෑ. හොඳ යතුරුලියන සුසැටියක විය යුත්තේ එයමයි.
ලියන විදියට යතුරු ලිවිය යුතුයි.

කොම්බුව පසුව ලියන ආකාරයට යතුරුලියන සුසැටියන් සෑදීම තුලින් ඒවායේ නිර්‍මාපකයන් නවකයන් බහුතරයක් පඹගාලක පටලවා තිබෙනවා. ලෙහෙසිය තකා කරන මෙවැනි නිර්‍මාණවලට මම නම් ඉතාමත් විරුද්ධයි. සිංහල යුනිකේතය කෙරෙහි ජනතාවගේ පැහැදීම හා උනන්දුව අඩුකිරීමට මේවා මුල්වී තිබෙනවා. එනිසා එබඳු මෘදුකාංගවල නිර්‍මාපකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ තමන්ගේ නිර්‍මාණ මීලඟ නිකුතුවලදී නිවැරදි ආකාරයකට සකස්කරගන්නා ලෙසයි. තවදුරටත් දැනට ඒවා බෙදාහරිම්න් සිටිනවානම් එය ද නවත්වාදැමුවහොත් එය සිංහල යුනිකේතයට කරන තවත් උදව්වක්. විවිධාකාරයේ යතුරුලියන සුසැටි තිබිය යුතුයි. භාවිතාකරන්නන්ට තමන්ගේ පහසුව පරිදි සුදුස්සක් තෝරාගැනීමටද ඉඩකඩ තිබිය යුතුයි. නමුත් කොම්බුව පසුව ලියන යතුරුලියන සුසැටි නම් මම දකින්නේ විහිළුවක් විදියටයි. සියලුම පුද්ගලික පරිගණක මෙහෙයුමු පද්ධත් සඳහා නිවැරදි යතුරු ලියන සුසැටි ගනනාවත් තිබෙන නිසා අද මෙබඳු යන්තම් සිංහල ලියාගන්න සැදූ යතුරු ලියන සුසැටි වල අවශ්‍යතාවයක් නැහැ.

නිවැරදිව සම්මත සිංහල යතුරුලියනයට අනුව යතුරුලියන සුසැටියක් සාදාගැනීමට හෝ තිබෙන එකක් එයාකාරයට වෙනස්කරන්නට ඇවසි නම් ඒ සඳහා අවශ්‍යවන ඇල්ගොරිදමයන් සාදාගැනීමට ටිකක් මහන්සි ගතයුතුයි. නමුත් බොහෝදෙනෙක් එය කරඇති නිසා ඔවුන්ගෙන් ඒවා ඉල්ලාගැනීමටත් හැකියි. එනිසා ලෙහෙසියෙන්ම නිවැරදි ක්‍රමයට මාරුවිය හැකියි.

සැරදේවා,
සපුමල්.

Anuradha Ratnaweera

unread,
Jul 7, 2008, 12:52:47 PM7/7/08
to Sinhala...@googlegroups.com
2008/7/7 Sapumal Jayaratne <sapumal....@gmail.com>:

>
> නමුත් කොම්බුව පසුව ලියන යතුරුලියන සුසැටි නම් මම දකින්නේ විහිළුවක් විදියටයි.

මෙහි තව පැත්තක් තිබෙනවා. ඉංගිරිසිය මෙන් නොව, සිංහළ ලියන ලෙසම කියන
බසක් නිසා (phonetic) සිංහළයට ෆොනටික් නොහොත් transliterated යතුරුපුවරු
වල වැදගත් කමක් තිබෙනවා.

ඒ අනුව, ලියන ලෙසම යතුරුලියන යතුරු පුවරු වලට අමතරව, අකුරු සැදී අයුරු
සලකන යතුරුපුවරු වලටද අරුතක් තිබෙනවා. මගේ සයුර යතුරුලියන සුසැටිය මේ
අනුව තැනූවක්:

ක් + ආ = කා (ka)
ක් + එ = කෙ (ke)
ක් + කො = කො (ko)

ගැටළුව මේ දෙ ආකාරය මුසු කිරීමයි. එනම්, විජේසේකර වැනි ලියන ලෙස
යතුරුලියන සුසැටියක කොම්බුව පසුව ලිවීමට සකස් කිරීමයි.

එවන් යතුරුලියනයක් සැකසීමේ ගැටළුව විසඳන්නේ මෙහෙමයි. මේ විස්තර පිරිගණන
වැඩසටහන් සකසන්නන් සඳහා පමණයි. සාමාන්‍ය බාවිතා කරන්නන් ඒ ගැන කරදර විය
යුතු නැහැ.

අපි හිතමු යමෙකුට "යමෙක්" කියා යතුරුලියන්න ඕනෑ කියා. නිවැරදි විජේසේකර
යතුරුලියන සුසැටියක මෙය ය යන්න, කොම්බුව, ම යන්න, ක යන්න සහ හල් කිරීම
ලෙසින් යතුරුලිවීමට හැකි විය යුතු යි.

ය යන්න ලියූ විට, "ය" ඇතුළු කලා. එය අපට නිවැරදිව දිස් වේවි.

ඊලඟට කොම්බුව යතුරුලියනවා. ඒ අනුව "කොම්බුව" යුනිකේත අකුරත් ඇතුලු
කලෝතින් අපට යුනිකේතයෙන් ලැබෙන්නේ "යෙ" යන්නක්. ඔතන යි ගැටළුව.

ඒක විසඳා ගන්න කොම්බුව නොව, ZWNJ එකක් සමග කොම්බුවක් ඇතුලු කල යුතුයි.
එවිට අපට "ය, ZWNJ, කොම්බුව" තිබෙනවා. ලියන්නා දකින්නේ යයන්නට පසුව
කොම්බුවක්. ගැටළුවක් නෑ.

ඊලඟට ම යන්න යතුරු ලියනවා. දැන් යතුරුලියන සුසැටිය, කලින් අකුරු දෙක
(ZWNJ සහ කොම්බුව) මකා ඒ වෙනුවට ම යන්න සහ කොම්බුව ඇතුලු කල යුතුයි.
එවිට "ය, ම, කොම්බුව" යන්න අපට ලැබෙනවා. ලියන්නා නිසි ලෙස "යමෙ" යන්න
දකිනවා.

යුනිකේතයේ "කොම්බුව" යනු කොම්බුව නොව, "එ" modifier එක නිසා යි මේ පටළැවිල්ල.

Sapumal Jayaratne

unread,
Jul 8, 2008, 1:24:46 AM7/8/08
to Sinhala...@googlegroups.com
2008/7/7 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

ය යන්න ලියූ විට, "ය" ඇතුළු කලා.  එය අපට නිවැරදිව දිස් වේවි.

ඊලඟට කොම්බුව යතුරුලියනවා.  ඒ අනුව "කොම්බුව" යුනිකේත අකුරත් ඇතුලු
කලෝතින් අපට යුනිකේතයෙන් ලැබෙන්නේ "යෙ" යන්නක්.  ඔතන යි ගැටළුව.

ඒක විසඳා ගන්න කොම්බුව නොව, ZWNJ එකක් සමග කොම්බුවක් ඇතුලු කල යුතුයි.
එවිට අපට "ය, ZWNJ, කොම්බුව" තිබෙනවා.  ලියන්නා දකින්නේ යයන්නට පසුව
කොම්බුවක්.  ගැටළුවක් නෑ.

ඊලඟට ම යන්න යතුරු ලියනවා.  දැන් යතුරුලියන සුසැටිය, කලින් අකුරු දෙක
(ZWNJ සහ කොම්බුව) මකා ඒ වෙනුවට ම යන්න සහ කොම්බුව ඇතුලු කල යුතුයි.
එවිට "ය, ම, කොම්බුව" යන්න අපට ලැබෙනවා.  ලියන්නා නිසි ලෙස "යමෙ" යන්න
දකිනවා.

සමහර ප්ලැටිෆෝම් වල මෙය මීටත් වඩා පහසුකොට තිබෙනවා. එනම් ඇතුලුකරන සෑම අකුරක්ම මේආකාරයට ඉබේම තාවකාලිකව පෙන්නුම් කරනවා. අකුර සම්පූර්ණ වීමට අදාල යතුරුපහරවල් ගණණ සම්පූණී වූවිට එම තාවකාලික කොටස ප්‍රධාන ලිපියට ඇතුලු කරනවා. උදාහරණයක් ලෙස කෝ යන අකුර ගනිමු. මෙහිදී අපි ZWNJ එකක් නොමැතිව කොම්බුව ඇතුලු කරනවා, ඉන්පසු කයන්න, ඉන්පසු ඇලපිල්ල හා හල්කිරීම ඇතුල් කරනවා. මෙහිදී කොම්බුව ඇතුලුකලද එය ප්‍රධාන ලිපියට ඇතුලු නොකොට තාවකාලිකව තබාගැනීම නිසා කලින් අකුර හා එක්වී වෙනත් අකුරක් සාදන්නේ නෑ. එනිසා ZWNJ ඇතුලුකරන්න ඕන නෑ(එය අදාල ප්ලැට්ෆෝම් එකෙන්ම කරනවා). නමුත් අපට ප්‍රධාන ලිපිය හා තාවකාලිකව ඇතුලු කරන කොටස එකක් ම ලෙස පෙනෙනවා. අවසානයේ අපි හිස්තැනක් හෝ වෙනත් අකුරක් ඇතුල්කලවිට පෙර ZWNJ හා අනෙකුත් ඇතුල්කල තාවකාලික අකුරු මකා නිවැරදි අකුර ප්‍රධාන ලිපියට ඇතුල්කරගන්නවා. එනිසා ZWNJ ඇතුල්කිරීම ගැන හිතන්නේ නැතිව යතුරුලියන සුසැටියක් තනාගත හැකියි. මගේ මතකයේ හැටියට සමහර ඉන්පුට් මෙතඩ් එඩිටර් හා ජාවා ස්වින්ග් මේ ආකාරයට වැඩකරන්න සකසාගන්න පුලුවන්.

Anuradha Ratnaweera

unread,
Jul 8, 2008, 5:09:04 AM7/8/08
to Sinhala...@googlegroups.com
2008/7/8 Sapumal Jayaratne <sapumal....@gmail.com>:

>
> සමහර ප්ලැටිෆෝම් වල මෙය මීටත් වඩා පහසුකොට තිබෙනවා. එනම් ඇතුලුකරන සෑම අකුරක්ම
> මේආකාරයට ඉබේම තාවකාලිකව පෙන්නුම් කරනවා. අකුර සම්පූර්ණ වීමට අදාල යතුරුපහරවල්
> ගණණ සම්පූණී වූවිට එම තාවකාලික කොටස ප්‍රධාන ලිපියට ඇතුලු කරනවා.

ඔවු, ඔබ කියන්නේ preedit ගැන යි. සයුර සුසැටියේ ද කරන්නේ මෙය යි. ZWNJ
ඇවැසි වන්නේ නෑ. මා දන්නා තරමින් දුෂාර ගේ විජේසේකර සුසැටියේ ද එසේ වේ.

(විශ්ව කුමාර)

unread,
Jul 13, 2008, 1:12:13 PM7/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංග්ලිශ් ක්‍රමයද අනුරාධගේ සයුර ක්‍රමයට සමීපයි.

සිංග්ලිශ් වලදී කෙරෙන්නේ යතුරුලියනය කරන අක්ශර Legacy Fonts වලින් දක්වා
අකුරු 30 කට වැඩි වූ විට සම්පූර්න කල වචන ලේඛනය මතට දැමීමයි. එවිට සෑම
විටම අකුරු තිහකට නොවැඩි Bufferයක ඇති අක්ශර රිසි දෙ ආකාරයකින්
(සිංග්ලිශ් සහ විජේසේකර) යතුරු ලියනය කල හැකියි.

යුනිකේතයට හැරවෙන්නේ එම Bufferයේ සම්පූර්න කල වචන පමනයි. එක් එක් වචනය
තුල කොම්බුව තිබිය යුතු ආකාරය තීරනය කරන්නේ Bufferය හිස් කරන
අවස්ථාවේදීයි.

On Jul 8, 3:09 pm, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/7/8 Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>:
Reply all
Reply to author
Forward
0 new messages